05/08/2026
ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල වර්තමාන තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද දින (05) කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ශ්‍රවණාගාරයේ දී,
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මෙම විශේෂ රැස්වීම සංවිධානය කර තිබුණු අතර, ඒ සඳහා ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල මෙන්ම මුළු දිවයිනම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍යට සම්බන්ධ නිලධාරීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහභාගි වන ලදී.
මේ සඳහා හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නියෝජනය කරමින් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා Umesha Danjaya , පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීතුමා පී සී සේනාරත්න මහතා සහ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීතුමා සජිත් කරුණාරත්න මහතා සහභාගිවන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආර්නොල්ඩ් මහතා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමන්ලා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන්ලා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, කීට විද්‍යා නිලධාරීන්, කීට විද්‍යාඥයින් ඇතුලු මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.