Counselling Services for Happy Life

Counselling Services for Happy Life Counseling Services for better life

ප්‍රේමය විවාහය දක්වා පරිවර්ථනය කරගන්න කලින් ,📍ඔයාට තරහ යන හැටි එයාට පෙන්නන්න 📍තරහ ගිහාම ඔයා ඒ තරහ පිට කරන හැටි එයාට පෙන්...
01/10/2024

ප්‍රේමය විවාහය දක්වා පරිවර්ථනය කරගන්න කලින් ,
📍ඔයාට තරහ යන හැටි එයාට පෙන්නන්න
📍තරහ ගිහාම ඔයා ඒ තරහ පිට කරන හැටි එයාට පෙන්නන්න
📍ඔයා අකමැති දේවල් ගැන කෙලින්ම කියන්න
📍ඔයාගෙ කැතම behaviour එක එයාට පෙන්නලා බලන්න
📍ඔයා යාලුවො කව්ද එයාල එක්ක තියන සම්බන්ධය මොනවගේද කියල එයාට කියන්න
📍ඔයා දුම් බොන්වනනම් අරක්කු බොනවනම් ඒ මොන හැටි බිව්වම ඉන්න හැටි එක සැරයක් හරි එයාට පෙන්වන්න
📍ඔයා s*x කරන්න ආස විදිහ ඔයා s*x වලින් බලාපොරොත්තු වෙන දේ ගැන ලැජ්ජ නැතුව කථා කරන්න
📍ඔයාගෙ ආර්ථික මට්ටම ,ආදායම වියදම ගැන කෙලින් කථා කරන්න
📍බැන්දට පස්සෙ ළමයි හදනවද නැද්ද කියල කියන්න
📍කසාද ජීවිතේ ගැන ඔයාට තියෙන්නෙ මෙන්න මෙහෙම අදහසක් ඒ දේවල් වලට එකඟද වෙනස් වෙන්න ඕනෙ මොනවද කියල කෙලින්ම අහන්න
අමාරුවෙන් බොරු චරිතයක් මවාගෙන රඟපාල කසාද බඳින්න එපා .
බඳින්න කලින් ඔයා අස්සෙ ඉන්න ඇත්ත මනුස්සයව එයාට පෙන්නන්න .
ඒ මනුස්සයට එයාගෙ ප්‍රතිචාරය කොහොමද කියල බලන්න .
බැන්දට පස්සේ වෙනස් කරගන්න හිතාගෙන කසාද බඳින්න එපා ,කසාද බැන්ද කියල මිනිස්සුන්ගෙ behaviours වෙනස් වෙන්නෙ නැහැ ,එහෙම වෙනස් උනත් ඒ ඉතා කුඩා ප්‍රතිශතයක් විතරයි .
ප්‍රේමය අස්සෙ එක එක චරිත මවාගෙන බොරු කලාට කසාදය අස්සෙ බොරු කරන්න බැහැ ,
ටික කාලෙකින් ඇත්ත සතා එළියට එනවම තමයි .
බඳින්න කලින් තමන් ඇතුලේ ඉන්න සැබෑ සතා එක්ක එයාට ඉන්න පුලුවන්ද එයා ඇතුලෙ ඉන්න කෙනා එක්ක ඔයාට ඉන්න පුලුවන්ද කියල හොඳට හොයල බලන්න .
හුඟක් මිනිස්සු විවාහයෙන් පස්සේ අනේ එයා ගැලපෙන්නෙ නැහැ එයාගෙ ඒ ගති කලින් තිබ්බෙ නැහැ කියල මනෝ උපදේශණයට අපි හොයාගෙන එනවා ,
හැබැයි එතකොට ප්‍රමාධ වැඩියි , අපි ළඟ උනත් options අඩුයි ,
ඒ නිසා බඳින්න කලින් එයා අස්සෙ හැංගිලා ඉන්න සතාව අඳුරගන්න බලන්න 💜

(ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම අදාළයි )
Copied.

ජීවිතේ පහළම අඩියට වැටිලා ඉන්න කෙනෙක්ට නැගිටින්න උවමනා වුණ පලියට හෙට උදේ වෙද්දී ප්‍රාතිහාර්යයක් වෙලා තියෙන්නේ නැහැ.මලක් ව...
27/07/2024

ජීවිතේ පහළම අඩියට වැටිලා ඉන්න කෙනෙක්ට නැගිටින්න උවමනා වුණ පලියට හෙට උදේ වෙද්දී ප්‍රාතිහාර්යයක් වෙලා තියෙන්නේ නැහැ.

මලක් වුණත් ලස්සනට පිපෙන්නේ බලෙන් පෙති දිග හැරියොත් නෙවෙයි,

ඒකට අවශ්‍ය අඩුම කුඩුම ටික හරියට දීලා නිදහසේ පිපෙන්න ඉඩ දුන්නොත් විතරයි.

ඔයාටත් එහෙම වෙන්න අවශ්‍ය නම්,

⭕ඔයාට වැරදුණු තැන් අඳුරගන්න!

⭕නැවත වරක් ඒ දේවල්ම නොවෙන්න වගබලාගන්න!

⭕ස්වයං ආදරය වැඩිදියුණු කරගන්න!

⭕ඔයාට අනාගතේදී ඇත්තටම කරන්න අවශ්‍ය මොකක්ද කියන එක හොයාගන්න!

⭕ඒ දියුණුවට අවශ්‍ය කරන දේ ඔයාම ඔයාට ලබාදෙන්න!

⭕දරාගැනීමේ ශක්තිය වර්ධනය කරගන්න!

⭕නිදහසේ පියවරෙන් පියවර ඉදිරියට යන්න!

එක්තරා දේශනයකදී එහි දේශකයා එම දේශනයට සහභාගි වී සිටි එක් යුවලක් තෝරා ගෙන, එම බිරිඳගෙන් මෙහෙම අහනවා.“ඔබේ ස්වාමියා ඔබව සතුට...
26/07/2024

එක්තරා දේශනයකදී එහි දේශකයා එම දේශනයට සහභාගි වී සිටි එක් යුවලක් තෝරා ගෙන, එම බිරිඳගෙන් මෙහෙම අහනවා.

“ඔබේ ස්වාමියා ඔබව සතුටින් තබනවාද?”

ඒ මොහොතේ ඇයගේ ස්වාමියා බොහොම ආඩම්බරයෙන් බිරිදගේ පිළිතුර ලැබෙන තුරු ඇය දෙස බලා සිටියා. තම බිරිඳගේ පිළිතුර නිසැකවම “ඔව්” යන්න බව ඔහු තදින්ම විශ්වාස කළා.

ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාවට ඇය කිසි දිනක කිසිදු ආකාරයක පැමිණිල්ලක් සිය ස්වාමියාට යොමු කර තිබුණේ නැහැ. එහෙත් මේ මොහොතේ,,,

ඇයගේ පිළිතුර.. “නැහැ..”

කිසිවෙකු එවන් පිළිතුරක් අපේක්ෂා කලේ නැහැ. සභාවේ සිටි සියලු දෙනා ඇයගේ ස්වාමි පුරුෂයා දෙස උපහාසාත්මක සිනහවක් පෑවා. ඔහුගේ මුහුණ හරිම නොසන්සුන්. කිසිදා තම ආදරණීය බිරිදගේ මුවඟින් අපේක්ෂා නොකළ පිලිතුරක්…

බිරිද තව දුරටත් ඇයගේ හඩ අවදි කලා.

“මගේ ස්වාමි පුරුෂයා මා සතුටින් තැබිය යුතු යැයි මා කිසිදා අපේක්ෂා කලේ නැහැ.”

“මා පැවසුවේ ඇත්ත. මගේ ස්වාමිපුරුෂයා කවදාවත් මාව සතුටින් තිව්වේ නැහැ.

එ වගේම මම බලාපොරොත්තු වුණේ නැහැ කවදාවත්ම ඔහු මා සතුටින් තැබිය යුතුය කියලා.

ඇත්තටම ඔබට පැවසීමට ඇති වැදගත්ම කාරණාව තමයි, මම ජීවත් වෙන්නේ ගොඩක් සතුටින්…”ඇය මෙලෙස පවසද්දී හැමෝගේම අවධානය තවත් වැඩි වුණා.

