MOH Office Hanwella

MOH Office Hanwella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office Hanwella, Medical and health, Medical Officer of Health Office , Aluthambalama, Kosgama.

පාසල් දරුවන් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බැවින්, ඔබේ දරුවා සහ අවට පරිසරය පිළිබඳව වෙනදාටත් ව...
13/06/2026

පාසල් දරුවන් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බැවින්, ඔබේ දරුවා සහ අවට පරිසරය පිළිබඳව වෙනදාටත් වඩා දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

1. පාසල් බලධාරීන් සහ දෙමාපියන් වෙත කෙරෙන උපදෙස්:
පාසල් පරිසරය තුළ වතුර රැඳෙන සියලුම ස්ථාන (වැහි පීලි, බෝතල්, ටින්, පොල්කටු සහ ටයර්) සතිපතා පරීක්ෂා කර විනාශ කිරීමට පියවර ගන්න.

විශේෂයෙන්ම සති අන්තයෙන් පසු සඳුදා දිනවල පාසල් ආරම්භ කිරීමට ප්‍රථම මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කරන්න.

පාසල් දරුවන් ඩෙංගု මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මදුරු විකර්ෂක (Mosquito repellents) භාවිතයට උනන්දු කරන්න.

2. නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම:
ඔබගේ නිවස, වත්ත සහ ව්‍යාපාරික ස්ථාන අවට ජලය රැඳෙන අයුරින් ඇති ද්‍රව්‍ය සතිපතා ඉවත් කර "මදුරුවන්ගෙන් තොර කලාපයක්" බවට පත් කරන්න.

ශීතකරණ තැටි, මල් පෝච්චි සහ සුරතල් සතුන්ගේ ජල බඳුන් දිනපතා පිරිසිදු කර ජලය මාරු කරන්න.

3. රෝග ලක්ෂණ සහ වෛද්‍ය ප්‍රතිකාර:
තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, වමනය, සන්ධි සහ මස්පිඬු වේදනාව ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.
උණ වැළඳී පවතින රෝගියෙකුට පැරසිටමෝල් (Paracetamol) හැර වෙනත් කිසිදු වේදනා නාශක ඖෂධයක් (උදා: Ibuprofen, Mefenamic Acid, Diclofenac) ලබා නොදීමට වගබලා ගන්න.

උණ දින 2කට වඩා පවතී නම්, ප්‍රමාද නොකර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) සිදු කර ගන්න.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) මහතා පාසල් සෞඛ්‍ය සේවාව තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පාසල් දරුවන්ගේ ශාරීරික, මානසික හා...
11/06/2026

මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) මහතා පාසල් සෞඛ්‍ය සේවාව තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පාසල් දරුවන්ගේ ශාරීරික, මානසික හා සමාජීය සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ රෝග වළක්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

1. සෞඛ්‍ය දෝෂ (Defects) සහිත දරුවන් හඳුනාගෙන රෝහලට යොමු කිරීම හා Follow-up කිරීම

පාසල් සෞඛ්‍ය පරීක්ෂණ වලදී දරුවන්ගේ ඇස් පෙනීමේ දෝෂ, ශ්‍රවණ දෝෂ, දත් ආශ්‍රිත ගැටලු, පෝෂණ ඌනතා, සමේ රෝග, අස්ථි හා සන්ධි ආබාධ වැනි සෞඛ්‍ය ගැටලු හඳුනා ගනී. එවැනි දරුවන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් හෝ විශේෂඥ සායන වෙත යොමු කරයි. එසේම යොමු කළ දරුවන් ප්‍රතිකාර ලබාගෙන තිබේද, සෞඛ්‍ය තත්ත්වය යහපත් වී තිබේද යන්න පිළිබඳව පසු විපරම් (Follow-up) සිදු කරයි.

2. HPV සහ Adult Diphtheria-Tetanus (aTd) එන්නත් ලබාදීම

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පාසල් දරුවන් සඳහා HPV සහ aTd එන්නත් ලබාදීමේ කටයුතු සංවිධානය කිරීම සහ එන්නත් ලබාදීම PHI මහතාගේ වගකීමකි.

* HPV එන්නත ගැහැණු දරුවන්ට ලබා දී අනාගතයේ ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.
* aTd එන්නත ඩිප්තෙරියාව සහ ටීටනස් රෝග වලින් ආරක්ෂාව ලබා දෙයි.

මෙම එන්නත් ලබාදීමට පෙර දෙමාපියන් දැනුවත් කිරීම, එකඟතා පත්‍ර ලබාගැනීම, එන්නත්කරණ සැසි සංවිධානය කිරීම එන්නත්කරණය සහ අතුරු ආබාධ පිළිබඳ නිරීක්ෂණය කිරීම ද සිදු කරයි.

3. සෞඛ්‍ය අධ්‍යාපන දේශන පැවැත්වීම

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය දැනුම වැඩිදියුණු කිරීම සඳහා විවිධ මාතෘකා යටතේ සෞඛ්‍ය අධ්‍යාපන දේශන පවත්වයි. ඒවා අතර,

* පෞද්ගලික සනීපාරක්ෂාව
* නිසි අත් සෝදන ක්‍රම
* සමබර ආහාර ගැනීම
* ඩෙංගු හා අනෙකුත් බෝවන රෝග වැළැක්වීම
* දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් වල අහිතකර බලපෑම්
* ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
* මානසික සෞඛ්‍යය සහ ආතතිය පාලනය

වැනි කරුණු ඇතුළත් වේ. මෙම දේශන මඟින් දරුවන් තුළ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනැගීමට සහ රෝග වළක්වා ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය වේ.

