සිහින මායා

සිහින මායා love, laugh and happy

08/06/2026

වර්තමාන සමාජය තුළ භික්ෂූන් වහන්සේලා අතින් සිදුවන ළමා අපයෝජන පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මෙයට ප‍්‍රධානතම හේතුව වූයේ අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමියන් විසින් වයස අවුරුදු 11 මාස 6ක දැරියක් අපයෝජනයට ලක් කල බවට චෝදනාවක් එල්ල වීමයි. මේ හේතුවෙන් උන්වහන්සේව එම ධුරයෙන් ඉවත් කර වෙනත් භික්ෂුවක් පත් කිරීමට මහානායක හිමිවරුන් පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් සමාජය සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ පන්සල්වල මෙවැනි දෑ සිදු වුවද ආරණ්‍ය සේනාසන තුළ මෙවැනි අපචාර සිදු නොවන බවයි. නමුත් පිරිමි භික්ෂූන් පමණක් නොව මෙහෙණින් වහන්සේලා වැඩ වෙසෙන ආරණ්‍ය සේනාසන තුළ පවා කුඩා මෙහෙණින් වහන්සේලා සහ දැරියන් බරපතල ලෙස අපයෝජනයට ලක්වීමේ ඛේදවාචකයන් වාර්තා වෙමින් පවතී. මේ අයුරින් අතවරයට ලක්වීම නිසා කුඩා මෙහෙණින් වහන්සේලා දෙදෙනකු ගැබ්ගෙන ඇති බවද අනාවරණය වී ඇත.

මෙවැනි සිදුවීම් පිළිබඳව සමාජය දැනුවත් කිරීම අතිශයින්ම වැදගත් වේ. එමඟින් දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට තම දරුවන් පිළිබඳව වඩාත් අවධානයෙන් හා සෝදිසියෙන් සිටීමට අවස්ථාව ලැබෙනු ඇත. විශේෂයෙන්ම ගැහැණු දරුවකුට සිදුවන මෙවැනි අතවරයක් ඇයගේ මුළු ජීවිතයටම බරපතල ලෙස බලපාන බැවින් මේ පිළිබඳව සමාජය පුළුල් ලෙස දැනුවත් විය යුතුය. මෙවැනි රහසිගත අපරාධ වසන් නොකර හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය වන්නේ එවිට පමණක් අදාළ බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු කරවා මෙවැනි ස්ථාන නිසි නියාමනයකට ලක් කිරීමටත් වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමටත් හැකි වන බැවිනි.

මෙම බරපතල අපරාධය සිදුව ඇත්තේ බලංගොඩ පින්නවල පිහිටි ‍ගල්ආරාව උයන්සිරි සිරිසීල ආරණ්‍ය සේනාසනය තුළ බව වාර්තා වේ. මෙම ස්ථානයේ වැඩ වෙසෙන්නේ සහ මහණ කිරීම සඳහා රැගෙන විත් සිටින්නේ කුඩා දැරියන් සහ කාන්තාවන් පමණි. මෙහි ප‍්‍රධානත්වය දරන්නේ වයස අවුරුදු 43 ක් පමණ වන ගිහි නම බටුවත්ත ගමගේ සංජීවණී ගමගේ වන ‍නවනැලියේ සුබෝධි නැමැති සිල් මාතාවයි. ඇයගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් මෙම ස්ථානය දැඩි ලෙස අපයෝජන සිදුවන තැනක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙහි සිටින අසරණ, දුප්පත් පවුල්වල දැරියන්ට මත්පැන් සහ සිගරට් ලබා දී මත්කර ලිංගික අපයෝජනයට ලක් කර තිබෙන බව වාර්තා වේ. මෙයට මූලික වශයෙන් සම්බන්ධ වී ඇත්තේ මෙම සුබෝධි සිල් මාතාවගේ පෙම්වතා ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සේවය කරන පුද්ගලයෙකි. සිල් මාතාවගේ අනුදැනුම ඇතිව ඔහු විසින් එහි සිටි කුඩා සිල් මෑණිවරුන් සහ මහණ කිරීමට ගෙන ආ දැරියන් අපයෝජනය කර ඇති අතර ඉන් දැරියන් දෙදෙනෙකු ගැබ්ගෙන ඇත. මෙලෙස වින්දිතයෙකු බවට පත් වූ එක් 13 හැවිරිදි දැරියක් වන්නේ වැලිඔය ප‍්‍රදේශයේ පදිංචි ‍මධුරී නැමැති දැරියයි. ඇය ඉතාමත් දුප්පත්, එදිනෙදා කුලී වැඩ කර ජීවත් වන අසරණ පවුලක දරුවෙකි. ඇයගේ මව වෙනත් පුද්ගලයෙකු සමඟ පැවැත්වූ අනියම් සබඳතාවයක් හේතුවෙන් මව සහ පියා අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වී තිබේ. මෙම ප‍්‍රශ්න දරුවන්ට බලපානු ඇතැයි සිතූ පියා, දියණිය සහ පුතාවද කැටුව බිරිඳගෙන් වෙන්වී නිවසින් පිටව ගොස් ඇත.

කෙසේ වෙතත් තනිවම කුලී වැඩ කරමින් දරුවන් දෙදෙනා නඩත්තු කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑම පියාට දැඩි ආර්ථික අපහසුවක් වී තිබේ. මේ හේතුවෙන් දරුවන්ගේ අනාගතය යහපත් වනු ඇතැයි සිතූ පියා ඔවුන් දෙදෙනාවම මහණ කිරීමට තීරණය කර ඇත. එලෙස ආර්ථික අපහසුතා හේතුවෙන් තම දරුවන්ගේ අනාගතය යහපත් වනු ඇතැයි සිතූ පියා පුත‍්‍රයාව පන්සලකට ඇතුළත් කර මහණ කර තිබෙන අතර වයස අවුරුදු 13 ක් වූ මධුරී දැරියව තමන්ගේ හිතවතෙකු මාර්ගයෙන් වැල්ලවාය, රාවණාඇල්ල ප‍්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයකට මහණ කිරීම සඳහා භාර දී තිබේ. ඇය එහි වසරක පමණ කාලයක් පැවිදි ජීවිතයක් ගත කළද එම ස්ථානය තුළදීද ඇයට විවිධ හිරිහැර, අඩන්තේට්ටම් සහ ලිංගික ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදු වී තිබේ.

මෙම තත්ත්වය දරාගත නොහැකි වූ දැරිය තමන්ට එහිදී සිදුවන හිරිහැර පිළිබඳව තම පියාට දැනුම් දුන්නාය. තම පවුලේ අවුල් වියවුල් මැද දරුවාගේ සුභසාධනය පතා ආරණ්‍යයකට භාර දුන්නද එහිත් මෙවැනි තත්ත්වයක් තිබීම ගැන පියා දැඩි ලෙස කණගාටුවට පත්ව තිබේ. පසුව ඇයව එතනින් ඉවත් කරගෙන ලොකු අම්මා කෙනෙකුගේ නිවසේ නතර කළද එහි දිගටම සිටීමට අපහසු වූ බැවින් ලොකු අම්මා විසින් හිතවතෙකු මාර්ගයෙන් ඇයව බලංගොඩ, පින්නවල පිහිටි ‍ගල්ආරාව උයන්වත්ත සිරිසීල ආරණ්‍ය සේනාසනයට භාර දී තිබේ.

මෙම බලංගොඩ ආරණ්‍ය සේනාසනය තුළ පැවිදි වූ සහ පැවිදි වීමට පැමිණි ගැහැණු දරුවන් විශාල පිරිසක් සිටි අතර ඔවුන්ගේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ පෙර සඳහන් කළ නවනැලියේ සුබෝධි සිල් මාතාවයි. මධුරී දැරිය එහි පැමිණ සති මාස කිහිපයක් ගත වන විට තවත් අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණ දී තිබේ. එහිදී රාත‍්‍රී කාලයේදී කිසියම් පිරිමි පුද්ගලයෙක් හොර රහසේම මෙම ආරණ්‍ය සේනාසනයට පැමිණීමට පටන් ගෙන තිබේ. ඔහු පැමිණියේ බලහත්කාරයෙන් නොව එහි නායක සුබෝධි සිල් මාතාවගේ අනුදැනුම ඇතිව සතියකට දිනක් හෝ දෙකක් මහා රාත‍්‍රියේ ඇයගේ කුටිය වෙතයි. එලෙස පැමිණෙන විට ඔහු අරක්කු, සිගරට් මෙන්ම ඌරු මස්, කුකුළු මස් සහ හරක් මස් වැනි දෑ ද රැගෙන පැමිණ තිබේ. ඔවුන් දෙදෙනා එක්ව එම කුටිය තුළ මත්පැන් පානය කරමින් සිගරට් බොමින් සහ මස් අනුභව කරමින් රාත‍්‍රිය ගත කළ අතර ඔවුන් අතර ලිංගික ක‍්‍රියාවන්ද සිදුව තිබේ. මෙම දසුන් ආරණ්‍ය සේනාසනයේ සිටි අනෙක් කුඩා දරුවන්ගේ නිරන්තර ඇස ගැටීමටද ලක්ව තිබේ.

ටික දිනක් ගතවන විට සුබෝධි සිල් මාතාව විසින් මෙම ක‍්‍රියාව තවදුරටත් ඉදිරියට රැගෙන යමින් තමන්ගේ ආරණ්‍ය සේනාසනයේ සිටින ගිහි සහ පැවිදි කුඩා දැරියන්වද එම කුටිය වෙත කැඳවීමට පියවර ගෙන තිබේ. එහිදී ඔවුන්ටද මත්පැන් සහ සිගරට් ලබා දී මත්කර අර පැමිණෙන පිරිමි පුද්ගලයා ලවා ඔවුන්ව දැඩි ලෙස ලිංගික අපයෝජනයට සහ අතවරයන්ට ලක් කර තිබේ. මෙම සාහසික ක‍්‍රියාව වසරකට වැඩි කාලයක් තිස්සේ නිරන්තරයෙන් සිදුවී ඇත.