ඇය බොහෝම ඉවසිල්ලේ සභාවේ සියලුම දෙනාගේම ප්‍රහේලිකාව විසදමින් ඉදිරියට ගියා.

“මම කවදාවත් මගේ සතුට තවකෙකු මත රඳා පවතිනවට කැමති වුණේ නැහැ. මා සතුටින් තැබිය හැකි එකම පුද්ගලයා මා පමණක්ම බව කුඩා කල සිට මම විශ්වාස කලා. කුඩා කල පටන් ජීවිතයේ සෑම මොහොතක දීම, මුහුණ දුන් සෑම සිදුවීමකදීම මා තෝරා ගත්තේ සතුටින් ජීවත් වීමටයි. එහෙත් ඒ සෑම මොහොතකම මගේ සතුට වෙනත් කෙනෙක් මත රඳා පැවතුනා නම් ඇත්තටම මට වෙන්නේ විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්න විතරයි…..

සභාවම ඉතා නිහඩව ඇයව අසා සිටිනවා. ඇය දිගින් දිගටම සිය හඬ අවදි කළා.

“ජීවිතයේ සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා. මා වටා සිටින පුද්ගලයින්, ධනය, බලය, රැකියාව මෙන්ම මගේ කායික මානසික සුවය ආදී සියලූම දේවල් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මට අවශ්‍ය වුණේ සිදුවෙන ඕනෑම දෙයකදී මා සතුටින් සිටීමටයි.

මට බොහෝ දේ අයත් වුණත්, ස්වල්ප දෙයක් අයත් වුණත් මා සතුටින් සිටියා. මා දුප්පත් වුනත්, ධනවත් වුනත් මම සතුටින් සිටියා.

මම විවාහකයි… නමුත් මා තනිකඩව සිටි කාලයේදීත් සතුටින් සිටියා. ඒ නිසා මට සතුට සොයා ගැනීම සදහා විවාහය අවශ්‍ය වුණේ නැහැ. සැබැවින්ම මම මා නිසා සතුටින්…

මෙහි යථාර්ථය, මා සතුටින් සිටින්නේ මගේ ජීවිතය පහසුවෙන් ගත කළ හැකි නිසාවෙන් නොවෙයි.

මා සතුටින් ජීවත් වෙන්නේ, පුද්ගලයකු ලෙස සතුටින් සිටීමේ තීරණය මා විසින් ගෙන ඇති නිසා. සරලව කියනවා නම් මගේ සතුටට වගකිව යුතු වන්නේ මා පමණමයි.

ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා මගේ ජීවිතය ඉතා සරලව සහ සැහැල්ලුවෙන් ගත කරන්න, ජීවත් වෙන්න. කිසිදා කිසිවෙකුට ඔබේ සතුට පාලනය කරන්න ඉඩ දෙන්න එපා.

ඔබට කුමන දේ තිබුණත්/ නොතිබුණත්… ඔබට කවරෙකු හෝ ආදරේ කලත්/ නොකලත්.. ඔබ කුමන රැකියාව කළත්…

ඔබට සෑම මොහොතකම සතුටින් සිටිය හැකියි…

ඇය සිය කතාව අවසන් කරන විට කිසිවෙකු අත්පොළසන් දෙන හඩක් ඇසුණා.. අත්පොලසන් දීම ආරම්භ කලේ වෙන කිසිවෙකු නෙවෙයි,, ඇයගේ සැමියා….

ඒ සමඟම මුලු සභාවම අත්පොලසන් හඩින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැහැ….

සෑම විටම ඔබ ඔබටම විශේෂ පුද්ගලයෙක් කර ගන්න …..එය කිසි විටෙකත් අමතක නොකරන්න….හැකි සෑම මොහොතකම සතුටින් සිටින්න.

 #මනෝ උප⁣දේශකවරැ කියලා කියන්නේ කවුද?වර්තමානයේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කවුද මේ මනෝ  #උපදේශකවරැ කියලා කියන්නේ කියන...
26/07/2024

#මනෝ උප⁣දේශකවරැ කියලා කියන්නේ කවුද?

වර්තමානයේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කවුද මේ මනෝ #උපදේශකවරැ කියලා කියන්නේ කියන එක..
මනෝ උපදේශකවරැ අදවන විට සමාජ මාධ්‍ය තුල ඉතා ජනප්‍රිය චරිතයක් නමුත් මේ පිළිබදව බොහෝ අයට නිවැරැදි අවබෝධයක් නැහැ කියලා තමයි අපට පේ⁣න්නේ.ඒම නිසා ගොඩක් සේවා ලාභීන් අමාරැවේ වැටෙන අවස්ථා වගේම නිසි උපදේශනයකට හෝ ප්‍රථිකාර වලට යොමු නොවී ඉතා අභාග්‍ය සම්පන්නව මානසික රෝග උග්‍රවී ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට වන අවස්ථා අපට සමාජයේ ඕනි තරම් දක්නට තියෙනවා ඒ නිසා කවුද මේ මනෝ උපදේශකවරැ කියලා කියන්නේ කියලා හැමෝටම තේරෙන විදියට පොඩි සංවාදාත්මක සටහනක් තියන්න හිතුවා..

#🧑මනෝ උපදේශකයවරැ කියන්නේ උපදෙස් දෙන අයද?

🙍නැහැ..කිසිම මනෝ උපදේශකවරයකු ඔබට උපදෙස් ලබා දෙන්නේ නැහැ.අපේ සංස්කෘතිය තුල තියෙනවානේ උපදෙස් අනුශාසනා අවවාද වගේ දේවල් නමුත් මනෝ උපදේශකයකු කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි.පුදුමයි නෙද?

🧑එහෙනම් මොනාද එයාලා කරන්නේ?

🙍මනෝ උපදේශකයකු ප්‍රධාන වශයෙන්ම කරන්නේ තමන් ළගට එන සේවා ලාභියාට ඔහුගේ ගැටලුවට සාවදානව සවන් දී එම ගැටලුව නිරාකරණය කරගැනීමට ඔහු තුලම තියෙන නමුත් ඔහුට එම මොහොතේ නොපෙනෙන මාර්ගයක් සොයා ගැනිමට ඔහුට සහය වීමයි..මේ සදහා බලපත්‍ර ලාභි මනෝ උපදේශකයකු සතුව හොද මනෝවිද්‍යාත්මක දැනුමක් වගේම අවබෝධයක් තිබෙනවා එම දැනුම සහ අවබෝධය මගින් වඩා පහසුවෙන් සේවා ලාභියටම තමන්ගේ ගැටලුව විසදා ගැනීමට සහය වීමක් තමයි වෙන්නේ.

🧑එතකොට මනෝ උපදේශකවරැ බෙහෙත් දෙනවද?

🙍නැහැ.කිසිම මනෝ උපදේශකවරයකුට බෙහෙත් නියම කිරිමට බලයක් නැහැ එහි බලය තිබෙන්නේ මනෝ වෛද්‍යවරයකුට පමණයි.නමුත් මනෝ උපදේශකයකුට යම් ප්‍රමාණයකට තම වෘත්තීය පහසුව පිණිස ⁣ඒ ඒ මානසික රෝගී තත්ත්වයට අදාල බෙහෙත් ගැන දැනීමක් තිබිය හැකියි.නමුත් කිසිම විටෙක ඒවා තම සේවා ලාභීන්ට නිර්දේශ කිරීමට හෝ දීමට අයිතියක් මනෝ උපදේශකවරැන්හට නැහැ.

🧑මනෝ උපදේශකවරැ හමුවෙන්න ඕනි පිස්සු හැදුනමද ?

