සරසවි අංගම් මඩුව, Sarasavi Angam,

  • Home
  • සරසවි අංගම් මඩුව, Sarasavi Angam,

සරසවි අංගම් මඩුව, Sarasavi Angam, සරසවි අංගම් මඩුව, අකරවිට ගම්පහ
නැතිවි යන හෙල අංගම්පොර සටන් කලාව ඉදිරියට ගෙන යාමට උත්සහයක්.

නව ශ්‍රී සුබ සූර්‍ය වර්ශය ඔබ සියලු දෙනාටමත් කිරි ඉතිරෙන සුබ නව වසරක් වේවා 🙏
14/04/2026

නව ශ්‍රී සුබ සූර්‍ය වර්ශය ඔබ සියලු දෙනාටමත් කිරි ඉතිරෙන සුබ නව වසරක් වේවා 🙏

අවුරුදු අසුවෙදිත් සටන් කළ හැකි අංගම් - පොර අංගම්පොර සටන් කලාව වූ කලී යම් දර්ශනයකි. බොහෝදෙනා අංගම්පොර තවත් එක් සටන් ක්‍රම...
24/03/2026

අවුරුදු අසුවෙදිත් සටන් කළ හැකි අංගම් - පොර


අංගම්පොර සටන් කලාව වූ කලී යම් දර්ශනයකි. බොහෝදෙනා අංගම්පොර තවත් එක් සටන් ක්‍රමයක් යැයි හැඳින්වුවද, දැන සිටියද, අංගම්පොර සටන් කලාවේ එක් අංගයක් වූ පොර යන කොටසේ ඇති අංග පමණක් මෙම කොටසට ඇතුළත් වේ. අංගම්පොර සටන් කලාව බොහෝ කලක පටන් පවතින කලාවක්, දර්ශනයක් වුවද වර්තමානයේදී බොහෝවිට කතා කරනු ලබන්නේ මෙහි ඇතුළත් පොර නම් කොටස ගැන පමණි. නමුත් එහි ඇති දර්ශනයට යටත්ව අංගම්පොර සටන් කලාව කරගෙන යා යුතු වේ.

අංගම් කලාවේ දර්ශනයද, ජ්‍යොතිෂයද, දේහදම් වෙදකමද තිබේ. අංගම් කලාවට ආවේණික වුණු වෙදකමක් පවතී. එය හෙළ වෙදකමයි. අංගම්පොර සටන් කලාව බොහෝවිට පවතින්නේ පාරම්පරිකවය. වර්තමානයේදී එය යම් විලාසිතාවක් වුවද අතීතයේදී අංගම්පොර ඉගෙන ගැනීමට පෙර ඒ සඳහා තමන් සුදුස්සකුදැයි සොයා බැලිය යුතු විය.

අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කිරීමට එන දරුවකුගේ වේලපත්කඩය පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා පෙර පින තිබිය යුතුයි. ඇතැම් ඒවා තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා ඔහු හෝ ඇය එය තේරුම් ගැනීමට හැකියාවට ඇති මනුස්සයෙක්දැයි මුලින් පරීක්ෂා කර බලනවා. අංගම් කියන්නේ එකක්. පොර කියන්නේ තව එකක්. අංගම් එකේ පොර කොටසක් ඇතුළත් වෙනවා. නමුත් මූලික තැන හිමිවන්නේ මේ අංගම් කියන කොටසටයි. දරුවකුගේ කේන්ද්‍රය පරීක්ෂාවේදී වීරත්වය, දරාගැනීමේ හැකියාව, හොඳ ගතිගුණ පැවතීම ආදිය සොයා බලනවා. අංගම්පොර සටන් කලාවේදී දරුණු දේ උගන්වනවා. නමුත් ඒ ඉගෙනගත් දෙයින් කිසිමදාක අංගම්පොර ශිල්පියකු අයුතු, අසාධාරණ දේ නොකළ යුතු වෙනවා.* යැයි පාරම්පරික අංගම්පොර ගුරු කෝසල ශ්‍රී හේවගේ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය

