Lavender Healings

  • Home
  • Lavender Healings

Lavender Healings A shelter where tranquility meets creativity in holistic mental wellness.

'මම තනිවෙලා''තවත් නම් මට මේ ජීවිතේ දරාගෙන ඉන්න අමාරුයි''මට මාවත් නැතිවෙලා වගේ''එයා නැත්නම් මට ජීවත් වෙලා වැඩක් නෑ'මට දැන...
11/09/2026

'මම තනිවෙලා'
'තවත් නම් මට මේ ජීවිතේ දරාගෙන ඉන්න අමාරුයි'
'මට මාවත් නැතිවෙලා වගේ'
'එයා නැත්නම් මට ජීවත් වෙලා වැඩක් නෑ'
මට දැන් හරි මහන්සියි'

ඕනෙම කෙනෙකුට ජීවිතේ ඕනෙම වෙලාවකදි මුහුණ පාන්න වෙන විවිධාකාර ප්‍රශ්න වලදි
තමන්ගේ හුස්ම වල බර දැනේවි.
තව දුරටත් ඉවසගෙන ඉන්න අමාරුයි කියලා හිතේවි.
තමන් වටේ කොතරම් පිරිසක් සිටියත් තමන් තනිවෙලා කියලා දැනෙන මොහොතක් ඒවි.
හුස්ම වල බර, හදවතේ බර උහුලන්න බැරිම වෙන වෙලාවක් ඒවි.
වෙන කවදාටවත් වඩා ඔබට, ඔබව අවශ්‍ය වෙන්නේ ඒ අවස්ථාවේදීයි.
ඉවසලා ඉවසලා අමාරුම තැනත් ඉවසීමෙන්, දරාගැනීමෙන් ඔබට, ඔබව හයියෙන් අල්ලාගෙන ඉන්න පුලුවන්.

මතක තියාගන්න..
ජීවිතේ විවිධ නවාතැන් වලදි ඔබව අල්ලාගන්න වගේම ඔබ අල්ලාගන්න අත් ඔබෙන් අත හැරේවි.
ඒත් ඔබට ඔබේ ශක්තිය විශ්වාසයිනම්,
ඔබට ඔබ විශ්වාසයි නම්
ඔබට දරාගන්න අමාරුම තැනත් නොවැටී හිස කෙළින් තබාගෙන ඉදිරියටම යන්න පුලුවන්.
ඔබේ ජීවිතයේ වටිනාකම, ඔබේ වටිනාකම ඔබම තේරුම් ගන්න.
කිසිම අවස්ථාවක ඒ වටිනා ජීවිතය ඔබෙන් අතහැරෙන්න දෙන්න එපා..

💜️ඔබේ සතුටේ හිමිකරු ඔබම වන්න
💜️ඔබ තුළින්ම ඔබේ සතුට හොයාගන්න
💜️ජීවිතේ විඳීමට එකම එක හේතුවක් හෝ
තමන් තුළ ඇති බව සිහියේ තබාගන්න
💜️තමන්ගේ ආරක්ෂකයා, රැකවලා තමන්ම මිස වෙන අයෙකුගෙන් එය බලාපොරොත්තු නොවන්න
💜️තමන් තුළ ඇති හැකියාවන් හඳුනගන්න
💜️ජීවිතේ තමන්ට අත හැරේවි යයි හැඟේනම්
තමන් තදින් අල්ලාගෙන ඉන්න
💜️ඔබේ ශක්තිය, දරාගැනීම ඔබ තුළින්ම සොයාගන්න

නමුත් ඔබ ගැනත් ඔබට විශ්වාසයක් නොදැනුනොත් අනිවාර්යයෙන්ම ඔබට වඩාත් විශ්වාසදායී, ඇහුම්කන් දෙන්නෙකුට, ඔබව දරාගැනීමට හැකි කෙනෙකුට කතා කරන්න.
යා යුතු මඟ අපැහැදිලියි හිතෙනවානම් ඔබට නිසි මඟ පෙන්වන්නෙකු සොයාගන්න.
ක්ෂනික ආවේග පාලනය කරගන්න.
ක්‍රියාත්මක වෙන්න කලින් නැවතිලා කල්පනා කරන්න.
ඒත් කිසිම අවස්ථාවක ඔබේ ජීවිතය ඔබෙන් ගිලිහෙන්න දෙන්න එපා.
ඔබේ සමීපතමයන් වෙනුවෙන් අවධානය දෙන්න.
කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට ජීවිතය අතහැරීමට හේතුවක් වෙන අයෙක් නොවී ජීවිතය රැකගන්න දරාගන්න හේතුවක් වෙන ආදරණීය කෙනෙක් වන්න.

ඔබට කතා කරන්න කවුරුත්ම නැත්නම් අපි කතා කරමු.
එක්ව අපි හැම දෙනාගේම ජීවිත රැකගනිමු.

කාන්චනා නවගමුව
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා



නිදන්නට හැකිනම් දෙනෙත් තුළසැබෑ ⁣වෙන සුබ සිහිනයක් වීගැයෙන්නට හැකිනම් දොරින් දොරලොවම පූබුදන ගීතයක් වී...දැයම වෙනුවෙන් හඬ අ...
21/08/2026

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑ ⁣වෙන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී...