🙍සමාජයේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්න වැරදි අදහසක් තමයි ඕක.මේ සමාජයේ ඉන්න ඕනිම කෙනෙක්ට ඔබට වගේම මටත් ඕනිම මොහොතක මානසික අසමතුලිතතාවයක් හට ගන්න පුළුවන්,ඒ වෙලාවට අපි කාටත් බාහිර සහයක් අවශ්‍ය වෙනවා.ඒක තමයි සුදුසුම.ලංකාව තුල #මානසික රෝග ගැන තිබෙන්නේ ඉතා පසුගාමී අදහසක් නමුත් අතීතයේදී දේශීය වෛද්‍ය ක්‍රමය තුලත් මානසික රෝග සදහා ප්‍රතිකාර කර තිබෙනවා ඒ කාලයේ බටහිර වෛද්‍ය විද්‍යාව තුල මානසික රෝග සම්බන්ධයෙන් අල්ප දැනුමක් තමයි තිබිලා තියෙන්නේ නමුත් බටහිර වෛද්‍ය ක්‍රමය තුල වර්තමානයේ නම් ඉතාම දියුණු තත්ත්වය තමයි දැන් තියන්නේ එම නිසා එම රටවල මෙය ඉතා සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා.අද වන විට එමරට වල පාසල් පෙලපොත්වලට පවා මනෝවිද්‍යාව ඇතුලත් කරලා තියෙනවා.
ඉතින් අපිත් තවදුරටත් මානසික රෝග ගැන පහත් ලෙස සලකන්න හෝ ලැජ්ජාවක් ලෙස සලකන්න හෝ අවශ්‍ය නැහැ අදවන විට ලංකාව තුල නිවැරැදි මනෝවිද්‍යාත්මක දැනුමක් නොමැතිව හා නිවැරදි උපදේශකවරැ හමු නොවීම නිසාත් ප්‍රතිකාර ලබා නොගැනීම නිසාත් විශාල වශයෙන් පවුල් අවුල්, සමාජ අසම්මත ක්‍රියා,ලිංගික ගැටලු,සියදිවි නසාගැනීම් වගේ නොයෙකුත් අර්බුද හටගෙන තිබෙන්නේත් ඒ නිසා.

🧑එතකොට මනෝ උපදේශකවරැ හමුවෙන්න ඕනි ⁣කොයි වගේ අයද?

🙍මානසික ගැටලුවකින් පීඩා විදින අය විතරක් නොවෙයි.ඊට ප්‍රථමවත් හමුවෙන්න ඕනි උදාහරණයක් විදියට ගත්තොත් විවාහ වීමට ඉන්න දෙන්නෙක් ඊට ප්‍රථමව උපදේශකයකු හමුවී පවුල් උපදේශනයකට යොමු වීමෙන් අදවන විට ලංකාව තුල අනවබෝධය නිසා දිනකට සිදුවන ඩිවොස් වීම් 500න් එකක් හරි නවත්වා ගන්න පුළුවන් වේවි. #ළමයින්ගේ අධ්‍යාපනික ගැටලු, #රැකියාවේ ගැටලු, #ක්ලමතය, #විශාදය, #අපේක්ෂා භංගත්වය, #පෞරුෂ ආබාධයන්,නොයෙකුත් #භීතිකා, #පවුල් උපදේශනය, #මත්පැන් මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවීම්,විවිධ ඇබ්බැහිවීම්, #ලිංගික උපදේශනය, #අසාමාන්‍ය හැසිරීම්,අසාමාන්‍ය දෑ පෙනීම,නිතර නිතර තරහයෑම,වැනි ඔබට #පාලනය කර ගත නොහැකි හෝ ඔබේ පවුලේ කෙනෙක්තුල දක්නට ලැබෙන අසාමාන්‍ය චර්යාවන් වල දී මෙන් අංශ බොහෝමයකට නිවැරැදි උපදේශනයක් තුලින් අනිවාර්යයෙන්ම සහනයක් ලබා ගන්න පුළුවන්

🧑එතකොට මනො උපදේශකවරැ හැමදේම දන්න අයද?

🙍හැමදේම දන්න අය කොහෙද ලොකේ ඉන්නේ..නැහැ එහෙම දෙයක් නැහැ.මනො උපදේශකවරැ කියන්නේ මනොවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධයෙන් වෘත්තීය මට්⁣ටමෙන් ඉගෙන ගත්තු අය. මනසේ ක්‍රියාකාරිත්වය,මොලයේ රසායනික ක්‍රියාවලිය වගේම නොයෙකුත් අසාමාන්‍ය හැසිරීම් හා ව්‍යාදීන් සම්බන්ධයෙන් නුතන දැනුමෙන් පෝෂණය වු ඒසම්බන්ධයෙන් විධිමත්ව අධ්‍යාපන ලබා වෘත්තීය සංගමයක් තුල ලියාපදිංචි වී සිටින අයයි.එම නිසා ඒඅයට විවිධ වෘත්තීය සහයෝගය සහෝදර අනෙකුත් වෘත්තිකයන්ගෙන් ලැබෙනවා ඒ නිසා මනො වෛද්‍යවරුගේ,මනෝ විද්‍යාඥයින්ගේ වගේම අනෙකුත් වෛද්‍යවරුන්ගේ,පොලිසියේ,නිතීඥවරැන්ගේ,හෙද හෙදියන්ගේ,ගුරැවරැන්ගේ වැනි සමාජයේ අනෙකුත් වෘත්තීන් හා සහ සම්බන්ධව කටයුතු කරනවා ඒ නිසා ඒ අයගේ දැනුම සහ සහයෝගය අවශ්‍යයි,උපදේශකවරැන් විද්‍යාත්මක නිගමනියකින් පසු අවශ්‍ය මනෝ චිකිත්සාව සිදු කිරිමෙන් පසු හෝ සමහර ව්‍යාදීන් සදහා එසේත් නොකර අවශ්‍ය අංශ වෙත යොමු කරීම පමණයි දන්න අය මිස සියල්ලම දන්න අය හෝ සියල්ලම කරන පුළුවන් අය නොවෙයි.

🧑අපි කොහොමද හොද උපදේශකවරැ හොයා ගන්නේ?

🙍ලංකාව තුල දැනට පවතින සම්ප්‍රාදාය තමයි මනෝ විද්‍යාව ඉගෙන ගත් පලියට මනෝ උපදේශකයකු වෙන්න බැහැ,ඒසදහා වෘත්තීය මනෝ උපදේශකවරැන්ගේ සංගමයක සාමාජිකත්වයක් තිබිය යුතු යන වග.ඒ නිසා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සේවා ලාභියෙකුට අයිතියක් තියෙනවා.මොකද මේක මනස හා මනෝකායික රෝග සම්බන්ධයෙන් වගකිව යුතු වෘත්තීයක් බැවින් ඒ සම්බන්ධයෙන් වෘත්තීමය භාවයක් නොමැති තැන්වලින් හෝ අයගෙන් උපදේශනය ලබා ගන්න යන්න එපා අපි දැකලා තියෙනවා නොයෙකුත් ⁣මනෝවිද්‍යාත්මක ගැටලු #සමාජ මාධ්‍යය වල තියෙන group වල පලකරනවා සමහර වෙලාවකට අප ඒවා කියවන විට දකිනවා සමහර කිසිම වෘත්තීමය දැනුමක් නොමැති පුද්ගලයින් ඔබගේ ගැටලුවට දෙන පිළිතුරැ වලින් නම් ඔබට හානියක් මිස සහනයක් නම් ලැබෙන්නේ නැහැ..ඒ වගේම ඒඅය නිසාත් නොයෙකුත් ගැටලු මතුවු තමන්ගේ ව්‍යාදීන් වැඩි වී උපදේශකවරැ සොයා ආ අවස්ථාවන් හා තමන්ගේ රහස්‍ය බාවයට හානි කර නිතියේ උපකාර සදහා වගේම සියදිවි හානිකර ගත් අවස්ථාවන්ද අද තිබෙනවා.

