Umaya medblog SL -Dr.Thimani Dayananda

Umaya medblog SL -Dr.Thimani Dayananda Prevention is better than cure👩🏻‍⚕️ 🏥
Early detection saves lives 🎗️

ප්‍රඡා සෞඛ්‍යය වෛද්‍ය ,මනෝ උපදේශිකා
වෛද්‍ය තිමානි දයානන්ද

🎗️ මේ දිනවල පැතිර යන මෙනින්ජයිටිස්( Meningitis)රෝගය ගැනයි මේ digital දැනුවත් කිරීම;⚠️ විශේෂ නිවේදනයයි: ඔබත් මේ ගැන දැඩිව...
24/05/2026

🎗️ මේ දිනවල පැතිර යන මෙනින්ජයිටිස්( Meningitis)රෝගය ගැනයි මේ digital දැනුවත් කිරීම;

⚠️ විශේෂ නිවේදනයයි: ඔබත් මේ ගැන දැඩිව සැලකිලිමත් වන්න! ⚠️
හැමෝම පරිස්සම් වෙන්න!

විශේෂයෙන්ම අප රටේ ප්‍රදේශ කිහිපයකින්ම මේ වනවිට රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

👇 23.05.2026

📍 රිකිල්ලගස්කඩින් - රෝගීන් 25ක්
📍 දියතලාවෙන් - රෝගීන් 28ක්
📍 වැලිමඩින් - රෝගීන් 13ක්

👇 24.05.2025

📍 මධ්‍යම පළාත - තහවුරු කල රෝගීන් 28, එයින් 15 දෙනෙකු මේ වන විට සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.

📍 ඌව පළාත - රෝගීන් 35
🏥 දියතලාව මූලික රෝහල
🏣 වැලිමඩ මූලිකරෝහල
🏣 හිඹිලියගස්මඩිත්ත රෝහල

🫢 මෙයින් 150 පාසල් සිසුන්ය ☹️
‼️ වයස අවුරුදු 11 වියැති සිසුවියකට ඉතා බරපතලයි



📌 මොළේ උණ (Meningitis) ගැන විද්‍යාත්මක සත්‍යය නිවැරදිව දැනගනිමු.

මොළය සහ සුෂුම්නාව වටා ඇති පටල (Meninges) හි ඇතිවන ප්‍රදාහයක් හෙවත් ඉදිමීමක් මෙනින්ජයටීස් (Meningitis) ලෙස හැඳින්වේ. මෙම මෙනින්ජස් පටලය දූරා මටර් (Dura Mater), ආරක්නොයිඩ් මටර් (Arachnoid Mater) සහ පියා මටර් (Pia Mater) යන ප්‍රධාන ස්ථර තුනකින් සමන්විත වේ. මේ දිනවල බහුලවම වාර්තා වන්නේ වෛරස් මෙනින්ජයටීස් (Viral Meningitis) තත්ත්වය වන අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ Non-polio Enteroviruses (උදා: Coxsackievirus, Echovirus) කාණ්ඩයේ වෛරස් ය.


📌 රෝගයේ බරපතලකම :
මේ දිනවල බහුලව වාර්තා වන්නේ වෛරස් මෙනින්ජයටීස් (Viral Meningitis) තත්ත්වය වන අතර, එය සාපේක්ෂව අඩු මාරන්තික මෙන්ම සුව කළ හැකි, ස්වයං-පාලනය වන (Self-limiting) රෝගී තත්ත්වයකි.
නමුත් බැක්ටීරියා මෙනින්ජයටීස් (Bacterial Meningitis) තත්ත්වය මාරන්තික විය හැකි බැවින්, රෝග ලක්ෂණ ගැන අවධියෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.

📌 ප්‍රධාන රෝග ලක්ෂණ:

• අධික උණ (High Fever)
• හිසරදය (Severe Headache)
• බෙල්ලේ තද ගතිය (Nuchal Rigidity)
• ආලෝකයට ඇති අකමැත්ත/සංවේදීතාව (Photophobia)
• වමනය සහ ඔක්කාරය (Nausea & Vomiting)
• ක්ලාන්ත ගතිය දැනීම, ශාරීරික දුබලතාවය හෝ අලස බව (Drowsiness, Lethargy)

📌 රෝගය සුවවීම:
-සිරුරට හොඳින් විවේකය දීම,
-සජලනය (Hydration - දියර වර්ග වැඩිපුර ලබාදීම) සහ - උණ/වේදනා පාලනය වැනි උපකාර-සත්කාර මඟින්
දින 7 - 10 ක් ඇතුළත සම්පූර්ණ සුවය ලබාගත හැක.