දැයම වෙනුවෙන් හඬ අවධි කළ ගීත කෝකිළාවිය,
දෙනෝ දාහක් සිත් සතන් තුළ සදා නොමැකෙන මතකයක් සනිටුහන් කොට දිවි ගමන නිමා කළත්,
නිරන්තරයෙන්ම දොරින් දොර ගැයෙන,
නිතර සවනත රැඳෙන, ලොවම පුබුදුවන ඇයගේ නාමය සදා අමරණීයයි!

17/08/2026

ඔව් ඒක මායකාර ලෝකයක්
මුලු හිතම වශීකරන.. 💜️💚💙







17/08/2026

සොබාදහම කියන්නෙම හිත නිවන ඔසුවක්...💚💙
කළුපහන දියඇල්ල..





'මගේ පුතාට තරහා ගියාම කිසිම කන්ට්‍රෝල් එකක් නෑ.. එයා දන්නේ නෑ මොනවද කරන්නේ කියලා..වටපිටාව ගැන සම්පුර්ණයෙන්ම අමතක වෙලා ඒ ...
31/05/2026

'මගේ පුතාට තරහා ගියාම කිසිම කන්ට්‍රෝල් එකක් නෑ.. එයා දන්නේ නෑ මොනවද කරන්නේ කියලා..වටපිටාව ගැන සම්පුර්ණයෙන්ම අමතක වෙලා ඒ තරහා පිටකරගන්න ඕනේම දෙයක් කරනවා'

මේ උපදේශනය සඳහා යොමු වුන පියෙක් තම වැඩිමහල් පිරිමි දරුවා පිළිබදව පැවසූ සිද්ධියකින් කොටසක්.. ඒ වන විට ඔහුගේ දෙවන පිරිමි දරුවාත් තරහා යාම පාලනය කරගත නොහැකි තත්ත්වකට පත්වී අවසන්.

වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 7ක් වන අතර ඔහු පාසලේ මෙන්ම අනෙකුත් සම වයස් කණ්ඩායම් අතර කටයුතු වලදි ඉතා ආවේගශීලී දරුවෙක් බවට පත්වෙලා..සමහර අවස්ථා වලදි ඔහුට තරහා පාලනය කරගත නොහැකිව අනෙක් දරුවන් හට පහර දීමට පවා පෙළඹී තිබුනා..
එම දරුවා පිළිබදව හා පවුලේ ඉතිහාසය පිළිබදව විමසීමේදී පැහැදිලි වූ විශේෂම කරුණ නම් පියාටද තම තරහව හා ආවේග පාලනය කිරීමට නොහැකි බවත් නිතරම දරුවන් දකින්නේ පියා විසින් මවට සිදුකරන වාචික හා ශාරීරික හිංසනයන් දරාගත නොහැකිව මවද දක්වන ආක්‍රමණශීලී ප්‍රතිචාරත් දරුවාගේ හැසිරීමට මුල්ව ඇති බවත් වේ. පියාගේ පවුල් පරිසරය තුලින්ද තහවුරු වූයේ ඔහුගේ පියාත් එලෙසින්ම ආවේගශීලී මෙන්ම ,හිංසාකාරී සිතුවිලි ( violence thoughts) සහිත පුද්ගලයෙකු බවයි.

මනෝඋපදේශනයට එලෙසින්ම යොමු වූ තවත් පියෙකුගේ ගැටලුව වුනේ තම දස හැවිරිදි දරුවා කෝප වූ අවස්ථාවකදී ඔහුගේ පාසලේ තවත් දැරියකට අසභ්‍ය වචන වලින් බැන වැදීම නිසා පාසලේ ගුරුවරිය විසින් දෙමාපියන් පාසලට කැඳවා ඒ බව දැනුම් දීමයි. ඒ කැඳවීම වනතෙක්ම දරුවාගේ හැසිරීම් රටාව හා භාෂාව භාවිතය පිළිබදව දෙමාපියන්ගේ අවධානයක් යොමු කර තිබුනේ නෑ. ගුරුවරිය විසින් දරුවාගෙන් ඒ පිළිබදව විමසීමේදී දරුවා පවසා තිබුනේ
'අපේ තාත්තාට තරහා ගියාම අම්මාට බනින්නේත් එහෙම තමයි' යනුවෙන්.

දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කිරීම පිළිබදව මතවාදයන් ඉදිරිපත් වෙන මේ කාලයේ දරුවන්ගේ ආකල්ප හා පෞරුෂත්ව සංවර්ධනයටත් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.
පුද්ගලයන් මුහුණ දෙන ගැටලු බහුතරයකටම මූලික හේතුව වන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ ආකල්ප හා පෞරුෂත්වයේ ඇති ගැටලුයි.ඒ නිසා අනාගතය බාර ගැනීමට සිටින දරුවන් වෙනුවෙන් යහපත්, මානසිකව ශක්තිමත් වටපිටාවක් ගොඩනැගීම වැඩිහිටියන් වන අප සෑම කෙනෙක්ගේම වගකීමක්.