මෙම තත්ත්වය හමුවේ වැලිඔය ප‍්‍රදේශයේ මධුරී දැරිය මාස හයක පමණ කාලයක් තිස්සේ එම පුද්ගලයාගේ ලිංගික අඩන්තේට්ටම්වලට සහ දුෂණයට ලක්ව තිබේ. ඇය පමණක් නොව එහි සිටි තවත් 14 හැවිරිදි පැවිදි දැරියක්ද මෙලෙස මත්පැන් පොවා අපයෝජනයට ලක් කර තිබේ. අවසානයේදී වයස අවුරුදු 13 සහ 14 යන වයස්වල පසුවූ මෙම පැවිදි දැරියන් දෙදෙනාම ගැබිනියන් බවට පත්ව තිබේ. තවත් දැරියන් පිරිසක් ලිංගික අපචාරවලට ලක්ව සිටියද ඔවුන් ගැබ්ගෙන නොතිබුණි.

මෙම තත්ත්වය තවදුරටත් ඉවසා සිටීමට නොහැකි වූ මධුරී දැරිය එක්තරා දිනක රාත‍්‍රියේ බලංගොඩ ආරණ්‍ය සේනාසනයෙන් හොර රහසේම පලා ගොස් තිබේ. ඇය තමන්ගේ දෙමව්පියන් සොයා රැකවරණය පතාගෙන මුලින්ම කැබිතිගොල්ලෑවේ පිහිටි තමන්ගේ මාමා කෙනෙකුගේ නිවසට පැමිණ තිබේ. නමුත් එහිදීද ඇයට රැකවරණයක් නොලැබුණු අතර එම මාමා අතිනුත් මෙම අසරණ දැරිය ලිංගික අපයෝජනයට ලක්විය. එතැනින්ද පලාගිය දැරිය තම මව්පියන් සොයා වැලිඔය ප‍්‍රදේශයට ගියද පවුල් ආරවුල් හේතුවෙන් ඔවුන් නිවස අත්හැර ගොස් තිබුණි. පසුව ගම්වැසියන්ගෙන් කළ විමසීමකදී ඇයගේ මව කුලියාපිටිය ප‍්‍රදේශයේ පොල්කොහු මෝලක සේවය කරන බව දැනගන්නට ලැබුණු අතර දැරිය මව සොයා කුලියාපිටියට ගොස් තිබේ. මව සමඟ කුලී කාමරයක සති කිහිපයක් ගත කරන විට දැරියට නිරන්තරයෙන් වමනය යාමට පටන් ගෙන ඇති අතර මව ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමේදී දැරිය තමන්ට සිදුවූ සියලූ‍ දේ හෙළි කර තිබේ. ඒ වන විට ඇයට වයස අවුරුදු 13 යි මාස 11 කි. පසුව මව විසින් දැරියව ප‍්‍රදේශයේ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී වෛද්‍යවරයා තහවුරු කළේ දැරිය මාස පහක ගැබිනියක් බවයි. ඉන් අනතුරුව වැඩිදුර ආරක්ෂාව සහ පරීක්ෂණ කටයුතු සඳහා ඇයව මොරටුව ‍මා සෙවණ ළමා රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

මෙකී බලංගොඩ, පින්නවල පිහිටි ගල්ආරාව උයන්වත්ත සිරිසීල ආරණ්‍ය සේනාසනයේ සිදුවූ මෙම බරපතල අපරාධයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. සුබෝධි සිල් මාතාවගේ පෙම්වතා ලෙස කටයුතු කරමින් වසරකට වැඩි කාලයක් තිස්සේ එහි සිටි කුඩා මෙහෙණින් වහන්සේලා සහ දැරියන් අපයෝජනයට ලක් කළ පුද්ගලයා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සේවය කරන්නෙකු බව වාර්තා වේ. ඔහුගේ සම්පූර්ණ නම හංගමුව මොහොට්ටාලලාගේ හිරාන් තීක්ෂණ මොහොට්ටාල වන අතර ලිපිනය අංක 67, කොටගල්ඔලූ‍ව, කොඩියාදෙණිය, ගම්පොළ බව වාර්තා වේ. එමෙන්ම ඔහුගේ හැඳුනුම්පත් අංකය 730783682V ලෙස වාර්තා විී තිබේ.

මෙවැනි පුද්ගලයන්ගේ තොරතුරු සහ ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය සමාජයට විවෘත කිරීම අත්‍යවශ්‍ය වේ. එමඟින් වෙනත් දෙමව්පියන්ට තම දරුවන් මෙවැනි පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර මෙම පුද්ගලයා කොළඹ 05, හැව්ලොක් පාරේ පිහිටි හෝටලයක නවාතැන් ගනිමින්ද මෙවැනි අපචාර ක‍්‍රියා සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙතෙක් කලක් සමාජය තුළ පැවති මතය වූයේ මෙවැනි අපරාධ සිදු වන්නේ පිරිමි භික්ෂූන් වහන්සේලා වෙසෙන පන්සල් ආශ‍්‍රිතව පමණක් බවයි. මෙහෙණින් වහන්සේලා වැඩ වෙසෙන ආරාම සහ ආරණ්‍ය සේනාසනවල මෙවැනි දෑ සිදුවන බවක් අසන්නට ලැබුණේ නැත. නමුත් මෙම සිදුවීමෙන් පැහැදිලි වන්නේ ඇතැම් මෙහෙණි ආරාමවල පවතින සැබෑ තත්ත්වයද ඉතාමත් ඛේදනීය සහ බරපතල එකක් බවයි.

ප‍්‍රසිද්ධ සමාජය ඉදිරියේ මෙම සුබෝධි සිල් මාතාව කාගේවත් සැකයට භාජනය නොවන ප‍්‍රදේශවාසීන් සමඟ ඉතා හොඳින් කටයුතු කරන සිල්වත් ගුණවත් තැනැත්තියක ලෙස පෙනී සිට ඇත. නමුත් ඇය රාත‍්‍රී කාලයේදී තමන්ගේ පෙම්වතාව ගෙන්වා ගනිමින් මත්පැන් පානය කරමින් සහ එහි සිටි අහිංසක කුඩා දැරියන්ව ලිංගික අපයෝජනයට ලක් කිරීමට මඟ පාදමින් කටයුතු කර තිබේ. බොහෝවිට මෙවැනි ස්ථානවලට පැමිණෙන්නේ විවිධ ආර්ථික, පවුල් සහ සමාජයීය ප‍්‍රශ්න නිසා අසරණ වූ දුප්පත් පවුල්වල දරුවන්ය. රට තුළ පවතින දැඩි දුප්පත්කම සහ ආර්ථික ප‍්‍රශ්න හේතුවෙන් අසරණ වන දෙමව්පියන් තම දරුවන්ට ආහාර පාන සහ අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ඔවුන්ව පන්සල් සහ ආරණ්‍ය සේනාසන වෙත භාර දී පැවිදි කිරීමට පෙළඹේ. රට තුළ ශක්තිමත් ආර්ථිකයක්, යහපත් සමාජ වටපිටාවක් සහ දුප්පත්කම තුරන් කිරීමේ නිසි ක‍්‍රමවේදයක් පවතින්නේ නම් මෙලෙස කුඩා දරුවන්ව මහණ කිරීමට දෙමව්පියන් යොමු නොවන බව පැහැදිලිය. එබැවින් මෙවැනි ඛේදවාචකයන් වැළැක්වීමට නම් තැනින් තැන සිදුවන සිදුවීම්වලට පැලැස්තර විසඳුම් සෙවීම වෙනුවට රටේ ආර්ථිකය සහ සමාජය නිවැරදි මාවතකට යොමු කරමින් ගුණාත්මක සංවර්ධනයක් ඇති කළ යුතුය.

අවසාන වශයෙන් පන්සල් සහ ආරණ්‍ය සේනාසනවල වෙසෙන දරු දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, අදාළ බලප‍්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන යන රාජ්‍ය ආයතන සෘජුවම මැදිහත් විය යුතුය. මෙම වගකිවයුතු අංශ ලිඛිත පැමිණිල්ලක් ලැබෙනතුරු බලා නොසිට අවම වශයෙන් මාසයකට හෝ මාස තුනකට වරක්වත් දිවයිනේ සියලූ‍ම පන්සල් සහ ආරණ්‍ය සේනාසන වෙත ගොස් එහි සිටින දරුවන් පිළිබඳව සොයා බැලිය යුතුය. දරුවන්ට පවතින ගැටලූ‍ පිළිබඳව නිරන්තරයෙන් විපරම් කර වාර්තා සකස් කිරීම තුළින් අපරාධ සිදුවීමට ඇති ඉඩකඩ කල්තියා හඳුනාගෙන ඒවා වැළැක්වීමටත් අපේ රටේ දරු පරපුරට ආරක්ෂිත සහ යහපත් අනාගතයක් උදාකර දීමටත් හැකි බව කිව යුතුය.

(උපුටා ගතිමි)

ඒ පැමිණ තිබුනේ සියලු කෘෘරත්වයන් ප්‍රතික්ෂේප කල මනුෂ්‍යත්වයේ මොහොතයි======================================කොළඹ වෛද්‍ය පීඨ...
12/05/2026

ඒ පැමිණ තිබුනේ සියලු කෘෘරත්වයන් ප්‍රතික්ෂේප කල මනුෂ්‍යත්වයේ මොහොතයි
======================================

කොළඹ වෛද්‍ය පීඨයේ කාන්තා නේවාසිකාගාරය 1983 වසරේ ජූලි මස එක්තරා උදෑසනක්. මම පුරුදු පරිදි පොතක් පාඩමි කරමින් සිටියෙමි කාමරයෙන් පිටත කොරිඩෝරයේ කිහිප දෙනෙකු එහා මෙහා දුවන හඩ ඇසුණෙන් නැගිට දොර විවර කර බැලුවෙමි. කොරිඩෝරයට කාමරවල සිටි ශිෂ්‍යාවන් එකතු වෙමින් සිටිති. යම්කිසි කලබලයකි. එතැන වැඩිපුර සිටියේ දෙමළ ශිෂ්‍යාවන් බැවින් ඔවුන් දමිළ භාෂාවෙන් කරන තතාව අපට නොවැටහුනත් ඔවුන්ගේ දෙනෙතින් හැසිරීමෙන් ‘ ආඩවනේ.. මුරුගා.. කියමින් හඩමින් කළ කලබලය නිසාත් වෙනදා අප හා පෑ සුහද සිනාව වෙනුවට බිය රැදි නෙතින් අප දෙස බලමින් අපෙන් ඈත්ව සිටි නිසාත් යම්කිසිවක් සිදු වී ඇත බව පැහැදිලිවම පෙනුනි.

