පිනිදි බබාගේ ඩිස්පෙන්සරිය Pinidi Family Care Center

  • Home
  • Sri Lanka
  • Ampara
  • පිනිදි බබාගේ ඩිස්පෙන්සරිය Pinidi Family Care Center

පිනිදි බබාගේ ඩිස්පෙන්සරිය Pinidi Family Care Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පිනිදි බබාගේ ඩිස්පෙන්සරිය Pinidi Family Care Center, Medical and health, Infront of Ayurwedic hospital, Nawagampura, Ampara.

03/04/2026

Its cow boy costume ❤️❤️💖

03/04/2026

මේ ආන්ඩුවෙන් ගත්ත මන් ආසම තීරණය ක් මේක.. මන් ආසම නෑ ගුටි කන්න. පොඩි කාලෙ ඉඳන් මන් ගුරුවරු කියන දේ ඇහුවෙ ගුටි කන්න තියෙන බය නිසා. වාසනාවකට මට හම්බුන ගුරුවරු කවුරුවත් මට ගහල නෑ.. ගහල නෑ කිව්වට ගහල තියෙනව..🫣 වැඩිය ගහල නෑ..🤭🤭
කොටින්ම මට එහෙම ගැහුවද කියල මතක නෑ.. ඒ ගුරුවරු අසාධාරණ විදියට ගැහුව නම් මට අනිවා මතක ඉන්නව. මන් ගුට්ටක් කෑව නම් කෑවෙ මගෙ අලුගුත්තේරු වැඩකට මිසක් ඒ ගුරුවරුන්ගෙ අසහනෙ දුරු කරගන්න නෙමේ.. එහෙම අසාධාරණ විදියට ගැහුවොත් මැරෙනකල් අමතක කරන්නෙ නැති නිසා මතක නැත්තෙ ගුට්ට කාල හිනා වෙලා ඒක අමතක කල නිසා කියලයි මට හිතෙන්නෙ.
මගෙ මොන්ටිසෝරි ටීච ගැහුව තියා බැන්නෙවත් නෑ කියල මට හොඳටම මතකයි. එයාගෙ නම මහීපාල ටීච වගේ මතක තිබ්බට මට එයාගෙ කරුණාවන්ත මූණ නම් අදටත් මතකයි. හා හා පුරා කියල අම්ම ආච්චි චූටි මාමා ලොකු පුන්චි ඇසුරෙන් මිදිල ප්‍රාදේශීය සභාවෙ පුස්තකාලය ලග තිබ්බ පුන්චි කාමරේක වාඩි කලාම මට දැනුනෙ හිරේ යැව්ව වගේ.. මන් කලේ බෑගිරි ගහල අඩපු එක. මොන තාලෙකට වත් මාව නලවන්න නම් බැරි උනා. මට අම්මගෙ හරි ආච්චිගෙ හරි පුන්චිගෙ හරි අතක් හරි පේන්න තිබ්බෙ නැත්තන් හූ තියල අඩනව. අඬනවම නෙමේ ඇඩෙනව. මන් ගෙදර ගිහින් මොන්ටිසෝරි නොයා ඉන්න බොරු කියනව මට මතකයි. මන් කිව්ව මගෙ වයසෙම ඉදපු කරුනෙ ලොකු තාත්තගෙ පුතා වෙච්ච Thiwanka Sandun මගෙ බෙල්ල මිරිකුවා කියල පත බොරුවක් කිව්ව හැටි🤭
මන් කොච්චර වද කාර පොඩි ඇම්ඩෙක් උණත් අපෙ මොන්ටිසෝරි ටීච මාව අත ඇරියෙ නෑ... දවසක් අම්මයි තාත්තයි මාව එක්ක ගියා රෝහල් මාවතේ ටීචලගෙ ගෙදර. ටීච මට දුන්න බැඩ්මින්ටන් සෙට් එකක්. ඒ මන් හොඳම ලමය නිසා කිව්ව. මාව පන්තියේ නායකය කරනව කියලත් කිව්ව මතකයි..