ඉහත සිද්ධි වල මෙන්ම දරුවන්ගේ බොහොමයක් මානසික හා චර්යාමය අක්‍රමිකතා (psychological and behavioural disorders) සඳහා මූලික අඩිතාලම වැටෙන්නේ පවුල තුලින්මයි.
දරුවෙක්ගේ උපතේ පටන් ශාරීරික, මානසික හා සමාජයීය සංවර්ධනයට සමාජ ඒකකයක් ලෙස පවුල තුලින් සිදු කරන කාර්යභාරය ඉතාම වැදගත් වෙනවා.

*දරුවෙක් ලෝකය දකින්න පටන් ගන්නේ පවුල තුලින්.
*භාශාව භාවිතය හා හැසිරවීම ලබාගන්නේ පවුල තුලින්.
* වටපිටාවට, බාහිර පුද්ගලයන්ට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නේ පවුල තුලින්.

ඒනිසාම යහපත් ආකල්ප සහිත නීරෝගී පෞරුෂයක් සහිත දරුවෙක් ගොඩනැගීමේ මූලික වගකීම පවුලට හිමිවෙනවා.එයිනුත් දෙමාපියන්ගේ කාර්යභාරය සුවිශේෂයි.
දරුවන්ගේ මුල් ගුරුවරුන් ලෙස මවත් පියාත් හඳුන්වන්නේ දරුවන්ගේ ඉගෙනීම ආරම්භ වන්නේ පවුල තුලින් නිසා. බොහෝ දුරට දරුවන්ගේ මානසික, සමාජයීය සංවර්ධනයේදී මෙන්ම මානසික හා චර්යාත්මක අක්‍රමිකතා වලදි ආරය වගේම දරුවා ජීවත්වන වටපිටාවත් බලපානවා.

බෞද්ධ දර්ශනයේ සඳහන් සත්තිගුම්බ ජාතකය මෙයට හොඳම උදාහරණයක්. ගිරවා මිනිසුන්ගේ භාෂාව අනුකරණය මගින් භාෂා හැසිරවීම කරනවා. එකම කැදැල්ලක ඉපදී සොර මුලක් ළග සිටින ගිරවාගේ භාෂා හැසිරවීමත් තාපසයෙකු ළඟ සිටින ගිරවාගේ භාෂාව හැසිරවීමත් පිළිබදව එම කතාව තුළින් තව දුරටත් අවට පරිසරයෙන් භාෂා සංවර්ධනයට සිදු කරන බලපෑම විග්‍රහ කරන්න පුලුවන්.

එසේම ඇල්බර්ට් බැන්ඩූරා වැනි විවිධ මනෝවිද්‍යාඥයින් සිදුකළ විවිධ පර්යේෂණ (උදා: Bobo doll experiment ) මගින්ද තහවුරු වෙන්නේ දරුවන්ගේ පෞරුෂත්වය, ආකල්ප සංවර්ධනයට හා චිත්තවේග පාලනයට අනුකරණය මගින් සිදුකරන බලපෑම ගැන.

ඒ නිසා යහපත් හැසිරීම් රටාවක් සහිත නීරෝගී පෞරුෂත්වයක් සහිත දරුවෙක් සමාජයට ලබා දීමේ මූලික කාර්යභාරය දෙමාපියන් සතුවෙනවා.තමන්ගේ දරුවාගේ අනාගතය සාර්ථක කරගන්න නම් දෙමාපියන් විසින් පළමුව තම ආකල්ප හා හැසිරීම් රටා යහපත් කරගත යුතු වෙනවා.

ඒ තුළින් අන් අයට සංවේදී, නීරෝගී පෞරුෂත්ව ලක්ෂණ සහිත, ධනාත්මක ආකල්ප සහිත, හිංසාකාරී ලක්ෂණ හා සිතුවිලි වලින් තොර සුන්දර මනුෂ්‍යයෙක් ඔබට සමාජයට තිළින කරන්න හැකිවේවි.

අපි ලෝකය වෙනස් කරන්න නම් පළමුව අපි වෙනස්වෙමු. ඒ තුළින් ලෝකය වෙනස් කරමු.

- කාන්චනා නවගමුව -
2022/05/31

සියලු සත්වයෝ, නිදුක් වේවානීරෝගී වේවාසුවපත් වේවා..සැම සිත් සතන් මෙත් කරුණා ගුණෙන් පිරෙනසිත් නිවී සැනසෙනසුබ වෙසක් මංගල්‍යය...
30/05/2026

සියලු සත්වයෝ,
නිදුක් වේවා
නීරෝගී වේවා
සුවපත් වේවා..
සැම සිත් සතන් මෙත් කරුණා ගුණෙන් පිරෙන
සිත් නිවී සැනසෙන
සුබ වෙසක් මංගල්‍යයක් වේවා..!🙏

Address

Bandarawela Ponagala

Website

Alerts

Be the first to know and let us send you an email when Lavender Healings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed health & beauty business?

Share