RDHS Kalutara

Website

RDHS Kalutara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RDHS Kalutara, Medical and health, 29, District Secretariat Building, Kalutara.

To provide sustainable, equitable, accessible and cost effective service in promotive, preventive, curative and rehabilitative healthcare to the people of Kalutara District

♻️🏥 E & OH වැඩසටහන – සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය කළමනාකරණය 🏥♻️2026 මැයි 26 වන දින, E & OH වැඩසටහන යටතේ “සෞඛ්‍ය සේවා අපද්‍රව්‍...
01/06/2026

♻️🏥 E & OH වැඩසටහන – සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය කළමනාකරණය 🏥♻️

2026 මැයි 26 වන දින, E & OH වැඩසටහන යටතේ “සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය කළමනාකරණය” පිළිබඳ දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහනේදී සෞඛ්‍ය ආයතන තුළ අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කිරීම, එකතු කිරීම, ගබඩා කිරීම හා බැහැර කිරීම සම්බන්ධ ක්‍රමවේදයන් පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරන ලදී. එමෙන්ම ආසාදන පාලනය, පරිසර ආරක්ෂාව සහ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනුගමනය කළ යුතු හොඳම භාවිතයන් පිළිබඳවද දැනුවත් කිරීම සිදු කරන ලදී.

🌱 නිසි සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය කළමනාකරණය යනු රෝගීන්ගේ, සෞඛ්‍ය සේවකයන්ගේ සහ සමස්ත ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කරන වැදගත් පියවරකි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සම්පත් දායකයන්, සංවිධායක මණ්ඩලය සහ සහභාගී වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

“පිරිසිදු පරිසරයක් – සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක්” ♻️✨

♻️🏥🌱

2026 මැයි මස 5, 6 සහ 7 යන දිනයන්හි හොරණ, ඉංගිරිය, පානදුර, බණ්ඩාරගම සහ වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආවරණය කරමින්...
01/06/2026

2026 මැයි මස 5, 6 සහ 7 යන දිනයන්හි හොරණ, ඉංගිරිය, පානදුර, බණ්ඩාරගම සහ වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන් සඳහා ප්‍රාදේශීය සභා, පොලීසිය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව ලබාදුන් සක්‍රීය දායකත්වය ඉතා අගය කළ යුතුය. ඔවුන්ගේ කැපවීම සහ සහයෝගය හේතුවෙන් ඩෙංගු මදුරු බෝවන ස්ථාන හඳුනාගෙන ඉවත් කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට හැකි විය.
ඩෙංගු මර්දනය සෞඛ්‍ය අංශයේ පමණක් වගකීමක් නොවේ. එය අප සැමගේම වගකීමකි.
🏡 ඔබගේ නිවස, ආයතනය සහ අවට පරිසරය පිරිසිදුව තබාගෙන, ජලය රැඳී සිටිය හැකි ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කර ඉවත් කරමු.
"ඩෙංගු මර්දනයට අපි සැවොම එක්වෙමු – සුරක්ෂිත සමාජයක් ගොඩනඟමු!" 💪🦟❌

ජාතික මාතෘ හා ළමා සමාලෝචන සැසිය 2025ජාතික මාතෘ හා ළමා සමාලෝචන සැසිය 2025 2025 ජාතික මාතෘ හා ළමා සමාලෝචන සැසිය ප්‍රාදේශීය...
27/05/2026

ජාතික මාතෘ හා ළමා සමාලෝචන සැසිය 2025
ජාතික මාතෘ හා ළමා සමාලෝචන සැසිය 2025 2025 ජාතික මාතෘ හා ළමා සමාලෝචන සැසිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 13 ට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය හෙද සොයුරියන්, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනින් සහ පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2026.05.05 වෙනි දින මාවල පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන ලදී. ‍ මෙම වැඩසටහන පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර, මේ සඳහ‍ා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමිය ඇතුළු ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුද, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥතුමියද සහභාගී වීය.
The National Maternal and Child Health Review Session of Kalutara RDHS area 2025 was held on 05.05.2026 at the Mawala Training Centre with the participation of Medical Officers of Health, Additional Medical Officers of Health, Public Health Nursing Sisters, Supervising Public Health Midwives and Supervising Public Health Inspectors representing the 13 Medical Officer of Health offices under the Regional Director of Health Services Division.
The programme was conducted under the guidance of the Family Health Bureau. The Director of Maternal and Child Health of the Family Health Bureau, Consultant Community Physicians, the Regional Director of Health Services – Kalutara, and the Consultant Community Physician of Kalutara RDHS area also participated in the programme.




















