Med Clinic

Med Clinic • Paed clinic is a heaven for your childs health or your medical student life..

• stay with us for content related in PAEDIATRICS....!

Paediatrics | Child Health | Medical Advices |

PRIMARY SURVEY IN TRAUMA(Quick guide in 3 min)Watch
28/04/2026

PRIMARY SURVEY IN TRAUMA

(Quick guide in 3 min)

Watch

1 comment. "PRIMARY SURVEY in Trauma (3min Quick Guide)"

Beware about intestinal obstruction
26/04/2026

Beware about intestinal obstruction

07/07/2024

🔷ඩෙංගු , කුඩා දරුවන්ට බලපාන අයුරු දැන ගනිමු

🔶ඩෙංගු ගැන දැනගැනීමට පෙර ඩෙංගු ආශ්‍රිත සුලබව භාවිතා වන වචනවල තේරුම දැන ගැනීම් වැදගත්......

ඩෙංගු සෑදුන විට ( විශේෂයෙන්ම ඩෙංගු මුල් වරට සෑදුනු විට) සෑදෙන උණ තත්වය අනෙකුත් වෛරස උණ තත්වයන්ට බොහෝදුරට සමානයි. මෙය තමයි ඩෙංගු සෑදුන මුල දින කිහිපයේ දකින්නට පුලුවන් දේ. නමුත් මේ කාලය තුලදී තවත් අයෙකුට රෝගය මදුරුවන් මගින් සම්ප්‍රේෂණය කරන්නට පුලුවන්.

🔴මොකක්ද මේ ඩෙංගු උණ (Dengue Fever ) කියන්නේ ?

දින 2-7 දක්වා පවතින තද උණ සමග හිසරදය, ඇස්වටේ වේදනාව, අස්ථි හා මස්පිඩු වේදනාව හා ඇතැම්විට ලේ ගැලීම් ඇතිවෙන්නත් පුලුව්න්.( මේ ලේ ගැලීම් තත්වය රක්තපාත අවදියේදී සුලබව ඇතිඋනත් මේ අවදියේත් ඇති වෙන්නට පුලුවන්.). නමුත් මේ අවදියේදී විශේෂත්වය තමයි leaking ලෙස හදුන්වන තත්වය සිදුනොවීම.

🔴මොකක්ද මේ ඩෙංගු රක්‍තපාත (Dengue Haemorrhagic fever) තත්වය කියන්නේ?

මේ අවදියේදී තමා leaking කියන තත්වය දකින්නට පුළුවන් වෙනෙනේ. මීට අමතරව උණත් සමග ලේ ගැලීම් තත්වයක් හා රුධිර පට්ටිකා 100000ට වඩා අඩු වීමක් දකින්නට පුළුවන්.

🔴තද උණ තියෙන දරුවෙක්ට ඒ පවතින්නෙ ඩෙංගු තත්වයක්ද කියලා අනුමාණ කරන්න පුළුවන් සාධක මොනවද ?

• හිසරදය හා ඇස් වට වේදනාව
• වමනය යාම හෝ වමනෙට ඒම
• අස්ථි හා මාංශ පේශී වේදනාව
• ඇග රත් පැහැවීම
• තැනින් තැන ඇතිවන rash එකක්
• සුධු රුධිරාණු > 5000
• පට්ටිකා < 150000

🔴අනිවාර්යයෙන්ම රෝහල් ගතකල යුත්තේ කවර වෙලාවටද ?

• පට්ටිකා 150000ට අඩුනම්
• හිමොටොක්‍රිට් ලෙස හැදින්වෙන අගය 10% කින් පෙර අගයට වඩා වැඩි වුවහොත්.
• පහත දැක්වෙන අවදානම් තත්ව එකක් හෝ පැවතුනහොත්.
1. නොනවත්වා පවතින වමනය
2. ශරීරියේ පවතින ඇධික මහන්සි තත්වයක්, නොසන්සුන් ගතියක් හා නිදිමත තත්වයක්
3. විදුරුමස් වලින් හෝ වෙනත් තැනකින් ලේ ගැලීමක්
4. පැය 6කට අධික කාලයක් පුරාවට මුත්‍රා නොයාම.
5. ඉතා දරුණු උදර වේදනාවක්.

