WAYA MedX

WAYA MedX Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WAYA MedX, Medical and health, Faculty of Medicine, Wayamba University of Sri Lanka, Kuliyapitiya.

Bringing Medicine to Life..⚕🩺

This is The Official page of WAYA MedX. 1st Ever Medical Exhibition, Organized by Faculty of Medicine, Wayamba University of Sri Lanka

🎗️  ආදරණීය කාන්තාවනි,  සුවබර  ජීවිතයකට පෙරමන් තනමු❤️ ගැබ්ගෙල පිළිකාව හඳුනාගැනීම ප්‍රමාද නොකරන්න – පෙර පරීක්ෂාවෙන් ජීවිතය...
12/07/2026

🎗️ ආදරණීය කාන්තාවනි, සුවබර ජීවිතයකට පෙරමන් තනමු❤️
ගැබ්ගෙල පිළිකාව හඳුනාගැනීම ප්‍රමාද නොකරන්න – පෙර පරීක්ෂාවෙන් ජීවිතය සුරකින්න! 💙

ගැබ්ගෙල පිළිකාව (Cervical Cancer) යනු ගර්භාෂයේ පහළ කොටස වන ගැබ්ගෙල තුළ ඇතිවන පිළිකාවකි. ලොව පුරා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවන්ගෙන් එකක් වන අතර, කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් බොහෝ අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි සහ සුව කළ හැකි රෝගයකි.

🦠 ප්‍රධාන හේතුව
ගැබ්ගෙල පිළිකාවට ප්‍රධාන හේතුව වන්නේ මානව පැපිලෝමා වෛරසය (Human Papillomavirus – HPV) දිගුකාලීනව ආසාදනය වීමයි. HPV යනු බහුලව පැතිරෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයක් වන අතර, බොහෝ ආසාදන ස්වභාවිකව සුව වුවද, සමහර ඉහළ අවදානම් HPV වර්ග ගැබ්ගෙලේ සෛලවල වෙනස්කම් ඇති කර පිළිකාව දක්වා වර්ධනය විය හැක.

⚠️ අවදානම් සාධක
• HPV ආසාදනය
• ඉතා කුඩා වයසේ ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීම
• ලිංගික සහකරුවන් කිහිප දෙනෙකු සිටීම
• දුම්පානය
• ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
• නිතිපතා ගැබ්ගෙල පරීක්ෂාවන් නොකිරීම

🚨 ලක්ෂණ
මුල් අවධියේදී බොහෝ විට කිසිදු ලක්ෂණයක් නොපෙන්වයි. රෝගය වර්ධනය වන විට,
• අසාමාන්‍ය යෝනි රුධිර වහනය (විශේෂයෙන් ලිංගික සම්බන්ධතාවයෙන් පසු හෝ මාසික ඔසප් අතර)
• අසාමාන්‍ය හෝ දුර්ගන්ධ සහිත යෝනි ස්‍රාවය
• ශ්‍රෝණි ප්‍රදේශයේ වේදනාව
• ලිංගික සම්බන්ධතාවයේදී වේදනාව
යන ලක්ෂණ ඇති විය හැක.

🔬 කලින් හඳුනාගැනීම
ගැබ්ගෙලේ අසාමාන්‍ය සෛල වෙනස්කම් පිළිකාවක් බවට පත්වීමට පෙර හඳුනාගත හැක්කේ Pap smear සහ HPV DNA පරීක්ෂාවන් මඟිනි. නිර්දේශිත වයසට පැමිණි කාන්තාවන් වෛද්‍ය උපදෙස් අනුව මෙම පරීක්ෂාවන් නිතිපතා සිදු කර ගැනීම ඉතා වැදගත්ය.

💉 වළක්වා ගැනීම
✅ HPV එන්නත නිර්දේශිත වයසේදී ලබා ගැනීම.
✅ නිතිපතා ගැබ්ගෙල පරීක්ෂාවට යොමුවීම
✅ ආරක්ෂිත ලිංගික හැසිරීම් අනුගමනය කිරීම.
✅ දුම්පානයෙන් වැළකීම.
✅ කිසියම් අසාමාන්‍ය ලක්ෂණයක් පවතින විට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.

