Dr.Thimani Dayananda - Umaya medblog SL

Contact the business

Dr.Thimani Dayananda - Umaya medblog SL Prevention is better than cure👩🏻‍⚕️ 🏥
Early detection saves lives 🎗️

ප්‍රඡා සෞඛ්‍යය වෛද්‍ය ,මනෝ උපදේශිකා
වෛද්‍ය තිමානි දයානන්ද

16/07/2026

_NIHS EXPO 2026_

In the Celebration of 100 years in Sri Lankan Public Health by National Institute of Health Sciences, Kaluthara (NIHS)

Come, See amd Learn

-NIHS එක්ස්පෝ 2026-

​කළුතර, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) මඟින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය සේවයට වසර 100ක් පිරීම සැමරීම වෙනුවෙන්.

​එන්න, දැකබලාගන්න, ඉගෙනගන්න

​
_​NIHS எக்ஸ்போ 2026_

​களுத்துறை, தேசிய சுகாதார அறிவியல் நிறுவனத்தினால் (NIHS) இலங்கை பொதுச் சுகாதாரத்துறையின் 100 வருட நிறைவு விழாவை முன்னிட்டு.

​வாருங்கள், பார்வையிடுங்கள், கற்றுக்கொள்ளுங்கள்

📝 ප්‍රඡා සෞඛ්‍යය වෛද්‍ය තිමානි දයානන්ද

Video Courtesy : NIHS Scientific Congress

වයස අවුරුදු 3දී
15/07/2026

වයස අවුරුදු 3දී

Public health in Sri Lanka 🇱🇰
10/07/2026

Public health in Sri Lanka 🇱🇰

09/07/2026

👩🏻 කාන්තාවට අතිශය වැදගත් වන, දිවයින පුරා නොමිලේ සිදුකෙරෙන සුවනාරි සායනය ( Well Woman Clinic) ගැන හරියටම දැනුවත්වෙමු... 📝

90 දශකයේ මුල් භාගය වෙද්දී අමෙරිකාවේ කාන්තාවන් බහුතරයක් විවිධ ලෙඩරෝගවලින් පීඩා විද ඇතැම් පිරිස් අකාලයේ මියගියා. පසුව අමෙරිකානු සෞඛ්‍ය අමාත්‍යාංශය එරට කාන්‍තාවන් අරමුණු කරගෙන විශේෂ සායනයක් සංවිධානය කළා. Well-Woman Clinic කියලා තමයි මේ සායනය නම් කළේ. පසුකාලීනව තවත් රටවල් බොහෝමයක මේක ප්‍රචලිත වුණා.

ශ්‍රී ලංකාවේ "සුවනාරී" නමින් මේ සායනය ආරම්භ වුණේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය(Family Health Bureau) කේන්ද්‍ර කොට ගෙන 1996 වසරේදී , එතැන් සිට අද දක්වා දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ඔස්සේ මෙම සේවාවන් ක්‍රියාත්මක වෙනවා . නමුත් තවමත් මේ පිළිබඳව නොදැනුවත් හෝ මඟහැරුණු අය වෙනුවෙන් ඒ පිළිබඳව දැනුවත් කරනන්ට අද අපි සූදානම්.

📌 ‘සුවනාරී’ වැඩසටහන පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද?

🚩 අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ බෝ නොවන රෝගවලින්(Non-Communicabke diseases) හැකිතාක් කාන්තාවන්ව ආරක්ෂා කරගැනීමයි.
🚩 කාන්තාවන්ට වැළඳිය හැකි පිළිකා තත්ත්වයන් පෙරදීම හඳුනාගෙන(Cancer Screening), ඊට අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඔවුන්ව යොමුකිරීම.

අපේ මූලික අරමුණ බවට පත්වෙන්නේ රෝගී තත්ත්වයන් පෙරදීම හඳුනාගෙන නිරෝගී ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය සහාය කාන්තාවන්ට ලබාදීම( Prevention is Better than Cure)


📌 සහභාගී විය හැක්කේ කුමන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන්ටද?

🍀 මේ සඳහා වයස අවුරුදු 15ත් 49ත් අතර වයස්‌ කාණ්ඩයේ පසුවන ඕනෑම කාන්තාවකට සහභාගී වෙන්න පුළුවන්.
‼️ නමුත් විශේෂයෙන්ම 35 සහ 45 වයසේ කාන්තාවන් ඉලක්ක කරගෙන තමයි මෙම සායනය පැවැත්වෙන්නේ.

📌 එහිදී ඔවුන්ට සිදුකරන පරීක්ෂණ සහ සේවාවන් පිළිබඳ පැහැදිලි කළොත්?

