Dr. Rohan Jayaweera

Dr. Rohan Jayaweera Medical Doctor | Health & Lifestyle Educator

🎎 “ආදර සම්බන්ධතා/ විවාහය ගැන තියෙන ලොකුම බොරුව”🤓 බොහෝ මිනිස්සු හිතන්නේ,“මම ඇත්තටම මගේ සහකරුට හෝ සහකාරියට ආදරෙයි නම්, මට ...
18/04/2026

🎎 “ආදර සම්බන්ධතා/ විවාහය ගැන තියෙන ලොකුම බොරුව”

🤓 බොහෝ මිනිස්සු හිතන්නේ,
“මම ඇත්තටම මගේ සහකරුට හෝ සහකාරියට ආදරෙයි නම්, මට හැම වෙලාවකම ආකර්ෂණය දැනෙන්න ඕනේ” කියලා.

බැලූ බැල්මට හරි වගේ පෙනුණත් ඒක ඇත්ත නෙවෙයි.

ආකර්ෂණය කියන්නේ නිතරම එකම මට්ටමකින් තියෙන දෙයක් නෙවෙයි. ඒක අඩු වැඩි වෙනවා.

සමහර දවස් තියෙනවා ලොකු ආකර්ෂණයක් තියෙන.
තවත් දවස් තියෙනවා එහෙම දැනෙන්නේ නැති.

ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔයා වැරදි පුද්ගලයාව තෝරගෙන තියෙන බවවත්, සම්බන්ධය නවතින්න යන බවවත්, ආදරය නැතිවෙලා කියලාවත්.

ඒකෙන් කියවෙන්නේ ඔයා සාමාන්‍ය මනුස්සයෙක් කියන එක විතරයි.

ආදරයයි ආකර්ෂණයයි කියන්නෙ එකම දේ නෙවෙයි.

ආදරය ඉතා ශක්තිමත්ව පවතින කාලයකත් ආකර්ෂණය ටිකක් අඩුවෙන් දැනෙන්න පුළුවන්.

ඒත් ඔයා බලාපොරොත්තු වෙනවනම් ආකර්ෂණය හැම වෙලාවකම එකම වගේ තියෙන්න ඕනේ කියලා, ඔයාට ඒ හැම වෙලාවකම “මොකක්හරි අවුලක් තියෙනවා” කියලා දැනෙන්න ගන්නවා.

ඒ අපේක්ෂාව නිසාම දුකක්, සැකයක්, අවිශ්වාසයක් සහ අනවශ්‍ය මානසික පීඩනයක් දෙදෙනා අතර ඇතිවෙනවා.

ඒ නිසා “ඇයි මට හැම වෙලාවකම එකම වගේ දැනෙන්නෙ නැත්තේ?”කියල අහනව වෙනුවට මෙහෙම අහන්න:

👉 “සමස්තයක් ලෙස අපේ සම්බන්ධය හොඳයිද? අපි සාමාන්‍ය පරිදි සතුටින් ඉන්නවද?”

සැබෑ ජීවිතේ සම්බන්ධතා හැම වෙලාවකම උච්චස්ථානයේ තියෙන්නෙ නෑ. හොඳ ආදර සම්බන්ධයක් කියන්නේ කාලයත් සමඟ සෙමින්, ස්ථායීව වර්ධනය වන දෙයක්.

ඊළඟ post එකෙන්, නූතන සමාජ ක්‍රමය විසින් මේක තවත් අවුල් කරන්නෙ කොහොමද කියලාත්, ඔයාගේ මොලය නිතරම අලුත් අලුත් දේවල් පස්සේ යන්නේ ඇයි කියලාත් පැහැදිලි කරන්නම්.

— වෛද්‍ය රොහාන් ජයවීර, MBBS —

🎎“The biggest lie about relationships”🤓 Many people think, “If I truly love my partner, I should always feel attracted t...
18/04/2026

🎎“The biggest lie about relationships”

🤓 Many people think, “If I truly love my partner, I should always feel attracted to them.”

Sounds right… but it’s not true.

Attraction is not constant. It goes up and down.

Some days you feel desire. Some days you don’t.

That doesn’t mean that you chose the wrong person, or the relationship is failing, or love is gone

It just means that you are human.

Love and attraction are not the same thing. Love can stay strong even when attraction feels low.

But if you expect attraction to be constant, you will always feel something is wrong.

That expectation creates frustration, doubt, and unnecessary stress in relationships.

So instead of asking: “Why don’t I feel the same all the time?”
Ask: “Is the overall connection still there?”

Because real relationships are not about constant intensity.

They are about stability, connection, and growth over time.

