Sai Ayurveda medical center

Sai Ayurveda medical center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sai Ayurveda medical center, Medical and health, Wattala, Gampaha.

02/08/2026

දියවැඩියාව නසන ඖෂධ

අරළු, බූලු නෙල්ලි, වෙනිවැල්ගැට , ගොන්කැකිරි කලාදුරු යන මේවායේ කෂාය කහ චුණී මිශ්‍ර කර මී පැණි ද යොදා බිමෙන් දියවැඩියාව සුව වේ.

29/07/2026
29/07/2026

සෙමට ගුණ දෙන ඖෂධය

19/07/2026

භගන්දර (ගෙඩි)
ගුදයත්, ලිංගයත් අතරේ හටගන්නා ගෙඩිය භගන්ධරා නම් වේ.
මෙය පැසවීමට ඉඩ නොතාබා රෝගියාගේ ගුද ශොථාවස්ථාවෙහිම උපවාසාදියෙන් රෝගය වියළවා විරේචන කළ යුතුය. භගන්ධරා හිල්වීමට කලින් ප්‍රතිකාර කළ යුතුය.

ආලේප :-
තල, අරළු, ලොධු සුබුලු, කොසඹ පත් සමසේ ගෙන අඹරා ගාන්න.
කහ, වෙනිවැල්ගැට, වදකහ, ලොධු
විසන් දුඹුල්, මේවා සමසේ අඹරා ගාන්න.
දැන්ත රත්නෙටොල් අතිවිඩයමි අලේප කරන්න.

03/07/2026

ගැබිනි සමයේ ඇතිවන කායික අපහසුතා දුරලන ආයුර්වේදීය ප්‍රතිකර්ම...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

🔴 උදෑසන ගිලන් බව

එනම් උදේ අවදි වන විට ඇතිවන ශරීරයේ අප්‍රාණික බව, ක්ලාන්තය, කැරකිල්ල, ඔක්කාරය, වමනය, තෙහෙට්ටු බව ආදියයි. මෙය රෝගී තත්වයක් නොවේ. නමුත් ඇතැම් මව්වරුන්ට මෙම අපහසුතාවයන් ප්‍රභලව ඇතිවිය හැකිය. සාමාන්‍යයෙන් ඇතිවන ඉහත අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා පහත දේවල් භාවිතා කළ හැකිය.

🔸දෙහි දොඩම් නාරං ආදී යුෂ වර්ග
🔸උදෑසන ඇඳෙන් බැසීමට පෙර තැඹිලි වතුර වරින්වර අවුන්සයක පමණ ප්‍රමාණයක් පානය කිරීම
🔸සීනි හා ඉඟුරු දෙමු කහට තේ පානය
🔸දෙළුම් යුෂ පානය
🔸බෙලි මල් තැම්බූ වතුර
🔸නෙල්ලි වෙරළු වැනි පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම
🔸බිත්තර සුදු මදය හොඳින් ගසා එයට දොඩම් යුෂ, සීනි හා ලුණු දමා ටිකින් ටික බීම

වමනය, ඔක්කාරය වළක්වා ගැනීමට ආහාර වේල් ගණන වැඩිකර වරකට ආහාර සුළු ප්‍රමාණයක් ගැනීම. එහෙත් වමනය අධික නම් ශරීරයේ අප්‍රාණික බව හා ක්ලාන්තය අධික නම් ඔබේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගත යුතුය.