4. පාසල් පරිසර සෞඛ්‍යය නිරීක්ෂණය කිරීම

පාසල් පරිශ්‍රයේ පිරිසිදුකම, පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම්, කසළ කළමනාකරණය සහ මදුරු බෝවන ස්ථාන පිළිබඳ නිරීක්ෂණය කර අවශ්‍ය උපදෙස් ලබාදෙයි. මෙය දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ඉගෙනුම් පරිසරයක් ලබාදීමට උපකාරී වේ.

5. බෝවන රෝග පාලනය

පාසල් තුළ ඇතිවන බෝවන රෝග තත්ත්වයන් හඳුනාගෙන අවශ්‍ය පාලන ක්‍රියාමාර්ග ගැනීම, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සහ සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධීකරණය කිරීම ද PHI මහතාගේ වැදගත් වගකීමකි.

ඒ අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා පාසල් දරුවන්ගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, රෝග වළක්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න පාසල් පරිසරයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් ඉටු කරයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

Fogging කිරීමට පෙර ගෙවල් හා පරිශ්‍රය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය ඇයි?ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන්නේ Aedes මදුරුවන්ය. මෙම මදුරු...
09/06/2026

Fogging කිරීමට පෙර ගෙවල් හා පරිශ්‍රය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය ඇයි?

ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන්නේ Aedes මදුරුවන්ය. මෙම මදුරුවන් බෝවන්නේ නිවසේ හා පරිශ්‍රයේ එකතු වන පිරිසිදු ජලය තුළය. ජල ටැංකි, බැරල්, ටයර්, මල් පෝච්චි, පොල් කටු, ඉවතලන ප්ලාස්ටික් බහාලුම් සහ වැසි ජලය රැඳෙන ඕනෑම ස්ථානයක් මදුරුවන් බෝවන ස්ථානයක් විය හැක.

බොහෝ දෙනා සිතන්නේ Fogging කිරීමෙන් ඩෙංගු ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙන බවයි. නමුත් එය වැරදි අදහසකි. Fogging මගින් විනාශ වන්නේ එම මොහොතේ පියාසර කරන වැඩිහිටි මදුරුවන් පමණි. ජලයේ සිටින මදුරු බිත්තර, කීටයන් (larvae) සහ පූපා (pupae) Fogging දුමෙන් විනාශ නොවේ.

ඒ නිසා ගෙවල් පිරිසිදු නොකර Fogging පමණක් කළහොත්, දින කිහිපයකින් ජලයේ සිටින කීටයන් නැවත වැඩිහිටි මදුරුවන් බවට පත්වී ඩෙංගු ව්‍යාප්තිය නැවත සිදුවේ. එබැවින් Fogging යනු හදිසි අවස්ථාවක මදුරු ඝනත්වය අඩු කිරීමට භාවිතා කරන අමතර ක්‍රියාමාර්ගයක් පමණක් වන අතර, ඩෙංගු මර්දනයේ ප්‍රධාන ක්‍රමය නොවේ.

ඩෙංගු පාලනයේ සාර්ථකම ක්‍රමය වන්නේ සතියකට අවම වශයෙන් විනාඩි 30ක් වෙන් කර නිවස හා පරිශ්‍රය පරීක්ෂා කිරීම, ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීම, ජල භාජන හොඳින් වසා තැබීම සහ මදුරු කීටයන් විනාශ කිරීමයි. ප්‍රජාවගේ සහයෝගය නොමැතිව Fogging මගින් පමණක් ඩෙංගු පාලනය කළ නොහැක.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා අධි අවදානම් ප්‍රදේශ ආවරණය කරමින් පැවැත්වෙන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දින වන අද දි...
09/06/2026

ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා අධි අවදානම් ප්‍රදේශ ආවරණය කරමින් පැවැත්වෙන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දින වන අද දින ඉලුකෝවිට මහජන සෞඛ්‍ය පරීක්ශක කොට්ඨාශය ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ අතර එහිදී මදුරු කීටයන් සහිත පරිශ්‍ර සඳහා අධිකරණය හමුවේ නඩු පැවරීම් කටයුතු 10ක් ද ස්ථානීය දඩ පැනවීම් 7ක් ද සිදුකරන ලදි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

08/06/2026

පාසල් වෛද්‍ය පරීක්ෂණ කටයුතු. ඉලුකෝවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රය

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා අධි අවදානම් ප්‍රදේශ ආවරණය කරමින් අද දින පුවක්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ශක කොට්ඨාශයේ විශේෂ ...
08/06/2026

ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා අධි අවදානම් ප්‍රදේශ ආවරණය කරමින් අද දින පුවක්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ශක කොට්ඨාශයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එහිදී මදුරු කීටයන් සහිත පරිශ්‍ර සඳහා අධිකරණය හමුවේ නඩු පැවරීම් කටයුතු 9ක් ද ස්ථානීය දඩ පැනවීම් 5ක් ද සිදුකරන ලදි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

ඩෙංගු රෝගයෙන් වැළකීමට සතියකට වරක් අවට පරිසරය පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්න. ජලය රැඳෙන භාජන හිස් කර පිරිසිදු...
07/06/2026

ඩෙංගු රෝගයෙන් වැළකීමට සතියකට වරක් අවට පරිසරය පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්න. ජලය රැඳෙන භාජන හිස් කර පිරිසිදුව තබා ගන්න.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

28/05/2026

Address

Medical Officer Of Health Office , Aluthambalama
Kosgama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 09:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Hanwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share