Ovin Pharmacy & Grocery.

  • Home
  • Ovin Pharmacy & Grocery.

Ovin Pharmacy & Grocery. Ovin Pharmacy, We are dedicated to enhancing your health providing expert pharmaceutical care.

26/04/2026
07/04/2026

නොදැනුවත්වම ඔබේ වකුගඩු අඩපණ කරන අපේ එදිනෙදා පුරුදු 5ක්. ⚠️️

"මිස්, මම නම් අරක්කු, සිගරට් මුකුත් පාවිච්චි කරන්නේ නෑ. කොහොමද මගේ වකුගඩු නරක් වුණේ?"

රෝහලේදී වකුගඩු රෝගීන්ගෙන් අපිට නිතරම අහන්න ලැබෙන කතාවක් තමයි මේක. ගොඩක් අය හිතාගෙන ඉන්නේ වකුගඩු නරක් වෙන්නේ මත්පැන් බිව්වොත් විතරයි කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙවෙයි.

වකුගඩු කියන්නේ අපේ ඇඟේ තියෙන වැදගත්ම සහ ප්‍රධානතම අවයවයක්. ඒවා 70% ක් විතර අඩපණ වෙනකම්ම අපිට එලියට පෙනෙන කිසිම රෝග ලක්ෂණයක් (කැක්කුමක්, වේදනාවක්) පෙන්නන්නේ නෑ. අන්න ඒ නිසාම, අපි එදිනෙදා කරන ඉතාම පුංචි පුරුදු කිහිපයක් නිසා කාලයක් යද්දී අපිටත් හොරාවටම අපේ වකුගඩු අඩපණ වෙන්න පුළුවන්.

මේ පුරුදු 5 ඔබත් කරනවාද කියලා අදම බලන්න.

1. පොඩි කැක්කුමටත් ෆාමසියෙන් වේදනා නාශක/ painkillers ගැනීම

ඔලුව රිදෙනකොට, ඇඟපත රිදෙනකොට ගොඩක් අය කරන්නේ ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ නැතුව ෆාමසියෙන් සැර වේදනා නාශක (NSAIDs කාණ්ඩයේ බෙහෙත්) ගෙනත් බොන එක.

💁‍♀️ මේ දරුණු වේදනා නාශක දිගුකාලීනව හෝ අනවශ්‍ය විදිහට පාවිච්චි කළාම, වකුගඩු වලට යන රුධිර ගමනාගමනය අඩු වෙනවා. ඒකෙන් වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලියට ලොකු හානියක් වෙනවා.

🔴 වෛද්‍යවරයෙකුගේ උපදෙසක් නැතිව හිතුමතේට වේදනා නාශක පෙති වර්ග දිනපතා පාවිච්චි කරන්න එපා.

2. මුත්‍රා බර හැදුණම වෙලාවට නොගිහින් අල්ලගෙන සිටීම

විශේෂයෙන්ම කාර්යාල වල වැඩ කරන අය, ගුරුවරුන් සහ රියදුරන් මේ දේ නිතරම කරනවා. වැඩේ ඉවර වෙනකම් කියලා පැය ගණන් මුත්‍රා අල්ලගෙන ඉන්නවා.

💁‍♀️ මෙහෙම දිගටම කළාම මුත්‍රාශයේ පීඩනය වැඩි වෙනවා. ඒ වගේම බැක්ටීරියා වර්ධනය වෙලා මුත්‍රා ආසාදන ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. මේ ආසාදන කාලයක් යද්දී වකුගඩු දක්වාම ගමන් කරලා වකුගඩු වලට හානි කරන්න පුළුවන්.

3. කෑමට අනවශ්‍ය තරම් ලුණු එකතු කිරීම

බත් එක කනකොට ලුණු මදි කියලා වැඩියෙන් ලුණු දාගන්න අය, ඒ වගේම ක්ෂණික ආහාර (Bites, Chips, Instant Noodles) නිතරම කන අය මේකට අයිතියි.

💁‍♀️ ඇඟට ලුණු වැඩිපුර ගියාම රුධිර පීඩනය වැඩි වෙනවා. අධික රුධිර පීඩනය කියන්නේ වකුගඩු වල තියෙන සියුම් රුධිර නාල විනාශ කරන ප්‍රධානම හේතුවක්.

4. දවසට අවශ්‍ය ප්‍රමාණයට වතුර නොබීම

ගොඩක් අයට වතුර බොන්න මතක් වෙන්නේ හොඳටම තිබහ ආවම විතරයි.

