29/03/2026
මේ දවස් වල පවතින අධික රස්නය ගැන සැළකිලිමත් ද ?🔥
🔥🔥මේ දිනවල පවතින අධික උෂ්ණත්වය ඔබේ සෞඛ්‍යයට කෙසේ බලපානවාද?
මේ දිනවල බොහෝ ප්‍රදේශවල පරිසර උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
එම හේතුවෙන් අපේ ශරීරයට වෙනදාට වඩා අධික තෙහෙට්ටුව, හිසරදය, ක්ලාන්තය, වමනය වැනි ලක්ෂණ දැනෙන්න පුළුවන්.
බොහෝ අවස්ථාවල මෙවැනි ලක්ෂණ ඇතිවෙන්නේ අධික රස්නය නිසා ශරීරයේ ඇතිවන ජල හිඟය (Dehydration) නිසායි.
එසේම මේ කාලයේ අස්ථි සහ සන්ධි ආශ්‍රිත වේදනාවන් වැඩි වීමක්ද දකින්න පුළුවන්.
අධික උෂ්ණත්වය නිසා ශරීරයෙන් දහඩිය මඟින් වැඩි ජල ප්‍රමාණයක් පිටවෙන නිසා ශරීරයේ ලවණ පදාර්ථවල අසමතුලිතතාවයක් ඇතිවිය හැකියි. ඒ හේතුවෙන්,
▪️ සන්ධි තදවීම
▪️ සන්ධි වේදනාව වැඩිවීම
▪️ මාංශ පේශි වේදනාව
වැනි අපහසුතා ඇතිවිය හැකියි.
බොහෝ දෙනා මේ ලක්ෂණ “රස්නේට වෙන්න ඇති” කියලා නොසලකා හැරීම නිසා, සමහරවිට සෞඛ්‍යයට බරපතල බලපෑම් එමඟින් ඇතිවිය හැකියි.
☀️ අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමට කළ යුතු දේ,
💧 දිනකට අවම වශයෙන් 2.5L – 3L අතර ජල ප්‍රමාණයක් පානය කරන්න.
(වයස, උස සහ බර අනුව මෙම ප්‍රමාණය වෙනස් විය හැක.)
🥒 කැකිරි, කොමඩු, පතොල, වැටකොළු වැනි ආහාර වැඩිපුර ආහාරයට එක්කරගන්න.
🥥 හැකිතාක් පැණි බීම වලින් වැළකි,
තැඹිලි, පොල් වතුර, බෙලිමල්, රණවරා, වැනි ශරීරය සිසිල් කරන පාන භාවිතා කරන්න.
🍃 ඖෂධීය කැඳ වර්ග පානය කරන්න.
🚻 මේ කාලයේ මුත්‍රා වල පැහැය ගැන සැලකිලිමත් වන්න.
මුත්‍රා වෙනදට වඩා තද පැහැයක් ගන්නවා නම්, එය ශරීරයට වැඩිපුර ජලය අවශ්‍ය බව පෙන්වන ලකුණක් විය හැකියි.
රෝග ලක්ෂණ වල වර්ධනයක් සිදු වේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමු වන්න.
🌿 අද ඔබගේ දින චර්‍යාවේ කරන කුඩා වෙනසක්, හෙට දින රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමට හේතු වෙයි.
ඔබ සැමට සුභ- සුව දවසක් වේවා !!!
සැකසුම :
-වෛද්‍ය එස්.දිසානායක -
📍 Osayu Ortho Clinic
ඔසායු සිද්ධායුර්වේද වෙද මැදුර,
කොට්ටාව පාර,
වල්ගම,
අතුරුගිරිය
☎️ 0776980184
🌿