කරුනු විමසද්දී දැන ගන්න ලැබුනේ පෙරදා ,ප්‍රථම වරට හමුදා සෙබලුන් 13 දෙනෙක් ඝාතනය වී ඇති බවත් එයට කෝප වූ සිංහල පිරිස් විසින් කොළඹ ජාතිවාදී කෝලාහලයක් අරඹා ඇති බවත්ය. ඔවුන් කොයි මොහොතේ හෝ නේවාසිකාගාරයටද කඩා පැනීමට ඉඩ ඇති බැවින් අපි ද ඉමහත් බියට පත් වුනෙමු.
එවිටම අපට පණිවිඩයක් ලැබුණේ වහාම නේවිසිකාගාරයේ සිටින සියලුම ශිෂ්‍යාවන්ට වෛද්‍ය විද්‍යාලයේ ව්‍යාධිවේදී දේශනාගාරයට පැමිණෙන ලෙස ය. ලහි ලහියේ හැද පැළද ගත් අපි සියලු දෙනා ගැහෙන හදින් යුතු ව කලබලයෙන් එහි දිව්වෙමු.

සිංහල දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනා අසුන් ගත් පසු එහි පැමිණියේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශභාර ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරිය වන වෛද්‍ය ලලිතා මෙන්ඩිස් මහත්මියයි. ( පසු කලෙක ඇය මහාචාර්යවරියක් වී ඩීන් බවට ද පත් විය) ඇය ඉතා සන්සුන්ව ව්‍යක්ත ඉංග්‍රිසියෙන් අප ඇමතුවා ය. සිදු වී ඇති දේ පිළිබද ව අපට විස්තරයක් කළ ඇය පැවසුවේ වෛද්‍ය පීඨය වසා දමන බැවින් සිංහල ළමයින් හැම දෙනෙක් ම වහාම තම තමන්ගේ නිවෙස් බලා පිටත් විය යුතු බවය. හදිසියේ පිටත් වීමට නොහැකි දුර බැහැර සිටින තම යහලු යෙහෙලියන්ට හැකි නම් තම නිවෙස් වල නවාතැන් දී උදව් කරන ලෙසද ඇය ඉල්ලීමක් කළා ය. මේ මොහොතේ දෙමළ ළමයින් සියලු දෙනාට සිංහල අපි ආරක්ෂාව සැලසිය යුතු බව කී ඇය දෙමළ ළමයින්ට පවසා සිටියේ කිසිවෙකුට හෝ ආරක්ෂිතව අවට පිහිටි තම නෑදෑ ගෙදරකට හෝ යාමට හැකියාවක් ඇත්නම් වහා එසේ කරන ලෙස ය . .
එය ඇසූ දෙමළ ලමයින් බොහෝ කලබල වූයේ ඔවුන් වැඩි දෙනෙක් යාපනයේ අය වීම නිසාය.ඒ මොහොතේ කතිකාචාර්යවරිය පැවසුවේ ඔවුන්ට කලබල නොවන ලෙසත්, හැකි උපරිම ආරක්ෂාව ඇය සලසන බවත්, දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙනෙකුට වුවත් මේ දුෂ්කර මොහොතේ ඇගේ නිවසේ නවාතැන් දිය හැකි බවත්, එහි අවදානම ඇය විසින් ගන්නා බවත්, ගැහැනු ළමයින්ට තම අම්මා ලග ඇති ආරක්ෂාව ඇය වෙතින් ලැබෙනු ඇති බවත්ය. ඇය එය පැවසූ ඒ හැගීම් බර ආකාරය ....හැගීම්බරව තෙත් වූ ඒ දෑස් සිතුවමක් වැනි වූ ඇගේ රූමත් මුහුණත් මට කිසිදා අමතක නොවේ.
=========================================
ලංකා සිරිවර්ධන

09/05/2026
🌹🌹🌹🌹🌹
07/05/2026

🌹🌹🌹🌹🌹

හොලිවුඩයේ සරාගීම ගැහැණිය මැරිලීන් මොන්රෝ ගේ මරණය සැලසුම් සහගත ඝාතනයක්ද 💀🧭‼️"මැරිලීන් මොන්රෝ"ගේ නික්මයාම කියන්නේ අදටත් ලෝ...
21/04/2026

හොලිවුඩයේ සරාගීම ගැහැණිය මැරිලීන් මොන්රෝ ගේ මරණය සැලසුම් සහගත ඝාතනයක්ද 💀🧭‼️

"මැරිලීන් මොන්රෝ"ගේ නික්මයාම කියන්නේ අදටත් ලෝක ඉතිහාසයේ ලියවුණු අතිශය ආන්දෝලනාත්මක මරණයක්. නිල වාර්තා මගින් මෙය දි.න.ගැ ලෙස නම් කළත්, එදින රාත්‍රියේ සිදුවුණු සිදුවීම් මාලාව දෙස විමසිල්ලෙන් බලන බොහෝ දෙනාගේ මතය එහි යම් අද්භූත ස්වභාවයක් පවතින බවයි.

⭕ මළ සිරුර හමුවූ අසාමාන්‍ය ලෙස "සැකසූ" වටපිටාව 🏚️

1962 අගෝස්තු 5 වැනිදා පාන්දර එවකට 36 හැවිරිදි මැරිලින්ගේ මළ සිරුර හමුවෙද්දී, ඒ ස්ථානයේ තිබුණු යම් යම් කරුණු වෘත්තීය විමර්ශකයින්ගේ සැකයට බඳුන් වුණා.

සිරුරේ ඉරියව්ව: සාමාන්‍යයෙන් අධික ලෙස නිදිපෙති (Barbiturates) ශරීරගත වූ අයෙකු මියයන්නේ දැඩි වේදනාවකින් සහ කම්පනයකින්. බොහෝ විට වමනය සහ සිරුරු කම්පනයෙන් ඇඹරීම දකින්න පුළුවන් ලක්ෂණ. නමුත් මැරිලින්ගේ සිරුර තිබුණේ ඉතාමත් සාමකාමී, සෘජු ඉරියව්වකයි. විශේෂයෙන්ම ඇගේ සිරුරේ රුධිරය තැන්පත් වී තිබුණු ආකාරය (Lividity) අනුව පෙනී ගියේ ඇය මියගොස් ඇත්තේ උඩුබැලි අතට බවයි. නමුත් ඇයව හමුවුනේ මුහුණ පහතට සිටින සේ ( යට ෆොටෝ එක බලන්න ) දිගාවූ ඉරියව්වකින්. මේ නිසා, ඇය මියගිය පසුව කවුරුන් හෝ විසින් ඇගේ සිරුරේ ඉරියව්ව වෙනස් කර ඇති බවයි පර්‍යේෂකයින් විශ්වාස කළේ.

වතුර වීදුරුවේ අබිරහස: ඇගේ ඇඳ අසල හිස් පෙති බෝතල් රැසක් තිබුණත්, 60 ක් පමණ වූ ඒ පෙති ගිලීමට අවශ්‍ය වන එකදු වතුර වීදුරුවක්වත් එම කාමරයේ තිබුණේ නැහැ. ජලය නොමැතිව ඒවා ගිල දැමීම ප්‍රායෝගිකව කළ නොහැක්කක්.

විද්‍යාත්මක සාක්ෂි: පෙති ගිල දැමීමක් ද? ශරීරගත කිරීමක් ද?

මරණ පරීක්ෂණයේදී හෙළිවුණු වඩාත්ම කම්පන සහගත කරුණ වන්නේ ඇගේ ආමාශය තුළ කිසිදු පෙති අවශේෂයක් (Pill residue) හමු නොවීමයි. පශ්චාත් මරණ පරීක්ෂණය කළ දොස්තර "තෝමස් නොගුචි" පවා සඳහන් කළේ ඇය ලබාගෙන ඇතැයි කියන පෙති ප්‍රමාණය අනුව ආමාශයේ කහ පැහැති අවශේෂ තිබිය යුතු වුවත්, ඇගේ ආමාශය සහ බඩවැල් සම්පූර්ණයෙන්ම පිරිසිදුව තිබුණු බවයි.

පසුපස දොරටුවෙන් ඇතුළු කළ විෂ: මෙහිදී ඇතිවන ප්‍රධානතම සැකය වන්නේ මාරාන්තික ඖෂධ මාත්‍රාව ඇයට ලබා දී ඇත්තේ මුඛය හරහා නොව, ගුද මාර්ගය හරහා (E***a) බවයි. පරීක්ෂණයේදී ඇගේ පහළ බඩවැලේ තිබුණු අසාමාන්‍ය දම් පැහැ ගැන්වීම මේ මතය තහවුරු කරනවා. මෙවැනි ක්‍රමයක් මගින් විෂ ශරීරගත කිරීමක් සිදු කළ හැක්කේ වෙනත් අයෙකුගේ මැදිහත් වීමකින් පමණයි.

