Wellbeing Sri Lanka

Wellbeing Sri Lanka Empowering Sri Lankans to achieve balanced living through Physical, Inner, Spiritual, Social, Financial, Digital & Environmental Wellbeing. 🌿

🌿 දිගු, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපට ඉගෙන ගත හැකි පුරුදු 11ක්දිගු කාලයක් ජීවත් වීම පමණක් නොවෙයි… හොඳ සෞඛ්‍යයකින්, සතුටින්...
12/08/2026

🌿 දිගු, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපට ඉගෙන ගත හැකි පුරුදු 11ක්

දිගු කාලයක් ජීවත් වීම පමණක් නොවෙයි… හොඳ සෞඛ්‍යයකින්, සතුටින් සහ අර්ථවත් ලෙස ජීවත් වීමයි වැදගත්. 💚

ඒ සඳහා අපේ දෛනික ජීවිතයට එකතු කරගත හැකි සරල පුරුදු කිහිපයක් මෙන්න 👇

🚶 1. සෑම දිනකම ක්‍රියාශීලී වන්න
ඇවිදීම, ගෙවතු වැඩ, සැහැල්ලු ව්‍යායාම වැනි දේ ශරීරය සජීවීව තබාගන්න උපකාරී වේ.

🥗 2. සරල හා ස්වභාවික ආහාර තෝරාගන්න
හැකි තරම් ස්වභාවික ආහාර, එළවළු, පලතුරු සහ නිවසේ පිසූ ආහාරවලට වැඩි ඉඩක් දෙන්න.

🍽️ 3. අධික ලෙස ආහාර නොගන්න
බඩ පිරෙන තුරු නොව, ප්‍රමාණවත් තරම් ආහාර ගැනීමේ පුරුද්දක් ඇති කරගන්න.

🎯 4. ජීවිතයට අරමුණක් තබාගන්න
පවුල වෙනුවෙන්, සමාජය වෙනුවෙන් හෝ තමන්ගේම සතුට වෙනුවෙන් කළ හැකි අර්ථවත් දෙයක් තිබීම ජීවිතයට වටිනාකමක් එක් කරයි.

❤️ 5. ආදරණීය සබඳතා රැකගන්න
පවුල, මිතුරන් සහ සමාජය සමඟ සමීප සබඳතා අපේ මානසික සුවතාවයටත් වැදගත්.

😌 6. විවේකයටත් කාලය දෙන්න
හොඳ නින්දක්, නිහඬ මොහොතක්, භාවනාවක් හෝ සොබාදහම සමඟ ගත කරන කාලයක්… මනසට නැවත ශක්තිය ලබා දෙයි.

🌱 7. අඛණ්ඩව පුරුදු කරන්න
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් එක දවසකින් ගොඩනැගෙන්නේ නැහැ. කුඩා හොඳ පුරුදු දිනෙන් දින අඛණ්ඩව කිරීමයි වැදගත්.

✨ මතක තබාගන්න…
අපි සදාකාලිකව ජීවත් වීමට උත්සාහ කළ යුතු නැහැ.
ඒ වෙනුවට, ජීවත් වන කාලය සෞඛ්‍යයෙන්, සතුටින් සහ අර්ථවත් ලෙස ගත කිරීමට උත්සාහ කරමු. 💚

ඔබ අද සිට ආරම්භ කරන්න කැමති එක් හොඳ පුරුද්දක් (මෙහි 👇 ඇති හෝ නැති) Comment එකකින් අපට කියන්න.

🌿💚

🌿 අද ගන්නා තීරණය… හෙට ඔබව හැඩගස්වයි! 💚අපේ සෞඛ්‍යය එක දවසකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම නරක පුරුදුත් එක දවසකින් ඇති වෙන්න...
12/08/2026

🌿 අද ගන්නා තීරණය… හෙට ඔබව හැඩගස්වයි! 💚

අපේ සෞඛ්‍යය එක දවසකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම නරක පුරුදුත් එක දවසකින් ඇති වෙන්නේ නැහැ. අපි හැමදාම කරන පුංචි පුංචි තේරීම් තමයි කාලයත් සමඟ අපේ ජීවිතය හැඩගස්වන්නේ.

