Praana Ayurveda Medical Center

  • Home
  • Praana Ayurveda Medical Center

Praana Ayurveda Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Praana Ayurveda Medical Center, Medical and health, .

22/07/2026
අම්ල පිත්තයආයුර්වේදයට අනුව ඇඹුල් රසතිපිත අම්ල පිත්තය ලෙස හඳුන්වනු ලැබේ.බටහිර විද්‍යාත්මකව අනුව මේය ගැස්ට්‍රයිටිස් රෝගයේ ...
22/07/2026

අම්ල පිත්තය

ආයුර්වේදයට අනුව ඇඹුල් රසතිපිත අම්ල පිත්තය ලෙස හඳුන්වනු ලැබේ.බටහිර විද්‍යාත්මකව අනුව මේය ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි නමුත් මෙය ගැස්ට්‍රයිටිස් රෝගය නොවේ. මෙම අම්ල පිත්ත රෝගී තත්ත්වයන් අද වර්තමාන සමාජයේ ලොකු කුඩා භේදයකින් තොරව සියලූම වයස් කාණ්ඩ වල පුද්ගලයන් හට තිබෙන බහුල රෝගී තත්ත්වයක් බවට පත්ව ඇත.මෙයට බොහෝවිට වර්තමාන සමාජයේ පවතින ඉතා කාර්යබහුල ජීවන රටාව මූලික කාරණයක් ලෙස සැලකිය හැක. අම්ලපිත්ත රෝගී තත්ත්වයට ප්‍රධාන හේතූ වශයෙන් පහත කරුණු දැක්විය හැක.
1.දිගු කාලයක් නිරාහාරව සිටීම(Stavatiion)
2.පාන්පිටි කෑම අධික ලෙස පරිභෝජනය
3.නින්ද අඩු බව
4.මානසික ආතතිය(Stress)
5.දුම් පානය(Smoking )
6.මධ්‍යසාර පානය(Alcohol)
7.සැර කෑම නිතර(spicy food) ආහාරයට ගැනීම
8.මුහුදු ආහාර(sea food) නිතර ආහාරයට ගැනීම(උදාහරණ වශයෙන් ඉස්සෝ දැල්ලෝ කකුලෝ කකුළුවෝ වැනි ආහාර)
9.තෙල් හා මේදය බහුල ආහාර
(තෙල් වල බැඳපු බයිට් වර්ග, රෝල්ස්, පැටිස් ආදිය)
10.සොසේජස් වැනි සකස් කල මාංශ ආහාර

යනාදී හේතූන් බහුලවම මෙම අම්ලපිත රෝගය සඳහා බලපානු ලබයි.

අම්ලපිතත්ත රෝගයේදී පහත සඳහන් රෝගී ලක්ෂණය බහුලවම ඇති වේ

1.පපු ප්‍රදේශයේ සහ උදරයේ ඇතිවන වේදනාව සහ දැවිල්ල
2.වමනය සහ ඔක්කාරය
3.පපුවේ තද බව
4.බඩ පුරවා දැමීම.
5.හිසරදය
6.කැරකැවිල්ල
7.දිවේ මැලියම් බැඳීම
8.මුඛ දුර්ගන්ධය

යනාදී ලක්ෂණය අම්ලපිත රෝගී අවස්ථාවකදී ඇතිවිය හැක.

ආයුර්වේදයට අනුව මෙම අම්ල පිත්ත රෝගී තත්ත්වය ආකාර දෙකකි. එනම් ඌර්ධවගත අම්ල අම්ලපිත රෝගය සහ අධෝගත අම්ලපිත රෝගයයි.

ඌර්ධවගත අම්ලපිත්ත රෝගීඅවස්ථාවකදී බහුල වශයෙන්ම ඔක්කාරය සහ වමනය වැනි ලක්ෂණ ඇති විය හැක. අධෝගත අම්ලපිත්ත රෝගී අවස්ථාවකදී බහුල වශයෙන්ම ද්‍රවත්වයෙන් මළපිටවීම සිදුවේ.