⭕ මැරිලින්ගේ අඳුරු ලිංගික සබඳතා ජාලය 👽

මැරිලින් මොන්රෝගේ මරණය ගැන කතා කරද්දී ඇගේ පෞද්ගලික සබඳතා ගැන කතා නොකරම බැහැ. ඇය සිය ජීවිත කාලය පුරාම බලවත් පුද්ගලයන් රාශියක් සමඟ සමීප සබඳතා පැවැත්වූ අතර, මේවායින් බොහොමයක් ලිංගිකත්වය පදනම් කරගත්, ඇයව දේශපාලන හෝ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා පාවිච්චි කළ සබඳතා බවටයි විචාරකයන්ගේ අදහස.

⭕ කෙනඩි සොහොයුරන් සහ දේශපාලන උගුල 🛸

මැරිලින්ගේ සබඳතා අතරින් වඩාත්ම ආන්දෝලනාත්මක සබඳතා ද්විත්වය වුනේ එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි (JFK) සහ ඔහුගේ සහෝදරයා වූ රොබට් කෙනඩි (RFK) සමඟ තිබූ සබඳතාවයි. ඇය මේ දෙදෙනාම සමඟ එකවර සමීප සබඳතා පැවැත්වූ බව කියවෙනවා. මේ සබඳතාව හුදෙක් ප්‍රේමයකට වඩා එහා ගිය, ඇයව රජයේ රහස්‍ය තොරතුරු දැනගන්නා මට්ටමකට සමීප කළ එකක් වුණා. ඇය මේ සබඳතා ප්‍රසිද්ධ කරන බවට කළ තර්ජනය නිසාම ඇයව "ජාතික ආරක්ෂාවට තර්ජනයක්" ලෙස රජය විසින් සැලකූ බවට මතයක් තියෙනවා. විශේෂයෙන්ම ඇය සතුව "රතු පොත" නම් මේ රහස් ඇය සටහන් කළ පොතක් තිබීමත් අමතක කළ නොහැකි ප්‍රභල කරුණක්.

⭕ හොලිවුඩ් අධිපතීන් සහ ලිංගික සූරාකෑම 🧭

ඇගේ මුල් කාලීන සිනමා ජීවිතය ආරම්භ වෙන්නෙම එවකට හොලිවුඩයේ සිටි ප්‍රබල නිෂ්පාදකයන් සහ නියෝජිතයන් සමඟ ඇති කරගත් සබඳතා හරහායි. මැරිලීන් තමන්ගේ තැන හදාගන්න හොලිවුඩයේ ප්‍රබලයන් රැසක් සමඟ ලිංගිකව එක්වූ බව ඇය විසින්ම සමහර අවස්ථාවල ඉඟි කර තිබුණා. ඇගේ අවසාන කාලයේ ඇගේ මානසික සෞඛ්‍යය භාරව සිටි වෛද්‍යවරයා වුනු "රැල්ෆ් ග්‍රීන්සන්" පවා ඇය සමඟ අසාමාන්‍ය ලෙස සමීප වූ අතර, ඔහු ඇගේ නිවසට පවා පැමිණ ඇයව පාලනය කළ බව පැවසෙනවා. ඔවුන්ව ලඟින් ආශ්‍රය කළ අය පවසා තිබුනේ මෙය වෛද්‍ය සදාචාරය ඉක්මවා ගිය "ලිංගික සහ මානසික වහල්භාවයක්" වූ බවයි.

⭕ පාතාල ලෝකය සමඟ තිබූ සබඳතා🦉

"ෆ්‍රෑන්ක් සිනාත්‍රා" වැනි ප්‍රබල ගායකයන් සහ නළුවන් හරහා ඇය ඇමරිකානු පාතාල කල්ලි (Mafia) නායකයන් සමඟත් සම්බන්ධ වුණා. චිකාගෝ පාතාලයේ නායකයා වූ "සෑම් ජියන්කානා" සමඟ ඇයට තිබූ සබඳතාව ඉතා භයානක එකක් වුණා. ඇයව දේශපාලන බලපෑම් කිරීම සඳහා "මොළය සේදීමකට" ලක් කළ බවත්, මේ පාතාල කල්ලි ඇයව ඇමයක් ලෙස පාවිච්චි කළ බවත් ඇතැමුන්ගේ අදහසක්.

⭕ අස්ථාවර විවාහ සහ තනිකම 🧭

ඇගේ නිල විවාහයන් තුනම (ජේම්ස් ඩෝර්ටි, ජෝ ඩිමගියෝ සහ ආතර් මිලර්) අසාර්ථක වුණේ ඇයට තිබූ අධික මානසික අවපීඩනය සහ ඇය වටා සිටි අනෙකුත් බලවත් පිරිමින්ගේ බලපෑම් නිසයි. ඇය නිතරම ආදරය සෙව්වත්, ඇයට හමු වූ බොහෝ දෙනෙක් ඇයව සැලකුවේ "ලිංගික සංකේතයක්" (S*x Symbol) මිස මනුෂ්‍යයෙකු ලෙස නොවන බවයි හොලිවුඩයේ තතුදත්තන්ගේ මතය වුනේ.

ඉතින් අවසාන වශයෙන්,

අද වන විට බොහෝ දෙනා විශ්වාස කරන මතය නම් මැරිලින් මොන්රෝගේ ජීවිතය පුරා තිබූ මේ අසීමිත ලිංගික සබඳතා ඇයට විනාශය ළඟා කර දුන් සාධකයක් වුණ බවයි. ඇය මේ බලවත් පුද්ගලයන්ගේ රහස් දැන සිටීමත්, ඇයව පහසුවෙන් පාලනය කළ නොහැකි වීමත් නිසා, අවසානයේදී මේ සෑම සබඳතාවක්ම ඇයව ඇගේ මරණය වෙත තල්ලු කළ හේතු බවට පත් වුණා. මේ නිසා ඇගේ මරණය ඇත්තෙන්ම සැලසුම් සහගතව කළ සූක්ෂම ඝාතනයක් බවයි බහුතර මතය.

හැමදාම අළුත් දේ දැන ගන්න | Follow සැ. ම්. පා

🌍

🛑 ජීවිතයේ ලස්සනම දවස, බිහිසුණුම නපුරු හීනයක් වුණු හැටි: ඔබේ දියණියගේත්, සහෝදරියගේත් ජීවිතය මේ කතාවෙන් බේරාවි! වයස අවුරුද...
15/04/2026

🛑 ජීවිතයේ ලස්සනම දවස, බිහිසුණුම නපුරු හීනයක් වුණු හැටි: ඔබේ දියණියගේත්, සහෝදරියගේත් ජීවිතය මේ කතාවෙන් බේරාවි!

වයස අවුරුදු දහඅට කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ ඉතාමත් සුන්දර කඩඉමක්. එය හරියටම අලුත් ලෝකයකට, අලුත් නිදහසකට දොරටු විවර වෙනවා වගේ අපූරු හැඟීමක්. මේ වයසේදී අලුත් අත්දැකීම් විඳින්න, නිදහසේ පියාඹන්න කවුරුත් ආශා කරනවා.

එක්සත් රාජධානියේ ජීවත් වුණු 'මිලි ටැප්ලින්' (Millie Taplin) කියන යුවතියටත් මේ සුන්දර හීනය ඒ විදිහටම තිබුණා. ඇය ඇගේ දහඅට වැනි උපන්දිනය සමරන්න ලොකු සූදානමකින් වගේම නොයිවසිල්ලකින් හිටියා. ඇගේ එකම ආසාව වුණේ ජීවිතේ පළමු වතාවට තමන්ගේ යාළුවන් එක්ක රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් විනෝද වෙන එකයි.

මේ සුවිශේෂී දවස වෙනුවෙන් ඇය ඇගේ මිතුරියන් සමඟ ගියේ එංගලන්තයේ, එසෙක්ස් (Essex) හි සවුත්එන්ඩ් (Southend) ප්‍රදේශයේ පිහිටි 'MooMoo' කියන ප්‍රසිද්ධ සමාජ ශාලාවටයි. තමන්ගේ ජීවිතේ සුන්දරම දවස සමරන්න ගිය ඇයට, ඒ රාත්‍රිය මොහොතකින් අපායක් වෙයි කියලා කිසිම වෙලාවක හිතුණේ නැහැ.

සමාජ ශාලාවේ විදුලි පහන් එළිය සහ ඝෝෂාකාරී සංගීතය මැද ඇය තමන්ගේ මිතුරියන් සමඟ සතුටින් නැටුවා. ඒ අතරතුරදී, ඇය කිසිසේත්ම නොදන්නා, කිසිදා දැක නැති නාඳුනන තරුණයෙක් ඇය වෙතට ආවා. ඔහු ඇය එක්ක හරිම සුහදව කතා කරන්න පටන් ගත්තා.

අදටත් මේ කියන නාඳුනන පුද්ගලයා කවුද කියන එක කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔහුගේ සැබෑ අනන්‍යතාවය මේ දක්වාම කිසිදු පොලිස් වාර්තාවකින් හෝ ප්‍රසිද්ධියට පත්වෙලත් නැහැ. ඔහු ඇයට ලස්සනට සැරසූ පානයක් දික් කරමින් ඉතා මිත්‍රශීලීව ඇයට කතා කළා.

"මේ තියෙන්නේ වොඩ්කා ලෙමනේඩ් (Vodka lemonade) එකක්. මේක පොඩ්ඩක් බීලා බලන්න."

තමන්ගේ උපන්දින සාදයේ සතුට නිසාත්, ඒ මොහොතේ තිබුණු සැහැල්ලුව නිසාත් ඇය කිසිම සැකයක් නැතුව ඒ පානය අතට ගත්තා. ඇය කළේ එයින් එකම එක කුඩා උගුරක් තොල් වල තියාගෙන බීපු එක විතරයි. ඒ එකම එක උගුර ඇගේ මුළු ජීවිතයම කණපිට පෙරළන්න සමත් වුණා.