🥗 හොඳ පුරුදු තෝරාගත්තොත්…
• ශරීරයට වැඩි ශක්තියක් ලැබෙයි
• මනස වඩා පැහැදිලි වෙයි
• නින්ද හොඳ වෙයි
• මානසික ආතතිය අඩු කරගත හැකියි
• නිරෝගී බරක් පවත්වාගැනීමට උපකාරී වෙයි
• දිගුකාලීන සෞඛ්‍යයට හොඳ පදනමක් සකස් වෙයි

⚠️ අපි නොසිතා පුරුදු කරගන්නා නරක පුරුදු…
අධික තිර කාලය (screen time), අඩු ශාරීරික ක්‍රියාකාරකම්, නිතරම සෞඛ්‍යට අහිතකර ආහාර තෝරාගැනීම, ප්‍රමාණවත් නින්දක් නොලැබීම වැනි දේ කාලයත් සමඟ අපේ ශරීරයටත් මනසටත් බලපෑම් කළ හැකියි.

🌱 උදාහරණයක් බලමු…

අද විනාඩි 20ක් ඇවිදිනවා වෙනුවට පැය ගණනක් එක තැන වාඩි වී සිටීම පහසුයි.
නමුත් හැමදාම විනාඩි 20ක් ඇවිදීම වසරක් ගත වූ විට විශාල වෙනසක් ඇති කළ හැකියි.

අද වතුර වීදුරුවක් වෙනුවට තවත් සීනි සහිත පානයක් තෝරාගන්න එකත් පුංචි දෙයක් වගේ පෙනෙන්න පුළුවන්.
ඒත් දිනෙන් දින ගන්නා තේරීම් තමයි අවසානයේ අපේ සෞඛ්‍යයට බලපාන්නේ.

💚 ඒ නිසා ජීවිතය එකවරම වෙනස් කරන්න උත්සාහ කරන්න එපා.

අද එක හොඳ පුරුද්දක් පටන් ගන්න.
හෙට තවත් එකක් එකතු කරන්න.
එක් පුංචි පියවරක්… විශාල වෙනසක්! එවරස්ට් මුදුනට නැගපු කෙනත් එක වෙලාවක තැබුවේ එක පියවරක් පමණයි කියලා මතක තබා ගන්න.🌿

ඔබේ ශරීරයත්, මනසත් ඔබ කරන සෑම තේරීමක්ම මතක තබා ගනී.

👉 අද ඔබ වෙනස් කරගන්න කැමති පලමු පුරුද්ද මොකක්ද?
පහළින් Comment එකක් දාලා අපිත් එක්ක බෙදාගන්න. 💬

#හොඳපුරුදු #යහපැවැත්ම

🌿 සතුට කියන්නේ ජීවිතය පරිපූර්ණ වීම නොවෙයි… ❤️ජීවිතයේ හැම දෙයක්ම අපි කැමති විදිහට සිදුවෙන්නේ නැහැ.සමහර දවස් අමාරුයි. සමහර...
11/08/2026

🌿 සතුට කියන්නේ ජීවිතය පරිපූර්ණ වීම නොවෙයි… ❤️

ජීවිතයේ හැම දෙයක්ම අපි කැමති විදිහට සිදුවෙන්නේ නැහැ.
සමහර දවස් අමාරුයි. සමහර අවස්ථා අපිව බලාපොරොත්තු කඩ කරනවා.

