SC sports massage

SC sports massage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SC sports massage, Medical and health, Anuradhapura.

18/10/2025

I got 2 reactions on my recent top post! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

21/07/2025

📢📢 වේදනාවාට හොදම සහනය .. සම්බාහන සේවා 💚💚
➡️ ක්‍රීඩා සම්බාහන
➡️ ගැඹුරු පටක සම්බාහන
➡️ ශාරිරික අනතුරු වලින්‍ යථා තත්ත්වයට පත් කිරීම ආදී ඔබගේ වේදනාවන්ට සහනයක් දැන් ,

Sc Sports Massage වෙතින් ඔබට ලබා ගත හැකිය.
📌️💯 NVQ Level 04 වෘත්තිය සුදුසුකම් ලත් 🏆️🎖️️ තෙරපිවරයෙකකු විසින් මෙහෙය වන ලබන මෙම සම්බාහන කාන්තා, පිරිමි, තරුණ මහලු ඕනෑම කෙනෙකුට ගැළපෙන පරිදි සිදුකරනු ලැබේ.🥰

📢📢ඔබට ලැබෙන හොදම විසදුම්,
📌️ මාංශ පේෂි විඩාබර ගතිය අඩු කිරීම
📌️ මාංශ පේශීන් හට වැඩි රුධිර ප්‍රමාණයක් ලැබීම
📌️ සන්ධි චලන පරාසය වැඩි දියුණු වීම
📌️ නම්‍යශීලීත්වය
📌️ දරාගැනීමේ ශක්තිය ඉහළ යාම
📌️ මානසික සැහැල්ලු බව
📌️ ස්නායු රෝග වැළ දීම අවම වීම

☎️📞 0720992869

15/06/2025

ඉදගැනීමේ ඉරියව් (Sitting Posture)

වර්තමානයේ බොහෝ පුද්ගලයන්ට ගෙදර සිට වැඩ කිරීමට (working from home) සිදු වී ඇති බැවින් අද අප සිතුවා ඉදගැනීමේ ඉරියව්ව පිළිබඳ කතා කිරීමට.
දිගු කාලයක් එකම ඉරියව්වකින් ඉදගැනීමෙන් ඔබේ උඩුකය හා යටිකය මාංශපේශීන් පීඩාවට පත්වීම සිදුවේ.

මෙමගින් විශේෂයෙන් බෙල්ල හා පිටකොන්ද ආශ්‍රිත මාංශපේශී වැඩි පීඩාවට පත්වේ. එමගින් පසුකාලීනව බෙල්ලේ හා පිටකොන්දේ සංකුලතා ඇතිවිය හැක. පොදු අවවාදය ලෙස මතකයේ තබා ගත යුත්තේ කෙලින් ඉදගැනීම හා කුදු නොවී ඉදගැනීමයි.
ඊට අමතරව පීඩාවට පත් මාංශපේශින් වලට නිතර විවේකය ලබා දිය යුතුය. මෙය පහත පරිදි සිදුකර ගත හැක.

1) නොයෙකුත් ඉදගැනීමේ ඉරියව් වලට සැරින් සැරේ මාරු වීම මගින් මාංශපේශී වල පීඩාව අඩුකර ගත හැක.

2) වැඩ කිරිම් අතර විනාඩි 5 කට පමණ නැගී සිට ඇවිදීම මගින්ද මාංශපේශී අනවශ්‍ය ඇදීම් හෝ පිඩාවට පත්වීම අවම කරගත හැක.

3) ඉහත විවේක අවස්ථාවේදි බෙල්ල හා පිටකොන්ද ආශ්‍රිත slow mobilization exercises කිහිපයක නිරත විය හැක.

4) වැඩ වල නිරත වී සිටින අවස්ථාවේදි ඔබේ ඉදගැනීමේ ඉරියව්ව පිලිබඳ නිතර සැලකිලිමත් වී ඉරියව්ව නිවරදි කරගත හැක.