තත්පර කිහිපයක් යන්නත් කලින් ඇයට තමන්ගේ ශරීරයේ අමුතුම වෙනසක් දැනෙන්න ගත්තා. පළමුවෙන්ම ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම හිරි වැටී, කිසිම දෙයක් දැනෙන්නේ නැති තත්ත්වයට පත් වුණා. ඊළඟට ඇගේ අත්වල ඇඟිලි එකට ගුලි වී, යකඩ නියපොතු වගේ තද වෙන්න පටන් ගත්තා.

මොහොතකින් ඇගේ මුළු ශරීරයම කිසිම පණක් නැති ගලක් වගේ තද වුණා. ඇයට ඇගේ අත් පා හෙලවීමට තබා, ඇඟිල්ලක්වත් හොලවන්න හෝ ඇස් පියගහන්නවත් බැරි වුණා. ඒත් මේ කතාවේ තියෙන බිහිසුණුම කාරණාව එය නෙවෙයි.

ඇගේ මුළු සිරුරම අප්‍රාණික වෙලා, ගල් ගැහිලා තිබුණත්, ඇයට හොඳට සිහිය තිබුණා. වටපිටාවේ වෙන හැමදේම, මිනිස්සු කෑගහන සද්දය, සංගීතය මේ හැමදේම ඇයට ඉතාම පැහැදිලිව ඇහුණා වගේම පෙනුණා. ඒත් ඇයට කතා කරන්නවත්, උදව් ඉල්ලා කෑගහන්නවත් කිසිම හැකියාවක් තිබුණේ නැහැ.

ඇය තමන්ගේම ශරීරය ඇතුළේ අසරණ හිරකාරියක් වෙලා හිටියා. ඇගේ හිත ඇතුළෙන් මහ හයියෙන් කෑගැහුවත්, කිසිම කෙනෙකුට ඒ හඬ ඇහුණේ නැහැ. තමන්ට කිසිම දෙයක් කරගන්න බැරිව දැඩි වේදනාවකින් සහ භීතියකින් ඇය පීඩා වින්දා.

වාසනාවකට වගේ ඇය සමඟ සිටි මිතුරන් වහාම ක්‍රියාත්මක වී ඇයව රෝහල වෙත රැගෙන ගියා. මේ සිදුවීම දැනගත්ත ගමන් ඇගේ මව රෝහලට දිව ආවේ ලෝකයක් කඩා වැටුණා වගේ දැඩි කම්පනයකින්.

තමන්ගේ ආදරණීය දියණිය රෝහල් ඇඳක් උඩ ගල්ගැසී, අමුතුම විදිහට මුහුණ සහ අත් පා වෙවුලමින් ඉන්නවා දැක්කම ඒ අම්මාට දැනුණු වේදනාව වචනයෙන් විස්තර කරන්න අමාරුයි. දුවගේ අතින් අල්ලගෙන අඬනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න ඇයට පුළුවන්කමක් තිබුණේ නැහැ.

වෛද්‍යවරුන් වහාම ඇයව දැඩි පරීක්ෂාවකට ලක් කළා. මෙහිදී වෛද්‍යවරුන් පවා දැඩි ලෙස පුදුමයට පත් වුණේ මේ පානයට කලවම් කර තිබූ රසායනිකයන්ගේ ස්වභාවය දැකලයි. ඔවුන් කොතරම් රුධිර පරීක්ෂණ කළත් ඒ පානයට මිශ්‍ර කරලා තිබුණු රසායනික ද්‍රව්‍යවල නියම සංයුතිය හරියටම හොයාගන්න බැරි වුණා.

නමුත් වෛද්‍ය විශේෂඥයින් අනුමාන කරන විදිහට එහි අන්තර්ගත වෙලා තිබුණේ ඉතාමත් භයානක මිශ්‍රණයක්. ඔවුන් පවසන්නේ මෙය අතිශය භයානක "Date r**e" (කාන්තාවන් අපයෝජනය කිරීමට යොදාගන්නා මත්ද්‍රව්‍ය) ඝණයට අයත් මත්ද්‍රව්‍යයක් බවයි. ඊට අමතරව එමගින් මුළු ශරීරයම අකර්මණ්‍ය කරන (Paralytic agent) බිහිසුණු රසායනිකයක්ද කලවම් කර තිබී ඇත.

මේ මාරාන්තික රසායනික සංයෝග දෙකේම බලපෑම නිසා තමයි මිලි මේ තරම් බිහිසුණු සහ අසරණ තත්ත්වයට පත් වෙලා හිටියේ. අද සමාජයේ සැරිසරන මේ කෘත්‍රිම මත්ද්‍රව්‍ය කොතරම් සංකීර්ණද වගේම භයානකද කියන එක එයින්ම පැහැදිලි වෙනවා.

නිසි වේලාවට රෝහලට ගෙන ආ නිසාත්, මිතුරන් ඉක්මනින් ක්‍රියාත්මක වුණු නිසාත් මිලිගේ ජීවිතය අනූනවයෙන් බේරුණා. ඒත් ඒ අමිහිරි රාත්‍රියේ ඇය අත්විඳපු ඒ මානසික කම්පනය නම් ඇයට මුළු ජීවිත කාලයටම අමතක වෙන එකක් නැහැ.

මේ සිදුවීමෙන් පස්සේ මිලිගේ මව මුළු ලෝකයේම ඉන්න දෙමව්පියන්ට සහ දරුවන්ට ඉතාමත් වැදගත් පණිවිඩයක් ලබා දුන්නා. ඒ පණිවිඩය හැම අම්මා කෙනෙක්ම, හැම තාත්තා කෙනෙක්ම වගේම, සමාජයේ ගැවසෙන හැම තරුණ දරුවෙක්ම තම හදවතේම කොටාගන්න ඕන දෙයක්.

"කිසිම දවසක, කිසිම වෙලාවක, ඔබ කොහෙත්ම නොදන්නා කෙනෙක් දෙන කිසිම පානයක් භාරගන්න එපා. ඒක ඔබේ ජීවිතය සදහටම අඳුරට තල්ලු කරන්න පුළුවන්."

අද කාලේ සමාජය අපි හිතනවාට වඩා ගොඩක් වෙනස් වෙලා වගේම අනතුරුදායක වෙලා තියෙනවා. අපි කොච්චර පරිස්සම් වුණත්, අපේ එක කුඩා අතපසුවීමකින් මුළු ජීවිතයම විනාශ වෙලා යන්න පුළුවන්. විශේෂයෙන්ම සාද වලට යන, සමාජයේ විනෝද වෙන තරුණ දරුවන් මේ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ.

නොදන්නා අයගෙන් ලැබෙන බීම ප්‍රතික්ෂේප කිරීමට අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න. කවුරුන් හෝ කොතරම් බල කළත්, ඉතාමත් කාරුණිකව නමුත් ස්ථිරව එය එපා යැයි පැවසීම ඔබේ ආරක්ෂාවට ඉතා වැදගත් වෙනවා. ඒ වගේම, නාඳුනන අය කොච්චර හිතවත් විදිහට කතා කළත් ඔවුන් දෙන කිසිවක් විශ්වාස කරන්න එපා.

ඔබේ පානයක් කිසිම විටෙක තනියම තියලා යන්න එපා වගේම ඔබේ වීදුරුව ගැන දැඩි අවධානයෙන් ඉන්න. සාදයකදී හෝ උත්සවයකදී ඔබේ වීදුරුව කිසිවිටෙකත් ඔබේ ඇස් මානයෙන් ඉවතට යන්න දෙන්න එපා. ඔබ යම් අවශ්‍යතාවයකට නැගිටිනවා නම්, වීදුරුව අතැතිවම යන්න පුරුදු වෙන්න.

සෑමවිටම ඔබට විශ්වාසවන්ත, හොඳින් දන්නා යාළුවන් පිරිසක් සමඟ පමණක් සාද වලට සහ සමාජ ශාලා වෙත යන්න. යම් කරදරයක් වුණු වෙලාවක ඔබව තනි නොකර ආරක්ෂා කරගන්න පුළුවන් ඔවුන්ට පමණයි. ඔබට පානයක් ගත් පසු සුළු හෝ අමුත්තක් දැනෙනවා නම්, වහාම ඒ බව ඔබේ මිතුරන්ට දන්වා උදව් ඉල්ලන්න.

මේ ලිපිය කියවන ඔබ, මේ කතාව ඔබේ යාළුවන්ටත්, පවුලේ අයටත් අනිවාර්යයෙන්ම ශෙයා (Share) කරන්න. ඔබේ එක ශෙයා කිරීමක්, තවත් අහිංසක ජීවිතයක්, අහිංසක තරුණියක් මේ වගේ බිහිසුණු ඉරණමකින් බේරා ගන්න ලොකු උදව්වක් වෙන්න පුළුවන්. හැමෝම පරිස්සමෙන් ඉන්න!
නොකී කතා - Untold Stories ...🖋️

Buddhist philosophy කියන්නෙම mindfulness තත්වයේ ඉඳගෙන play කරන්න ඕනි game එකක්. අනවශ්‍ය ලෙස රැඩිකල් වෙලා බැහැ. දැඩි ලෙස ...
15/04/2026