In the next post, I’ll show how modern life makes this even more confusing—and why your brain keeps chasing something new.

- Dr. Rohan Jayaweera, MBBS -

⚛️The Master Regulator of All Systems: SleepSilent… but powerful.⏲️ Sleep regulates:• Blood sugar• Appetite• Stress leve...
17/04/2026

⚛️The Master Regulator of All Systems: Sleep

Silent… but powerful.

⏲️ Sleep regulates:
• Blood sugar
• Appetite
• Stress levels
• Emotional stability
• Cortisol
• Blood pressure & heart rate

👉 If your sleep is not enough, all of these get disrupted.

Your body’s rhythm (circadian rhythm) goes out of sync.
And when that happens… almost every system starts to malfunction.

🚨 What happens when you don’t sleep enough?
• High blood sugar
• Increased appetite & cravings
• Mental stress
• Emotional instability
• High blood pressure & heart rate

❌ Sleep ≠ just rest
It’s not just a break.

✅ Sleep = Reset

It’s when your body:
• repairs
• recalibrates
• rebalances

⏰ How long should you sleep?
• Usually 7–9 hours
• Depends on your stress, lifestyle, and health

👉 The real marker:
You wake up refreshed
You function well
No daytime sleepiness

💚 Don’t just “sleep”
👉 Sleep until your body feels the reset.

- Dr. Rohan Jayaweera, MBBS -

⚛️ශරීරයේ සියලුම පද්ධතිවල පාලකයා: නින්දනින්ද නිහඬයි…ඒත් බලවත්.⏲️ නින්ද විසින් මේ දේවල් පාලනය කරනවා:• රුධිරයේ සීනි මට්ටම• ...
17/04/2026

⚛️ශරීරයේ සියලුම පද්ධතිවල පාලකයා: නින්ද

නින්ද නිහඬයි…ඒත් බලවත්.

⏲️ නින්ද විසින් මේ දේවල් පාලනය කරනවා:
• රුධිරයේ සීනි මට්ටම
• ආහාර රුචිය
• මානසික ආතතිය
• හැඟීම්වල සමබරතාවය
• රුධිරයේ කෝටිසෝල් හෝමෝන මට්ටම
• රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය

👉 නින්ද ප්‍රමාණවත් නැත්නම් මේ සියල්ල අස්ථාවර වෙනවා.

ඔබගේ ශරීරයේ ස්වභාවික රිද්මය (circadian rhythm) බිඳ වැටෙනවා.
එතකොට… ශරීරයේ පද්ධති බොහොමයක් හරිහැටි ක්‍රියාකිරීමට නොහැකි තත්වයට පත්වෙනවා.

🚨 නින්ද අඩුවෙද්දී මොනවා වෙයිද?
• රුධිර සීනි මට්ටම වැඩිවීම
• ආහාර රුචිය වැඩිවීම/ අනවශ්‍ය පරිදි අධිකව ආහාර ගැනීම
• හානිකර මානසික ආතතිය
• අධික තරහව/ දුක/ අලසබව (හැඟීම්වල අසමතුලිතතාවය)
• රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය වැඩිවීම

❌ නින්ද = විවේකයක් විතරක් නෙවෙයි
විරාමයක් පමණක් නෙවෙයි

✅ නින්ද = Reset එකක්

නින්ද අතරතුර ඔබගේ ශරීරය:
• අලුත්වැඩියා වෙනවා
• නැවත සකස් වෙනවා
• සමතුලිත වෙනවා

⏰ ඔබට කොච්චර නින්දක් අවශ්‍යද?
• සාමාන්‍යයෙන් පැය 7–9
• ඒක ඔබගේ ජීවන රටාව, ආතතිය, සහ සෞඛ්‍ය තත්වය මත වෙනස් වෙන්න පුළුවන්

👉ඔබේ නින්ද ප්‍රමාණවත් නම්:
ඔබ උදේ නැගිටිනකොට නැවුම් බවක් දැනෙනවා
දවස පුරා හොඳට ක්‍රියාශීලීව ඉන්න පුළුවන්
දවල් නිදාගන්න ඕනේ වෙන්නේ නැහැ

💚 ඔබගේ ශරීරයට ඒ Reset එක දැනෙන තුරු නිදාගන්න.

- වෛද්‍ය රොහාන් ජයවීර, MBBS -

🎉 New Year… Let’s Do a Reset• Cook at the right time• Eat together as a family• Share sweets• Meet friends and relatives...
14/04/2026

🎉 New Year… Let’s Do a Reset

• Cook at the right time
• Eat together as a family
• Share sweets
• Meet friends and relatives
• Play games, laugh, celebrate

💡 This is actually a complete lifestyle reset.