5) එමෙන්ම සතියකට දවස් කිහිපයක් ස්වායු ව්‍යායාම වල නිරත වීමෙන්ද මාංශපේශී වල ඇති අනවශ්‍ය පිඩාව අඩු කරගත හැක.

මෙලෙස ඔබේ ඉදගැනීමේ ඉරියව්ව නිසියාකාරව තබා ගැනීමෙන් පසුකාලීනව සිදුවන්නාවූ අතුරු ආබාධ බොහොමයක් වලක්වා ගත හැක.

Sc sports massage
☎️📞 : 0720992869

දෛනිකව ව්‍යායාම් වල නියැලෙන ඔබ මසකට අවම එක් වතාවක් හෝ පේශී ඉහිල් කිරීමේ සම්භාහනයක් කරගැනීම අනිවාර්යෙන්ම වැදගත්.♥️       ...
24/05/2025

දෛනිකව ව්‍යායාම් වල නියැලෙන ඔබ මසකට අවම එක් වතාවක් හෝ පේශී ඉහිල් කිරීමේ සම්භාහනයක් කරගැනීම අනිවාර්යෙන්ම වැදගත්.♥️



අමතන්න : 0720992869

20/05/2025

🌏 ක්‍රීඩා සම්බාහනය පිළිබඳව අද සමාජය තුළ බොහෝ වැරදි ආකල්පයක් මේ වන විට ගොඩනැගී ඇත ක්‍රීඩා සම්බාහකයෙකු යනු
👉Anatomy
👉Exercise physiology
👉sports and exercises medicine
👉sports injury
👉sports diet and nutrition

📕📆 යන විෂයන් පිළිබඳව මාස 13ක කාලයක්

👉Sports_Physiotherapy
👉Physical_Therapist
👉physioyo therapist
👉sports injury management ,
👉sport medicine,

👉හා තවද මෙම ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වල මෙන්ම විදේශ විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය උපාධින් ලබා ගත් එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ හා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මෙම ක්ෂේත්‍රයේ තනතුරු හොබවන වෛද්‍යවරුන් යටතේ ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මකව පුහුණුව ලබන පිරිසකී මෙම පුහුණුව ලබා අවසානයේ මෙම වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක පරීක්ෂණ රැසකට මුහුණ දී ඉන් සමත් විය යුතුය එසේ සමත් වන අයවලුන් ක්‍රීඩා සම්බාහකයෙකු ලෙස ඔබගේ මාංශ පේශීන් සිදුවන විවිධ ආබාධයන් මගහරවා ගැනීමට පුළුවන තවද ක්‍රීඩා සම්බාහකවරු භෞත චිකිත්සක වෛද්‍යවරුන්ගේ සහායකයන් ලෙසද ක්‍රියා කරයි
👉ඔබ ක්‍රිඩා සම්බාහනය ( spa ) සමග සංසන්දනය නොකරන්න ක්‍රිඩා සම්බාහනය කරනූ ලබන්නේ ඔබ එදිනෙදා ජීවිතයේදී හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලෙන අතරතුර ඔබගේ සිරුරේ විවිධ මාංශ පේශි සඳහා ඇතිවන රෝග තත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමයි .

පේර කොළ තම්බලා ඒ වතුරෙන් හිස කෙස් සෝදන්න හිසකෙස් ගැලවීයාම සදහටම නතරවෙයි....🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈පේර කියන්නේ අපි හැමෝම දන්නා රස...
25/04/2025

පේර කොළ තම්බලා ඒ වතුරෙන් හිස කෙස් සෝදන්න හිසකෙස් ගැලවීයාම සදහටම නතරවෙයි....
🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈

පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත් පලතුරක් .බොහෝ නිවෙස්වල පේර ගසක් දකින්නට හැකියාව ලැබුණත් පේර ගෙඩි පලතුරු විදියට ආහාරයට ගන්නවා හැර පේර කොළවලින් නම් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඇති. නමුත් පේර කොළ සතුව ඉතාමත් වටිනා ඖෂධීය ගුණයන් බොහොමයක් අන්තර්ගත වෙනවා. හිසකෙස්වලට සමට වගේම සිරුරේ නීරෝගි පැවැත්මටත් පේර කොළ අපිට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේ පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව.

