Optometry Students' Association -OSA USJ

Optometry Students' Association -OSA USJ University of Sri Jayewardenepura
OSA -USJ

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පූජනීය වූ මේ උතුම් පොසොන් දිනයේදී, ධර්මයේ ආලෝකයෙන් ඔබගේ ජීවිතයත් ඒකාලෝක වේවා!🪷🙏🏽On t...
29/06/2026

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පූජනීය වූ මේ උතුම් පොසොන් දිනයේදී, ධර්මයේ ආලෝකයෙන් ඔබගේ ජීවිතයත් ඒකාලෝක වේවා!🪷🙏🏽

On this noble Poson day, may your life be illuminated by the light of the Dhamma!🪷🙏🏽

#2026

☀️🕶️ සුභ ජාතික අව්කණ්ණාඩි දිනයක් වේවා! 🕶️☀️අද, ජූනි 27 වනදා, අපි අපේ ප්‍රියතම විලාසිතා උපාංගවලින් එකක් සමරනු ලබනවා—නමුත්...
27/06/2026

☀️🕶️ සුභ ජාතික අව්කණ්ණාඩි දිනයක් වේවා! 🕶️☀️

අද, ජූනි 27 වනදා, අපි අපේ ප්‍රියතම විලාසිතා උපාංගවලින් එකක් සමරනු ලබනවා—නමුත් අව්කණ්ණාඩි කියන්නේ හුදෙක් විලාසිතාවක් පමණක්ම නෙවෙයි. ඒවායේ වඩාත්ම වැදගත් කාර්යභාරය වන්නේ හිරුගෙන් නිකුත් වන හානිකර පාරජම්බුල කිරණවලින් අපගේ ඇස් ආරක්ෂා කිරීමයි. ‘The Vision Council’ ආයතනය විසින් ආරම්භ කරන ලද මෙම ජාතික අව්කණ්ණාඩි දිනය අපට මතක් කර දෙන්නේ, අපේ සමට සන්ස්ක්‍රීන් ආලේප කිරීම මෙන්ම ඇස් ආරක්ෂා කර ගැනීමද දෛනික පුරුද්දක් කරගත යුතු බවයි.

UV කිරණ මගින් ඇස්වලට සිදුවන හානිය කාලයත් සමඟ ක්‍රමයෙන් එකතු වන්නක් . එහි බලපෑම අපට ක්ෂණිකව නොදැනෙන්නට පුළුවන්, නමුත් දිගුකාලීනව මෙම කිරණවලට නිරාවරණය වීම නිසා ඇසේ සුද මතුවීම ( Cataracts ) , මැකියුලා ක්ෂය වීම (Macular degeneration ) , ඇස අව්වට පිළිස්සීම (photokeratitis ) සහ ඇසේ මතුපිට මාංශ පටල වැඩීම (pterygium ) වැනි බරපතල රෝගාබාධ ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යයි.

☀️ ශ්‍රී ලංකාවට මෙයින් ඇති බලපෑම කුමක්ද?

සමකයට ආසන්න නිවර්තන කලාපීය රටක ජීවත්වන අපට, වසර පුරාම ඉතා තද හිරු එළියකට මුහුණ දීමට සිදු වෙනවා. ලංකාවේ UV දර්ශකය බොහෝ විට ඉහළ සිට අතිශය ඉහළ මට්ටම් දක්වා ගමන් කරන්නේ විශේෂයෙන්ම පෙරවරු කාලයේ සිට දවල් මැද භාගය වනතුරුයි. අපෙන් බොහෝ දෙනෙක් කුඩයක් රැගෙන යාමට හෝ සන්ස්ක්‍රීන් ආලේප කිරීමට මතක තබා ගත්තත්, අපේ ඇස්වලටත් එවැනිම ආරක්ෂාවක් අවශ්‍ය බව අමතක කර දමනවා.

⚠️ තද පැහැති කාච වලට රැවටෙන්න එපා!

මිල අඩු, නමුත් පෙනුමෙන් තද පැහැති අව්කණ්ණාඩි විලාසිතාවක් ලෙස පමණක් මිලදී ගැනීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිනවා.

මෙය අනතුරුදායක විය හැක්කේ ඇයි?
තද පැහැති කාච පැළඳි විට සිදු වන්නේ ඔබේ ඇසේ කණිනිකාව විශාල වීමයි. එමගින් ඇස තුළට වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළු වීමට ඉඩ සැලසේ. යම් හෙයකින් එම කාචවල නිසි UV ආරක්ෂාවක් නොමැති නම්, ඔබ අව්කණ්ණාඩි නොපැළඳ සිටියාටත් වඩා වැඩි හානිකර පාරජම්බුල කිරණ ප්‍රමාණයක් ඇස අභ්‍යන්තරයට ගමන් කරයි. කෙටියෙන් කිවහොත්, UV ආරක්ෂාව නැති තද පැහැති කාචවලින් සිදුවන්නේ යහපතකට වඩා විශාල අයහපතකි.

👓 නිවැරදි අව්කණ්ණාඩියක් තෝරා ගන්නේ කෙසේද?
✔️UV400 ආරක්ෂාව සහිත දැයි බලන්න:

කාචයක තද ගතියෙන් පමණක් ආරක්ෂාව තහවුරු නොවේ. සෑම විටම UV400 ලෙස සටහන් කර ඇති හෝ UVA සහ UVB කිරණ 99-100% ක් වළක්වන අව්කණ්ණාඩි තෝරාගන්න.

✔️ධ්‍රැවීකෘත (Polarized) වූ පමණින්ම UV ආරක්ෂාව ලැබෙන්නේ නැත:

ධ්‍රැවීකෘත කාච ( Polarized lenses ) මගින් මාර්ග, ජලය හෝ වෙනත් දිලිසෙන මතුපිටවල් වලින් පරාවර්තනය වන තද ආලෝකය අඩු කරයි. එය රිය පැදවීමට සහ එළිමහන් කටයුතුවලට ඉතා සුදුසුය. නමුත් ධ්‍රැවීකෘත තාක්ෂණයෙන් ( Polarized technology) පමණක් UV කිරණ වැළැක්විය නොහැක. එම නිසා ඔබ ගන්නා ධ්‍රැවීකෘත කණ්ණාඩියේ (polarized spectacle ) UV400 ආරක්ෂාවද ඇති බව සහතික කරගන්න.

✔️ඔබ පෙනීමේ දෝෂ සඳහා කණ්ණාඩි පළඳින්නෙක්ද?

බලැති අව්කණ්ණාඩි ( prescription glasses) මගින් ඔබේ ඇස් කණ්ණාඩි බලය සමඟ සම්පූර්ණ UV ආරක්ෂාවද එක්ව ලබා දෙන බැවින්, ඇස් ආරක්ෂා කරගනිමින් පැහැදිලිව පෙනීම ලබාගත හැක.

✔️ ප්‍රකාශ වර්ණ කාච /ආලෝක-අනුවර්තී කාච ( Photochromic / Transition lesnes ) හෝ Magnetic Clip-ons ගැන සලකා බලන්න:

ඔබ දැනටමත් ඇස් කණ්ණාඩි පළඳින්නෙක් නම්, එළිමහනට ගිය විට ස්වයංක්‍රීයව තද පැහැයට හැරෙන ප්‍රකාශ වර්ණ කාච /ආලෝක-අනුවර්තී කාච ( Photochromic / Transition lesnes ) ගැන හෝ පහසුවෙන් එකතු කළ හැකි Magnetic clip-on අව්කණ්ණාඩි ගැන ඔබේ දෘෂ්ඨි විශේෂඥයාගෙන් විමසන්න.

මෙම ජාතික අව්කණ්ණාඩි දිනයේදී, UV කිරණවලින් ඇස් ආරක්ෂා කර ගැනීම අපගේ දෛනික පුරුද්දක් කර ගනිමු. මතු අනාගතයේදීත් ඔබේ පෙනීම සුරැකීමට නම්, අදම ඔබේ ඇස් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්න.

✨ ආරක්ෂිතව සිටින්න. විලාසිතාවෙන් සිටින්න. ඔබේ පෙනීම ආරාක්ෂා කරගන්න.