🧑අපේ #පෞද්ගලික හැමදේම කියන්න වෙනවානේ අපි කොහොමද එයාලව විස්වාස කරන්නේ

🙍මනෝ උපදේශකවරැන් තම වෘත්තීය සදහා ආචාරදර්ම පද්දතියක් තියෙනවා සෑම උපදේශකවරයෙක්ම ඒ සදහා නීතියෙන් වගේම සදාචාරාත්මකව බැදී සිටිනවා..ඒවගේම නිවැරැදි දක්ෂ මනෝ උපදේශකයක් කියන්නේ ඔබව හොදන් තේරැම් ගන්න පුළුවන් ඒ සදහා හොද දැනුමක් තියෙන සහ අද්දැකීම් තියෙන කෙනෙක් ඔබ වචනයෙන් නොපවසන නමුත් ඔබේ මුහුණේ ඉරියව්,ශරීරයේ ඉරියව්,වගේම වචනයෙන් පවසන දේ තුල තිබෙන නොකියවෙන දේත්,ඔබ අදින චිත්‍ර,කැමති අකමැති දේවල්,ඔබ කැමති පාට,ඔබ දකින සිහින,ඔබ ලියන අකුරැ,ඔබ කැමති සංගීතය,සමාජ මාධ්‍ය වල ඔබ හැසිරෙන ආකාරයෙන් වගේ දේවල් තුලින් තේරැම් ගැනීමටත් ඒ සදහා නුතන මනෝවිද්‍යාත්මක දැනුමක් සහිතව පුහුණු වුන හොද දක්ෂ මනෝ උපදේශකවරයෙක්ට හැකියි.නමුත් ඔවුන් ඔවුන්ගේ සිමාවතුල ඉද තම සේවා ලාභියාට සහයෝගය දීමට බැදී සිටි. ඒ වගෙම එම වෘත්තීමය සහයෝගය ලබා ගන්නා සේවා ලාභීන් ද ඒ මනෝ උපදේශකවරැ සහ සේවා ලාභින් අතර තිබියයුතු වෘත්තීමය සබදතාවය ගැන මනා අවබෝධයක් සහ සිමාවන් ගැන දැනුවත් විය යුතුයි.

🧒මනෝ උපදේශකයකු යාලුවෙක් උනොත් නම් නියමයි නේද ?

🙍ඔව් නියමයි,හැබැයි කවමදාකවත් එහෙම උපදේශකයකු ලෙස ඉන්න ඔබේ යාළුවෙක් හරි දරැවෙක් හරි බිරිදක් හරි ස්වාමියෙක් හරි නැතිනම් ⁣ඔබ හොදින්ම හදුනන කෙනෙක් හරි විසින් ඔබට වෘත්තීමය සහයක් නම් ලැබෙන්නැහැ.මොකද කිසිම විටෙක එවැනි වෘත්තීමය සහයක් ඒවගේ පාර්ශව උදෙසා සිදුකිරීමට අපහසුයි මොකද මෙම වෘත්තීය එසේ කල හැකි දෙයක් නම් නොවේ.නමුත් එවැනි සහයක් අවශ්‍ය මොහොතක වෙනත් උපදේශකයකුට ඔබව යොමු කරීම නම් ඔවුන් අනිවාර්යයෙන්ම සිදු කරයි.ඒ නිසා ඒවගේ යාලුවෙක් ඉන්න එක අනිවාර්යයෙන්ම හොදයි.

🧑අපිව #මෝහනය කරලා අපේ හැමදේම අහගයිද?

🙍මෙන්න මේ ගැටලුවත් අද සමාජේ තියෙන අනිසි බියක් ,නොකිව්වාට අපිව හම්බ වෙන්න එන අයගේ යටි හිතේ ඕක තියෙන අවස්ථා තියෙනවා.ඒගැන නම් කියන්න තියෙන්නේ මේකයි.කිසි කෙනෙක් බලෙන් මෝහනය කරන්න බෑ,අනික මෝහනය කියලා කියන්නේ සමහර ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර ක්‍රමයක් රෝග නිධානයන් සොයාගැනීමට උපකාර වන්නක් පමණයි.එය පැරණි ක්‍රමයක් නමුත් අදටත් භාවිතා වෙනවා.ඊට වඩා දියුණු ක්‍රම අද තියෙනවා නිදහස් සංඝටකය වැනි ක්‍රම අද බහුලව භාවිතා වෙනවා.අනික පලපුරුදු මෝහනවේදියෙකුට හැර මෝහනය කිරීම සෑම උපදේශකයෙකුම දන්න දෙයක් හෝ කිරීමට පුළුවන් දෙයක් හෝ නොවෙයි.එහෙම මෝහනය කිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සේවා ලාභියාව දැනුවත් කරනවා,මෝහන අවස්ථාවේදී ඔබ සාමාන්‍යයෙන් ප්‍රකාශ කිරීමට අකමැති දේවල් ඔබගෙන් කියවෙන්නේ නෑ.ඒ නිසා ඒ ගැන බිය විය යුතු නැ.එය ප්‍රතිකාර ක්‍රමයක් පමණයි.මේ සම්බන්ධයෙන්ද මනෝ උපදේශකවරයෙකුට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා.

🧒මනෝ උපදේශකයකු සල්ලි ගන්නවද?

🙍උපදේශනය අපේ සංස්කෘතිය තුල තියෙන දෙයක් මොකක්හරි ගැටලුවක් ආවාම පවුලේ ඉන්න වැඩිහියෙකුගෙන් හරි ආගමික නායකයෙකුගෙන් හරි නැතිනම් යහලුවෙකුගෙන් හරි අපි උපදෙස් ගන්නවා ඒ සදහා අපිට මුදල් වැය වෙන්නේ නම් නැහැ සමහර විට අපේ ඒ ගැටලුව නිරාකරණය වෙන්නත් පුළුවන් ,නමුත් සමහර ගැටලු සදහා වෛද්‍ය විද්‍යාත්මක විසදුම් අවශ්‍ය අවස්තා තියෙනවා ඒවගේ අවස්ථාවල වැරදි උපදෙස් නිසා අද බොහෝ රෝගීන් මිය යන අවස්ථාවන්ද තියෙනවා ඒ නිසා අපි මානසික රෝග ගැන හොද දැනුමක් තියෙන මනෝ උපදේශකයකු හෝ මනෝ වෛද්‍යවරයකුගේ සහය ලබා ගැනීම යම් අවස්ථාවලදි අත්‍යාවශ්‍යයි .එහිදි ඔවුන් කරන්නේ වෘත්තීයක් එම නිසා ඒ සදහා වැය කරන කාලයට යම් මුදලක් අය කිරීම සිදුවනවා.ඒය වෘත්තීමය කටයුත්තක් නිසා.නමුත් දැන් ඔබට ළගම ප්‍රදේශය ලේකම් කාර්යාලවල,රජයේ රෝහල්වල,පාසල්වල,වගේම වෙනත් රජයේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින්ද ඔබට නොමිලේම හොද පලපුරැදු මනෝ උපදේශකයකුගේ සහය ලබා ගෑනීමට දැන් දැන් පහසුකම් රජය විසින් සපයා තිබෙනවා ඒවගේම දැන් බොහෝ පෞද්ගලික සේවා ස්ථානවලද ආර්ථික අපහසුතා තිබෙන සේවා දායකයින්ට නොමිලේම මනෝ උපදශනය සපයන අවස්ථා ද එමටයි.

හොදයි මම හිතනවා ඔයාලට මනෝවිද්‍යා උපදේශකයකු සම්බන්ධයෙන් යම් අදහසක් එන්න ඇති කියලා..අද ලෝකය දියුණුවත් සමගම ආපේ මිනිස්සු ගොඩක් කාර්ය බහුල වෙලා නොයෙකුත් මානසික #ආතතිවලට ලක්වෙලා ඒ නිසාම විවිධ ලෙඩ රෝග වලටත් ගොදුරැ වෙලා..හැම තැනම මානසික ප්‍රශ්න ගැටලු ,පවුල් ආරවුල්,ඉතින් මේ හැමදේටම නුතන විද්‍යවෙන් තියෙන පිළිතුර තමයි #මනොවිද්‍යාව සහ උපදේශනය..ඉතින් ඔයාලත් නිවැරදි මනෝ උපදේශකයකු හෝ මනෝ වෛද්‍යවරයකු හමුවෙලා විද්‍යාත්මක විසදුමක් ලබා ගන්න තවත් පසුබට වෙන්න එපා..

සටහන
Rumesh Dissanayake
මනෝ උපදේශක

ඇතැම් තීරන නිසා වර්තමානය ඉතා දුශ්කර එකක් වුවද, එමගින් අනාගතය ඉතාම සාර්ථක විය හැකිය.
25/07/2024

ඇතැම් තීරන නිසා වර්තමානය ඉතා දුශ්කර එකක් වුවද, එමගින් අනාගතය ඉතාම සාර්ථක විය හැකිය.

ඉතාම වැදගත් පෞරුෂත්ව ආබාධයක් ගැන කතා කරන්න හිතුවා. ඒ තමයි borderline පෞරුෂත්ව අබාධය .පෞරුෂත්ව ආබාධයක් කියන්නෙ මොකක්ද කිය...
25/07/2024

ඉතාම වැදගත් පෞරුෂත්ව ආබාධයක් ගැන කතා කරන්න හිතුවා. ඒ තමයි borderline පෞරුෂත්ව අබාධය .