🚩 අපි තෝරාගත් බෝ නොවන රෝග කිහිපයක් (Selected Non-Communicabke Diseases) සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කරනවා.
📀 අධික රුධිර පීඩනය(Blood pressure /Hypertension) ,
📀 දියවැඩියාව සම්බන්ධ පරීක්ෂණ(Blood Sugar yesting/Diabetes Mellitus)

🚩 ඊට අමතරව ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මැන බැලීම

🚩 තෝරාගත් පිළිකා රෝග කිහිපයක (Screening of Selected Cancers) පෙර හඳුනා ගැනීම;
📀 ගැබ්ගෙල පිළිකා සදහා පැප් /HPV DNA (PAP screening පරීක්ෂාවත්,
📀 පියයුරු පිළිකා සහ
📀 මුඛ පිළිකා සඳහා අවශ්‍ය පරීක්ෂණත් මෙහිදී සිදුකරගන්න පුළුවන්.

‼️ ගැබ්ගෙල පිළිකා(Cervical cancer) සඳහා රෝග කාරක වයිරසයේ(HPV virus) ක්‍රියාකාරිත්වය සලකා විශේෂයෙන්ම අවුරුදු 35 හා 45 වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් ඉලක්ක කරගෙන අපි පරීක්ෂණය සිදු කරනවා.

ඒක නිසා තමයි සෑම වසරකම විශේෂයෙන්ම වයස අවුරුදු 35 හා 45 පසුවන කාන්තාවන් අරමුණු කරගෙන සුවනාරී වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

ඒ අනුව 2026, එනම් මෙම වසරේදී ඊට අයත්වෙන්නේ 1981 හා 1991 යන වසරවල ඉපදුණු කාන්තාවන්.

🚩 ඊට අමතරව විශේෂ අවස්ථා වලදී, එම අදාල කාන්තාවගේ රෝගයට ඇති අවදානම සලකා බලා, වයස අවුරුදු 30 දී මෙම ගැබ්ගෙල පරීක්ෂාව සිදුකරනු ලබනවා.

🚩 විශේෂයෙන්ම අවුරුදු 20 ට අඩු වයස් කාලයේ ලිංගික ක්‍රියාවලිය ආරම්භ කර ඇති කාන්තාවන් මේ ගනයට අයත් වෙනවා.

📌 සුවනාරී සායන සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය කාන්තාවන් තෝරා ගන්නේ කොහොමද ?

🚩 සෑම ප්‍රදේශයකම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් යෝග්‍යතා පවුල් ලේඛනයක් (Eligible Family Register) පවත්වාගෙන යනවා.

🕹️ ඊට අයත් වෙන්නේ වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් සීමාවේ පසුවන විවාහක කාන්තාවන් හා
🕹️ වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන්.

🚩 එම කාන්තාවන් අරමුණු කරගෙන අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය(Public Health Midwife) මේ පිළිබඳව දැනුවත්කිරීම් දිගින් දිගටම සිදුකරනවා.

🕹️ ඒ නිසා මෙම යෝග්‍යතා පවුල් ලේඛනයට(Eligible Family Register) නම ඇතුළත්ව තිබීමත් මෙහිදී විශේෂ සුදුසුකමක් විදියට දක්වන්න පුළුවන්.

🕹️ නමුත් එහි තම නම ඇතුළත් නොවුනත් අදාළ වයස් සීමාව තුළ අවිවාහක කාන්තාවන්ටත්(Unmarried woman මීට සහභාගී වීමේ හැකියාවක් පවතිනවා.

📌 ඔවුන් ඊට සහභාගී විය යුතු ආකාරය පැහැදිළි කළොත්?

🚩 ඔබ ජීවත් වන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට(MOH office) ගිහින් තම ප්‍රදේශයට අදාල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගෙන් (From Area PHM) සායන පැවැත්වෙන දිනයන් හා ඊට සහභාගී විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගන්න පුළුවන්.

🚩 නැතහොත් ඔබ රැකියාව සඳහා පදිංචි වී සිටින ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැවැත්වෙන සුවනාරී සායනයට උනත් ඔබට සහභාගී වෙන්න පුළුවන්.

🔇 එහිදී කාන්තාවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවද?

🚩 අනිවාර්යෙන්ම ඔව්,
මෙම සායන සියල්ල සිද්ධවෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH office) සහ එමගින් ක්‍රියාත්මක වන සායනවලදීය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්(PHM) , මහජන සෞඛ්‍ය හෙද නිළධාරීන්(PHNO) , වෛද්‍ය නිළධාරීන්(MOH/AMOH) සෑමවිටම ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන ආකාරයට විශ්වාසනීයව කටයුතු කිරීමට බැඳී සිටිනවා.