🫣 මන් එදා ඉඳන් ගැම්මෙන් මොන්ටිසෝරි ගියා.. ඉදපු ළමයි ටික ඉස්කෝලෙ ගියා අළුත් ළමයි ටිකක් ආව මන් ඉබේම පන්තියෙ ලොකු ලමය උනා.. තිවංක අයියත් ඉදියට ටීච එයාට බැඩ්මින්ටන් සෙට් දුන්නෙ නැති නිසා මන් ඉස්පෙශල් ඩයල් එකක් කියල මන් විශ්වාස කලා.. ඒ නිසා දැන් අඬන එක සෙට් නෑ.. මන් අනේ අවුරුද්දක් ටීචගෙ හොඳම ගෝලය වෙලා ඉදල ඉස්කෝලෙට ගියා. පස්සෙ කාලෙක තමා මන් දැන ගත්තෙ මන් හෙණ ලණුවක් කෑවෙ ඒක අපේ අම්මයි ටීචයි එකතු වෙලා ගැහුව මැච් එකක් කියල🤭😄😀
අර බැඩ්මින්ටන් සෙට් එක අම්ම තමා ටීචට අරන්දීල ටීච අතින් එයා දෙන විදියට මට දීල තියෙන්නෙ. ඉතින් බලන්න එදා ඒ ටීච මට ගුටි දීල හික්මවන්න ගියා නම් අංගුලි මාල වෙන්න ඉදපු මාව අහිංසක විදියට කඹුරාවල ඉස්කෝලෙ එක වසරට යැව්ව නිසානෙ මන් එක වසරෙ පන්තිභාර ටීච වෙච්ච කරුණ මිස් ගෙ හොඳ පුතා වෙන්නෙ ඒ නිසානෙ ලංකා මිස්ගෙන් විමල ටීචගෙ හොඳ පුතා වෙන්නෙ. එයාල පහ වසරෙ රූපා ටීචට හොඳ පුතෙක් කිව්ව නිසානෙ මන් ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 152ක් අරන් මතුගම කන්නන්ගරේට යන්නෙ...🤭🤭❤️
කන්නන්ගරේ ගිහින් නම් ගුටි කෑව ඒව කියන්න දැනට ලැජ්ජ නිසා නොකිය ඉන්නම්. ඒත් නිමිත්තක් ආවොත් කියන්න බැරි කමක් නැති නිසා ඒක පසුවට කල් තියන්නම්. අවසාන කරන්න කලින් මට කියන්න ඕනි උණ දේ කියල ඉන්නම්. කවදාවත් දරුවෙක්ගෙ පූර්ව ළමාවිය කියන කොටස සංවර්ධනය කරන්න දඬුවම කියන එක පාවිච්චි කරන්න එපා. මගෙ තාත්ත මට කවදාවත් ගහල නෑ.. අම්ම නම් කෝටු කැඩෙන කල් ගහල තියෙනව. ඒත් එයා ගැහුවට රිදෙන්නෙ නෑ.. ඒ වගෙම ගහන්න කෝට්ටක් අතට ගත්තත් මගෙ හිත රිදිල ලොකු කඳුළු බෝල දෙකක් වැටෙන නිසා අම්මට ගොඩක් වෙලාවල් වල වෙන්නෙ කෝට්ට විසි කරල අනේ ගැහුවෙ නෑනෙ ඇයි දැන් අඩන්නෙ කියල අහන්න..🫣🤭😀

හැම දරුවෙක්ම දඬුවමට බයයි. ඒ නිසා අනේ අම්මේ තාත්තෙ දරුවෙක්ට ගහන්න කලින් සිය පාරක් හිතන්න. මල් වගේ පුන්චි හිත් වල ඒ ඇදෙන රළු මතක ඒ ලමය මැරෙනකල්ම හිත අස්සෙ හොල්මන් කරනව. ඒ නිසා කවදාවත් දරුවෙක්ට ගහන්න එපා. වෙන කෙනෙක්ට ගහන්න දෙන්නත් එපා..❤️❤️❤️❤️❤️❤️❤️❤️

උපුටා ගැනීමක් නම් නෙමේ හොදේ..🤭

Address

Infront Of Ayurwedic Hospital, Nawagampura
Ampara

Telephone

+94771594216

Website

Alerts

Be the first to know and let us send you an email when පිනිදි බබාගේ ඩිස්පෙන්සරිය Pinidi Family Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share