Healthbook.lk

Healthbook.lk Healthy Long Life is our motto. We provide online e - health services. Visit our official website w

LISTEN & LEARN FRIENDS 😊💖@ http://chakrafm.com/THANK YOU FOR THE INVITATIONFor. Anura Ranatunge -  Senior Program Produc...
25/05/2024

LISTEN & LEARN FRIENDS 😊💖
@ http://chakrafm.com/
THANK YOU FOR THE INVITATION
For.
Anura Ranatunge - Senior Program Producer -Chakra FM
Doshanthri Chamindi Ranatunge - CEO - Chakra FM
everyone


LISTEN & LEARN EVERYBODY 😊💖@ http://chakrafm.com/THANK YOU FOR THE INVITATIONFor. Anura Ranatunge - Senior Program Produ...
18/05/2024

LISTEN & LEARN EVERYBODY 😊💖
@ http://chakrafm.com/

THANK YOU FOR THE INVITATION
For.

Anura Ranatunge - Senior Program Producer -Chakra FM

Doshanthri Chamindi Ranatunge - CEO - Chakra FM

Everyone





20/03/2024

Dear all 💖

I am truly grateful for the opportunity to express my heartfelt appreciation for the spectacular event hosted by NIBM this day. It was an honor to be surrounded by such esteemed colleagues, guests, and game-changing academia.

The event was not only well-organized but also aesthetically pleasing, leaving a lasting impact on all attendees. It was truly heart-touching to witness the dedication and effort that went into arranging everything so flawlessly within a short period.

I believe that this event was a great achievement, and all credit goes to the dedicated organizers who worked tirelessly to make it a memorable experience for all. Their commitment and passion shone through every aspect of the event.

Moreover, I am excited about the great initiative taken by NIBM to promote practical entrepreneurship among the next generation. This will undoubtedly inspire and empower budding entrepreneurs to pursue their dreams and make a positive impact in the business world.

To all alumni entrepreneurs, I extend my heartfelt congratulations on your current and future endeavors. Remember to leverage the NIBM network to achieve even greater heights and make meaningful contributions to society.

Lastly, I am immensely grateful for being given this invaluable opportunity to be part of such an inspiring event. Thank you to everyone involved for making it a truly unforgettable experience.

Warm regards,

Dr. Jeewan 💖😇🎁🏵️🏵️
Chirantha Jeewan

Special Thanks to Ananda Kulasooriyaooriya PhD - DG - NIBKolitha Ranawakanawaka - Director & Consultant NIBM
Mr. Baratha Dewanarayana - Senior Consultant N@followersl@highlighthEveryoneeInternational Cooperative AlliancelNcc Sri Lanka National Hospital of Sri Lanka LNIBMNIBM School of BusinesssNIBMNIBM - Matara Matara

https://www.facebook.com/100000985375559/posts/pfbid021qABJaq7McD8HoU9xe5YCMc2m5bMpbVtU4jQedjWPWc2FavwionpF3YJKzKBATzKl/?app=fbl

20/03/2024

Dear all 💖

I am truly grateful for the opportunity to express my heartfelt appreciation for the spectacular event hosted by NIBM this day. It was an honor to be surrounded by such esteemed colleagues, guests, and game-changing academia.

The event was not only well-organized but also aesthetically pleasing, leaving a lasting impact on all attendees. It was truly heart-touching to witness the dedication and effort that went into arranging everything so flawlessly within a short period.

I believe that this event was a great achievement, and all credit goes to the dedicated organizers who worked tirelessly to make it a memorable experience for all. Their commitment and passion shone through every aspect of the event.

Moreover, I am excited about the great initiative taken by NIBM to promote practical entrepreneurship among the next generation. This will undoubtedly inspire and empower budding entrepreneurs to pursue their dreams and make a positive impact in the business world.

To all alumni entrepreneurs, I extend my heartfelt congratulations on your current and future endeavors. Remember to leverage the NIBM network to achieve even greater heights and make meaningful contributions to society.

Lastly, I am immensely grateful for being given this invaluable opportunity to be part of such an inspiring event. Thank you to everyone involved for making it a truly unforgettable experience.

Warm regards,

Dr. Jeewan 💖😇🎁🏵️🏵️
Chirantha Jeewan

Special Thanks to Ananda Kulasooriyaooriya PhD - DG - NIBKolitha Ranawakanawaka - Director & Consultant NIBM
Mr. Baratha Dewanarayana - Senior Consultant N@followersl@highlighthEveryoneeInternational Cooperative AlliancelNcc Sri Lanka National Hospital of Sri Lanka LNIBMNIBM School of BusinesssNIBMNIBM - Matara Matara

https://www.facebook.com/100000985375559/posts/pfbid0Dwi4MZwSzDgsAhrvEMdV8AUe2JhSXuVsiQGnBZi14S5bUNA3xxoUiEVnn4pb6546l/?app=fbl

ඔබත් සාමයේ දූතයෙක්  වන්න ......රට දියුණු කරන්න උදව් කරන්න ......  යටතේ [+] POSTS SHARE කරන්න ...... READ..... & HELP PRE...
14/05/2022

ඔබත් සාමයේ දූතයෙක් වන්න ......
රට දියුණු කරන්න උදව් කරන්න ......
යටතේ [+] POSTS SHARE කරන්න ......

READ..... & HELP PREVENT VIOLENCE.... !!
රටේ දැනට පවතින තත්වයට කවුරුන් වගකිව යුතු වුවත් වෛද්‍යවරයෙකු ලෙස මටත්, ඔබ සැමටත් , එය තවදුරටත් බරපතළ වීම වළක්වා ගැනීමට විශාල වගකීමක් ඇත. විවිධ පුද්ගල චරිත, දේශපාලන ව්‍යුහය සහ සංවිධාන සමග ගැටෙමින් චෝදනා කරමින් (Psychological projection !! ) කාලය වැය කරනවාට වඩා රටේ නිෂ්පාදන ක්‍රියාවලියටත් මිනිසුන්ගේ මානසික ( අධ්‍යාත්මික ) සහ භෞතික " දියුණුවටත් " වඩා ඵලදායි ලෙස සැමගේ කාලය වැය කළ යුතු යුගය එළැඹ ඇත. එවැනි වූ " අවිහිංසාවාදී " අරගලයකින් පමණක් ඔබ - අප සැමට වඩා සුව පහසුවෙන් ජීවත් විය හැකි , මූලික සහ ද්විතියික මිනිස් අවශ්‍යතා ඉතාමත් ලෙහෙසියෙන් සහ අඩු පිරිවැයකින් ලබාගත හැකි, " දියුණු " සමාජ ක්‍රමයක් සහ ව්‍යුහයක් දක්වා පරිවර්තනය (Social Reform ) විය හැකි බව පළමුව මම අවධාරණය කරමි.

* ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා කළ හැකි කාර්යභාරය කුමක්ද ?

Digital 2022 Global Overview Report - අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 38%ක් (ලක්ෂ 82ක්) පමණ සමාජ මාධ්‍ය භාවිතා කරයි. ඉන් වැඩි කොටසක් (i.e. ලක්ෂ 76ක් පමණ) Facebook පරිශීලකයින් ය. එසේම , ලංකාවේ ජනගහනයෙන් 20%ක් පමණ නාගරික කොටසට අයත් අතර 80%ක්ම අයත් වන්නේ ග්‍රාමීය කොටසටයි. නමුත්, ඉහත සමාජ මාධ්‍ය භාවිතා කරන 38%න් ඉතා වැඩි %ක් (70%ක් පමණ) නාගරික පුරවැසියන් නියෝජනය කරන අතර ග්‍රාමීය පුරවැසියන් නියෝජනය කරන්නේ සුළු %කි ( 30%ක් පමණ). එනිසා සමාජ මාධ්‍ය වල හැසිරීමේ ස්වභාවය රටෙහි සමස්ත ජන විඤ්ඤාණය නියෝජනය නොකරන බව පළමුව තේරුම් ගන්න. නමුත් සමාජ මාධ්‍ය තුලින් මිනිස්සුන්ගේ මනසට සහ විශ්වාස පද්ධතියට ( Believe System ) එල්ල කළ හැකි යහපත් සහ අයහපත් බලපෑම සැලකිය යුතු මට්ටමක පවතී .