தேசிய சூரியக்கண்ணாடி தினம் (National Sunglasses Day)!

இன்று, ஜூன் 27, சூரியக்கண்ணாடிகள் பொதுவாக (Sunglasses) வெறும் ஃபேஷனுக்காக அணியப்படுவதாக ஒரு பார்வை இருக்கின்றது. ஆனால் அவற்றுக்கு மட்டுமானவை அல்ல. அவற்றின் மிக முக்கியமான பங்கு, நமது கண்களை தீங்கு விளைவிக்கும் புற ஊதா (UV) கதிர்வீச்சிலிருந்து பாதுகாப்பதாகும். 'தி விஷன் கவுன்சில்' (The Vision Council) அமைப்பால் உருவாக்கப்பட்ட இந்த தேசிய சூரியக்கண்ணாடி தினம், நமது சருமத்திற்கு சன்ஸ்கிரீன் தடவுவதைப் போல, கண்களைப் பாதுகாப்பதையும் ஒரு தினசரி வழக்கமாக்கிக் கொள்ள வேண்டும் என்பதை நமக்கு நினைவூட்டுகிறது.
UV கதிர்வீச்சினால் ஏற்படும் பாதிப்புகள் தொடர்ச்சியானவை, அதாவது அவை நம் வாழ்நாள் முழுவதும் கொஞ்சம் கொஞ்சமாக உடலில் சேரக்கூடியவை. இதன் விளைவுகளை நாம் உடனடியாகக் கவனிக்காமல் போகலாம், ஆனால் நீண்ட காலத்திற்கு இந்த கதிர்களின் தாக்கம் இருந்தால், அது கண்புரை (cataracts), விழித்திரை மஞ்சள் பொட்டு சிதைவு (macular degeneration), போட்டோகெரடைடிஸ் (photokeratitis - கண்ணில் ஏற்படும் வெயில் அலர்ஜி) மற்றும் விழிவெண்படலத்திலிருந்து(Conjunctiva) கருவிழி நோக்கிப் படரும் இறக்கை வடிவ சதை வளர்ச்சி. (pterygium) போன்ற கண் நோய்களின் அபாயத்தை கணிசமாக அதிகரிக்கிறது.

☀️ இலங்கையில் இது ஏன் முக்கியமானது?

பூமத்திய ரேகைக்கு அருகில் உள்ள ஒரு வெப்பமண்டல நாட்டில் நாம் வாழ்வதால், இலங்கையில் வருடம் முழுவதும் கடுமையான சூரிய ஒளி காணப்படுகிறது. குறிப்பாக முற்பகல் மற்றும் மதிய வேளைகளில், நமது புற ஊதா குறியீடு (UV Index) அடிக்கடி அதிகம் முதல் மிகக் கடுமையான நிலைகளை எட்டுகிறது. நம்மில் பலர் குடை எடுத்துச் செல்லவோ அல்லது SPF சன்ஸ்கிரீன் பயன்படுத்தவோ நினைவில் வைத்திருக்கும் அதே வேளையில், நம் கண்களுக்கும் பாதுகாப்பு தேவை என்பதை மறந்து விடுகிறோம்.

⚠️ இருண்ட நிறக் கண்ணாடிகளைக் கண்டு ஏமாந்துவிடாதீர்கள்!

விலை குறைந்த, இருண்ட நிறத்திலான (dark-tinted) சூரியக்கண்ணாடிகளை அவற்றின் அழகிற்காக மட்டும் வாங்குவது தற்போதைய ஒரு கவலைக்குரிய போக்காக உள்ளது.
இது ஏன் ஆபத்தானது என கீழே கொடுக்கப்பட்டுள்ளது:
இருண்ட நிறக் கண்ணாடிகள் உங்கள் கண்மணிகளை (pupils) விரிவடையச் செய்கின்றன, இதனால் அதிக வெளிச்சம் கண்ணுக்குள் நுழையும். அந்த கண்ணாடிகளில் சரியான UV பாதுகாப்பு இல்லை என்றால், நீங்கள் சூரியக்கண்ணாடி அணியாமல் இருக்கும்போது நுழைவதை விட, அதிக தீங்கு விளைவிக்கும் புற ஊதா கதிர்கள் உங்கள் கண்ணின் உட்பகுதியை சென்றடையும். சுருக்கமாகக் கூறின், UV பாதுகாப்பு இல்லாத இருண்ட கண்ணாடிகள் நன்மையை விட தீமையையே அதிகம் செய்கின்றன.

🕶️சூரியக்கண்ணாடிகளைச் சரியாகத் தேர்ந்தெடுப்பது எப்படி?

✔ UV400 பாதுகாப்பைத் தேடுங்கள்
இருண்ட நிறக் கண்ணாடி மட்டுமே பாதுகாப்பிற்கு உத்தரவாதம் அல்ல. எப்போதும் UV400 என்று குறிப்பிடப்பட்ட அல்லது 99-100% UVA மற்றும் UVB கதிர்களைத் தடுக்கும் சூரியக்கண்ணாடிகளையே தேர்ந்தெடுங்கள்.

✔ போலரைஸ் செய்யப்பட்டவை (Polarized) என்றால் UV பாதுகாப்பு என்று அர்த்தமல்ல

போலரைஸ் செய்யப்பட்ட லென்ஸ்கள் வீதிகள், நீர்நிலைகள் மற்றும் பிற பிரதிபலிக்கும் மேற்பரப்புகளிலிருந்து வரும் கூச்ச வெளிச்சத்தைக் (glare) குறைக்கின்றன. இது வாகனம் ஓட்டுவதற்கும் வெளிப்புற நடவடிக்கைகளுக்கும் மிகவும் நல்லது. இருப்பினும், போலரைசேஷன் மட்டுமே UV கதிர்களைத் தடுக்காது. உங்களது போலரைஸ் செய்யப்பட்ட கண்ணாடிகளில் UV400 பாதுகாப்பும் இருப்பதை எப்போதும் உறுதிப்படுத்திக் கொள்ளுங்கள்.

✔ பார்வைக் குறைபாடு உள்ளதா?

பரிந்துரைக்கப்பட்ட சூரியக்கண்ணாடிகள் (Prescription sunglasses) உங்கள் கண் கண்ணாடி அளவோடு முழுமையான UV பாதுகாப்பையும் இணைத்து வழங்குகின்றன. இதனால் உங்கள் கண்களைப் பாதுகாக்கும் அதே வேளையில் உங்களால் தெளிவாகப் பார்க்கவும் முடியும்.

✔ போட்டோக்ரோமிக் (Photochromic) அல்லது காந்த கிளிப்-ஆன் (Magnetic clip-ons) லென்ஸ்களைக் கவனியுங்கள்

நீங்கள் ஏற்கனவே சாதாரண கண் கண்ணாடி அணிபவராக இருந்தால், வெளிப்புறங்களுக்குச் செல்லும்போது தானாகவே இருண்ட நிறமாக மாறும் 'போட்டோக்ரோமிக் லென்ஸ்கள்' பற்றியோ அல்லது எளிதான UV பாதுகாப்பை வழங்கும் 'மேக்னடிக் கிளிப்-ஆன்' சூரியக்கண்ணாடிகள் பற்றியோ உங்கள் கண் பரிசோதகரிடம் (Optometrist) கேளுங்கள்.
இந்த தேசிய சூரியக்கண்ணாடி தினத்தில், UV கண் பாதுகாப்பை ஒரு தினசரி பழக்கமாக மாற்றுவோம். இன்று உங்கள் கண்களைப் பாதுகாத்திடுங்கள், இதனால் அவை வரும் ஆண்டுகளில் உங்கள் பார்வையைத் தொடர்ந்து பாதுகாக்கும்.
✨ பாதுகாப்பாக இருங்கள். ஸ்டைலாக இருங்கள். உங்கள் பார்வையைப் பாதுகாத்திடுங்கள்.


☀️🕶️ Happy National Sunglasses Day! 🕶️☀️

Today, June 27, we celebrate one of our favorite accessories—but sunglasses are much more than a fashion statement. Their most important role is protecting our eyes from harmful ultraviolet (UV) radiation. National Sunglasses Day, established by The Vision Council, reminds us that protecting our eyes from the sun should become as routine as applying sunscreen to our skin.