🔴දැඩි අවදානය දිය යුතු දරුවන් කාණ්ඩ

• අවුරුදු 1ට අඩු
• තරබාරු
• වෙනත් දරුණු රෝගාබාධ වලින් පෙලෙන්නන්
• රැකබලාගැනීමට රැකවලුන් නැති දරුවන්.

🔴මොකක්ද මේ ඩෙංගු NS1 පරීකෂණය

මෙය භාවිතා කරන්නට පුළුවන් ඩෙංගූ වැළදී මුල දින කිහිපයේ (විශේෂයෙන්ම මුල් දින 3) පමණයි. ඊට පසුව ක්‍රමයෙන් මෙම පරීක්ෂණයේ වලංගුතාව අඩු වෙනවා. නමුත් මෙය Negative වූ පම්ණින්ම ඩෙංගූ වැළදී නැතැයී පවස්න්නට බෑ.

🔴IgM හා IgG පරීක්ෂය

මෙහිදී IgM - positive හා IgG 4ගුනයකන් වැඩිවීම රෝගය තහවුරු කරනවා. යම් හෙයකින් IgG - Positive වී IgM - Negatibe හෝ ඉතා අවම ප්‍ර්මානයක් පවතී නම් බොහෝදුරට මෙයින් ඇගවෙන්නේ රෝගය පෙරදී සෑදී ඇති බවයි.

Dr Malisha Wanigathunga

Source : |National Guidelines on Management of Dengue Fever and Dengue Haemorrhageic Fever in Children and Adolescents.|

Send a message to learn more

29/06/2024

🔶කුඩා දරුවන්ට වැළදෙන බ්‍රොන්කියෝලයිටිස් ( bronchiolitis) ගැන දැනගමු

🔷මොකක්ද මේ බ්‍රොන්කියෝලයිටිස් ?

මෙය සුලබව අවුරුදු 1ට වඩා අඩු (සුලබවම මාස 3-6ත් අතර) දරුවන්ට වැළදෙන ශ්වසන පද්දතිය හා සම්බන්ධ, ශ්වසන අපහසුතා ඇතිකරන වෛරස් රෝගී තත්වයක්. මෙය සාදන වෛරස් රාශියක් පැවතුනත් සුලබව RSV නම් වෛරසය්කින් තමා මෙය වැළදෙන්නේ.

මෙය බොහෝවෙලාවට ප්‍රතිකාර වලින් තොරවම සුව වෙන්වා. විශේශ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්.

🔷රෝග ලක්ෂණ

මුලින්ම සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ පෙන්වා දවස් 1-3 අතර කාලයකින් පසුව දිගටම පවතින කැස්ස, වේගයෙන් හුස්ම ගැනීම, දරුවා දැඩි පරික්ශමයක් දරා හුස්ම ගැනීම හා wheezing ස්වබාවයක් දකින්නට පුලුව්න්. මෙම රෝග ලක්ෂණ දින 3-5 අතර උපරිමයකට පැමිණෙනවා.

මීට අමතරව අතැම් දරුව්න්ට මද උණ ගතියක් හා අහාර අරුචියක් ඇති වන්නට පුළුවන්. නමුත් සමාන්‍ය මතය වන්නේ මෙය දින 7-10 අතර කාලයක්දී අඩුවී යන බවයි. කැස්ස තත්වය සති 3ක් පමණ පැවතිය හැකියි.

🔷අවදානම් සාදක

අඩුවයස් දරුවන්, වයස සති 12ට අඩු දරුවන්, හදවත්, පෙනහළු අබාද සහිත දරුවන්, වර්දනය අඩාල වූවන්, කෙටි කලක් පමණක් කිරි දුන් දරුව්න්, ප්‍රතිශක්තිය හීන් වූ දරුව්න්.