ඒත් සතුටින් ජීවත් වීම කියන්නේ ඒ අඩුපාඩු සහ අසම්පූර්ණතා මැදින් වුණත්, ජීවිතයේ ඇති සුන්දර දේ දැකීමට තීරණය කිරීමයි. 🌱

✨ පරිපූර්ණ ජීවිතයක් බලාපොරොත්තු වෙනවාට වඩා,
ලැබී ඇති ජීවිතය තුළ සතුට සොයාගන්න උත්සාහ කරමු.

අද ඔබට සතුටු වෙන්න හේතුවක් නැහැ වගේ දැනුණත්…
පුංචි සිනහවක්, හොඳ සිතුවිල්ලක්, ආදරණීය කෙනෙකු සමඟ වචන කිහිපයක් — ඔබේ දවස වෙනස් කරන්න පුළුවන්. 😊💚

ඔබේ සතුට සොයන්න.
ඔබේ ජීවිතය අසම්පූර්ණ වුණත්, එය සුන්දර කරගන්න පුළුවන්. 🌿

🙏 මෙම වටිනා සිතුවිල්ල සඳහා Dhammateaching Facebook පිටුවට අපගේ ස්තූතිය.

💚 Wellbeing Sri Lanka
Healthier People • Stronger Nation

#යහපැවැත්ම #සතුට #ධනාත්මකසිතුවිලි
#සතුටින්ජීවත්වෙමු

🌿සැමදා හැමවිට මතක තබා ගත යුතු කරුණු 4ක්.ජීවිතය හැමදාම අපි කැමති විදිහට ගලා යන්නේ නැහැ. සමහර දවස් සතුටින් පිරෙනවා… තවත් ස...
11/08/2026

🌿සැමදා හැමවිට මතක තබා ගත යුතු කරුණු 4ක්.

ජීවිතය හැමදාම අපි කැමති විදිහට ගලා යන්නේ නැහැ. සමහර දවස් සතුටින් පිරෙනවා… තවත් සමහර දවස් අපිව ටිකක් වෙහෙසට පත් කරනවා. ඒ හැම දවසකම අපේ මනසට මතක් කරගන්න වටිනා සරල කරුණු කිහිපයක් තිබෙනවා. ❤️

1️⃣ අතීතය වෙනස් කළ නොහැකියි.
ඊයේ සිදුවූ දේ නැවත වෙනස් කරන්න බැහැ. ඒ වෙනුවට, එයින් පාඩමක් ඉගෙනගෙන අද දවස හොඳින් ජීවත් වෙමු. 🌱

2️⃣ සතුට සොයාගත යුත්තේ අප තුළින්මයි.
අපේ සතුට සම්පූර්ණයෙන්ම වෙනත් කෙනෙකු හෝ බාහිර දෙයක් මත රඳවා නොගනිමු. අපේ මනස සන්සුන් කරගැනීමෙන් සතුටට මඟක් සොයාගත හැකියි. 💚

3️⃣ සිනහව සහ කරුණාව නොමිලේ දෙන්න පුළුවන්. 😊
ඔබේ පුංචි සිනහවක්, කාරුණික වචනයක් හෝ උදව්වක්… තවත් කෙනෙකුගේ දවසම වෙනස් කරන්න පුළුවන්.

4️⃣ ඔබ අත්හැර දැමූ විට පමණයි ඔබ සැබෑවටම පරාජය වන්නේ.
වැටුණොත් නැවත නැගිටින්න. මන්දගාමී වුණත් ඉදිරියට යන්න. 💪
ඔබේ ගමන ඔබේමයි.

🌿 අද දවසේ ඔබට අවශ්‍ය එකම දෙයනම් ඊයේට වඩා අද ටිකක් හොඳින් ජීවත් වීමයි.

Wellbeing Sri Lanka 💚
සෞඛ්‍ය සම්පන්න ජනතාවක් • ශක්තිමත් ජාතියක්

07/08/2026

🌿 Discover the Power Within

What if true strength isn't about muscles... but about the energy you build from within?

