26/08/2026
මාසික වේදනාව කියන්නේ සාමාන්‍ය දෙයක්මද? — Endometriosis ගැන දැනගගෙන හිටියද?
මාසික ඔසප් දවස්වල ඉතා තද වේදනාව නිසා දෛනික වැඩ පවා කරගන්න බැරි වෙනවා නම්, ඒක සාමාන්‍ය period pain එකනේ කියලා නොසලකා හරින්න එපා.
Endometriosis කියන්නේ ගර්භාශයේ ඇතුළත ඇති lining එකට සමාන පටක, ගර්භාශයෙන් පිටත වර්ධනය වීම නිසා ඇතිවන දිගුකාලීන තත්ත්වයක්. මෙය inflammation සහ scar tissue ඇති කිරීමටත් පුළුවන්. මේවා ඩිම්බකෝෂ වලට ගිහින් ඒවා ඇතුලේ තැම්පත් වෙනවා දිගුකාලයක් යද්දි මේවා ලේ කැටි බවට පත්වෙනවා...මේවා කැපුවාම චොකලට් වගේ ශ්‍රාවයක් තමයි එන්නේ ඒ නිසා චොකලට් ගෙඩි කියලත් කියනවා ඒ ලේ කැටි වලට....
🔴 Endometriosis වලදී ඇතිවිය හැකි ලක්ෂණ
• ඔසප් දිනවල ඉතා තද වේදනාව
• පහළ උදරය/උකුල් ප්‍රදේශයේ දිගටම වේදනාව
• ඔසප් රුධිර වහනය වැඩි වීම
• ලිංගික සම්බන්ධතාවයේදී හෝ පසුව වේදනාව
• මළපහ කරන විට හෝ මුත්‍රා කරන විට වේදනාව, විශේෂයෙන් ඔසප් දිනවල
• උදරය පිම්බීම, ඔක්කාරය වැනි උදරය ආශ්‍රිත රෝග ලක්ෂණ
• අධික තෙහෙට්ටුව...
• ගැබ් ගැනීමට අපහසු වීම...
හැමෝටම period pain තියෙනවා තමයි හැබැයි ඉහත කියපු එක ලක්ෂණයක් එක්ක හරි අදික වේදනාව එනවනම් නොසලකා හරින්නේ නැතුව වෛද්‍ය උපදෙස් ලබාගන්න...
Endometriosis හඳුනාගැනීම සඳහා වෛද්‍යවරයා ඔබේ ඔසප්වීමේ රටාව සහ රෝග ලක්ෂණ සලකා බලලා ultrasound වැනි පරීක්ෂණ සිදු කළ හැකියි. සමහර අවස්ථාවල MRI හෝ laparoscopy වැනි පරීක්ෂණ අවශ්‍ය වෙන්න පුළුවන්...
රෝගී ලක්ෂණ වල තරම, වයස, රෝගයේ බරපතලකම සහ අනාගතයේ දරුවෙකු බලාපොරොත්තු වෙනවාද නැද්ද යන කරුණු අනුව ප්‍රතිකාරය තීරණය කරනවා... ඖෂධ, hormone treatment සහ අවශ්‍ය අවස්ථාවල surgery වැනි ප්‍රතිකාර භාවිතා කරනවා...
📌 මෙය දැනුවත් කිරීම සඳහා පමණි. Endometriosis ගැන සැකයක් තිබේ නම් සුදුසු VOG/වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න.
ඔයාටත් මේ ලක්ෂන තියනවද? පහලින් comment කරන්න... මේ වගේ වැදගත් post බලන්න pageඑක follow කරලා තියාගන්න....
නදී මිස්
හෙද නිලධාරිනී
ශ්‍රි ලංකා ජාතික රෝහල
කොළඹ...