📌 සම්ප්‍රේෂණය (රෝගය බෝවීම)
💡 ​අපවිත්‍ර වූ ජලය, ආහාර සහ දුර්වල අත් සනීපාරක්ෂක පුරුදු හරහා මුඛ-මල මාර්ගයෙන් (Faeco-oral route) ව්‍යාප්ත වීම.
💡 ​කුඩා කෙළ බිඳිති (droplets) සහ සමීප සම්බන්ධතා මගින් ශ්වසන පද්ධතිය හරහා ව්‍යාප්ත වීම.

📌 රෝගය වළක්වා ගැනීමට:

🏨 රෝගී කළමනාකරණය
🎗️ එන්ටරොවෛරස් මෙනින්ජයටිස් (enteroviral meningitis) රෝගී තත්ත්වයන්ගෙන් බහුතරයක් ස්වයංසිද්ධව පාලනය වන අතර සාමාන්‍යයෙන් දින හතක් ඇතුළත රෝගීන් සුවය ලබයි.
🎗️ සියලුම පරීක්ෂණ සහ සායනික කළමනාකරණයන් මෙනින්ජයටිස් කළමනාකරණ මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ යුතුය.
🎗️ රෝග ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීමේ අරමුණු සඳහා (Lumbar puncture) කොන්දෙන් වතුර ගැනීම අනිවාර්ය නොවන නමුත්, වෛද්‍යවරයාගේ තීරණය සහ කළමනාකරණ අවශ්‍යතා මත එය සිදු කළ හැකිය.

‼️ වැළැක්වීම සහ පාලනය;

📌 සම්මත පූර්ව ආරක්ෂිත පියවර
1)නිසි අත් සනීපාරක්ෂක පුරුදු තහවුරු කරන්න.
2)ශ්වසන ආචාරශීලීත්වය පවත්වා ගන්න - කැස්ස හෝ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ටිෂූ එකකින්, මුඛ ආවරණයකින් (mask) හෝ නමාගත් වැලමිටෙන් ආවරණය කරගත යුතු අතර, භාවිත කළ ටිෂූ ආරක්ෂිතව බැහැර කළ යුතුය.
3)රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න.
4)සියලුම ගෘහස්ථ පරිශ්‍රයන්හි හොඳ වාතාශ්‍රයක් ඇති බව තහවුරු කරන්න.
5)ආරක්ෂිත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම තහවුරු කරන්න.
6)පිරිසිදු පරිසරයක් පවත්වා ගන්න.
7)ආරක්ෂිත පානීය ජලය සැපයීම තහවුරු කරන්න.

#ආයතනික_පාලන_පියවර
🏤 පාසල් බලධාරීන් පහත සඳහන් පියවර අනුගමනය කරන්න ;
💡 විශේෂයෙන් ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු සබන් සහ ජලය යොදා නිතිපතා අත් සේදීම තහවුරු කරන්න.
💡 ආරක්ෂිත ජලය සැපයීම සහ නිසි සනීපාරක්ෂක පහසුකම් පවත්වා ගැනීම තහවුරු කරන්න.
💡 වැසිකිළි සහ දොර අගුල්, කරාම වැනි නිතර අල්ලන මතුපිටවල් දිනකට අවම වශයෙන් තුන් වතාවක්වත් පිරිසිදු කිරීම සහ විෂබීජ නාශනය කිරීම තහවුරු කරන්න.
💡 ශ්වසන ආචාරශීලීත්වය ප්‍රවර්ධනය කරන්න (කැස්ස/කිවිසුම් යාමේදී ටිෂූ එකකින් හෝ වැලමිටෙන් ආවරණය කිරීම).
💡 භාවිත කළ ටිෂූ ආරක්ෂිතව වසා දැමූ කුණු බඳුන්වලට බැහැර කිරීම තහවුරු කරන්න.
💡 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සඳහා මුඛ ආවරණ භාවිතය තහවුරු කරන්න.
💡 පන්ති කාමර තුළ ප්‍රමාණවත් වාතාශ්‍රයක් පවත්වා ගන්න (හැකි සෑම විටම ජනේල/දොරවල් විවෘතව තබන්න).
💡 පන්ති කාමර තුළ අධික ලෙස සෙනඟ ඒකරාශී වීම වළක්වන්න.