Imagine being gently pushed... and staying calm, balanced, and firmly grounded. 💥

That is not magic—it's the result of developing internal energy, body awareness, balance, and core stability through mindful movement.
As we grow older, especially after 40, maintaining good balance, flexible joints, and strong posture becomes one of the best investments we can make for a healthier and more independent life.

✨ Regular internal exercises can help you:
✅ Improve balance and stability
✅ Increase joint flexibility
✅ Reduce the risk of falls
✅ Enhance focus and mental calmness
✅ Build strength without putting stress on your joints
✅ Boost your body's natural energy and confidence

You don't have to be an athlete.
You don't need expensive equipment.
Just a willingness to move, breathe, and reconnect with your body.

🌱 Real strength begins from the inside.

Watch this video and discover how gentle movements can create powerful changes in your health and wellbeing.

💚 Wellbeing Sri Lanka
Healthier People • Stronger Nation

🌿 ඔබේ මනසටත් කරුණාවෙන් සලකන්න… 💚සෑම දිනකම අපි බොහෝ දේවල් සමඟ කටයුතු කරනවා. සමහර දිනවල අපට සතුටින් සිටීමට අපහසු වෙන්නත් ප...
05/08/2026

🌿 ඔබේ මනසටත් කරුණාවෙන් සලකන්න… 💚

සෑම දිනකම අපි බොහෝ දේවල් සමඟ කටයුතු කරනවා. සමහර දිනවල අපට සතුටින් සිටීමට අපහසු වෙන්නත් පුළුවන්. වෙහෙස, පීඩනය, බලාපොරොත්තු කඩවීම් සහ අභියෝග අපේ සිතට බරක් විය හැකියි.

එවැනි දිනවල ඔබට ඔබම දොස් පවරගන්න එපා.
ඔබ ඔබවම අඩු ලංසුවකට දාගන්නත් එපා. 🌱

ඔබ ආදරය කරන හොඳ මිතුරෙකුට කතා කරන ආකාරයට, අද ඔබ ඔබටම කතා කර බලන්න.

💬 “මට අද අමාරු දවසක් වුණත්, මම මටම කරුණාවෙන් සලකනවා.”
💬 “මම හැකි උපරිමයෙන් උත්සාහ කරනවා.”
💬 “මට විවේකයක් ගැනීමටත්, සුවය ලබා ගැනීමටත් අයිතියක් තිබෙනවා.”

තමන්ටම කරුණාවෙන් සලකීම යනු දුර්වලකමක් නොවේ.
එය ඔබේ මනස සන්සුන් කිරීමට, සතුට වැඩි කිරීමට සහ අභියෝග හමුවේ නැවත ශක්තිමත්ව නැඟී සිටීමට උපකාරී වන වැදගත් පුරුද්දක්. 💚

✨ අද උත්සාහ කර බලන්න:
ඔබ ගැන ඔබ අගය කරන එක් හොඳ දෙයක් ලියා තබන්න. 📝

🌿 ඔබත් මේ ලෝකයේ අනෙක් සියලු දෙනා මෙන්ම ආදරය, කරුණාව සහ සෙනෙහස ලැබීමට සුදුසු බව තේරුම් ගන්න.

💬 අද ඔබ ඔබටම කියන්න කැමති කරුණාවන්ත වචනය කුමක්ද? පහතින් සටහන් කරන්න. 👇

Wellbeing Sri Lanka 💚
සෞඛ්‍යවත් මිනිසුන් හරහා ශක්තිමත් ජාතියක්

🌿 ටික වේලාවක් තිරයෙන් ඈත් වෙමු… තිරයක් නැති ඔබ කෙසේ විය හැකිද? මදක් සිතා බලන්න. 📵💚අද අපගේ ජීවිතයේ වැඩි කාලයක් ජංගම දුරකථ...
05/08/2026

🌿 ටික වේලාවක් තිරයෙන් ඈත් වෙමු… තිරයක් නැති ඔබ කෙසේ විය හැකිද? මදක් සිතා බලන්න. 📵💚

අද අපගේ ජීවිතයේ වැඩි කාලයක් ජංගම දුරකථන, පරිගණක සහ නොනවතින දැනුම්දීම් සමඟ ගෙවෙනවා. ඒ අතර අපගේ මනසට නිදහසේ විවේක ගැනීමට අවශ්‍ය කාලය ලබා දීමට අපට අමතක වෙන්නත් පුළුවන්.

