HealU Medicare Centre

HealU Medicare Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HealU Medicare Centre, Medical and health, No. 84 F3, Welmilla Junction, Kindelpitiya, Bandaragama.

HealU Medi Care is a modern healthcare center based in Sri Lanka, committed to delivering high-quality, compassionate, and affordable medical services to individuals and families.

🌿 Stress Management (මානසික ආතතිය පාලනය කිරීම)🌿 මානසික ආතතිය – ජීවිතයේ කොටසක්. නමුත් එය පාලනය කිරීම ඔබේ සෞඛ්‍යයට අත්‍යවශ...
29/06/2026

🌿 Stress Management (මානසික ආතතිය පාලනය කිරීම)
🌿 මානසික ආතතිය – ජීවිතයේ කොටසක්. නමුත් එය පාලනය කිරීම ඔබේ සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි.
අද කාලයේ රැකියාව, අධ්‍යාපනය, පවුල් ගැටලු, මුදල් ප්‍රශ්න සහ දෛනික වගකීම් නිසා බොහෝ දෙනෙක් මානසික ආතතියට (Stress) මුහුණ දෙනවා.
මානසික ආතතිය කියන්නේ රෝගයක් නොවුණත්, දිගුකාලීනව පැවතුණොත් ශරීරයටත්, මනසටත් බරපතළ බලපෑම් ඇති කළ හැකියි.
⚠️ මානසික ආතතියේ ලක්ෂණ
😔 නිතර කනස්සල්ලෙන් සිටීම
😴 නින්ද නොයාම හෝ වැඩිපුර නිදා ගැනීම
😩 නිතර මහන්සි දැනීම
😠 ඉක්මනින් කේන්ති යාම
🤕 හිසරදය, බෙල්ල සහ උරහිස් වේදනාව
💔 හදවත වේගයෙන් ගැහීම
🍽️ ආහාර රුචිය වැඩිවීම හෝ අඩුවීම
🧠 අවධානය යොමු කිරීමට අපහසු වීම
⚠️ දිගුකාලීනව ආතතිය තිබුණොත්...
❤️ අධි රුධිර පීඩනය
🩸 දියවැඩියාව පාලනය අපහසු වීම
💔 හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි වීම
😔 Anxiety සහ Depression වැනි මානසික රෝග
🤢 ආමාශයේ ආම්ලිකතාවය හා Gastritis වැඩි වීම
🛡️ ප්‍රතිශක්තිය අඩුවීම
🌿 ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
✅ දිනකට මිනිත්තු 20–30ක් ව්‍යායාම කරන්න.
✅ දිනකට මිනිත්තු 5–10ක් ගැඹුරු හුස්ම ගැනීම (Deep Breathing) හෝ භාවනාව කරන්න.
✅ දිනකට පැය 7–8ක් හොඳ නින්දක් ලබාගන්න.
✅ සමබර හා පෝෂණීය ආහාර ගන්න.
✅ කෝපි, කැෆේන් සහ මත්පැන් අධික ලෙස භාවිතා කිරීමෙන් වළකින්න.
✅ ඔබ විශ්වාස කරන කෙනෙකු සමඟ ඔබේ ගැටලු ගැන කතා කරන්න.
✅ ඔබ කැමති විනෝදාංශයක් සඳහා කාලය වෙන් කරන්න.
👨‍⚕️ වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කවදාද?
🔹 ආතතිය සති දෙකකට වඩා පවතී නම්.
🔹 රැකියාව, අධ්‍යාපනය හෝ පවුල් ජීවිතයට බාධා ඇති නම්.
🔹 නිතරම බිය, කනස්සල්ල හෝ බලාපොරොත්තු නැති හැඟීමක් දැනේ නම්.
🔹 ඔබට ඔබටම හානි කර ගැනීමේ සිතුවිලි ඇතිවන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
💚 HealU Medi Care පණිවිඩය
මානසික ආතතිය සඟවාගෙන සිටිය යුතු දෙයක් නොවේ.
නිසි උපදෙස්, ජීවන රටාවේ වෙනස්කම් සහ අවශ්‍ය අවස්ථාවලදී මනෝ උපදේශනය (Counselling) මඟින් එය සාර්ථකව පාලනය කළ හැකිය.
ඔබේ මානසික සෞඛ්‍යයත්, ශාරීරික සෞඛ්‍යයත් එකසේ වැදගත්. 🌿
📍 HealU Medi Care – Caring for your mind and body
📞 0777 194 825