පේර ගෙඩිවල වගේම කොළවලත් විටමින් A, C, B 2, පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අන්තර්ගත වෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර ජීවී නාශකයක් ලෙසත් ක්‍රියා කරන්නට මේ පේර කොළවලට හැකියාව පවතිනවා.මේ පේර කොළ තම්බා හෝ අඹරා යුෂ ආදිය ගැනීමෙන් බාහිරව ආලේප කරන්නත් ඒ හැරුණාම තේ පානයක් ලෙස තම්බා පානය කිරීමත් නිරෝගී පැවැත්මක් සඳහා අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි දිගුකාලීනව ඇතිවන කැස්ස සඳහා පේර කොළ කැඳ ඉතාම ගුණදායක ඔසුවක් ලෙස එදා සිටම පැවතුණා. ඒ හැරුණාම සතියකට දවසක් හෝ පේර කොළ කැඳක් පිසගෙන පානය කළ හැකිනම් එය ඔබේ නීරෝගි බවට විශාල අත්වැලක් ලැබෙනවා නොඅනුමානයි.

🍈පේර දළු කැඳ

🍈අවශ්‍ය ද්‍රව්‍ය...

පේර කොළ ග්‍රෑම් 250 ක් පමණ
හීනටි සහල් මිටක්
සුදු ළූණු බික් 3 ක්
රතු ළූණු ගෙඩි 2 ක්
ඉඟුරු
මිටි කිරි කෝප්පයක් සහ දියකිරි
කරපිංචා කොළ මිටක්
කුරුඳු පොත්තක්
ගම්මිරිස් ඇට 2-3 ක්
දෙහි යුෂ තේ හැන්දක්
රස අනුව ලුණු

🍈සාදා ගන්නා ආකාරය...

ගලායන ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු කරගත් පේර කොළ කරපිංචා කොළ සමඟ බ්ලෙන්ඩර් කරගෙන යුෂ ලබා ගන්න.ඉඟුරු, සුදු ළූණු, ගම්මිරිස් ඇට යන්තම් තලා එයට ලියාගත් රතු ළූණු එකතු කරන්න. හීනටි සහල් සෝදා වතුර දමා එයට තලාගත් ඉඟුරු සුදු ළූණු ගම්මිරිස් හා කුරුඳු පොත්ත සහ ලියාගත් රතු ළූණු එකතු කර පිස ගන්න.බත ඉදුණු පසු එයට මිටිකිටි දමා පිස කොළ යුෂ දමා විනාඩියක් පමණ උතුරුවා ගන්න. ලිපෙන් ඉවත් කරගෙන අවශ්‍ය පමණට ලුණු සහ දෙහි යුෂ එක් කර උණුසුම්ව පානය කරන්න.

🍈පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ..

👉හිසකෙස් වර්ධනය වේගවත් කරනු ලබයි.
හිසකෙස් වැටීම පාලනය කරන සහ හිසකෙස් වර්ධනය වීම වේගවත් කරන, හිස්සොරි පාලනය කරන අපූරු හැකියාවක් ඇති පේර කොළ පහත සඳහන් ආකාරයට ඔබට භාවිතා කරන්නට පුළුවන් .
පේර කොළ ජලයේ හොඳින් තම්බා ගෙන එය නිවෙන්නට තබා ඒ ජලයෙන් හිස සෝදා හරින්න.
තලපයක් වන සේ අඹරා ගත් පේර කොළ හිස් කබලේ හොඳින් ආලේප කර සම්බාහනය කර මදවේලාවකින් සෝදා හරින්න.
මෙය හිස්සොරි සඳහා වඩාත් සුදුසුයි .