🏥 රෝහල්
💡 ආරක්ෂිත සහ ප්‍රමිතිගත ආසාදන පාලන ක්‍රමවේදයන් තහවුරු කිරීම සඳහා රෝහල් ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ (IPC) මාර්ගෝපදේශ අනුගමනය කරන්න.

#විශේෂ _ප්‍රජා_රැස්වීම් (උදා: වෙසක් දන්සල්)
💡 වෙසක් දන්සල් සංවිධානය කිරීමේදී සහ පවත්වන විට වසංගත රෝග විද්‍යා අංශය මගින් සකස් කර ප්‍රකාශයට පත් කර ඇති "ආරක්ෂිත සහ සනීපාරක්ෂක දන්සලක්" සංවිධානය කිරීමේ මාර්ගෝපදේශවලට අනුකූල වන්න.
💡 ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා අසනීප තත්ත්වයෙන් පසුවන පුද්ගලයින්ට පොදු රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින ලෙස උපදෙස් දෙන්න.


‼️ වැදගත්:
🩺 වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා:

• උණ පාලනය නොවේ නම් (ඉතා ඉහළ උණ)
• අධික හිසරදය සහ බෙල්ල තද වීම
• නිරන්තරයෙන් වමනය යාම
• අතුරුගාමී බව හෝ ප්‍රතිචාර දැක්වීම අවම වීම
• අක්‍රමවත් දෑස් කැරකීම හෝ දිලිසීම
• දරුවාට දියර වර්ග පානය කිරීමට නොහැකි වීම

මෙම තොරතුරු ඔබේ හිතවතුන් අතරත් බෙදාගන්න. නිරෝගීව ඉන්න.

👩🏻‍⚕️ ප්‍රඡා සෞඛ්‍යය වෛද්‍ය තිමානි දයානන්ද
25.05.2026
තොරතුරු ;
📌 වසංගත රෝග විද්‍යා අංශය
📌 සෞඛ්‍ය අමාත්‍යාංශය

❗️උපුටා ගැනීම තහනම් 🚫 No Copy Paste
⚠️ Share කිරීමට පමණයි 🙏
©️Umayamedblog SL by Dr.Thimani Dayananda - All Rights Reserved

Thank you for the opportunity to be a part of such a meaningful Mother's Day program to talk on " Women's Health Promoti...
15/05/2026

Thank you for the opportunity to be a part of such a meaningful Mother's Day program to talk on " Women's Health Promotion " with all the wonderful moms at the Kids in Action - Kaduwela 🤍

I’m delighted to hear the feedback was positive. Looking forward to many more memorable days together! 🤗

Thankyou Poo Poorna Chanuka Dissanayaka my dear friend Dilini Ekanayake ❤️

02/05/2026
🤗
02/05/2026

🤗

2 likes, 2 comments. "ඕටිසම් ලක්ෂණ - ළමා හා යොවුන් මනස පිලිබඳ විශේෂඥ වෛද්‍ය දර් ශනී හෙට්ටිආරච්චි"

26/04/2026

වසර තුනක මානුෂීය මෙහෙවරක මතකාවර්ජනය....

​වසර තුනකට ආසන්න කාලයක් පුරා, එකදු සිංහල වචනයක් හෝ කතා නොකරන, බීමට පවා නුසුදුසු අධික හුණුගල් සහිත ජලය ඇති මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි මූලික රෝහල (Mallavi BH), දුෂ්කරතා මැද වුවද සුන්දර හදවත් ඇති මිනිසුන් වෙසෙන නඩ්ඩන්කණ්ඩාල් ප්‍රාදේශීය රෝහල (Naddankandal DH) සහ අවසාන වශයෙන් තුනුක්කායි ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ (Thunukkai PMCU) සේවය කිරීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙමි.

​අවට ගම්මාන හයක් ආවරණය වන පරිදි පිහිටා ඇති, දෛනිකව රෝගීන් සියයකට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන එකම රෝහලේ, තුනුක්කායි ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ (Thunukkai PMCU) දෙමළ භාෂාව පමණක් භාවිතා කරමින් රෝගීන් වෙනුවෙන් කැපවීමටත්, මගේ දැනුම බෙදා ගැනීමටත් හැකි විය.

