Cey-Lux herbals - Ceylon Luxury herbals

Cey-Lux herbals - Ceylon Luxury herbals Authentic Sri Lankan wellness store

හුස්ම ගන්න බැරුව පපුව හිරවෙලා, සෙම ගතිය නිසා රෑට නින්දකුත් නැතුව වද විඳින වෙලාවල් අපේ ජීවිතේ මොනතරම් අමාරුද නේද? 🌬️ 😔පපු...
27/02/2026

හුස්ම ගන්න බැරුව පපුව හිරවෙලා, සෙම ගතිය නිසා රෑට නින්දකුත් නැතුව වද විඳින වෙලාවල් අපේ ජීවිතේ මොනතරම් අමාරුද නේද? 🌬️ 😔

පපුව උඩ කවුරුහරි වාඩි වෙලා ඉන්නවා වගේ දැනෙන ඒ බර ගතිය නිසා හුස්ම "අඩියටම" යන්නේ නැතිව හිරවෙනකොට... ඔන්න තියෙනවා ඔයාගේ මුළුතැන්ගෙයිම හැංගිලා තිබුණු සුපිරිම "ස්වභාවික සහනය
😍
සැලොන් වලට ගිහින් දහස් ගණන් දීලා කරන සත්කාර වගේම, මේකත් ඔයාගේ පෙනහළු වලට ගෙදරදීම දෙන්න පුළුවන් වටිනාම "උණුසුම් සත්කාරය" කිව්වොත් හරි. 😉

🧄 පපුවේ හිරගතිය පලවා හරින "සූදුරු සහ සුදුළූණු රන්වන් සත්කාරය" 🌬️✨

ඇදුම රෝගය නිසා පෙනහළු වල නාලිකා ඉදිමිලා, සෙම පිරිලා හීනි වෙලා තියෙන වෙලාවට මේ තෙල් සත්කාරය කළාම ඒ හිරවුණු මාර්ග ඔක්කොම ලස්සනට විවෘත වෙලා යනවා.😍

අවශ්‍ය දේවල්... 🧐

✅ සුදුළූණු බික් 4-5ක්. (හොඳට තලලා ගන්න. එතකොට තමයි ඒකේ තියෙන "ඇලිසින්" කියන ඖෂධීය සාරය තෙල් එකට හොඳට උරා ගන්නේ).

✅ සූදුරු මේස හැඳි 1ක්. (සෙම දිය කරලා, පෙනහළු වලට රස්නය දෙන්න මේක මැජික් එකක් වගේ ක්‍රියා කරනවා).

✅තලතෙල් මේස හැඳි 3ක්. (මේ තෙල් වර්ග දෙකටම පුළුවන් රස්නය ගොඩක් වෙලා පවත්වගෙන ඇඟ ඇතුළටම ඒ සාරය අරන් යන්න).

පළමුව ඖෂධීය තෙල් සකසා ගැනීමයි (වැදගත්ම පියවර) 🔥

පුංචි තාච්චියක් ලිපේ තියලා
තෙල් ටික දාන්න. ගින්දර ගොඩක් අඩුවෙන් (Low Flame) තියාගන්න එක හරිම වැදගත්.😃

තෙල් රත් වේගෙන එද්දී තලාගත්තු සුදුළූණු සහ සූදුරු ටික ඒකට දාන්න.
සුදුළූණු ටික රන්වන් පාට වෙලා, සුවඳ එද්දී ලිප නිවන්න. (පරෙස්සම් වෙන්න, සුදුළූණු කර වෙන්න දෙන්න එපා).

දැන් මේ තෙල් ටික නිවෙන්න ඇරලා මඳ උණුසුම් (Luke-warm) වෙනකම් ඉන්න. (සමට දරාගත හැකි ලස්සන රස්නයක් තියෙන්න ඕනේ).

දෙවනුව ආලේප කර සම්බාහනය කිරීමයි 😊 🖌️

පපුව හොඳින් පිරිසිදු කරලා පිසදාගන්න.
දැන් මේ රන්වන් පාට තෙල් ටික අතට අරගෙන පපුවේ සහ පිට මැද (පෙනහළු තියෙන හරියේ) මුල ඉඳන් අගටම හොඳින් ආලේප කරන්න.🥰

පපුවේ මැද ඉඳන් පිටතටත්, බෙල්ලේ පහළ ඉඳන් පපුව දෙසටත් හෙමින් පිරිමදින්න (Massage). එතකොට තෙල් වල රස්නය නිසා පෙනහළු වල තද වෙලා තියෙන සෙම දිය වෙන්න පටන් ගන්නවා.