📵 දිනකට විනාඩි 30ක් පමණ තිරයෙන් ඈත් වී බලන්න.
🌿 නිහඬව ටික වේලාවක් සිටින්න.
🚶‍♀️ කෙටි ඇවිදීමක් කරන්න.
👨‍👩‍👧‍👦 ආදරණීයයන් සමඟ කතා කරන්න.
🧘‍♀️ හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

මෙවැනි කුඩා විවේකයක් ඔබගේ මනස සන්සුන් කිරීමට, අවධානය වැඩි කිරීමට, ශක්තිය නැවත ලබා ගැනීමට සහ අපට වැදගත් පුද්ගලයන් සමඟ සැබෑ සම්බන්ධතාවයන් ගොඩනඟා ගැනීමට උපකාරී විය හැකියි. 💚

තාක්ෂණයෙන් ටික වේලාවක් ඈත් වීම යනු ලෝකයෙන් ඈත් වීමක් නොවේ.
එය ඔබේ මනස, ඔබේ ආදරණීයයන් සහ ඔබේ ජීවිතය සමඟ නැවත සම්බන්ධ වීමකි. 🌱

✨ අදම උත්සාහ කර බලන්න:
“විනාඩි 30ක් තිරයෙන් ඈත් වෙන්න… ඔබට සැබෑවටම සුවය ගෙන දෙන දෙයක් කරන්න.”

💬 ඔබ තිරයෙන් ඈත් වී විවේක ගන්න කැමති ක්‍රමය කුමක්ද?
අදහසක් ලෙස පහතින් සටහන් කරන්න. 👇

🌿 Wellbeing Sri Lanka
සෞඛ්‍යවත් මිනිසුන් • ශක්තිමත් ජාතියක් 💚

02/08/2026

🌿 වයස 40ට පසුත් ශක්තිමත්ව, සන්සුන්ව සහ සක්‍රීයව ජීවත් වීමට… 🌿

වයස වැඩිවෙත්ම ශරීරයේ චලන හැකියාව, නම්‍යශීලී බව, සමබරතාව සහ ශක්තිය රැකගැනීම, නිරවුල් සහ ශක්තිමත් මනසක් පවත්වාගෙන යෑම අපගේ දෛනික ජීවිතයට වඩාත් වැදගත් වේ.

ඒ සඳහා සෑම විටම දැඩි ව්‍යායාම හෝ අධික වෙහෙසක් අවශ්‍ය නොවේ. මෘදු චලනයන්, නිවැරදි හුස්ම ගැනීම සහ සන්සුන් මනස එකට එක් කරන Tai Chi සහ Qigong වැනි අභ්‍යන්තර ව්‍යායාම ක්‍රම, ශරීරය සහ මනස සමබරව පවත්වා ගැනීමට උපකාරී විය හැක. 🍃

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරයේ (Gymnasium) දී, World Tai Chi & Qigong Day 2026 නිමිත්තෙන් පැවැත්වූ මෙම විශේෂ වැඩසටහනේදී විවිධ වයස් කාණ්ඩවල පිරිසක් එකට එක්ව Tai Chi සහ Qigong චලනයන් පුහුණු කරමින්, සෞඛ්‍යය, සන්සුන්භාවය සහ යහපැවැත්ම පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාගත්හ. 💚

මෙය තරගයක් නොවේ…
වේගයෙන් කළ යුතු ව්‍යායාමයක්ද නොවේ… ඔබේ ශරීරයට සවන් දෙමින්, ඔබේ වේගයට සෙමින් ඉදිරියට යන රිද්මයානුකූල සුවපත් ගමනකි.