🧠 What are we really doing?

• Reconnecting with people → reduces stress
• Eating together → improves relationship with food
• Taking a break from routine → mental reset
• Playing and moving → natural physical activity
• Following a rhythm (auspicious times) → structured living

🔥 Simple advice for Avurudu:

• Enjoy sweets… but don’t overdo it
• Stay active (games, movement, helping around)
• Spend real time with family (not just phones)
• Eat mindfully, not continuously
• Get proper rest

❤️ This tradition is not just culture

👉 It’s biology
👉 It’s balance
👉 It’s a natural reset built into life

✨ So this year…

👉 Follow the rhythm your ancestors already understood.

🎉 අලුත් අවුරුද්ද… Reset එකක් කරමු• නැකතට කෑම පිසීම• පවුලේ අය එකට හිඳ ආහාර අනුභවය• රස කැවිලි බෙදාහදාගැනීම• යාළුවන්, නෑදෑය...
14/04/2026

🎉 අලුත් අවුරුද්ද… Reset එකක් කරමු

• නැකතට කෑම පිසීම
• පවුලේ අය එකට හිඳ ආහාර අනුභවය
• රස කැවිලි බෙදාහදාගැනීම
• යාළුවන්, නෑදෑයන් හමුවීම
• ක්‍රීඩා කරමින්, සිනහවෙන් අවුරුදු සැමරීම

💡 මේක ඇත්තටම සම්පූර්ණ ජීවිත රටාවක් reset කරන ක්‍රියාවලියක්.

🧠 අළුත් අවුද්දේ ඇත්තටම වෙන දේ මොකක්ද?

• මිනිසුන් සමඟ නැවත සම්බන්ධ වීම → මානසික පීඩනය අඩුවෙනවා
• එක්ව ආහාර අනුභවය → සබඳතා අළුත් වෙනවා
• දෛනික රටාවෙන් විවේකයක් → මානසික reset එකක්
• ක්‍රීඩා, ගමන් බිමන් → ස්වභාවිකව ක්‍රියාශීලී වීම
• නැකැත් වලට අනුව ජීවිතය ගෙනයාම → සැලසුම් සහගත ජීවිතය

🔥 අවුරුද්දට සරල උපදෙස්:

• රස කැවිලි රසවිඳින්න… හැබැයි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න
• ක්‍රියාශීලීව ඉන්න (ක්‍රීඩා, වැඩ, දෛනික චලනය)
• පවුලේ අය සමඟ කාලය ගත කරන්න (phone එකෙන් තොරව)
• හොඳ විවේකයක් ගන්න

❤️ මේ සංස්කෘතිය සම්ප්‍රදායයක් විතරක් නෙවෙයි

👉 ජීව විද්‍යාත්මකයි
👉 සමබරයි
👉 ජීවිතයට ස්වභාවික reset එකක්

✨ ඒක නිසා මේ අවුරුද්දේ…

👉 මුතුන්මිත්තන් අපිට කියාදුන් ස්වභාවික ජීවන රටාව රසවිඳිමු.

🍦Feeling Less Excited With Your Partner? Read This.Sexual attraction doesn’t just disappear.It changes.And the reason is...
13/04/2026

🍦Feeling Less Excited With Your Partner? Read This.

Sexual attraction doesn’t just disappear.

It changes.

And the reason is your brain.

Your brain is wired to get excited by new things.

At the beginning of a relationship:
everything is new
everything feels intense
dopamine levels are high

That’s what creates the “spark”.

But over time, something important happens.

The brain gets used to the same person, the same touch, the same pattern.

This is called adaptation.

👉 Dopamine response becomes lower
👉 Excitement feels less intense

This is not loss of love.
This is how the brain is designed to work.

In fact, this adaptation is useful.

It allows relationships to become stable instead of constantly intense.

But in modern life, this becomes a problem.

Because your brain is constantly exposed to new stimulation:
• social media
• sexual content
• constant novelty

So real-life attraction starts to feel “less exciting” in comparison.

That’s when people start thinking:
👉 “Something is wrong with us”

But the truth is:

Nothing is wrong with your relationship.
Your brain has just adapted.

In the next post, I’ll explain the biggest myth people believe about long-term relationships—and why it creates unnecessary frustration.