වේලපත්කඩය පරීක්ෂා කිරීමේදී ඇතැමුන්ට ඉගැන්වුවද ඒවා තම ග්‍රහණයට හසුකර ගැනීමට නොහැකිවීම පිළිබඳවද එහි සඳහන් වේ. එවැනි අයට අංගම්පොර ඉගැන්වුවද එය සාර්ථක වන්නේ නැත. සුදුස්සාට පමණක් අංගම්පොර ඉගැන්වීම පාරම්පරික අංගම්පොර ගුරුවරුන්ගේ සිරිතකි. එය තීරණය වන්නේ වේලපත්කඩය අනුවය.

අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කරනු ලබන ශිල්පියකුගේ ශරීරය ශක්තිමත් නොමැති විට එම වීරත්වය ශරීරයට එකතු කළ හැකි ප්‍රතිකාර අංගම්පොර සටන් කලාවේ පවතී. අංගම්පොර සටන් ශිල්පියකුගේ වයස අවුරුදු අසූවක් ගතවුවද ඔහුට අංගම්පොර සටන් කලාව කළ හැකි ශක්තියක් පවතී. එයට ප්‍රධාන හේතුව වන්නේ අංගම්පොර සටන්කරුවකුට වා, පිත්, සෙම් අනුව ලබාදෙන ව්‍යායාම් රටාවයි.

වේලපත්කඩය පරීක්ෂාවේදී මෙන්ම අංගම්පොර ශිල්පියකුගේ වා, පිත්, සෙම් අනුවද ඔහුට ව්‍යායාම් අභ්‍යාසය ලබා දෙයි. ඇතැම් ව්‍යායාම කිරීමෙන් තමන්ගේ අධිෂ්ඨානය නැතිවී යයි. එම නිසා නිවැරදි ව්‍යායාම ලබාදීම අනිවාර්ය වේ. කුස, පපුව සවිමත් වීමෙන් සිත ශක්තිමත් වේ. කුස සහ පපුව ශක්තිමත් වීමෙන් අංගම්පොර සටන් ශිල්පියාගේ කොන්ද කෙළින් වෙයි. කොන්ද කෙළින් පැවතීමෙන් ශරීරයේ ඇති ශක්තිය මුළු ශරීරය පුරා විහිදෙයි.

අංගම්පොර සටන් කලාවේදී නිල වෙදකමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ වන විට අන්තර්ජාලයෙන් නිල අල්ලන්නට කියා දෙන නිල වෙද්දු සිටිති. නමුත් නිල වෙදකම යනු බොහෝ ඉවසීමෙන් ප්‍රගුණ කර ලබාගන්නා වෙදකමකි.

අංගම්පොර කලාව ඉගෙන ගැනීමට වයස් සීමාවක් නැත. කුඩාම දරුවකුට කුමාර සෙල්ලම නම් අභ්‍යාසයේ සිට ඉගැන්වීම ආරම්භ කෙරෙයි. නමුත් වර්තමානයේදී බොහෝ අංගම්පොර ගුරුවරු මෙම කුමාර සෙල්ලම ඉගැන්වීම් නොකරති. එමගින් වම් මොළය හා දකුණු මොළයේ ක්‍රියාකාරීත්වය, වීරත්වය, මතක ශක්තිය පිහිටවීම ආදිය ඉගැන්වීම් සිදු කරයි. අංගම්පොර ගණිත ක්‍රමයේදී ගුරුළු, සිංහ, මී, ගජ වැනි යෝග සහ නැකැත් විසි අටක් ඉගැන්වේ. එම ගණිත ඉගැන්වීම් සති කිහිපයක් දරුවන්ට ඉගැන්වීම තුළින් ඔවුන්ට නැකැත් විසි අට, යෝග අට පාඩම් වේ. ඒ අනුව ජ්‍යොතිෂයේ එන මූලික ප්‍රධාන ඉගැන්වීම් එම ගණිත ක්‍රමය හරහා අංගම්පොර ගුරුවරයා දරුවාට කියා දෙයි. අවුරුද්දක් දෙකක් අංගම්පොර ඉගෙනගැනීම තුළින් ජ්‍යොතිෂයේ පමණක් නොව වෙදකමේ මූලික ඉගැන්වීම්ද දරුවන්ට ලබාගත හැකිය. එම ඉගැන්වීම් හරහා දරුවන් තුළ හික්මීම, ඉවසීම ඇතිවේ. මතක ශක්තිය වර්ධනය වේ. ඒ තුළින් දරුවන්ගේ හිත පිරිසුදු වේ. හිත පිරිසුදු වූ විට පිරිසුදු නිවැරදි ඕනෑම දෙයක් ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට හැකියාව පවතී. අංගම්පොර සටන් කලාවේද එය ඉගැන්වේ.