UV damage is cumulative, meaning it builds up over a lifetime. We may not notice its effects immediately, but prolonged exposure significantly increases the risk of eye conditions such as cataracts, macular degeneration, photokeratitis ("sunburn" of the eye), and growths on the eye surface like pterygium.

☀️ Why This Matters in Sri Lanka

Living in a tropical country close to the equator means Sri Lanka experiences intense sunlight throughout the year. Our UV Index frequently reaches high to extreme levels, especially between late morning and early afternoon. While many of us remember to carry an umbrella or apply SPF sunscreen, we often forget that our eyes need protection too.

⚠️ Don't Be Fooled by Dark Lenses

One concerning trend is buying inexpensive, dark-tinted sunglasses solely for their appearance.

Here's why that can be dangerous:

Dark lenses cause your pupils to dilate, allowing more light to enter the eye. If the lenses do not provide proper UV protection, more harmful ultraviolet rays can reach the inside of your eye than if you weren't wearing sunglasses at all. In other words, dark lenses without UV protection may do more harm than good.

👓 Choosing Sunglasses the Right Way

✔ Look for UV400 protection
A dark tint doesn't guarantee protection. Always choose sunglasses labeled UV400 or those that block 99–100% of UVA and UVB rays.

✔ Polarized doesn't always mean UV-protected
Polarized lenses reduce glare from roads, water, and other reflective surfaces, making them great for driving and outdoor activities. However, polarization alone does not block UV rays. Always ensure your polarized sunglasses also provide UV400 protection.

✔ Need vision correction?
Prescription sunglasses combine your spectacle prescription with full UV protection, allowing you to see clearly while protecting your eyes.

✔ Consider photochromic lenses or magnetic clip-ons
If you already wear spectacles, ask your optometrist about photochromic lenses that automatically darken outdoors or magnetic clip-on sunglasses that provide convenient UV protection.

This National Sunglasses Day, let's make UV eye protection a daily habit. Protect your eyes today so they can continue protecting your vision for years to come.

✨ Stay safe. Stay stylish. Protect your vision.



Content by: Thisaroo Wijesundara (2nd batch )
Graphics by: Vrushini S. (2nd batch)
Sinhala Translation by: Nethmi Chandeepani (2nd batch)
Tamil translation by: Loshini (3rd batch)

💥 ගිනිකෙළි ඇස් ආරක්ෂණ මාසය  -ජූනි 👀🔍 ඔබ දන්නවාද?උත්සව අවස්ථාවලදී සිදුවන ඇස් අනතුරුවලින් බහුතරයකට හේතුව නොසැලකිලිමත් ලෙස ...
26/06/2026

💥 ගිනිකෙළි ඇස් ආරක්ෂණ මාසය -ජූනි 👀

🔍 ඔබ දන්නවාද?
උත්සව අවස්ථාවලදී සිදුවන ඇස් අනතුරුවලින් බහුතරයකට හේතුව නොසැලකිලිමත් ලෙස ගිනිකෙළි භාවිතයයි. සුළු අතපසුවීමකින් පෙනීම පවා අහිමි වීමට මෙයින් ඉඩකඩ ඇත.

⚠️ ප්‍රධාන අවදානම් සහ සිදුවිය හැකි අනතුරු:

කෝනීය කැළැල් :
වේගයෙන් විසිවන අළු හෝ රසායනික කොටස් ඇසට වැදීමෙන් ඇසේ බාහිර පටලය සීරීමට ලක්වීම.

තාප සහ රසායනික පිළිස්සුම් : නිලාකූරු වැනි දේ අධික උෂ්ණත්වයකින් දැවෙන බැවින් ඇසිපිය සහ ඇස අවට පිළිස්සීමට ලක්වීම.

ඇස අභ්‍යන්තරයට හානි වීම : අධික වේගයෙන් පැමිණෙන රොකට් වැනි දේ ඇසේ වැදීමෙන් දෘෂ්ටි විතානය ගැලවී යාම හෝ ඇස ඇතුළත ලේ ගැලීම් සිදුවීම.



💡 ඇස් ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය උපදෙස්:

ආරක්ෂිත දුරක් තබා ගන්න: ගිනිකෙළි දල්වන ස්ථානයේ සිට අවම වශයෙන් අඩි 35-40ක් වත් දුරින් සිට නරඹන්න.

ළමයින්ට තනිවම දෙන්න එපා: කුඩා ළමයින් අතට නිලාකූරු, බඹරචක්‍ර වැනි දේ දීමේදී වැඩිහිටි අවධානය අනිවාර්යයෙන්ම ලබාදෙන්න (නිලාකූරක් දැවෙන විට ෆැරන්හයිට් අංශක 2,000ක පමණ අධික තාපයක් නිපදවයි).

ආරක්ෂිත උපැස් යුවලක් පළඳින්න: ඔබ ගිනිකෙළි දල්වන්නා නම්, පොලිකාබනේට් කාච සහිත ආරක්ෂිත කණ්ණාඩියක් පැළඳීම වඩාත් සුදුසුය.

නැවත දැල්වීමට උත්සාහ නොකරන්න: නිසි පරිදි පත්තු නොවූ ගිනිකෙළි ද්‍රව්‍ය ළඟට ගොස් නැවත පත්තු කිරීමට හෝ අතින් ඇල්ලීමට කිසිවිටකත් උත්සාහ නොකරන්න.

🚨 යම් හෙයකින් ඇසට අනතුරක් වුවහොත් :

❌ ඇස කිසිසේත්ම අල්ලන්න හෝ පිරිමදින්න එපා.

❌ ඇස තුළට විදේශීය ද්‍රව්‍යයක් ඇතුල් වී ඇත්නම්, එය තනිවම ඉවත් කිරීමට උත්සාහ නොකරන්න.

❌ වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු ඇස් බෙහෙත් වර්ගයක් හෝ ආලේපනයක් ඇසට දමන්න එපා.

🏥 වහාම රෝගියා ළඟම ඇති රෝහල වෙත හෝ අක්ෂි වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න.

👁️ "ප්‍රවේශමෙන් සමරමු - පෙනීම රැකගමු!"

💥 பட்டாசுகள் மற்றும் கண் பாதுகாப்பு
ஜூன் மாத விழிப்புணர்வு 👀

🔍 உங்களுக்குத் தெரியுமா?

விழாக்காலங்களில் ஏற்படும் கண் காயங்களின் பெரும்பாலானவை பட்டாசுகளை கவனக்குறைவாகப் பயன்படுத்துவதால் ஏற்படுகின்றன. ஒரு சிறிய அலட்சியம்கூட நிரந்தர பார்வை இழப்பிற்கு வழிவகுக்கலாம்.

⚠️ முக்கிய ஆபத்துகள் மற்றும் ஏற்படக்கூடிய காயங்கள்

கருவிழி சிராய்ப்பு (Corneal Abrasion):

வேகமாகப் பறக்கும் சாம்பல் துகள்கள் அல்லது இரசாயனத் துகள்கள் கண்களின் வெளிப்புற அடுக்கான கருவிழியைச் சிராய்க்கலாம்.

வெப்ப மற்றும் இரசாயன தீக்காயங்கள் (Thermal & Chemical Burns):

ஸ்பார்க்லர்கள் (Sparkler) மற்றும் இதுபோன்ற பட்டாசுகள் மிக அதிக வெப்பத்தில் எரிவதால், கண் இமைகள் மற்றும் கண்களைச் சுற்றியுள்ள பகுதிகளில் கடுமையான தீக்காயங்களை ஏற்படுத்தலாம்.

கண்ணின் உட்புற சேதங்கள் (Internal Eye Damage):

ராக்கெட் போன்ற அதிவேக பட்டாசுகள் கண்ணில் தாக்கினால், விழித்திரை பிரிதல் (Retinal Detachment) அல்லது கண்ணுக்குள் இரத்தக்கசிவு போன்ற கடுமையான பாதிப்புகள் ஏற்படலாம்.