The Leprosy Unit, Office of the Regional Director of Health Services Kalutara conducted a survey program to identify lep...
27/05/2026

The Leprosy Unit, Office of the Regional Director of Health Services Kalutara conducted a survey program to identify leprosy patients at the Meegama Public Health Inspector area under the Mathugama Medical Officer of Health Office on 16th May 2026. The objective was to identify people with skin spots and increase public awareness about leprosy.The Regional Epidemiologist, Additional Medical Officer of Health Mathugama, District Public Health Inspector for Leprosy Control, Public Health Inspectors of the Mathugama Medical Officer of Health Office and Public Health Midwife Officers actively participated in this program.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ලාදුරු ඒකකය මගින් 2026 මැයි 16 වන දින මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අයත් මීගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේදී ලාදුරු රෝගීන් හඳුනා ගැනීමේ සමීක්ෂණ වැඩසටහනක් පවත්වන ලදී. එහි අරමුණ වූයේ සමේ පැල්ලම් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම සහ ලාදුරු රෝගය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීමයි. ප්‍රාදේශීය වසංගත රෝග වේදාඥ, මතුගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා, දිස්ත්‍රික් ලාදුරු පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂක, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මෙම වැඩසටහනට ක්‍රියාකාරීව සහභාගී වූහ.

The Leprosy Unit,Office of the Regional Director of Healtg Services Kalutara conducted a survey program to identify lepr...
27/05/2026

The Leprosy Unit,Office of the Regional Director of Healtg Services Kalutara conducted a survey program to identify leprosy patients at the Medagama Public Health Inspector area under the Bandaragama Medical Officer of Health Office on 26th April 2026. The objective was to identify people with skin spots and increase public awareness about leprosy.The Regional Epidemiologist, Medical Officer of Health Bandaragama, District Public Health Inspector for Leprosy Control, Public Health Inspectors of the Bandaragama Medical Officer of Health Office and Public Health Midwife Officers actively participated in this program.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ලාදුරු ඒකකය මගින් 2026 අප්‍රේල් 26 වන දින බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අයත් මැදගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේදී ලාදුරු රෝගීන් හඳුනා ගැනීමේ සමීක්ෂණ වැඩසටහනක් පවත්වන ලදී. එහි අරමුණ වූයේ සමේ පැල්ලම් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම සහ ලාදුරු රෝගය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීමයි. ප්‍රාදේශීය වසංගත රෝග වේදාඥ, බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමිය, දිස්ත්‍රික් ලාදුරු පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂක, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මෙම වැඩසටහනට ක්‍රියාකාරීව සහභාගී වූහ.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ ලමා ලාදුරු රෝගීන් බහුලව වාර්තා වීම හේතුවෙන් පාන...
19/03/2026