🤔 ඇයි මේ සත්කාරය ඇදුමට මෙච්චර ගුණ?

ස්වභාවික ප්‍රතිජීවකයක් වගේ ක්‍රියා කරලා පෙනහළු වල තියෙන ආසාදන සහ ඉදිමීම පාලනය කරනවා.

සූදුරු වල තියෙන රස්නය පෙනහළු අස්සටම ගිහින්, හුස්ම ගන්න පාරවල් ලොකු කරනවා.

විනාඩි 15ක් යද්දී ඔයාටම දැනෙයි හුස්ම ගැනීම කොච්චර නිදහස්ද කියලා.

හරියට හිරවුණු පෙනහළු වලට අලුත් පණක් ලැබුණා වගේ දැනෙයි...😍

අවවාදයයි...👁️

මේ සත්කාරය කළාට පස්සේ පැයක් යනකම් විදුලි පංකා (Fans) යට ඉන්න එපා. උණුසුම් කපු ඇඳුමක් ඇඳලා ඇඟ වහගෙන ඉන්න එක තමයි වඩාත් හොඳ.🤓

සතියට දෙතුන් පාරක් මේ ලේසි රහස අත්හදා බලන්න.😃

පපුවේ තියෙන බර ගතිය කොහේ ගියාද කියලා හිතාගන්න බැරි වෙයි 🌬️

මේ වටිනා රහස ඔයාගේ පවුලේ අයටත් දැනගන්න Share කරන්නකෝ... 🥰✨

16/02/2026

ඔබගේ හිස කෙස් ගැටලු සහ මානසික සුවය සදහා 100% ක් ලංකාවේ නිශ්පාදිත දේශීය ආයුර්වේද සත්කාරය.

නිද්‍රා hair and relaxation oil

මිල . රු. 1290.00

ඇණවුම් කිරීමට 070 66 47 599 අංකයට whatsapp පණිවිඩයක් තබන්න.

ඔබ ජීවිතේ ලැබිය යුතුම අත්දැකීමක් මේක.

🥇 ලංකාවේ ප්‍රථම වතාවට හිසකෙස් වලටයි නින්දටයි දෙකම හරියන දේශිය අයුර්වේද හිසකෙස් සත්කාරය 👇Athugala ceylon herbalsනිද්‍රා h...
14/02/2026

🥇 ලංකාවේ ප්‍රථම වතාවට හිසකෙස් වලටයි නින්දටයි දෙකම හරියන දේශිය අයුර්වේද හිසකෙස් සත්කාරය 👇

Athugala ceylon herbals
නිද්‍රා hair & relaxation oil

මිල. රු. 1290 කට ගෙදරටම ගෙන්වා ගන්න.

01/02/2026

🌕 පිංබර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🙏🙏

සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏

💛 බුදු පහන කියන්නේ නිකන්ම නිකන් මැටි පහනක් පත්තු කරන චාරිත්‍රයක් නෙවෙයි. ඒක විද්‍යාවක්. ඒක අපේ මනස, විශ්ව ශක්තිය සහ අපේ ...
25/01/2026

💛 බුදු පහන කියන්නේ නිකන්ම නිකන් මැටි පහනක් පත්තු කරන චාරිත්‍රයක් නෙවෙයි. ඒක විද්‍යාවක්. ඒක අපේ මනස, විශ්ව ශක්තිය සහ අපේ ආධ්‍යාත්මය එකට යා කරන පාලමක්. ගොඩක් අය ගෙදර බුදු පහන තිබ්බට, ඒකෙන් ලැබෙන නියම ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ. හේතුව පොඩි පොඩි වැරදි කිහිපයක්. ඔබ මේ කියන විදියට හරිම ක්‍රමයට, හරිම වෙලාවට, හරිම දිශාවට පහන පත්තු කළොත්, ඒ ආලෝකය ඔබේ මුළු ජීවිතේම අඳුර පරදවලා, ඔබව සාර්ථකත්වය කරා ගෙන යනවා ඒකාන්තයි.