🔴 කොන්දේ වේදනාව

බොහෝ ගැබිනි මව්වරුන්ට මෙම තත්වය ඇති වේ. මේ සඳහා වම් ඇලයට නිදා ගැනීම, සුදුසු තෙල් වර්ගයක් ආලේප කර උණු වතුරින් තැවීම වැනි දෑ පහසුවක් ගෙන දේ. තවද බර දේවල් එසවීම නොකළ යුතුය. එසේම පැතලි අඩි සහිත පාවහන් පැළඳීම, නිවැරදි ඉරියව් භාවිතය, කොන්ද නවාගෙන වැඩ නොකිරීම ඒ වෙනුවට මේසයක් වැනි යමක් ආධාර කරගෙන එම කටයුතුවල යෙදීම ආදී ක්‍රියාකාරකම් වල යම් යම් සුළු වෙනස්කම් කිරීමද මෙම අපහසුතාවය මඟහරවා ගැනීමට මෙන්ම ඇති නොවීමට ද හේතු වේ. බෙලි කොළ, ආඩතෝඩා කොළ, බැබිල වැනි කොළ වර්ග වලින් සාදාගත් පොට්ටනියකින් මඳ උණුසුමින් තැවීම ද කළ හැකිය.

🔴 මලබද්ධය

හෝමෝන වෙනස්කම් නිසා මෙන්ම ගැබිනි සමයේදී භාවිතා කළ යුතු ඖෂධ නිසා ද ඇතිවන අපහසුතාවයකි. මෙහිදී මල පිට කිරීමේ අවශ්‍යතාවයක් නැතිව උත්සාහයෙන් මල පිට කිරීම නොකළ යුතුයි. එවිට පසු කාලයකදී අර්ශස්, ගුද භ්‍රංග වැනි වෙනත් රෝග ඇති වීමට එය හේතුවක් විය හැකියි.

🔴 මලබද්ධය නැතිකර ගැනීම සඳහා

🔸වැඩිපුර දියර වර්ග පානය
🔸කෙසෙල්, හොඳින් ඉදුණු පැපොල්, ඉදුණු බෙලි වැනි පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම
🔸කෙඳි සහිත එළවළු, පලා වර්ග සෑම ආහාර වේලකටම එක්කර ගැනීම
🔸ගුද මාර්ග පේශී ලිහිල් කර ගැනීම එම අවස්ථාවේදී හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම

සමහර අවස්ථා වල දී යකඩ පෙති ගන්නා විට ද මලබද්ධ තත්වය ඇති විය හැකිය. නමුත් ඔබට ගැබිනි සමයේ යකඩ පෙති ලබා ගැනීමට අවශ්‍ය නිසා එය හිතුමතේ නතර නොකර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🔴 බඩ පපුව දැවිල්ල

මේ කාලයේ දී උදරයේ හා පපුවේ දැවිලි ස්වභාවයක් ඇතිවිය හැකිය. මෙය සමහර විට හෘදයාබාධයක් දැයි සිතෙන තරමට උග්‍ර විය හැකිය.

මේ අපහසුතා මඟහරවා ගැනීමට,

🔸වැඩි වාර ගණනක් අඩු ප්‍රමාණයෙන් ආහාර ගැනීම
🔸තෙල්, මිරිස් අධිකව යෙදූ ආහාර ගැනීමෙන් වැළකීම
🔸කෑමට පසු දියර අධිකව ගැනීමෙන් වැළකීම
🔸රාත්‍රී ආහාරය නින්දට පැය කිහිපයකට පෙර ගෙන නින්දට පෙර කිරි වීදුරුවක් පානය
🔸රාත්‍රී කාලයේ අවදි වුවහොත් කිරි වීදුරුවක් හෝ කෙසෙල් ගෙඩියක්, බිස්කට් එකක් වැනි සුළු ආහාරයක් ගැනීම.
🔸නිදාගැනීමේදී කොට්ට කිහිපයක් හිසට තබා නිදාගැනීම කළ හැකිය.
🔸බාර්ලි, සව්, ජෙලි වැනි දෑ දිනකට වරක් හෝ ආහාරයට එක්කර ගැනීම.

🔴 පාද ඉදිමුම

ගැබිනි සමයේ අග භාගයේදී පාද වල ඉදිමුම බොහෝවිට ඇති වේ. සුළු පාද ඉදිමුම එතරම් සැලකිය යුතු නොවේ. නමුත් අධික ඉදිමුම ඇතිවීම වෙනත් රෝග ලක්ෂණයක් විය හැකි බැවින් ඔබේ වෛද්‍යවරයා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ඇත.