මෙහිදී වැදගත් වන විශේෂම කාරණාව වන්නේ සුවනාරී සායන සඳහා සහභාගී වන කාන්තාවන්ව පරීක්ෂාවට ලක් කරන්නේ රෝගීන් ලෙස සලකා නෙවෙයි. නීරෝගී කාන්තාවන්ට ඉදිරියේදී ඇතිවිය හැකි රෝග තත්ත්වයන් හඳුනාගෙන අදාළ සායන හා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට යි.

📌 මීට සමගාමීව ක්‍රියාත්මක වන වෙනත් වැඩසටහන් මොනවාද?

🚩 මූලික වශයෙන් අපි මෙම සායන සිදුකරන්නේ ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල(MOH Clinics) මූලික කරගෙනයි.

🚩 ඊට අමතරව කාන්තාවන් බහුල වශයෙන් සේවය කරන හා ගැවසෙන ස්ථානවලත්(Special Well Woman Clinics) අපි මෙම සායන පවත්වනවා.

‼️‼️ ඊට අමතරව මෑතකදී අපි පිටවීමේ පිරිස්සුම් පරීක්ෂාව (Exit screening) හඳුන්වා දුන්නා. එහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් වයස අවුරුදු 49 සම්පූර්ණ ය වී ඇති කාන්තාවන් සඳහා කලින් සදහන් කල රෝග පරීක්ෂාවන් සිදුකළාද යන්න විමසා අවශ්‍ය නම් නැවත එම පරීක්ෂාවන් සිදුකරනවා.

🚩 ඒ වගේම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්‍රිත සහ
ආර්තවහරණය ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් උපදෙස් සහ සුදුසු යොමුකිරීම් සිදුකරනවා.

📌 කාන්තාවක් මෙම සුවනාරී සායනයට සහභාගී වීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

🚩 යම් කාන්තාවක් අදාළ වයස් සීමාව තුළ සුවනාරී සායනවලට යොමුවීමෙන් රෝගී තත්ත්වයන් පෙරදීම හඳුනාගෙන ඉන් වැළකෙන්න පුළුවන්.
🚩 එය ඔවුනට නිරෝගීමත් දිවියකට ද මග සලසනවා.

‼️ ‼️ ඒ නිසා මෙම වසරේදී (2026 දී) 1981 හා 1991 වසරවල්වල ඉපදුණ කාන්තාවන් හැකිතාක් ඉක්මණින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල හරහා සුවනාරී සායනයට යොමුවන්න‼️‼️ Health Promotion Bureau

📝 ප්‍රඡා සෞඛ්‍යය වෛද්‍ය තිමානි දයානන්ද

#සුවනාරිසායනය #අපිවෙනුවෙන්අපි #වළක්වාගනිමු #මාතෘහාළමාසේවා

🍀🇱🇰
06/07/2026

🍀🇱🇰

05/07/2026

Best Wishes for Centenary Celebration of National Institute of Health Sciences (NIHS) all the way from WHO Sri Lanka 🙏🏽

💯🫰🏻
05/07/2026

💯🫰🏻

අගය වැඩිම දේ සැමවිටම නිහඬයි:

වෙළඳපොළට ගිය ඔබ ඕනෑතරම් දැක ඇති, මිනිසුන් පලතුරු තෝරන්නේ මිරිකා බලලා, එළවළු තෝරන්නේ නැවුම් බව පරීක්ෂා කරලා. හැබැයි, කිසිම කෙනෙක් කවදාවත් ලුණු මිලදී ගන්නේ ලුණු වල රස බලලා නෙවෙයි නේද?

ඒ ඇයි? ලුණු කියන්නේ සැකයක් නැති "විශ්වාසයකටයි".

පෙනුමට වඩා රසය බලවත්...

කෑමකට මිරිස් දැම්මොත් පාට පෙනෙනවා, කහ දැම්මොත් සුවඳ දැනෙනවා, රම්පෙ-කරපිංචා කැපී පෙනෙනවා. ඒත් ලුණු? ලුණු කෑමකට දැම්මට පස්සේ ඒක ඇසට පෙනෙන්නේ නැහැ, සුවඳක් දැනෙන්නෙත් නැහැ. හැබැයි ඒ නොපෙනෙන ලුණු ටික නැති වුණොත්, අර මොන ජාති දැම්මත් වැඩක් තියෙනවද? මුළු කෑමේම රසය තීරණය කරන්නේ අර "නොපෙනෙන" ලුණු ටිකයි.

දැන්වීම් අවශ්‍ය නැති අනන්‍යතාවය...
අද වෙද්දී ලුණු වලට තමන්ගේ තැන හදාගන්න මහා ලොකු වෙළඳ දැන්වීම් අවශ්‍ය නැහැ. ඒ වගේම ලුණු කා සමඟවත් තරඟ වදින්නෙත් නැහැ. මොකද, ලුණු වලට සමාන ආදේශකයක් ලෝකයේ කොහේවත් නැති නිසා.

