Siddhi Ayurveda-Kalutara

Siddhi Ayurveda-Kalutara Siddhi Ayurveda medical centre has been practicing indigenous medicine for generations, inheriting from the parents to their families.

ඉකිරිසා සහ බෙල්ල කළුවීමේ සැබෑ හේතු (Acanthosis nigricans ) බෙල්ලේ සහ ඉක්ලිවල  සමකළු වීම සඳහා හේතු කීපයක් තිබේ. සාමාන්‍යය...
31/05/2026

ඉකිරිසා සහ බෙල්ල කළුවීමේ සැබෑ හේතු (Acanthosis nigricans )

බෙල්ලේ සහ ඉක්ලිවල සමකළු වීම සඳහා හේතු කීපයක් තිබේ. සාමාන්‍යයෙන් මෙය අනතුරුදායක නොවුනත් සමහර විට යම් රෝග තත්ත්වයක ින් ලක්ෂණයක් විය හැකිය.
පොදු හේතු :-
ගර්ශනමය හේතු (friction )
තද ඇඳුම් ඇඳීම
සම එකිනෙකට ගෑවීම
බර වැඩිවීම

හෝමෝන සහ ඉන්සියුලින් ප්‍රතිරෝධක හේතු:-
දියවැඩියාවට පෙර අවස්ථාවේ(Prediabetes ) හෝ
Type 2 Diabetes ඇති විට බෙල්ල, ඉකිලි, වැලමිට, දණහිස් වැනි ස්ථානවල කළු වීමට ප්‍රධාන හේතුව ඉන්සියුලින් ප්‍රතිරෝධකය. (Insulin resistance )

මෙය සිදුවන්නේ කොහොමද :-
1. ශරීරයේ ඉන්සියුලින් හොඳින් භාවිතා නොකිරීම
2. ඒනිසා අග්න්‍යාශය (pancreas ) වැඩිපුර ඉන්සියුලින් නිපදවයි.
3. රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ යයි.
4. එම අධික ඉන්සියුලින් සමයේ සෛලවල වර්ධනය උත්තේජනය කරයි.
5. එහිදී සම ගණවීම, තද දුඹුරු හෝ කළු පැහැයක් ගනියි.

මේ තත්ත්වය වෛද්‍යවරුන් හඳුන්වන්නේ (Acanthosis nigricans ) ලෙසයි.

වෙනත් හේතු:-
අධික බර වැඩිවීම(Obesity )
සමහර ඖෂධ හෝ මෝන වල වෙනස්කම්
උදා :- අඩු තයිරොයිඩතාවය, polycystic ovaries syndrome රෝගයයි.( ඩිම්බ ඝනත්වය )
රැවුල කපන ක්‍රීම් වර්ග, dior drance හෝ සමට ඇතිකරන අසාත්මිකතාවය හේතුවන ක්‍රීම් වර්ග භාවිතය.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන හේතු :-
හම කළු වීම හෝ හදිසියේම වැඩි වුණහොත්.
සම වෙල්වට් ස්වභාවයක් ගැනීම.
බර වැඩිවීම, අධික පිපාසය, නිතර මුත්‍රා යාම, කැසීම, වේදනාව හෝ වෙනත් සමය වෙනස්කම් තියෙනවනම්.

කළ හැකි දේ :-
බර පාලනය.
තද ඇඳුම් භාවිතය අඩු කිරීම.
සම පිරිසිදුව වියළිව තබා ගැනීම.
Ayu dr janaka samaraweera

බඩේ වේදනාවට හේතුව කොලයිටිස්ද?Colitis කියන්නේ මහා අන්ත්‍රයේ (colon) ඇතිවන දැවිල්ලක්/ ආසාදනයක්. මේ හේතු නිසා ආහාර ජීර්ණය ස...
28/05/2026

බඩේ වේදනාවට හේතුව කොලයිටිස්ද?

Colitis කියන්නේ මහා අන්ත්‍රයේ (colon) ඇතිවන දැවිල්ලක්/ ආසාදනයක්. මේ හේතු නිසා ආහාර ජීර්ණය සහ මලපහ යාමේ ක්‍රියාවලියට බාධා වෙනවා.මෙම රෝගය නිසා බඩේ වේදනාව, අතිසාරසාරය (diarrhea ) රුධිරය සමග මලපහ යාම, බඩ පිපීම, උණ, අධික වෙහෙස සහ බර අඩුවීම වගේ ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

කොලයිටීස් වර්ග කීපයක් තියෙනවා :

*ආසාදර නිසා ඇතිවන කොලයිටීස්.
* ආහාර හෝ ඖෂධ නිසා ඇතිවන කොලයිටිස්.
*ulcerative colitis වගේ දිගුකාලීන ආසාදන රෝග.