Buddhist philosophy කියන්නෙම mindfulness තත්වයේ ඉඳගෙන play කරන්න ඕනි game එකක්. අනවශ්‍ය ලෙස රැඩිකල් වෙලා බැහැ. දැඩි ලෙස අන්තගාමී වෙලත් බැහැ. ice cream කන්න ආස කුඩා දරුවෙක්ට ice cream නොදී ඉඳල ඒ ආසාව නැති කරන්න බැහැ. ඒ වගේම අනවශ්‍ය ලෙස ice cream ලීටර් ගණන් කන්න දුන්න කියලා ඒ ආශාව නැති වෙන්නෙත් නැහැ. තණ්හාව ක්ෂය කරනව නම් එකම මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව පමණි. ලිංගිකත්වය යනු ඉන්ද්‍රිය පිනවීමයි. බෞද්ධ දර්ශනයේදී එය කළ යුත්තේ mindfulness ( සිහියෙන් ) සහ කාමයෙහි වරදවා හැසිරීමට හසු නොවන ලෙසටය. කවුරුන් හෝ ලිංගිකත්වය පාපයක් ලෙස ප්‍රකාශ කරනවා නම් ඔහුට අනුව පංච ඉන්ද්‍රිය පද්ධතියට අදාළ සින්දුවක් ඇසීම, චිත්‍රපටියක් නැරඹීම, සුවඳක් විඳීම, ප්‍රණීත ආහාර ගැනීම යන සියල්ල පාපකාරී ක්‍රියාවන්ය. බුදුන් වහන්සේගේ දර්ශනය යනු අති ප්‍රබල විද්‍යාත්මක දර්ශනයකි. එය ගෝත්‍රික දර්ශනයක් නොවේ. එය ඕනෑම දියුණු රටකට සහ ඕනෑම ඉහළ සමාජ මට්ටමකට සම්පූර්ණ වශයෙන් විවෘත වේ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා කළ යුත්තේ එය තමාගේ මට්ටමෙන් නොගැනීමයි. වයස හතෙන් සෝවාන් වූ විශාඛාව ලිංගික ජීවිතය සහ අධ්‍යාත්මය පටලවා නොගෙන ඉතා තෘප්තිමත්භාවයකින් යුතුව ජීවත් වූ කාන්තාවකි. ගිහියෙකුට ලිංගිකත්වය ස්වභාවයෙන්ම අත්හැරීමට නම් ඔහු අනාගාමී තත්වයට පත්විය යුතුය. සෝවාන් මාර්ගයටවත් පැමිණ නැති බෞද්ධ දර්ශනය උඩින් පල්ලෙන් අතගාගත් පිරිස් මිනිසාගේ ශාරීරික අවශ්‍යතාවයන් වලට අර්ථකථන සැපයීම විහිළුවකි. බොහෝ විට කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් තණ්හාව සහ උපාදානයෙන් තොරව ලිංගිකත්වය විඳිති. අවශ්‍ය මොහොතේදී කළා එපමණයි. එය ශාරීරික අවශ්‍යතාවයක් පමණි. නමුත් තණ්හා සහිතව උපාදානය කරගත් පිරිස් ලිංගිකත්වය නිසා තමාගේ එදිනෙදා සියලු වැඩ අතපසු කරගනිමින් මනෝ ලෝකවල ( fantasy ) ජීවත්වීම "භවය" නිර්මාණය කරයි. එය ශාරීරික අවශ්‍යතාවයක් ලෙස දකින්න. මිනිසා මල පහ කිරීමද ශාරීරික අවශ්‍යතාවයකි. නමුත් එම ක්‍රියාව පිළිබඳව මිනිසුන් මනෝ ලෝක නිර්මාණය කරගන්නේ නැත. ලිංගිකත්වයද එවැන්නකි. අවශ්‍ය විට කළා එතනින් අවසානයි.

ලිංගික ක්‍රියාවලිය අයත් වන්නේ ශරීරය හරහා පටිච්චසමුප්පාදය නිර්මාණය වන කොටසටයි. ස්පර්ශ කාමය නොහොත් ලිංගිකත්වය තුළින් පටිච්චසමුප්පාදය නිර්මාණය වන ආකාරය යම්තාක් දුරකට හෝ සරලව ලිහා ගනිමු. මෙම විග්‍රහයට "ශරීරයට ස්පර්ශ තෘප්තිය දැනෙන මට්ටම" නැමැති ආධ්‍යාත්මික ඉන්ද්‍රිය තෝරා ගැනීමට හේතුව ලිංගිකත්වය යන කොටස අයත් වන්නේ ශාරීරික ස්පර්ශ කාමයට නිසාවෙනි. තමා රමණයෙහි යෙදීමට කැමතිම කෙනා සහ එම සිදුවීම පිළිබඳව සිතන්න. එසේත් නොමැති නම් ඔබට ලැබුණු සුන්දරම ලිංගික අත්දැකීම පිළිබඳව මෙනෙහි කරන්න "අවිද්‍යා පච්චයා සංඛාරා" රමණයේදී මනසට ඇතිවන දැඩි තෘප්තිය නිසා මනෝ සංඛාර නිර්මාණය වේ. "සංඛාර පච්චයා විඤ්ඤාණ" රමණයේදී ඇතිවන කාය විඤ්ඤාණ ස්වභාවය ක්ෂණිකව වාර්තා කිරීමයි. "විඤ්ඤාණ පච්චයා නාමරූප" රමණයේදී හටගන්නා කාය විඤ්ඤාණ ස්වභාවය නිසා මනස අභ්‍යන්තරයේ ස්පර්ශ කාමය නිසා ඇතිවන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ක්‍රියාවලියයි. "නාම රූප පච්චයා සලායතන" රමණය උදාහරණයට ගත් නිසා ලිංගික ක්‍රියාවලිය හරහා මිනිසා තෘප්තිමත් වීම නිසා නිර්මාණය වූ නාම රූප ක්‍රියාවලියයි. "සලායතන පච්චයා ඵස්ස" රමණයේදී ශරීරයට දැනෙන කායික තෘප්තිය ස්පර්ශ වීමයි. "ඵස්ස පච්චයා වේදනා" කායික තෘප්තිය නිසා දැනුණු වේදනාව. වේදනාව යනු රිදීම නොවේ. මෙහිදී වේදනාව වර්ග තුනකට බෙදිය හැකිය. සැප වේදනා - රමණයේදී මිනිසාට ඇතිවන අධික සතුට සහ තෘප්තිය , දුක් වේදනා - රමණයේදී ඇතැම් විට මිනිසාට දැනෙන අතෘප්තිය හෝ අසතුට සහ දැඩි කායික වේදනාව සහ තෘප්තිමත්භාවයකින් තොරවීම , උපේක්ෂා වේදනා - ලිංගිකත්වයේදී මිනිසාට දැනෙන කැමැත්ත සහ අකමැත්ත යන සාධක දෙකම මිශ්‍ර වූ ස්වභාවයන් දෙක. "වේදනා පච්චයා තණ්හා" වේදනාව නිසා මිනිසාට ඇතිවන තණ්හාව. මෙතන රමණය උදාහරණයට ගත් නිසා ලිංගික ක්‍රියාවලියට දැඩිව තණ්හා කිරීම. මිනිසා මෙතනදී දැඩිව සැලකිලිමත් විය යුතුය. තණ්හාව ඇති වූ විට එය උපාදානය වී භවය නිර්මාණය වේ. බුදුවරු මිනිසාට ලිංගිකත්වයට සහ ඉන්ද්‍රියන් පිනවීමට තහංචි දමා නැත. බුදුවරු දේශනා කරන්නේ එම ඉන්ද්‍රියන්වලින් උපදින පංච උපාදානස්කන්ධ ස්වභාවයට තණ්හා නොකරන ලෙසටයි. ලිංගිකත්වය පාපයක් යැයි කෙනෙක් පවසනවානම් එම මතය පටිච්චසමුප්පාදය හරහා මෙතනදී පුස්සක් බවට පත්වේ. "තණ්හා පච්චයා උපාදාන" සිතේ ඇතිවන තණ්හාව මගේ කොට අල්ලා ගැනීම. මට එයත් එක්ක මෙහෙම නොකර ඉන්න බැහැ , මේක නැත්නම් මට පිස්සු වගේ යන දැඩිව අල්ලා ගැනීමේ ස්වභාවය "උපාදාන පච්චයා භවෝ" බුදුවරුන්ගේ විග්‍රහයට අනුව මිනිසාගේ භවය නිර්මාණය කරන්නේ උපාදානයයි. පටිච්චසමුප්පාදය අධ්‍යයන කරන සියයට 99 ක් වරද්දගන්න තැන තමයි මේක. භවය යනු අනාගත උප්පත්තිය නොවේ. පටිච්චසමුප්පාදයේදී භවය යනු මිනිසා තුළ ඇති වර්තමාන ස්වභාවයයි. මෙතනදි ලිංගික ක්‍රියාවලියේදී ඇතිවන අතුරු ප්‍රතිඵල සහ ඒ හේතුවෙන් මිනිසා තුළ නිර්මාණය වන මානසික පීඩනය හෝ අධික මානසික තෘප්තිය හරහා වර්තමාන මොහොතේ මිනිසා තුළ "භවය" නිර්මාණය වේ. බොහෝ දෙනා අනාගත භවය නතර කරන්න උත්සාහ කරනව. නමුත් බුදුවරු විග්‍රහ කරන්නේ ඔබ තුළ නිර්මාණය වන මේ මොහොතේ භවය ශූන්‍ය කරන ලෙසයි. "භව පච්චයා ජාති" මෙන්න ඔයගොල්ලෝ හිතන එක. භව පච්චයා ජාති යනු තමාගේ මේ මොහොතේ ක්‍රියාත්මක වන භවයට අදාළව ඊළඟ ප්‍රතිසන්ධිය නිර්මාණය වීමයි. ( fantasy ) මනෝ ලෝකයක සිටියදී මරණයට පත්වුවහොත් "ආදිත්‍ය පරියාය" සූත්‍රය තුළ බුදුන් වහන්සේ ඔහු දුගතියට යන බව පැහැදිලිව විග්‍රහ කොට ඇත. "ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති". ජාතිය පහළ වූ තැන ජරාවට පත්වීම, මරණය, ශෝකය, දුක් දොම්නස්, යන මේ සියලු දුක් සහිත තත්වයන්ට සියලුම දෙනාට මුහුණ දීමට සිදුවේ. රමණය පාපයක් යැයි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ගන්න බුදුන් වහන්සේ බාහියදාරුචීරිය උතුමන්ට දේශනා කළ සතර පද ගාථාව. ලිංගිකත්වය උදාහරණයට ගත් නිසා මෙම ගාථාවේ තුන්වන පදය ඍජුවම අදාළ වේ. "මෘතේ මෘත මත්තං භවිස්සති" - යමක් දැනුනොත් දැනුනා. දැනෙන දෙයට තණ්හා නොකර උපාදානයෙන් තොරව අවසන් කරන්න. "යන්න මුලටම". රමණයේදී ශරීරයට දැනෙන ස්වභාවය සහ තෘප්තිමත්භාවය සිතිවිල්ලක් පමණක් බව විදර්ශනාවෙන් යුතුව ඒ මොහොතේදීම මෙනෙහි කරන්න. බෞද්ධ දර්ශනයට අනුව නිවන් දකිනවා නම් මිනිසා කළ යුතු වර්තමාන විදර්ශනා භාවනාව මෙයයි. එයට සියල්ල අතහැර වනගත වීමට අවශ්‍ය නැත. තණ්හා සහිත උපාදාන ක්‍රියාවලිය සිදුවන තැනට පැමිණීමට පෙර පටිච්චසමුප්පාදය මිනිසාට නතර කළ නොහැක. නමුත් "තණ්හා පච්චයා උපාදාන" යන ස්වභාවය වර්තමාන මොහොතේ විදර්ශනා කිරීමෙන් භවයට පරිවර්තනය වීම ප්‍රඥාවන්ත මිනිසාට අවසන් කළ හැකිය. භවය අවසන් වූ තැන ප්‍රතිසන්ධියක් පිහිටන්නේ නැත. බුද්ධ කාලයේ ජීවත් වූ බොහෝ ශ්‍රාවකයින් තමා තුළින් දැකගත් නිර්වාණ මාර්ගය මෙයයි. දැනුවත්භාවය සහ ධර්ම දානයක් උදෙසා share කරන්න.