* මිනිසෙකුගේ විශ්වාස පද්ධතිය ( Believe System ) යනු කුමක්ද ?
කුඩා කල සිට අප අසන / දකින / ඉගෙන ගන්නා දේවල්වලින් එහි මුදුන් මුල නිර්මාණය වෙයි. හරි වැරැද්ද , හොඳ නරක , කළ යුතු නොකළ යුතු දේ etc. ( යමෙකු යමක් පිළිබඳව සිතන , කතා කරන , ක්‍රියාකරන ආකාරය ) අවසානයේදී ඒ තුළින්ම තීරණය වෙයි. නමුත් කෙටි කාලීන වශයෙන් අසන / දකින / සිතට කාවදින දේවල් නිසා මොළයේ ඇතිවන තාවකාලික ජෛව රසායනික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ද විශ්වාස පද්ධතියේ සැලකිය යුතු වෙනස්කම් සිදුවිය හැකිය. අහිංසකයන් අංගුලිමාලයන් කිරීම හෝ අංගුලිමාලයන් නැවත රහතුන් බවට පත් කිරීමට මෙම තවකාලික රසායනික ක්‍රියාවලිය බලපායි !!

* නූතන අංගුලිමාලයන් හඳුනාගනිමු ?

පසුගිය මාස කිහිපය පුරා සමාජ මාධ්‍ය සහ වෙනත් ජනමාධ්‍ය ඔස්සේද වෙනත් ක්‍රම තුළින් ද සමාජය පුරා වපුරන ලද වෛරයේ සහ පලිගැනීමේ බීජ වල ප්‍රතිඵල අද අපි අඩු නැතිව බුක්ති විඳිමින් සිටිමු. ආර්ථික අර්බුදය හමුවේ අසරණ වී ඇති මිනිසුන් පත්ව ඇති මානසික අවපාතය ( Anxiety, Depression , Aggressive behavior ) නිසා, මාධ්‍යවලින් වපුරන දේට සමස්ත ප්‍රජාව දක්වන ප්‍රතිචාරයේ ප්‍රචණ්ඩකාරී බව උග්‍ර වී ඇත. ජෛව විද්‍යාත්මකව මොළයේ ඇති වන මෙම ක්‍රියාවලියට සාමාන්‍යයෙන් දින 21 සිට 30 දක්වා කාලයක් ගත වේ.
උදාහරණයක් ලෙස , ඔබ බොහෝ කලක් ගරු කළ විශ්වාස කළ ඔබේ අසල්වැසියා ගැන මාසයක් පුරා ඔබේ කනට තුන්වන පාර්ශවයක් හරහා ඇසෙන්නේ ඔහුගේ වැරදි සහ ඊට ප්‍රතිචාර ලෙස ඔබ ඔහුගෙන් පලි ගත යුතු / රිදවිය යුතු බව නම් , එම මාසය අවසානයේ ඔබගේ මොළයේ සියලු ස්නායු පද්ධති ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ එම පලිගැනීම / රිදවීම යථාර්ථයක් කර ගැනීම සඳහා පමණි. ඒ උච්ච මොහොත වන විට අසල්වැසියා කළ උදව් මතක් කර දීමෙන් හෝ පළි ගැනීමෙන් ඔබ සිදුකරන සදාචාර විරෝධී ක්‍රියාව ඔබට තේරුම් කර දීමට කවුරුන් උත්සාහ කළ ද , එය එක්වර ආපස්සට හැරවීමට නොහැකි තරමට ඔබගේ මොළයේ රසායනය ( Brain Chemistry ) වෙනස් වී හමාරයි. මෙය තනි පුද්ගලයෙක් පිළිබඳව 95% ක් සත්‍ය නම් , සමාජයක් පිළිබඳව 200% ක් සත්‍ය වේ. මක් නිසාද යත් , තනි පුද්ගලයෙක් පවසන දේට වඩා පිළිගත් සමාජ ප්‍රවාහයක් හෝ කණ්ඩායමක් පවසන දේ පිළිගැනීමටත් භක්තියෙන් යුතුව ඇදහීමටත් මිනිසා පරිණාමයෙන් ම පුරුදුවී සිටීමයි.

* එසේ නම් මෙය නිවැරදි කළ හැක්කේ කෙසේද ?

ඔබ සිතනවා නම් "දුටු තැන වෙඩි තැබීම " වැනි නීතිමය රාමුවකට කොටු කිරීමෙන් පමණක් මෙම මොළයේ රසායනික ක්‍රියාවලිය ආපස්සට හැරවිය හැකියි කියා එය හුදු මායාවක් පමණි. ඔබ සැම දන්නා උදාහරණයකින් කිව්වොත් , බුදුන් වහන්සේ අංගුලිමාලට හෝ , ක්‍රිස්තුස් වහන්සේ BARTIMAEUS නම් අන්ධ හිඟන්නාට එවැනි තර්ජනයක් නොකළ බව මතක් කර ගන්න. සමහර අවස්ථා වල ඉන් තත්ත්වය තවත් බරපතල විය හැකිය.

- සමාජ විද්‍යාත්මක කෝණයකින් බැලුවහොත් , ප්‍රකෝප කිරීම් සහ මූලික අවශ්‍යතාවන් හිඟකම නිසා බිහිවූ ප්‍රචණ්ඩකාරී උපසංස්කෘතියක් ( Sub culture of violence ) ආපස්සට හැරවිය හැක්කේ ප්‍රකෝප කිරීම් නවතා පුනරුත්ථාපනය කිරීමෙන් සහ මූලික අවශ්‍යතාවන් ලෙහෙසියෙන් / අවම උත්සාහයකින් සපයා ගත හැකි සමාජ - ආර්ථික - මූල්‍ය ව්‍යුහයක් බිහි කිරීමෙන් පමණි. එසේ නොමැති වුවහොත් තම මූලික සහ ද්විතීයික මානව අවශ්‍යතා ප්‍රචණ්ඩත්වය තුලින් පමණක් සපුරා ගැනීමට පෙළඹෙන "සමාජ ක්‍රමවේද ප්‍රචණ්ඩත්වයක් " ( violent subculture of social systems ) බිහිවීම වැළැක්විය නොහැකිය .

- ආර්ථික විද්‍යාවට අනුව , සංවර්ධිත දියුණු රටවල් තම රටවල් තුළ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය අවම කරගෙන ඇත්තේ ප්‍රකෝප කිරීම් වලින් තොර සන්නිවේදන ක්‍රමයක් සහ මිනිස්සුන්ට ඕනෑ කරන සම්පත් සහ අවශ්‍යතාවන් දැඩි පරිශ්‍රමයකින් තොරව ලබාගත හැකි ආර්ථිකයක් සහ සමාජ ක්‍රමයක් රට තුල බිහිකිරීම තුළින් ය. ( Best example = Japan) එය ආර්ථික විද්‍යාවේ මෙන්ම "දේශපාලන විද්‍යාවේද " වැදගත් න්‍යායකි . නමුත් ඒ වෙනුවෙන් කළමනාකරණයකින් තොරව මුදල් මුද්‍රණය කිරීම , පොහොර ආනයනයට මුදල් නැති විට Pilot Projects නොමැතිව කාබනික පොහොර භාවිතය දීප ව්‍යාප්ත කිරිම වැනි "Political Games " වලින් නම් ප්‍රශ්නය හරි හැටි ස්පර්ශ නොවේ .

- ජෛව විද්‍යාත්මකව කිව්වොත් , ජීවත් වීමේ පරිසර අරගලය උග්‍ර වන විට සහ සතුරන් ( ලෙස පෙනෙන අය ) වැඩි වන විට කෙසේ හෝ ඒවා ජය ගැනීමට අපිට පරිනාමයෙන් උරුම වී ඇති මොළයේ "ප්‍රාථමික" කොටස් ( Lymbic System ) වල ආවේගශීලී ක්‍රියාකාරීත්වය වැඩිවේ. මොළයේ අවිහිංසාව, ආදරය , මානව දයාව වැනි උසස් මානව ගුණාංග පාලනය කරන වඩාත් "දියුණු" කොටස් ( Cerebral Cortex ) වල ක්‍රියාකාරිත්වය අඩු වේ. එසේනම් එම ඵලය ආපස්සට හැරවිය හැක්කේ හේතු යටපත් කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් බව ඔබට පැහැදිලියි.

- පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉහත ප්‍රචණ්ඩකාරී උප සංස්කෘතිය වර්ධනය වීම වැළැක්වීමට සම්පත් සහ අවශ්‍යතාවන් ආයාසයකින් තොරව ලබාගත හැකි සමාජයක් "ඉක්මනින්" බිහිකිරීම අසීරු නිසා අපට දැනට ඉතිරිව ඇත්තේ අධ්‍යාත්මික , ජෛව විද්‍යාත්මක , ආගමික වැනි ප්‍රවේශයන් ( Non economical approaches ) පමණි.