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ ලමා ලාදුරු රෝගීන් බහුලව වාර්තා වීම හේතුවෙන් පානදුර නගර සභා බල ප්‍රදේශයට අයත් බාලිකා පාසලක ඉගෙනුම ලබන දරුවන් සහ සිසුවියන්ගේ දෙමව්පියන් උදෙසා ලාදුරු පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 17 දින එම විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහනේ සම්පත් දායකයකු වශයෙන් කළුතර දිස්ත්‍රික් ලාදුරු මර්දන ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ පානදුර නගර සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මහතාද සහභාගී විය. මීට අමතරව එම පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සියලු දෙනාද මෙම වැඩසටහන සඳහා සහභාගි වූ අතර ලාදුරු වෙනුවෙන් පවතින දුර්මතයන් ඉවත් කිරීම, ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ පිලිබඳ දැනුවත් කරවීමත්, ලාදුරු රෝගයේ බලපෑම සහ ඊට අදාල පවතින ප්‍රතිකර්ම මොනාවාද යන්න දෙමව්පියන් දැනුවත් කරවීම සහ සමේ රෝග නිවසේදීම හඳුනාගෙන සලකුණු කල හැකි විශේෂිත කාඩ්පත් දරුවන් සහ දෙමව්පියන් උදෙසා නිකුත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
🤝 එක්ව ශක්තිමත් කරමු
👉ලාදුරු රෝගය තුරන් කරමු
🏥 මහජන සෞඛ්‍ය සේවාව
*************************************************
Due to the high number of leprosy cases reported in the Panadura Divisional Secretariat area of Kalutara District, an awareness program on leprosy was held on 17th March 2026 at the auditorium of the school for the children studying in a girls' school under the Panadura Urban Council area and for the parents of the students.
The Public Health Inspector of the Kalutara District Leprosy Campaign and the Public Health Inspector of the Panadura Urban Council area, Mr. Sampath, also participated as resource persons in this program.In addition, the Principal of the School and all the teaching staff also participated in this program. The primary objective of this program was to remove misconceptions about leprosy, create awareness about the symptoms of leprosy, educate parents about the effects of leprosy and the available remedies, and special cryptograms cards for children and parents to identify and mark skin diseases at home.
🤝 Let's strengthen together
👉Let's eradicate leprosy
🏥 Public Health Service


කළුතර දිස්ත්‍රික්කයෙහි දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අයත් ඇලදූව  වතුයායෙ ප්‍රජාව උදෙසා වෛද්‍ය සායනයක් 2026 මා...
13/03/2026

කළුතර දිස්ත්‍රික්කයෙහි දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අයත් ඇලදූව වතුයායෙ ප්‍රජාව උදෙසා වෛද්‍ය සායනයක් 2026 මාර්තු මස 11 දින ඇලදූව වතුයායේදී පවත්වන ලදී.
මෙම වැඩසටහනට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වෛද්‍ය නිලධාරී-වසංගත රෝග වෛද්‍ය එච්.ඩී.අයි.ඉරේශා වෛද්‍යතුමියත්, බෝනොවන රෝග සායනයේ වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් සහ කළුතර දිස්ත්‍රික් ලාදුරු මර්දන ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද සහභාගී විය.ලාදුරු රෝගය වෙනුවෙන් පවතින දුර්මතයන් ඉවත් කිරීම, ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ පිලිබඳ දැනුවත් කරවීමත්, ලාදුරු රෝගයේ බලපෑම සහ ඊට අදාල පවතින ප්‍රතිකර්ම මොනාවාද යන්න ප්‍රජාව දැනුවත් කරවීමත්, ලාදුරු රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් හඳුනාගැනීම සහ ඔවුන් රෝහලේ චර්ම රෝග සායන සඳහා යොමු කරවීමත්
මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

🤝 එක්ව ශක්තිමත් කරමු
👉ලාදුරු රෝගය තුරන් කරමු
🏥 මහජන සෞඛ්‍ය සේවාව

*****************
A medical clinic was held at the Eladuwa Estate on 11th March 2026 for the community of Eladuwa Estate, which belongs to the Dodangoda Medical Officer of Health Office in the Kalutara District.Representing the Kalutara District, Medical Officer-Epidemiologist Dr. H.D.I. Iresha, Medical Officers of the Non-Communicable Diseases Clinic, Nursing Officers and the Public Health Inspector of the Kalutara District Leprosy Control Campaign also participated in this program.The primary objective of this program was to dispel misconceptions about leprosy, raise awareness about the symptoms of leprosy, educate the community about the effects of leprosy and the available treatments, identify people with leprosy symptoms and refer them to the hospital's dermatology clinic.
🤝 Let's strengthen together
👉Let's eradicate leprosy


The National Annual Review 2025 of Prevention of Re-establishment (POR) Malaria, was successfully held in Kalutara on 19...
23/02/2026

The National Annual Review 2025 of Prevention of Re-establishment (POR) Malaria, was successfully held in Kalutara on 19th and 20th February 2026**.