පෞරුෂත්ව ආබාධයක් කියන්නෙ මොකක්ද කියල ඉස්සෙලාම සරලව කියනව නම් :

යම් අයෙක්ගේ සහජ ගති ගුණ ,
ඒ කියන්නෙ ආවේග පාලනය, හැසිරීම, ආකල්ප, ඒ පුද්ගලයාටත් , සමාජයටත් පීඩාකාරී වන ලෙස පැවතීම.
මෙවැනි අයගේ ගතිගුණ සාමාන්ය සමාජ ස්වභාවයෙන් ගොඩක් අපගමනය වෙනව.

Borderline පෞරුෂත්ව ආබාධයත් ඒ වගේ.

දැන් දැන් මේ තත්වය වැඩිපුර දකින්න ලැබෙනවදෝ කියල හිතෙනවා.
මෙහිදී වෙන්නේ,
හැඟීම් පාලනය ඉතා අස්ථාවර වීම
නිතරම ඇති වන හිස් ගතිය.
හැම දෙයක්ම වගේ ඉක්මනින් ඕනෙ වෙලා ඉක්මනින් එපා වීම.
සම්බන්ධතා නිතරම අස්ථාවර වීම (අද යාලු වෙනව - හෙට තරහ වෙනව, ආයෙ අනිද්දට යාලු වෙනව.. )
- සමහර විට මේකට එක හේතුවක් තමයි මෙයාල මිනිස්සුන්ව අඳුන ගන්නේ එක්කෝ හරීම හොඳයි නැත්නම් හරීම නරකයි කියන දෙවිදියට විතරයි.
එතනින් අතර මැද අයත් ඉන්නවා , මිනිස්සු අතින් වැරදිත් වෙන්න පුළුවන් කියල තේරුම් ගන්න එයාලට අමාරුයි.
ඒ වගේම අද හරීම හොඳ කියල හිතන එක්කෙනා හෙට හරීම නරකයි කියල ලේබල් කරන්න මෙයාල ඉක්මන් වෙනවා.
තමන්ගෙ ලඟින් ඉන්න අය තමන්ව දාල යයි කියල හරීම බයයි (insecure).
නිතර නිතර තමන්ට හානි කර ගන්න හිතනව හෝ හානි කර ගන්න හදනව ( අත් කපා ගන්නව, පෙති බොනව වගේ..)
නිතර නිතර අනිත් අයට තර්ජනය කරන හැසිරීම් වල යෙදෙනවා.
සමහර වෙලාවට ප්රචණ්ඩ විදියට හැසිරෙන්නත් බලනව
(පහර දෙනව, බඩු පොලවෙ ගහනව, හයියෙන් කෑ ගහනවා)

ඒ වගේම මෙම හැසිරීම දරුවෙක්ට තියෙද්දී දෙමව්පියෝ විදියට සැහෙන අමාරුකම් වලට හිත රිදවීම් වලට භාජනය වෙන්න
වෙනවා.

මේ හැසිරීම් වලට මුහුණ දෙන්නේ කොහොමද කියල ගොඩක් වෙලාවට දෙමව්පියන්ට හිතා ගන්නත් අමාරුයි.
අනිත් පාර්ශවයත් ආවේගශීලියි නම් ප්රශ්න තවත් හොඳටම වැඩි වෙනවා.

සමහර වෙලාවට මෙයාල හිතන්නේ තමන්ව කේන්ද්‍ර කර ගෙන විතරයි. (self centered )

මේ වගේ හැසිරීමක් තියන අය එයාල වටේ ඉන්න අයට නිතරම ඔප්පු කරන්න දක්ෂයි, එයාල හරි සංවේදීයි , ආදරේ ගොඩක් ඕනේ වගේ දෙයක්.
නමුත් කොච්චර ආදරය , අවධානය දුන්නත් අර හැසිරීම දිගටම පවතින්නත් පුළුවන්.
ඒ නිසා මේ හැසිරීම සම්බන්ධයකට ලොකුම අභියෝගයක්.

ප්රේ්ම සම්බන්ධයකදී නම් මේ වගේ අය පෙම්වතා හෝ පෙම්වතියගෙන් 100%කම අවධානය බලාපොරොත්තු වෙනවා, හැම වෙලේම කෝල් කරන්න sms කරන්න ඕනි , එහෙම නැත්නම් ලොකු හැසිරීමක් පෙන්වනවා. අත කපා ගන්නව වගේ තමන්ට හානි කර ගන්න දෙයක් වුනත් කර ගන්න පුළුවන්.

මේ වගේ තත්ත්ව ඇති වෙන්න හේතු ගණනාවක්ම තියෙන්න පුළුවන්.
ජානමය බලපෑම වගේම කුඩාකාලයේදී ශක්තිමත් ලෙන්ගතු බැඳීමක් නොමැතිව ඇති දැඩි වෙන්න සිද්ද වීමත් හේතු වෙන්න පුළුවන් කියල පෙනී ගිහින් තියෙනවා.

මේ තත්වයේ තියෙන අවධානම තමයි, මේ වගේ අය,
- සම්බන්ධතා ඉක්මනින් අස්ථාවර කර ගැනීම
- සිය දිවි හානි කර ගැනීමට පෙළඹීම
- රැකියා ස්ථානවල ප්රැශ්න ඇති කර ගැනීම
- හදිසි කෝපය මත කල කෝලහාල පවා කර ගැනීමට යාම වගේ තත්ත්ව වලට වැඩි අවධානමක් පැවතීම.

ඉතින් මේ වගේ තත්ත්ව තියෙන කව්රු හරි ඉන්නවා නම් මනෝ වෛද්ය ප්රතිකාර වලට යොමු වීම එයාලගේ ජීවිත් වල තියන අස්ථාවර භාවය අවම කර ගන්න උදව් වීමක්.

හැබැයි තමන්ගේ ම කැමැත්තෙන් ප්රතිකාර වලට යොමු වීමත් , දිගටම ප්රතිකාර සමග සම්බන්ධ වී සිටීමත් ඉතා වැදගත්.

දරුවන් (සමඟ) පොත් කියවිය යුත්තේ ඇයි?---එක්ව පොත් කියවීමෙන් දරුවන් හා වැඩිහිටියන් අතර සහසංවේඳනාත්මක (emotional bond) බැදී...
26/01/2024

දරුවන් (සමඟ) පොත් කියවිය යුත්තේ ඇයි?---

එක්ව පොත් කියවීමෙන් දරුවන් හා වැඩිහිටියන් අතර සහසංවේඳනාත්මක (emotional bond) බැදීමක් ඇතිවෙයි

වෙනත් ඕනෑම මාධ්‍යයකට වඩා, කියවීම දරුවන්ගේ මූලික භාෂා කුසලතාව වර්ධනය කිරීමට අනඟි ලෙස උපකාර වන අතර, ඔවුන්ගේ වාග් මාළාව ප්‍රශස්ත ලෙස ප්‍රසාරණය කරයි.

දරුවන්ගේ චින්තන විශ්වය ඔවුන්ගේ ආනූභූතික කාලය හා අවකාශය ඉක්මවා පුළුල් කිරීමට කියවීමට හැකිය.එයින් දරුවන්ට තමන්ගේ ම වූ අනන්‍ය චින්තාවන් කෙරෙහි යොමු වීමෙන් පෞර්ෂ්‍ය හා අනන්‍යතාව විශිෂ්ට තත්වයකට පත් කරයි. චින්තනය ආස්වාදනීය දෙයක් බවට පත් කිරීමේ මේ හැකියාව අන් මාධ්‍යන්ට ඇත්තේ ම නැති තරම්ය.

කියවීම මඟින් දරුවන්ට සිතන්නට බල කරයි.ප්‍රබන්ධ හා විෂයානුබද්ධ කෘතින් දරුවන්ගේ ඥාන මණ්ඩලයත් භාව මණ්ඩලයත් එක සේ පුළුල් කරයි.
පොත්පත් විවේචනාත්මක සිතීමේ හැකියාව වර්ධනය කරයි. පොතක් කියවීම පුද්ගලානුබද්ධ ක්‍රියාවකි. පාඨක ප්‍රතිචාරය මඟින් ඔවුන්ගේ භාව විශෝදනයත් චිත්තවේඟ හැඩ ගැසීමත් පොතකට තරම් චිත්‍රපටයකට හෝ සංගීත සංධ්වනියකට කළ නොහැක. යම් කෘතියක අන්තර්ගතය හා හා එහි සමස්තය පිළිබඳව තීරකයා ඔබමය.ඔබේ උරහිසට උඩින් එබී සිතන්නට මෙහෙයවන්නෙක් පොත් කියවන්නාට නැත.එය ස්වාධීන චින්තය වර්ධනය කරයි.