- ඒ නිසා සමාජය ගොඩ ගැනීමට සැලකිය යුතු පරිශ්‍රමයක් සැලකිය යුතු කාලයක් පුරා අනවරත ලෙස යෙදීමට සිදුවන බව ඔබට පැහැදිලියි. ඒ සඳහා විශාල වගකීමක් ඇත්තේ උගත්, බුද්ධිමත්, පරිකල්පනයෙන් යුතු සමාජ ක්‍රියාකාරීන් අතයි. මා මෙම "අනතුරු හැඟවීම" ( ආමන්ත්‍රණය ) දැන්මම ( IN ADVANCE) සිදු කරන්නේ අන්න ඒ සමාජ කණ්ඩායම වෙතයි. මෙම යථාර්ථය දැන දැනත් මා එම පණිවුඩය නිසි පරිදි සමාජයට සම්ප්‍රේෂණය නොකළහොත් අනිවාර්යෙන්ම ඒ පිළිබඳව මා හට ද අනාගතයේදී පසුතැවීමට සිදු වනු ඇත. !!! අප සමග එක් වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමි. අපි මෙතනින් පටන් ගනිමු .!!

- සයිබර් අවකාශය තුළ එය පරිශීලකයන් නිසි මගට ගැනීමෙන් අරඹමු. එවිට ඉතිරි ජන කොටසටත් අවශ්‍ය පණිවිඩය කනින් කන ජනගත වේවි.
මෙම hash tag එක හැකිතාක් ඔබගේ ධනාත්මක සිතුවිලි , අවිහිංසාවාදී බව, මානව දයාව රැගත් ප්‍රසන්න , ප්‍රයෝජනවත් POST වලට Tag කර හැකිතාක් Share කරන්න

* ඒ තුළින් අපගේ මුක්‍ය පරමාර්ථය ඉටු වන්නේ කෙසේද ? එහි තොරතුරු තාක්ෂණික පැති කඩ කුමක්ද ????

- # ලකුණ සමග එක දිගට ටයිප් කරන වචනය Clickable link එකක් බවට පත් වී එම # tag එක සහිත post එකට - එකක් සම්බන්ධ කරයි. (Content Categorization)
- එය Click කළ විට එම # Tag එකම තිබෙන , එම සමාජ මාධ්‍ය ජාලය තුල තිබෙන සියලුම Post සමග එය ගොනු ගත වී එකම Folder එකක තිබෙන අයුරු බලා ගත හැකිය .
- ඒ තුළින් ඔබගේ Post එක වැඩි පිරිසක් අතරට ගමන් කරයි (අමතරව 12%කින් Reach සහ Activities වැඩිවෙයි)
- බොහෝ දෙනෙක් භාවිතා කළ විට එය trending # Tag එකක් බවට පත් වී එම posts බොහෝ දෙනාගේ timeline වල නිරායාසයෙන් පෙනීමට පටන් ගනී.
- එවිට ද්වේශ සහගතව ප්‍රචණ්ඩත්වය වපුරන Post යටපත්වී , ඔබගේ වඩා යහපත් post විසින් සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම පාහේ ආක්‍රමණය කරනු ලබයි . එවිට පරිශීලකයන්ගේ මනසට නිරන්තරයෙන් ඇතුළු වන්නේ එම යහපත් කරුණු පමණයි
- එක දිගට මාසයක් මෙය සිදුවන විට , පරිශීලකයන්ගේ මොළවලට ( මනසට ) යහපත් වෙනසක් සිදුවන ආකාරය ඔබට දැන් වැටහේ
- එසේම Trending # Tag වෙත ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු වන නිසා අපේ රට පිළිබඳව ඔවුන් තුළ යහපත් ආකල්ප ඇති වී, සංචාරක කර්මාන්තය ඇතුළු අනෙකුත් සියලුම ජාත්‍යන්තර කටයුතු වලදී ඔවුන්ගේ උදව් / සහයෝගය ලැබේවි.

* නමුත් මෙම වැරදි නම් කරන්න එපා ....

- එකම # Tag එක, එකම post එකේ එක් වතාවකට වඩා යෙදුවොත් ,
- නැතහොත් එකම පෝස්ට් එක ඇතුලේ විවිධ # Tag වර්ග 3 කට වඩා ටයිප් කලොත්
- එය සමාජ මාධ්‍ය ජාලා Algorithm එක විසින් Spam Activity එකක් ලෙස හඳුනාගෙන ඔබේ Post එකේ Reach අඩු කිරීම / Report වීම / Block වීම සිදුවිය හැක. එසේම.....
- # Tag එක comments වල type කළොත්
- Privacy settings " PUBLIC " ලෙස නොතිබුනොත්,
- Articles , Videos, Images මොනවත් නැතුව # Tag එක විතරක් Upload කලොත්,
ඔබේ post එක ඉහත Common Folder ( # Tag Feed ) එක "ඇතුලට" යන්නෙ නැහැ.
- එසේම ඔබ මෙම # Tag එක සහිතව , ඔබගේ වෙනත් කපටි අවස්ථාවාදී අරමුණු ඉටුකර ගැනීමට හෝ නැවත වාරයක් වෛරය ප්‍රචණ්ඩත්වය ම වපුරන Post ම Share කළොත් .......

** මතක තබා ගන්න . එහි අයහපත් ප්‍රතිඵල ඉක්මනින්ම අත් විඳීමට සිදු වන්නේ ඔබට සහ ඔබගේ ආදරණීයයන්ට මයි. අතීතයේ අප රටේ වසර ගණන් ඇදුනු ප්‍රචණ්ඩ අරගල, යුද්ධ වලට හේතුවත් එසේ සිතන කපටි මිනිසුන් අපි අතර සිටි නිසයි. නූතන පරම්පරාවේ ඔබ, එවැන්නන් නොවන බව මම දනිමි. මේ විශ්වයේ නවීන විද්‍යාවෙන් එහා තලයක පවතින අධ්‍යාත්මික ශක්ති යන්ත්‍රණයක් පවතින බවත් මතක් කරමි. කර්මය , සාතන්, හරාම් , Black Energy etc ... ආදී ඔය මොන නමින් කීවත් එම ස්වභාදහමේ රීතියට සහ දඬුවමට අප සැවොම යටත් බවත් මතක් කරමි. (ඒ පිළිබඳ කොන්ටම් භෞතික විද්‍යා පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව නොවේ - ඒ නිසා ඒ පිළිබඳව මා සමග තර්ක වලට පැටලෙන්න නම් එපා 🙏) .

- එවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීමක් පිළිබඳ තොරතුරු ඔබට ලැබුනහොත් ඔබ රටට සැබෑ ලෙස ආදරය කරන්නේ නම් ඔබ සිදුකල යුතු බුද්ධිමත්ම ක්‍රියාව ඒ පිළිබඳ මිනිසුන් ප්‍රකෝප කරන Post සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නොව, පහත සඳහන් දුරකථන අංක අමතා නීතිය සහ ආරක්ෂක අංශ වෙත දැනුම් දීම පමණයි. 0767392977 | 0112441146 | 118

සියල්ල මෙතරම් විද්‍යාත්මක ලෙස පැහැදිලි කර දී තිබියදීත් ඔබ තවදුරටත් එම වරද සිදුකළ හොත් ස්වභාදහමේ දඬුවම ඔබට ලැබේවි. ඒ නැතත් සරල සමාජ විද්‍යාත්මක කෝණයකින් බැලූ කළ , ප්‍රචණ්ඩත්වයක් පිරි සමාජයක් බිහි කිරීමට ඔබ උල්පන්දම් දී, ඔබ තවදුරටත් එහිම ජීවත් වෙයි නම් ඔබද එහි ගොදුරක් වනවා නොඅනුමානයි. බොහෝ උගතුන් බුද්ධිමතුන් , ( සමහර X - වෛද්‍යවරුන් !! ) විදේශයන්හි සිට විවිධ කොන්ත්‍රාත්තු මත, "දැන හෝ නොදැන" අතීතයේ එම වරද කළා. එය හරියට නිකම් තම අඹුව සමඟ නැන්දම්මාගේ නිවසේ බින්න බැස , තම වැදූ මව සිටින නිවස ගණිකා මඩමක් ලෙස හංවඩු ගසනවා ටත් වඩා පහත් වැඩකි. එසේ ලියූ විට අදාල අයගේ හිත් රිදුනා නම් මට සමා(නො)වන්න !!. නමුත් යථාර්ථය නම් ඔවුන්ගේ එම මාතෘ භූමිය පිළිබඳව වූ "අනියම් ප්‍රේමයේ " ප්‍රතිඵල ලෙස මෙම භූමියේ බිහිවූ " අවජාතක දරුවා (ප්‍රචණ්ඩත්වය) " නිසා ලංකා මාතාව විනාශකාරී ගින්නක් කරා ගමන් කරමින් සිටීමයි. ඔවුන් තම මාතෘභූමියට සැබෑ ලෙස ආදරය කළා නම් එවන්නක් සිදු නොකිරීමට තරම් වගකීම් සහගත විය යුතු ව තිබිණි. වඩාත් හික්මුනු මිනිසුන් ලෙස දැන් ඔවුන්ට වෛර නොකර " නිවීමේ " වගකීම අපි කරට ගනිමු. ඔවුන්ගේ පෞරුෂත්ව දුර්වලතා පිළිබඳව සානුකම්පිතව සිතීමටත් ඔවුනට සමාව දීමටත් තරම් අපි අවිහිංසාවාදී වෙමු.

