Australian Appeal For Sri Lanka

Australian Appeal For Sri Lanka We can and we will rise above the storm that has rocked Sri Lanka. Together let's help displaced families return home. Let us rebuild as One.

දිට්වා මාරාන්තික සුළි කුණාටුවෙන්, පසුගිය වසරේ නොවැම්බර් මස අපගේ ආදරණීය මව්බිම  අතිශය පීඩාවට පත් වූ මොහොතේ, ඔබ බොහෝ දෙනෙක...
10/05/2026

දිට්වා මාරාන්තික සුළි කුණාටුවෙන්, පසුගිය වසරේ නොවැම්බර් මස අපගේ ආදරණීය මව්බිම අතිශය පීඩාවට පත් වූ මොහොතේ, ඔබ බොහෝ දෙනෙක්, 'හුස්මට හයියක් කන්ඩායම මේ ගැන යමක් කරනවා නම්, අපි උදව් කරනවා' ලෙසින් අප වෙත ලංවූයේ කිසිදු අහම්බයක් නිසා නොවේ.

ඒ අප කොවිඩ් වසංගතය වෙනුවෙන් සිදු කරන ලද දැවැන්ත ක්‍රියාන්විතයේ විසල් බවත්, එහි සියලු ආධාර මුදල් ව්ෘත්තීමය ක්‍රම වේදනයන්ට අවනතව, කිසිදු දේශපාලන අභිලාශයකට හෝ වෙනත් පුද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව, අතිශය විනිවිද බාවයකින් යුතුව දිවයින පුරා රෝහල් 97කට, මේ මොහොතෙත් භාවිතා වෙන වෛද්‍ය උපකරණ සැපයීම්ත් ඒ සම්බන්ධව සියලු දෙනා නිති දැනුවත් කිරීම හරහා අප දිනා ගත් ඔබේ විශ්වාසය නිසාවෙන්මය.

දිට්වා කුණාටුවෙන් විපතට පත් සේරුවිල දිස්ත්‍රික්කයේ සිංහල, දමිළ සහ මුස්ලිම් පවුල් 1100ට, නැවත තම නිවෙස් වෙත පැම්ණ සුවසේ නිදන්නට අවැසි මෙට්ට, කොට්ට සහ ඇඳ ඇතිරිලි හැකි ඉක්මනින් සපයා දෙන්නට ඒ සඳහා මුල් වූ පූජනීය අලුදෙනියේ සුබොධි ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක් වූ හුස්මකට හයියක් කන්ඩායමේ අපේක්ශිත ඉලක්කය වූ ඔස්ට්‍රේලියානු ඩොලර් 55,000ක මුදලත් ඉක්මවා ඩොලර් 75000ක ආධාර ඔබ අපට ලබා දුන් බව අප කෘතවේදීව සිහි කරන්නෙමු.
එම අමතර ඩොලර් 20,000 එම අවට ගම් වාසීන්ගේ මුලු තැන් ගේ උපකරණ ලබා දීමට සහ ඒ සද් කාර්‍යය සම්බන්දීකරණය කරනා මාවිල් ආරු සංවර්ධන අරමුදලට ලබා දුන් බව අප අවසන් ප්‍රගති සටහනේ සඳහන් කලෙමු.

මෙම ව්‍යසනයේ පරිමානය සැලකිල්ලට ගෙන, සහන කෙලින්ම, අප්‍රමාදීව විපතට පත් ජනතාව වෙතට ලබා දීමේ අභියෝගය අප සාර්ථකව ජය ගත්තේ, ඔබේ ආධාර ලැබෙන අතරතුර ම, ගම් මට්ටමෙන් ඔවුන් වෙතට කෙලින්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉතා කාර්‍යක්ශම සහ අධීක්ශිත ක්‍රමවේදයක් යටතේ බෙදා හැරීම මගිනි.

අද දින අප ඔබට ඉතා සතුටින් දන්වන්නේ පූජනීය අලුදෙනියේ ස්වාමීන් වහන්සේ, ග්‍රාම සේවක නිලධාරී මහත්ම/මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල අධීක්ශනය සහ සහයෝගය මත මේ සියලු කාර්‍යයන් සාර්ථකව අවසන් කොට, සම්පූර්ණ විගණිත වාර්තාවද මේ අවස්ථාවේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අප සූදානම් බවය.