💡 உங்கள் கண்களைப் பாதுகாக்க அவசியமான குறிப்புகள்

✅ பாதுகாப்பான தூரத்தில் இருங்கள்:
பட்டாசுகள் வெடிக்கப்படும் இடத்திலிருந்து குறைந்தபட்சம் 35–40 அடி தூரத்தில் இருந்து பாருங்கள்.
✅ குழந்தைகளை தனியாக விடாதீர்கள்:
கம்பி மத்தாப்பு, பம்பர சக்கரம் போன்ற பட்டாசுகளை சிறு குழந்தைகள் பயன்படுத்தும்போது எப்போதும் பெரியவர்களின் கண்காணிப்பு அவசியம்.
(எரியும் கம்பி மத்தாப்பின் வெப்பநிலை சுமார் 2,000°F வரை செல்லக்கூடும்.)
✅ பாதுகாப்புக் கண்ணாடி அணியுங்கள்:
பட்டாசுகளை பற்றவைக்கும் நபர்கள் பாலிகார்பனேட் (Polycarbonate) லென்ஸ்கள் கொண்ட பாதுகாப்புக் கண்ணாடிகளை அணிவது மிகவும் பரிந்துரைக்கப்படுகிறது.
✅ மீண்டும் பற்றவைக்க முயற்சிக்காதீர்கள்:
முதல் முறை சரியாக வெடிக்காத பட்டாசுகளை மீண்டும் பற்றவைக்கவோ அல்லது அருகில் சென்று தொடவோ கூடாது.

🚨 கண் காயம் ஏற்பட்டால்
❌ எந்தச் சூழலிலும் கண்ணைத் தொடவோ தேய்க்கவோ வேண்டாம்.
❌ கண்ணுக்குள் நுழைந்த பொருளை நீங்களாகவே அகற்ற முயற்சிக்காதீர்கள்.
❌ மருத்துவ ஆலோசனை இல்லாமல் கண் சொட்டு மருந்துகள் அல்லது களிம்புகளை பயன்படுத்தாதீர்கள்.
🏥 உடனடியாக நோயாளியை அருகிலுள்ள மருத்துவமனைக்கு அல்லது கண் மருத்துவரிடம் (Ophthalmologist) அழைத்துச் செல்லுங்கள்.

👁️ "பாதுகாப்பாகக் கொண்டாடுங்கள் – உங்கள் பார்வையைப் பாதுகாத்துக் கொள்ளுங்கள்!"

💥 Fireworks eye safety
Month- June 👀
🔍 Did You Know ?

The majority of eye injuries during festive seasons are caused by the careless use of fireworks. A minor oversight can even result in a permanent loss of vision.

⚠️ Main Risks and Potential Injuries

Corneal Abrasions: Scratching of the outer layer of the eye caused by fast-flying ash or chemical particles.

Thermal and Chemical Burns: Sparklers and similar items burn at extremely high temperatures, which can cause severe burns to the eyelids and the area around the eyes.

Internal Eye Damage: High-velocity fireworks like rockets hitting the eye can lead to retinal detachment or internal bleeding.

💡 Essential Tips to Protect Your Eyes

Keep a Safe Distance: Watch the fireworks from a distance of at least 35–40 feet away from where they are being lit.

Never Leave Children Unattended: Always provide adult supervision when giving items like sparklers or ground spinners (bambara chakraya) to small children. (Note: A burning sparkler can reach an intense heat of about 2,000°F).

Wear Protective Eyewear: If you are the person lighting the fireworks, it is highly recommended to wear safety glasses with polycarbonate lenses.

Do Not Attempt to Re-light: Never approach or try to touch/re-light fireworks that failed to ignite properly the first time.

🚨 In Case of an Eye Injury
❌ Do not touch or rub the eye under any circumstances.

❌ Do not try to remove a foreign object by yourself if it has entered the eye.

❌ Do not apply any eye drops or ointments without medical advice.

🏥 Immediately take the patient to the nearest hospital or to an eye specialist (Ophthalmologist).

👁️ "Celebrate Safely – Protect Your Sight !



Content and Sinhala Translation by: Nethmi Chandeepani (2nd batch)
Graphics by: Uduli Amaya (3rd batch)
Tamil translation by: Unetha (3rd batch)

ඇසේ සුද (Cataract) පිළිබඳ දැනුවත් කිරීමේ මාසය - ජුනි!👁️✨ලොව පුරා අන්ධභාවයට ප්‍රධානතම හේතුව ඇසේ සුද රෝගය බව ඔබ දන්නවාද? ල...
18/06/2026

ඇසේ සුද (Cataract) පිළිබඳ දැනුවත් කිරීමේ මාසය - ජුනි!👁️✨

ලොව පුරා අන්ධභාවයට ප්‍රධානතම හේතුව ඇසේ සුද රෝගය බව ඔබ දන්නවාද? ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, ගෝලීය වශයෙන් මිලියන 94 කට අධික පිරිසක් ඇසේ සුද හේතුවෙන් දුර පෙනීමේ දුර්වලතා හෝ අන්ධභාවයට පත්ව සිටිති. මෙය ඉතා පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක් වුවද, WHO පෙන්වා දෙන තවත් කනගාටුදායක කරුණක් නම්: ලොව පුරා පෙනීම යළි ලබා දෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය අවශ්‍ය පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ඒ සඳහා පහසුකම් නොමැති වීමයි.

ඇසේ සුද යනු අපගේ ඇසේ ඇති ස්වභාවිකව පැහැදිලි කාචය ක්‍රමයෙන් බොඳ වී යාමයි. වයස්ගත වීමත් සමඟම ඇසේ කාචය තුළ ඇති ප්‍රෝටීන විනාශ වී එකට ගොනු වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වේ. මේ නිසා පෙනීම බොඳ වීම, මීදුමක් මෙන් පෙනීම හෝ වර්ණවල පැහැදිලි බව අඩුවීම සිදු විය හැක — හරියට මීදුම බැඳුණු වීදුරුවකින් පිටත බලනවා වැනිය.

මෙම පොදු රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන්න:
🔹 පෙනීම බොඳ වීම හෝ අපැහැදිලි වීම
🔹 රාත්‍රියේදී හෝ අඩු ආලෝකයකදී පෙනීමේ අපහසුතාවය වැඩි වීම
🔹 ආලෝකයට ඇති සංවේදීතාවය සහ පෙනීම නිලංකාර වීම (glare)
🔹 විදුලි පහන් හෝ වාහන ලාම්පු වටා "වළලු" (halos) දිස්වීම
🔹 වර්ණ මැකී යාම හෝ කහ පැහැ වීම
🔹 නිතර නිතර ඇස්වල පෙනීමේ හැකියාව වෙනස් වීම හේතුවෙන් කණ්ණාඩි හෝ ස්පර්ශක කාච (contact lens) වෙනස් කිරීමට සිදුවීම

අවදානමට ලක්වන්නේ කවුද?
ප්‍රධානතම සාධකය වයසට යාම වුවද, ඇසේ සුද වර්ධනය වීමට ඔබ වයසක පුද්ගලයෙකුම විය යුතු නැත. අනෙකුත් ප්‍රධාන අවදානම් සාධක අතරට දිගු කාලීනව පාරජම්බුල කිරණ (UV rays / හිරු එළිය) වලට නිරාවරණය වීම, දියවැඩියාව, දුම්පානය, පෙර සිදුවූ අක්ෂි ආබාධ හෝ කෝටිකොස්ටෙරොයිඩ් (corticosteroids) වැනි ඖෂධ දීර්ඝ කාලීනව භාවිතය ඇතුළත් වේ.

ඔබේ ඇස් ආරක්ෂා කර ගන්නේ කෙසේද?
ඇසේ සුද ඇතිවීම ඔබට සම්පූර්ණයෙන්ම වළක්වා ගත නොහැකි වුවද, එහි වර්ධනය වීම ප්‍රමාද කළ හැක!
☀️ එළිමහනේ සිටින විට 100% UVA/UVB ආරක්ෂාව සහිත අව් කණ්ණාඩි (sunglasses) සහ පළල් තොප්පියක් පළඳින්න.
🥗 ප්‍රතිඔක්සිකාරක (antioxidants), විටමින් C සහ E වලින් පොහොසත් ආහාර වේලක් ලබා ගන්න.
🩺 දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් නිසියාකාරව පාලනය කර ගන්න.
🚭 දුම්පානයෙන් වළකින්න.

