05/05/2026
යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීම් තත්ව ඇතිවෙන්නෙ ඇයි?
(අද ලිපිය අපේ ආදරණීය ගැහැනු ලමයින් වෙනුවෙන්මයි..)
රස්නෙ කාලගුණයත් එක්ක හැදෙන්න පුළුවන් මේ දවස්වල බහුල තත්වයක් ගැනයි කතා කරන්නෙ.
ගොඩක් දෙනෙක් candidiasis කියන රෝග තත්වය එක්ක සුද යාම කියන එක පටලවාගන්නවා.
ඇත්තටම මේ රෝග දෙක සම්පූර්ණයෙන් ම වෙනස්.
දිලීර ආසාදන තත්වයක් එක්ක ඇතිවෙන කැන්ඩිඩා ආසාදනය ඔබේ පෞද්ගලික පිරිසිදු බව, යට ඇදුම් භාවිතයේ දුර්වලතා, ඉතා තද ඇදුම් දිනය පුරා ඇගලාගෙන සිටීම වගෙ දේවල් එක්ක ඇතිවෙනවා. මෙතනදිත් යෝනි මාර්ගය ආශ්‍රිත ව දිලීර වර්ධනය වීම එක්ක යම්කිසි ශ්‍රාව සහිත බවක්, කැසීම ආදිය ඇතිවෙනවා.
මේක ඇතිවෙන්න හේතු
🔰අධික පිරිසිදු බව ( ඒ මොකක්ද ඒ 🙂)
මේ රෝග තත්වය ගැන ප්‍රතිකාර ගන්න එන බහුතරයක් ගැහැනු ලමයි කියන දෙයක් තමා මම ගොඩක් පිරිසිදුව ඉන්න කෙනෙක්. එහෙම වෙලත් මට මේක හැදිලා තියෙන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ කියන එක.? මෙතන තියන ප්‍රශ්නය මොකක්ද?
අපි හැමෝම පිරිසුදු ව ඉන්න කැමති .නමුත් එහෙම කියලා අපේ private areas ඕනවට වඩා සෝදන එක, විශේෂයෙන් සබන් යොදලා හෝ වෙනත් සේදුම් ද්‍රව්‍ය යොදලා හෝදන එකෙන් ඒ ආශ්‍රිතව තියන pH අගය වෙනස් වෙනවා සහ හිතකර බැක්ටීරියා ඉවත්වීමක් වෙනවා. මේ එක්ක මේ ආසාදන තත්ව එන්න පුළුවන් . යෝනි මාර්ගය ආශ්‍රිතව තියන බැක්ටීරියා මගින් ඒ ප්‍රදේශය ස්වභාවික ව පිරිසිදු කිරීමක් කරනවා.. මේවගෙ අනවශ්‍ය විදියට හෝදන එකෙන් වෙන්නෙ ඒ හිතකර ජීවින් අයින්වෙලා යන එක.
🔰ශරීරයට ඉතා තද ඇදුම් පාවිච්චි කරන එක.
දවසම ඉතා තද යට ඇදුම් සහ අනිකුත් ඇදුම් ඇඳගෙන ඉන්න එකෙනුත් මේ ප්‍රදේශ ආශ්‍රිතව දිලීර ආසාදන තත්වය එන්න පුළුවන් . මේ නිසා සැහැල්ලු ඇදුම් පාවිච්චි කරන එකත් වැදගත්. මේ වගෙ වෙලාවක ඔයා ඉන්නෙ AC එකකද සාමාන්‍යය උෂ්ණත්වයෙද කියන එක වැදගත්වෙන්නෙ නෑ . ඒගැනත් ගොඩක් දෙනා අහනවා.
🔰ඇග අධිකව උෂ්ණ වීම .
මෙ වගෙ තත්වයකදිත් යෝනි මාර්ගය ආශ්‍රිතව උණුසුම වැඩිවීම එක්ක හිතකර පරිසර තත්ව නිර්මාණය වෙන එකෙන් මේ ආසාදනය එන්න පුළුවන් . ඇග උෂ්ණාධික කෙනෙක්ගෙ මේ private area ආශ්‍රිතව දහඩිය දැමීම උණුසුම පිටවීම ගොඩක් බහුලයි. සමහර අයගෙ මේ හේතුව නිසාම ඒ ප්‍රදේශ ආශ්‍රිතව ගන්ධයක් ඇතිව්ව්න්න පුලුවන් කමත් තියනවා..