ඔබ ලබා දුන් හැම ඩොලරයම, ඔබගේ ආදරය සමඟින් මව් බිමේ අසරණ වූ අපේම සහෝදර ජනතාවට ජාති, ආගම්, දේශපාලන පක්ශ, වයස් බේදයකින් තොරව, වගකීමෙන් සහ පාරදෘශ්‍යබාවයකින් යුතුව ලබා දීම අපේ එකම අභිප්‍රාය විය.

මව්බිම වෙනුවෙන් අවැසි විටෙක නැවතත් ආදර පවුරක් ගොඩනගන බලාපොරොත්තුවෙන්, අපි මේ මොහොතේ අපගේ මානුශීය මෙහෙයුම මෙලෙසින් නිම කරමු.

නමුත් ඔබ ලබා දුන් විශ්වාසයට සහ ආදරයට කෘතවේදිත්වය වචනෙන් කිසිදින අපට කියා නිම කල නොහැකිය. 💐

After the devastating Ditwa cyclone in November last year, many of you came forward to support us—not by chance, but because of the trust we had built through our large-scale COVID-19 relief efforts. During that time, we transparently provided medical equipment to 97 hospitals across the country without any political or personal agendas.

For the flood relief, our goal was to raise AU$55,000 to provide essential items like mattresses, pillows, and bedding for 1,100 affected families in the Seruwila district. These packages were donated specifically to support families impacted by the same disaster. With your generosity, we exceeded this target and raised AU$75,000. The additional AU$20,000 was used to provide essential kitchen equipment for nearby villages through the Mavil Aru Development Fund, under the recommendation and guidance of the District Secretary.

We successfully delivered aid directly and efficiently to those in need through a well-coordinated and supervised distribution system at the village level.

Today, we are pleased to announce that all relief activities have been successfully completed under proper guidance and supervision, and a fully audited report is now ready to be presented.

Every dollar you contributed was used responsibly and transparently to support affected communities—regardless of ethnicity, religion, political views, or age.

While this humanitarian mission comes to an end, our gratitude for your trust and generosity cannot be fully expressed in words.

19/12/2025

සිරිමංගලපුර විපතට පත් සැමට
මෙට්ටයක්, කොට්ට දෙකක් හා ඇඳ ඇතිරිලි
පවුලකින් පවුලකට හයියක්...

Media credit: Shraddha TV

මාවිල් ආරු බැම්ම බිඳගෙන ආ රුදුරු ජල පහරෙන් සේරුවිල ප්‍රදේශයේ පවුල් 1100න් කිසි කෙනෙකුට ජීවිත හානියක් සිදු නොවීම ආශ්චර්‍ය...
19/12/2025

මාවිල් ආරු බැම්ම බිඳගෙන ආ රුදුරු ජල පහරෙන් සේරුවිල ප්‍රදේශයේ පවුල් 1100න් කිසි කෙනෙකුට ජීවිත හානියක් සිදු නොවීම ආශ්චර්‍යයක් මෙන් විය.

ඒ සියලු සිංහල, දමිළ, මුස්ලිම් ගම්මානවල සිටි ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් විශේෂිතම කාර්‍යභාරයක් කල සේරුවිල මංගල රජමහ විහාරාධිපති පූජ්‍ය අලුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේගේ අනෙක් අභියෝගය වූයේ, සුරක්ශා මධ්‍යස්ථානවල සිට තම නිවෙස්වලට ආපසු යන ඒ අසරණ පවුල්වලට සුව සේ නිදන්නට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ලබා දීමයි.

'හුස්මකට හයියක්' කන්ඩායම ස්වාමින් වහන්සේ සමඟ සම්බන්ධීකරණය සිදුවන්නේ මේ අතරතුරේදීය. එක පවුලකට ඩොලර් 50 ක පමණ වියදමකින්, සැපයුම්කරුවන් සමඟ කෙලින්ම සාකච්ඡා කොට ඉතාම අඩු මුදලකට විශාල මෙට්ටයක්, කොට්ට දෙකක් සහ ඇඳ ඇතිරිලි සහිත කට්ටලයක් ලබා දෙන්නට කටයුතු ලහි ලහියේ සකස් විය. ඒ සදහා හැකි ඉක්මනින් ඩොලර් 55 000 සොයා ගැණීමේ භාර්දුර කාර්‍යයය හුස්මකට හයියක් කන්ඩායම භාර ගත්තේය.