අංගම්පොර සටන් කලාවට පිරිමි පාර්ශ්වය වැඩි නැඹුරුවක් දැක්වුවද කාන්තා පාර්ශ්වයටද අංගම්පොර සටන් කලාවේ තහනමක් නැත. පාරම්පරිකව මෙන්ම ඉගැන්වීම් හරහාද අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කළ ශිල්පීහු වෙති.

අංගම්පොර සටන් කලාව බොහෝ කලක පටන් පැවත එන සටන් කලාවකි. රාවණා රජුගේ ඉපදීමට පෙර සිටම අංගම්පොර පැවතිණි. මෙයටම ආවේණික වුණු අවි ආයුධ බොහොමයක් තිබේ. එම ආයුධ වර්ගද හිතුමතේ නිර්මාණය කළ නොහැක. දිග පොල්ල උත්තම මුගුර ලෙස හැඳින්වේ. නාග පොල්ල මධ්‍යම මුගුර ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් නිතරම භාවිත කරන අඩි දෙකක් පමණ දිග පොල්ල නීච මුගුර ලෙස හැඳින්වේ. තමන් භාවිත කරන මුගුර තීරණය කළ යුත්තේ තමන්ගේ නාමයට හිමි ඉලක්කම අනුවය. එය ප්‍රවීණ අංගම්පොර ගුරුවරු තීරණය කරති.

අප උත්පත්තිය ලබනවා සේම ඒ ආයුධවලටත් උත්පත්තියක් අවශ්‍ය වෙනවා. එවැනි ආයුධ නිර්මාණය කළ යුතු වන්නේ නැකැත්වලට අනුවයි. නිවැරදි නැකැතකට අනුව තමන්ගේ ආයුධය නිර්මාණය කිරීමෙන් කිසිදාක අයහපතක් සිදුවන්නේ නැහැ.* යැයි කෝසල ශ්‍රී හේවගේ පැවසීය.

අංගම්පොර සටන් කලාවේ කොටසක් ආත්මාරක්ෂාවටත් තවත් කොටසක් සොබාදහම තේරුම් ගැනීමටත් යොදාගනී. මෙය දර්ශනයකි. හේවා අංගම් ඉගැන්වීමේදී අඩි සලකුණකින් තමන්ගේ පුරවැසියාගේ උස තීරණය කර ගැනීමට හැකියාව ලබා දෙයි. එමෙන්ම ප්‍රතිවාදියා ස්ත්‍රියකු හෝ පුරුෂයකුදැයි අඩි සලකුණකින් තීරණය කරගත හැකිය. එයින් තම ආරක්ෂාව ලබාගැනීමේ හැකියාව පවතී. අංගම්පොර නිවැරදි ඉගෙනගන්නා ශිල්පියකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු අංගම්පොර ශිල්පියකු බව නිගමනය කිරීමේ හැකියාවක් ප්‍රවීණ අංගම්පොර ශිල්පීන්ට තිබේ.