නිසි අක්ෂි පරීක්ෂාවකදී විශේෂිත උපකරණ (slit lamp) භාවිතයෙන් ඔබේ ඇසේ කාචය මනාව පරීක්ෂා කළ හැක. ඒ හරහා, ඇසේ සුද ඔබේ එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් වීමට බොහෝ කලකට පෙරම එහි සිදුවන කුඩාම වෙනස්කම් පවා කල්තියාම හඳුනාගැනීමට දෘෂ්ටි විශේෂඥයින් (Optometrists) වන අපට හැකියාව ඇත. වළක්වා ගත හැකි අන්ධභාවයට එරෙහි සටනේදී නිතිපතා අක්ෂි පරීක්ෂාවන් වැදගත් වන්නේ කලින් හඳුනා ගැනීම සහ නියමිත වේලාවට ප්‍රතිකාර කිරීම සඳහාය.

මෙම මාසයේදී ඔබේ ඇස් පරීක්ෂා කර ගැනීමට වේලාවක් වෙන් කර ගන්න, එසේත් නැතිනම් ඔවුන්ගේ පෙනීම පරීක්ෂා කර ගැනීමට ඔබේ දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට මතක් කරන්න! 👓💙

ஜூன் – கண்புரை (Cataract) விழிப்புணர்வு மாதம்! 👁️✨

கண்புரை (Cataract) உலகளவில் பார்வை இழப்பிற்கான முக்கிய காரணமாக இருப்பதை நீங்கள் அறிவீர்களா?

உலக சுகாதார நிறுவனம் (World Health Organization) தெரிவிப்பதாவது, உலகம் முழுவதும் 94 மில்லியனுக்கும் அதிகமான மக்கள் கண்புரையால் தூரப் பார்வைக் குறைபாடு அல்லது பார்வை இழப்பால் பாதிக்கப்பட்டுள்ளனர். கண்புரை சிகிச்சையளிக்கக்கூடிய நோயாக இருந்தாலும், பார்வையை மீட்டெடுக்கும் கண்புரை அறுவை சிகிச்சை தேவைப்படும் ஒவ்வொரு இரண்டு பேரிலும் ஒருவருக்கு அந்த சிகிச்சை கிடைப்பதில்லை என்பது கவலைக்குரிய விடயமாகும்.

கண்புரை என்பது கண்ணில் உள்ள இயற்கையாகத் தெளிவான கண் வில்லை (Crystalline Lens) படிப்படியாக மங்கலாகும் நிலையாகும். வயது அதிகரிக்கும் போது லென்ஸில் உள்ள புரதங்கள் உடைந்து ஒன்றாகச் சேரத் தொடங்குவதால் இது ஏற்படுகிறது. இதனால் பொருட்கள் மங்கலாகவும், தெளிவற்றதாகவும் அல்லது நிறம் குறைந்ததாகவும் தோன்றும். இது பனிமூட்டம் படிந்த கண்ணாடி வழியாகப் பார்ப்பது போன்ற அனுபவத்தை உருவாக்கும்.

பொதுவான அறிகுறிகள்

🔹 பார்வை மங்கலாக, தெளிவற்றதாக அல்லது இருண்டதாகத் தோன்றுதல்
🔹 இரவு நேரம் அல்லது குறைந்த வெளிச்சத்தில் பார்ப்பதில் சிரமம் அதிகரித்தல்
🔹 ஒளி மற்றும் பிரகாசத்திற்கான அதிக உணர்திறன் (Glare)
🔹 தெருவிளக்குகள் அல்லது வாகன விளக்குகளைச் சுற்றி வளையங்கள் (Halos) காணப்படுதல்
🔹 நிறங்கள் மங்கியதாக அல்லது மஞ்சள் நிறமாகத் தோன்றுதல்
🔹 கண்ணாடி அல்லது காண்டாக்ட் லென்ஸ் பரிந்துரையை அடிக்கடி மாற்ற வேண்டிய நிலை

யாருக்கு அதிக ஆபத்து?

வயது முக்கிய காரணியாக இருந்தாலும், முதியவர்களுக்கே மட்டும் கண்புரை ஏற்படும் என்பது தவறான எண்ணம்.

மற்ற முக்கிய ஆபத்து காரணிகள்: ☀️ நீண்டகால சூரிய ஒளி (UV கதிர்கள்) தாக்கம்
🩺 நீரிழிவு நோய் (Diabetes)
🚬 புகைப்பிடித்தல்
👁️ முந்தைய கண் காயங்கள்
💊 Corticosteroids போன்ற சில மருந்துகளை நீண்டகாலம் பயன்படுத்துதல்

உங்கள் கண்களை எவ்வாறு பாதுகாப்பது?

கண்புரையை முழுமையாகத் தடுக்க முடியாவிட்டாலும், அதன் முன்னேற்றத்தை மெதுவாக்க முடியும்!

☀️ 100% UVA/UVB பாதுகாப்பு கொண்ட சன்கிளாஸ் மற்றும் அகல விளிம்புடைய தொப்பி அணியுங்கள்.
🥗 ஆன்டிஆக்ஸிடன்ட்கள், வைட்டமின் C மற்றும் வைட்டமின் E நிறைந்த உணவுகளை உட்கொள்ளுங்கள்.
🩺 நீரிழிவு போன்ற உடல்நலப் பிரச்சினைகளை சரியாகக் கட்டுப்படுத்துங்கள்.
🚭 புகைப்பிடிப்பதைத் தவிர்க்குங்கள்.

ஒரு முழுமையான கண் பரிசோதனையின் போது, ஸ்லிட் லாம்ப் (Slit Lamp) எனப்படும் சிறப்பு நுண்ணோக்கி மூலம் கண் வில்லையின் ஆரோக்கியத்தை விரிவாகப் பரிசோதித்து, அன்றாட வாழ்க்கையை பாதிக்கும் முன்பே மிகச் சிறிய மாற்றங்களைக் கண்டறிய முடியும்.

ஆரம்பக் கண்டறிதலும் சரியான நேரத்தில் செய்யப்படும் அறுவை சிகிச்சையும், தடுக்கக்கூடிய பார்வை இழப்பை தடுப்பதில் முக்கிய பங்கு வகிக்கின்றன. அதனால், வழக்கமான கண் பரிசோதனைகள் மிகவும் அவசியமானவை.

👓💙 இந்த விழிப்புணர்வு மாதத்தில், உங்களுக்காக ஒரு கண் பரிசோதனை நேரத்தை பதிவு செய்யுங்கள். மேலும் உங்கள் பெற்றோர் மற்றும் தாத்தா-பாட்டியார்களுக்கும் பார்வை பரிசோதனை செய்ய நினைவூட்டுங்கள்!

June is Cataract Awareness Month! 👁️✨

Did you know that cataracts are the leading cause of blindness worldwide? According to the World Health Organization (WHO), over 94 million people globally experience distance vision impairment or blindness due to cataracts. While they are highly treatable, the WHO also notes a staggering reality: 1 in 2 people globally who need sight-restoring cataract surgery lack access to it.

A cataract is a gradual clouding of the eye’s naturally clear crystalline lens. It often develops slowly as the proteins in the lens begin to break down and clump together as we age. This makes things look blurry, hazy, or less colorful—almost like looking through a frosted or fogged-up window.

Watch out for these common signs:
🔹 Cloudy, blurred, or dim vision
🔹 Increasing difficulty seeing at night or in low light
🔹 Sensitivity to light and glare
🔹 Seeing "halos" around streetlights or headlights
🔹 Fading or yellowing of colors
🔹 Frequent changes in your glasses or contact lens prescription

Who is at risk?
While age is the primary factor, you don't have to be a senior citizen to develop a cataract. Other major risk factors include prolonged exposure to UV rays (sunlight), diabetes, smoking, previous eye injuries, or long-term use of certain medications like corticosteroids.

