ජීවධාරී / Jeewadhari

ජීවධාරී / Jeewadhari Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජීවධාරී / Jeewadhari, D/233/A, Samapura, Ampara.

A series of products created by acknowledging the beauty of the past, blending with local traditional secret recipes to get rid of harmful chemical alien creatures...
Jeewadhari අහිතකර රාසායනික සංයෝගයන්ගෙන් ඉවත්ව දේශීය පාරම්පරික රහස් වට්ටෝරු ඇසුරින් ඹෟෂධ මුසු කොට අතීත ලලනාවන්ගේ රූ සපුවේ මනරම් බව පසක් කරමින් නිර්මාණය වු නිශ්පාදන පෙලකී
\🌹 ...ජීවධාරී...🌹

14/06/2023

දේශීය පාරම්පරික වෙදකමට මුල් තැන දිය යුත්තේ ඇයි ?

වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ පවතින විෂය නිර්දේශය තුලින් ඉගෙන ගන්නා ඉතිහසයට ඉතා දැඩිව අ‍භියෝග කල හැකි ලෝකයේ අන් කිසිදු රටකට නොදෙවෙනි වු ප්‍රෞඪ ඉතිහාසයකට ශ්‍රී ලංකාව උරුමකම් කියයි.වර්තමානයේ ඉතා කුඩා බිම් කඩකට සීමා වී ඇති දුපතක් වුවත් භූගෝල විද්‍යා, පුරාවිද්‍යා හා මුල් ඉතිහාසගත කරුණු අනුව බලන කල ශ්‍රී ලංකාව ලොවෙහි දකුණු පසට වන්නට පිහිටා තිබූ මහා දිවයිනක් බව හඳුනා ගෙන තිබේ. එය ඉතිහාසයේ සිදු වූ මහ මුහුදු ගිලුම් තුනක් නිසාවෙන් විනාශ වී වර්තමාන තත්ත්වයට පත්ව තිබේ.

ඉන් පළමුවැන්න ක්‍රිස්තු පූර්ව 10830 දී "තරු" නම් හෙළ මහරජාණන්ගේ මරණයෙන් පසු සිදු වූවකි. එහිදී හෙළ බිමෙන් අඩක් පමණ මුහුදුබත් වූ සේ සලකනු ලබයි.

දෙවැන්න නම් රාවණ රජු සමයේ සිදු වූ මුහුද ගොඩගැලීමයි .එහිදී "වෙසෙසියාව" නම් එදා හෙළ බිමේ වු දියුණුම කොටස මුහුදුබත් විය. රාජාවලියේ සඳහන් පරිදි රාවණ කෝට්ටයත් මාලිගා පස් විස්සත් වීදි හාර ලක්ශයත් මුහුදට බිලිවිය .

තෙවැන්න නම් සියලු දෙනා දන්නා "කැලණි තිස්ස රජු" සමයෙහි මෙහිදී සිදු වු මුහුදු ගොඩගැලීමයි .

මේ සියලු දේ සිදු වීමට පෙර සිටම සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම හෙළයා සතුව තිබූ පාරම්පරික දැනුම අති විශිෂ්ඨය. ලෝකප්‍රකට යක්ෂ ගෝත්‍රික රජෙකු වූ රාවණ රජු මෙරට සිටි ප්‍රතාපවත් , අභිමානවත් රජෙකි .අග්‍රගණ්‍ය බුද්ධිමතෙක් වූ හෙතෙම වර්ග පූර්ණිකාව, ශිව තාන්ඩව ස්ත්‍රොත්‍ර , අර්ක ප්‍රකරණය , උඩ්ඩිස තන්ත්‍රය , කුමාර තන්ත්‍රය , ප්‍රකෘති කාම ධේනු ඇතුලු ග්‍රන්ථ ගණනාවක් රචනා කර තිබූ අතර මෙරටට පමණක් උරුම වූ දේශීය පාරම්පරික වෙදකමේ ප්‍රවීණයෙකි .

ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වුණු අපේ මුතුන් මිත්තන් සතු තිබූ විශිෂ්ට දැනුම් පද්ධතිය මෙරට තුල ඉතා උසස් ගෝත්‍ර සමාජයක් බිහිවීමට හේතු වූ නමුත් , එම සමාජය ක්‍රිස්තු පූර්ව හයවෙනි සියවසේදී වූ විජයාවතරණයත් සමග විනාශ වී ගිය අතර ආසියාතික නිෂ්පාදන ක්‍රමය දිවයින තුළ ස්ථාපිත වූ අතර අප සතුව සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම පැවති පාරම්පරික ඤාණය විවිධ වෙනස්වීම් වලට භාජනය වෙමින් ඔවුන්ගේ දැනුම් පද්ධතිය මෙරටට ආනයනය විය .

උදාහරණයක් ලෙස බටහිර ජාතීන් තුවක්කුව සොයා ගැනීමට පෙර අපේ මුතුන් මිත්තන් පි‍ඹින බටයෙන් කුරුල්ලන් දඩයම් කර ගත්තේය. එසේම විෂ පෙව් ඊතල , කිනිසි යොදාගෙන දඩයම් කටයුතු කළේය . ඒ සඳහා විෂ විද්‍යාව මෙන්ම වේගය , ප්‍රවේගය , කාලය වැනි භෞතික විද්‍යා සිද්ධාන්ත ඔවුන් සතුව තිබුණි.

ප්‍රවේශයක් ලෙස මෙසේ හෙඳින්වීමක් කල මුත් අද මාතෘකාව ලෙස තෝරා ගනු ලැබුයේ දේශීය පාරම්පරික වෙදකම හා ඊට උරුම විය යුතු ස්ථානය සම්බන්ධවයි .

දැනට ශ්‍රි ලංකාවේ සිංහල බෙහෙත් ලෙස ප්‍රචලිතව ඇති ආයුර්වේදය ඉන්දියානු සම්භවයක් ඇති වෛද්‍ය ක්‍රමයකි . බොහොමයක් දෙනා මෙය අප රටට ආවේණික වූ දෙයක් ලෙස සිතා සිටින මුත් දේශීය පාරම්පරික වෙදකමේ හා ආයුර්වේදය තුල විශාල වෙනසක් පවතින බව දැන ගත යුතුය .

පංච මහාභූතයන් ( ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකශ ) හා ත්‍රිදෝශය ( වාත, පිත්ත , කඵ ) පදනම් කරගෙන අෂ්ඨාංග ආයුර්වේදය ( ශල්‍ය , ශාලක්‍ය, කෞමාර භෘත්‍ය , වාජීකරණ , අගද තන්ත්‍ර , කාය චිකිත්සා, භූත විද්‍යා , රසායන )නිර්මාණය වී ඇති මුත් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ රාවණ යුගයටත් එහා ගිය හෙළ ඍෂිවරුන් අතින් තව තවත් පෝෂණය වූ සමනගිරිවෙජ්ජ, දේහධම්ම වැනි වෙදකම් තුල පවතින්නේ රෝගියාට ප්‍රතිකාර කිරීමේදී ඒ ඒ පරම්පරාවට ආවේණික වූ ක්‍රමවේදයකි . කැඳ වර්ග පමණක් භාවිතා කර සියලු රෝග වලට ප්‍රතිකාර කරන පාරම්පරික වෙද පරම්පරා පවතී .එසේම යන්ත්‍ර මන්ත්‍ර භාවිතයෙන් පමණක් සියලුම රෝගයන්ට ප්‍රතිකාර කල හැකි පාරම්පරික වෙද පරම්පරා පවතී . දේහධම්ම වෙදකම තුල අංශ 64ක් යටතේ රෝග සඳහා ප්‍රතිකාර කරණු ලබයි .

තවත් විශේෂ කරුණක් මෙහිදී සඳහන් කල යුතුයි. එනම් වෙද + ඇදුරා = වෙදැදුරා වන බවයි . එනම් වෙදකම පමණක් පාරම්පරික වෛද්‍යවරයා සතුව තිබීම ප්‍රමාණවත් නොවනබව මෙහිදී සඳහන් කළයුතුයි. ඇඳුරුකමෙත් ඔහු ප්‍රවීණයෙකු වියයුතුයි . අතීතයේ පාරම්පරික වෙදැදුරු විසින් තුන් දොස් සමනයට දෙහි කැපීම , ඇප නූල් දැමීම වැනි කටයුතුත් සමග රෝගියාට ප්‍රතිකාර කළේ රෝගියාගේ මානසිකත්වය නිරවුල් කරමිනි .