මෙම අම්ලපිත රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලැබීම තුළින් ආමාශයේ ,ග්‍රහණියේ සහ ගලනාලයේ තුවාල ඇතිවිය හැක. මෙම අවස්ථාවේදී රෝගියාට අධික වේදනාවක් සහ දැවිල්ලක් ඇතිවිය හැක .මෙලෙස කාලයක් ගතවීමත් සමග අම්ලපිත රෝගී තත්ත්වයේ උපද්‍රව ඇති විය හැක. උපද්‍රව වශයෙන්ම පහත සඳහන් රෝගී තත්ත්වයන් දැක්විය හැක

1.ආමාශයේ ඇති වන පිළිකා තත්වයන්
2.අර්ශස් රෝගී තත්ත්වයන්
3.මල කළු පැහැයට පිටවීම
4.බඩවැල් වල ඇතිවනතුවාල (Ulcerative Colitis)
5.පෝෂණ ඌණතාවයන්
6.රක්ත හීනතාවය.(Anemia)

අම්ලඅම්ලපිත රෝගය සඳහා සුදුසු සහ නුසුදුසු ආහාර

සුදුසු ආහාර(ප්‍රථ්‍ය ආහාර)

• ධාන්‍ය වර්ග: පරණ සහල් (නිවුඩු සහල්), තිරිඟු,
සහ බාර්ලි (Barley).

• කැඳ වර්ග: හීනටි හෝ සුවඳැල් වැනි දේශීය
සහල්වලින් සෑදූ රතු කැඳ සහ බැදපු විලඳ කැඳ

• කොළ කැද- ඉරමුසු,හාතාවාරිය,රණවරා,වැල්
පෙනෙල, මොනර කුඩුම්බිය,පොල් පලා

• එළවළු: පතෝල, වැටකොළු, කැකිරි, පිපිඤ්ඤා,
අළුපුහුල්, බණ්ඩක්කා, ගෝවා ,
කෙසෙල්මුව ,කෝමාරිකා,එලබටු, වට්ටක්කා.

• පළතුරු: ඉදුණු කෙසෙල්, පැණි කොමඩු, ගස්ලබු,
දෙළුම්,අනෝදා,නෙල්ලි, ලාවුලු, මුද්දරප්පලම්.

• බීම වර්ග: කුරුම්බා වතුර, එළකිරි (උණුකර
නිවාගත්), නෙල්ලි රසකිද තැම්බූ වතුර, මුංඇට තැම්බූ වතුර,කොත්තමල්ලි තැම්බූ වතුර.

• ඖෂධීය කුළුබඩු: මාදුරු, කරදමුංගු,
කොත්තමල්ලි, සහ සූදුරු.

• විශේෂිත ආහාර - දියබත්, කෝමාරිකා ජෙලී, කැහි පිත්තං ජෙලි

නුසුදුසු ආහාර (අපථ්‍ය ආහාර)

ආමාශයේ ආම්ලිකතාවය (Acid) වැඩි කරන, තියුණු, ලුණු අධික, ඇඹුල් සහ සැර ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය.

• කුළුබඩු සහ සැර: සැර මිරිස්, ගම්මිරිස්, අබ, සුදුලූනු, සහ අධික ලෙස තෙල් සහ කුළුබඩු දැමූ ව්‍යංජන.

• ඇඹුල් සහ ලුණු: ගොරකා, සියඹලා, විනාකිරි, අච්චාරු, ලුණු දෙහි, සහ සෝස් වර්ග.

• තෙල් සහ බැදපු ආහාර: ගැඹුරු තෙලේ බැදපු කෑම (Short eats), ක්ෂණික ආහාර (Junk food), සහ තෙල් බහුල මාංශ භෝග.

• බීම වර්ග: තේ, කෝපි, පැණිබීම (Carbonated drinks), සහ මත්පැන්.

• ඇතැම් එළවළු සහ පළතුරු: තක්කාලි, අන්නාසි, ඇඹුල් දොඩම්, ලෙමන්, සහ අමු අඹ.

• කිරි නිෂ්පාදන: මුදවපු කිරි (Curd) සහ යෝගට් (මෙහි ඇති ඇඹුල් ගතිය පිත්ත දෝෂය වැඩිකරයි)

මෙම අම්ලපිත රෝගී තත්වයට නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම තුළින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්ත්වයකි

Praanaayurveda Medical Center
Dr Vihanga Mawela (BAMS) ,University Of Kelaniya
SLAMC Reg No 14884

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Praana Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share