'Mark Zuckerberg ට ඩොලර් කිහිපයක් ගෙවා' අපි මෙම පණිවුඩය අපගේ FB Fanpage හි දින කිහිපයක් ජනගත කරනුයේ , අපත් ඔබ මෙන්ම බොහෝ ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන අතරතුරයි. නමුත් අපිට එම සුළු මුදල , රට ගිනි තැබීමට මිලියන ගණනින් ජාවාරම් කරුවන් වියදම් කළ මුදලට වඩා නම් බොහෝ වටී. ඔබත් FB Fanpage එකක් හිමි මව්බිමට ආදරය කරන්නෙක් නම්, මෙම පණිවිඩය ඒ හරහා මේ අයුරින්ම ඩොලර් කිහිපයක් ගෙවා ජනගත කළ හැකිය. නැතහොත් අප හා සම්බන්ධ විය හැකි ය. මක්නිසාද යත් මා මෙහි ලියූ යථාර්ථය බුද්ධිමත් ඔබ නිවැරදිව තේරුම් ගත්තාට, ලාංකික ජනගහනයෙන් 80% ක් පමණ වූ ග්‍රාමීය ජනතාවගෙන් අති බහුතරයකට මෙම 'තිත්ත ඇත්ත' නිවැරදිව නොතේරේ. ඒ නිසා ඔවුන් නිවැරදි මගට ගැනීමේ වගකීම 100%ක් පැවරෙනුයේ උගත් බුද්ධිමත් Cerebral Cortex එක තවමත් හොඳින් ක්‍රියාකරන ඔබට 👉 පමණයි.

N.B. මෙම # Tag එකේ අක්ෂර , හාවිත අර්ථය , එය digital platform තුළ හැසිරෙන ආකාරය සහ එහි සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක යහපත් බලපෑම ආදි කරුණු ගැන එම ක්ෂේත්‍රයන්හි විශේෂඥයින්ගේ උපදෙස් මත නිර්මාණය කර ඇති නිසා එය වෙනස් / විකෘති කර භාවිතා නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි ,

-------------------------------------------------------------

Author:
DR. M.H. CHIRANTHA JEEWAN DE SILVA @
(MBBS, Dip.HCM, ADBM)
_______________________________
Senior Medical Officer - Surgery
Accident & Orthopedics Service Department.
National Hospital of Srl Lanka - Colombo 10.
--------------------------------------------------
Founder & CEO -
Healthbook Professional Team &
CHIRAJEEWA Medical Services Pvt.Ltd.
_______________________________
National Consultant
Sri Lanka Federation of Hospital Service Cooperative Societies,
" Coop House" - Colombo 03
________________________________
TP: 076 313 1877 - EMAIL; [email protected]

https://www.facebook.com/102367771866662/posts/347719290664841/?app=fbl
19/04/2022

https://www.facebook.com/102367771866662/posts/347719290664841/?app=fbl

අර්බුදයට එකම විසඳුම :
ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් ඒකකය US$ සහ LK$ බවට පත් කර රුපියල (LKR) භාවිතයෙන් ඉවත් කිරීම පමණයි.. !!
---------------------------------------------
මාතෘකාවට ඒමට පෙර එහි නිධාන කතාව පැහැදිලි කළ යුතුයි…...
---------------------------------------------

මුදල් ( Currency ) , 700BC පමණ යුගයේ සිට භාවිතයට පැමිණි පසු ඉන් සමාජයට ඇති කළ ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් විශාලයි. අද වන විට මුදල යනු වෙළඳාමේ හුවමාරු මාධ්‍යයක් පමණක් නොවේ . " මුදල ම " විකුණුම් භාණ්ඩයක් වී හමාරයි.
මෙම සංසිද්ධියෙන් උපාය මාර්ගික සහ තාක්ෂණික ලෙස උපරිම ප්‍රයෝජන ගෙන ඇත්තේ අද ලෝක වෙළෙඳ පොළේ වඩාත් ශක්තිමත් යැයි කියාගන්නා මුදල් ඒකක හිමි රාජ්‍යයන්ය . මෙම ක්‍රීඩාවේ වැදගත් තරඟ තීරකයෙකු වන්නේ ඇමරිකාව සහ ඇමරිකානු ඩොලරයයි (US$).

* ඇත්තටම ඇමරිකානු ඩොලරය මෙච්චරම වටිනවද ?
ඇත්තටම නැහැ . එය ඇමරිකානු ආර්ථික යන්ත්‍රණ මාෆියාව විසින් ඩොලරය විකුණුම් භාණ්ඩයක් ලෙස උපායශීලී ලෙස manipulations මගින් ඔවුන් විසින්ම ආරූඪ කරගත් ( කෘත්‍රිමව නිර්මාණය කරගත් ) වටිනාකමක් පමණයි !! ලොව වටිනාම මුදල් ඒකකය Kuwaiti Dinar වේ. ( 1KD=3.27US$)

* අපි ඩොලර් බිලියන 50 ක් පමණ ණයයි. අමෙරිකාව විදේශවලට ණය නැද්ද ?
ඔවුන් ඩොලර් ට්‍රිලියන 31 කට වඩා විදේශයන්ට ණයයි . (1 Trillion = 1000 Billion, 1 Billion = 1000 Million ).
නමුත් මෙම මුදල් වලින් ට්‍රිලියන 4 ක් පමණ රට තුළ ඇති ආයෝජන ලෙසත් , තවත් ට්‍රිලියන 6 ක් පමණ අමෙරිකාව විසින් වෙනත් රටවල් තුළ තුල සිදුකරන ලද විදේශ ආයෝජන ලෙසත් ඇත. එම ආයෝජන සමස්තයක් ලෙස ලාභ උපදවමින් , භාණ්ඩ සහ සේවා සීඝ්‍රයෙන් ලෝක වෙළඳපොළට මුදාහරිමින් පවතී. තවත් ඩොලර් ට්‍රිලියන ගණනක් ඇමරිකාව විසින් යුධ උපකරණ / මෙහෙයුම් , දෛනික ගෘහස්ථ පරිභෝජනය, නවීන විද්‍යා / අභ්‍යවකාශ තාක්ෂණය සහ වෙනත් " නාස්තිකාර / ප්‍රයෝජනවත් වැඩ" වෙනුවෙන් වැය කරමින් සිටී.

( N.B. දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව විදේශ ණය වැඩිම රට ජපානයයි . දෙවෙනි තැන ග්‍රීසිය. කිහිප වරක් ග්‍රීසිය විදේශ ණය ගෙවීම ( අද ශ්‍රී ලංකාව මෙන් ) සම්පූර්ණයෙන්ම පවා නවතා දැමුවා. ණය අඩුම රට රුසියාවයි )

* අපි පසුගිය වසර 2 තුළ රුපියල් (LKR) ට්‍රිලියන 1.4 ක් පමණ මුද්‍රණය කළා. ඇමරිකාව ඩොලර් මුද්‍රණය කරන්නේ නැද්ද ?
2020 ජනවාරි වන විට ලොව පුරා තිබූ ඩොලර් ප්‍රමාණය ට්‍රිලියන 4 ක් පමණ වූ නමුත් එය 2022 ජනවාරි වන විට ට්‍රිලියන 21 ද ඉක්මවා තිබුණා. එනම් දැනට ලෝකයේ සංසරණය වන ඩොලර් ප්‍රමාණයෙන් 80% කටත් වඩා මුද්‍රණය කර ඇත්තේ පසුගිය වසර දෙක තුළයි. සමහර මූල්‍ය විශේෂඥයන් එය විවේචනය කළත්, ෆෙඩරල් රජය පවසන්නේ covid වසංගතය සමඟ ඇමරිකානු ආර්ථිකයට ඇති වූ බලපෑම නිශේදනය කිරීමට ඔවුන්ට වෙන විකල්පයක් නොමැති බවත්, එම කෙටිකාලීන අතිවිශාල මුදල් මුද්‍රණය රටෙහි උද්ධමනයක් ඇති නොවන ලෙස "කළමනාකරණය" කර ගැනීමේ හැකියාව ඔවුන් සතු බවත් ය.