කුඩා දරුවන්ගේ පරිකල්පනය වර්ධනය කර, ඔවුන්ගේ ලෝකය පුළුල් කරන්නට පොත් කියවීමට හැකිය.පින්තූර සහිත පොත් කුඩා මනසට කලාව හා සාහිත්‍ය පිළිබඳ මූලික ස්ථිරසාර සංවේඳනා ඇති කරයි. නවකතා හා විෂයානූබද්ධ කෘති සංවේඳනාත්මක අවබෝධය ඇති කරයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්හ පිළිබඳ කියවීම මඟින් නව උත්තේජනයක් ඇති කරන අතර එය පරිකල්පනයේ හා නිර්මාණශීලිත්වයේ ආවේශණයද වෙයි.

සත්‍ය ලෙසම ලෝකයට ඇතුල්වීමට පෙර,ලෝකය හඳුනා ගැනීමට දරුවන්ට පොත් විශිස්ට ගුරුවරයෙක් වෙයි. සැබෑ ජීවිතය අත්දැකීමට පෙර පරිකල්පණීය අත්දැකීම් තුළින් එයට සුදානම්වීමේ මහඟු අවස්ථාව පොත් විසින් දරුවන්ට ලබා දෙයි.එය අවදානම් හා අසීරූ අවස්ථාවන්ට මුහුන දෙන්නේ කෙසේද හා එයට දක්වන ප්‍රතික්‍රියාවන් කෙරෙහි පූර්ව සූදානම හා අත්දැකීම මඟින් සාර්තක වීමට පසුබිම දරුවන්ට තනා දෙයි. සැබවින්ම දරුවන්ගේ වර්ධනයේ ඊළඟ අදියර සඳහා පරිණත කිරීමට පොත් නිසැකවම දරුවන්ට උපකාරී වෙයි.

අප කවුදැයි නිශ්චිතව හඳුනාගැනීමට පොත් අපට කැඩපතක් සපයයි.පොත් දරුවන්ගේ ආත්ම විශ්වාසය හා ස්වච්ඡන්දතාව ශක්තිමත් කරන අතර,අප කවුද අප ඉන්නේ කුමටදැයි යන පැනයන්ට පිළිතුරු ලබා දෙයිඅප එන්නේ කොහේ සිටද අප යා යුත්තේ කුමන ඉලක්කයකට කුමන දිශාවකටද යන්න නිවැරදිව තීරණය කිරීමට ස්වාධීනව තීරණය කිරීමේ "බලය" පොත් විසින් ලබා දේ.

ස්වයං අවබෝධය,ආත්ම ගවේෂණයට හා අත්දැකීමට අමතරව පොත් සමාජ ක්‍රියාකාරීත්වයට හා අන්තර් සමාජ සම්බන්ධතාවන්ට මඟ විවිර කර දෙයිවිවිධ පෞර්ෂයන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වයේ සියුම් වෙනස්කම් හඳුන්වා දීමට පොත් තරම් සමත් වෙනත් ගුරුවරයෙක් නැත.වෙනස්කම් හා විවිධත්වයන් පිළිගැනීමටත් දුර්වලතා හා ප්‍රබලතා මනුෂ්‍ය අත්දැනීම් සමඟ ක්‍රියාකාරීව පුකට වන්නේ කෙසේදැයි හෙළි කරන්නටත් පොත් සමත්ය. ඒවා අප ජීවත්වන සීමිත පරිසරය හා සමාජ සම්බන්ධතා ඉක්මවා විශ්වීය මට්ටමක පුළුව්ව ආවරණය කරන්නට පොත් සමත් වේ. එයින් මනුෂ්‍යා කෙරෙහි වන සහානූභූතිය හා සහකම්පනය ප්‍රවර්ධනය කිරීමට සමත් වේ.සංවේදී දරුවකුට මඟ පොත් කියවීම වන්නේ එහෙයිනි.

ලෝකය දැකීමට එක් ඇසකට වඩා එක් දැක්මකට වඩා මාර්ග ඇති බව පොත් අපට පසක් කරවයි. පොත් නව සම්බන්ධතා ගොඩනංවන අතර අපගේ හැකියාවන් පුළුල් කිරීමටත්; අන් අයව තේරුම් ගැනීමටත් අපට උපකාර කරයි. වඩාත් දයානුකම්පිත වන්නට අපට උගන්වයි.

සදාචාරය හා වටිනාකම් පිළිබඳව තමන්ගේ ම දැක්මක් හා අවබෝධයක් ඇති කර ගැනීමට පොත් කියවීම තරම් වෙන කිසිඳු අභ්‍යාසයක් ප්‍රතිඵලදායක නොවෙයි. හරි වැරැද්ද යහපත අයහපත පිළිබඳ මානුෂීය වූත් විශ්වීය වූත් ප්‍රායෝගික වූ ත් දැක්මක් හා ක්‍රියාකාරිත්වයක් සහිත පෞර්ෂයක් පොත් කියවීමෙන් ඇති වේ. අපගේ ජීවිතයේ ප්‍රමුඛතාවන්, අපේම වටිනාකම් නිර්ණය කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීමට පොත් කියවීමට හැකිය.
පොත් බොහෝ ගැටළුවට පිළිතුරු දරා සිටී.

පොත් බොහෝ නව ගැටළු දරුවන්ට අභිමුඛ කරයි.

නැවත ඒ ගැටළු වලට විසඳුම නිර්මාණය කරන අයුරු මාර්ගය පහදයි.

මේ අපෝහකය මනුෂ්‍ය චින්තනයේ පරම වර්ධන නියාමයද වෙයි.

එය අනන්තය දක්වා වර්ධනය වන ක්‍රියාවලියකි.

සංස්කෘතික අත්දැකීම් බෙදාහදා ගැනීමට පොත් තරම් උත්කර්ශවත් උළෙලක් නැත. එකම පොත කියවන විවිද සංස්කෘතින්හි දරුවන් පොදු අත්දැකීමක් විඳින අතර එය ඔවුන් අතර සහසංවේඳනය හා බැඳීම වර්ධනය කරයි. වෙනස්කම් තිබීයදී පොදු මනුෂය ස්වභාවයට නැඹුරු වීමේ වටිනාකම ඔවුන් තුළම රෝපණය කරයි.

දරුවන්,වැඩිහිටියන්.දෙමාපියන් හා ඊටත් ඉහල පරම්පරාව සමඟ ඒ ඒ පරම්පරාවල කෘතින් එක්ව කියවන කල්හී, ඒ ඒ පරම්පරාවල සිතුම් පැතුම් ආශා වුවමනා හා ආකල්ප පිළිබඳ පොදු අත්දැකීමක් හා අනොන්‍ය ගෞරවයක් වඩා වර්ධනය කරයි. එය වෙනස්කම් වලට හා පරම්පරා පරතරයන් ට අනුගත වීමේත් වඩා ප්‍රගතිශීලී වර්ධනයන්ට ඉඩ දීමෙත් මානවවාදී සිතිවිල්ල වඩා වර්ධනය කරයි. මානව ගෞරවය ඉහළ නැංවීමට මීට වඩා දෙයක් නැත.

දැනුම,අත්දැකීම් හා තොරතුරු පිළිබඳ පුළුල් පරාසයක් පොත් මඟින් විදාරණය කරයි. ඉලෙක්ට්‍රෝනික හා විද්‍යුත් මාධ්‍යයන්ට සාපේක්ෂව වඩා විශිෂ්ට අත්දැකීම් හා දැනුම් තොරතුරු ප්‍රවේශයකට කියවන්නා යොමු කිරීමට පොත් සමත් වෙයිත පොත් වලට භාෂාව බාධාවක් නොවන අතර , අප පෘථිවි පුරවැසියන් බවත් අප මෙන්ම හුස්ම ගන්නා කන බොන අදින ජීවිතය ආස්වාසය කරන හෝ එහි අනිත් පස භක්ති විදින ජනකායක් ලොව පුරා විසිර පැතිර පවත්නා බවත්, අප ඔවුන්ගේම කොටසක් වන බව හා ඔවුන් අපේ කොටසක් බවත් පොත් අපට කියා දෙයි. මෙය ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් මාර්ගවල "ප්‍රවෘත්තී" මඟින් දෙන සංවේඳනයට වඩා ගැඹුරු,පුළුල් මානවීය එකකි.