ප්‍රතිකාරය රෝගයේ හේතුව අනුව වෙනස් වෙනවා. සමහරවිට ඖෂධ, ආහාර පාලනය, ජලය වැඩිපුර බීම සහ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා.

රුධිරය සමග මලපහ යාම, තද බඩේ වේදනාව, හෝ දිගටම අතීසාරය පැවතීම තියෙනවා නම් වෛද්‍යවරයෙකුගේ හමුවීම වැදගත්.

Ayu dr janaka Samaraweera

තද උණ රෝගයට අද්දුටු ප්‍රතිකාරයක්  කලාඳුරු අලයක් ගෙන පිරිසිදු  පොල් විනා කිරෙන් හෝ දෙහි ඇඹුලෙන් උරච්චිකර හෝ සියුම්ව අඹරා...
27/05/2026

තද උණ රෝගයට අද්දුටු ප්‍රතිකාරයක්

කලාඳුරු අලයක් ගෙන පිරිසිදු පොල් විනා කිරෙන් හෝ දෙහි ඇඹුලෙන් උරච්චිකර හෝ සියුම්ව අඹරාගෙන කන් පෙති දෙපැත්තේ සහ කන වටා ආලේප කිරීමෙන් තද උණ රෝගය බැසයයි. උණ නැගෙන විට විටින් විට ආලේප කිරීමද ගැටලුවක් නැත. තද හිසරදය ඇති විටද නළල වටා පැලැස්තරයක් දැමීමෙන් තද හිස රදය නොනගි.
Ayu dr janaka samaraweera

ගෙවී ගිය දණහිස් වැඩීමට පත්තුවක්  උඳුඇට පතයි, කුරක්කන් ඇටපතයි, ඕලු ඇට පතයි, (100g) ඉඟුරු, ගම්මිරිස්, කළු දුරු, සුදු දුරු,...
26/05/2026

ගෙවී ගිය දණහිස් වැඩීමට පත්තුවක්

උඳුඇට පතයි, කුරක්කන් ඇටපතයි, ඕලු ඇට පතයි, (100g)

ඉඟුරු, ගම්මිරිස්, කළු දුරු, සුදු දුරු, අසමෝදගම්, කරාබු නැටි, වසාවාසි, සාදික්කා, වියන් දුඹුලු ( කුස්සියේ දුම්ගෙයි හැදෙන කාබන් වර්ගයක් මේවා වියන් දුඹුළුවේ ) වද කහ, ගෙරි පස් මේ සියල්ල එක් ද්‍රව්‍යයකින් කලං එක බැගින් ගන්න,.

සියල්ල හොඳින් කබලේ බැඳ කුඩුකර කිකිළි බිත්තර තුනක සුදු මදය දමා අඹරා පහත බෙහෙත් වතුරට දියකර වේල් තිහක් ගාන්න.

බෙහෙත් වතුර සාදා ගන්නා අන්දම :-
රතු කැකුළු හාල් කැඳ සාදා ගන්න.
බෝ මී පොතු නෑබිලියක උරච්චි කර යුෂ සකසා ගන්න.
ඉහත මිශ්‍රණයට පොල් අරක්කු මේ සැදි දෙකයි. මී පැණි මේ හැඳි දෙකයි. මිශ්‍ර කර ගෙවී ගිය දන හිස් වල ගාන්න .
Ayu dr janaka samaraweera

කෙස් අග පැලෙනවාට බෙහෙතක් 1: කස කසා ඇට එළකිරෙන් අඹරා ගාන්න. විනාඩි දහයක් තබා සෝදා හරින්න.2: අඹ ඇට මද, අරළු කුඩු, සමසේ චූර...
24/05/2026

කෙස් අග පැලෙනවාට බෙහෙතක්

1: කස කසා ඇට එළකිරෙන් අඹරා ගාන්න. විනාඩි දහයක් තබා සෝදා හරින්න.
2: අඹ ඇට මද, අරළු කුඩු, සමසේ චූර්ණ කර එළකිරෙන් අඹරා ගාන්න. විනාඩි විස්සක් තබා සෝදා හරින්න.
සතියක් දෙකක් කරන විට කෙස්අග පැලීම වලකි
Ayu dr janaka samaraweera.