සොඳුරු යථාර්ථවාදියා ✍️

කොරියාවේ "සොල්" නගරය දෙවනත් කරන ලංකාවේ තරුණියන්ගේ ආක්‍රමණය! 🇰🇷🇱🇰කොරියාවේ රස්සාවල් කරන්න ගිය අපේ කොල්ලොන්ට දැන් "ලංකාවේ ර...
08/04/2026

කොරියාවේ "සොල්" නගරය දෙවනත් කරන ලංකාවේ තරුණියන්ගේ ආක්‍රමණය! 🇰🇷🇱🇰
කොරියාවේ රස්සාවල් කරන්න ගිය අපේ කොල්ලොන්ට දැන් "ලංකාවේ රස" කොරියාවේදීම විඳින්න අවස්ථාව ලැබිලා කියලා අලුත්ම ආරංචි මාර්ග පවසනවා. හැබැයි මේ කියන්නේ කෑම බීම ගැන නෙවෙයි!

මෑතක ඉඳන් ලංකාවේ ඉන්න "සුපිරි" මට්ටමේ සහ ජනප්‍රිය තරුණියන් රැසක් Tourist Visa මගින් කොරියාවට පැමිණීම විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. මෙහි ඇති විශේෂත්වය තමයි මේ හැමෝම එන්නේ කොරියාවේ වැඩ කරන ශ්‍රී ලාංකික තරුණයන් ඉලක්ක කරගෙන වීමයි.

📍 සිදුවන්නේ කුමක්ද?
ලංකාවේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අලුත් විදිහේ "බිස්නස්" එකක් දැන් කරළියට ඇවිත්. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ සහ සමාජ මාධ්‍යවල කැපී පෙනෙන තරුණියන්, කොරියාවේ වෙසෙන ලාංකික තරුණයන්ගේ ආරාධනයෙන් හෝ තැරැව්කරුවන් මාර්ගයෙන් කොරියාවට පියාසර කරනවා.

ඉහළ මිලක්: මොවුන් දින කිහිපයක කාලයක් සඳහා ලබාගන්නා මුදල ලංකාවේ මුදලින් ලක්ෂ ගණනක් වන බවයි වාර්තා වෙන්නේ.

Luxury Life: කොරියාවේ තරුණ හෝටල් සහ සුඛෝපභෝගී නිවාසවල මොවුන් වෙනුවෙන් සියලු පහසුකම් සැලසෙනවා.

රහසිගත ගනුදෙනු: මේ සියල්ල සිදුවන්නේ ඉතාමත් රහසිගතව, සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් විශ්වාසවන්ත පුද්ගලයන් හරහා පමණයි.

💰 කොල්ලන්ගේ සල්ලි කාබාසිනියා වෙනවාද?
කොරියාවේ අව්වට වැස්සට තැම්බිලා, රෑ දවල් නැතුව කම්හල් වල මහන්සි වෙලා අපේ කොල්ලෝ හම්බ කරන සල්ලි, මේ වගේ "සැප" වලට නාස්ති කරන එක ගැන දැන් සමාජ මාධ්‍යවල ලොකු විවාදයක් ගොඩනැගිලා තියෙනවා.

"අමාරුවෙන් හම්බ කරලා ලංකාවට එවන්න තියෙන සල්ලි, දවස් දෙක තුනක සතුටකට දිය කරලා දාන එක අපරාධයක්" - සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක්.

⚠️ මෙහි ඇති අවදානම
මේ විදිහට ටුවරිස්ට් වීසා වලින් ඇවිත් කරන වැඩ නිසා ඉදිරියේදී නීත්‍යානුකූලව කොරියාවට යන්න ඉන්න තරුණ තරුණියන්ටත් වීසා ගැටළු ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම කොරියානු බලධාරීන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් සඳහන්.

ඔබේ අදහස මොකක්ද?

ඈත කාලයේ දඹදිව වංග රටෙහි වංග නමැති නගරයේ වංග නමින් රජෙක් සිටියා. කාලිංග රජ්ජුරුවන්ගේ දියණිය ඒ වංග රජු හට අග මෙහෙසිය බවට ...
07/04/2026

ඈත කාලයේ දඹදිව වංග රටෙහි වංග නමැති නගරයේ වංග නමින් රජෙක් සිටියා. කාලිංග රජ්ජුරුවන්ගේ දියණිය ඒ වංග රජු හට අග මෙහෙසිය බවට පත්වුනා.

වංග රජ්ජුරුවන්ගේ අගමෙහෙසියට එක් දුවක් උපන්නා. ඒ දියණිය අනාගතයේ මෘගරාජ වූ සිංහයෙකු සමග අඹුසැමියන් ලෙස ජීවත් වෙන බවට නිමිතිකරුවෝ අනාවැකි පළකළා.

ඇය අතිශයින් ම රූප ශෝභාවකින් යුක්තයි. එසේ ම කාමයට දැඩි ගිජු බවකින් යුක්තයි. ඇගේ ගතිගුණ ගැන ඇගේ පියා වන වංග රජුත් මව් වූ අගබිසවත් ලැජ්ජාවට පත්වුනා. ඈව පිළිකුල් කළා.
එතකොට ඈ නිදහසේ තමන් කැමති කැමති ලෙස වාසය කරන්ට කැමැත්තෙන් තනියම රාජ මාළිගාවෙන් පැනලා ගියා. කාටවත් හඳුනාගන්ට බැරි විදිහට වෙස් වලාගත්තා. මගධ රාජ්‍ය දෙසට ගමන් කරන ගැල් සමූහයකට එකතු වෙලා ඔවුන් සමග පිටත් වුනා.

එසේ ගමන් කරද්දී ලාට නමැති රටේ මහා වනාන්තරේ මැද දී සිංහයෙක් ගැල් සමූහය වෙත කඩා පැන්නා. ගැල් වල සිටිය මිනිසුන් හිස් ලූ ලූ අත වෙනත් තැන් වලට පැනලා දිව්වා. එතකොට සුප්පාදේවී නමැති ඈ සිංහයා එන දිසාවට දිව්වා.

සිංහයා ගවයෙකු මරා ගොදුර ඩැහැගෙන තමන්ගේ වාසස්ථානයට ආපසු යද්දී තමන් වෙතට දුවගෙන එන රාජ දියණියව දුර දී ම දැක්කා. දුටු මනින් ම ඈ කෙරෙහි රාගය ඇති වුනා. කන් පහතට නමාගෙන වලිගය සොලවමින් ඈ වෙතට ළං වුනා.
සුප්පාදේවී රාජ කන්‍යාව තමන් වෙත එන සිංහයාව දැකලා නිමිති කියන්නවුන් විසින් තමා ගැන කියූ අනාගත වාක්‍යය මතක් වුනා. එතකොට ඈ කිසි භයක් නැතිව තමන් වෙත ආ සිංහයාව සතුටු කරවමින් හිස පටන් වලිගය තෙක් ඒ සිංහයාගේ ශරීර අවයව පිරිමැද්දා.

ඇගේ ස්පර්ශයෙන් සිංහයා තුළ බලවත් ඇල්මක් ඇතිවුනා. එතකොට ඈ සිංහයාගේ පිටට ගොඩවුනා. ඈව පිටේ තබාගත් සිංහයා තමන්ගේ ගුහාවට ගියා. සුප්පා දේවිය සමග අඹුසැමියන් සේ හැසිරුනා.
සිංහයා සමග අඹුසැමියන් සේ හැසිරුනු සුප්පාදේවිය නමැති රාජ දියණිය ටික කලකින් පුතෙකු හා දුවක වශයෙන් නිවුන් දරු දෙදෙනෙකු ලැබුවා.

තම පුත් කුමාරයාගේ අත්පා ආදිය සිංහයෙකුගේ බඳුව ඉතා ජවසම්පන්නව තිබුණා. එනිසා ඈ තම පුත්‍රයාට සිංහබාහු යන නම දැම්මා. දියණියට සිංහසීවලී යන නම දැම්මා.
සිංහබාහු පුත්‍රයා වයස අවුරුදු දහසයක් වෙද්දී තමන් තුළ හටගත් සැකයක් සිය මෑණියන් වන සුප්පාදේවියගෙන් ඇසුවා. ‘මෑණියනි…. අප හා ඔබ වෙනමත් පියා වෙනමත් වශයෙන් වෙනස්ව පෙනෙන්නේ මක් නිසා ද?’