විශේෂයෙන් වයස අවුරුදු 40ට වැඩි ඔබට, මෙවැනි මෘදු අභ්‍යන්තර ව්‍යායාම ක්‍රම නිතිපතා පුහුණු කිරීම තුළින්,

🌱 ශරීරයේ චලන හැකියාව සහ නම්‍යශීලී බව පවත්වා ගැනීමට
🌱 සමබරතාව සහ ශරීර පාලනය වැඩිදියුණු කර ගැනීමට
🌱 මානසික ආතතිය පාලනය කර සන්සුන් බව වර්ධනය කර ගැනීමට
🌱 දෛනික ජීවිතය වඩාත් සක්‍රීයව හා විශ්වාසයෙන් ගත කිරීමට

උපකාරයක් ලබාගත හැක. 🌿

🎥 මෙම සුන්දර අර්ථවත් වැඩසටහනේ විශේෂ මොහොතක් වීඩියෝවෙන් නරඹන්න.

🙏 හෘදයාංගම ස්තුතිය

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නායකත්වය, දැනුම, කාලය සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. 💚

🌟 මෙම වැඩසටහනට නායකත්වය ලබාදුන් Certified Tai Chi Master Trainer, Prof. Kirthi S. Walgama මහතාටත්,

🌟 Kandy Wushu School සහ Sri Lanka Tai Chi Association හි නිර්මාතෘ රොහාන් මුතුමාල මහතාටත්,

🌟 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපතිතුමා, නියෝජ්‍ය උපකුලපතිතුමා, ලේඛකාධිකාරීතුමා සහ ක්‍රීඩාගාරයේ අධ්‍යක්ෂතුමා ඇතුළුව මෙම වැඩසටහනට සහයෝගය ලබාදුන් සියලුම මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්,

🌟 වෛද්‍ය නිලධාරීන් ඇතුළු සහභාගී වූ සියලුම විද්වතුන්ටත්,

🌟 මෙම ව්‍යායාම ක්‍රමවේද පිළිබඳ හසල දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් සහභාගිකයින් සමඟ බෙදාගැනීමට දායක වූ සියලුම ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ උපදේශක මණ්ඩලයටත්,

🌟 සංවිධායක මණ්ඩලයටත්, ඉදිරිපත් කිරීම් කළ සියලු දෙනාටත්, නන් අයුරින් උදව් සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාටත්,

🌟 පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියලුම සහභාගිකයින්ටත්,

අපගේ හෘදයාංගම ගෞරවය සහ ස්තුතිය පුද කරමු. 🙏💚

ඔබ සැමගේ එකමුතු සහයෝගය තුළින්, Tai Chi සහ Qigong වැනි මෘදු අභ්‍යන්තර ව්‍යායාම ක්‍රම පිළිබඳ දැනුම සමාජයට ගෙන යමින්, සෞඛ්‍ය සම්පන්න, සක්‍රීය සහ යහපත් ජීවිතයක් සඳහා මඟ පෙන්වීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. 🌱

💬 ඔබත් වයසට යන අතරතුර සෞඛ්‍යය, ශක්තිය සහ සමබරතාව රැකගැනීමට මෙවැනි ව්‍යායාම ක්‍රමයක් ඉගෙන ගැනීමට කැමතිද?
ඔබගේ අදහස පහතින් අප සමඟ බෙදාගන්න. 👇

Wellbeing Sri Lanka 💚
Healthier People • Stronger Nation

A සහ B එකම වයසේ දර කපන්නො  දෙන්නක්. එයාල උදේම කැලේට ගිහිල්ලා එකම වර්ගයේ දර කපන්න පටන් ගන්නවා. ඒ දෙන්නගෙම උපකරණ, හැකියාව,...
01/08/2026

A සහ B එකම වයසේ දර කපන්නො දෙන්නක්. එයාල උදේම කැලේට ගිහිල්ලා එකම වර්ගයේ දර කපන්න පටන් ගන්නවා. ඒ දෙන්නගෙම උපකරණ, හැකියාව, ශක්තිය, වේගය එක සමානයි.

