John The Beekeeper

John The Beekeeper Young innovative software engineer with a passion for nature. Also a dedicated beekeeper, sharing my adventures and insights into the world of bees.

Follow along for tech innovations, beekeeping tips, and a glimpse into my nature-filled journey. 🐝🌿💻

ගමේ ගෙවත්තෙන් අද පලදාව ❤️
01/11/2025

ගමේ ගෙවත්තෙන් අද පලදාව ❤️

*මී මැසි විෂට පියයුරු පිළිකා නසන්න ඇත්තටම පුලුවන්ද?*🤔අද අරන් එන්නෙ නම් අලුත් මී මැසි පාඩමක් නෙමෙයි. දැනුමට යමක් සහ පුංචි...
09/10/2025

*මී මැසි විෂට පියයුරු පිළිකා නසන්න ඇත්තටම පුලුවන්ද?*🤔

අද අරන් එන්නෙ නම් අලුත් මී මැසි පාඩමක් නෙමෙයි. දැනුමට යමක් සහ පුංචි උපදෙසක් මී මැස්සන්ට ආදරේ හැමෝටම.

හැමෝම දකින්න ඇති මේ දවස් වල අපි අතරේ හුවමාරු උනා මේ මී මැසි විෂෙන් පියයුරු පිළිකා නසන්න පුලුවන් කියන news එක. ඇත්තටම ඒක සුපිරි news එකක් සහ සැහෙන්න වටිනා අනර්ග සොයාගැනීමක්.

ඒත් එක්කම මන් දැක්කා මේක ශෙයාර් කරන අය කියනවා මී වදයක් කඩල හරි මී මැස්සො විදගෙන මේක කරා නම් හරි කියලා 😅.

මම අද කතා කරන්නෙ මේ කියන lab research එකේ සාරාංශය සහ ලංකාවෙ අපිට මේක කොයි තරම් දුරට සාර්තකද කියන එක. ඒ වගේම එහෙම නිකන්ම මී මැස්සෙක් විදගෙන මේකට හරියනවද කියන එක ගැන.

Research summary - https://perkins.org.au/honeybee-venom-kills-breast-cancer-cells/
News - https://breakingcancernews.com/2025/08/31/bee-venom-and-breast-cancer-could-melittin-be-a-breakthrough/?utm_source=chatgpt.com

මේ research එක කරල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් යුරෝපීය මී මැසි විශේෂ 300 ක පමණකගේ විෂ අරගෙන. මේ පිළිකා ස්‍යිල නසන්න හේතු වෙන ප්‍රදාන සංගටකය තමයි melittin. මේගොල්ලෝ මේක කරද්දි මී මැසි විෂ ඒ ව්දිහටම සහ melittin සංඝටකය වෙනමත් අරන් මේ පර්‍යෂණය කරල තියනවා. දේකේම හොද ප්‍රතිඵල තියනවා. නමුත් මේක ආරශාකාරී විදිහට පිළිකා සෛල වලටම ලබාදෙන එක ගැන තවත් පර්‍යෙෂණ කරන්න තියනවා. 2020 කරපු මේ පරියෙව්ෂණ කරල තියෙන්න්නෙ Apis mellifera මී මැසි විශේෂය වටා.

හරි දැන් අපි එමු අපේ මී මැස්සා apis cerena ගැන කතා කරන්න. 2020න් පස්සෙ අඛ්ණ්ඩව කරපු පරීක්ෂණ වලින් apis cerena ගේ විෂ වලත් මේ melittin අඩංගු වෙනවා කියලා හොයාගෙන තියනවා . හැබැයි ඒත් තියෙන්නෙ අඩු ප්‍රතිශතයකින්. ඒ වගේ apis cerena ගෙ විෂ වල සංයුතිය වෙනස්. ඒ කියන්නෙ තවත් සංගටක අඩංගු වෙනවා. එතකොට මේ මී මැසි විෂ purify කරල තමයි ගන්න වෙන්නෙ. ඒත් අඩු melittin ප්‍රතිශතය නිසා තවත් පරීක්ෂණ කරන්න ඕන කියල තමයි කියන්නෙ. ඒ වගේ මේ විෂ කෙලින්ම එන්නත් කිරීමෙන් සාමාන්‍ය සෛල වලට හා රුදිර සෛල වලටත් හානිදායකයි කියල තමයි කියන්නෙ.මේවා තාම
විද්‍යාගාර පරීක්ෂණ විතරයි.