* එම ඩොලර් වලින් තවත් අතිවිශාල ප්‍රමාණයක් වෙනත් රටවල් සහ ආයතන වලට (IMF ඇතුලුව ) , ණය සහ " ප්‍රතිලාභ සහිත ආධාර " ලෙස ආයෝජනය කරයි . එම ඩොලර් නැවත වතාවක් "එම රටවල් " විසින් භාවිතා කරනුයේ ඇමරිකාවෙන් ම හෝ ලොව පුරා පවතින ඇමරිකානු ආයෝජන හරහා ලෝක වෙළදපොළට සීඝ්‍රයෙන් මුදාහරින සේවාවන් සහ භාණ්ඩ මිලදී ගැනීමටයි. මෙම යන්ත්‍රනය මගින් ෆෙඩරල් රජයට ණය පොලියට අමතරව භාණ්ඩ / සේවා විකුණා ගැනීමේ වෙළඳපොලත්, එහි ලාභයත් කිසිදු ආයාසයකින් තොරව හිමිව ඇත.
උදාහරණයක් ලෙස , පසුගිය වසරේ සාමාජික රටවල් 190 අතරින් අමෙරිකාව පමණක් IMF වෙත US$ බිලියන 117 ක් අනිවාර්ය Capital Subscription ලෙස මුදා හැර ඇත. එය IMF වාර්ෂික Subscription ආදායමෙන් 18% ක් පමන වේ. මීටත් අමතරව 2022 වසරේ තවත් (අමතර) US$ බිලියන 44ක් ෆෙඩරල් රජය IMF වෙත ලබාදුන්නේ ඔවුන්ගේ අපනයන මිල දී ගන්නා ආර්ථික අවපාතයන් ට මුහුණ දුන් රාජ්‍යයන් වෙත ණය පහසුකම් සැලසීම සඳහාය ( එම රටවල් වලට ඇති ආදරය නිසාම නොවේ ) . මෙම US$ බිලියන (117+44=161) සඳහාම IMF වෙතින් ෆෙඩරල් මහ බැංකුවට වාර්ෂික ලාභාංශ ද හිමි වේ. ඒ අනුව සාමාජික රටවල් 190 අතරින් ඇමරිකාවට IMF හි 25% ක පමන බලයක් සහ අයිතියක් හිමි වී ඇත..
"කිරි මුට්ටියට දෙව්වත්, පැටියා බිවුවත් වාසිය කිරිවල අයිතිකාරයාට" . මෙම GAME එකේ ඉතිරි ටික ඔබම සිතා ගන්න .....

* ඇයි අපිට මේ GAME එක මේ විදියට PLAY කරන්න බැරි. ?
සරලවම කිව්වොත් හේතුව ඇමරිකානුවන්ගේ මූල්‍ය සහ ආර්ථික කළමනාකරණයේ පවතින උපායශීලී දක්ෂතාවය සහ අපගේ ආර්ථිකය සහ මුල්‍ය කළමනාකරණය බාරව කටයුතු කරන්නන් ගේ පවතින උපායශීලී බවේ සහ දක්ෂතාවයේ තිබෙන දුර්වලතාවයයි. මක්නිසාද යත් ෆෙඩරල් රජය සහ එහි මහ බැංකුව මෙහිදී කිසිදු නීති විරෝධී යන්ත්‍රණයක් භාවිතා නොකරයි. !!

* කවුද ඉතින් ඒ අදක්ෂයන් ට මේ වගකීම පැවරුවේ ?
රටක රජයක ප්‍රධාන වගකීම ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමයි. ජාතික ආරක්ෂාව , සෞඛ්‍යය , අධ්‍යාපනය සහ නීති පද්ධතිය යහපත් ලෙස පවත්වා ගැනීම ද ඊට දෙවැනි නොවේ . නමුත් ඒ සියල්ල ද වක්‍රව ආර්ථිකය මතම රැඳෙයි. මීට දශක කිහිපයකට පෙර පැවැති සමාජ ක්‍රමයෙහි මේ සියල්ල හැසිරවීමේ සුක්කානම රැඳී තිබුණේ නිලධාරී පන්තිය සතුව මිස දේශපාලකයන් අත නොවේ. එම පන්ති පරතරය සහ නිලධාරි පැලැන්තිය විසින් සමාජය තුල නිර්මාණය කළ මාෆියාවට සහ පීඩනයට ප්‍රති අරගලයක් ලෙස බිහිවූ "ජනතා නියෝජිත" දේශපාලක පැලැන්තිය එකල ජන හිතකාමී සමාජ ප්‍රවාහයක් විය. නමුත් අද එය ම පාරාවළල්ලක් වී ඇත. බොහෝ තැන්හි පිරිස් බලයක් ගොඩනගා ගෙන සිටින ( නමුත් කිසිම සුදුසුකමක් නොමැති ) දේශපාලකයන් වටා රොක් වී සිටින නිලධාරි පැලැන්තිය ද වරප්‍රසාද අපේක්ෂිත දේශපාලන වහලුන් වී ඇත. අවංක සුදුසුකම් ඇති නිලධාරීන් මෙම පන්ති අරගලය සමග ගැටී "බෙල්ල කඩා ගැනීමට" ඇති බිය නිසා මුනිවත රකියි. තමාට තර්ජනයක් වන බලවේග යටපත් කිරීම සඳහා ඊනියා " ජනතා සුබ සිද්ධිය " නමැති කැරට් අලය පෙන්වමින් ඔවුන් විසින්ම නීතිගතකල නොගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ යල් පැනගිය ( update නොවූ) නීති පද්ධතිය ද අද ඔවුන්ගේම බූදලයක් වී ඇත.
මතක තබා ගන්න .... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති පද්ධතිය යනු සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් රන් පතක ලියා නිමවා මිනිස් ලොවට එවන ලද්දක් නොවන බව . සුළු පිරිසකගේ ඕනෑ එපාකම් මත , බහුතරයකගේ මොළ සෝදා සම්මත කරගෙන ඇති ව්‍යවස්ථාවක් සහ යල්පැනගිය නීති පද්ධතියක් දඩමීමා කරගෙන පවත්වාගෙන යන පාලන තන්ත්‍රයක් රටකට තබා ගමක මරණාධාර සමිතියකට වත් නොගැලපේ . ඉන් රටෙහි මිනිසුන් අඳුරෙන් අඳුරටම යයි නම් එය වෙනස් කර හෝ ඉරා දමා වඩා විද්‍යාත්මක , යාවත්කාලීන වූ (updated) සොබාදහමේ රීතිය සමඟ අනුගත වන රාමුවක් තුළ නව පාලන තන්ත්‍රයක් බිහි කර ගැනීමට රටෙහි ජනතාවට අයිතියක් ඇත . එම නිසා අදක්ෂයින් අතට "සුක්කානම" ගියේ කෙසේද යන්නත් එය නිවැරදි කළ යුත්තේ කෙසේද යන්නත් දැන් ඔබට පැහැදිලියි. එසේම "දේශපාලකයන්" ලෙස ජන කොටසක් නැත. එම වචනය ද සිංහල ශබ්ද කෝෂයෙන් ඉවත් කළ යුතුය. සිවිල් ජනසමාජයේ සිටිය යුත්තේ දේශපාලන යාන්ත්‍රණ ව්‍යුහයේ "ජනතා නියෝජිතයින් ( Representatives ) " ලෙස නම්කළ පිරිසක් පමණි.