සුළු පාද ඉදිමුම් තත්වය මඟහරවා ගැනීමට,

🔸හැකි සෑම විටම පාද ඉහළින් තබාගෙන සිටින්න.
🔸සාරණ, නීරමුල්ලිය ආහාරයට ගන්න.
🔸සාරණ මුල්, පොල්පලා, ගොකටු ආදිය යොදා කැඳ සාදා බීම. ඒවා තම්බාගත් වතුර පානය කරන්න.
🔸දුර ගමන් යාමෙන් වැළකී සිටීම.
🔸සිටගෙන සිටීම අවම කිරීම.

🔴 වමනය

ගැබිනි සමයේ උදෑසන වමන ස්වභාවයක් පැවතීම බහුලව දැකිය හැක. ඒ සඳහා විශේෂ ප්‍රතිකාරයක් අනවශ්‍යය. උදෑසන ගිලන් භාවයේදී දක්වා ඇති අයුරින් දෙහි යුෂ, දොඩම් යුෂ, ඉඟුරු යුෂ ආදිය උපයෝගී කිරීමෙන් එම තත්වය මඟහරවා ගත හැකිය. නමුත් උග්‍ර ලෙස වමනය ඇත්නම් විජලන තත්වයක් ඇතිවිය හැකිය. ඒ නිසා උග්‍ර තත්වයන්හිදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

🔴 කෙණ්ඩ පෙරලීම

ගැබිනි සමයේදී රාත්‍රී කාලයේදී පාද වල කෙණ්ඩා පෙරලීම ඉතා වේදනාකාරී අත්දැකීමකි. යම් යම් ලවණ ඌනතාවයන් නිසා මෙසේ සිදුවේ. හාල්මැස්සන් වැනි කැල්සියම් බහුල කුඩා මාළු ආහාරයට ගැනීමෙන් හා සායන වලදී ලබාදෙන ඖෂධ නිසි පරිදි බීමෙන් මෙම තත්වය බොහෝ දුරට වළක්වා ගත හැකිය.

එසේම එම අවස්ථා වලදී සුදුසු තෙලක් ගා ලුණු පොට්ටනියකින් තැවීමෙන් වේදනාව සමනය කරගත හැකිය.

🔴 ඇඟ කැසීම

ගර්භනී සමයේ අග මාස වල දී ශරීරයේ කැසීම ඇති වේ. විශේෂයෙන් උදරයේ කැසීම බහුලව ඇති වන අතර මෙම තත්වය නිසා උදරයේ කැලැල් ඇති වේ. එසේ කැලැල් ඇති වීමෙන් ඔබේ සුන්දර බව අඩු වන නිසා හැකිතාක් කැසීමෙන් වැළකී ඉවසීම වටී.

එසේම මෙම අපහසුතාවය මගහරවා ගැනීම සඳහා,

🔸සුදු හඳුන් ඇල් දියෙන් අඹරා ආලේප කිරීම
🔸එළඟිතෙල් ආලේප කිරීම
🔸නීල්‍යාදී හෝ බලා තෛලය හෝ වෙනත් සුදුසු තෙලක් ආලේප කිරීම කළ හැකිය.
🔸වෙනිවැල්ගැට, කොහොඹ කොළ, නිදිකුම්බා රත්මල් ආදී ඖෂධ තම්බා සේදීම.

🔴 අධිකව දහඩිය දැමීම

මෙය ද ගැබිනි සමයේ බොහෝ මව්වරුන් මුහුණ දෙන අපහසුතාවයකි.

ලිහිල් කපු ඇඳුම් ඇඳීම, සිසිල් දිය නෑම, කොළ කැඳ පානය, කොමඩු, පිපිඤ්ඤා, එළකිරි, නෙල්ලි වැනි ආහාර වැඩිපුර දියර වර්ග පානය ආදිය ඉහත අපහසුතාවයන් මගහරවාලයි.