ඉතිං සරලවම ගත්තොත් මේක තාම පර්යේෂණ මට්ටමේ තියන දෙයක් සහ apis cerena ගැන තව ගොඩක් පර්යේෂණ කරන්න වෙනවා. එහෙම අවස්තාවක පිළිකා නසන අරමුණින් මී මැස්සො අනවශ්‍ය විදිහට විදගන්න සහ ඒ වගේ අදහස් පතුරුවන්න එපා. පිළිකාව කියන්නෙ හැමෝම සංවේදී වෙන දෙයක්. ඒක නසලා තව ටිකක් ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. එහෙමයි කියල තවම 100% තහවුරු නොකරපු දේවල් අනවශ්‍ය විදිහට අත්හදා බලන්න යන්න එපා. ඒවා ප්‍රචාරය කරන්නත් එපා.

ඉතිං මේ තම්යි මගේ අදහස. ඔයාලගෙ අදහස් සහ සොයගැනීමුත් පහළින් දාන්න. අපී මේ ගැන හරියට දැනගෙන බෙදාගමු 🥰

Golden Nectar කියන්නෙ නිකන්ද මෙව්වට 😍🍯
30/09/2025

Golden Nectar කියන්නෙ නිකන්ද මෙව්වට 😍🍯

මී මැසි පාඩම - අංක 03රැජිණට කොයින්ද බිත්තර ?🧐🐝මේක ඇත්තටම අපි කවුරුත් වැඩිය නොදන්න සොබාදහමේ ලස්සන සංසිද්දියක්. ඒකට යන්න ක...
29/09/2025

මී මැසි පාඩම - අංක 03

රැජිණට කොයින්ද බිත්තර ?🧐🐝

මේක ඇත්තටම අපි කවුරුත් වැඩිය නොදන්න සොබාදහමේ ලස්සන සංසිද්දියක්. ඒකට යන්න කලින්,

මම කලින් පාඩම් වලින් අරන් ආව කවුද මී මැසි ජනපදයක ඉන්න සාමජිකයින් සහ ඒගොල්ලො හැදෙන විදිහ ගැන.

පාඩම් අංක 1 - https://www.facebook.com/share/p/1674KXLqvz/
පාඩම් අංක 2 - https://www.facebook.com/share/p/1CVxtb8Cpk/

ඉතිං අද අපි බලමු, රැජිණට කොහොමද මේ බිත්තර එන්නෙ සහ මී මැස්සන්ගෙ ප්‍රජනනය වෙන්නෙ කොහොමද කියල.

මම කලින් පෝස්ට් එකේ කියල තියන විදිහට රැජිණක් ඉපදෙන්නෙ දිගටි හැඩැති අණ්ඩාකර රජිණ කෝෂ වලින්. මේ වගේ ඉපදෙන රැජිණට ඉපදුන ගමන්ම බිත්තර දාන්න බැහැ. එයා පිරිමි මැස්සෙක් එක්ක එකතු වෙන්න ඕන. ජනපදය තුළම පිරිමි මැස්සො හිටිය කියල වෙනත් ජීවීන් වගේ ඒක ඇතුලෙම මේ වැඩේ වෙන්නෙ නැහැ.
ඒක නිසාම අලුතෙන් ඉපදුණ මේ රැජිණ දවස් 5-7 වගේ දිනයකදි සවස් කාලයේ මේ ජනපදයෙන් පිටවෙලා යනවා. (සවස 3.30 - 5.00) මෙන්න මේ යන ගමනට තමයි අපි "මෛථූන පියාසැරිය" කියල කියන්නෙ.

