AD CoSmetics

AD CoSmetics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AD CoSmetics, Cosmetics Store, Embilipitiya.

නිදහස් ජාතියක 78 වන උපන්දින සැමරුම අභිමානයෙන් සමරමු. 🇱🇰
04/02/2026

නිදහස් ජාතියක 78 වන උපන්දින සැමරුම අභිමානයෙන් සමරමු. 🇱🇰

𝗥𝗨𝗪𝗔𝗡𝗪𝗘𝗟𝗜𝗦𝗔𝗬𝗔 - රුවන්වැලි සෑයේ නාග දොරටුව සහ නාග ගිවිසුම! 🐍❤️​අපි කවුරුත් අනුරාධපුරේ ගියාම රුවන්වැලි සෑය වඳින්නේ නැතුව එ...
03/02/2026

𝗥𝗨𝗪𝗔𝗡𝗪𝗘𝗟𝗜𝗦𝗔𝗬𝗔 - රුවන්වැලි සෑයේ නාග දොරටුව සහ නාග ගිවිසුම! 🐍❤️

​අපි කවුරුත් අනුරාධපුරේ ගියාම රුවන්වැලි සෑය වඳින්නේ නැතුව එන්නේ නෑ. ඒත් ඔයාලා කවදාහරි රෑ බෝ වෙලා රුවන්වැලි සෑ මළුවට ගිහින් තියනවද? එහෙම ගියා නම් ඔයාලට දැනිලා ඇති අමුතුම පාළුවක්, හිතාගන්න බැරි ගුප්ත බවක්...

​විශේෂයෙන්ම සෑ මළුවේ "බටහිර දොරටුව" ළඟ! 😱

​ඇයි දන්නවද ඒ පැත්ත ඒ තරම් අමුතු? ඒක නිකන්ම ගඩොල් සිමෙන්ති දොරටුවක් නෙවෙයි... ඒක තමයි මනුස්ස ලෝකෙයි නාග ලෝකෙයි යා කරන පාලම.

​කතාව පටන් ගන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලෙන්. රුවන්වැලි සෑය හදද්දී ඒකේ තැන්පත් කරන්න තිබුණු වටිනාම ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තිබුණේ මනුස්ස ලෝකේ නෙවෙයි. මහා බලසම්පන්න නාග ලෝකේ.

​නාගයෝ මේ ධාතූන් වහන්සේලාට පිස්සුවෙන් වගේ ආදරේ කළා. ඒ අය ඒක රැක්කේ තමන්ගේ පණ වගේ. ඒත් රුවන්වැලි සෑය හදන්න මේ ධාතූන් අනිවාර්ය වුණා.

අන්තිමට සෝණුත්තර මහරහතන් වහන්සේ පොළොවට කිමිදිලා, නාග ලෝකෙට ගිහින් මහා නාගයන්ගේ විරෝධය මැද්දේ තමයි ධාතූන් වහන්සේලා වැඩම කරවගෙන ආවේ.

​එදා තමන්ට අහිමි වුණු ඒ උතුම් වස්තුව ගැන නාගයෝ හිටියේ පුදුම දුකකින්. ඒ වේදනාව කොච්චරද කියනවා නම් අදටත් නාග ලෝකේ ඉඳන් ඒ අය එනවා රුවන්වැලි සෑය වඳින්න.

​අන්න ඒ නාග ලෝකෙ සම්බන්ඳ පාර තියෙන්නේ මේ "බටහිර දොරටුව" හරහා! 🐍

​මේක නිකන් කටකතාවක් නෙවෙයි. අදටත් රෑ ජාමෙට මේ බටහිර දොරටුව පැත්තෙන් මහා සෑ මළුවට ඇදෙන නාගයෝ ඕන තරම් දකින්න ලැබෙනවා. පුදුමේ කියන්නේ මේ සත්තු කාටවත් දෂ්ට කරන්නේ නෑ. උන් හරියට සිල් සමාදන් වුණු උපාසකයෝ වගේ සන්සුන්ව සෑය වටේ ගිහින් ආපහු ඒ දොරටුව පැත්තෙන්ම අතුරුදහන් වෙනවා.

​සමහරු කියනවා මේ එන්නේ නිකන්ම සත්තු නෙවෙයි වෙස් වළාගත්තු නාග ගෝත්‍රිකයෝ හරි නාග ලෝකේ දෙවිවරු හරි වෙන්න ඇති කියලා.

​ඔයා ඊළඟ පාර රුවන්වැලි සෑයට ගියොත් රෑ වෙලා මේ බටහිර දොරටුව පැත්තට පොඩ්ඩක් ගිහින් බලන්න. එතන හුළඟ පවා හරිම සීතලයි. අර පරණ නුග ගස් අස්සෙන් එන හුළඟ ඇඟේ වදිද්දී අපි තනියම නෙවෙයි කියන හැඟීම ඔයාට අනිවාර්යයෙන්ම දැනේවි.

​ඒත් පරිස්සමෙන්... අපි නොදන්න ලෝක ගැන අපිට තියෙන්නේ පොඩි අවබෝධයක් විතරයි! 🤫

​ඔයාලත් රෑ වෙලා රුවන්වැලි සෑ මළුවේ ඉඳලා තියනවද? ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියනවද? පහළින් කමෙන්ට් කරගෙන යමු... 👇



‎(--මේ වගේ අභිරහස් කතා කියවන්න 𝗣𝗔𝗚𝗘 එකත් එක්ක එකතු වෙලා ඉන්න 👻--)

31/12/2025
💐💐FlOWER  VASE💐💐අවශ්‍ය අය ඉන්නවනම් Inbox massage එකක් එවන්න ...Delivery cities:- EMBILIPITIYA / MIDDENIYA / WEERAKATIYA/...
23/12/2025

💐💐FlOWER VASE💐💐
අවශ්‍ය අය ඉන්නවනම් Inbox massage එකක් එවන්න ...

Delivery cities:- EMBILIPITIYA / MIDDENIYA / WEERAKATIYA/ WALASMULLA/ AGUNUKOLAPALASSA/ KATUWANA

RS 650/= සිට ඉහලට.....

17/12/2025

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when AD CoSmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share