මෙන්න බුදු පහන තැබීමේ නිවැරදිම ක්‍රියා පිළිවෙල 👇මේ විදියට බුදු පහන තිබ්බොත් ඔබේ සාර්ථකත්වය නවත්වන්න කාටවත් බෑ

1. දිශාව සහ ස්ථානය හරියට තෝරා ගැනීම 🧭

ගෙදරක බුදු පහන තියන්න හොඳම දිශාව තමයි ඊසාන (North-East) හෝ නැගෙනහිර (East). ඇයි දන්නවද? ඉර පායන දිශාව කියන්නේ අලුත් දවසක ආරම්භය. විශ්ව ශක්තිය (Cosmic Energy) ගෙදරට ඇතුල් වෙන්නේ මේ පැත්තෙන් කියලා විශ්වාස කරනවා. ඔබ උදේට පහන තියනකොට නැගෙනහිර බලාගෙන වන්දනා කරනවා නම්, ඔබේ මනසට පුදුම ප්‍රබෝධයක් ලැබෙනවා. කවදාවත් බුදු පහන නාන කාමරයක් හෝ වැසිකිළියක් ළඟ බිත්තියකට හේත්තු කරලා තියන්න එපා. ඒ වගේම පඩිපෙළක් යට තියන්නත් එපා. පහන තියන තැන නිස්කලංක, පිරිසිදු තැනක් වෙන්න ඕනේ.

2. පහනේ උස - ඔබේ ගෞරවයේ මට්ටම ⬆️

බුදු පහන කවදාවත් ඔබේ ඉනට වඩා පහළ මට්ටමක තියන්න එපා. බුදුන් වහන්සේ කියන්නේ තුන් ලෝකයටම අග්‍ර වූ ශාස්තෘවරයාණන්. උන්වහන්සේ වෙනුවෙන් තියන පහන තියෙන්න ඕනේ ඔබේ ඇස් මට්ටමට (Eye Level) සමානව හෝ ඊට ටිකක් ඉහළින්. ඔබ පහන දිහා බලන්න ඕනේ ඔළුව උස්සලා මිසක්, පහත් කරලා නෙවෙයි. මෙහෙම උසකින් පහන තිබ්බම, ඔබ වන්දනා කරනකොට ඔබේ කොඳු නාරටිය කෙලින් තියාගන්න ලේසියි. ඒ වගේම පහන දකින වාරයක් පාසා ඔබේ හිතේ නිරායාසයෙන්ම ගෞරවයක් ඇති වෙනවා. උසස් තැනක පහන තියන්න, ඔබේ ජීවිතෙත් උසස් තැනකට යයි.

3. පිරිසිදුකම - සාර්ථකත්වයේ පළමු රහස 🧹

සමහර ගෙවල් වල බුදු පහන ළඟ බැලුවම දූවිලි පිරිලා, පරණ මල් වේලිලා, පහන වටේ තෙල් බැඳිලා ජරාවාස වෙලා. මතක තියාගන්න, අපිරිසිදු තැනක කවදාවත් යහපත් ශක්තියක් රැඳෙන්නේ නෑ. ඔබ පහන තියන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ස්ථානය පිරිසිදු කරන්න ඕනේ. පහන හෝදලා, පරණ තිර ඉවත් කරලා, අලුත් තෙල් දාන්න ඕනේ. පරණ තෙල්ම උඩට අලුත් තෙල් දාන්න එපා. මේ පිරිසිදුකම ඔබේ මනසටත් බලපානවා. පිරිසිදු මල් ආසනයක් දකිනකොට ඔබේ හිත නිකන්ම පිරිසිදු වෙනවා (Clarity of Mind). ඔබේ හිත පිරිසිදු නම්, ඔබ කරන කියන දේවල් සාර්ථක වෙනවා. කුණු ගොඩක් උඩ පහනක් පත්තු කළාට වැඩක් නෑ, ඒක නිකන්ම ගින්නක් විතරයි. ආලෝකයක් වෙන්න නම් පිරිසිදුකම අංක එක වෙන්න ඕනේ.