මෙයා මේ යන්නෙ කොහෙටද ?🤫

සමන්‍යයෙන් මේ පරිසරයේ අවට තියනව පිරිමි මැස්සන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ. (Drone Congregation Area) මෙන්න මෙහෙට තමයි රැජිණ එන්නෙ. මෙතෙන්ට එන රැජිණ මේ අවකාශයේ සැරිසරන පිරිම් මැස්සන් කිහිප දෙනෙක් එක්කම සංසර්ගයේ යෙදෙනවා. මේ සංසර්ගය වෙන්නෙ පියඹන ගමන්මයි. මෙහෙම ආපු රැජිණ එයාගෙ ශුක්‍රාණු ගබඩාව(ශුක්‍රාණු මිලියන 7-9 ප්‍රමාණයක් ) පුරවගෙන නැවතත් ජනපදය වෙත යනවා. ඉතිං මේ තමයි රැජිණගෙ ජීවිත කාලෙටම සිදුවන එකම පිරිමි මැස්සන් සමග එක්වීම.

මෙහෙම ආපු රැජිණ එයාගෙ ජීවිත කාලය පුරාවටම මම කලින් පෝස්ට් එකේ කිව්වා වගේ සංසේචිත සහ අසංසේචිත බිත්තර දමමින් ජීවත් වෙනවා. ඉතිං මේ බිත්තර දාන්නම පමණක් විශේෂිත වෙච්ච රජිණට ආහාර කැවීම, ශුද්ධ පවිත්‍ර කිරිම වගෙ වැඩ කරන්නෙ වැඩකාර මැස්සියො තමයි.

ඉතිං ඔන්න ඔය විදිහට තමයි මී මැසි ලෝකෙ ඒගොල්ලන්ගෙ ජීවින් පවත්වාගෙන යන වැඩේ වෙන්නෙ.

පහළින් තියෙන්නෙ ඒ ගමනේ ඡායාරූපයක්.

තවත් අලුත් පාඩමක් එක්ක මන් එන්නම්.
POST එක හොද නම් 😍අනිත් අයටත් බලන්න Share කරන්න.
ඕගොල්ලො දන්න තවත් දේවල් තියනවනම් පහලින් Comment කරන්න. වැරදි තියනවනම් පෙන්නල දෙන්න.
ගිහින් එන්නම්....
-JohntheBeekeeper-

මී මැසි පාඩම - අංක 02🐝ඔයගොල්ලන්ට මතක නම් අපි කලින් පාඩමේ කතා කලා කවුද මී මැසි ජනපදයක ඉන්න සාමජිකයින් කියලා. කියවපු නැති ...
26/09/2025

මී මැසි පාඩම - අංක 02🐝

ඔයගොල්ලන්ට මතක නම් අපි කලින් පාඩමේ කතා කලා කවුද මී මැසි ජනපදයක ඉන්න සාමජිකයින් කියලා.

කියවපු නැති අයට - https://web.facebook.com/share/p/1BBxgwzrTF/

ඉතිං අද අපි කතා කරමු, මී මැසි ජනපදයක් තුල මේගොල්ලො වෙන වෙනම හැදෙන්නෙ කොහොමද සහ ජනපදයක් අද්‍යනය කරද්දි කොහොමද මේ සාමාජිකයින්ගෙ මුල් අවස්තාවන් (පිල අවදීන්) හදුනගන්නෙ කියලා.

1. වැඩකාර මැස්සිය.😍

ඉතිං මී මැසි ජනපදයක වැඩියෙන්ම ඉන්නෙ මේගොල්ලො තමයි. මෙයාලගෙ කෝශ අවදිය නම් හදුනගන්න හරිම ලේසියි. රූපයේ තියනවා වගේ ලස්ස්න ෂඩස්‍රාකාර කෝෂ ඇතුලෙ තමයි මේ පිලා අවදිය ගත වෙන්නෙ. මී මැසි රැජිණක් දාන බිත්තර වර්ග දෙකක් තියනවා.
- සංසේචිත බිත්තර🐝
- අසංසේචිත බිත්තර

ඉතිං හැම වෙලේම රැජිණක් හෝ වැඩකාර මැස්සියෙක් හැදෙන්නෙ මේ සංසේචනය උන බිත්තර වලින් තමයි. හැබැයි ඒ උනත් වැඩියෙන්ම හැදෙන්නෙ වැඩකාර මැස්සියන්. හේතුව තමයි මී මැසි ජනපදයක ජෛව විඩ්‍යාත්මක පැවැත්ම තහවුරු වෙන්න ඕන නිසා. ඒක නිසාම මේ සංසේචනය උන බිත්තර වලින් බොහොමයකින් නිසරු ගැහැණු වැඩකාර මැස්සියො ගොඩක් ඉපදෙනවා.