🩺✨ HealU Medi Care – Opening Hours ✨🩺🕒 Monday to Saturday5:30 PM – 8:30 PM❌ Sunday – CLOSED🇱🇰 විවෘත වේලාවන්🕒 සඳුදා සිට ස...
16/05/2026

🩺✨ HealU Medi Care – Opening Hours ✨🩺
🕒 Monday to Saturday
5:30 PM – 8:30 PM
❌ Sunday – CLOSED
🇱🇰 විවෘත වේලාවන්
🕒 සඳුදා සිට සෙනසුරාදා
සවස 5:30 – 8:30 දක්වා
❌ ඉරිදා – වසා ඇත
📍 Welmilla Junction, Kindelpitiya
📞 077 719 4825
💚 Your Health. Our Priority.
💚 ඔබේ සෞඛ්‍යය – අපගේ ප්‍රමුඛත්වයයි

🌸✨ Happy Sinhala & Tamil New Year! ✨🌸From HealU Medi Care, we wish you and your beloved familya New Year filled with hap...
13/04/2026

🌸✨ Happy Sinhala & Tamil New Year! ✨🌸
From HealU Medi Care, we wish you and your beloved family
a New Year filled with happiness, good health, prosperity, and peace. 💛
🌿 May this new beginning bring
healing, strength, and success into your life.
🙏 Thank you for the trust you have placed in our care.
🩺 We remain committed to supporting your health and well-being in the years ahead.
🔄 Live happily… Stay healthy…
— HealU Medi Care

🩸 Diabetic Wound – “පුංචි තුවාලයක්… ලොකු අවදානමක්”“අද කකුලට පොඩි කැපුමක් වුණා… දවස් කීපයක් ගියාට හොද  වෙන්නෙ නෑ…”මේ වගේ ...
11/04/2026

🩸 Diabetic Wound – “පුංචි තුවාලයක්… ලොකු අවදානමක්”

“අද කකුලට පොඩි කැපුමක් වුණා… දවස් කීපයක් ගියාට හොද වෙන්නෙ නෑ…”

මේ වගේ අත්දැකීමක් ඔබට හෝ ඔබගේ හිතවත් කෙනෙකුට තිබුණාද?

දියවැඩියාව (Diabetes) තියෙන අයවලට
👉 මේ වගේ සාමාන්‍ය තුවාලයක් වුවත්
ඉක්මනින් සුව නොවී, බරපතල තත්ත්වයක් වෙන්න පුළුවන්.

⚠️ ඇයි දියවැඩියාවෙන් තුවාල හොඳ වෙන්නේ මන්දගාමී?

🧬 රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන්
✔ රුධිර සංසරණය අඩුවෙනවා
✔ පේශි හා චර්මයට ඔක්සිජන් අඩුවෙනවා
✔ සුව වීම ප්‍රමාද වෙනවා

🦶 nerve damage (Neuropathy) නිසා
👉 තුවාලයක් වුණත් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්
🦠 ආසාදන (infection) පහසුවෙන් පවතිනවා

⚠️ Diabetic Wound ලක්ෂණ

✔ දිගු කාලයක් සුව නොවන තුවාල
✔ රතු වීම, උණුසුම, ඉදිමීම
✔ පූ වීම / දුර්ගන්ධය
✔ වේදනාව (හෝ කිසිම වේදනාවක් නැතිවීම)
✔ කකුල් වල වර්ණ වෙනස් වීම

⚠️ මේ ලක්ෂණ තිබුණාම
👉 ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🦶 වැදගත්ම – පාද රැකබලා ගැනීම

👣 දිනපතා පාද පරීක්ෂා කරන්න
👣 කැපුම්, තුවාල, කීරීම් තියෙනවද බලන්න
👣 පාද හොඳින් පිරිසිදු කර වියළා තබන්න
👣 අඩු තද, සුදුසු සපත්තු පළඳින්න
🚫 බෙයාරි පාවහන් (barefoot) යාමෙන් වලකින්න

🧼 තුවාල පාලනය – මූලික පියවර

🧴 පිරිසිදු ජලයෙන් සෝදන්න
🩹 sterile dressing භාවිතා කරන්න
🚫 ගෙදර තියෙන ද්‍රව්‍ය (toothpaste, powder වගේ) නොදමන්න
💊 වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ භාවිතා කරන්න

🩺 පාලනයේ රහස්

🩸 රුධිර සීනි මට්ටම පාලනය කරන්න
🥗 සෞඛ්‍ය සම්පන්න ආහාර
💊 ඖෂධ නියමිතව ගන්න
🏃‍♂️ මෘදු ව්‍යායාම

💬 මතක තබාගන්න

👉 “පුංචි තුවාලයක්” කියලා නොසලකා හැරුවොත්
👉 එය දැඩි ආසාදනයක්,
👉 සමහර විට සැත්කම් මගින් ශරීරාංග කප්පාදු කිරීමක් (amputation) දක්වා යා හැකියි.