4. තෙල් සහ තිරය - ඉන්ධන වල කොලිටි එක 🥥

බුදු පහනට පාවිච්චි කරන්න හොඳම තෙල් වර්ගය තමයි "පිරිසිදු පොල් තෙල්". පුළුවන් නම් ඊටත් වඩා හොඳයි "එළඟිතෙල්" පාවිච්චි කරන එක. ආයුර්වේදයට අනුව එළඟිතෙල් පහනකින් නිකුත් වෙන දුම පරිසරය පිරිසිදු කරනවා වගේම මනස සන්සුන් කරනවා. කවදාවත් සත්ත්ව මේද මිශ්‍ර තෙල් හෝ ඉඳුල් තෙල් පහනට දාන්න එපා. ඊළඟට වැදගත්ම දේ පහන් තිරය. කඩෙන් ගන්න නයිලෝන් කලවම් තිර දාන්න එපා. පිරිසිදු සුදු රෙදි කැබැල්ලක් හෝ පුළුන් වලින් හදාගත්ත තිරයක් දාන්න. නයිලෝන් තිර පිච්චෙනකොට එන කළු දුම සහ ගඳ ඔබේ හිතට බාධාවක්. පිරිසිදු තෙල් සහ පිරිසිදු තිරයකින් පත්තු වෙන දැල්ල හරිම ලස්සනයි, හරිම සන්සුන්.

5. වෙලාව - බ්‍රහ්ම මුහුර්තයේ බලය ⏰

පහන තියන්න ඕන වෙලාවක් තියෙනවද? ඔව්. හොඳම වෙලාව තමයි උදේ 6ට සහ හවස 6ට (ආසන්න වශයෙන්). උදේ පාන්දර කියන්නේ පරිසරයම පිබිදෙන වෙලාව (Brahma Muhurtham). මේ වෙලාවට ඔබේ මනස හරිම ෆ්‍රෙෂ්. මේ වෙලාවට පහන තියලා දවස පටන් ගත්තම, දවස පුරාම ඒ ගැම්ම තියෙනවා. හවස 6 කියන්නේ දවල් කාලය ඉවර වෙලා රාත්‍රිය පටන් ගන්න වෙලාව. මේ වෙලාවට පරිසරය වෙනස් වෙනවා. අඳුර වැටෙනකොටම ගෙදර පහන පත්තු වෙන එකෙන් ගෙදරට ආරක්ෂාවක් සහ ආශිර්වාදයක් ලැබෙනවා.

6. දැල්ලේ ස්වභාවය - ඔබේ සිතේ කැඩපත 🔥

ඔබ පත්තු කරන පහනේ දැල්ල දිහා ටිකක් බලාගෙන ඉන්න. ඒක හුළඟට වැනෙනවද? නැත්නම් දඟලනවා වගේද? බුදු පහනක දැල්ල තියෙන්න ඕනේ "බෝ කොළයක" හැඩයට, නිශ්චලව. දැල්ල දඟලනවා කියන්නේ තෙල් වල වතුර හෝ තිරයේ දෝෂයක්. නිශ්චල දැල්ලක් දකිනකොට ඔබේ හිතත් නිශ්චල වෙනවා. සමාධියකට එන්න ලේසියි. සමහරු පහන පත්තු කරලා දුවනවා. එහෙම කරන්න එපා. විනාඩි 2ක්වත් ඒ ආලෝකය දිහා බලාගෙන, "මගේ සිතත් මේ ආලෝකය වගේ ප්‍රභාවත් වේවා, අඳුර දුරු වේවා" කියලා අධිෂ්ඨාන කරන්න. ඒ දැල්ලේ තියෙන ශක්තිය ඔබේ ඇස් හරහා මොළයට ගිහින් ස්නායු පද්ධතිය සන්සුන් කරනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක් (Trataka Meditation).

7. මල්, පැන් සහ සුවඳ - පංච ඉන්ද්‍රිය පිනවීම 🌸

පහන විතරක් තිබ්බම ඇතිද? නෑ. පහනත් එක්ක වතුර වීදුරුවක් (පැන්), සුවඳ මල් ටිකක් සහ හඳුන්කූරක් පූජා කරන්න. ඇයි මෙහෙම කරන්නේ? පහනෙන් ඇස පිනවනවා (රූප), හඳුන්කූරෙන් නාසය පිනවනවා (ගන්ධ), වතුරෙන් පිරිසිදු බව දැනෙනවා. මේ ඔක්කොම එකතු වුණාම ඔබේ පංච ඉන්ද්‍රියම එක අරමුණකට එනවා. මල් පූජා කරනකොට "මේ මල් මැලවෙනවා වගේ මගේ ජීවිතෙත් අනිත්‍යයි" කියලා හිතන්න. ඒකෙන් ජීවිතේ ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙනවා. වතුර පූජා කරනකොට "මගේ සිතත් මේ වතුර වගේ පිරිසිදු වේවා" කියලා හිතන්න. මේ දේවල් නිකන් චාරිත්‍ර නෙවෙයි, මේවා මනෝවිද්‍යාත්මක අභ්‍යාස. සාර්ථක මිනිස්සු හැමෝම තමන්ගේ මනස උසස් මට්ටමක තියාගන්න මෙන්න මේ වගේ පුංචි පුරුදු භාවිතා කරනවා.