How can you protect your eyes?
While you can't completely prevent cataracts, you can slow their progression!
☀️ Wear sunglasses with 100% UVA/UVB protection and a wide-brimmed hat when outdoors.
🥗 Eat a diet rich in antioxidants, vitamins C and E.
🩺 Manage systemic health conditions like diabetes.
🚭 Avoid smoking.

During a routine comprehensive eye exam, we can use a specialized microscope (a slit lamp) to look closely at the health of your lens and catch microscopic changes long before they start affecting your daily life. Early detection and timely surgery are why regular exams are critical in the fight against preventable blindness.

Take a moment this month to schedule an eye exam for yourself, or remind your parents and grandparents to get their vision checked! 👓💙



Content and Sinhala translation by: Thisaroo Wijesundara (2nd batch)
Graphics by: S. Vrushini (2nd batch)
Tamil translation by: Kirujan (3rd batch)

🧬ජාත්‍යන්තර ඇල්බිනිසම් දැනුවත් කිරීමේ දිනය – ජූනි 13ඇල්බිනිසම් (ඇලි බව ) සහ අක්ෂි සෞඛ්‍යයට එහි බලපෑම පිළිබඳ දැනුවත් වෙමු...
13/06/2026

🧬ජාත්‍යන්තර ඇල්බිනිසම් දැනුවත් කිරීමේ දිනය – ජූනි 13

ඇල්බිනිසම් (ඇලි බව ) සහ අක්ෂි සෞඛ්‍යයට එහි බලපෑම පිළිබඳ දැනුවත් වෙමු
සෑම වසරකම ජූනි 13 වන දින ජාත්‍යන්තර ඇල්බිනිසම් දැනුවත් කිරීමේ දිනය ලෙස ලොව පුරා සමරනු ලබයි. මෙම දිනයේ අරමුණ වන්නේ ඇල්බිනිසම් පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම, වැරදි මත දුරු කිරීම සහ මෙම තත්ත්වය සමඟ ජීවත් වන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමයි.

📅 මෙම දිනයේ ආරම්භය
2014 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූනි 13 වන දින ජාත්‍යන්තර ඇල්බිනිසම් දැනුවත් කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එතැන් සිට මෙම දිනය ලොව පුරා ඇල්බිනිසම් පිළිබඳ නිවැරදි දැනුම ප්‍රචාරය කිරීම සඳහා යොදා ගනී.

👀 ඇල්බිනිසම් යනු කුමක්ද?
ඇල්බිනිසම් යනු ශරීරයේ මෙලනින් (Melanin) නම් වර්ණකය නිපදවීම අඩුවීම හෝ නොමැති වීම නිසා ඇතිවන ජානමය තත්ත්වයකි.

ප්‍රධාන වශයෙන් ඇල්බිනිසම් වර්ග දෙකක් හඳුනාගත හැකිය:

Oculocutaneous Albinism (OCA): වඩාත්ම සුලභ වර්ගය වන අතර, මෙහිදී සම, කෙස් සහ ඇස් යන සියල්ලෙහිම මෙලනින් වර්ණකය අඩුවීම සිදු වේ.

Ocular Albinism: මෙහිදී ප්‍රධාන වශයෙන්ම බලපෑම් එල්ල වන්නේ ඇස්වලට පමණක් වන අතර, සම සහ කෙස්වල වර්ණය සාමාන්‍ය පරිදි හෝ ඉතා සුළු වශයෙන් ලා පැහැයෙන් පැවතිය හැක.

බොහෝ දෙනෙකු OCA තත්ත්වයේදී සම සහ කෙස්වල සිදුවන වෙනස්කම් හඳුනාගත්තද, මෙම වර්ග දෙකේදීම ඇස් සහ දෘෂ්ටි පද්ධතිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති වන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

🔍 ඇල්බිනිසම් දෘෂ්ටියට බලපාන්නේ කෙසේද?
ඇස්වල සාමාන්‍ය වර්ධනය සඳහා මෙලනින් අත්‍යවශ්‍ය වේ. එබැවින් ඇල්බිනිසම් සහිත පුද්ගලයින්ට පහත දෘෂ්ටි ගැටලු ඇති විය හැක.

▪️ පෙනීමේ පැහැදිලි බව අඩුවීම
▪️ ස්වයංක්‍රීය අක්ෂි චලන (Nystagmus)
▪️ ආලෝකයට අධික සංවේදීතාව
▪️ ඇස් දෙකේ දිශාගත නොගැලපීම/වපර(Strabismus)
▪️ පෙනීමේ දෝෂ (අවිදුර දෘෂ්ටිකත්වය,විදුර දෘෂ්ටිකත්වය විෂම දෘෂ්ටිකත්වය)
▪️ ''ගැඹුරු දෘෂ්ටිය'' අඩුවීම/ 3D පෙනීම අඩු බව
▪️ Foveal Hypoplasia හෙවත් දෘෂ්ටි විතානයේ (Retina) මධ්‍යම කොටස සම්පූර්ණයෙන් වර්ධනය නොවීම

මෙම ගැටලු නිසා කියවීම, ඉගෙනීම, දුරින් ඇති වස්තු හඳුනාගැනීම සහ දෛනික කටයුතු කිරීම අපහසු විය හැක.

☀️ අක්ෂි ආරක්ෂාව වැදගත් වන්නේ ඇයි?
ඇල්බිනිසම් සහිත පුද්ගලයින්ගේ ඇස් තුළ වර්ණක ප්‍රමාණය අඩුවීම නිසා දීප්තිමත් ආලෝකයට වැඩි සංවේදීතාවයක් දක්වයි.

ඒ සඳහා,

🕶️ UV ආරක්ෂාව සහිත අව් කණ්ණාඩි භාවිතා කරන්න.
👒 පුළුල් දාර සහිත තොප්පි පළඳින්න.
📖 අවශ්‍ය නම් අඩු දෘෂ්ටි ආධාරක භාවිතා කරන්න.
👁️ නිතිපතා අක්ෂි පරීක්ෂණ සිදු කරන්න.

නිසි අක්ෂි සත්කාර මඟින් දෘෂ්ටි ගැටලු කළමනාකරණය කර ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකිය.

💡 දැනුවත්භාවය වැදගත් වන්නේ ඇයි?
ඇල්බිනිසම් සහිත පුද්ගලයින් බොහෝවිට දෘෂ්ටි ගැටලු සමඟම සමාජයේ වැරදි මත, වෙනස්කම් සහ අපහාසවලටද මුහුණ දෙති.

නිවැරදි දැනුම හා අවබෝධය මඟින් ඔවුන්ට වඩාත් ආරක්ෂිත හා සහයෝගී පරිසරයක් නිර්මාණය කළ හැකිය.

🤝 අපට කළ හැක්කේ කුමක්ද?
අක්ෂි පරීක්ෂකවරුන් (Optometrists) සහ සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස: මුල් අවධියේදීම දෘෂ්ටි දුර්වලතා හඳුනාගෙන, නිවැරදි උපැස් යුවළ, විශේෂිත අඩු දෘෂ්ටි ආධාරක (Low vision aids) සහ නිසි UV ආරක්ෂණ ක්‍රමවේද ලබා දෙමින් ඔවුන්ගේ දෘෂ්ටි හැකියාව උපරිම මට්ටමකට නැංවීමට ක්‍රියා කිරීම.
▪️ ඇල්බිනිසම් සහ දෘෂ්ටි ගැටලු පිළිබඳ දැනුවත් වීම.
▪️ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ නිවැරදි තොරතුරු බෙදා හැරීම.
▪️ නිතිපතා අක්ෂි පරීක්ෂණවල වැදගත්කම ප්‍රවර්ධනය කිරීම.
▪️ වැරදි මත හා අගතීන්ට එරෙහිව කතා කිරීම.
▪️ සමානාත්මතාවය සහ ඇතුළත්භාවය දිරිමත් කිරීම.