පොත් රසාස්වාදය,රසිකත්වය හා සහානූභූතිය සඳහා මනා පිටුවහලක් සපයයි.පොත් අප හිනස්සවීමට මෙන් ම හැඩවීම සමත් ය. ජීවිතය සුන්දර බවත්.ඒ සුන්දරත්වය විදීමට ඇති බාධා කවරේද යන්නත් ඒවා පරාජය කළ හැකි බවටත් විශ්වාසයක් පොත් විසින් අපට ලබා දෙයි.
පොත් කියවීම යනු අතිශය වටිනා එහෙත් වැය බරක් නැති ඉහළම රසාස්වාදයයි.විනෝදාංශයයි.ඒ සඳහා විශේ උපකරණ,ස්ථාන,කාල වේලාවක් අවශ්‍ය ම නැත.

"සංසාරය ඉහල සිට පහළටම හලාහල විෂ පිරුණු වෘක්ෂයකි. එහි අමාඵල දෙකක් ඇත.එකක්.පොත් කියවීමය.දෙවනුව සත් මිතුරු ඇසුරය" යි පූරාණ භාරතීය මුනිවරු දේශනා කල ඇත. එහෙත්, පුද්ගල මිතුරන් නැත ද පොත් ම මිතුරන් බවට පත් කර ගත හැකිය. පොත් තරම් මිතුරන් නැත.

පොත් අපට සැනසීම හා විශ්‍රාන්තිය ලබා දෙයි. කුමන තත්වයන් අත්දැකීම් වින්ඳද අප තනි වී නැත,ලෝකයක් ඇත යන සිතිවිල්ල හා ධෛර්යය වැඩවීමට පොත් තරම් සමතකු තවත් නැත

පොත් අපට සිහින දැකීමේ ආවේශය සපයයි.

පොත් අපට සිහින යථාර්තයක් කිරීමේ උපකරණ සපයයි.

පොතක් නැති කාමරයක් ආත්මයක් නැති හශරීරයක් මෙනි
-සිසරෝ
(“A room without books is like a body without a soul.”
― Marcus Tullius Cicero)

©️ ගාමිණී ඒකනායක

ප්‍රේමය නම්...හමු වීම ප්‍රමාද විය යුතුමය.. ප්‍රමාදය තුලින් ලබනබිඳ වැටීම් සහ අත්දැකීම් මතුදාක සැබෑම ප්‍රේමය පෝෂණය කරනු ඇත...
21/01/2024

ප්‍රේමය නම්...
හමු වීම ප්‍රමාද විය යුතුමය.. ප්‍රමාදය තුලින් ලබන
බිඳ වැටීම් සහ අත්දැකීම් මතුදාක සැබෑම ප්‍රේමය පෝෂණය කරනු ඇත...
ජීවිතයේ වටිනාම හෝරාව වටිනාකමින් ගත කරන්නට
ප්‍රමාද වූ ප්‍රේමය ඉවහල් වනු ඇත...

එ නිසාවෙන්,
හැර යනවුන්ට ආශිර්වාද කරන්න...
ලඟ රැඳුනවුන් රැක ගන්න...
හැම මොහොතකම සොබාදහම සුදුසුම දේ තිලිණ කරනු ඇත. අවශ්‍ය වන්නේ ඒ අවස්ථාවට ආදරේ කිරීමත්, ඉවසීමත් පමණි...

මතක තියාගන්න...

ඉඩෝරය ඉවර වෙන්නෙ, පින්වන්ත හිත් වලට වසන්තයේ පිණි ඉහගෙන...

❤️❤️

දිනක් ඉන්දියානු ප්‍රකෝටිපති රතන් ටාටා සමඟ ජනප්‍රිය නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර නිවේදකයෙක් අපූරු ප්‍රශ්නයක් ඇ...
20/01/2024

දිනක් ඉන්දියානු ප්‍රකෝටිපති රතන් ටාටා සමඟ ජනප්‍රිය නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර නිවේදකයෙක් අපූරු ප්‍රශ්නයක් ඇසුවා...

සර්, ඔබ ජීවිතයේ වඩාත්ම සතුටට පත් වූ දෙයක් කිව්වොත් ඔබට මතක් වන්නේ කුමක්ද..?

රතන් ටාටා මෙසේ පැවසීය...

මම ජීවිතයේ සතුටේ අදියර හතරක් පසු කර ඇති අතර අවසානයේ සැබෑ සතුටේ තේරුම මට වැටහුණි...

පළමු අදියර වූයේ ධනය හා සම්පත් රැස් කිරීමයි. නමුත් මේ අවස්ථාවේ මට අවශ්‍ය සතුට උපරිමය ලැබුණේ නැහැ...

ඉන්පසුව වටිනා භාණ්ඩ එකතු කිරීමේ දෙවන අදියර ආරම්භ විය. නමුත් මේ දෙයෙහි බලපෑම ද තාවකාලික බවත් වටිනා දේවල දීප්තිය වැඩි කල් පවතින්නේ නැති බවත් මට වැටහුණි...

ඉන්පසු විශාල ව්‍යාපෘතියක් ලබා ගැනීමේ තුන්වන අදියර පැමිණියේය. ඒ ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ඩීසල් සැපයුමෙන් 95% ක් මා සතුව තිබියදීය. ඉන්දියාවේ සහ ආසියාවේ විශාලතම වානේ කර්මාන්ත ශාලාවේ හිමිකරුද මා විය. ඒත් මෙතනදිත් මම හිතපු සතුට මට ලැබුනෙ නෑ...

හතරවෙනි පියවර වුණේ මගේ යාළුවෙක් ආබාධිත ළමයින්ට රෝද පුටු අරන් දෙන්න කියලා ඉල්ලීමක් කලා. ළමයි 200 කට විතර. මිතුරාගේ ඉල්ලීම පරිදි මම වහාම රෝද පුටු මිලදී ගත්තෙමි.
ඒත් යාළුවා බල කළා මට එයා එක්ක ගිහින් රෝද පුටු දරුවන්ට දෙන්න කියලා... ඒක නිසා මම ලෑස්ති ​​වෙලා එයා එක්ක ගියා.
එහිදී මම මේ දරුවන්ට රෝද පුටු මගේ අතින්ම දුන්නා. මේ දරුවන්ගේ මුහුණුවල පුදුමාකාර සතුටක් මම දැක්කා. ඔවුන් සියල්ලෝම රෝද පුටුවක වාඩි වී එහා මෙහා යමින් විනෝද වෙමින් සිටිනු මම දැක්කා ...
ඔවුන් හරියට විනෝද චාරිකාවක් ගිහිල්ලා වගේ, එහිදී සතුට බෙදාගත්තේ...

මගේ හිතේ සැබෑ සතුටක් දැනුනෙ අන්න ඒ දවසේ...

මම ඒ වැඩසටහන ඉවරවෙලා යන්න තීරණය කළාම එක ළමයෙක් මගේ කකුලෙන් අල්ලගත්තා.
මම හෙමිහිට මගේ කකුල් දෙක නිදහස් කරන්න හැදුවත් ඒ දරුවා මගේ මුහුණ දිහා බලාගෙනම මගේ කකුල් දෙක තද කරගෙන හිටියා.
මම බිමට පාත් වෙලා ඒ දරුවාගෙන් ඇව්වා "පුතේ ඔයාට තව මොනා හරි ඕනේද..?" කියලා...

ඒ ළමයා මට දුන් පිළිතුර මා කම්පනයට පත් කළා පමණක් නොව ජීවිතය පිළිබඳ මගේ දැක්ම පවා සම්පූර්ණයෙන්ම වෙනස් කලා...

ඒ ළමයා මට මෙහෙම කිව්වා...