ඔබත් ඔබේ පෞරුෂය ඒ වගේ ගොඩනගා ගන්න:

අමුතුවෙන් ඔබේ ගුණ වයන්නට වෙහෙසෙන්න එපා.

මවාපෑම් සහ වර්ණනා පස්සේ හඹා යන්න එපා.

අන් අය සමඟ අනවශ්‍ය තරඟයකට වැටෙන්න එපා.

ඒ වෙනුවට, ඔබ කරන කාර්යය, වගකීම හැකිතාක් නිවැරදිව උසස් විදියට කරන්න;
ඔබේ නම ඇසුනාම, "එයා ඉන්නවා නම් ඒ වැඩේ ගැන ආයෙත් බලන්න දෙයක් නැහැ, සුපිරි!" කියන විශ්වාසය සමාජය තුළ ගොඩනැගිය යුතුයි.

ඔබේ ආයතනයේ නම ඇසුණු සැණින්, "ඒකෙ ප්‍රමිතිය ගැන සැකයක් නැහැ" කියන සහතිකය මිනිසුන්ගේ හදවත් තුළ තිබිය යුතුයි.

ලෝකයට ඇහෙන්න කෑගහලා ඔබේ දක්ෂතාවය පෙන්වන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබේ කාර්යය උපරිමයෙන් සහ නිවැරදිව කරනවා නම්, අර නොපෙනෙන ලුණු වල රසය වගේ ඔබේ වටිනාකමත් නිරායාසයෙන්ම ලෝකයට දැනේවි.

මතක තබා ගන්න: නිහඬවම අත්‍යවශ්‍යම පුද්ගලයා වන්න!

ඔබට ජය! ✨

සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී | ළමා හා යොවුන් මනෝ උපදේශිකා
ළමා අභිවර්ධන සහ යහසාධන සායනික අධ්‍යක්ෂ – SANDEEPA Energizing Group
🇱🇰 සායනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සායනික සන්නාමය
© www.rehabilitation.lk | Est. 2012

04/07/2026

_ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක ප්‍රජා සෞඛ්‍ය සේවයේ සියවසක අභිමානය සැමරීම (1926–2026)🩺 🇱🇰 _

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (CCPSL) මෙම ඓතිහාසික සන්ධිස්ථානය සමරනු ලබන්නේ මහත් වූ ආඩම්බරයෙනි.

මහජන සෞඛ්‍ය ඉතිහාසය වසර 100කට වඩා පැරණි ය. වසර 100ක කාලයක් සපිරෙන්නේ සෞඛ්‍ය ඒකක ක්‍රමයට (Health Unit system) හෝ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට (NIHS) පමණි. ලන්දේසි යුගයේදී ලාදුරු මර්දන වැඩසටහන් ආරම්භ වීමත් සමඟ අප රටේ නවීන මහජන සෞඛ්‍ය ඉතිහාසය 1600 ගණන් දක්වා ඈතට දිවයයි.

1926 වසරේදී කළුතර දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද ප්‍රථම සෞඛ්‍ය ඒකකයේ සිට අද වන විට ක්‍රියාත්මක වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ඒකක 362 කින් සමන්විත ජාලය දක්වා පැමිණි මෙම සුවිශේෂී ගමන් මඟ, අපගේ ප්‍රජාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වූ සියවසක කැපවීම මනාව පිළිබිඹු කරයි.

වඩාත් නිරෝගී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා නොසැලෙන සේවයක නිරත වූ සහ නිරත වන සියලුම හිටපු සහ වත්මන් මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත අපගේ උත්තමාචාරය මෙසේ පුද කර සිටිමු 🙏🏽

_Celebrating 100 years of organised community health service in Sri Lanka (1926–2026)🩺 🇱🇰 _

The College of Community Physicians of Sri Lanka ( CCPSL) is proud to commemorate this historic milestone.

Public Health history is more than 100 years. 100 years only for the Health Unit system / NIHS.
Modern public health history in our country dates back to 1600s with the start of leprosy prevention programmes in dutch period.

From the first Health Unit established in the Kalutara District in 1926 to today's network of 362 Medical Officer of Health (MOH) Units, this remarkable journey reflects a century of dedication to protecting and promoting the health and wellbeing of our communities.

We pay tribute to all past and present public health staff for their unwavering service in building a healthier Sri Lanka🙏🏽

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Thimani Dayananda - Umaya medblog SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dr.Thimani Dayananda - Umaya medblog SL:

Shortcuts

Share