💚 HealU Medi Care Message

දියවැඩියාව සමඟ ජීවිතය ගත කරන්න පුළුවන් —
👉 ඒත් අවධානය සහ පාලනය අත්‍යවශ්‍යයි.

ඔබේ පාදත්, ඔබේ ජීවිතයත් රැකගන්න
👉 අදම පරීක්ෂාවක් කරන්න.

📍 HealU Medi Care – ඔබේ සෞඛ්‍ය අපේ වගකීමයි
📞 0777 194 825

31/12/2025

🎉✨ සුභ නව වසරක් වේවා – 2026! ✨🎉
HealU Medi Care වෙතින් ඔබට සහ ඔබේ ආදරණීයයන් යහපත් සෞඛ්‍යයක්, සතුටක් සහ සාමය පිරි නව වසරක් පතමු. 💖
🙏 අපේ සේවාවට විශ්වාසය දැක්වූ ඔබ සැමට ස්තුතියි.
🩺 2026 දීත් ඔබට ආදරයෙන් හා කැපවීමෙන් සේවය කිරීමට අපි සූදානම්!
#සුභ_නවවසරක් #සෞඛ්‍යයසඳහා

🎉✨ සුභ නව වසරක් වේවා – 2026! ✨🎉HealU Medi Care වෙතින් ඔබට සහ ඔබේ ආදරණීයයන්ටනීරෝගිමත් සෞඛ්‍යයක් සමගින් සතුට සහ සාමය පිරි ...
31/12/2025

🎉✨ සුභ නව වසරක් වේවා – 2026! ✨🎉

HealU Medi Care වෙතින් ඔබට සහ ඔබේ ආදරණීයයන්ට
නීරෝගිමත් සෞඛ්‍යයක් සමගින් සතුට සහ සාමය පිරි නව වසරක් පතමු. 💖

🙏 අපේ සේවාවට විශ්වාසය දැක්වූ ඔබ සැමට ස්තුතියි.

🩺 2026 දීත් ඔබට ආදරයෙන් හා කැපවීමෙන් සේවය කිරීමට අපි සූදානම්!

#සුභ_නවවසරක් #සෞඛ්‍යයක් සදහා

තයිරොක්සින් ඌණතාවය එහෙම නැත්නම් අඩුවීම හා තයිරොක්සින් අධික ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවීම අපිට  නිතර අහන්න ලැබෙන රෝග...
20/12/2025

තයිරොක්සින් ඌණතාවය එහෙම නැත්නම් අඩුවීම හා තයිරොක්සින් අධික ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවීම අපිට නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වක්.

තයිරොක්සින් (Thyroxine) කියන්නේ මොකක්ද?

Thyroxine (T4) කියන්නේ
තයිරොයිඩ් ග්‍රන්ථිය මගින්(Thyroid gland) නිපදවන ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝනයක්.

මේ හෝමෝනය ඔබේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය එහෙම නැතිනම් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා නම් metabolism activities පාලනය කරන හෝමෝනයක්.

එමගින් අහාර ජීරණය, ශක්තිය නිපදවීම හා භාවිතය, හදවතේ වේගය, ශරීර උෂ්ණත්වය වැනි ශරීරය පරිවෘත්තීය ක්‍රියාවලීන්
සියල්ලම පාලනය කරනවා.

සරලව කිව්වොත්, Thyroxine හෝමෝනය ශරීරයේ engine speed controller එක එහෙම නැත්නම් ඇක්සලේටරය වගේ.