අද එම පන්ති අරගලය නිසා බිහිවුණු පීඩනයට එරෙහිව "වර්තමානයේ" පරිකල්පනයෙන්, විශ්ව දැනුමෙන් සහ ජවයෙන් සන්නද්ධ තරුණ පරපුර කේන්ද්‍රකොටගෙන ගොඩනැගෙන " ප්‍රති-අරගලය" එනිසා සාධාරණය, සහේතුකය. නමුත් එම අරගලයේ ඊළඟ දිශානතිය දැනට වඩා පුළුල්, ප්‍රායෝගික ( practical & Feasible) , නායකත්වයක් (Agents & Principals) සහිත , වැඩ පිළිවෙලක් (සැලසුමක් - Action Plan) සහිත ජන ප්‍රවාහයක් බවට පරිණාමය විය යුතුමයි. එය "ඇරඹිය" යුත්තේ අඩුම තරමේ රට තුළ "අතුරු ව්‍යවස්ථාවකින්" මා මේ ලිපියෙහි සඳහන් කරන වෙනස් විය යුතු තැන් වෙනස් කිරීම ආරම්භ කිරීමෙන් මිස GR ගෙදර යැවීම එහි "ආරම්භක" පියවර නොවිය යුතුය. නමුත් එම පියවර ද එම action plan එකේ Subsequent විසඳුමක් ලෙස අඩංගු කළ හැකිය . එසේම ගොඩනැගෙන ජන බලය (ආකල්පමය වෙනස ) රටෙහි නිශ්පාදන ක්‍රියාවලිය සහ අපනයන ආර්ථිකය ශක්තිමත් වන ප්‍රායෝගික වැඩපිළිවෙළක් වෙත කේන්ද්‍ර ගත නොකළහොත් "අරගලය" හුදෙක් පය බරවයට පිටිකර බේත් බැඳීමක් වනු ඇත. මෙතැන ඇත්තේ පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයකට වඩා සම'හරක්' පිරිසක් විසින් කිසිදු විළි බියක් හෝ විළිරුදාවකි තොරව "බිහි කරන ලද" Failed System එකක ප්‍රශ්නයක් බව තේරුම් ගත් දවසට අරගලය තවත් ජය ගනු ඇත. එසේ නොමැතිව හුදු ජනප්‍රිය - සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨ පමණක් මත දිවෙන අරගලයක් රටෙහි ප්‍රශ්න උග්‍ර කරනවා මිස සැබෑ විසඳුමක් නොවේ. එම පරිණාමය අරගලය තුළ තුළ ඉක්මනින් සිදු වේවි යයි අපේක්ෂාවෙන් තරුණ අරගලයට ජය පතමි !!

* රුපියලේ අගය අඩු වීම නිසා (1US$ = 326 LKR ) අපි දුප්පත්ම රටක් බවට පත්වෙලාද ?

කොහෙත්ම නැහැ ... !! උදාහරණයක් ලෙස ඉරානයේ රියාල් (IRR) ගනිමු. ඉරානයේ
1US$ = 266,500 IRR ( Black Market )
1US$ = 42,025 IRR (Official Market)
නමුත් ඉරානය ලෝකයේ 23 වන තැනට විශාලම ආර්ථිකය හිමි , ධනවත්ම රටවල් අතරෙන් 14 වන ස්ථානයේ සිටින වටිනාම සහ පොහොසත් රටක් .

එසේම ඉන්දුනීසියාවේ Indonesia Rupiah ( IDR) වල තත්වය :
1USD = 14,380 IDR
නමුත් ඉන්දුනීසියාව ලෝකයේ 16 වන තැනට විශාලතම ආර්ථිකය හිමි රටයි .

ඩොලර් නැති වුණු පළියට අපි දුප්පත් රටක් නොවෙයි . අපේ රටේ තිබෙන සම්පත් වලට ( මානව ,භෞතික , සංස්කෘතික සහ මානසික ) ඩොලර් වලින් වටිනාකමක් දෙන්න බැරි විදියට අපි ඩොලර් මාෆියාව තුළ හිරවීම නිසායි මුළු ශ්‍රී ලාංකික ජනතාවම අද මානසිකව වැටිලා ඉන්නේ. ඒ මානසික ඇද වැටීමෙන් ගොඩ අරගෙන ඔවුන්ට අවශ්‍ය " මානසික ඉන්ධනය" ලබා දුන්නොත් ඔවුන් මේ ශ්‍රී ලංකාව "ඊශ්‍රායලය" හෝ ඇමරිකාවටත් වඩා ඉහළ තලයක තබාවි.

* අපි කොහොමද මේ ඩොලර් මාෆියාවේ පැටලුණේ ?
කරුණාකර මේ කරුණු ටික ගැන ඔබගේ දැඩි අවධානය යොමු කරන්න :

# ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායම = US$ බිලියන 11 ක් පමණ. එයින් දළ වශයෙන් ....

24% ක් අමෙරිකාවෙන් , 9% ක් එක්සත් රාජධානියෙන්, 6%ක් ඉන්දියාවෙන් , 5.7% ක් ජර්මනියෙන්, 4.4% ක් ඉතාලියෙන් , 3%ක් බෙල්ජියමෙන් , 2.3%ක් චීනයෙන් .etc.

# ශ්‍රී ලංකාවේ වාර්ෂික ආනයන වියදම = US$ බිලියන 16ක් පමණ. මෙයින් දළ වශයෙන් ....
22% ක් චීනයටත් , 19% ක් ඉන්දියාවටත්, 5.7% ක් අරාබි එමිරේට්ස් (UAE) වලටත්, 4% ක් මැලේසියාවටත්, 3.9% ක් සිංගප්පූරුවටත් , 3% ක් අමෙරිකාවටත් etc. ලෙස වැය වේ .

# සාරාංශයක් ලෙස කිව්වොත්....

1- වාර්ෂිකව අපට ලැබෙන ආදායමට වඩා US$ බිලියන (16 - 11 = 5 ක් ) පමණ ( බොහෝ විට අත්‍යවශ්‍ය නොවන දේවල් වෙනුවෙන් ) වියදම් වන බව ඔබට පැහැදිලියි. පසුගිය කාලය පුරාම සෑම රජයක් විසින්ම මෙම අමතර වියදම සපයාගත්තේ එක්කෝ විදේශ ණයවලින් , නැතහොත් ස්වෛරී බැඳුම්කර ණය හරහා . අපනයන ආදායම් වැඩි කර ගැනීමෙන් එය ප්‍රතිපූර්ණය කර ගැනීමට කිසිදු රජයක් උපාය මාර්ගික සැලසුම් දක්ෂ ලෙස ක්‍රියාත්මක කළේ නැහැ .

2- එසේම වාර්ෂිකව අපි US$ බිලියන 2.7 ක් පමණ වටිනා භාණ්ඩ හා සේවා (24%ක්) ඇමරිකාවට අලෙවිකරණ අතර, US$ බිලියන 0.5 ක් පමණ වටිනා භාණ්ඩ හා සේවා (3%ක්) පමණක් ඇමරිකාවෙන් මිලට ගනු ලබයි . එසේ මිලදී ගන්නා දේ වලින් ද වැඩි කොටසක් ඉහළ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ ය. එනම් මෙම "ගනුදෙනුවේදී" ශ්‍රී ලංකාව මත ඇමරිකාව අනුපාතික යැපීමක් ඇත.

* එසේනම් අපි ඇයි ඇමරිකාවට සහ ඩොලරයට මෙතරම් බය හෝ ගැති? (ඇමරිකානු ඩොලර් කිසිසේත්ම භාවිතා නොකරන, රට තුළට ඩොලර් ඇතුළු වීම පවා සිදු නොවන ශක්තිමත් රටවල් ද ලෝකයේ පවතින බව මතක තබා ගන්න)
* ඇයි අපිට බැරි අමෙරිකාවෙන් ආනයනය කරන 3%ත් වෙන රටවල් වලින් ආනයනය කරන්න ?
* ඇයි අපිට බැරි ඔය ආනයනය කරන බොහෝ දේවල් රට තුළම නිෂ්පාදනය කරන්න? නැතහොත් සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කරන්න ?
* ඇයි අපිට බැරි අමෙරිකාව නොවන වෙනත් රටවල් වලින් ආනයනය කරන දේවල් වලට ඒ රටවල් වල මුදල් ඒකක වලින් හෝ ශ්‍රී ලංකාවේ මුදල් ඒකකයෙන් ගෙවීම් කරන්න ?
* ඇයි අපිට බැරි අපනයනය කේන්ද්‍ර කොටගත් ආර්ථිකයක් , නිෂ්පාදන රටාවක් රට තුළ බිහි කිරීමෙන් වාර්ෂික වියදමට වඩා ආදායම වැඩි කරගන්න ?
* ඇයි අපිට බැරි ඒ ආදායම් අතිරික්තය සහ ඊට සමානුපාතික ලෙස මුද්‍රණය කරන මුදල් ( ෆෙඩරල් රජය මෙන් ) දේශීයව සහ විදේශීයව නැවතත් ලාභ ලැබෙන අයුරින් ආයෝජනය කරන මූල්‍ය යන්ත්‍රනයක් ඇති කරන්න ?
* ඇයි අපිට බැරි ලැබෙන අපනයන ආදායමෙන් පවා කොටසක් විඝනණයට හසු නොවන ලෙස හොර පාරෙන් නැවතත් විදේශ වලටම යන එක වලක්වන්න ?
* ඇයි අපිට බැරි තොරතුරු තාක්ෂණය (IT platforms) හරහා අපගේ නිෂ්පාදන සහ සේවාවන් වෙනුවෙන් ලෝක වෙළඳපොළ ආක්‍රමණය කරන්න . Paypal වැනි platforms හරහා ලංකාවට ඩොලර් පැමිණෙන ලෙස පසුබිම සකසන්න ?
* ඇයි අපිට බැරි මේ සියලු වෙනස්කම් සඳහා අවශ්‍ය නව නීති , systems, සහ ජනතා ආකල්ප රට තුළ ඉක්මනින් ඇති කරන්න ?