අංගම්පොර සටන් කලාවේදී ශිල්පියාට ඇති රෝග ලක්ෂණ වගේම දේහ ලක්ෂණ අනුව කළ යුතු ව්‍යායාම් වෙනස් වෙනවා. ශිල්පියාගේ ඇස්වලින් පවා ඔහුට ඇති රෝග තත්ත්වයන් අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වගේම ව්‍යායාම් තුළින් ඒ රෝග තත්ත්වයන් දුරුකර ගන්නට පුළුවන්. සමහර අංගම්වල ඇතැම් දේ සාමාන්‍ය ශරීර ශක්තියෙන් කරන්න බැහැ. ඒවා පොළවට ඒම තහනම්. උඩ පනින්නම ඕනෙ. උඩ පනින්න ගහන්නම ඕනෙ. පොළොවට ආවත් උඩ පනින්නම ඕනෙ. ඒ සඳහා විශාල ශක්තියක් තියෙන්නම ඕනෙ. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා දී ඔහුව ඒ සඳහා හැඩගස්වනවා.* යැයි කෝසල ශ්‍රී හේවගේ මහතා වැඩිදුරටත් පැවසීය.

24/03/2026
ගුරුතුමන් සමග දිනමින් පුවත්පතෙන් කල සාකච්ච්වක්.අංගම් ශිල්පය උගන්වනහැම තැනකම දර්ශනය නෑසමස්ත ලංකා පාරමිපරිත වෛද්‍ය සංගමයේබ...
23/03/2026

ගුරුතුමන් සමග දිනමින් පුවත්පතෙන් කල සාකච්ච්වක්.

අංගම් ශිල්පය උගන්වන
හැම තැනකම දර්ශනය නෑ

සමස්ත ලංකා පාරමිපරිත වෛද්‍ය සංගමයේ
බස්නාහිර පළාත් අධ්‍යක්ෂ, පාරම්පරික
දේහ ධර්ම වෛද්‍ය ප්‍රවීණ ජ්‍යොතිෂවේදී,
ශ්‍රී හේවගේ අංගම් පරම්පරාවේ වර්තමාන
උරුකාර කෝසල ශ්‍රී හේවගේ මහතා
සමඟ ආගම් සටන් ශිල්පය පිළිබඳව පැවැත්වූ
සාකච්ඡවකි.
"අංගම් සටන් ශිල්පය ඉගෙන ගත්තේ
මගේ තාත්තගෙන්, ඔහු කිරිවත්තුඩුවේ
මෛත්‍රීපාල, මගේ වැඩිමල් සහෝදරයාත් මේ
සටන් ක්‍රමය ඉගෙන ගත්හ. තාත්තගෙන් මේ
සටන් ක්‍රමයේ තිබෙන දර්ශනය කුඩා කල සිට
අප ක්‍රමයන් හැදෑරුවා,අංගම් ශිල්පය තුළ
විශාල දර්ශනයක් ගැබ් වී තිබෙනවා. හැබැයි
මේ ශිල්පය උගන්වන ස්ථානවල එම දර්ශනය
තිබෙනවද කියන ගැටලුව පවතිනවා. අංගම්
උගන්වනවා කියා බොහෝ ස්ථානවල සිදු
කෙරෙන්නෙ නිලවලට පහරදීම, සතුරකු මෙල්ල
කිරීම ආදි උපක්‍රම කියා දීම පමණයි."

"අංගම් ශිල්පය සෘෂිවරුන්ගේ නිර්මාණයක්,
මහාකාල සෘෂිවරයාත් මෙය හදාරා තිබෙන බවට
ප්‍රකාශ වනව ඔහු රාවණා රජතුමාගේ මුත්තා,
රාවණා රජුගේ සීයා වන පුලස්ති සෘෂිවරයා මේ
අංග ශිල්පයට විවිධ දේ එකතු කර ඇති බවද
පැවසෙනවා. පසුව රාවණ රජතුමා මේ අංඅංගම්
ශිල්පය කොටස් ගණනාවක් විද්‍යාවක් ලෙස
කස් කර තිබෙනවා. සටන් ශිල්ප පිළිබඳව
ඇතැම් තොරතුරු කටවහරෙන් එන බවද අප
මතක තබා ගන්න ඕනෑ.