එය හුස්මකට හයියක් දෙවන ක්‍රියාන්විතය එනම් මාවිල් ආරු මානුශික මෙහෙයුම ලෙසින් දියත් වින. ඒ උදාරතර මෙහෙයුමට අරුතක් දෙන්නට එය 'පවුලකින් පවුලකට හයියක්' ලෙස නම් ලද්දේය.

අප සමඟ පෙර දින එක පවුරක් මෙන් හුස්මකට හයියක් ක්‍රියාන්විතය වෙනුවෙන් එක් වූ පාසල්/ විශ්වවිද්‍යාල සහ විද්‍යාර්ථවේදින්ගේ සංගම් සමඟ පලමු Zoom සාකච්ඡාව ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් දෙසැම්බර් 4 දා පැවැත්වුනි. අපට ඒ මොහොතේ සිට ලැබුනු සහයෝගය අතිමහත් විය.

දින තුනක් තුල මුල්ම ගම්මානයට සහන ලබා දීමට ස්වාමීන් වහන්සේ යෝජනා කරන ලද අතර එය එලෙසින්ම සිදු විය.

දින හයක් යන විට අප අපේක්ශිත ඉලක්කය කරා ලඟා වන්නට අපට හැකි විය. කලින් සූදානම් කර ගත් 'මචන් Nights' යෙදුනු දෙසැම්බර් 12 මධ්‍යම රාත්‍රිය වෙනතුරු අපගේ බැංකු ගිනුම සහ Trybooking හරහා ආධාර ලබා ගැනීම දිගටම විවෘතව තැබිණ.

මෙලෙසින් එක් වූ මුදල අද දිනය වන විට ඩොලර් 75,000 වෙත ලඟා විණ. එම අමතර ඩොලර් 20, 000 ක මුදල, සුබෝධි ස්වාමින් වහන්සේගේ අධීක්ශනය යටතේ එම අවතැන් වූ ජනතාවටම මුලු තැන්ගේ උපකරණ ලබා දීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය විය.
ඒ සඳහා අදාල සියලු මූල්‍යමය කාරනා මේ මොහොතේ සම්පූර්ණ වන බැවින්, අද දිනයේ පවුලකින් පවුලකට හයියක් ක්‍රියාන්විතය නිල වශයෙන් අවසන් වේ.
මේ සම්බන්ධ සම්පූර්ණ විගනිත මූල්‍ය වාර්තාව නුදුරේම ඔබ අතට අප පත් කරන්නෙමු.

මේ වෙනුවෙන් වෙහෙස මහන්සිවූ අප සමඟ අත්වැල් බැඳගත් සියලු ආදි පාසල්, විශ්ව විද්‍යාල කන්ඩායම්, වෙලඳ සමාගම් සහ අපගේ මාධ්‍ය සහකරු වන AusNewsLanka අප මේ අවස්ථාවේ කෘතවේදීව සිහිකරන්නෙමු.

අපට මෙය, අප පුරෝකථනය කල කාල සීමාවටත් අඩු කලකින්, බලාපොරොත්තු වූ ඉලක්කයද ඉක්මවා යන ලෙසින් අති සාර්ථකව නිම කරන්න හැකියාව ලැබුනේ ඔබ අප කෙරෙහි තැබු අත්‍යන්ත විශ්වාසය සහ නිර්ලෝභී ආධාර නිසාය. මව්බිමේ අසරණ වු පවුල් 1100ක් නුදුරේම ඔබ නිසා සුවසේ නිදනවා පමණක් නොව, මුලුතැන්ගේ කටයුතු ද සිදු කර ගන්නවා ඇත.

ඔවුනට හයියක් වන්නට අපට හයියක් වූයේ ඔබයි.