The event was graced by Dr. Usha Jayasuriya, the Director of the Anti Malaria Campaign, Dr. Naveen De Soyza (Act. RDHS Kalutara), Dr. S. Arulkumaran (CCP/AMC), Dr. P. Chulasiri (CCP/AMC), Dr. I. Gunarathne (CCP/AMC), Medical Officers, Entomologists, Parasitologists, and Regional Malaria Medical Officers/Medical Officers-in-Charge of VBDCUs representing all districts of the country.

The programme was hosted by Vector Borne Disease Control Unit, Kalutara under the guidance of Dr. Naveen De Soyza(CCP) , Act. RDHS of Kalutara.

Vector Borne Disease Control Unit of RDHS Kalutara continue to play a pivotal and proactive role in malaria prevention activities, contributing significantly to safeguarding the district and supporting the national goal of maintaining a malaria-free Sri Lanka.

District Maternal, Infant & Child Death Review - 2025කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාශයට අයත්  සෞඛ්‍ය වෛද්‍ය...
16/02/2026

District Maternal, Infant & Child Death Review - 2025
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 13 ට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් සහ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනින් සමඟ 2026.02.03 වෙනි දින 2025 වසර තුල සිදුවු මාතෘ මරණ, ළදරු මරණ, ළමා මරණ හා යොවුන් මරණ පිළිබඳ සමාලෝචන සැසිය ප්‍රජා වෛද්‍ය විශේෂඥතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී‍.

**************************************************

A review session on Maternal Deaths, Infant deaths, Child deaths and Adolescent deaths that occured during year 2025 was held on 03/02/2026 at PHM training Centre Mawala, Wadduwa under the guidance of Kalutara District Consultant Community Physician Dr D.C.K.Herath with the participation of District MCH Unit,Medical Officers Of Health, Additional Medical Officers Of Health, Public Health Nursing Sisters, Supervisory Public Health Midwives and Public Health Midwives from all 13 MOH areas under the Regional Director of Health Services Division- Kalutara.










ලෝක ලාදුරු දිනය සැමරීම නිමිත්තෙන් කළුතර දිස්ත්‍රික්කයෙහි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අයත් සිරිකඳුර වතුයායෙ ප්...
02/02/2026

ලෝක ලාදුරු දිනය සැමරීම නිමිත්තෙන් කළුතර දිස්ත්‍රික්කයෙහි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අයත් සිරිකඳුර වතුයායෙ ප්‍රජාව උදෙසා වෛද්‍ය සායනයක් 2026 ජනවාරි මස 29 දින සිරිකඳුර වතුයායේදී පවත්වන ලදී.
මෙම වැඩසටහනට කළුතර දිස්ත්‍රික් බෝනොවන රෝග සායනයේ වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් සහ කළුතර දිස්ත්‍රික් ලාදුරු මර්දන ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද සහභාගී විය.ලාදුරු රෝගය වෙනුවෙන් පවතින් දුර්මතයන් ඉවත් කිරීම, ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ, ලාදුරු රෝගයේ බලපෑම සහ ඊට අදාල පවතින ප්‍රතිකර්ම මොනාවාද යන්න දැනුවත් කිරීම
මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

🤝 ලාදුරු රෝගය තුරන් කිරීමට අත්වැල් බැඳගමු

*****************
A medical clinic was held at Sirikandura Estate on 29th January 2026 for the community of Sirikandura Estate, which belongs to the Matugama Medical Officer of Health Office in Kalutara District, to commemorate World Leprosy Day. Medical officers, nursing officers from the Kalutara District Non-Communicable Disease Clinic and the Public Health Inspector of the Kalutara District Leprosy Control Campaign also participated in this program.
The primary objective of this program was to dispel misconceptions about leprosy, raise awareness about the symptoms of leprosy, the effects of leprosy, and the available treatments.

🤝 Join Hands to Eradicate Leprosy


Address

29, District Secretariat Building
Kalutara
12000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when RDHS Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share