" පහරවල් අටේ සෙල්ලමක් පැරණි අංගම්
ශාස්ත්‍රය තුළ ඉගැන්වූයේ ගුරුළු, බලල්, සිංහ,
දිවි, උරග, යී, ගජ, වුඩ් කියල ගණන් කිරිමත්.
තවත් පහරටවල් වැඩි ගණනක් තිබෙන සෙල්ලම්
සදහා අස්විද, බෙංරන, කැති, රෙහෙන, දී,
පුනාවස ආදි වශයෙන් නැකැත් ශාස්ත්‍රයෙන්
ගණින් කරනවා මේ නිසා ජ්‍යොතිෂය ද
අංගම් ශිල්පියා ක්‍රමයෙන් ඉගෙන ගන්නවා.
අපේ ක්‍රමය තුළ එක, දෙක, තුන, හතර කියල
ගණින් කළේ ත, අංයර් සිල්පය හදාරන්නා
ප්‍රයත් එම ශිල්පයේ ඉහළට ගමන් කරන
විට අනිවාර්යයෙන්ම අපේ රටට ආවේණික වූ
දේහ ධම්ම වෙදකම, ජ්‍යොතිෂය, නේත්‍ර ශාස්ත්‍රය
ද අංගෙන ගත යුතුයි. දේශධම්ම වේදකමේදී
ඖෂධවල තිබෙන මානසික ගුණ පටා පෙන්වා
දිය හැකියි. මෙය ඉතා ප්‍රබල වෛද්‍ය ක්‍රමයක්,
කෝමාරිකා ඖෂධයෙන් මානසික ගුණාංග
පිටවෙන්නෙ කොහොදෙ කියා මෙහි සඳහන්
වන බව උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකියි.
අපත් සමග පුහුණු වන අංගය ශිල්පියාm අවුරුදු
පහක් පමණ ශිල්පය හැදෑරිමෙන් ඔහුට ඉහත
සඳහන් දැනුඹෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා
ගන්න පුළුවන්.
"පුරාණ අංගම් ශාස්ත්‍රය පසුව පරම්පරා
ගණනාවකට උරුම වී තිඛෙනවා හැබැයි
අංගම් ශිල්පයට පරම්පරා නැ කියා මම ප්‍රකාශ
කරනව, අප් රයටන්
මරු වල්ලිය, සුදලිය ආදි
වශයෙන් අංගම් පරපුරා
ගණනාවක් පැවැත නවම්,
මොවුන් සටන් සඳහා භාවිත
කරන තාක්ෂණයේ විවිධ
වෙනස්කම් තිබෙනවා. සටන්
ක්‍රමයක් හැබදෙන පැdh
නීතියක් තිබෙනවා. වේලායුධ
ආරච්චි, බංගේ ල, වීදිය
බණ්ඩාර කුමාරයා එකතුව
තුන් කට්ටුව කියා සෙල්ලමක්
නිර්මාණය කළහ. එයට පෙර
අංගම්වල වේ සෙල්ලඹ
තිබී නෑ. මේ තුන්කට්ටු
සෙල්ලයි තිබෙන්නේ
ඇස්වලට අනිත හුය, අතපය
කඩන ආදි උපක්‍රය. ඒවා
දරුණුයි. සතුරකු විනාශ
කිරීටම නඳපු සෙල්ලමක්
ලෙස මෙය හැඳින්විය හැකියි.
අංගම් ශාස්ත්‍රයේ සතුරකු
විනාශ කරන සභ්ය අංගයි.
කොටස් තිබෙනවා. හැබැයි
අංගම් ශිල්පය කියන
විශාල දර්ශනයක් බව අප
තෙක තබා ගන්න ඕනෑ. එම
දර්ශනය ඉගෙනගත් අය
මිනිසුන්ට පහර දෙන්නේ කදි
තේරුමක් නැති අභියෝග
කරන කෑ, අංගම් කියන දර්ශනය තුළ
තයි අංගම් පොර, මන්ත්‍ර ශාස්ත්‍රය, වෙදකම,
ජ්‍යොතිෂය තිබෙන්නෙ, අපේ අය දැන් අංගම්
අතරතුර පාර කියන් කොටස පමණ්ඩ භාවිත
කරන්නෙ ගුටි හරඹ, පොලු හරඹ, ආයුධ සටන්
ආදිය එහි පවතිනවා, පාද හුරු කිරිමේ වෙනම
අයාය අංගම්වල ඉගැන්වෙනවා."
කෝසල ශ්‍රී හේවගේ
" ග් සිය සංයත් උපාසක අංගම් හරඹ
කරනවා ඔට මතකයි. සියගෙ මල්ලිට පුළුවන්
මෝල් ගහෙන් පොල් ගෙඩි වැටෙන්න පොල්
ගඟේ උඩට ගහන්න, කවුරු හෝ අංගම්
සිටනකට පැමිණෙන ලෙස මට අභියෝගයක්
කළොත් මම ඒකට පුදා නම් ඒ වගේම අංගම්
සටන්වල විශේෂත්වය සොයා බැලීමට මම විවිධ
සටන් ක්‍රම අධ්‍යයනය කර තිබෙනවා, මාදන්නා
නෑ.

