10/10/2026
#ගර්භණී_ඔබේ_FBC_Report_එකේ_Hb_අගය_අඩුයිද? [ Full Blood Count ]
🩸 1. Hb කියන්නේ මොකක්ද?
🔆 Hemoglobin (Hb) යනු, රුධිරයේ ඇති රතු රුධිරාණු තුළ පවතින, පෙනහළුවලින් ශරීරයේ අනෙකුත් කොටස් වෙත ඔක්සිජන් රැගෙන යන ප්රෝටීනයකි.
🔆 ගර්භණී සමයේදී මවගේ ශරීරයේ රුධිර පරිමාව වැඩි වන නිසා Hb අගය යම් ප්රමාණයකින් අඩු විය හැකියි.
🩸 2. ගර්භණී සමයේ සාමාන්ය Hb අගය කීයද?
🔆 රක්තහීනතාවය (Anemia) ලෙස සලකන Hb අගය
▶️ පළමු ත්රෛමාසිකය - 11 g/dL ට අඩු
▶️ දෙවන / තුන්වන ත්රෛමාසික - 10.5 g/dL ට අඩු
🩸 3. ගර්භණී මවකගේ Hb අගය අඩු වීමට හේතු?
🔸 යකඩ ඌනතාවය (Iron deficiency) — බහුලව දක්නට ලැබෙන හේතුවකි.
🔸 ෆෝලික් අම්ල ඌනතාවය (Folic acid deficiency)
🔸 විටමින් B12 ඌනතාවය
🔸 ගර්භණී සමයේ රුධිර පරිමාව වැඩි වීම.
🔸 තැලසීමියාව වැනි පාරම්පරික රුධිර රෝග.
🔸 ඇතැම් නිදන්ගත රෝග සහ රුධිර වහනය.
🩸 4. Hb අඩු වූ විට ඇති විය හැකි ලක්ෂණ
🔸 නිතර වෙහෙස හා දුර්වල බව දැනීම.
🔸 ක්ලාන්තය හෝ හිසරදය.
🔸 හෘද ස්පන්දනය වේගවත් වීම.
🔸 සුළු ක්රියාකාරකමකදී පවා හුස්ම ගැනීමේ අපහසුතාව.
🔸 සම සහ තොල් සුදුමැලි වීම.
⚠️️ සමහර මව්වරුන්ට Hb අඩු වුවත් කිසිදු රෝග ලක්ෂණයක් නොතිබිය හැකියි.
🩸 5. Hb අඩු වීමෙන් මවට සහ දරුවාට ඇති විය හැකි බලපෑම්
🔆 මවට:
🔸 අධික වෙහෙස සහ දුර්වලතාව
🔸 දරුණු රක්තහීනතාවයකදී හෘදයට වැඩි වෙහෙසක් දැරීමට සිදුවීම.
🔸 දරු ප්රසූතියේදී රුධිර වහනයක් ඇති වුවහොත් එයට මුහුණ දීමේ හැකියාව අඩුවීම.
🔆 දරුවාට:
🔸 නොමේරූ දරු උපතේ අවදානම වැඩි වීම.
🔸 අඩු උපත් බරක් සහිතව උපත ලැබීමේ අවදානම වැඩි වීම.
⚠️️ මෙම සංකූලතා ඇති වන බව අනිවාර්ය නොවේ. නිසි ප්රතිකාර මඟින් අවදානම අඩු කරගත හැකියි.
🩸 6. Hb අගය වැඩි කරගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද?
🔸යකඩ බහුල ආහාර ලබාගන්න
🔸කොළ පැහැති පලා වර්ග
🔸මස් සහ මාළු
🔸පරිප්පු, කඩල, මුං ඇට වැනි ධාන්ය වර්ග
✅ විටමින් C බහුල ආහාර සමඟ යකඩ අඩංගු ආහාර ගන්න.
