MOH Office Kesbewa

MOH Office Kesbewa Welcome to the official page of MOH Office Kesbewa!!☘️🍂
New life💚 for the community through safety, environmental security, and reliable healthcare.

05/07/2026

🔴 කැස්බෑවෙන් ඩෙංගු තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුම! 🦟🚫

අද දින කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අති සාර්ථකව පැවැත්විණි.

ජනතාව දැනුවත් කරමින් සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් දියත් වූ මෙම වැඩසටහන සඳහා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමිය , මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්, ඩෙංගු මර්දන සහයක කණ්ඩායම, කැස්බෑව පොලීසිය, යුධ හමුදාව, ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

🎭 මෙහිදී කාගේත් විශේෂ අවධානයක් දිනාගත් අංගය වූයේ, ඩෙංගු උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා පාසල් දරුවන් විසින් ඉතා නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරන ලද වීදි නාට්‍යයයි.

අපේ පරිසරය පිරිසිදුව තබා ගනිමින්, ඩෙංගු මාරයාගෙන් අපේ දරුවන්ව සහ රටම බේරා ගැනීමට අපිත් අදම එක්වෙමු! 🌿✨

#කැස්බෑව #ඩෙංගුමර්දනය #සෞඛ්‍යඅංශ

05/07/2026

🚨 මාරාන්තික ඩෙංගු රෝගයට ඔබේ ආදරණීයයන් බිලි දෙනවාද?
ඩෙංගු රෝගය වළක්වා ගැනීම අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමකි. සුළු නොසැලකිල්ලකින් ඔබේ පවුලේ අයගේ හෝ අසල්වැසියෙකුගේ ජීවිතය අහිමි වීමට ඉඩ නොදෙන්න.
ඩෙංගු මාරයා පරාජය කිරීමට අපි අදම පෙළ ගැසෙමු!

ඔබේ නිවස ඩෙංගු මදුරුවාගෙන් තොර ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීම ඔබේම දෑත් තුළයි.
අදම ක්‍රියාත්මක වන්න! පිරිසිදු පරිසරයක් මගින් නිරෝගී හෙට දවසක් උදා කරගනිමු.

03/07/2026

ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිත සේවාවක් ඔස්සේ තමනුත් සේවාදායකයාත් සමාජයත් ආරක්ෂා කරගමු

"බෝවන රෝග වලකමු
සෞඛ්‍යමත් දේශයක් ගොඩනගමු"

01/07/2026

🩸🦟පිරිසිදු පරසරයක් තුළින් ඩෙංගු රෝගය වලකමු🦟🩸

David Peiris Motor Company (Pvt) Limited (DPMC) ආයතයේ සේවකයන් හට ඩෙංගු රෝගය හා එහි නීතිය ඇතුලු වර්තමාන තත්වය ZOOM තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීම
මේ සදහා කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිතුමා හා ආයතයේ වෛද්‍ය නිලදාරී තුමා සහභාගී වූ අතර වැඩසට මෙහෙයවීම ආයතනයේ මානව සම්පත් කලමනාකරන අංශයේ කලමනාකාරතුමන් විසින් සිදු කරන ලදී
මේ සදහා ආයතයේ සේවක සේවිකාවන් හාරසීයකට අධික ප්‍රමානයක් ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ද විය

30/06/2026

සිතට සවිය මව්හවුල සහා උද්යෝගී මව්හවුලේ සාමාජිකයන් විසින් 02 වරටත් සංවිධානය කරන ලද "අයිස්ක්‍රීම් දන්සල" කැස්බෑව මාතෘ හා ළදරු ළමා සායනය ඉදිරිපිටදී අද දින පවත්වන ලදී....

16/06/2026

2026/06/15 දින සිතට සවිය මව්හවුල සහා උද්යෝගී මව්හවුලේ සාමාජිකයන් සදහා කායික මානසික සුවතාවය උදෙසා ව්‍යායාම කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඔවුන්ට Arabic exercises වැඩසටහනක් කැස්බෑව මාතෘ හා ළදරු ළමා සායනයේදී සංවිධානය කිරීම..

08/06/2026

🚭මත්ද්‍රවය නිවාරන වැඩසටහන (දෙවන අදියර)🚭

🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸🚸

"නිවරැදි දෙමාපිය රැකවරණය තුලින් මත්ද්‍රවය උවදුර දුරලමු "

රාජ්‍ය වෙසක්චක්‍රලේඛයට අනුව යමින් දෙමාපියන් හා දරුවන් වෙනුවෙන් සිදුකරන ලද මත්ද්‍රවය නිවාරණය හා නිවරැදි රැකවරණය ලබදීම පිළිබඳ දෙමාපියන හා දූදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන
බප/පිලි බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලය

අද දින කැස්බෑව උතුර ක්ෂේත්‍රයේ "ලීෂා පෙර පාසලේ" පුංචි දරුවන් සදහා නිවැරදිව අත් සේදීම හා නිවැරදිව දත් මැදීම පිලිබදව සිදු ...
08/06/2026

අද දින කැස්බෑව උතුර ක්ෂේත්‍රයේ "ලීෂා පෙර පාසලේ" පුංචි දරුවන් සදහා නිවැරදිව අත් සේදීම හා නිවැරදිව දත් මැදීම පිලිබදව සිදු කරන ලද වැඩසටහන

Address

MOH Office
Kesbewa
10307

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Kesbewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share