සුප්පාදේවිය සිදු වූ හැම දෙයක් ම සිය පුතාට කිව්වා. එතකොට ඔහු ‘මෑණියනි, ඇයි අපි මිනිසුන් ජීවත්වෙන පළාතට නොයන්නේ?’ කියලා ඇහුවා. ‘පුතණ්ඩ, තොපගේ පියා ගල් ලෙනෙන් පිටතට යද්දී විසාල ගලකින් අප වාසය කරන මේ ගල් ලෙන වසා දමනවා නොවැ’ කියා ඈ පිළිතුරු දුන්නා.
එතකොට සිංහබාහු කුමාරයා මහා ගුහාව වසන ඒ ගල් පියන කර මත තබාගෙන එක් දවසක් තුළ යොදුන් පණහක් දුරට ගොහින් ආපසු ආවා.

දවසක් සිංහයා ගොදුරු සොයාගෙන පිටත් වුනාට පස්සේ සිංහබාහු කුමාරයා තම මෑණියන්ව දකුණු උරහිස මත තියාගත්තා. නැගණියන්ව වම් උරහිස මත තියාගත්තා. ඉතා ඉක්මණින් ඒ ගල් ලෙනෙන් නික්ම පැනලා ගියා.
කොළ අතු ඇඳගත් ඔවුන් එක්තරා පිටිසර ගම්මානෙකට ආවා. ඒ ගම්මානේ සුප්පාදේවියගේ මාමාගේ පුත්‍රයෙකු වූ අනුර නමැති සෙනෙවියා වාසය කළා.

වංග රජ්ජුරුවන්ගේ සෙන්පතියෙකු වූ අනුර නමැත්තා ඒ පිටිසර ගම්මානේ වැඩකටයුතු සංවිධානය කරමින් නුග රුක් සෙවණක වාඩි වෙලා සිටියා.
එතැනට පැමිණි මොවුන් දුටු අනුර සෙන්පතියා ‘නුඹලා කොහි ඉන්න පිරිසක් ද?’ කියා ඇහුවා. ‘අපි වනාන්තරේ ඉන්න අය’ කියලා ඔවුන් පිළිතුරු දුන්නා. එතකොට ඒ සෙන්පතියා ඔවුන්ට ඇඳගන්ට වස්ත්‍ර ලබාදුන්නා.

ඔවුන්ගේ පින් බලයෙන් තමන්ට ලැබුණු වස්ත්‍ර වංග රටේ ඉතා වටිනා පට වස්ත්‍ර බවට පත්වුනා. තල් කොළවලින් ගොටු තනලා ඔවුන්ට ආහාර දුන්නා. ඒවා රන් බඳුන් බවට පත්වුනා.
මේ අද්භූත සිදුවීම් දෙක නිසා අනුර සෙනෙවියා මහත් පුදුමයට පත්වුනා. ‘නුඹලා කවුද?’ කියා ප්‍රශ්න කළා. එතකොට ඈ ‘මම වගු රජ්ජුරුවන්ගේ දියණියව සිටි සුප්පාදේවිය යි’ කියලා පිළිතුරු දුන්නා.

අනුර සෙනෙවියා ඈ තම පියාගේ නැගණියගේ දියණිය බව හඳුනාගත්තා. ඔවුන්ව යානයක නංවාගෙන වංග නුවරට ගෙන ගියා. සුප්පාදේවිය තම බිරිඳ වශයෙන් තබාගත්තා.
එදා සිංහයා ඉක්මනින් ම ගල්ලෙනට ගියා. තුන් දෙනා ම දකින්ට හිටියේ නෑ. දරු දුක නිසා ශෝකයෙන් පෙලුනු ඔහු කිසි ගොදුරක් ආහාරයට ගත්තෙත් නෑ. වතුර බිව්වෙත් නෑ.

සිංහයා තම දරුවන් සොය සොයා පිටිසර ගම්මානවලට ගියා. ඔහු යන්නේ යම් යම් ගමකට ද ඒ ඒ ගම්මානය පාලු කරලා දානවා.
පිටිසර ගම්වැසි මිනිස්සු රාජාංගනයට රැස්වෙලා රජ්ජුරුවන්ට මේ කාරණය දැනුම් දුන්නා. ‘දේවයන් වහන්ස, ඔබවහන්සේගේ රට සිංහයෙක් විනාශ කරනවා. ඒ සිංහයාව විනාශ කරන්ට’ කියලා.

ඒ සිංහයාව මැඩලන්න හැකි ශූර පුරුෂයෙක් සොයා ගන්ට බැරිවුනා. එතකොට ඇතෙකු පිටේ දහසින් බැඳි පියල්ලක් තිබ්බා. ‘සිංහයාව අල්ලා ගන්නා තැනැත්තා මෙය ගනීවා!’ කියලා නුවර පුරා අඬබෙර ගැස්සුවා.
රජ්ජුරුවෝ මුලින් කහවණු දහසක් දෙනවා කිව්වා. දෙවනුව කහවණු ගණන දෙදහසක් කළා. තුන්වෙනුව කහවණු තුන් දහසක් කළා. මෙසේ ප්‍රචාරය වෙද්දී ඒ කහවණු ලබාගන්නට මෑණියන්ගෙන් ඇසුවා. මෑණියන් පළමු වතාවෙත් දෙවන වතාවෙත් යන අවස්ථා දෙකේ දී ම ඔහුව වැළැක්කුවා.

තුන්වන වතාවේ අඬබෙර ගසද්දී සිංහබාහු කුමාරයා මෑණියන්ගෙන් ඇසුවේ නෑ. සිය පියා වන සිංහයාව ඝාතනය කිරීම පිණිස කහවණු තුන්දහසක පියල්ල අරගත්තා.
රාජ සේවකයන් සිංහබාහු කුමාරයාව වංග රජ්ජුරුවන්ට ඉදිරිපත් කළා. රජ්ජුරුවෝ මෙය කිව්වා. ‘ඉදින් යම් රටක දී තොප සිංහයාව ඇල්ලුවොත් ඒ රට ම තොපට දෙනවා’ කියලා.

සිංහබාහු කුමාරයා සිංහයා ඉන්න ගල්ලෙනේ දොරකඩට ගියා. පුත්‍ර ප්‍රේමයෙන් යුතුව තමන් වෙත එන සිංහයාව දුර දී ම දැක්කා. එතකොට සිංහබාහු කුමාරයා සිංහයාට හීයක් විද්දා.
සිංහයා තුළ දරු සෙනෙහසින් උපන් මෙත් සිතේ අනුහසින් තමන්ගේ නළල මත වැදුනු ඒ ඊ තලය නැවත හැරී ගොස් කුමාරයාගේ පාමුල වැටුනා.

කුමාරයා ඒ විදිහට තුන් වරක් ම විද්දා. එහෙයින් සිංහයාගේ මෙත් සිත නැති වෙලා කෝපයට පත්වුනා. සතරවන වතාවේ විදපු ඊතලය සිංහයාගේ නළලට වැදී කය සිදුරු කරගෙන ගිහින් පොළවට වැටුනා.
සිංහබාහු කුමාරයා සිංහයාගේ කේසර සහිත වූ හිස රැගෙන වංග පුරයට ගියා. ඒ වෙද්දී වංග රටේ රජ්ජුරුවෝ මිය ගිහින් දින හතක් ගතවෙලා තිබුණා.

රජ්ජුරුවන්ට වෙන දරුවන් සිටියෙත් නෑ. සිංහබාහු කුමාරයා සිංහයාව නැසීමේ ක්‍රියාව නිසා ප්‍රසිද්ධයටත් පත්ව සිටියා. ඔහු මිය ගිය රජ්ජුරුවන්ගේ මුණුබුරෙකු වන බවත් අසන්ට ලැබුනා. ඒ වගේ ම ඔහුගේ මව රජ්ජුරුවන්ගේ එකම දියණිය වන සුප්පාදේවිය බවත් දැනගන්ට ලැබුනා.
සියලු ඇමතිවරු එක්රැස් වුනා. තනි අදහසක් ඇති කරගත්තා. ‘ඔබ අපගේ රජ්ජුරුවෝ බවට පත් වෙන්ට ඕනෑ’ කියලා සිංහබාහු කුමාරයාට කියා සිටියා.

එතකොට සිංහබාහු කුමාරයා ඒ රාජ්‍යය පිළිඅරගත්තා. තමන්ගේ මෑණියන්ගේ ස්වාමියාව සිටි අනුර සෙනෙවියාට රාජ්‍යය භාර දුන්නා. තමන් සිය නැගණිය වන සිංහසීවලී කුමාරිය රැගෙන තමන් උපන් ප්‍රදේශය බලා පිටත් වුනා.
‘සිංහපුරය’ නමින් එහි අලුතින් නගරයක් නිර්මාණය කළා. සියක් යොදුන් වනය එළි පෙහෙලි කරවා ජලපහසුව ඇති තැන් වල අලුත් ගම්මාන පිහිටෙව්වා.

ලාට රටෙහි තමන් ම ඉදි කළ සිංහපුර නගරයෙහි රජ වූ සිංහබාහු රජ්ජුරුවෝ සිංහසීවලී කුමරිය අගමෙහෙසී තනතුරට පත් කරවාගෙන රාජ්‍යය කළා.
සිංහසීවලී බිසොව සුදුසු කාලයේ දී නිවුන් පුත්‍රයන් දෙදෙනා බැගින් දහසය වතාවක් දරුවන් වැදුවා. ඒ දරුවන්ගෙන් වැඩිමලා වූයේ විජය කුමාරයා ය.
මෙසේ ඇයට ලැබුණු සියලු දරුවන්ගේ ගණන තිස්දෙකයි. ඇයගේ දෙවන පුත්‍රයා සුමිත්ත නමින් හැඳින්වුනා. සිංහබාහු රජ්ජුරුවෝ සුදුසු කාලයේ දී විජය කුමාරයාව යුවරජු වශයෙන් අභිෂේක කළා

Address

Galle
Ambalangoda

Telephone

+94721032582

Website

Alerts

Be the first to know and let us send you an email when සිහින මායා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share