⚠ Thyroxine අඩු වුණොත් (Hypothyroidism) ශරීරය “slow mode” එකට යනවා 😴. එවැනි තත්ත්වයකදී පහත රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්

🔹 නිතර මහන්සි
🔹 බර වැඩි වීම
🔹 සීතලට ඉවසන්න බැරි වීම
🔹 හිසකෙස් වැටීම
🔹 සම වියළි වීම
🔹 මතක අඩුවීම
🔹 මානසික අවපීඩනය වැනි මාසික ගැටලු

⚠ Thyroxine වැඩි වුණොත් (Hyperthyroidism) ශරීරය “over speed” mode එකට යනවා .එවිට පහත ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්,

🔸 හදිසි බර අඩුවීම
🔸 හදවත වේගයෙන් ගැහීම
🔸 අත් කම්පනය
🔸 අධික උණුසුම දැනීම
🔸 අධික ලෙස දහඩිය දැමීම
🔸 කෝපය, ආතතිය
🔸 නිදි නොයෑම

අපගේ ශරීරයේ තයිරොක්සින් ප්‍රමාණය පරීක්ෂා කරගන්නේ කොහොමද?

🩺 එය තයිරොක්සින් පරීක්ෂාව එහෙම නැත්නම් තයිරොයිඩ් ෆන්ෂන් ටෙස්ට් (Thyroid Function Test) ලෙස හඳුන්වනවා. එය,

🧪 රුධිර පරීක්ෂාවක්
👉 එහිදී තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත හෝමෝනු තුනක (TSH, T3, T4) රුධිර මට්ටම පරීක්ෂාකොට බලනවා.

මෙම පරීක්ෂාව කිරීමට රෝග ලක්ෂණ ඇතිවන තුරුම සිටිය යුතුද?

👉 රුධිර හෝමෝන පරීක්ෂාව මගින් රෝග ලක්ෂණ පෙන්වීමට පෙරත් ගැටලුව හඳුනාගන්න පුළුවන්.

රුධිරයේ හෝමෝන මට්ටම, ප්‍රශස්ත මට්ටමක නැත්නම්,ඒ කියන්නේ තයිරොක්සින් හෝමෝන ඌනතාවය හෝ තයිරොක්සින් හෝමෝනි වැඩිපුර නිපදවීම හඳුනා ගත් විට එයට බලපාන රෝග මූලයේ සඳුනා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත තවත් පරීක්ෂණ සඳහා යොමු විය හැකියාව තියෙනවා.

💊 ප්‍රතිකාර: තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත සියලුම ප්‍රතිකාර සුදුසුකම්වලත් වෛද්‍යවරයෙක් මගින් පමණක් ලබාගත යුතුයි.

Thyroxine නිපදවීම අඩු නම් –
👉 දිනපතා thyroxine tablet උදෑසන හිස්බඩ බොන්න අවශ්‍යයි.

✔ Thyroxine වැඩි නම් – තෛරොයිඩ් නිෂ්පාදනය අවම කිරීමටට අවශ්‍ය විවිධ ප්‍රතිකාරකම භාවිතා වෙනවා.

👉 එම ප්‍රතිකාර ක්‍රම නම්,ඖෂධ භාවිතය, සමහරවිට විකිරණශීලී අයඩින් ප්‍රතිකාර (radioactive iodine ) සහ ශල්‍යකර්ම (surgical treatments)

⚠ මෙම ඖෂධ හා අනෙකුත් ප්‍රතිකාර ක්‍රම නිතරම, වෛද්‍ය උපදෙස් අනුවම ගන්නා එක අත්‍යවශ්‍යයි. ඒ වගේම නිතරම හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මගින් ලබාගන්නා ප්‍රතිකාර නියමිත පරිදි යාවත්කාලීන කිරීමක් අත්‍යවශ්‍ය කාරණයක්.

💚 HealU Medi Care Message:
Thyroid ගැටලු සරල වගේ පේන්න පුළුවන්.
නමුත් පාලනය නොකළොත්
👉 හදවත
👉 බර
👉 මානසික සෞඛ්‍ය
👉 ගර්භණීභාවය
සියල්ලටම බලපාන්න පුළුවන්.
ලක්ෂණ තියෙනව නම් බල බල ඉන්න එපා.
පරීක්ෂාවක් කරලා, නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න. 🌿
📍 HealU Medi Care – Caring for your health
📞 0777 194 825

Address

No. 84 F3, Welmilla Junction, Kindelpitiya
Bandaragama
12530

Opening Hours

Monday 17:30 - 20:30
Tuesday 17:30 - 20:30
Wednesday 17:30 - 20:30
Thursday 17:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when HealU Medicare Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share