කිරිඇල්ලේ ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන/Kirielle Swasthayu Ayurvedic Product

  • Home
  • Sri Lanka
  • Kiriella
  • කිරිඇල්ලේ ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන/Kirielle Swasthayu Ayurvedic Product

කිරිඇල්ලේ ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන/Kirielle Swasthayu  Ayurvedic Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කිරිඇල්ලේ ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන/Kirielle Swasthayu Ayurvedic Product, Medical and health, 23/c, Kiriella.

10/04/2026

වීදාගම තෙරුන් වහන්සේගේ මහා සරස්වතී තෛලය සැකසීමට සූදානම් වෙමින්...

01/09/2025

ගුරුඃ බ්‍රහ්මා ගුරුඃ විෂ්ණු
ගුරු දේවෝ මහේෂ්වරාඃ
ගුරුසාක්ෂාත් පරඃ බ්‍රහ්මා
තස්මෛ ශ්‍රී ගුරවේ නමඃ....

गुरु: ब्रह्म गुरु: विष्णु
गुरु: देवो महेश्वर: गुरु: सत्याग्रह पर: ब्रह्म
तस्मै श्री गुरु का नाम:....

මාගේ වෛද්‍ය කර්මය කොට සුව වෙන යම් රෝගියෙක්ගේ පුණ්‍යානුමෝදනය මාහට උගැන්වූ යම් ආචාර්‍යවරයෙක් ඇත්ද මාගේ මනෝරථය පූරණය වීමෙන් ලද පින උනුන් හට අත්වේවා...
සාධු සාධු සාධු...!

यदि कश्चन वैद्यः मम चिकित्साया: चिकित्साया: चिकित्सितस्य रोगी पुण्यकर्म उपदिष्टवान् तर्हि ते मम इच्छायाः पूर्तये पुण्यम् अनुभवन्तु...
साधु, साधु, साधु...!

ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන පොතුකබර සුවය ලේපයSwasthayuayurveda psoraiasis cureFor those suffering from Psoriasis, Swasth...
30/04/2025

ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන
පොතුකබර සුවය ලේපය
Swasthayuayurveda psoraiasis cure

For those suffering from Psoriasis, Swasthayu Ayurveda Psoriasis Cure offers a gentle, healthful Ayurvedic solution. Made with eco-friendly and natural ingredients, this product utilizes traditional local medicinal knowledge. It helps fight against Psoriasis and assists in removing it from your life.

It is recommended to use this product for at least 3 months to achieve successful results, bringing your skin back to its previous state. For this, continuous use of the product and personalized advice based on the customer's needs will be provided.

This product, crafted naturally without chemicals, nourishes and protects your skin, helping it heal naturally. Swasthayu Ayurveda Psoriasis Cure, which combines nourishment and disease control, is designed to help you achieve optimal health and wellness.

පොතුකබර රෝගය (Psoriasis) නිසා පීඩා විඳින ඔබට මෘදු, සෞඛ්‍ය සම්පන්න ආයුර්වේද ක්‍රමයකින් ලබා දෙන වාසියක්. Swasthayu Ayurveda Psoriasis Cure නිෂ්පාදනය, පරිසර හිතකාමී, ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරමින් කරන මෙම නිෂ්පාදනය අප පරම්පරාගත දේශීය වෙදකමහි උපයෝගී කරගත්තකි.මෙම නිෂ්පාදනය පොතුකබර රෝගය සමඟ සටන්කර ඔබේ ජීවිතයෙන් එය ඉවත්කර හැරීමට උපකාරී වේ.

මෙය අඩුම මාස 3ක කාලයක් භාවිතා කළයුතුවන අතරම පොතුකබර රෝගය වැ‍ළඳුන ඔබේ සම පෙර පැවති තත්ත්වයටම තරම් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. ඒ සඳහා, නිෂ්පාදනය අඛණ්ඩව භාවිතා කිරීමත් පාරිභෝහිකයාගේ අවශ්‍යතාවය අනුව පෞද්ගලික උපදෙස් ලබා දීමටත් අපි සූදානම් වෙමු.

...........හිසතෙල් ගෑම..........සූර්යයා මීන රාශියෙන්  මේෂ රාශි ගතවන අවස්ථාවෙන් ආරම්භවන අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු ...
15/04/2025

...........හිසතෙල් ගෑම..........

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි ගතවන අවස්ථාවෙන් ආරම්භවන අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුභ මොහොතින් පටන් ගැනීම අනාදිමත් කාලයක සිට පැවැත ආ උතුම් චාරිත්‍රයකි.
එක ම මොහොතක එකම දිසාවක් බලා එකම අරමුණක සැම ගේ ගතසිත යොමු කිරීම මෙම චාරිත්‍රවල ඇති සුවිශේෂී තත්ත්වයකි.
මෙම චාරිත්‍ර අතරින් අග්‍ර ස්ථානයක් හිමිවන හිසතෙල් ගෑමේ චාරිත්‍රය රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලබමින් අඛණ්ඩව මේ දක්වා පැවතුණේ එහි ඇති උතුම්බව නිසා ම ය.

