10/05/2026
දිට්වා මාරාන්තික සුළි කුණාටුවෙන්, පසුගිය වසරේ නොවැම්බර් මස අපගේ ආදරණීය මව්බිම අතිශය පීඩාවට පත් වූ මොහොතේ, ඔබ බොහෝ දෙනෙක්, 'හුස්මට හයියක් කන්ඩායම මේ ගැන යමක් කරනවා නම්, අපි උදව් කරනවා' ලෙසින් අප වෙත ලංවූයේ කිසිදු අහම්බයක් නිසා නොවේ.
ඒ අප කොවිඩ් වසංගතය වෙනුවෙන් සිදු කරන ලද දැවැන්ත ක්‍රියාන්විතයේ විසල් බවත්, එහි සියලු ආධාර මුදල් ව්ෘත්තීමය ක්‍රම වේදනයන්ට අවනතව, කිසිදු දේශපාලන අභිලාශයකට හෝ වෙනත් පුද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව, අතිශය විනිවිද බාවයකින් යුතුව දිවයින පුරා රෝහල් 97කට, මේ මොහොතෙත් භාවිතා වෙන වෛද්‍ය උපකරණ සැපයීම්ත් ඒ සම්බන්ධව සියලු දෙනා නිති දැනුවත් කිරීම හරහා අප දිනා ගත් ඔබේ විශ්වාසය නිසාවෙන්මය.
දිට්වා කුණාටුවෙන් විපතට පත් සේරුවිල දිස්ත්‍රික්කයේ සිංහල, දමිළ සහ මුස්ලිම් පවුල් 1100ට, නැවත තම නිවෙස් වෙත පැම්ණ සුවසේ නිදන්නට අවැසි මෙට්ට, කොට්ට සහ ඇඳ ඇතිරිලි හැකි ඉක්මනින් සපයා දෙන්නට ඒ සඳහා මුල් වූ පූජනීය අලුදෙනියේ සුබොධි ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක් වූ හුස්මකට හයියක් කන්ඩායමේ අපේක්ශිත ඉලක්කය වූ ඔස්ට්‍රේලියානු ඩොලර් 55,000ක මුදලත් ඉක්මවා ඩොලර් 75000ක ආධාර ඔබ අපට ලබා දුන් බව අප කෘතවේදීව සිහි කරන්නෙමු.
එම අමතර ඩොලර් 20,000 එම අවට ගම් වාසීන්ගේ මුලු තැන් ගේ උපකරණ ලබා දීමට සහ ඒ සද් කාර්යය සම්බන්දීකරණය කරනා මාවිල් ආරු සංවර්ධන අරමුදලට ලබා දුන් බව අප අවසන් ප්‍රගති සටහනේ සඳහන් කලෙමු.
මෙම ව්‍යසනයේ පරිමානය සැලකිල්ලට ගෙන, සහන කෙලින්ම, අප්‍රමාදීව විපතට පත් ජනතාව වෙතට ලබා දීමේ අභියෝගය අප සාර්ථකව ජය ගත්තේ, ඔබේ ආධාර ලැබෙන අතරතුර ම, ගම් මට්ටමෙන් ඔවුන් වෙතට කෙලින්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉතා කාර්යක්ශම සහ අධීක්ශිත ක්‍රමවේදයක් යටතේ බෙදා හැරීම මගිනි.
අද දින අප ඔබට ඉතා සතුටින් දන්වන්නේ පූජනීය අලුදෙනියේ ස්වාමීන් වහන්සේ, ග්‍රාම සේවක නිලධාරී මහත්ම/මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අධීක්ශනය සහ සහයෝගය මත මේ සියලු කාර්යයන් සාර්ථකව අවසන් කොට, සම්පූර්ණ විගණිත වාර්තාවද මේ අවස්ථාවේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අප සූදානම් බවය.
ඔබ ලබා දුන් හැම ඩොලරයම, ඔබගේ ආදරය සමඟින් මව් බිමේ අසරණ වූ අපේම සහෝදර ජනතාවට ජාති, ආගම්, දේශපාලන පක්ශ, වයස් බේදයකින් තොරව, වගකීමෙන් සහ පාරදෘශ්යබාවයකින් යුතුව ලබා දීම අපේ එකම අභිප්‍රාය විය.
මව්බිම වෙනුවෙන් අවැසි විටෙක නැවතත් ආදර පවුරක් ගොඩනගන බලාපොරොත්තුවෙන්, අපි මේ මොහොතේ අපගේ මානුශීය මෙහෙයුම මෙලෙසින් නිම කරමු.
නමුත් ඔබ ලබා දුන් විශ්වාසයට සහ ආදරයට කෘතවේදිත්වය වචනෙන් කිසිදින අපට කියා නිම කල නොහැකිය. 💐
After the devastating Ditwa cyclone in November last year, many of you came forward to support us—not by chance, but because of the trust we had built through our large-scale COVID-19 relief efforts. During that time, we transparently provided medical equipment to 97 hospitals across the country without any political or personal agendas.
For the flood relief, our goal was to raise AU$55,000 to provide essential items like mattresses, pillows, and bedding for 1,100 affected families in the Seruwila district. These packages were donated specifically to support families impacted by the same disaster. With your generosity, we exceeded this target and raised AU$75,000. The additional AU$20,000 was used to provide essential kitchen equipment for nearby villages through the Mavil Aru Development Fund, under the recommendation and guidance of the District Secretary.
We successfully delivered aid directly and efficiently to those in need through a well-coordinated and supervised distribution system at the village level.
Today, we are pleased to announce that all relief activities have been successfully completed under proper guidance and supervision, and a fully audited report is now ready to be presented.
Every dollar you contributed was used responsibly and transparently to support affected communities—regardless of ethnicity, religion, political views, or age.
While this humanitarian mission comes to an end, our gratitude for your trust and generosity cannot be fully expressed in words.