"නෑ මට මුකුත් ඕනේ නෑ... ඒත් මට ඔයාගේ මූණ මතක් තියාගන්න ඕනේ.. එකයි ඔයා ළඟට අවේ" කියලා..

මම ඇව්වා.. "ඇයි පුතේ ඒ.." කියලා..

එතකොට ඒ ළමයා කිව්වා..

"මට ඔයාව ආයේමත් දිව්‍යලෝකෙදි මුණගැහෙනකොට ඔයාව අඳුරගෙන ආයෙත් වතාවක් ඔයාට ස්තූති කරන්න ඕනි.." කියල.

Translated

20/01/2024
අම්මා මැ-රු-ණො-ත්-?මා දන්නා එක් පුතෙක් හිටියා. ඔහුගේ වයස අවුරුදු 16 ක්. ඉතාම කීකරුයි. තවමත් අවුරුදු 10 ක පුංචි දරුවෙක් ව...
19/01/2024

අම්මා මැ-රු-ණො-ත්-?

මා දන්නා එක් පුතෙක් හිටියා. ඔහුගේ වයස අවුරුදු 16 ක්. ඉතාම කීකරුයි. තවමත් අවුරුදු 10 ක පුංචි දරුවෙක් වගේ ගෙදරටම වෙලා දෙමාපියෝ දෙන්න එක්ක ඉතා සුරතලෙන් ඉගෙනීම් කරගෙන ගියා. ඔහුට යහළුවෝ ගොඩක් හිටියේ නැහැ. හිටියත් ගෙවල් වල යාම් වැනි දේවලට ඉඩක් ලැබුනේ නැහැ.

හදිස්සියේ ඔහුට පාඩම් කිරීම අමාරු වුනා. පොතක් පෙරලා ගත් සැනින් ඔලුවේ කැක්කුම හැදෙනවා. පස්සේ ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණේවි කියල හිතන මාපියෝ ඔහුව මනෝ වෛද්‍ය වරයෙක් වෙත ගෙනියන්නේ වැඩිහිටි උපදෙස් මතයි. වෛද්‍ය වරයා දරුවා සමග කතා බහ කර දරුවාට ඖශධ සහ වෙනත් උපදේශන ප්‍රතිකාර නියම කරා.

මොකද්ද දරුවට ඇති වී තිබුණ ගැටලුව?

ඔහුගේ මවට ලඟදි රුධිර පීඩනය වැළදී තිබුනා. ඉතින් අම්මට අධිකව සමීපව ජීවත් වුන නිසා අම්මගේ මරණය කියන එක ඔහුට කවදාවත් පිළිගන්න බැරි අත්දැකීමක් විතරයි. ඔහු හිතුවේ රුධිර පීඩනයෙන් ඇය මිය යාවි කියලයි. ඒ නිසා ඔහුගේ හිත දිනපතාම අධිකව අම්ම මැරෙයි , තමන් තනි වෙයි කියන බයෙන් වෙලුනා. මෙහි උග්‍ර අවස්තාව ආවේ අම්මට අන්තිමට බොන බෙහෙතේ කවරය පවා දරුවාට පෙන්වන්න වීමයි. බිවුවද අහල “ ඔවු” කීවොත් ඔහු සාක්කි හොයන්න කුණු වල පවා ඇවිස්සුවා.

මෙහෙම වෙන්න හේතු වුන බලපෑම් මොනවද ?

මේ දරුවගේ දෙමාපියන්ට සිටි එකම දරුවා නිසා දෙදෙනාම දරුවට අසීමිතව ආදරය කළා. ඔහුගේ හැම වගකීමක්ම අතට පයට කර දීම ඔවුන්ගේ සිරිතක්. ඒ වගේම කාලය එක්ක දරුවා ලොකු වෙනවා කියන සත්‍යය මේ දෙමාපියෝ දෙන්නා වටහා ගත්තේ නැහැ. කුඩා කාලේ ඉන්න දරුවෙක්ට වගේ තමා එකම පුතාට සැලකුවේ. කඩේකට යන්න, තනියම ගමනක් යන්න වගේ පොඩිම දෙයක් වත් මේ දරුවට හුරු වුනේ නැහැ.

වෙන එකක් තියා දරුවා නිදා ගත්තේ වයස 16 දී වුනත් දෙමාපියෝ දෙන්නට මැදි වෙලා. මේ තත්වය එක්ක දරුවා පෞරුෂ අබාධයකට ලක් වුනා. යාළුවො ඇසුරු කරන්නත් පියා කිසිම මොහොතක ඉඩක් දුන්නේ නැහැ. පන්තියක් වුනත් ඉවර වෙන්න පෙරම ගිහින් ඔහුව එක්කන් ආවා. මේ දෙමාපියෝ දෙන්නගේ අසීමිත බැඳීම නිසා දරුවා ඔවුන් දෙදෙනාට පුදුම විදිහට ඇලී ගැලී වාසය කළේ. මේ ගැන ඔවුන් දෙදෙනාම ආඩම්බර වුනා.

“ අනේ අපේ පුතාට අපි දෙන්න තමා ඉන්න හොඳම යාළුවො. ස්පෝර්ට් මීට් දවසට ස්කූල් යවන්නේ නැහැ. දූවිලි වදිනවනේ . ඉගෙන ගත්තම ඇති. මොනවට දඟලන්නද ? හවස තාත්ත බැඩ්මින්ටන් ගහන්න එක්කන් යනවා . ස්විමින් ගෙනියනවා. ඒ ඇතිනේ ..” කියල බොහොම උජාරුවෙන් ඒ අම්මා හැමෝටම කියනවා.

තව දවසක කුඩා දරුවෙක් වයස තුනක විතර තනිවම නිදනවා දැකල මේ අම්මා තමන්ගේ ඥාති කෙනෙක්ට හොඳටම බැ..න්නා.

“ ඔයාලට තමන්ගේ විනෝදෙ විතරද ? අපි දෙන්න නම් මේ අවුරුදු 16 වෙලාවත් අපේ පුතාව වෙනම නිදි කරන්නේ නැහැ. අනික අපිට දරුවා නැතුව නින්ද යන්නේ නැහැ .ඔයාලත් දෙමපියෝද ? “ කියා නොසෑහෙන්න බැ..න වැදී තිබුනා.

මේක ආදරේ නෙවේ දරුවට කරන හානියක්

සරල ඇත්ත වටහා ගැනීම මේ දෙමාපියෝ දෙන්නා මගහැරියා. අවසානයේ දරුවාගේ සිරුර වැඩෙද්දී , මොලේ හෝර්මෝන ශ්‍රාවය තරුණ වයස එක්ක වෙනස් වෙද්දී ඔහුට ලොකු මානසික ගැටළු ඇති වුනා. පාඩම් කටයුතු අඩාල වුනා. මේ දෙමාපියෝ දෙන්න දරුවට බෙහෙත් දෙන්න අකමැති වුණා. නමුත් දැඩි බලපෑම මත දුන්නා. දරුවා සමාජ ගත කරන චර්යා රටාවන් වෙනස් කරන්න ඔවුන් දෙදෙනා ගොඩක් අකමැති වුනා.

විශ්ව ශක්තියෙන් සුව කරන තැන්, යන්තර මන්තර වගේ දේවල් කරලා ගොඩක් මුදල් වැය කළා තමන්ගේ පැත්තෙන් වුන වරද හදාගන්න ඔවුන්ට ඕනේ වුනේ නැහැ. අවසානයේ දරුවාගේ ඉගෙනීම කඩාකප්පල් වුනා. ඔවුන් සිතුවේ කවුරු හරි තමන්ගේ දරුවා ආදරෙන් ඉන්න නිසා හූනියමක් කළා කියලයි.

දරුවා කියන්නේ ඔබේ සදාකාලික දේපොලක් නෙවෙයි

මේ අත්දැකීම ඔබ සමග බෙදා ගන්න හිතුවේ තව දරුවෙක්ට මේ වගේ දෙයක් නොවීම සඳහායි. අපි කවද හරි මිය යනවා. අන්න එදාට ජීවිතේට තනිව මුහුණ දිය හැකි ශක්තිමත් පුරවැසියෙක් ලෙස දරුවා හදා වඩා ගැනීම අපගේ වගකීමක්.

Copied

Address

Colombo
Colombo

Telephone

+94779716717

Website

Alerts

Be the first to know and let us send you an email when Counselling Services for Happy Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share