හිස යනු ශරීරයේ උත්තමාංගය යි. මුළු මහත් සිරුරම පාලනය වන්නේ හිස්කබල තුළ ඇති මොලය ප්‍රධාන කොට ඇති ස්නායු පද්ධතියෙනි. එසේ ම පංචේන්ද්‍රියෝ ද හිසට අයත් වෙති. මෙසේ සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන් රැසක් ඇති හිස රැක ගැනීම තුළින් සුවය රැකෙන බව පැහැදිලි කරුණකි.

සෞඛ්‍යමත් දිවි පෙවෙතක් උදෙසා ශරීරාංග ආරක්ෂා කර ගැනීමට ඈත අතීතයේ සිටම අප මුතුන් මිත්තන් ක්‍රියා කර ඇති බව හිසතෙල් ගෑමේ උතුම් චාරිත්‍රය තුළින් ගම්‍ය වේ.

ආයුර්වේදයේ මූල ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ හිසතෙල් ගෑමේ ගුණ පිළිබඳ ව මෙසේ සඳහන් වේ. "යමෙක් නිතර තෙල් ගල්වා හිස තෙත් කරන්නේ ද ඔහුට හිසරුජාව,තට්ටේ පෑදීම,අකලට කෙස් පැසීම යන මොව්හු නොවැළැදෙත්.
මස්තකාස්ථීන් ගේ බලය
විශේෂයෙන් වැඩේ.කෙස් මුල් ශක්තිමත් වන අතර කෙස් ද දික්ව වැඩෙන්නේ ය.කෙස්
කලුවන් ද වේ. තව ද තෙල් ගැල්වීමෙන් ඉන්ද්‍රියයෝ පහන් වෙත්. සමේ පැහැපත්බව හා පිරිසිදුබව ඇති වේ."

මේ අනුව සෞඛ්‍ය රැක ගැනීම සදහා හිස තෙල් ගෑම වසරකට වරක් පමණක් සිදුකිරීම නොසෑහේ. එය වසර පුරා ම කළ යුත්තකි. මෙහි දී සිදු කරනු ලබන්නේ අලුත් අවුරුද්දට ඒ සත්ක්‍රියාව සුබ නැකතින් ආරම්භ කිරීමකි.

අලුත් අවුරුද්දේ නැකතට හිස තෙල් ගෑම සදහා නානු මිශ්‍රණයක් භාවිත කරයි. නානු සාදා ගන්නා පිළිවෙළ මෙසේ ය.

⭕කලාදුරු අල
⭕කුංකුමප්පු
⭕සුදුහදුන්
⭕විෂ්ණුකාන්ති
⭕ගෝරෝචන
⭕සස්සද මුල්
⭕ඉරිවේරිය
⭕නස්නාරං මුල්
⭕සැවැන්දරා මුල්
⭕නෙලුම් දඩු
⭕ගොඩ මානෙල් අල
⭕බෙලි මුල්
⭕වෙනිවැල්ගැට
⭕ඊතණ

යන මේ ද්‍රව්‍ය සමව ගෙන තළා අලුත් මුට්ටියකට දමා තම්බා වතුර පත අටක් දමා පත දෙකට සිද ගන්න.ඉන්පසු බෝ කොළ කොටා එහි යුෂ ද දෙහි ඇඹුල් ද මුලින් සිදගත් දියරයට දමා හොදින් මිශ්‍රකර රෙද්දකින් පෙරා ගන්න. මෙලෙස සාදාගත් නානුවලට තලතෙල් හෝ පොල් තෙල් හෝ හිසට හිත නීල්‍යාදිය වැනි ඖෂධීය තෙලක් හෝ එක්කර ගන්න.

නානු මිශ්‍රණය සදහා ගන්නා ඖෂධ දාහය නසන, ලේ පිරිසිදු කරන, නුවණ වඩන,භූතදෝෂ නසන ගුණයෙන් යුක්ත ඒවා වේ.
හිස තෙල් ගල්වන අවස්ථාවේදී හිසේ හා දෙපතුලේ ස්පර්ශ වන ලෙස බෝ,කොහොඹ,ඉඹුල්,
දිඹුල්,කරඳ වැනි කොළ වර්ග තබනු ලැබේ.කොළ වර්ගය තෝරනු ලබන්නේ නැකතට උචිතවන අයුරිනි.මෙම කොළ
වර්ගවල ද ඉහතින් සදහන් කරන ලද ගුණයයන් ඇති අතර නානු මිශ්‍රණයෙන් ඇති ගුණවල අවශෝෂණ ක්‍රියාවලිය ශීඝ්‍ර කරන බව ද සැලකේ.