🧠 ඇල්බිනිසම් හා දෘෂ්ටිය පිළිබඳ ඉක්මන් කරුණු
▪️ ඇල්බිනිසම් සහිත බොහෝ පුද්ගලයින්ට යම් මට්ටමක දෘෂ්ටි දුර්වලතාවයක් පවතී.
▪️ එය ජානමය තත්ත්වයක් වන අතර බෝවන රෝගයක් නොවේ.
▪️ නිසි අක්ෂි සත්කාර මඟින් දෘෂ්ටි හැකියාව වැඩිදියුණු කළ හැකිය.
▪️ මුල් අවධියේදී හඳුනාගැනීම ඉතා වැදගත් වේ.
▪️ අක්ෂි සහ සම ආරක්ෂාව සඳහා හිරු ආරක්ෂාව අත්‍යවශ්‍ය වේ.

💬 අවසන් වශයෙන්
ජාත්‍යන්තර ඇල්බිනිසම් දැනුවත් කිරීමේ දිනය අපට මතක් කර දෙන්නේ දැනුවත්භාවය මඟින් අවබෝධය ඇතිවන බවත්, අවබෝධය මඟින් ඇතුළත්භාවය වර්ධනය වන බවත්ය.

මෙම ජූනි 13 වන දින, ඇල්බිනිසම් සහිත පුද්ගලයින්ගේ අක්ෂි සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ දැනුවත් වෙමු. ඔවුන්ට සහයෝගය ලබා දෙමු. සැමට සමාන අවස්ථා සහ ගෞරවය හිමි වන සමාජයක් ගොඩනඟමු.

මන්ද, සෑම පුද්ගලයෙකුටම ලෝකය පැහැදිලිව දැකීමට අයිතියක් ඇත. 🤍👁️✨

🧬 சர்வதேச அல்பினிசம் விழிப்புணர்வு தினம் – ஜூன் 13

அல்பினிசம் மற்றும் கண் ஆரோக்கியத்தில் அதன் தாக்கம் பற்றிய புரிதல்
ஒவ்வொரு ஆண்டும் ஜூன் 13 அன்று, உலகம் முழுவதும் சர்வதேச அல்பினிசம் (Albinism) விழிப்புணர்வு தினம் அனுசரிக்கப்படுகிறது. இந்த நாள் அல்பினிசம் பற்றிய விழிப்புணர்வை ஏற்படுத்தவும், உள்ளடக்கத்தை (inclusion) ஊக்குவிக்கவும், மற்றும் இந்த மரபணு நிலையுடன் வாழும் தனிநபர்கள் எதிர்கொள்ளும் தனித்துவமான சவால்களை—குறிப்பாக பார்வை மற்றும் கண் ஆரோக்கியத்தில் இது ஏற்படுத்தும் குறிப்பிடத்தக்க தாக்கத்தை—எடுத்துக்காட்டவும் நோக்கமாகக் கொண்டுள்ளது.

📅 இந்த தினம் எவ்வாறு உருவானது?
2014 ஆம் ஆண்டில், ஐக்கிய நாடுகள் சபை (UN) ஜூன் 13 ஆம் தேதியை சர்வதேச அல்பினிசம் விழிப்புணர்வு தினமாக அதிகாரப்பூர்வமாக அறிவித்தது. இந்த அனுசரிப்பு, உலகளவில் அல்பினிசம் கொண்ட நபர்களுக்கு எதிரான பாகுபாடுகளை எதிர்த்துப் போராடவும், பொதுமக்களின் புரிதலை அதிகரிக்கவும், அவர்களின் உரிமைகள் மற்றும் நல்வாழ்விற்காக வாதிடவும் முயல்கிறது.

👀 அல்பினிசம் என்றால் என்ன?
அல்பினிசம் என்பது தோல், முடி மற்றும் கண்களின் நிறத்திற்கு காரணமான மெலனின் (melanin) நிறமியின் உற்பத்தி குறைவதாலோ அல்லது முற்றிலுமாக இல்லாததாலோ ஏற்படும் ஒரு பரம்பரை மரபணு பாதிப்பாகும்.
அல்பினிசத்தில் முக்கியமாக இரண்டு வகைகள் உள்ளன:
அக்குலோகுடேனியஸ் அல்பினிசம் (Oculocutaneous Albinism - OCA): இது மிகவும் பொதுவான வடிவமாகும், இது முடி, தோல் மற்றும் கண்களில் உள்ள மெலனின் நிறமியைப் பாதிக்கிறது.
ஆகுலர் அல்பினிசம் (Ocular Albinism): இந்த வகை முதன்மையாக கண்களை மட்டுமே பாதிக்கிறது, அதே நேரத்தில் தோல் மற்றும் முடியின் நிறம் பொதுவாக இயல்பாகவோ அல்லது சற்று குறைவாகவோ இருக்கும்.
பலர் OCA உடன் தொடர்புடைய தோல் மற்றும் முடி மாற்றங்களை அறிந்திருந்தாலும், இந்த இரண்டு வகைகளுமே கண்களையும் பார்வைத்திறனையும் கணிசமாக பாதிக்கின்றன என்பதை மிகச் சிலரே அறிவர்.

🔍 அல்பினிசம் பார்வையை எவ்வாறு பாதிக்கிறது?
கண்ணின் இயல்பான வளர்ச்சிக்கு மெலனின் முக்கிய பங்கு வகிக்கிறது. மெலனின் உற்பத்தி குறையும் போது, பல பார்வைக் குறைபாடுகள் ஏற்படலாம்.
அல்பினிசத்தின் பொதுவான கண் தொடர்பான அறிகுறிகள் பின்வருமாறு:
🔹பார்வைத்திறன் குறைதல் (Reduced visual acuity)
🔹நைஸ்டாக்மஸ் (Nystagmus - தன்னிச்சையற்ற கண் அசைவுகள்)
🔹ஃபோட்டோஃபோபியா (Photophobia - ஒளி உணர்திறன்/கூச்சம்)
🔹ஸ்ட்ராபிஸ்மஸ் (Strabismus - மாறுகண்)
கிட்டப்பார்வை, தூரப்பார்வை மற்றும் 🔹அஸ்டிஜிமாடிசம்(Astigmatis)போன்ற ஒளிவிலகல் குறைபாடுகள்
🔹ஆழத்தை அறியும் திறன் குறைதல் (Reduced depth perception)
🔹ஃபோவியல் ஹைப்போபிளாசியா (Foveal hypoplasia - விழித்திரையின் மையப்பகுதி முழுமையடையாமல் வளர்ச்சி பெறுதல்)
இந்தக் குறைபாடுகள் வாசிப்பு, கற்றல், வாகனம் ஓட்டுதல் மற்றும் தூரத்திலிருந்து முகங்களை அடையாளம் காணுதல் போன்ற அன்றாட நடவடிக்கைகளைப் பாதிக்கலாம்.

☀️ கண் பாதுகாப்பின் முக்கியத்துவம்
அல்பினிசம் உள்ள பல நபர்கள், கண்ணுக்குள் நிறமி குறைவாக இருப்பதால் பிரகாசமான ஒளியை எதிர்கொள்வதில் அதிக உணர்திறனை (கூச்சத்தை) அனுபவிக்கிறார்கள்.
பார்வை வசதியையும் கண் ஆரோக்கியத்தையும் பாதுகாக்க:
🕶️ வெளியில் செல்லும்போது UV-பாதுகாப்புடைய சூரியக் கண்ணாடிகளை (Sunglasses) அணியுங்கள்.
👒 சூரிய ஒளியில் செல்லும்போது அகலமான விளிம்புகளுடைய தொப்பிகளைப் பயன்படுத்துங்கள்.
📖 தேவைப்படும்போது பொருத்தமான பார்வைக் கருவிகளைப் பயன்படுத்துங்கள்.
👁️ வழக்கமான விரிவான கண் பரிசோதனைகளை மேற்கொள்ளுங்கள்.
பார்வைப் பிரச்சினைகளை முன்கூட்டியே கண்டறிந்து நிர்வகிப்பது வாழ்க்கைத் தரத்தை கணிசமாக மேம்படுத்தும்.

💡 விழிப்புணர்வு ஏன் முக்கியம்?