ඇස්සට කළු වීමේ රෝගය ( periorbital dark circle) ඇස්සට කළුවීම ඇතිවීමට හේතු කීපයක් තියෙනවා. සමහර වෙලාවට ශරීරයේ වෙනත් ගැටලු ...
21/05/2026

ඇස්සට කළු වීමේ රෝගය ( periorbital dark circle)

ඇස්සට කළුවීම ඇතිවීමට හේතු කීපයක් තියෙනවා. සමහර වෙලාවට ශරීරයේ වෙනත් ගැටලු නිසා ඇතිවන ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.
සාමාන්‍ය හේතු :-
නින්ද අඩුවීම, වැඩිපුර තිහට්ටුවීම, මානසික පීඩනය, ජලය අඩුවෙන් පානය, වැඩිපුර mobile, TV, computer screen බලන එක, allergic හෝ පීනස, ලේ අඩුවීම, වයස වැඩිවීම, පවුලේ උරුම ලක්ෂණ (genetics)
වෛද්‍යවරයෙක් හමු විය යුතුද :-
ඇස්සට කළුවීම හදිසියේ වැඩි වුනොත්, ඇස් ඉදිමුම හෝ වේදනාව තිබුනොත්, දිගටම අඩු නොවී පවතිනවා නම්, අධික ශාරීරික දුර්වලතාවයක් එක්ක තිබුණොත්, වහා වෛද්‍ය උපදෙස් පතන්න.
සෞඛ්‍ය පුරුදු:-
දිනකට පැය හතක් නමයක් නිදාගන්න., වතුර හොඳින් පානය කරන්න, screen time ටිකක් අඩු කරන්න, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවෙන්න.
ප්‍රතිකාර:-
අරලු බුලු නෙල්ලි, සුදු හඳුන්, ඉරමුසු, වැල්මී, සිවංගුරු ඇල්දියෙන් අඹරා ගාන්න.
Ayu dr janaka Samaraweera

19/05/2026

දහඩිය ගඳට අත්දුටු ප්‍රතිකාරයක්

කොල්ලු පිටි
සුවඳ කොට්ටන් කුඩු
ජටා මාංශ
සුදු හඳුන් කුඩු
කඩල පිටි
කුරුඳු පොතු කඩු
සමවගෙන චූර්ණ කර ඇල්ඩියෙන් අඹරාගාන්න.
Ayu dr janaka Samaraweera

08/02/2026

ඇස් රෝග වලට ප්‍රත්‍යක්ෂ ඔසුවක්
අමු නිකපුතු 100gයි. දෙහි ඇඹුල් මේස හැඳි එකයි. පළමු අමුණිකපොතු කොටා නිවාගත් උණුවතුර ටිකක් දමා ඉස්ම ගෙන කකාරවා මද රස්නයෙන් ඇස් වටා ගාන්න. ඇහි බැම යටද ගාන්න. උදේ වරුව පැය හතරක් ගා මද රස්නයෙන් සෝදා හරින්න. උදේ වරුව අපහසු අයට රාත්‍රියට ගාන්න. දින 15ක් පමණ එක දිගට ගෑම ප්‍රමාණවත්.
ඖෂධීය ගුණ :-
ඇසේ සුදට, ග්ලුකෝමා රෝගයට, ඇස් වේලීමට, ඇසේ පීඩනය අඩු වැඩි වීමට, ස්නායු ආබාධ නිසා ඇතිවන ඇසිය නොපෙනීමට ගුණදායකයි.
Ayu, Dr. Janaka samaraweera

19/09/2025

දහඩිය දුර්ගන්ධය නැති කර ඇඟ සුවඳවත් කරන බෙහෙතක්.

ස්නාන රාජ චූර්ණය:-
සුදු හඳුන්,කහ,ඉරමුසු,කුරුඳු පොතු,කොල්ලන් කොළ,එනසාල්,සැවැන්දරා මුල්,කලාදුරු අල, වෙට්ටිවේර්(දෙමළ බෙහෙත් කඩයකින් ලබාගත හැකිය)නාමල් රේණු,රුක්මල්,පැණි දොඩම් ලෙලි එම පත්,දෙහි ලෙලි එම පත්, අගිල්,හිඟුරු පියලි,කස්තුරි මංජල්,මදුරුතලා පත්,කළඳ බැගින් ගෙන සියල්ල චූර්ණ කර එම බරට කොකුම් පොතු චූර්ණ කර කලවම් කර සබන් ගා ස්නානයෙන් පසු මේ සියල්ල ඇල්දියෙන් අඹරා ගා විනාඩි 5ක් පමණ තබා පසුව නෑමෙන් සෝදා හරින්න.අනතුරුව ඇඟ වියළුණු පසු එම චූර්ණය ගිනි අඟුරට දමා ශරීරයට දුම් අල්ලන්න.මෙසේ පළමුව සුමාන දෙකක් කර පසුව සුමානෙකට දෙවරක් කිරීම යෝග්‍යයි.
Ayu dr janaka samaraweera Tp no034 2221689

Address

Siddhi Ayurveda No 11 Abesekara Mawatha Kalutara North
Kalutara
12000

Opening Hours

Monday 09:00 - 04:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 04:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 04:00
Saturday 09:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siddhi Ayurveda-Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siddhi Ayurveda-Kalutara:

Share