✅ දොඩම්, නෙල්ලි, පේර වැනි ආහාර මඟින් ශාකමය ආහාරවල ඇති යකඩ අවශෝෂණය වැඩි කරගත හැකියි.
✅ වෛද්ය උපදෙස් අනුව යකඩ පෙති ලබාගන්න.
ඔබට නියම කර ඇති යකඩ සහ ෆෝලික් අම්ල පෙති නියමිත පරිදි ගන්න.
✅ යකඩ පෙති සමඟ තේ හෝ කෝපි පානය කිරීමෙන් වළකින්න. හැකි නම් පැය 1–2ක පරතරයක් තබන්න.
✅ Hb අගය ඉතා අඩු නම් හෝ පෙතිවලින් ප්රමාණවත් ප්රතිචාරයක් නොමැති නම් වෙනත් ප්රතිකාර අවශ්ය විය හැකියි.
⛔Hb අගය අඩුවන මුල් අවධියේදී ආහාර මගින් එම තත්ත්වය මගහරවා ගත හැක
⛔⛔ දෙවන අවධිය තුලදී යකඩ පෙති ලබාදීම සිදුකරයි
⛔⛔⛔ තුන්වන අවධියේදී යකඩ IM ලෙස ලබාදීම සිදුකරයි.
🩸 7. FBC Report එකේ තවත් මොනවාද බලන්නේ?
🔆Hb - රක්තහීනතාවය හඳුනාගැනීමට
🔆RBC - රතු රුධිරාණු පිළිබඳ තොරතුරු ලබාගැනීමට
🔆HCT/PCV - රුධිරයේ රතු රුධිරාණු අඩංගු පරිමාවේ ප්රතිශතය
🔆MCV - රතු රුධිරාණුවල සාමාන්ය ප්රමාණය
🔆MCH - එක් රතු රුධිරාණුවක සාමාන්ය හිමොග්ලොබින් ප්රමාණය
🔆WBC - සුදු රුධිරාණු පිළිබඳ තොරතුරු ලබාගැනීමට
🔆Platelets - රුධිරය කැටිගැසීමේ ක්රියාවලියට අදාළ සෛල
✅ MCV සහ MCH අගයන් මඟින් රක්තහීනතාවයට හේතුව පිළිබඳ ඉඟි ලැබිය හැකි නමුත්, ඒවායින් පමණක් නිශ්චිත රෝග විනිශ්චයක් කළ නොහැකියි.
✅ Hb අගය පමණක් මත පදනම්ව රෝග විනිශ්චය නොකරන අතර, ගර්භණී සති ගණන සහ අනෙකුත් පරීක්ෂණ ද සැලකිල්ලට ගත යුතුය.
❤️ ආදරණීය අම්මේ, මේ දේ මතක තබාගන්න!
▶️ ඔබේ ගර්භණී සායනයේදී නියමිත පරිදි රුධිර පරීක්ෂණ සිදු කරගන්න.
▶️ Hb අගය අඩු බව සඳහන් වුවහොත් ඔබේ වෛද්යවරයා හෝ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනිය සමඟ සාකච්ඡා කරන්න.
▶️ හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයක්, පපුවේ වේදනාවක් හෝ සිහි නැතිවීමක් ඇති වුවහොත් වහාම හදිසි වෛද්ය ප්රතිකාර ලබාගන්න.
ඔබේ සෞඛ්යය රැකගැනීම, ඔබේ කුස තුළ වැඩෙන පුංචි ජීවිතය රැකගැනීමේත් වැදගත් පියවරක්!
-----------------------------------------------------------------------------
ලිපිය වැදගත්නම් ඔයාත් like කරලා තව කෙනෙක්ට බලන්න share කරන්න..comment එකකුත් දාන්න අමතක කරන්න එපා...
--------------------------------------------------------------------------
සෙනෙහසේ මාවත - Senehase Mawatha #මිඩ්වයිෆ්මිස්
゚ ゚viralシ