🔷ප්‍රතිකාර

මෙය වෛරස් රෝගීතත්වයක් නිසා නිකරුනේ ප්‍රතිජීවක ලබාදීමෙන් පලක් සිදුවන්නේ නෑ. නමුත් දරුවාට හුස්ම ගැනීමට අපහසු නම්, වේගයෙන් හුස්ම ගන්නේ නම්, ඉහත කිවු අවදානම් සාදක පවතීනම් රෝහලකට යෑම සුදුසුයි.

🔷රෝගය වැළදීම ව්ළක්වාගනේ කොහොමද ?

මෙය සෙම බිදිති වලින් බෝ වන නිසා දරුවා එවන් පරිසර වලින් ඈත් කර තැබිය යුතුයි.

දරුවාට මුල් මාස 6 තුල මව්කිරි පමණක් ලබාදෙන්න.

සිගරට් දුම වලින් වැළකෙන්න.

දරුවා ස්පර්ශ කිරිමෙන් හා ඒ අවට ස්පර්ශ කිරීමන් පසුව හොදින් දෑත් පිරිසිදු කරගන්න.

Dr Malisha Wanigathunga
Source : National Guidelines on Respiratory Disorders in Children (2019)

Routes & sites of common vaccinesSource :  : SLMA GUIDELINES AND INFORMATION ON VACCINES │ SEVENTH EDITION │ 2020
29/06/2024

Routes & sites of common vaccines

Source : : SLMA GUIDELINES AND INFORMATION ON VACCINES │ SEVENTH EDITION │ 2020

Video games & Children - Guide for Parents   - Parenting 📵 ❗❕❗.............................................................
28/06/2024

Video games & Children - Guide for Parents - Parenting 📵 ❗❕❗
................................................................

How to create a positive and safe gaming environment for your child

26/06/2024

කුඩා දරුවන්ගේ එන්නත්කරණය ගැන පවතින සුලබ ගැටලු හා පිළිතුරු

01)ස්වභාවික ප්‍රතිශක්තියක් අප තුල පවතින නිසා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තියක් අවශ්‍යද ?

Chicken pox ( පැපොල ) වගේ රෝග ස්වභාවික ප්‍රතිශක්තියක් ලබා දෙනවා. නමුත් සමහරවිට එම රෝග මාරාන්තික හෝ ස්ථීර ආබාද ඇති කිරීමේ හැකියාවක් තියනවා. ඊට අමතරව තවත් බොහෝ රෝග ස්වභාවිකව රෝගයෙන් පසුව ආරක්ෂාකාරී මට්ටමේ ප්‍රතිශක්තියක් ලබා දෙනන්නේ නෑ. (උදා: tetanuas/ පිටගැස්ම).
එනිසා එන්නත්කරණය වඩා ආරක්ෂියි.. අවශ්‍යතාවක් ඇතිවුනොත් නැවත අපට එන්නත්කරණය කරන්නත් පුළුවන් වීමත් වාසියක්. නමුත් එන්නත්කරණදී අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

02)එන්නත්කරණ 2ක් අතර පරතරය සති 4ක් වීම අත්‍යවශ්‍යද ?

මෙය සත්‍යක් වන්නේ අදාළ එන්නත් දෙක සක්‍රීය එන්නත් ( live vaccine) වන්නේ නම් පමණයි... දෙවෙනි එන්නත සති 4ක අඩු කලෙකදි ලබාදුන්නොත් අපේ ඇග තුල ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ඇතිවෙන්නේ නෑ.
නමුත් එන්නත් දෙකම අක්‍රීය නම් හෝ.. එකක් සක්‍රීය වී දෙවැන්න අක්‍රීය නම් මෙය සත්‍යක් වන්නේ නෑ

3)අඩු බර උපත් දරුවන්ගේ එන්නත්කරණය කල් දැමිය යුතුද ?
අඩු බර උපත් දරුවන්ගෙ BCG එන්නත එම දරුවන් රොහලෙන් රෝහලෙන් නිදහස් කරන අවස්තවේදී (ticket කපන අවස්තවේදී )
ලබා දෙන අතර, ඉතුරු එන්නත් සමාන්‍ය පරිදි නියමිත වයස් වලදී ලබා දෙන්නට පුලුවන්.