💁‍♀️ වකුගඩු වල ප්‍රධානම රාජකාරිය තමයි ඇඟේ තියෙන විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කරන එක. මේ වැඩේ කරන්න වකුගඩු වලට හොඳට ජලය ඕනේ. ඇඟට වතුර මදි වුණාම වකුගඩු වල ගල් හැදෙන්න තියෙන අවදානමත් ගොඩක් වැඩියි. දවසට වතුර ලීටර් 2-3 ක් වත් බොන්න පුරුදු වෙන්න. හැබැයි දැනටමත් ඔයාගේ වකුගඩු අක්‍රීය වෙලානම් තියෙන්නේ ඔයාට වෛද්‍යවරයා නියම කරලා තියෙන වතුර ප්‍රමාණය හැර තවත් බොන්න එපා. ඒක ඔයාගේ ජීවිතයට හානියක් වෙන්න පුලුවන්.

5. සීනි අධික බීම වර්ග සහ කෑම නිතරම ගැනීම

වතුර බොනවා වෙනුවට පැණි බීම, Energy drinks වගේ දේවල් බොන්න ගොඩක් තරුණ අය පුරුදු වෙලා ඉන්නවා.

💁‍♀️ අධික ලෙස සීනි ඇඟට ගියාම දියවැඩියාව හැදෙන්න තියෙන අවදානම වැඩියි. ලෝකයේ වකුගඩු අඩපණ වෙන්න ප්‍රධානම හේතුව විදිහට අංක එකට තියෙන්නේ මේ දියවැඩියා තත්ත්වයයි.

අපිට තියෙන්නේ වකුගඩු දෙකයි. ඒ දෙක නරක් වුණොත් ආයේ අලුත් වැඩියා කරන්න බෑ. වකුගඩු නරක් වෙලා මැෂින් වලට සම්බන්ධ වෙලා විඳවන දුක දැක්කොත් ඔබ අදම මේ වැරදි පුරුදු නවත්වනවා අනිවාර්යයි.

ඔබේ වකුගඩු වල තත්ත්වය දැනගන්න ලොකු ස්කෑන් කරන්න ඕනේ නෑ. වසරකට වරක්වත් සරල රුධිර පරීක්ෂණයක් (Serum Creatinine) සහ මුත්‍රා පරීක්ෂණයක් (UFR) කරලා බැලුවොත්, ලෙඩක් එන්න කලින්ම හඳුනාගන්න පුළුවන්. ඔයාට රසායනාගාරයකට ගිහිං මේ පරීක්ශන කරගන්න පුලුවන්.

අදම මේ පුරුදු වෙනස් කරගන්න. ලෙඩක් වෙන්න කලින්, අපේ ඇඟ අපිම බේරගනිමු!

මෙම තොරතුරු දැනුවත් කිරීම පිණිස පමණි. රෝගී තත්ත්වයන් සඳහා නිරතුරුවම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

සටහන
දර්ශී උපේක්ෂා
(හෙදියකගේ දිනපොත)
අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්.
(Share button එක භාවිතා කරන්න).
[ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.

13/02/2026

මීට අවුරුදු සියයකට විතර කලින් ලෝකය අදට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ මිනිස්සුන්ට හොඳම යාළුවා වගේම නරකම හතුරා වුණේ තමන්ගේම ගෙවත්ත. වත්තේ වැඩ කරද්දී සිද්ධ වෙන පුංචි සීරීමක්, උදැල්ලකට කැපුණු ඇඟිල්ලක් කියන්නේ මරණ වරෙන්තුවක් වෙන්න ඉඩ තිබුණු දෙයක්.
බැක්ටීරියාවක් ශරීරයට ඇතුල් වුණොත් ඒක නතර කරන්න එවකට තිබුණු විද්‍යාවට පුළුවන් වුණේ නැහැ. ඉස්පිරිතාල පිරිලා තිබුණේ සුව කළ නොහැකි ආසාදනවලින් කෙඳිරිගාන මිනිස්සුන්ගෙන්.

1928 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දවසක, ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තමන්ගේ විද්‍යාගාරය අස් නොකරම නිවාඩුවකට ගියා. ඔහු බැක්ටීරියා වගා කරපු වීදුරු තැටි (Petri dishes) කිහිපයක් එළියේම ඉතිරි වෙලා තිබුණා.
ඔහු ආපහු ආපු වෙලාවේ දැක්කේ හිතාගන්න බැරි දෙයක්! එක තැටියක නිල්-කොළ පාට පුස් වර්ගයක් හැදිලා, ඒ වටේට තිබුණු දරුණු බැක්ටීරියා ඔක්කොම "දියවෙලා" වගේ විනාශ වෙලා ගිහින්. ෆ්ලෙමින් ඒ පුස් වර්ගය පරීක්ෂා කරලා බැලුවා. ඒ තමයි Penicillium. එයා තේරුම් ගත්තා මේ පුස් වර්ගය විසින් බැක්ටීරියා මරා දමන රසායනයක් නිකුත් කරනවා කියලා. ඔහු ඒකට "පෙනිසිලින්" කියලා නම තිබ්බා.