🔴 පියයුරු පිළිබඳ ගැටළු

ගැබිනි සමය තුළ දී පියයුරු වල වේදනාව, පියයුරු විශේෂයෙන් තනපුඩුව ආශ්‍රිතව කළු පැහැ ගැනීම, තනපුඩුව ආශ්‍රිතව වේදනාව හා සමහරවිට තන පුඩුව ඉරිතැලීම, තන පුඩුවෙන් දියරයක් වෑස්සීම ආදිය ඇති වේ.

මේවා රෝග තත්ව නොවේ. එවිට පියයුරු හා තන පුඩු සෝදා පිරිසුදු කිරීම, බලා තෛලය වැනි සුදුසු තෙලක් ගා පිරිමැදීම කල හැකිය.

එසේම ගිලුණු තන පුඩු ඇතිවිට එය දරුවාට කිරි දීමට බාධාවක් නොවීමට අවශ්‍ය උපදෙස් සායන වලදී ලබාගත යුතු වේ. සුදුසු තෙලක් ගා තන පුඩු සෙමෙන් ඉදිරියට පිරිමැදීම ආදී එම ගැටළුව සකස් කිරීමට යෝග්‍ය විවිධ ක්‍රම මෙන්ම එවැනි පියයුරු ඇතිවිට කිරි දීමේ ක්‍රමය පිළිබඳව ද උපදෙස් එහිදී ඔබට ලැබෙනු ඇති.

🔴 අත් හිරිවැටීම

මෙය ගැබිනි ඔබට අත්විඳීමට සිදුවන තවත් අපහසුතාවයකි.

බොහෝවිට උදෑසනට මෙම තත්වය ඇති අතර ප්‍රසවයෙන් පසුව සුව වේ. සුළු ව්‍යායාම හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිතා වන ඇතැම් ආලේප මඟින් මෙයට සහනයක් ලබාගත හැකිය.

🔴 වරින්වර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම

මෙය රෝග තත්වයක් නොවේ. ගැබිනි සමයේ මුල් කාලය හා අග මාස කිහිපය තුළ වෙනදාට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීමේ පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවේ. මෙය දරුවාගේ පිහිටීම මත සිදුවේ. නමුත් කැසීමක් හෝ දැවිල්ලක් සහිතව මුත්‍රා පිටවේ නම් හෝ රාත්‍රී කාලයේ දී මුත්‍රා පිටකිරීමට අවදි වෙයි නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය. එවැනි අවස්ථා වල මුත්‍ර පරීක්ෂණයක් සිදුකිරීම වැදගත්ය.

🔴 නහර ගැට ගැසීම

මෙය පාදයේ කෙන්ඩා ප්‍රදේශයේ විශේෂයෙන් දැකිය හැකි වෙයි. මෙවිට හැකි සෑම විටකම පාද ඉහළින් තබා ගැනීම, සිටගෙන සිටින කාලය අඩු කිරීම වැදගත්ය. එසේම ඇඳෙන් බැසීමට පෙර ක්‍රෙප් බැන්ඩේජ් එකකින් පාද වෙලීමද කළ හැකිය. මේ සඳහා පහසුවෙන් යෙදිය හැකි නොයෙක් ආලේප වර්ග ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇත.

මෙලෙස ගුද ප්‍රදේශය ආශ්‍රිත රුධිර වාහිනී විශාල වීමෙන් අර්ශස් ඇති වේ. මල බද්ධය වළකා ගැනීම, දියර වර්ග, පලතුරු වර්ග, කෙඳි සහිත ආහාර, පලා වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීම, බොහෝ වේලා සිටගෙන සිටීමෙන් හෝ හිඳගෙන සිටීමෙන් වැළකීම මඟින් මෙම තත්වය මඟහරවා ගත හැකි වේ. බොහෝ විට මෙය ප්‍රසවයෙන් පසුව සුව වුවත් මලබද්ධය දිගටම පැවතුනහොත් සුවවීම ප්‍රමාද වේ.