රෝග ලක්ෂණ විදියට
🤒අවර්ණ හෝ කිරිපැහති ශ්‍රාවයක් පිටවීම
🤒අධිකව කැසීම
🤒රතුවීම
🤒සමහර අවස්ථාවලදි කැසීම නිසා තුවාල ඇතිවීම වෙන්න පුළුවන් ..
මේක බෝවෙනවද ?
ඔව්, ලිංගික එකතුවීමකදී ඔබේ සහකරුවාටත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන් කම තියනවා..
සුද යාම හෙවත් ශ්වේත ප්‍රදර ( leukorrhea ) තත්වයෙදි වෙන්නෙ වෙනම දෙයක්.
☘️ශරීරය ඇතුලෙ උෂ්ණාධික බව සහ තවත් බොහෝ හේතු එක්ක ඇතිවෙන ශ්වේත ප්‍රදර තත්වයේදි ඔබේ ඇගෙන් ශ්‍රාවයක් ආකාරයට ඉවත්වෙලා යන්නෙ ශරීරයේ පෝෂණයට අවශ්‍ය වෙන දෙයක්.
☘️මේ නිසා මේ ඇග උණු කරවා යාමේ රෝගය කියලා සරලව හදුන්වන දේ ගොඩක් සංකීර්ණ තත්වෙට පත්වෙන අවස්ථාත් තියෙනවා.
☘️විශේෂයෙන් ම මල වියලීම, බඩ පුරවා දැමීම , කාලයක් තිස්සේ මේ තත්වය තියෙන එකෙන් ශරීරය අධිකව කෙට්ටු වීම වගෙ දේවල් බහුලව දකින්න පුළුවන්.
ඒ වගේම සුද යාම සහ කැන්ඩිඩයසිස් කියන රෝග තත්ව දෙකම එකම අවස්ථාවෙදි තියෙන්නත් පුළුවන් කම තියෙනවා. ඒ ගැන වෙනම කතා කරමු.
ඉතින් මේ තත්වය හදුනාගෙන මේකට ක්‍රමානුකූලව ප්‍රතිකාර කරන්නම වෙනවා.
මේ සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම තියනවා..
මේ දේත් මතක් කරන්නම ඕන.. ☘️
📷සමහර විට අපි ප්‍රතිකාර කරන් යනකොට මේ තත්වය කිසිම වෙනසක් නොවී ඒ විදියටම තියනවා නම් ඒකට හේතුව ඔයාට තියන දියවැඩියාව රෝගී තත්වය වෙන්න පුලුවන් .. දියවැඩියාව රෝගය එක්ක බොහොමයක් දෙනාට මේ vaginal yeast infection කියන එක ඇතිවෙනවා. මොකද ශරීරයේ සීනි මට්ටම ඉහලයි කියන්නෙ මේ ජීවීන්ට විශේෂයෙන් ම candida albicans විශේෂයට වැඩෙන්න ඕන හිතකර තත්වයක් නිර්මාණය වෙමින් තමා තියෙන්නෙ. එහෙම අවස්ථාවක අපි කොයි තරම් බාහිරින් පිරිසිදුව තියන් ඉන්න හැදුවත් රුධිර සීනි මට්ටම පාලනය නොවෙනවා නම් රෝගය සුව වීමක් වෙන්නෙ නෑ. ඒ නිසා ප්‍රතිකාර ගන්නකොට ඒ ගැනත් අනිවාරෙන් ම සැලකිලිමත් වෙන්න..
ඒ වගේම ඔයාට මේ රෝග තත්ව දෙක තියෙනවා නම් ඒකට ප්‍රතිකාර නොකර ශරීරය දුර්වල වෙන එකට විටමින් වර්ග විවිධ සප්ලිමන්ට් වර්ග ආහාර අතිරේක ගන්න එකෙන් වැඩක් වෙන්නෙ නෑ.ඒ ගැනත් අනිවාර්යයෙන්ම සදහන් කරන්න ඕන.
හැමෝම නීරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
සටහන - ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්.
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය )
HarithaAyur Healthcare
Ganemulla.
Contact via whatsapp 0703482814 (msgs only)