8. ගාථා සහ අධිෂ්ඨානය - වචනයේ බලය 🗣️

පහන තියලා නිකන් ඉන්න එපා. "ඉතිපිසෝ" ගාථාව හෝ ඔබට පුරුදු ඕනෑම ගාථාවක් ශබ්ද නගා කියන්න. ගාථා කියනකොට ඇතිවන ශබ්ද තරංග (Vibrations) වලට පුළුවන් ඔබේ ඇඟේ තියෙන ලේ පිරිසිදු කරන්න සහ මනස සුවපත් කරන්න. ගාථා කියලා ඉවර වෙලා, විනාඩියක් ඇස් පියාගෙන ඔබේ අරමුණ ගැන හිතන්න. "මම කරන මේ ව්‍යාපාරය සාර්ථක වේවා, මගේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වේවා" කියලා ධනාත්මකව හිතන්න (Affirmations). බුදුන් වහන්සේ ඉදිරියේ කරන සත්‍ය ක්‍රියාවකට පුදුම බලයක් තියෙනවා. හැබැයි ඉල්ලීම් විතරක් කරන්න එපා. මුලින්ම ලෝකයට මෛත්‍රිය (Metta) යවන්න. ඔබ ලෝකයට යහපතක් ප්‍රාර්ථනා කරනකොට, විශ්වය ඔබට ඒ යහපත දස ගුණයක් ආපහු ලබා දෙනවා.

9. පවුලේ සහභාගීත්වය - සමඟිය 👨‍👩‍👧‍👦

බුදු පහන තියන එක අම්මාගේ ඩියුටි එකක් විතරක් කරගන්න එපා. පුළුවන් හැම වෙලාවෙම තාත්තා, දරුවෝ ඔක්කොම එකතු වෙලා මේ වෙලාවට බුදුන් වදින්න. පවුලක් විදියට එකට එකතු වෙලා කරන මේ පුංචි වැඩේ නිසා ගෙදර ලොකු සමඟියක් ඇති වෙනවා. දරුවන්ගේ හිත් වල ආගමික භක්තියක් ඇති වෙනවා. ගෙදර ප්‍රශ්න, රණ්ඩු සරුවල් අඩුවෙන්න මේක ලොකු හේතුවක්. සාර්ථක මිනිහෙක් වෙන්න නම් ගෙදර සාමය තියෙන්න ඕනේ. ගෙදර ගිනි ගොඩක් නම් ඔබට එළියට ගිහින් ලෝකේ දිනන්න බෑ. බුදු පහන වටා එකතු වෙන පවුල කවදාවත් විසිරෙන්නේ නෑ. ඒ එකමුතුකම තමයි ඔබේ සාර්ථකත්වයේ පදනම.

10. නොකඩවා කිරීමේ ගුණය (Consistency) 🔄

අද පහන තිබ්බා, හෙට මහන්සියි කියලා නිකන් හිටියා, ආයේ දවස් දෙකකින් තිබ්බා. මේ විදියට කරලා නම් සාර්ථක වෙන්න බෑ. බුදු පහන තියන එක ඔබේ ජීවිතේ අනිවාර්ය අංගයක් (Routine) කරගන්න. ඔබ දන්නවද, එක දිගට දවස් 21ක් යම් දෙයක් කළොත් ඒක පුරුද්දක් වෙනවා. දවස් 90ක් කළොත් ඒක ජීවන රටාවක් වෙනවා. නොකඩවා පහන තියන කෙනාට "විනයක්" (Discipline) හැදෙනවා. අන්න ඒ විනය තමයි ඔයාව බිස්නස් එකේදී, රස්සාවේදී ඉහළටම අරන් යන්නේ. වැස්සත්, පාව්වත්, මහන්සි වුණත් මම මගේ පහන තියනවා කියන අධිෂ්ඨානය තියෙන මිනිහව වට්ටන්න කාටවත් බෑ. ඒ කැපවීම විශ්වය දකිනවා. ඒකට ප්‍රතිඵල ලැබෙනවාමයි.