👉සම දීප්තිමත් කරයි.
මුහුණේ ඇතිවන රැළි වැටීම, කළු ලප, සමේ ඇතිවන රතු ලප හා පැල්ලම් ආදී සමේ ගැටළු බොහොමයකටම අඹරා ගත් පේර කොළ මුහුණේ ආලේප කරන්න. එය වඩාත් තරුණ පෙනුමක් සඳහා වැදගත් වේවි.

👉විෂබීජ නාශක ගුණයෙන් සමන්විතයි.

👉කුරුලෑ ඇතිවීම වළක්වයි.
පේර කොළ කුරුලෑ ඇතිවෙන්නට හේතුවන ඇසට නොපෙනෙන ජීවීන්ට ඉතා අහිතකර අතර පේර කොළ සතු ප්‍රති බැක්ටීරියා ගුණ මගින් කුරුලෑ ඇතිවීම අවම කරනු ලබනවා.

👉දත් රෝග සුව කරයි.
දත් කැක්කුම සඳහා ක්ෂණික සහනයක් පේර කොළ කිහිපයක් සැපීමෙන් ලබා ගන්නට පුළුවන්.

👉මුඛ දුර්ගන්ධය සහ විදුරුමස්වලින් ලේ ගැලීම සමනය කරයි.
මේ සඳහා පේර කොළ තම්බන ලද ජලයෙන් මුඛය දිනපතා සේදිය යුතුයි.

👉කෘමී විෂ නසයි.
පේර කොළ අඹරා කෘමීන් දශ්ඨ කළ ස්ථානවල ආලේප කිරීමෙන් ඒ විෂ නැතිවී සුවය ලබාදෙනවා.

👉සීරීම්, කැපුම් තුවාල හා දද කුෂ්ට සුව කරයි.

🍈පේර කොළ පානයෙන් ලබාගත හැකි සෞඛ්‍යමය වාසි

👉කැස්ස සමනය කරයි.

👉මුත්‍රා දැවිල්ල සමනය කරයි.
මේ සඳහා ග්‍රෑම් 10 ක පේර කොළ යුෂ හා ග්‍රෑම් 50 ක මුද්දරප්පලම් එකට මුසුකොට උදෑසන සහ රාත්‍රියට පානය කරන්න.

👉 පිළිකා ඇතිවීම වළක්වයි.
ලයිකොෆීන්, ක්වෙර්සෙටින්, විටමින් C ඇතුළු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල වර්ධනයට එරෙහිව ක්‍රියා කරනු ලබනවා.

👉 පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හා පියයුරු පිළිකා ආදී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පේර කොළ පානය ඉතාම වැදගත්.

👉 අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

👉 දියවැඩියාව රෝගයට ගුණදායකයි.
තන්තු බහුල වීම සහ අඩු ග්ලයිසමික් දර්ශකය හේතුවෙන් පේර කොළ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුකරන අතර රුධිරයේ සීනි මට්ටම හොඳින් නියාමනයට උපකාරී වෙනවා.

👉 සිරුරේ බර අඩු කරගන්නට උපකාරී වෙයි.

👉 අජීර්ණයට සහනය ලබාදෙයි. ඒ සඳහා පැය 8 ට වරක් පෙර කොළ තම්බාගත් ජලය පානය කළ යුතුයි.

👉 තරබාරුව අඩු කරයි. ඒ නිසා සිරුරේ බර අඩු කර ඇඟ කෙට්ටු කරගන්නට පේර කොළ පානය ඉතාම සුදුසුයි.

👉 රාත්‍රී අන්ධතාවය ඇතිවීම වළකා ඇස්වල සෞඛ්‍ය යහපත් කරන්නට උපකාරී කරයි.

අපූරු රසවත් පලතුරක් වන පේර ගෙඩිය පමණක් නොවෙයි පේර කොළවලින් අපිට අපේ සෞඛ්‍ය රැක ගන්නට රුව ලස්සන කරගන්නට ඇති හැකියාව ඉතා ඉහළ බව ඔබ දැන් දැනුවත්.