එනිසා මේ සමාප්ති සටහනේ පිදුම අන් කිසිවෙකුට නොව, මානුශිකත්වයේ නාමයෙන් හදවත් තෙත් වී ඔවුනට පිලිසරණක් වන්නට ඉදිරියට ආ....

ඔබටමය...

WE ASKED FOR 55K
AND YOU GAVE US 75K !!!

What began as an urgent call for help became an overwhelming wave of love, trust, and humanity. Because of you, 1,100 flood-affected families in Seruwila will receive complete starter packs to help them rebuild their lives, and with the additional AUD 20,000, we have gone beyond our promise by providing essential kitchen utensil kits to families who had nothing left.

Having exceeded our target and completed all financial arrangements, we officially close this campaign today with hearts full of gratitude. Your generosity didn’t just meet a goal, it shattered it, changed lives, and restored hope.

Together, we made a real difference.
Together, we rekindled faith.
Together, we proved what humanity can achieve.

A heartfelt thank you to our incredible media partner Aus News Lanka for being such a vital part of this project. Your s...
11/12/2025

A heartfelt thank you to our incredible media partner Aus News Lanka for being such a vital part of this project. Your support, coverage, and collaboration helped us bring this vision to life and amplify our message to a wider audience. We truly appreciate your commitment and partnership!

We called, and they answered. Without hesitation. United by compassion. Powered by humanity. Thank you to our incredible...
11/12/2025

We called, and they answered.
Without hesitation.
United by compassion. Powered by humanity. Thank you to our incredible Supporters who helped us reach our goal!

WE DID IT  🎉දියත් කොට දින හයක් තුල ඉලක්කගත මුදල වෙත යන්නට අපට හයියක් වූ ඔබ සැමට 'පවුලකින් පවුලකට හයියක්' කන්ඩායමේ කෘතවේද...
10/12/2025

WE DID IT 🎉

දියත් කොට දින හයක් තුල ඉලක්කගත මුදල වෙත යන්නට අපට හයියක් වූ ඔබ සැමට 'පවුලකින් පවුලකට හයියක්' කන්ඩායමේ කෘතවේදී උත්තමාචාරය මෙසේ පිරි නමන්නෙමු!

සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිංහල, දමිළ, මුස්ලිම් පවුල් 1100ක පමණ ගංවතුරෙන් අවතැන් ව, සේරුවිල මංගල රජ මහා විහාරයේ සුරක්ශා මධ්‍යස්ථානයේ සහ අනෙකුත් මධ්‍යස්ථානවල තාවකාලික ලැගුම් ගැනීමෙන් අනතුරුව, නැවතත් තමන්ගේ නිවෙස් වලට ගොස් පිරිසිදු කිරීම කොට, එහි සුවසේ නිදන්නට අවැසි මෙට්ට, කොට්ට සහ ඇඳ ඇතිරිලි සහිත කට්ටලය ඔවුන්ට ලබා දීම මේ සද්කාර්‍ය්යේ මුඛ්‍ය අභිප්‍රාය විය.

අද දින ඔබේ පරිත්‍යාගශීලිත්වය සමඟ අප පසු කලේ ඒ මුලික කඩ ඉමයි. 🏁

මේ වන විටත් අපගේ කන්ඩායම ඔබ ලබා දුන් ආධාර මුදලින් ඉතා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් හරහා, පූජ්‍ය අලුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේගේ මඟපෙන්වීම සහ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය යටතේ හඳුනා ගත් පවුල්වලට, ග්‍රාම නිලධාරීන් සමඟ ගම් මට්ටමෙන් එම සහන ලබා දීම සිදුවෙමින් පවතී.

මෙම මූලික අදියර සාර්ථක කර ගන්නට නන් අයුරුන් කැප වුනු, ආධාර කල, මෙම පනිවිඩය බෙදා ගත් සහ වචනයකින් හෝ උදව් කල ඔබ සැමට අප හද පතුලෙන් ස්තූති කරමු! 🙏

නමුත් මේ සද් කාර්‍ය්‍යය මෙතෙකින් සමාප්ත නොවේ. අප මූලිකව සැළසුම් කල පරිදි ලබන සිකුරාදා (දෙසැම්බර් 12 දා) වනතුරු ආධාර එකතු කිරීම සිදු වනු ඇත. එදින දක්වා අමතරව එකතු වන සෑම ඩොලරයක්ම, සුබෝධි ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකරණය හරහා, සේරුවිල ප්‍රදේශයේ විපතට පත් අසරණ ජනතාවගේ යහපතම වෙනුවෙන්ම යොදවන්නෙමු.

