06/08/2026
🧩💚 ඔටිසම් (AUTISM) කියන්නේ මොකක්ද?
ඔබේ දරුවාගේ කථනය, හැසිරීම හෝ සමාජ සම්බන්ධතා පිළිබඳව ඔබට යම් වෙනසක් දැනෙනවාද?
අපි සරලව දැනගනිමු… 👇
🧩 ඔටිසම් (Autism Spectrum Disorder – ASD) යනු දරුවෙකුගේ සමාජ සන්නිවේදනය, අන්තර්ක්රියා සහ හැසිරීම් රටාවන්ට බලපාන ස්නායු වර්ධන තත්ත්වයකි.
සෑම ඔටිසම් දරුවෙකුම එකම ආකාරයෙන් නොපෙන්වන අතර, ලක්ෂණ සහ ඒවායේ තීව්රතාවය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකිය.
🔰 ඔටිසම්වලදී දැකිය හැකි ප්රධාන ලක්ෂණ
🗣️ කථන හා භාෂා හැකියාවන්හි වෙනස්කම්
• වයසට ගැළපෙන ලෙස වචන භාවිතා නොකිරීම
• කථනය ප්රමාද වීම
• කලින් පැවසූ වචන නැවත භාවිතා නොකිරීම
• අසා ඇති වචන හෝ වාක්ය නැවත නැවත පැවසීම (Echolalia)
• තම අවශ්යතා වචනවලින් ප්රකාශ කිරීමට අපහසු වීම
👀 සමාජ සන්නිවේදනයේ වෙනස්කම්
• ඇසට ඇස බැලීම අඩු වීම
• නම කියූ විට ප්රතිචාර දැක්වීම අඩු වීම
• අන් අය සමඟ සෙල්ලම් කිරීමට හෝ සම්බන්ධ වීමට අඩු උනන්දුවක් දැක්වීම
• තම සතුට හෝ උනන්දුව අන් අය සමඟ බෙදාගැනීම අඩු වීම
• අන් අයගේ හැඟීම් හඳුනාගැනීමට අපහසු වීම
🔄 පුනරාවර්තන හැසිරීම් සහ සීමිත රුචිකත්වයන්
• එකම ක්රියාව නැවත නැවත කිරීම
• දෑත් සෙලවීම, කැරකීම වැනි පුනරාවර්තන චලනයන්
• එකම සෙල්ලම් රටාවකට පමණක් කැමති වීම
• දිනචරියාවේ වෙනසක් සිදු වූ විට දැඩි අපහසුතාවයක් දැක්වීම
• විශේෂිත දේවල් කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම
🎧 සංවේදන (Sensory) වෙනස්කම්ද සමහර දරුවන් තුළ දැකිය හැකිය.
🔸 ශබ්දවලට අධික සංවේදීතාව
🔸 ආලෝකය හෝ ස්පර්ශය පිළිබඳ අසාමාන්ය ප්රතිචාර
🔸 ඇතැම් ආහාරවල රසය හෝ වයනය ප්රතික්ෂේප කිරීම
🔸 ඇතැම් දේවල් නිතර ස්පර්ශ කිරීමට හෝ නිරීක්ෂණය කිරීමට කැමැත්ත
👨👩👧👦 ඔබේ දරුවා තුළ මෙවැනි ලක්ෂණ කිහිපයක් ඔබ දකිනවාද?
“තව ටිකක් කල් ගියාම කතා කරයි…”“අනිත් ළමයිනුත් මෙහෙම තමයි…”“පිරිමි ළමයි කතා කරන්න පරක්කු වෙනවා…”
කියමින් දරුවාගේ වර්ධන ලක්ෂණ නොසලකා හරින්න එපා. ⚠️
ඉක්මනින් හඳුනාගෙන අවශ්ය සහාය ලබාදීම දරුවාගේ සන්නිවේදනය, භාෂාව, සමාජ කුසලතා සහ දෛනික ජීවන කුසලතා වර්ධනයට වැදගත් වේ. 💚
🗣️ Speech & Language Therapy මගින් දරුවාගේ,
✅ කථන හා භාෂා හැකියාවන්
✅ අවබෝධය (Receptive Language)
✅ අදහස් ප්රකාශ කිරීම (Expressive Language)
✅ සමාජ සන්නිවේදන හැකියාවන්
✅ සෙල්ලම් හා අන්තර්ක්රියා කුසලතා
✅ අවශ්ය විට Alternative/Augmentative Communication (AAC)
වැනි කුසලතා වර්ධනය සඳහා සහාය ලබාදිය හැකිය.
💚 Penguin Health Careඔබේ දරුවාගේ වර්ධනයේ සෑම පියවරකදීම ඔබ සමඟ.
🗣️ කථන හා භාෂා චිකිත්සක ප්රතිකාර
🏥 වෛද්ය සේවා
💪 භෞත චිකිත්සක ප්රතිකාර
📞 වැඩිදුර තොරතුරු සහ වෙන්කරවා ගැනීම් සඳහා: 071 175 6418