මෙම පශ්චාත් සීමාවාසික සේවයේ ආරම්භයේදී පළමු දරුවා කුස දරාගෙන සිටි මම, පසුව ඔහු මගේ මව සහ සැමියා භාරයේ තබා, දෙවන දරුවාද කුස දරාගෙන නිවසේ සිට කිලෝමීටර් 350කටත් වඩා දුරක මෙවැනි දුෂ්කර සේවයක නිරත වීමි. 🥹

​එම රෝහලේ ප්‍රධාන සහ එකම වෛද්‍යවරිය (Medical Officer In Charge) ලෙස සේවය කරන අතරතුර, මට කිසිදු තනිකමක් හෝ වෙහෙසක් දැනෙන්නට ඉඩ නොදී මා සතුටින් තැබීමට උත්සාහ කළ ඒ අවිහිංසාවන්ත මිනිසුන් පිළිබඳව මගේ හදවතේ ඇත්තේ ඉමහත් ගෞරවයක් සහ සතුටකි ❤️ 😇

_​සේවා ඇගයීමේ උපහාරය_
​වෛද්‍ය තිමානි දයානන්ද වෛද්‍යතුමියට...

​ඔබේ නොමියෙන සිනහවෙන් පිරි මුහුණත්,
අධිකාරීවාදී නොවන ඔබේ කරුණාවන්ත වදන් පෙළත්,
අපගේ හදවත් තුළ සදා නොමැකී පවතිනු ඇත.

​සමීපතමයන් පවා පසුබට වන දුෂ්කර මොහොතක,
රාජකාරියටත් එහා ගිය මනුෂ්‍යත්වයකින්,
කිසිදු පැකිලීමකින් තොරව කරුණාව පෙරදැරිව සේවය කළ,
මාතෘ හදවතක් ඇති උතුම් තැනැත්තිය ඔබයි!

​ආදරය, සහයෝගය, අනුකම්පාව, කැපවීම,
ඉවසීම, දරාගැනීමේ ශක්තිය සහ නිසි වේලාවට වැඩ කිරීම වැනි,
ඔබේ අසමසම ගුණාංග ආභරණයක් කොට පැළඳ,
මිනිස් ජීවිත සුරකින වෛද්‍යතුමියනි,
ඔබේ ඒ උදාර සේවය අගයමින් අපි ඔබට සුබ පතන්නෙමු!

​සුබ පැතුම් පිරිනමන්නේ;
රෝහල් කාර්ය මණ්ඩලය,
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය (PMCU) -
තුනුක්කායි, මුලතිව්.

(ද්‍රවිඩ බසින් වූ පද පේළි වල සිංහල පරිවර්තනයි👆🏼 )

_A Journey of Service and Humanity_

For nearly three years, I have had the humble joy of serving patients and sharing my knowledge in the Mullaitivu District—a region where the water is heavily calcified and where I did not speak a single word of Sinhala, communicating entirely in Tamil.

My journey took me through the Mallavi Base Hospital (BH) , the Naddankandal Divisional Hospital (DH) —home to people with difficult lives but beautiful hearts—and finally to the Thunukkai Primary Medical Care Unit (PMCU). This unit serves six surrounding villages and is the only accessible healthcare facility for nearly a hundred patients daily.

I began this mission while pregnant with my first child. Later, leaving him in the care of my mother and husband, I continued to serve 350 km away from home while pregnant with my second child. 🥹
As the Medical Officer in Charge (MOIC) and the only doctor at the station, I feel a deep sense of respect and humble happiness toward these gentle people. They never let me feel lonely or exhausted and always strove to keep me happy. ❤️ 😇

_A Tribute of Appreciation_
To Dr. Thimani Dayananda...

Your face, ever-adorned with an undying smile,
And your kind words, free from any sense of authority,
Will remain forever etched within our hearts.

At a time when even kith and kin might hesitate,
You served with a humanity that transcended duty;
Acting without hesitation and led by compassion,
You are a noble soul with a mother’s heart.

Wearing your unmatched sacrifices as your jewels—
Your love, support, empathy, and dedication,
Your patience, resilience, and tireless work through day and night—
O Doctor, who protects the lives of mankind!
In profound appreciation of your noble service,
We offer you our heartfelt blessings and wishes!