2. මී මැසි රැජිණ

ඉතිං ඔයගොල්ලො බොහෝ දෙනෙක් දන්නවා මී මැසි රැජිණක් එන්නෙ රැජිණ කෝෂයකින් සහ රැජිණ කෝෂය තමයි අනෙක් අදුනගන්න පහසුම කෝෂය. සාමාන්‍යයෙන් රැජිණ කෝෂ අපිට දැකගන්න පුලුවන් පිලා වදයක පහළ දාරයේ සිරස් අතට එල්ලෙන අණ්ඩාකාර (දිගටි හැඩැති තරමක් විශාල) කෝෂ ලෙස තමයි. ඉතිං මුලින්ම කිවුවා වගෙ රැජිණ එන්නෙත් සංසේචනය උන බිත්තර වලින් තමයි හැබැයි මේ හැදෙන කෙනා සරු මී මැසි ගැහැණු කෙනෙක්. ඉතිං මේ කෙනා බිත්තර දැමීමටම සුවිශේෂී අනුවර්තනයක් එක්ක තමයි බිහි වෙන්නෙ. මේ ප්‍රජනනය සිද්ද වෙන ආකරය මම වෙනම අරන් එන්නම්.

3. පිරිමි මී මැස්සා

පිරිමි මැස්සන් උපදින්නෙ මම උඩින් විස්තර කරල තියන මී මැසි රැජිණ දාන අසංසේචිත බිත්තර වලින් තමයි. මේගොල්ලොගෙ බිත්තරත් ෂඩාස්‍රාකාර කවච වලට තමයි දාන්නෙ. හැබැයි මේක කෝෂයක් බවට පත් වෙද්දි ඒ කවච වල උඩ (cells) වලයාකාර හැඩයක් ගන්නවා. රැජිණ කෝෂ වලට සාපේක්ෂව මේවා පොඩියි . ඒ වගේම ඊට වඩා වැඩි ප්‍රමාණයක් එක ජනපදයක අපිට මේව දැකගන්න්න පුලුවන්. (කට්ටි බෙදෙන්න ලං වෙද්දි ගොඩක් දැකගන්න පුලුවන් ) . ඉතිං පිරිමි මැස්සා කොයි වගේ කෙනෙක්ද කියල මං කලින් කතා කරානෙ. 😁

අදට මේ ටික ඇති.

මේ කෝෂ වල ඔයාල ලග තියන photos comment කරන්න.

තවත් අලුත් පාඩමක් එක්ක මන් එන්නම්.
POST එක හොද නම් 😍අනිත් අයටත් බලන්න Share කරන්න.
ඕගොල්ලො දන්න තවත් දේවල් තියනවනම් පහලින් Comment කරන්න. වැරදි තියනවනම් පෙන්නල දෙන්න.

ගිහින් එන්නම්....
-JohntheBeekeeper-

මී මැසි පාඩම - අංක 01🐝අද අපි කතා කරමු මී මැසි ජනපදයක සිටින සාමාජිකයින් කවුද කියලා. සාමාන්‍යයෙන්  අපි කියන්නෙ මී මැසි ජනප...
23/09/2025

මී මැසි පාඩම - අංක 01🐝

අද අපි කතා කරමු මී මැසි ජනපදයක සිටින සාමාජිකයින් කවුද කියලා. සාමාන්‍යයෙන් අපි කියන්නෙ මී මැසි ජනපදයක ඉන්නේ,

"රැජිණ ඉන්නවා " ආය "මී මැස්සෝ ඉන්නවා" කියලනෙ

හැබැයි, ඇත්තටම මී මැසි ජනපදයක අපි මේ පොදුවේ හදුන්වන මී මැස්සො කියන අය අතරෙ දෙගොල්ලක් ඉන්නවා.