දෙවන ලෝක යුද්ධය එනකොට මේ සොයාගැනීම රත්තරන් වලටත් වඩා වටිනා වුණා. යුධ පිටියේ තුවාල ලැබූ දහස් ගණන් සොල්දාදුවන්ගේ ජීවිත බේරුණේ මේ වටිනා ඖෂධය නිසා.

❤️ මරණ අනුපාතය පහළට වැටුනා. එතෙක් දරුණු මාරක ලෙඩක් වුණු නියුමෝනියාව සරල උණක් වගේ සුව කරන්න පුළුවන් වුණා.
❤️ සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය වසර 20 කින් විතර වැඩි වුණා.
❤️ හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීම් වගේ දේවල් කරන්න පුළුවන් වුණේ ඇන්ටිබයොටික් නිසා "ආසාදන" පාලනය කරන්න පුළුවන් වුණු නිසයි.

මිනිස්සු හිතුවා අපි බැක්ටීරියාවලට එරෙහි යුද්ධය සදහටම දිනුවා කියලා. ඒත්... බැක්ටීරියා සටන අත්හැරියේ නැහැ.

අපි ඇන්ටිබයොටික් පාවිච්චි කරන්න ගත්තේ හරියට වතුර බොනවා වගේ. පොඩි හෙම්බිරිස්සාවටත් (වෛරස් රෝගවලට ඇන්ටිබයොටික් වැඩ කරන්නේ නැති බව දැන දැනත්) අපි මේවා ගිලින්න ගත්තා. සමහර අය බාගෙට බෙහෙත් බීලා නතර කළා. සමහර අය හිතුන හිතුන වෙලාවට බෙහෙත් බොන්න පටං ගත්තා.

මේකෙන් වුණේ බැක්ටීරියාවලට අපේ "ආයුධය" ගැන ඉගෙන ගන්න අවස්ථාව ලැබීමයි.
අපි ඇන්ටිබයොටික් බොනකොට දුර්වල බැක්ටීරියා මැරිලා යනවා.ඒත් බෙහෙතට ඔරොත්තු දෙන විකෘති (Mutated) බැක්ටීරියා කිහිපයක් ඉතිරි වෙනවා.උන් තමයි පස්සේ "සුපිරි බැක්ටීරියා" (Superbugs) වෙලා මුළු ලෝකයටම තර්ජනයක් වෙන්නේ.

අද වෙද්දී සමහර බැක්ටීරියා තියෙනවා ලෝකයේ තියෙන ප්‍රබලම ඇන්ටිබයොටික් වලටවත් මරන්න බැරි. විද්‍යාඥයන් අනතුරු අඟවනවා අපි මේ විදියටම නොසැලකිලිමත් වුණොත්, 2050 වෙද්දී ආයෙත් අර පරණ කාලේ වගේම පුංචි තුවාලයකින් මිනිස්සු මැරෙන යුගයක් එන්න පුළුවන් කියලා.

අපිට කරන්න පුළුවන් මොනවාද?
මේ කතාවේ වීරයා වෙන්න ඔයාටත් පුළුවන්.
👉 වෛද්‍යවරයෙක් නිර්දේශ නොකර කිසිම විටක ඇන්ටිබයොටික් ගන්න එපා.
👉 බෙහෙත් වට්ටෝරුව (Course එක) නියමිත දින ගණනටම අනිවාර්යයෙන් බොන්න.
👉 අනවශ්‍ය ලෙස ඇන්ටිබයොටික් ඉල්ලා වෛද්‍යවරුන්ට,ෆාමසියේ මහත්වරුන්ට බලපෑම් කරන්න එපා.

ෆ්ලෙමින් සොයාගත් ඒ වටිනා ඖෂධය අපේ අනාගත පරපුරටත් ඉතිරි කර දෙනවාද, නැද්ද කියන එක තීරණය වෙන්නේ අද ඔබ ගන්නා තීරණය මතයි.

ස්තූතියි.
හෙදියකගේ දිනපොත

⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්.
(Share button එක භාවිතා කරන්න).
©️ [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.

Happy Thai Pongal...
15/01/2026

Happy Thai Pongal...

⭐⭐ Happy New Year...!!⭐⭐Wishing you and your family good health, happiness and well being in the year ahead🎉🎉
31/12/2025

⭐⭐ Happy New Year...!!⭐⭐
Wishing you and your family good health, happiness and well being in the year ahead🎉🎉

Merry Christmas 2025....!
24/12/2025

Merry Christmas 2025....!

Address

No 30B, Elle Arawa

70100

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ovin Pharmacy & Grocery. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share