ඉහත ප්‍රශ්න සියල්ලටම ඇති එකම පිළිතුර - සුක්කානම අතැති අයගේ ඇති නොහැකියාව, උවමනාවක් නැති කම සහ අදක්ෂ කම - යන්නයි.
සියල්ලන් සියලු දේටම දක්ෂ නැත. වැරදි සහ නොහැකියාවන් විවේචනය කරන අතරම පසුගිය අවුරුදු 80 පුරා පාලන තන්ත්‍රයේ සිටි සුළු පිරිසක් "ඔවුන්ගේ" හැකියාවන් සහ දක්ෂතාවන් භාවිතා කරමින් රටට සිදු කර ඇති යහපත් දේ වගේම විවිධ ව්‍යසනයන්ගෙන් රට බේරා ගැනීම අගය කිරීමටද පළමුව අප නිහතමානී විය යුතුය …. කෘතවේදී විය යුතුය.

* අලුතින් ගන්නා IMF හෝ වෙනත් ණය , ආධාර , බැඳුම්කර මෙම අර්බුදයට විසඳුමක් ද ?
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ඉන් ඉඩ සැලසෙන නිසා එය තාවකාලික සහනයක් වේවි. නමුත් එම බරත් ජනතාව මතම පැටවේවි.
උදාහරණයක් ලෙස , MR රජය (2010 --> ) ලබාගත් US$ බිලියන 5 ක පමණ ණයත්, RW + MS රජය (2015-->) බැඳුම්කර සහ වෙනත් ක්‍රම වලින් ලබාගත් US$ බිලියන 12.5 ක පමණ ණයත් , හම්බන්තොට වරාය විකිණීමෙන් ලබාගත් US$ බිලියන 1.2 ත් ප්‍රධාන වශයෙන් භාවිතා කළේ මා ඉහත විස්තර කළ අයවැය පරතරය ( 16 - 11 = 5 US$.B ) පියවීමට සහ එදිනෙදා පරිභෝජනය ( Recurrent Expenditure ) සඳහාය. රටෙහි ආදායම් ( අපනයන ) වැඩි කිරීමට එම මුදල් ප්‍රමාණවත් ලෙස දායක වී නැත. 2019 වන විට US$ බිලියන 56ක් ව තිබූ ණය වලින් ( මින් 37%ක් බැඳුම්කර ණයයි ) , GR රජය විසින් US$ බිලියන 6ක් ගෙවූ පසු එය 50ට අඩු විය. නමුත් ඉන් සිදුවූයේ අත්‍යවශ්‍ය දේ ආනයනය සඳහා රට තුළ ඩොලර් නොමැති වීමයි. ඊට අමතරව පසුගිය වසර 2 තුළ ජීවන වියදම ඉහළ යාම වැළැක්වීම සඳහා ( කාලෝචිත නොවන තීරණයක් ලෙස ) ඩොලරය fixed exchange rate එකක පවත්වා ගැනීමද සිදුවිය. ඒ නිසා තව දුරටත් රටට ඩොලර් පැමිණීම අවහිර විය. දැන් සිදුවී ඇත්තේ එම fixed rate ප්‍රතිපත්තිය වෙනස් කර රටට ඩොලර් ගෙන්වාගැනීමට කළ උත්සාහය නිසා ජීවන වියදම වැඩිවීමයි . ඒ නිසා දැළිපිහිය ඇත්තේ වඳුරන් අතේ බව දැන දැන තවදුරටත් ණය සහ ආධාර ගැනීමේ භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදු වනුයේ අපගේ දරුවන්ටය.

උදාහරණයක් ලෙස විදෙස් ගෘහ සේවයේ යෙදෙන මවක් රට ගැන කැක්කුමෙන් තම වැටුපෙන් US$ 100 ක් තම ගිණුමට දැම්මා යැයි සිතමු. ඇය එම US$ 100 එවන්නේ මරණාසන්න ලෙඩෙකුට අත්‍යවශ්‍ය ඖෂධයක් ගෙන්වා ගැනීමට එය දායක වේවි යැයි යන සිතුවිල්ලෙන්. එම US$ 100 රුපියල් වලින් ඇයගේ දරුවන්ට බැංකුව ගෙවාවි. ඒත් ඔය US$ 100 නැවතත් මහ බැංකුවට ගිය පසු ඔවුන් එය වැය කරන්නේ ඖෂධයක් ගෙන්වීමට ද නැතහොත් ශ්‍රී ලංකාවේ ධනවත් කාන්තාවකට ඇමරිකාවෙන් සුවඳ විලවුන් ගෙන්වීම සඳහා වූ LC එකක් සදහාද යන්න ඔබ තහවුරු කර ගන්නේ කෙසේද ????? එනිසා කරුණාකර මෙම ඩොලර් "cash flow" යාන්ත්‍රණය අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න.

දැන් සිදුව ඇත්තේ තම - තමාගේ දුර්වල ආර්ථික / මූල්‍ය කළමනාකරණය සහ අදක්ෂතාවය වසාගැනීමට , දේශපාලන සටන් පාඨයක් ලෙස " සොරකම් - වංචා - දූෂණ - " නිසා මෙය සිදු වූ බවට දෙපාර්ශ්වයට දොස් පවරමින් ජනතාවගේ මොළ අවුල් කිරීමයි. දේශපාලන සාක්ෂරතාවයෙන් හීන වහල් බවෙන් අන්ධ වූ බොහෝ සාමාන්‍ය ජනතාව එනිසා අද ඒවා විශ්වාස කරමින් ඔවුන්ගේ ජීවිත ද අවුල් කරගෙන ඇත . නමුත් හැමෝගෙම කිල්ලෝට වල හුණු තිබෙන බවත් මතක තබා ගන්න.
එසේම ව්‍යවස්ථා, අණ පනත් , නීති සම්මත කරගෙන පුනරාවර්තන නොවන සංවර්ධන ව්‍යාපෘති / ප්‍රාග්ධන වියදම් ( Capital Expenditure ) වලින් කොමිස් % ලබාගැනීමට විෂය භාර දේශපාලකයාට ශ්‍රී ලංකාවේ නීතියෙන්ම අවසර ලැබෙන තෙක් සියල්ලෝ නිහඬව සිට දැන් චෝදනා කිරීම , මරණ දඬුවම නීතිගත කොට අලුගෝසුවාට මිනීමරුවා යයි චෝදනා කිරීම වැනි බොළඳ වැඩකි !!

* ආර්ථික අර්බුදයට එකම විසඳුම ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් ඒකකය US$ සහ LK$ (Lankan Dollar) බවට පත් කර රුපියල (LKR) භාවිතයෙන් ඉවත් කිරීම පමණයි.. !!

රටක මුදල් ඒකකය සහ එහි සාපේක්ෂ වටිනාකම තීරණය කිරීමේ පූර්ණ බලතල ඇත්තේ එම රටේ රජයට සහ මහබැංකුවට මිස ජාත්‍යන්තරයට නොවෙයි. රුපියල වෙනුවට අලුත්ම මුදල් ඒකකයක් ( මා යෝජනා කරනුයේ Lankan Dollar - LK$ ) ලෙස හඳුන්වා දී එහි වටිනාකම රුපියල් 1000ක් වැනි, එනම් ඩොලරයට වඩා වැඩි තලයක තබා මූල්‍ය වෙළඳපොළට මුදාහැරීමට සුදුසුම කාලය මෙයයි. නමුත් ඉල්ලුම සහ සැපයුම මත, පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තිය තුළ එහි අගය ක්‍රමානුකූලව වැඩි වනු මිස අඩු නොවන ලෙස පවත්වාගැනීමට අවශ්‍ය සියලු නීතිමය, තාක්ෂණික, උපායමාර්ගික සහ විද්‍යාත්මක ක්‍රමවේද අප අනුගමනය කළ යුතුය. ක්‍රමානුකූලව කාලයක් සමග රුපියල (LKR) වෙළඳපොලෙන් ඉවත් කිරීමට අවශ්‍ය උපාය මාර්ගික සහ තාක්ෂණික වැඩපිළිවෙළද සකස් කළ යුතුය. මෙම සංක්‍රාන්ති සමය තුළ රටෙහි සියලුම අභ්‍යන්තර මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ඇමරිකානු ඩොලර් (US$) හැකිතාක් භාවිතා කිරීමට "සිදුවන" ලෙස ඊට අවශ්‍ය නීතිරීති, උපාය මාර්ගික සහ විද්‍යාත්මක ක්‍රමවේදය සකස් කළ යුතුය.