🍦ඔයාගෙ සහකරු/ සහකාරිය කෙරෙහි ආකර්ෂණය අඩු වෙලාද? මේක කියවන්න.ඔයාගේ සහකරුට තිබුණ ආකර්ෂණය අඩු වෙලා කියන්නේ ඒක අතුරුදහන් වෙල...
13/04/2026

🍦ඔයාගෙ සහකරු/ සහකාරිය කෙරෙහි ආකර්ෂණය අඩු වෙලාද?
මේක කියවන්න.

ඔයාගේ සහකරුට තිබුණ ආකර්ෂණය අඩු වෙලා කියන්නේ ඒක අතුරුදහන් වෙලා කියන එක නෙවෙයි.

ඒක වෙනස් වෙනවා.

ඒකට හේතුව ඔයාගේ මොළේ.

මොළේ නිර්මාණය වෙලා තියෙන්නෙ අලුත් දේවල් වලින් උද්දීපනය වෙන්න.

සම්බන්ධතාවයේ මුල් කාලයේදී:
හැම දෙයක්ම අලුත්
හැම හැඟීමක්ම තීව්‍රයි
ඩොපමින් මට්ටම වැඩියි

ඒක තමයි “ස්පාක්” එක.

ඒත් කාලය ගත වෙද්දී,
මොළේට මේක තවදුරටත් අළුත් දෙයක් නෙවෙයි වෙනවා.

එකම පුද්ගලයා, එකම ස්පර්ශය, එකම රටාව →
මොළේ මේකට දක්වන ප්‍රතිචාරය අඩුවෙනවා.

මේක කියන්නේ අනුවර්තනය වෙනවා කියලා.

👉 ඩොපමින් ප්‍රතිචාරය අඩුවෙනවා
👉 උද්දීපනය/ සතුට/ ආතල් එක අඩුවෙනවා

මේක ආදරය අඩුවීමක් නෙවෙයි.
මේක මොළේ ක්‍රියාකරන සාමාන්‍ය විදිහ.

ඇත්තටම, මොළේ මේ අනුවර්තනය වැදගත් දෙයක්.

ඒකෙන් ඔබේ ආදර සම්බන්ධතාවය ස්ථායී වෙනවා.
නිතරම සතුටේ අන්තයටම ගිහින් එකම මට්ටමේ තිබුණොත් සම්බන්ධතාවයක් එක දිගට කරගෙන යන්න අමාරුයි.

ඒත් නූතන ජීවිතය මේක ගැටලුවක් කරලා තියෙනවා.

ඔයාගේ මොළේට නිතරම අලුත් අලුත් උත්තේජක ලැබෙනවා:
• සමාජ මාධ්‍ය
• විශාල ප්‍රමාණයක් ලිංගික/ ශෘංගාරාත්මක තොරතුරු
• විවිධාකාරයේ ඉවරයක් නැති අලුත් දේවල්, අලුත් මුහුණු

එතකොට සැබෑ ජීවිතයේ දේවල් “එතරම් සතුටක් ගෙන නොදෙන කම්මැලි දේවල්” වගේ දැනෙනවා.

ඒකෙන් පස්සේ මිනිස්සු හිතන්නේ:
👉 “අපේ සම්බන්ධතාවයේ ගැටලුවක් තියෙනවා” කියලා

ඒත් ඇත්තටම:

ඔයාගේ සම්බන්ධතාවයේ ගැටලුවක් නැහැ.
ඔයාගේ මොළේ අනුවර්තනය වෙලා තියෙන්නේ.

ඊළඟ පෝස්ට් එකේ, දිගුකාලීන සම්බන්ධතා ගැන තියෙන ලොකුම වැරදි විශ්වාසය ගැන කියන්නම්.

🚶‍♂️ ඔබ සිතනවාට වඩා ඇවිදීම බලවත්!බොහෝ දෙනා හිතන්නේ:👉 “සෞඛ්‍යවත් වෙන්න නම් වර්කවුට් එකක් කරන්න ඕනේ” කියලා. නමුත් ඔබගේ ශරී...
12/04/2026

🚶‍♂️ ඔබ සිතනවාට වඩා ඇවිදීම බලවත්!

බොහෝ දෙනා හිතන්නේ:
👉 “සෞඛ්‍යවත් වෙන්න නම් වර්කවුට් එකක් කරන්න ඕනේ” කියලා.

නමුත් ඔබගේ ශරීරය ඒක බලපාන්නේ එහෙම නෙවෙයි.