அல்பினிசம் உள்ளவர்கள் தங்களின் பார்வைக் குறைபாடுகளுக்கு அப்பால், சமூக அவப்பெயர், தவறான புரிதல்கள் மற்றும் பாகுபாடு உள்ளிட்ட பல சவால்களை எதிர்கொள்கின்றனர்.இந்த நிலைமை பற்றிய பொதுப் புரிதலை மேம்படுத்துவதன் மூலம், அல்பினிசம் உள்ள நபர்கள் கல்வி, சமூகம் மற்றும் தொழில் ரீதியாக சிறந்து விளங்குவதற்கேற்ற ஆதரவான சூழலை நம்மால் உருவாக்க முடியும்.

🤝 நாம் எவ்வாறு உதவலாம்?
கண் மருத்துவர்கள் மற்றும் ஆப்டோமெட்ரிஸ்டுகளாக (Optometrists): ஆரம்பகால பார்வைத் தலையீடு, துல்லியமான கண்ணாடி திருத்தங்கள், பிரத்யேக குறைந்த-பார்வை உதவிக் கருவிகள் (low-vision aids) மற்றும் வண்ண/UV பாதுகாப்பு ஆலோசனைகளை வழங்குவதன் மூலம், அவர்களின் பார்வைத்திறனை மேம்படுத்தி, சிறுவயதிலிருந்தே அவர்களின் வளர்ச்சிக்கு ஆதரவளிக்க முடியும்.
▫️அல்பினிசம் மற்றும் பார்வையில் அதன் தாக்கங்கள் குறித்து அறிந்துகொள்ளுங்கள்.
▫️உங்கள் சமூகத்தில் கண் ஆரோக்கியம் பற்றிய விழிப்புணர்வை ஏற்படுத்துங்கள்.
▫️வழக்கமான கண் பரிசோதனைகளை ஊக்குவியுங்கள்.
▫️கற்பனையான கதைகளையும் தவறான தகவல்களையும் எதிர்த்து நில்லுங்கள்.
▫️சம வாய்ப்புகளையும் உள்ளடக்கிய கல்வியையும் ஆதரியுங்கள்.

🧠 அல்பினிசம் மற்றும் பார்வை பற்றிய விரைவான உண்மைகள்
▪️அல்பினிசம் உள்ள பெரும்பாலான மக்களுக்கு ஓரளவாவது பார்வைக் குறைபாடு இருக்கும்.
▪️அல்பினிசம் மரபணு சார்ந்தது மற்றும் இது ஒரு தொற்றுநோய் அல்ல.
▪️அல்பினிசத்துடன் தொடர்புடைய பார்வைப் பிரச்சினைகளை முழுமையாகக் குணப்படுத்த முடியாது, ஆனால் அவற்றை திறம்பட நிர்வகிக்க முடியும்.
▪️ஆரம்பகால கண் சிகிச்சை மற்றும் மேலாண்மை, பார்வைத்திறனையும் வாழ்க்கைத் தரத்தையும் மேம்படுத்தும்.
▪️கண் மற்றும் தோல் ஆரோக்கியம் இரண்டிற்கும் சரியான சூரிய பாதுகாப்பு அவசியம்.

💬 இறுதியாக
சர்வதேச அல்பினிசம் விழிப்புணர்வு தினம், விழிப்புணர்வு என்பது புரிதலுக்கு வழிவகுக்கும், புரிதல் என்பது உள்ளடக்கத்திற்கு (inclusion) வழிவகுக்கும் என்பதை நமக்கு நினைவூட்டுகிறது.
இந்த ஜூன் 13 அன்று, அல்பினிசத்தில் கண் ஆரோக்கியத்தின் முக்கியத்துவத்தை அங்கீகரிப்போம், இந்த நிலையுடன் வாழ்பவர்களுக்கு ஆதரவளிப்போம், மேலும் ஒவ்வொருவரும் கண்ணியத்துடனும் மரியாதையுடனும் பார்க்கப்படுவதற்கும்—பார்ப்பதற்கும்—வாய்ப்புள்ள ஒரு உலகத்தை உருவாக்குவோம்.
ஏனெனில் ஒவ்வொரு நபரும் எதிர்காலத்திற்கான தெளிவான பார்வைக்கு தகுதியானவர்கள்.🤍👁️✨

🧬 International Albinism Awareness Day – June 13
Understanding Albinism and Its Impact on Eye Health
Every year on June 13, the world observes International Albinism Awareness Day. This day aims to raise awareness about albinism, promote inclusion, and highlight the unique challenges faced by individuals living with this genetic condition—including the significant impact it can have on vision and eye health.

📅 Where Did This Day Come From?
In 2014, the United Nations officially designated June 13 as International Albinism Awareness Day. The observance seeks to combat discrimination, increase public understanding, and advocate for the rights and well-being of people with albinism worldwide.

👀 What is Albinism?
Albinism is a hereditary genetic condition characterized by reduced or absent production of melanin, the pigment responsible for the color of the skin, hair, and eyes.

There are mainly two types of albinism:

Oculocutaneous Albinism (OCA): The most common form, which affects the melanin pigment in the hair, skin, and eyes.

Ocular Albinism: A form that primarily affects the eyes, while skin and hair coloration usually remain normal or only slightly lighter.

While many people recognize the skin and hair changes associated with OCA, fewer are aware that both types significantly affect the eyes and visual system.

🔍 How Does Albinism Affect Vision?
Melanin plays a crucial role in the normal development of the eye. When melanin production is reduced, several visual abnormalities can occur.

Common eye-related features of albinism include:

▪️ Reduced visual acuity
▪️ Nystagmus (involuntary eye movements)
▪️ Photophobia (light sensitivity)
▪️ Strabismus (eye misalignment)
▪️ Refractive errors such as myopia, hyperopia, and astigmatism
▪️ Reduced depth perception
▪️ Foveal hypoplasia (underdevelopment of the central retina)

These conditions can affect daily activities such as reading, learning, driving, and recognizing faces from a distance.

☀️ The Importance of Eye Protection
Many individuals with albinism experience increased sensitivity to bright light due to reduced pigmentation within the eye.

To protect visual comfort and eye health:

🕶️ Wear UV-protective sunglasses outdoors.
👒 Use wide-brimmed hats when exposed to sunlight.
📖 Utilize appropriate visual aids when needed.
👁️ Attend regular comprehensive eye examinations.

Early detection and management of visual problems can significantly improve quality of life.

💡 Why Awareness Matters
People with albinism often face challenges beyond their visual difficulties, including social stigma, misconceptions, and discrimination.

By improving public understanding of the condition, we can create supportive environments that allow individuals with albinism to thrive academically, socially, and professionally.

🤝 How Can We Help?
▪️ As Optometrists & Eye Care Professionals: Provide early visual intervention, accurate refractive corrections, specialized low-vision aids, and tint/UV protection advice to optimize visual function and support development from an early age.
▪️ Learn about albinism and its effects on vision.
▪️ Promote eye health awareness within your community.
▪️ Encourage regular eye examinations.
▪️ Challenge myths and misinformation.
▪️ Support equal opportunities and inclusive education.

🧠 Quick Facts About Albinism and Vision
▪️ Most individuals with albinism have some degree of visual impairment.
▪️ Albinism is genetic and not contagious.
▪️ Vision problems associated with albinism cannot be completely cured but can often be managed effectively.
▪️ Early optometric and ophthalmic care can improve visual function and quality of life.
▪️ Proper sun protection is essential for both eye and skin health.

💬 Last thing
International Albinism Awareness Day reminds us that awareness leads to understanding, and understanding leads to inclusion.

This June 13, let's recognize the importance of eye health in albinism, support those living with the condition, and promote a world where everyone has the opportunity to see—and be seen—with dignity and respect.

Because every individual deserves a clearer vision for the future.🤍👁️✨






#2026

Content and Sinhala Translation by: K.V.Gayana Methmini (4th batch)
Graphics by: Sara Maryam (4th batch)
Tamil Translation by: Loshini (3rd batch)

Address

Gangodawila
UNIVERSITYOFSRIJAYEWARDENEPURA GANGODAWILA, NUGEGODA SRILANKA.

Website

Alerts

Be the first to know and let us send you an email when Optometry Students' Association -OSA USJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share