ඉතින් ඕනෑම ප්‍රදේශයක වැවෙන සුලබ පලතුරු ගසේ කොළත් අපේ ප්‍රයෝජනයට ඉතාම පහසුවෙන් භාවිතයට ගන්නට හැකියාව තිබියදීත් එය නොසලකා හැරීම සැබෑවටම අවාසනාවක්.

- උපුටාගැනීමකි -

📢📢 වේදනාවාට හොදම සහනය .. සම්බාහන සේවා 💚💚➡️  ක්‍රීඩා සම්බාහන➡️ ගැඹුරු පටක සම්බාහන➡️ ප්‍රතිසාධනය➡️ ශාරිරික අනතුරු වලින්‍ ය...
14/04/2025

📢📢 වේදනාවාට හොදම සහනය .. සම්බාහන සේවා 💚💚
➡️ ක්‍රීඩා සම්බාහන
➡️ ගැඹුරු පටක සම්බාහන
➡️ ප්‍රතිසාධනය
➡️ ශාරිරික අනතුරු වලින්‍ යථා තත්ත්වයට පත් කිරීම ආදී ඔබගේ වේදනාවන්ට සහනය

📌️💯 NVQ Level 04 වෘත්තිය සුදුසුකම් ලත් 🏆️🎖️️ තෙරපිවරයෙකකු විසින් මෙහෙය වන ලබන මෙම සම්බාහන කාන්තා, පිරිමි, තරුණ මහලු ඕනෑම කෙනෙකුට ගැළපෙන පරිදි සිදුකරනු ලැබේ.🥰

📢📢ඔබට ලැබෙන හොදම විසදුම්,

📌️ මාංශ පේෂි විඩාබර ගතිය අඩු කිරීම
📌️ මාංශ පේශීන් හට වැඩි රුධිර ප්‍රමාණයක් ලැබීම
📌️ සන්ධි චලන පරාසය වැඩි දියුණු වීම
📌️ නම්‍යශීලීත්වය
📌️ දරාගැනීමේ ශක්තිය ඉහළ යාම
📌️ දරාගැනීමේ ශක්තිය ඉහළ යාම
📌️ මානසික සැහැල්ලු බව
📌️ ස්නායු රෝග වැළ දීම අවම වීම

ඔබ සාමාන්‍ය ලෙස එදිනෙදා ශරීරය වෙහෙසන කෙනෙක් වුවද ක්‍රීඩාවක නියෙලන අයෙකු වුවද ඔබගේ ශාරිරික  ක්‍රීයාකාරිත්වය නිරෝගි ලෙස පව...
28/03/2025

ඔබ සාමාන්‍ය ලෙස එදිනෙදා ශරීරය වෙහෙසන කෙනෙක් වුවද ක්‍රීඩාවක නියෙලන අයෙකු වුවද ඔබගේ ශාරිරික ක්‍රීයාකාරිත්වය නිරෝගි ලෙස පවත්වාගෙන යාම සදහා මාංශපේශි ලිහිල්ව තබා ගැනිමෙන් ශරිරයේ හට ගන්නා බෝහෝ රෝගි තත්ත්වයන්ට සුවය ලබා ගැනිමට පුලුවන් . ලේ ගමනාගමන වැඩි කිරිම මගින් සුවයක් ලබා ගැනිමට හැකිව්ම වගෙම උරහිස බෙල්ල පිටකොන්ද ආශ්‍රිත වේදනාව සමනය කර ගැනිම ද
ක්‍රීඩා සම්භාහනය. ක්‍රීඩා දක්ශතා වර්ධනයට, ප්‍රතිසාධනයට, ක්‍රීඩා අනතුරු වලින් යථා තත්වයට පත් වීමට මෙන්ම ක්‍රීඩා නොකරන අයෙකු වුවද ශාරිරික සහ මානසික ලිහිල් භාවයට සම්භාහනය වැදගත්වේ

☎️ : 0720992869

24/03/2025

Address

Anuradhapura
1995

Website

Alerts

Be the first to know and let us send you an email when SC sports massage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share