09/04/2026
ඔන්න අද අපි කතා කරන්නේ ඩයලිසිස් (Dialysis) කරන රෝගීන්ගේ ජීවිතය තීරණය කරන, ඒ වගේම රෝහල් වාට්ටුවේදී අපිට නිතරම රෝගීන් එක්ක "යුද්ධ කරන්න" වෙන මාතෘකාව ගැනයි.
ඒ තමයි වකුගඩු රෝගී ආහාර වේල (Renal Diet) සහ ජලය පාලනය.
"මාස්ටර්...අර, 4 වෙනි ඇඳේ ඉන්න සෝමපාල මාමා හොරෙන් වතුර බෝතලයක් බීලා. දැන් එයාට හුස්ම ගන්න අමාරුයි කියනවා!"
වාට්ටුවේදී අපිට නිතරම ඇහෙන කතාවක් තමයි මේ. ඩයලිසිස් කරන රෝගියෙක්ට වතුර කියන්නේ "ජීවය" නෙවෙයි, සමහර වෙලාවට "මරණය" වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි කෑම. ඩයලිසිස් යන්ත්‍රයෙන් ලේ පිරිසිදු කරන්නේ සතියට දෙපාරක් හෝ තුන්පාරක් විතරයි. හැබැයි අපි කෑම කන්නේ දවසට තුන් හතර පාරක්. ඒ නිසා ඩයලිසිස් වාර දෙකක් අතරතුර ශරීරයේ එකතු වෙන "විෂ" පාලනය කරන්න පුළුවන් එකම ක්‍රමය නිවැරදි ආහාර වේලක් පවත්වා ගැනීමයි.
හිතන්න ඔබේ ශරීරය ලොකු ටැංකියක් කියලා. වකුගඩු නීරෝගී කාලේ මේ ටැංකියේ තියෙන අපිරිසිදු වතුර සහ විෂ වර්ග පිට කරන්න ලොකු බට (වකුගඩු) තිබුණා. දැන් ඒ බට හීනි වෙලා හෝ වැහිලා. ඩයලිසිස් යන්ත්‍රය කියන්නේ සතියට දවස් දෙකක් විතරක් ඇවිත් ටැංකිය සුද්ධ කරන සේවකයෙක් වගේ.
ඉතින් අර සේවකයා එනකල් ටැංකිය පිරීලා උතුරන්න නොදී තියාගන්න නම්, අපි ටැංකියට දාන වතුර සහ කුණු (විෂ වර්ග) ප්‍රමාණය සීමා කරන්නම වෙනවා.
👉සෝඩියම් (ලුණු) තමයි ප්‍රධාන හතුරා!
ලුණු වැඩිපුර කෑවොත් ශරීරයට වතුර ඇදලා ගන්නවා. එතකොට රුධිර පීඩනය (BP) වැඩි වෙනවා, ඇඟ ඉදිමෙනවා, හදවතට දරාගන්න බැරි බරක් එනවා.
• අපිට කරන්න පුළුවන් දෙයක් තමයි පිසින ආහාරයට ලුණු ඉතා අඩුවෙන් දමන්න. සෝස් වර්ග, ටින් කළ ආහාර, ලුණු දැමූ කරවල සහ බිස්කට් වර්ග අත්හරින්න.
👉පොටෑසියම් හරියට නිහඬ මාරයා! වගේ 🍌❌
ලේ වල පොටෑසියම් වැඩි වුණොත් එකපාරටම හදවත නතර වෙන්න (Cardiac Arrest) පුළුවන්.
• කෙසෙල්, අලිගැටපේර, තැඹිලි, දොඩම්, තක්කාලි, අර්තාපල් සහ නිවිති වැනි පලා වර්ග අත් හරින්න.
• ගොටුකොළ වෙනුවට මුකුණුවැන්න වැනි පොටෑසියම් අඩු පලා වර්ග තෝරාගන්න. 🌿
👉පොස්පරස් තමයි අනිත් කෙනා ඇටකටු දිය කරන හතුරා! 🥛🦴
පොස්පරස් වැඩි වුණොත් ඇඟ කසන්න පටන් ගන්නවා, කාලයක් යද්දී ඇටකටු දුර්වල වෙලා කැඩෙන්න බලනවා.
•කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, කොකා කෝලා වැනි බීම වර්ග, පරිප්පු සහ ඇට වර්ග (Nuts) සීමා කරන්න.
❤😇👉 ප්‍රෝටීන්, හොඳම මිතුරා! 🥚🍗 කරගන්න,
ඩයලිසිස් නොකරන වකුගඩු රෝගීන්ට ප්‍රෝටීන් අඩු කරන්න කිව්වට, ඩයලිසිස් කරන රෝගීන්ට වැඩිපුර ප්‍රෝටීන් අවශ්‍යයි. මොකද ඩයලිසිස් වලදී ඇඟේ තියෙන ප්‍රෝටීන් ඉවත් වෙන නිසා මාංශපේෂි දිය වෙන්න පුළුවන්.
• ගත යුතු ආහාර: බිත්තර සුදු මදය, මාළු, කුකුළු මස් (තෙල් රහිත).
💧 වතුර පාලනය කරන "Ward Master Trick" එක (The 500ml Rule)
ඩයලිසිස් කරන කෙනෙක් දවසකට බොන්න ඕනේ වතුර ප්‍රමාණය ගණනය කරන්නේ මෙහෙමයි:
පෙර දින පිටවූ මුත්‍රා ප්‍රමාණය + 500ml (හෝ 750ml)
තිබහ පාලනය කරන්න රෝගීන්ට දිය හැකි උපදෙස්:
• එකපාර වතුර බොන්නේ නැතිව අයිස් කැට (Ice Cubes) කටේ තබාගෙන ඉන්න. 🧊
• කුඩා කෝප්ප පාවිච්චි කරන්න.
• ලුණු කෑම අඩු කරන්න (ලුණු කෑවම තිබහ වැඩි වෙනවා).
• ලෙමන් බිංදුවක් දිවට දාගන්න. 🍋
👨⚕️ Ward Master's Priority: හෙද අවධානයට!
🔸Dry Weight (වියළි බර),ඉතාම වැදගත්, අපි ඇමදාම බර මනින්නේ ඒකයි. රෝගියාගේ ඩයලිසිස් වලට පසු බර (Dry weight) නිවැරදිව දැනගන්න. ඩයලිසිස් වාර දෙකක් අතරතුර බර කිලෝග්‍රෑම් 1.5 - 2 කට වඩා වැඩි වෙන්න දෙන්න එපා. ⚖️
🔸Edema (ඉදිමීම) ඉතා භයානකයි, රෝගියාගේ පෙනහළු වල වතුර පිරෙනවාද (Pulmonary Edema) කියා නිතර පරීක්ෂා කරන්න ඕන එහෙම උනාම තමයි හුස්ම ගන්න අපහසු වෙන්නේ. හුස්ම ගැනීමේ අපහසුවක් ආවොත් වහාම ක්‍රියාත්මක වන්න.
🔸Education දෙනකොට බෑරෑරුම් කම කියල දෙන්න. රෝගියාට "වතුර බොන්න එපා" කියනවාට වඩා "වතුර බීවොත් පෙනහළු වලට ගිහින් හුස්ම හිරවෙන්නේ මෙහෙමයි" කියලා පැහැදිලි කරලා දෙන්න.
❤️ අපේ පණිවුඩය:
"වකුගඩු රෝගියෙකුට ආහාර වේල කියන්නේ නිකම්ම කෑමක් නෙවෙයි, ඒක එයාගේ ප්‍රධානම බෙහෙතයි. නිවැරදි ආහාර රටාවකට හුරු වුණොත් ඩයලිසිස් කරගෙන වුණත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්." 🤝✨
මේ වටිනා තොරතුරු ඩයලිසිස් යුනිට් වල වැඩ කරන ඔබේ හෙද මිතුරන් අතර සහ විශේෂයෙන්ම වකුගඩු රෝගීන්ගේ පවුල්වල අය අතර Share කරන්න.
©️ All rights reserved @ Master
ඔබ යම් දැනුවත් වීමක් ලැබුවේනම් Share කර දක්වන සහයෝගයට ස්තූතියි. ❤️
ඔයාට තාම VBG/ECG report එකක් කියවන්න බැරිනම්
Ward Master You Tube Channel එකත් එක්ක එකතු වෙන්න.