A උදේ 8.00 ඉඳලා හවස 4.00 වෙනකන් එක දිගට නොනවත්වා වැඩ කරනවා. හුඟක් මහන්සි වෙනවා. හවසට දර ටික අරගෙන ගෙදර යනවා.

B උදේ 8.00 ඉඳලා දවල් 12.00 වෙනකම් විතරයි වැඩ කරන්නේ. ඒකෙනුත් විනාඩි 10ක් 15ක් හැම පැයකටම මෙයා තේ බොන්න/ ඉඳගෙන ඉන්න ගතකරනවා. A තරම් මහන්සි වෙන්නෙත් නෑ. හැබැයි A ට වඩා දරත් කපාගෙන කලින්ම ගෙදර යනවා.

එහෙම වෙන්නේ කොහොමද? ඒකට හේතුව තමයි එයා බිම ඉඳගෙන විවේක ගන්නකොට එයාට නැවත ලැබෙන ශක්තිය සහ එයාගේ පොරව මුවහත් තියාගන්න ලැබෙන වෙලාව. ඉතින් එයා ඊළඟ පැය ආරම්භ කරන්නේ අර උදේ පටන් ගත්තු විදිහටමයි. හැබැයි A ගේ ශක්තිය සහ කරන වැඩ අඩු වෙවී යනවා. ඔහු කරන්නේ දර කපනවට වඩා මොට්ට පොරවකින් දර තලන එක.

කතාවේ මොරාල් එක:
🌿 විවේකය යනු නතර වීමක් නොවේ… නැවත ශක්තිමත්ව ඉදිරියට යාමට සූදානම් වීමකි. 🌿

දිනපතා ජීවිතයේ කාර්යබහුලත්වය අතර අපි බොහෝවිට අපේ ශරීරයටත්, මනසටත් අවශ්‍ය විවේකය ලබා දීමට අමතක කරමු.

ටික වේලාවක් නවතින්න…
ගැඹුරින් හුස්ම ගන්න…
මනස සන්සුන් කරගන්න…
නැවතත් ශක්තියෙන් ඉදිරියට යන්න. 💚

විවේකය යනු කාලය නාස්ති කිරීමක් නොවෙයි. එය අපගේ ශරීරයට, මනසට සහ ජීවිතයට නැවත ශක්තිය එක්කරන වැදගත් පුරුද්දකි.

අද ඔබ වෙනුවෙන් සුළු මොහොතක් වෙන් කරන්න.
ඔබේ වේගයට ඔබම සවන් දෙන්න. 🍃

“නවතින්න… හුස්ම ගන්න… නැවත ශක්තිමත්ව ඉදිරියට යන්න.”

💬 ඔබ දිනපතා මනස සහ ශරීරය සන්සුන් කරගැනීමට කරන සරල පුරුද්ද කුමක්ද? පහතින් අප සමඟ බෙදාගන්න.

01/08/2026

🎥 සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට… ශරීරයත් මනසත් එකට සුවපත් කරමු! 🌿

අපගේ දෛනික ජීවිතයේ කාර්යබහුලත්වය, මානසික පීඩනය සහ ශාරීරික වෙහෙස අතර, ශරීරය සෞඛ්‍ය සම්පන්නව හා මනස සන්සුන්ව තබා ගැනීම යහපත් ජීවිතයකට අත්‍යවශ්‍ය වේ.