අංගම් ශිල්පය මේරටේ අනාගත
පරම්පරාවට දීමට පුදානම් මගෙන් අංගම්
ශිල්පය ඉගෙනගත් ගෝලයන් විශාල සංඛ්‍යාවක්
සිටිනවා. ආරක්ෂක අංශවල සාමාජිකයන්,
ඉංජිනේරුවරුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්
මගෙන් අංගම් ශිල්පය ඉගෙන ගන්නවා. හැබැයි
මත් අංගම් කඩ දල නෑ.

"අංගම් ශිල්පියකුට අප ව්‍යායාම දෙන්නෙ වා,
පිත් සෙමි අනුව, හැබැයි වර්තමානයේ අංගම්
ශිල්පය උගන්ධක ස්ථානවල එවැනි යද සිදු
වන්යන නැ, දෙගම් ශිල්පය උගත්වන ගුරුවරයා
වෛද්‍යවරයෙකු විය යුතුයි. ඇස්වහ, කටවහ වලට
ගස්වල ගෙඩි වැටෙන්වා, ගස් මැරෙනවා.
එවැනි දේ සිදුවනවා නම් හරයකටත් එවැනි
බලපෑයි ඇති වෙන්න ඔනෑ. මොවා කර්ය
ඉන්දීයන්ඩලට බලපානවා, පින තිබෙන
පුද්ගලයාට කේන්ති යනවා නම් එම කේන්තිය
පාලනය විය හැකි ව්‍යායාම අංගම් උගන්වන
ගුරුවරයාධ දිය හැකි විය යුතුයි. තේන්තිය නිසා
විවිධ ආබාධ ඇති වෙනවා. ඒවා සටන් කරුවකුට
නොගැළපේ. අංගම් සටන් ශිල්පය ඕනෑම
වයසක කෙනකුට කළ හැකි ශිල්පයක් බව
ලෙයින් පෙනී යනවා.

අංගම් ශිල්පය හැදෑරිමට
අප ළඟට පැමිණෙන පුද්ගලයකුගේ කේන්ද්‍රය
පරීක්ෂා කරනවා වගේම ඔහුගේ නාඩි අල්ලා
ශාරීරික සෞඛ්‍යය ද අප පරීක්ෂා කරනවා පිත
තිබෙන අය ර්ක් පැත්තක, සෙහි
තිබෙන අය තවත් පැත්තකට ලෙස
අප ඔවුන් වෙන් කර ගන්නවා.
ඔවුන්ට විශේෂ වූ යාජ ලබා
දෙනවා. තමන්ට තිබෙන ලෙඩත්
නැති කරගෙන ශරීර හැකියාව
එවිට ඔවුන් වර්ධනය කර ගන්නවා.
වයසට ගියත් ගහ ගත්ත බැරිනම්
ඔහු සටන්කරුවකු නොවෙයි.
පැරණි ක්‍රමයට අංගම් ශිල්පය
හැදෑරිමෙන් වයසට ගියත් බර අත්
පහරක් ගහන්න පුළුවන්.