ශ්‍රීලංකාව ඝර්ම කලාපීය රටකි.පැහැදිලි ඍතු භේදයක් දක්නට නොලැබුණ ද වසන්ත කාලයේ දී ඇති විය හැකි චර්මාබාධ ඇතුළු රෝග පීඩා රැසක් අප රටේ ද බහුලව ඇත.එසේ ම දැඩි රැසින් පීඩාවෙන වසත් කාලයේ දී හිස සිසිල් කිරීම සදහා
ඖෂධීය ශීර්ෂාලේපයක් හිසෙහි ගැල්වීම යුක්ති සහගත ය.

විවිධාකාර රෝගාබාධයනට නතු වී ඇති අද සමාජයට, නැවුම් හිරුට ගරු කොට නැකැත් පිහිටුවා පවත්වනු ලබන මේ හිස තෙල් ගෑමේ කටයුත්තට දායක වීමෙන් එම රෝගාබාධයන් අවම කරගත හැකිය.

කෙසේ වුව ද මෙම හිසතෙල් ගෑම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයකට සීමා නොකර වසර පුරාම සිදු කිරීමෙන් නිරෝගීභාවය ආරක්ෂා කරගත හැකිවනු නොඅනුමාන ය.එසේ ම මෙම උතුම් චාරිත්‍රයේ මහිමය බාල පරපුර වෙත අවබෝධ කරදීම අපසැමගේ යුතුකමකි....

කිරිඇල්ලේ ස්වස්ථායු වෙදගෙදර

කිරිඇල්ලේ ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන

ආයුෂ්මාන්භව..!
14/04/2025

ආයුෂ්මාන්භව..!

කිරිඇල්ලේ  ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදනස්වස්ථායු හර්බල් ශැම්පු.....කාන්තා පිරිමි ළමාඔබගේ හිසකෙස් වල.පවතනා දෝෂ දුරු කරගැනී...
10/04/2025

කිරිඇල්ලේ ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන

ස්වස්ථායු හර්බල් ශැම්පු.....

කාන්තා පිරිමි ළමා
ඔබගේ හිසකෙස් වල.පවතනා දෝෂ දුරු කරගැනීමට අදම ස්වස්ථායු හර්බල් ශැම්පු පාවිච්චි කරන්න.

🕉️ හිස් හොරි දින තුනෙන් සුව කරයි.
හිස කැසීම ,
හිසේ සම වියලීම සහ කුඩු හැලීම නවතයි.

🕉️කෙස් අග පැලීම දින හතක් තුළ නවතයි.

🕉️කෙස් හැලීම දින හතෙන් නවතාලයි.

🕉️කෙස් කැඩීම නවතා හිසකෙස් ශක්තිමත් කරයි.කෙස් මුල සවි කරයි.

🕉️කලුවන් කෙස් කළඹක් ලබාදෙයි.

🕉️කෙස් දිගුව වඩවාලයි.

🕉️නීරෝගී ප්‍රාණවත් කෙස් කළඹක් ලබාදෙයි.

🕉️උකුණන් වඳ කරයි.

❇️අරළු
❇️බුළු
❇️නෙල්ලි
❇️කීකිරිඳිය
❇️උළුහාල්
❇️දෙහි
❇️කොට්ටම්
❇️කොහොඹ

ඇතුළු තවත් ඖෂධීය ශාකසාර රැසක සංඝටනයෙන් සකසා ඇත.

පැරබන් හෝ වර්ණක සුවඳකාරක අඩංගු නොවේ.

ස්වභාවික සුවඳකින් යුක්තයි.

Kirielle Swasthayu Ayurveda Products

Swasthayu Herbal Shampoo

For Women | Men | Children

A safe and effective solution for your hair health –
Start using Swasthayu Herbal Shampoo today!

Benefits & Results:

🕉️ Heals dandruff within 3 days
🕉️ Relieves scalp itching, dryness, and flaking
🕉️ Stops split ends and hair fall within 7 days
🕉️ Prevents hair breakage and strengthens the
hair roots
🕉️ Promotes thick, healthy, and shiny hair
🕉️ Accelerates hair growth
🕉️ Keeps your scalp free from infections

Formulated with powerful Ayurvedic herbs:

❇️ Aralu (Myrobalan)
❇️ Bulu (Terminalia bellerica)
❇️ Nelli (Indian gooseberry)
❇️ Keekirindiya (Eclipta alba)
❇️ Uluhaal (Fenugreek seed)
❇️ Lime
❇️ Kottam (Indian almond)
❇️ Kohomba (Neem)..and many more medicinal herbs!

Key Features:

Free from parabens, artificial colors, and synthetic fragrances

100% natural ingredients

Infused with a gentle herbal aroma

Begin your journey to healthier, naturally beautiful hair with Swasthayu Herbal Shampoo.

Address

23/c
Kiriella
70480

Website

Alerts

Be the first to know and let us send you an email when කිරිඇල්ලේ ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන/Kirielle Swasthayu Ayurvedic Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share