*එය සිදුකළ හොත් එහි ඇති වාසි මොනවාද ?
කෙටියෙන් කිවහොත් මේ වැඩේ හරියට කරන්න පුළුවන් නම් දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවට ලෝකයේ බලවත්ම ආර්ථිකය ඇති රට බවට පත් විය හැකියි. කෙටි කාලීන වාසි අතර පහත සඳහන් දේ සිදුවෙයි.
සැඟවී තිබෙන "කළු ඩොලර්" ඉබේම එළියට විත් රටෙහි ඩොලර් හිඟය නැති වී යාවි. ඩොලර් කළු කඩය අකර්මණ්‍ය වේවි.
ශ්‍රී ලාංකික මුදල් ඒකකය depreciate වීම නිසා සිදුවෙමින් පවතින උද්ධමනය (hyperinflation) තත්ත්වය ක්‍රමානුකූලව පහව යාවි.
රුපියල depreciate වීම සහ ඩොලර් හිඟය නිසා ඇති වී තිබෙන monetary gap එක පිරවීමට රටෙහි මූල්‍ය පද්ධතිය ආක්‍රමණය කළ හැකි ( අයහපත් ප්‍රතිඵල සහිත ) වෙනත් වටිනාකමින් වැඩි විදේශ මුදල්, Cryptocurrency, Bitcoin වැනි දෑ අපගේ මූල්‍ය පද්ධතිය ගිල ගැනීම නවතීවි.
තවත් බොහෝ වාසි ඇත… සමහර රටවල් මෙම ක්‍රමය යොදා ගෙන අති සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත

*එය සිදුකළ හොත් ඇතිවිය හැකි අවාසි මොනවාද ?
සුළු සුළු කෙටි කාලීන සහ දීර්ඝ කාලීන අවාසි ඇතත් , බුද්ධිමත්ව , උපායශීලී ලෙස , විශේෂඥ මැදිහත්වීම යටතේ මෙම සම්පූර්ණ ක්‍රියාවලියම සිදුකරන්නේ නම් , විදේශවලින් තවදුරටත් ණයට ගැනීම තරම් අවාසි නම් මෙහි නොමැත.

N.B. මම ආර්ථික විශේෂඥයකු වත් මූල්‍ය කළමනාකරණ විශාරදයකු වත් නොවෙමි. ඒ පිළිබඳව මට ඇති දැනුම හුදෙක් පසුගිය වසර 10 පුරා ලෝකයේ විවිධ ආර්ථික මොඩල සහ මූල්‍ය කළමනාකරණ ව්‍යුහයන් පිළිබඳව මවිසින් සිදු කරන ලද සමීක්ෂණ පර්යේෂණ සහ අධ්‍යයන වලින් පමණක් ලද සාමාන්‍ය දැනුමකි . මගේ ප්‍රියතම විශය ශල්‍ය වෛද්‍ය වේදය මිස ආර්ථික විද්‍යාව නොවෙයි. නමුත් මෙම යථාර්ථය අවබෝධ කර ගැනීමට ආර්ථික විශේෂඥයෙකු ම විය යුතු නැතැයි මම සිතමි. එසේම මෙය 100% ක් සාර්ථක විසඳුමක් බව පාලන තන්ත්‍රයේ සිටින විශේෂඥයන් කිසිසේත්ම නොදන්නවා විය නොහැකිය. නමුත් මෙම විසඳුම ටිකක් සැර වැඩි රැඩිකල් විසඳුමක් නිසාත් , එය ප්‍රායෝගිකව implement කිරිමට සැලකිය යුතු system change එකක් අවශ්‍ය නිසාත්, එය ක්‍රියාත්මක කිරීමේදී "රිදෙන පාර්ශව වලින්" එල්ලවිය හැකි ප්‍රතිරෝධයට මුහුණදීමට සහ එය කළමනාකරණය කර ගැනීමට තරම් කශේරුකාවක් නොමැති කම නිසාත් ඔවුන් එය සිදු නොකරන බව මට හැඟේ. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටින ආර්ථික විද්‍යා විශේෂඥ , මහාචාර්ය රංජිත් බණ්ඩාරයන් ද පසුගිය වසර 2 පුරා මෙවැනිම වූ විශේෂඥ යෝජනා රජයට සහ මහ බැංකුවට ඉදිරිපත් කලත් ඔහුගේ හඬ තපුල්ලන හරක් රැලගේ හඬින් යටපත් විය. එනිසා මා හට හැක්කේ මෙම පණිවිඩය මෙහි ලියා තැබීම පමණයි. නමුත් මා දන්නා තරමින් මෙම විවහාර මුදල් ඒකකය වෙනස් කිරීමේ මූල්‍ය කළමනාකරණ උපාය මාර්ගික ක්‍රමවේදය ගැන මින් පෙර කිසිදු තැනක මේ අයුරින් සාකච්ඡා වී නැත.

*මෙම වෙනසෙන් පමණක් සියළු ප්‍රශ්න විසදෙයිද ?
නැහැ.. පුරවැසි ඔබගේ වගකීම සියලු දේවල් වල ප්‍රතිඵලය තීරණය කරයි. තේරෙන භාෂාවෙන් කිව්වොත් රටෙහි කුඩා දරුවාගේ සිට ආගමික පීතෲ වරුන් සිට ආබාධිත මහලු කාන්තාව දක්වා සියලු දෙනා රටේ නිෂ්පාදන සහ ආර්ථික ක්‍රියාවලියට කෙසේ හෝ උද්‍යෝගයෙන් සම්බන්ධ විය යුතුය. ඔබට නිවසේදී අපනයනය සඳහා එක් අල්පෙනෙත්තක් නිපදවිය හැකි නම් , නැතහොත් ආනයනය කරන එක් පලතුරු කිලෝවක් වෙනුවට ගෙවත්තේ පලතුරු කිලෝ 2ක් වගා කළ හැකි නම් , මිලියන 20 කට අධික ජනගහනයක් තුළින් ඇතිවන ප්‍රතිඵලය ආශ්චර්යයක් වනු ඇත. පළමුව අප ජයග්‍රහණය කළ යුත්තේ එම " ආනයන - අපනයන අරගලයයි " (i.e. GOODS, SERVICES & WORK are the secrets of a strong economy)

එළැඹෙන නව වසර සුබ කර ගැනීමට මා හට ඔබ වෙනුවෙන් දිය හැකි සුබ පණිවිඩය මෙයයි. එක්වෙමු නැගිටිමු !!

අපගේ CHIRAJEEWA සහ Healthbook ක්‍රියාන්විතය හරහා සෞඛ්‍ය සේවාවන් ලබන ඔබ සියලු දෙනාටමත් , අපගේ සෞඛ්‍ය ක්‍රියාන්විතය තුළ ලියා පදිංචි වී සිටින යාව - ජීව සහ ආශ්‍රිත සාමාජිකයන් සියලු දෙනාටමත් , සේවා සපයන්නන් ලෙස සම්බන්ධ වී සිටින වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම ගෞරවනීය වෘත්තිකයන්ටත් එළැඹෙන නව වසර ජීවිත අරගලය දිනන සුබ නව වසරක් වේවා යි පතමි !
ස්තුතියි ,
---------------------------------------------
Author:
DR. M.H. CHIRANTHA JEEWAN DE SILVA @
(MBBS, Dip.HCM, ADBM)
_______________________________
Senior Medical Officer - Surgery
Accident & Orthopedics Service Department.
National Hospital of Srl Lanka - Colombo 10.
--------------------------------------------------
Founder & CEO -
Healthbook Professional Team &
CHIRAJEEWA Medical Services Pvt.Ltd.
_______________________________
National Consultant
Sri Lanka Federation of Hospital Service Cooperative Societies,
" Coop House" - Colombo 03
----------------------------------------------------
Source documents for data and statistics : Central Bank of Sri Lanka, UNESCO & UN financial documents, IMF financial documents, US Federal Government and US Central Bank documents
------------------------------------------------------

Address

Kalapauwawa , Rajagiriya
Colombo

Alerts

Be the first to know and let us send you an email when Healthbook.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Healthbook.lk:

Share