සහන බෙදා දීමේ කාර්‍යය සම්පූර්ණ වීමෙන් අන්තුරුව, නුදුරු දිනකදී, සුබෝධී ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මාර්ගගත රැස්වීමක් (online meeting) කැඳවා මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

සිදු වූ ව්‍යසනයේ පරිමානය තුල මෙය සතුටු වීමට කාලයක් නොවුවද, සැලසුම් කල කාල වකවානුවලට කලින්ම, අප එක්ව ලබා ගත් මේ ප්‍රතිපලය අවිවාදයෙන්ම සොම්නසට කාරනයකි.

සිකුරාදා වෙනතුරු අපගේ ම සහෝදර ජනතාව වෙනුවෙන් සහන ලබා දීම වෙනුවෙන් අපගේ මාවිල් ආරු මානුශීය මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරමු. 💪

09/12/2025

ලංකාවෙ මාවිල්ආරුවෙ පවුල් 1100ක් තමුන්ගෙ සුපුරුදු ගම්බිම්වල ජීවිතේ ආයෙත් පටන්ගනිමින් ඉන්නව. අපි එකතුවෙලා යවන ආධාර ඔවුන්ට ලැබෙමින් තියෙනව. අපේ ව්‍යාපෘතිය සාර්ථක අවසානයකට යමින් තියෙනව. බොහෝවිට මේ සති අන්තය වනවිට අපි සැලසුම්කලාටත් වඩා ඉස්සරහට ගිහින් 1101 වෙනි 1102නි පවුලකටත් අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීල අපිට මේ වැඩේ ඉවරකරන්න පුලුවන් වෙයි.

අවසානයට පෙර අපිට මුනගැහෙන්න අවස්තාවක් උදාවෙලා තියෙනව. මේ සිකුරාදා සවස 7ට ඩැන්ඩිනොන්ග් මචං Nights අවන්හලේ එළිමහන් අවකාශයේ අපි මුනගැහෙමු. එදා ලැබෙන සම්පූර්ණ ආදායම "පවුලකින්-පවුලකට හයියක්" අරමුදලට යන්නෙ. අපි සමහරු එකතුවෙලා බොහෝ වැඩ කලත් තාම මුනගැහිල නෑ. ඒ නිසා එන්න එදාට, අපි මුනගැහෙමු. අපි එකතුවෙලා කරපු ව්‍යාපෘතියේ සාර්ථකව සමරමු. ඉස්සරහට අපිට එකතුවෙලා අපේ මව්බිම වෙනුවෙන් කරන්න පුලුවන් උදව් ගැන කතාකරමු. නොවැරදීම එන්න... මචං Nightsහි කෑම සහ Music ලෑස්තියි

https://www.facebook.com/share/v/1PuF8PeDiE/

💛 $50,000 in 5 Days! 🎉The “Family to Family” fund is soaring—thanks to your amazing hearts and hands.From family to fami...
09/12/2025

💛 $50,000 in 5 Days! 🎉
The “Family to Family” fund is soaring—thanks to your amazing hearts and hands.
From family to family, hope spreads. Together, we shine! ✨

මව්බිමට උදව් අවැසි ඕනෑම මොහොතක පෙරට එන හිතවතුන් විශාල පිරිසකගේ දායකත්වයෙන් හරියටම දවස් 5ක් ඇතුලත "පවුලකින්-පවුලකට හයියක්" අරමුදල ඩොලර් 50,000 ඉක්මවා ගොස් ඇත.
ඔබේ දායකත්වයට ස්තූතියි,..
මේ එකමුතුකමේ හයියට ආදරෙයි,...

https://www.trybooking.com/events/1511383/sessions/6096785/sections/2906103/tickets

Address

Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when Australian Appeal For Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Australian Appeal For Sri Lanka:

Share