1. වැඩකාර මැස්සිය 🐝

අපි නිතර දෙවේලෙ මල්වල දකින්නෙත් , පුංචි කාලෙ ඉදන් අන්න මී මැස්සෙක් කියල පෙන්නන්නෙත් මෙන්න මේගොල්ලන්ව තමයි. මෙයාලගෙ ශරීරයේ තමයි ලස්සන කහ කලු ඉරි තියෙන්නෙ. මේගොල්ලො තමයි මී මැසි ජනපදයේ බාරදූර කටයුතු සේරම කරන්නෙ. පැණි පරාග එකතු කරන තැනේ ඉදන් ඒව මී වද හදල ඒවගෙ ගබඩා කරන තැනට එනකන් සේරම වැඩ කරන්නෙ මෙයාල තමයි. ඒ වගේම ජනපදය පිටස්තරයන්ගෙන් ආරක්ශා කරන්නෙත් මෙයාල තමයි.සරලවම මෙයාල තමයි ඔයාලට සහ මට නිතර දෙවේලෙ ඉදිමෙන්න විදින්නෙත්🥺🥺. තව වැඩ ගොඩක් මේගොල්ලො බෙදාගෙන කරනවා. ඒවා අපි වෙනම කතා කරමුකො.

2. පිරිමි මැස්සා.

මෙයාලා තමයි මී මැස්සන්න්ගෙ පිරිමි කට්ටිය. මෙයාලනම් ජනපදයෙ ඇතුලෙ ඉන්නෙ නිකම්. ආරක්ශා වෙන්න ජීවත් වෙන්න වගේ තමයි. හැබැයි මෙයාලගෙ රාජකාරිය තියෙන්නෙ එලියෙදි .🫢ඒ තමයි ප්‍රජනනය. ඒක ගැනත් වෙනමම කතා කරමු. මෙයාලගේ ශරීරය ටිකක් කලු පාට වැඩියි. මී මැස්සියන්ගෙ වගේ නෙමෙයි ඉරි ටිකක් අඩුයි.

3. මී මැසි රැජින

මෙයා තමයි මී මැසි ජනපදයේ ප්‍රදානියා. මෙයාගෙ රාජකාරිය තමයි ජනපදයේ ඉදිරි පරම්පරාව බිහිකරන්න බිත්තර දාන එක. සමානයෙන් මෙයා එක දවසකට බිත්තර 350-700 වගෙ ප්‍රමණයක් දානවා. මේ රැජිණ නිසා තමයි ජනපදයේ සමතුලිතතාවය රැදිල තියෙන්නෙ. ඒක නිසාම වැඩකාර මැස්සියෙ මේ රැජිණව ආරක්ෂා කරමින් රැජිණට ආහාර සපායා දෙමින් රැජිණ වටාම කැරකෙන්නෙ.

මේ තමයි මී මැසි ජනපදයේ ඉන්න සාමජිකයො ගැන කෙටි හැදින්වීම.

POST එක හොද නම් 😍අනිත් අයටත් බලන්න Share කරන්න.
ඕගොල්ලො දන්න තවත් දේවල් තියනවනම් පහලින් Comment කරන්න.

ගිහින් එන්නම්....
-JohntheBeekeeper-

21/09/2025

අපේ එළවලු ගෙවත්ත.

20/05/2025

Today we celebrate the tiny heroes of our planet – the bees! From pollinating our crops to giving us honey, their hard work keeps nature thriving. Let’s protect and cherish them every day

The Tragic Fate of Male Honey Bees! 🐝💔Did you know? When a male honey bee (drone) mates, his reproductive organ explodes...
28/02/2025

The Tragic Fate of Male Honey Bees! 🐝💔

Did you know? When a male honey bee (drone) mates, his reproductive organ explodes, and he dies instantly! 😱 During the queen’s nuptial flight, she mates with multiple drones—sometimes up to 20—leaving a trail of lifeless drones behind. Their sacrifice ensures the survival of the hive, but talk about a one-time deal!

Nature is fascinating, isn’t it? 🤯 Let me know what you think in the comments! 👇

❤️
20/02/2025

❤️

Address

Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when John The Beekeeper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share