26/08/2026
“රසයෙන් එහා ගිය යුනාන්හි (Yunnan) ආහාර කතාව…” 🌿🍜🇨🇳
චීනයේ Yunnan වෙත ගිය ගමන මගේ මතක අතර තවමත් ඇත්තේ සුන්දර කඳු, සිසිල් වාතය සහ අපූරු සංස්කෘතිය නිසා විතරක් නොවෙයි … එහි ආහාර සංස්කෘතිය නිසාත්. ❤️
Yunnan හි කෑම මේසයක් දිහා බැලූ විට මට දැනුණේ, “කෑම කියන්නේ බඩ පුරවා ගැනීමක් විතරක් නෙවෙයි, ස්වභාවයෙන් ලැබෙන දේවල් රසවිඳින කලාවක්” කියායි. . 🌿
අපි බොහෝවිට හුරු වී සිටින්නේ බත් ප්‍රධාන කරගෙන, එයට සාපේක්ෂව එළවළු ටිකක් එක්කරගත් ආහාර රටාවකටයි. නමුත් එහිදී මට හමුවුණේ ඊට තරමක් වෙනස් ලස්සන පුරුද්දක්.
ඔව් 💚
🥬 එළවළු වර්ග රැසක්
🍊 නැවුම් පළතුරු
🥗 අමු සලාද වර්ග
🍜 විවිධ rice noodles
🥩 මස් සහ අනෙකුත් ප්‍රෝටීන් වර්ග
මේ හැම දෙයක්ම එකම මේසයකට පෙළ ගැසූණේ හරි අපූරුවටයි.
විශේෂයෙන්ම නැවුම් එළවළු, පළතුරු සහ අමු සලාදවල වර්ණයත්, නැවුම් බවත් මගේ සතුටට තවත් හේතුවක් වු බව නම් කිව යුතුමයි.
🍜 Rice noodles කියන්නේත් Yunnan ආහාර සංස්කෘතියේ අමතක නොවන කොටසක්. විවිධ රස, හැඩ සහ එකතු කිරීම් සමඟ noodles අත්විඳින්න ලැබු අතර ඒවා රසවිඳින අතරේ, එකම ආහාරයකට සීමා නොවී විවිධ අමුද්‍රව්‍ය එකතු කරගන්නා ආහාර සංස්කෘතියක් ගැනත් මට දැනුණි.
🥢 තවත් ලස්සන පුංචි අත්දැකීමක් තමයි chopsticks.
මුලදී ටිකක් අමාරු වෙයි කියලා හිතුවත්, පුදුම විදිහට ඉක්මනින්ම එය ඉගෙන ගන්නට හැකි විය. 😜🥢 යුනාන්හි කෑම කලාව වෙනමම අත්දැකීමක්! ❤️
🍉 fresh fruit සහ fresh juice වලටත් එහි තිබුණේ වෙනම ආකර්ෂණයක්. නැවුම් පළතුරු වල ස්වභාවික රසය,
හ්ම් ❤️
හරිම අපූරුයි.
🍵 Yunnan ගැන කියද්දී green tea අමතක කළ නොහැකියි. තේ සංස්කෘතිය එහි දෛනික ජීවිතයත් සමඟ ලස්සනට බැඳී තිබුණි. ඒ වගේම සීනි ඇටයක්වත් නැති කලු කෝපි වල සැබෑ රසටත් මා පෙම් බැන්දේ එතැන් සිටයි. ☕🍃
මට Yunnan හි ආහාර සංස්කෘතියෙන් ලැබුණු ලොකුම හැඟීම නම් “සමබරතාවය” යි.
බත් හෝ noodles පමණක් නොවෙයි. එය එළවළු, පළතුරු, සලාද, ප්‍රෝටීන් සහ නැවුම් ආහාර වර්ග රාශියක් එකට ගෙන එන ආහාර මේසයක් විය. 🌿🥗🍜🍊
අපි කන දේ අපේ ශරීරයට බලපානවා මෙන්ම අපි ආහාරය දෙස බලන ආකාරයත් අපේ ජීවන රටාවේ කොටසක්. Yunnan හිදී රසයත්, ස්වභාවිකත්වයත් හොඳ හැටියට මට නම් දැනුනි. ❤️🌿
සමහර සංචාර අපට අලුත් ස්ථාන පෙන්වනවා.
නමුත් සමහර සංචාර…. අපේ ජීවිතය ගැන අලුත් විදිහකට හිතන්නට උගන්වනවා.
Yunnan මට එවැනි ගමනක්. 🇨🇳❤️🌿
මල්ශ්‍රි අමරසිංහ
Malsri Wellness
🌿