මීට අමතරව,

🔸අධික රුධිර පීඩනය
🔸දියවැඩියාව
🔸හෘද රෝග
🔸වකුගඩු රෝග
🔸අධික හිසරදය
🔸අක්මා රෝග
🔸අත් පා මුහුණ ඇතුළුව ශරීරයේ තදබල ශෝථය

ආදිය ගැබිනි සමයේ බරපතල රෝගයන් වේ. ගර්භණී භාවයට පෙර සිටම ඔබ මෙවැනි රෝගයකින් පෙලෙනවා නම් එය අවදානම් තත්ත්වයක්. එනම් ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු මවක් වේ. එවැනි අය කිසිවිටක තම හිතුමනාපයට ක්‍රියා නොකළ යුතු අතර ආහාර, විහරණ, විවේකය, ව්‍යායාම ආදිය වෛද්‍ය උපදෙස් මත කිරීම ඔබේත් දරුවාගේත් නිරෝගී පැවැත්මට හේතු වේ.

එසේම,

🔸වයස අවුරුදු 35ට වැඩි පළමු ගැබිනියන්
🔸බර වැඩි අය (BMI අගය 35ට වැඩි)
🔸පෙර ගර්භනී භාවයන්හිදී දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තිබූ අය
🔸දෙමාපියන් හෝ කිට්ටු නෑයන් අතර දියවැඩියාව ඇති අය
🔸නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන අය
🔸කලින් කිහිප වතාවක් ගබ්සා වීම් හෝ මල දරු උපත් සිදු වූ අය
🔸අංග විකලතාවයන් සහිත දරුවන් බිහි කළ හෝ අංග විකලතා සහිත දරුවකු දැනට කුස තුළ ඇති
🔸නිතර මුත්‍රා හෝ යෝනි ආසාදන සිදුවන
🔸උල්බ තරලය වැඩි හෝ අඩු බව හඳුනාගෙන ඇති අය

සෑම විටම තමාගේ සිදුවන යම් වෙනස් කමක් හෝ අපහසුතාවක් වේ නම් ඒ බව නොසඟවා සායන වලදී වෛද්‍යවරයාට පැවසිය යුතු ය.

එසේම සායන වලදී ලබාදෙන ආහාර, විහරණ, ඖෂධ පිළිබඳව වූ වෛද්‍ය උපදෙස් කිසිවිටෙක නොසලකා හැරීම නොකරන්න.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට වැළඳෙන ඕනෑම රෝග තත්වයක් ගැබිනි සමයේදී ද වැළඳිය හැකිය. එවිට තම හිතුමනාපයට ඖෂධ නොගත යුතුය.

වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගන්නා විටත් පරීක්ෂණයක් සඳහා යොමු වන සෑම විටෙකත් තමා ගර්භණී බව පවසන්න. ගැබිනි සමය පුරාවට නීරෝගීව සිටීමට හැකිතාක් උත්සාහ ගන්න.

ඔබට ඉදිරියේදී ලැබෙන්නට ඇති උත්තරීතර මව් පදවිය ගැන සිතා ගර්භණී භාවය නිසා සිදුවන අපහසුතාවයන් සැහැල්ලු මනසින් සතුටින් භාරගන්න.

ගර්භනී කාලය පුරාවටම තමන්ගේ අදහන ආගමකට අනුව වත් පිළිවෙත් කරමින් සතුටින් ජීවත් වීමට සෑම ගැබිනියක්ම උත්සාහ කළ යුතුය.

👩‍⚕‍ උපදේශකත්වය :- ආචාර්ය දයානි සිරිවර්ධන මහත්මිය
📙 සැකසුම :- වෛද්‍ය Y.A.U.D. කරුණාරත්න, වෛද්‍ය N.D. කොඩිතුවක්කු
(දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රසූති තන්ත්‍ර කෞමාරභෘත්‍ය අධ්‍යයන අංශය)
✍️ ස්තූතියි :- හෙළ අරණ

Address

Wattala
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Sai Ayurveda medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share