ඒ පිළිබඳ දැනුවත් කිරීම සහ තම රාජකාරී කාලය තුලම ඉතාමත් කුඩා කාලරාමු හරහා සිදුකළ හැකි සරල නමුත් ගැඹුරු, එමෙන්ම ප්‍රායෝගික, ඵලදායි සහ ආරක්ෂිත අභ්‍යන්තර ව්‍යායාම ක්‍රමවේද හඳුන්වාදීම සඳහා, පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සඳහා විශේෂ සෞඛ්‍ය හා සුබසාධන වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී. 🏥💚

මෙම වැඩසටහන තුළින්, විශේෂ උපකරණ, ඉඩකඩ, ඇඳුම් හෝ පෙර අත්දැකීම් අවශ්‍ය නොවන සරල අභ්‍යන්තර ව්‍යායාම ක්‍රමවේද මඟින්,

✨ ශරීරයේ ස්වභාවික ශක්තිය සක්‍රීය කරගැනීම
✨ මානසික පීඩනය සහ ආතතිය අඩු කරගැනීම
✨ ගෙල හා පිටුපස ඇති තදබදය ලිහිල් කරගැනීම
✨ අවධානය සහ මානසික පැහැදිලිභාවය වැඩිදියුණු කරගැනීම
✨ ශරීරයේ සමබරතාව සහ ක්‍රියාශීලීත්වය පවත්වාගැනීම
✨ ශරීරය හා මනස අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීම

යන කරුණු පිළිබඳව දැනුවත් කරමින් ප්‍රායෝගික අත්දැකීමක්ද ලබා දෙන ලදී.

සෞඛ්‍යය යනු රෝග නොමැති වීම පමණක් නොවේ. ශරීරයෙන් ශක්තිමත්ව, මනසින් සන්සුන්ව සහ ජීවිතයට සතුටින් මුහුණ දීමට හැකි වීමද සැබෑ සුබසාධනයේ කොටසකි. 🌱
මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීමට සහ පහසුකම් සැලසීමට මූලික දායකත්වය ලබාදුන් කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ Consultant, Sports Medicine – Acting, Dr. Rohitha Gunarathne මහතා සහ Sports Medicine කණ්ඩායමට අපගේ විශේෂ ගෞරවය සහ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏💚

මෙම වැඩසටහනට නායකත්වය ලබා දී මෙහෙයවන ලද
Certified Tai Chi Master Trainer
🌟 Prof. Kirthi S. Walgama මහතාට,

වැඩසටහන ඉදිරිපත් කළ
🌿 Dr. Poornima Weerasuriya
🌿 Nuwan Gunaratne
🌿 Niroshini Uduwerella

යන Certified Tai Chi Instructors සහ සෞඛ්‍ය වෘත්තිකයන්ටත්,

Kandy Wushu School හි Certified Tai Chi Instructor සහ Wushu Instructor
🌿 Anuradha Jayalath මහතාටත්,

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ සියලුම පාර්ශ්වයන්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏💚

එමෙන්ම, මෙම වැඩසටහන සඳහා අවස්ථාව සහ සහයෝගය ලබාදුන් කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය හිමිවේ. 👏

සමාජයේ සෞඛ්‍යය, සතුට සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරමින්, වඩා සෞඛ්‍ය සම්පන්න, සතුටින් පිරි සහ යහපත් සමාජයක් ගොඩනැඟීමට දරන සියලු උත්සාහයන් අගය කරමු. 🌍💚

🎬 පහතින් දැක්වෙන්නේ එම සුවිශේෂී වැඩසටහනේ සුන්දර අවස්ථා කිහිපයකින් සකස් කළ කෙටි වීඩියෝවකි.

ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් අදම මිනිත්තු කිහිපයක් වෙන් කරන්න…
කුඩා යහපත් පියවරක්, දිගුකාලීන යහපැවැත්මකට ආරම්භයක් විය හැකියි. 🌿

💚 Wellbeing Sri Lanka
Healthier People • Stronger Nation

Address

36, Pragathi Road, Uda-Eriyagama, Peradeniya
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Wellbeing Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share