With Best Compliments from:
The Hospital Staff,
Primary Medical Care Unit (PMCU) –
Thunukkai, Mullaitivu.

(Translated from the original Tamil verses)

#සමුගැනීමේසාදය #දුෂ්කරසේවාකාලය
17.05.2024

26/04/2026

පුංචි දවස්වල මං🤗

17/04/2026

ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මා නිල වශයෙන් පා තැබූ ස්ථානයට මෙලෙස සමුදුනිමි ! 😇
පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
2026.02.13

මගේ ජීවිතයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක නිමාව මෙලෙස සනිටුහන් කරමි,

වසරකට ආසන්න කාලයක් තුල මා කිසිසේත් බලාපොරොත්තු නොවූ විවිධ ආකාරයේ අත්දැකීම්වලට මුහුණ දෙමින් මාගේ ජීවිතය හැඩගැස්වුනි.

මේ ගමනේදී මා හට උදව් කළ සැමට ස්තූතියි.
පිටකෝට්ටේ සහකාර මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (AMOH) ධුරයෙන් මම සමුගන්නේ හද පිරි සතුටිනි ❤️

ලැබූ සියලු මතකයන්, උගත් පාඩම් සහ ජීවිත අත්දැකීම් ගැන මම ඔබ සැමට කෘතඥ වෙමි 🙏🏽

මට මෙවන් සුන්දර සමුදීමේ සාදයක් සංවිධානය කළ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලසිත් විජේකෝන් මහතා(ලසිත් අයියා) ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තූතියි.

විශේෂයෙන්ම සමුද්‍රිකා අක්කා (වෛද්‍ය සමුද්‍රිකා), ඔබේ කරුණාව සහ සහයෝගය මගේ වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීමට නිරන්තරයෙන්ම ශක්තියක් වුණා 🤗

SPHM නිමාලි මිස් , ඔයා අකුරු කරපු ඒ කවි පේලි ඇත්තටම හරිම ලස්සනයි 😍 ඔයාටත් බොහොම ස්තූතියි❤️

_සුභ පැතුම් !_

ලබැඳි සිනා... මුව සරසා...
පෑයූ තාරකාවිය
නැවුම් අදහස්තරු එළියක් ගෙනාවා හැමදාම...
වැඩක් නම් කරමත ගෙන,
දෑතින්ම පමණක් නොව,
හදවතින්ම එය ඉටුකළ... ගුණයකි,
තරුවක දිස්නෙ බව
තව ඔප වෙන....
සැමට සම ලෙස සලකන,
උතුම් මිනිස් ගුණයකි,
තරුවක මඟ කියවෙන....

පැහැදිලිම මාවතකඔබ පියනගනවා...
මතු දාක තරු රැජිණක්ව,
ඔබ දිලෙන බව දන්නවා
ඔබ අපේමයි සඳවතිය...
අද මෙන්ම එදාටත්හරි ආදරෙන් සුභ පතනවා!!!

Good Luck Dr. Thimani Dayananda (AMOH)
From MOH Pitakotte Staff
13.02.2026

මේ ආකාරයට මගේ නව ගමනට ආශිර්වාද කළ සහ සුබ පැතූ සැමට මා ස්තූතිවන්ත වෙමි 🥰

Good bye to the place where I officially stepped in to
Public Health 😇
13.02.2026
MOH Pitakotte

End of another remarkable chapter of my life. Closer to one year period shaped me in ways I never expected.
Thank you for everyone who helped me in this journey.

Signing off as the AMOH- Pitakotte with a full heart❤️
Grateful for all the memories, lessons and experiences for life 🙏🏽

Thankyou for all the staff including the MOH Dr. Lasith Wjk (Lasith aiya) for arranging such a lovely farewell for me, especially Dr. Samudrika(Samudrika akka) , your kindness and support always kept me going in line with my career and life🤗

Nimali miss (SPHM), the poem you have written, that's really too sweet 😍

And for everyone who spoke and blessed me on my new journey, forever thankful 🥰

16/04/2026

සැමට අලුත් අවුරුද්ද සුභම වේවා 🪔🧿🤍

#අලුත්අවුරුදු2026

Umaya medblog SL -Dr.Thimani Dayananda
Poorna Chanuka Dissanayaka

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Umaya medblog SL -Dr.Thimani Dayananda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Umaya medblog SL -Dr.Thimani Dayananda:

Share