🧠 ඇවිදීම තමයි ඔබගේ ස්වභාවික ක්‍රියාකාරකම

මිනිසා පරිණාමය වුණේ:
❌ දවසට පැයක් - දෙකක් ජිම් ගිහින් නෙවෙයි
❌ සතියට කිහිප වතාවක් බර වර්කවුට් එකක් කරමින් නෙවෙයි

අපි පරිණාමය වුණේ:
👉 දවස පුරාම නිරන්තර, මධ්‍යස්ථ තීව්‍රතාවයේ චලනයන් කරමින්
👉 ඇවිදිමින්, බර උස්සමින්, ක්‍රියාශීලී වෙමින්

⚙️ මෙතනට තමයි NEAT කියන එක එන්නේ

NEAT = Non-Exercise Activity Thermogenesis

👉 ජිම් එකෙන් පිටත ඔබ කරන සියලුම චලනය:
• ඇවිදීම
• සිටගෙන ඉඳීම
• එදිනෙදා වැඩ
• මෙහා මෙහා යාම

👉 මේක තමයි ඇත්තටම ඔබගේ නියම ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම

🔥 අද ප්‍රශ්නය මොකක්ද?
• පැය ගණන් ඉඳගෙන ඉන්නවා
• චලනය අඩුයි
• අන්තිමේ පොඩි ව්‍යායාම ටිකක් කරනවා

📌 මේක නොගැලපීමක්!

👉 ඔබගේ ශරීරය බලාපොරොත්තු වෙන්නේ:
දවස පුරාම චලනය, දවසට එක පැයක ව්‍යායාම වැඩසටහනක් නෙවෙයි

💪 ඇවිදීම + NEAT එකෙන් ලැබෙන්නේ:
• ඇඟේ රසායනික ප්‍රතික්‍රියා සඳහා ශක්තිය වැයවෙනවා
• ඉන්සියුලින් වලට සංවේදීතාවය හොඳ වෙනවා (දියවැඩියාව වළක්වනවා)
• මානසික පීඩනය අඩුවෙනවා
• හෘද සෞඛ්‍යය හොඳ වෙනවා
• නින්ද හොඳ වෙනවා

👉 වැදගත්ම දෙයක්:
මේවා ඔබගේ ස්වභාවික ජීව විද්‍යාවට ගැලපෙනවා

💡මූලික අදහස:

ව්‍යායාම වැදගත්.

නමුත් තනි ව්‍යායාම වැඩසටහනක්
👉 දවස පුරා චලනයෙන් ලැබෙන ප්‍රතිලාභ වලට සම කරන්න බැහැ

🚶‍♂️ ඇවිදීම කියන්නේ “පොඩි දෙයක්” එකක් නෙවෙයි

👉 ඒක තමයි ඔබගේ යහපත් සෞඛ්‍යයේ පදනම

✅ ලේසියෙන් අරඹන්න
• කෑමට පස්සේ ටිකක් ඇවිදින්න
• ඉඳගෙන වැඩ කරනවනම්, වරින්වර නැගිටලා ඇවිදින්න
• එකදිගට පැයකට වඩා ඉඳගෙන ඉන්න එපා
• පඩිපෙල් භාවිතා කරන්න

❗️ඇවිදීම නොසලකාහරින්න එපා

මොකද සමහර වෙලාවට:
👉 ඉතා සරල දේවල් තමයි බලවත්ම වෙන්නේ.

🚶‍♂️ Walking is more powerful than you thinkMost people think:👉 “I need a proper workout to be healthy”But your body doe...
12/04/2026

🚶‍♂️ Walking is more powerful than you think

Most people think:
👉 “I need a proper workout to be healthy”

But your body doesn’t see it that way.

🧠 Walking is your natural activity.

Humans didn’t evolve doing:
• 1 hour gym sessions
• Intense workouts a few times a week

We evolved doing:
👉 Frequent, low-intensity movement
👉 Walking, carrying, staying active all day

⚙️ This is where NEAT comes in

NEAT = Non-Exercise Activity Thermogenesis

👉 It means all the movement you do outside the gym:
• Walking
• Standing
• Moving around
• Daily activities

This is actually your real activity level

🔥 What’s the problem today?
• Sitting for hours
• Minimal movement
• Then a short workout

📌 This is a mismatch.

Your body expects:
👉 Movement throughout the day, not just one “exercise session” 

💪 What walking + NEAT do for you:
• Keep metabolism active
• Improve insulin sensitivity
• Reduce stress
• Support heart health
• Improve sleep

And most importantly:
👉 They match your biology

💡 The real insight:

Exercise is important.

But it cannot fully replace:
👉 Daily movement

Walking is not a “small habit”

👉 It is the foundation of your health

✅ Start simple:
• Walk after meals
• Take short walking breaks
• Stand more, sit less
• Use stairs whenever possible

Don’t underestimate walking.

Because sometimes, the most powerful medicine is the one that looks too simple.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Rohan Jayaweera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share