බුදු පහන කියන්නේ ආලෝකය. ආලෝකය තියෙන තැන අඳුරට ඉඩක් නෑ. අද ඉඳන් මේ විදියට පහන තියලා බලන්න, ඔබේ ජීවිතේ ආලෝකමත් වෙන හැටි ඔබටම බලාගන්න පුළුවන් වෙයි. ✨🙏

වටිනවා නම් Share කරන්න. ධර්ම දානයක් වේවා!

අපගේ දමිළ සහෝදර පාරිභෝගිකයන් හට සතුට සෞභාග්‍යය පිරි වාසනාවන්ත තෛපොංගල් දිනයක් වේවා 🙏
15/01/2026

අපගේ දමිළ සහෝදර පාරිභෝගිකයන් හට සතුට සෞභාග්‍යය පිරි වාසනාවන්ත තෛපොංගල් දිනයක් වේවා 🙏

♻️  ඔබට රෑට නින්ද යන්නේ නැද්ද.දවසම වැඩ කරලා රෑ වෙනකොට stress වැඩීද දවසම පාඩම් කරලා ඇස් රිදෙනවදදවසම දරුවන්ගේ වැඩ කරලා ඔලු...
14/01/2026

♻️ ඔබට රෑට නින්ද යන්නේ නැද්ද.
දවසම වැඩ කරලා රෑ වෙනකොට stress වැඩීද
දවසම පාඩම් කරලා ඇස් රිදෙනවද
දවසම දරුවන්ගේ වැඩ කරලා ඔලුව රිදෙනවද

එහෙනම් ඒ ප්‍රශ්න සියල්ලටම විසදුමක් අපි ලග 💪💪

ලෝකයේ හොදම විසදුමක් තවත් වැඩි දියුණු කිරීමට අපට ඔබගේ ගැටලු වල ස්වාභාවය අවශ්‍ය යි..

පහත google form එක පුරවා අපට ඔබගේ ගැටළු යොමු කරන්න

අතිශයින්ම නින්ද නොයන පීඩනයෙන් ජීවත් වන මනස සැහැල්ලු කරගන්න වෙර දරන ශ්‍රී ලාංකිකයන් සදහා පමණයි..

Sleeping disorders and Skin Health Survey මෙම සමීක්ෂණයේ අරමුණ නින්දේ ගුණාත්මකභාවය සහ සමේ සෞඛ්‍යය අතර සම්බන්ධය අවබෝධ කර ගැනීමයි.

♻️ අද මධ්‍යම රාත්‍රිය ගෙවා තිස් වැනි විනාඩියේ දී එනම් 12.30ට උඳුවප් පුර අටවක පෝය ලබයි. සතර වරම් දෙව් මහ රජදරුවන්ගේ අමාත්...
27/11/2025

♻️ අද මධ්‍යම රාත්‍රිය ගෙවා තිස් වැනි විනාඩියේ දී එනම් 12.30ට උඳුවප් පුර අටවක පෝය ලබයි. සතර වරම් දෙව් මහ රජදරුවන්ගේ අමාත්‍යවරුන් මිනිසුන්ගේ පුණ්‍යප්‍රතිපත්ති විමැසීමට මනුෂ්‍යපථයෙහි හැසිරෙන දවසයි. පෝය ගෙවෙන්නේ හෙට මධ්‍යම රාත්‍රිය ගෙවා පහළොස් වැනි විනාඩියේ දී (12.15) ය. මෙම කාලය තුළ උපෝසථය රැකුව මනා ය. එළැඹෙන්නා වූ ව්‍යසනය වැළක, සියලු ජීවිත සුරක්ෂිත වේවා'යි සත්‍යක්‍රියා කරමු.

- ඇතුගල herbals -

🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕

#හෙලසුවඅයුර්වේද

Address

Infront Of The Filling Station, Kurunegala Road
Hettipola

Website

Alerts

Be the first to know and let us send you an email when Cey-Lux herbals - Ceylon Luxury herbals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share