29/09/2026
අපිට කොයිතරම් මිල මුදල් වත්කම් තිබුණත්, අපේම සල්ලිවලින් ලෝකයේ තියෙන රසවත්ම කේක් එක ගෙනාවත්, අපිව ඇත්තටම surprise කරන්න පුළුවන් වෙන කෙනෙකුට විතරයි. ❤️
ඒක මිල කරන්න බැරි දෙයක්. 🥹
ඒ ලස්සනම, සුන්දරම හැඟීම අද උදේම මගේ ආදරණීය යෝග පන්තියේ පිරිස මට ලබා දුන්නා.
මල්… තෑගි… කේක්… ඒ හැමදේකටම වඩා,
“අපිට ඔයා වැදගත්” කියලා දැනෙන්න සැලැස්වූ ඒ ආදරය මට අද ලැබුණු ලොකුම තෑග්ගයි. 🌸🎁❤️
ඒ අතරින්… මල් ලැබීම මට විශේෂයි. 🌷
මම හැමදාම විශ්වාස කරන දෙයක් තියෙනවා.
මිනිස්සුන්ට මල් ලැබෙන්න ඕනේ, ඔවුන් ජීවත්ව ඉන්න කාලෙදි. ❤️
අපි ආදරය කරන මිනිස්සුන්ට, අපි අගය කරන මිනිස්සුන්ට, අපිට වටිනා මිනිස්සුන්ට…
ඔවුන් ජීවත්ව ඉන්න කාලෙදිම මල් දෙන්න.
“ඔයා අපිට වටිනවා” කියලා දැනෙන්න දෙන්න. 🌸
ඊට පස්සේ.......
පොඩි චාරිකාවක්…...
මං ආස කෑම, මං කැමති දේවල්, මං කැමති තැන්… මගේ ආදරණීයන්, විතරමයි. අද දවස පුරාම ජීවිතය මට දුන්නේ ලස්සනම ලස්සන මතක විතරයි. 🌿✨
මං වෙනුවෙන් ඔයාගේ වටිනා කාලයෙන් මොහොතක් වෙන් කරගෙන සුබ පැතුමක් එක් කළාට හදවතින්ම ස්තූතියි. ❤️
අද මට තේරුණේ තවත් එක ලස්සන දෙයක්…
අපි ලෝකයට දෙන ආදරය, කරුණාව, යහපත්කම සහ ශක්තිය… කවදාහරි අපි වෙතම ලස්සන ආකාරයකින් ආපසු එනවා. ✨ හොඳ දේවල් විශ්වයට එකතු කළාම, පෙරළා ලැබෙන්නෙත් හොඳම දේවල් විතරයි. ❤️🌸
මේ අවුරුද්ද මගේ ජීවිතයට විශේෂ අවුරුද්දක්.
ඒ වගේම… ඉස්සරහට එන හැම අවුරුද්දක්ම තව තවත් ලස්සන වේවා. ✨
Thank you for making my birthday so beautiful.
I felt loved, remembered and truly special. ❤️
Malsri Wellness