04)අඩු වයසින් ඉපදුන දරුවන්ගේ එන්නත්කරණය වෙනස් වන්නේ කොහොමද ?
මෙම දරුවන්ගේ එන්නත්කරණය සාමාන්‍ය පරිදි ජාතික එන්නත්කරණ වැඩසටහන පරිදි කරන්නට පුළුවන්.

05)BCG එන්නතෙන් පසුව කැළල පෙනෙන්නට නැත්නම්,
සාමාන්‍යයෙන් කැළලක් මතුවෙන්නට සති 10-12 ක් පමණ ගතවෙනවා. ඒ වගේම කැළල නැතිවූ පමණින්ම BCG ලබාගෙන නෑමයි කියන්නත් බෑ. දරුවාගේ වයස මාස 6ත් අවුරුදු 5ත් අතර නම් නැවත මාත්‍රාවක් දෙන්න පුළුවන්.

06)DTqP එන්නත්කරණයෙන් පසුව යම් අසාත්මිකත්වක් ඇතිවුවහොත් මීළග මාත්‍රාව සදහා DTaP ලබාදීම වඩාත් හොදද?
DTaP හි අඩංගු වන්නේ අසෛලීය කොටසක්. එමනිසා. එය ලබාදීම වඩාත් හොදයි. හේතුව එවන් අසාත්මිකත්වක් ඇති වෙන්නේ මෙම DTwP වල අඩංගු සෛලීය කොටසට නිසා. නමුත් මෙම DTaP පවතින්නේ පෞද්ගලික අනංශයේ විතරයි.

07) DTP සම්පූර්ණ මාත්‍රා සියල්ලම කුඩාකල සම්පූර්ණ කර තිබේදීත් වැඩිහිටි වියේදී නැවත කක්කල්.කැස්ස සෑදිය හැකිද ?
ඔව්, මෙහිදී ලැබෙන ප්‍රතිශක්තිය දිගු කාලීන නොවේ.

08)දරුවෙක්ට පෙර්දී උණ සමග සමේ ඇතිවූ rash එකක් (උදා: සරම්ප, රුබෙල්ලා) වැලදී ඇත්නම් MMR එන්නත ලබාදිය යුතුද ?
ඔව්. මාත්‍රා දෙකම ලබාදිය යුතුයි.

09)MMR පලමු මාත්‍රාවෙන් පසුව කම්මුල්ගාය සෑදුනහොත් දෙවෙනි මාත්‍රාව ලබා දිය යුතුද?
ඔව්. මෙය එන්නත් 3ක එකතුවක් වන අතර දෙවෙනි මාත්‍රව ලබාදීමෙන් හානියක් වන බවට සාක්ෂි නෑ.

10) සාමාන්‍ය මතයක් පවතිනවා " කුඩා දරුවන්ට පැපොල සෑදුනු විට එය දරුණු වන්නේ නෑ, ඒ නිසා දරුවාට පැපොල වැළදෙන්නට හැරිය යුතුයි කියා,,
අපිට කාට රෝගය දරුණු වෙයිද නැද්ද කියලා හරියටම කියන්න බෑ. රෝගයට වඩාත් සාර්තක එන්නතක් පවතිද්දී අනවශ්‍ය අවදාමක් ගත යුතු නෑ. නමුත් මෙම chickenpox එන්නත ලබාදෙන්නේ වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට පමණයි.

Dr. Malisha Wanigathunga
Source : SLMA GUIDELINES AND INFORMATION ON VACCINES │ SEVENTH EDITION │ 2020

 FINAL YEAR PAEDIATRICSVesico ureteral reflux - Grading
25/06/2024


FINAL YEAR PAEDIATRICS
Vesico ureteral reflux - Grading

Address

No 26, Kuda Uduwa Road, Maha Uduwa, Kuda Uduwa
Horana
12400

Telephone

+94704436668

Website

Alerts

Be the first to know and let us send you an email when Med Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Med Clinic:

Share