ඒවගේම විෂ වෙදකමේදී දූත ලක්ෂණ පදනම් කරගෙන දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීමටත් රෝගියා ජීවත් කළ හැකිද නොහැකිද යන ආදි කරුණු අවබෝධ කර ගැනීමට එදා සිටි වෙදැදුරන් ට හැකියාව තිබුණි. මිනිසුන් මෙන්ම වන සතුන් සමග ද කටයුතු කිරීමේදී විවිධ වූ මන්ත්‍ර හා කෙම් ක්‍රම භාවිතයෙන් අනතුරකින් තොරව තම කටයුතු කර ගැනීමට එදා හෙළයාට හැකියාව තිබුණි.
පාරම්පරික වෙදැදුරා සතුව ත්‍රිදෝෂයට එහා ගිය කිසිදු වෛද්‍ය ක්‍රමයක නොමැති ගැඹුරු මූලධර්මය දැනුමක් ඇති නිසා ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කිරීමට හැකියාව පවතී. එම නිසා අලුතින් ඇතිවන රෝගයන්ට ද ඖෂධ නිර්මාණය කිරීමේ හැකියාව ඔහුට තිබෙන බව මෙහිදී සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකාව ඔසු උයනකි. ස්වභාවික පරිසරයේ ඇති සියලු දෙයින් වෙදකම් කිරීමට පාරම්පරික වෙදැදුරාට හැකියාව තිබේ. ඒ ඔහු මෙම ශාක වල තියෙන මානසික ගුණාංග හා ඒවායේ ශක්ති ප්‍රභවයන් රෝගියා හා රෝගය සමග සසඳා අවශ්‍ය ඖෂධය රෝගියාගේ මනසට හා රෝගයට අදාළ වන ලෙස නිර්මාණය කිරීමේ කලාවේ ප්‍රවීණයකු වන බැවිනි.රෝගියාගේ මනස සුවපත් වන විට ඔහුගේ රෝගය නිට්ටාවට සුව කිරීම එතරම් අපහසු නොවේ.

දේශීය පාරම්පරික වෙදකම තුළ අන්තර්ගතය ගැඹුරු කරුණු යමෙක් ප්‍රගුණ කළ යුත්තේ ඉතා කුඩා කල සිට ය. පරම්පරාවට හිමි වෙදකම අන් වෛද්‍ය ක්‍රම මෙන් පොත්පත්වල ඇති කරුණු ඉගෙන ගෙන සිදු කළ හැක්කක් නොවේ. ඊට දැක පුරුද්ද, කළ පුරුද්ද මෙන්ම පළපුරුද්ද ද තිබිය යුතුය. තම පරම්පරාවේ ආභාෂය කෙනෙකුට කුඩා කල සිට වෙදකම් කිරීමට ලැබෙන නිසා පරම්පරාවට උරුම වූ වෙදකමේ දැනුම හා රහස් ඉතා ප්‍රවේශමෙන් භාවිතා කරමින් රෝගීන් සුවපත් කිරීමේ හැකියාව පාරම් පරික වෙදැදුරා සතුයි. මෙවැනි ගැඹුරු වටිනා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ වෙදකමක් තිබෙන බැවින් එය රැකගෙන එහි ඵල ප්‍රයෝජනය උපරිම ලෙස ලබාදීමට වගකිවයුත්තන් ඉදිරිපත් විය යුතු අතර ජනතාවද ඒ පිළිබඳ අවදියෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

🙏🙏🙏
15/05/2022

🙏🙏🙏

🎊️🙏❤❤🙏🎊️
14/04/2022

🎊️🙏❤❤🙏🎊️

Address

D/233/A, Samapura
Ampara
32000

Alerts

Be the first to know and let us send you an email when ජීවධාරී / Jeewadhari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ජීවධාරී / Jeewadhari:

Share