"නිලවලට පහරදිම ඉගෙන
ගැනිමට අපේ ළඟට බොහෝ
දෙනා පැමිණිනවා කල්ලු කාල
වෙද, ගයින්, ඔරැදි ලෙස නිල වර්ග
බෙදන්න පුළුවන්, බොහෝ අය කතා කරන්නෙ
මරු නිල පිළිබඳව මෙකෙන්ම පෙනෙනවා
අංගම් ශිල්පයේ තිබෙන මහා දර්ශනය මැකි
ගොස් ඇති බව අතට මතුරා කල්ලු නිලු වලට
පතර යදෙනවා, ගරය තුළ පවතින වා, පිත්,
සෙවල වෙනස්කම් ඇති වන්න කාල
නිලවලට පහර දෙන්න පුළුවන්, ඉරුවාරදය
වැනි ලෙඩ හැදෙන්න මේවාට පහරදිය හැකියි.
ජ්‍යොතිෂයේ සදහන් වෂකලාවට පහර දෙන
නිල ගත් නිල ලෙස හඳුන්වන්න පුළුවන් වෙද
නිල වලින් ලෙඩ රෝග සනීප කිරීම සිදු කරනවා.
මෙය නිල වෙදකම ලෙස හැඳින්විය හැකියි.
නියම අංගම් ශිල්පියකු මේ සියලු නිල වර්ග
දැන සිටිය යුතුයි. ඒ වගේයි තෙල් ටිකක් මතුරා
මහපට ඇඟිල් යා ගෙන ගොස් සතුරාගේ
සෙවණැල්ල පාගා ඔහුව අඩපණ කිරීමේ ක්‍රම ද
අංගම් ශිල්පයේ තිබෙනවා. ඒ වගේම අංශව
ශිල්පයේ තිබෙන කුමාර සෙල්ලම් මේ රටේ
කුඩා දරුවන්ට ලබදීම ඉතා වැදගත් බව එම
කියනවා, මේවා පාසල් තුළ ඉගැන්විය යුතුයි.
මම ඕනෑම අවස්ථාවක ඒ සඳහා සූදානම්, මේ
තුළින් බුද්ධිමත් දරුවන් බිහිකර ගන්න පුළුවන්."

සාකච්ඡා කළේ - උපාලි කරුණාරත්න
සහ කල්පනී පත්මපෙරුම
අවිස්සාවේල්ල විශේෂ

ගම්පහ අකරවිට අශෝකාරාම විහාරාධිපති මඩවලතැන්නේ විමලසාර හිමිගේ මූලිකත්වයෙන් සහ අනුශාසනත්වයෙන් ,පාරම්පරික අංගම් ශිල්පී කෝසල ...
22/03/2026

ගම්පහ අකරවිට අශෝකාරාම විහාරාධිපති මඩවලතැන්නේ විමලසාර හිමිගේ මූලිකත්වයෙන් සහ අනුශාසනත්වයෙන් ,පාරම්පරික අංගම් ශිල්පී කෝසල ශ්‍රී හේවගෙ වෙදගුරු තුමන්ගේ මෙහෙයවීමෙන් ගම්පහ පමනක් නොව සියනෑවේම සිංහල භාශාව කතා කරන ඔබ සියලු දෙනාටම දේශයේ වටිනාම හටන් ශාස්ත්‍රය වන අංගම්පොර සටන් කලාවත් හෙල වෙදකම ඉගැනුමටත් දැං අවස්තාව උදාවී ඇත.

විමසීම්:077 727 3410,/033 223 3531/071 385 9591

Address

Ashokaramaya, Akaravita

Website

Alerts

Be the first to know and let us send you an email when සරසවි අංගම් මඩුව, Sarasavi Angam, posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share