💙 මතක තබා ගන්න: රෝගය වැළැක්වීම, ප්‍රතිකාරයට වඩා බෙහෙවින් වැදගත් වේ.

ගැබ්ගෙල පිළිකාව බොහෝ අවස්ථාවලදී වළක්වා ගත හැකි සහ කලින් හඳුනාගත හැකි රෝගයකි. දැනුවත් වීම, HPV එන්නත ලබා ගැනීම සහ නිතිපතා පරීක්ෂාවට යොමුවීම මඟින් ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සුරක්ෂිත කළ හැක.
පෙර පරීක්ෂාවෙන් ජීවිත සුරකිමු! 🎗️

පුංචි දරුවෙකුට උණ වලිප්පුවක් හැදෙන මොහොත…ඒ මොහොත ඕනෑම අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට ජීවිතයේ අමතක නොවන බියකරු අත්දැකීමක්....
10/07/2026

පුංචි දරුවෙකුට උණ වලිප්පුවක් හැදෙන මොහොත…

ඒ මොහොත ඕනෑම අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට ජීවිතයේ අමතක නොවන බියකරු අත්දැකීමක්. 💔

හදිසියේම දරුවාගේ ඇස් උඩ යනවා, සිරුර තද වෙනවා, ගැහෙන්න පටන් ගන්නවා… ඒ දසුන දැක්කම බොහෝ දෙමාපියන් කලබල වෙනවා, අඬනවා, මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැරි වෙනවා.

ඒත් මතක තබා ගන්න…
ඒ මොහොතේ ඔබ සන්සුන්ව සිටීම සහ නිවැරදි පියවර ගැනීම, ඔබේ පුංචි දරුවාගේ ආරක්ෂාවට ඉතා වැදගත් වේ.

ආදරණීය දෙමාපියනි!❤️

උණ වලිප්පුවක් ඇති වෙන්නේ ඇයි?

• මෙය සාමාන්‍යයෙන් වයස මාස 6 ත් අවුරුදු 5 ත් අතර දරුවන්ට ඇති විය හැකිනම් තත්ත්වයකි.
• දරුවාගේ ශරීර උෂ්ණත්වය සීග්‍රයෙන් ඉහළ යන විට ඔවුන්ගේ නොමේරූ මොළයේ ස්නායු පද්ධතියට එය දරාගත නොහැකි වීම නිසා මෙය හටගනී.

වලිප්පුවක් ආ වෙලාවක "කළ යුතු" දේවල් ✅

•දරුවාව වම් ඇලයට හරවා තබන්න.
•ආරක්ෂිත තැනක තබන්න
•කාලය මැනගන්න: වලිප්පුව පැවති කාලය (මිනිත්තු කීයක්ද කියා)
•ඇඳුම් ලිහිල් කරන්න

නොකළ යුතුම දේවල් ❌

•කටට කිසිවක් දමන්න එපා
•බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින්න එපා
•කටට දියර වර්ග වත් කරන්න එපා

වලිප්පුව නැවතුණු පසු...

• බොහෝ විට උණ වලිප්පුවක් විනාඩි 2 ත් 5 ත් අතර කාලයකදී ඉබේම නැවතේ.⏰
• ඉන්පසු දරුවාගේ ශරීරය සාමාන්‍ය පරිදි ඇල්මැරුණු වතුරෙන් තෙත මාත්තු කර වහාම ළඟම ඇති රෝහල වෙත රැගෙන යන්න.

⚠️ වලිප්පුව විනාඩි 5කට වඩා පවතී නම්, හෝ දරුවාට එක දිගට වලිප්පුව සෑදේ නම් ප්‍රමාද නොකර ළඟම ඇති රෝහලට රැගෙන යන්න.

🔖මතක තබා ගන්න: දරුවාට තද උණ ඇති විට🌡️🤒නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ලබා දී, රෙදි කඩකින් ඇඟ තෙත මාත්තු කර සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමෙන් උණ වලිප්පුවක් පැමිණීම බොහෝ දුරට වළක්වා ගත හැකියි.

#උණවලිප්පුව

09/07/2026

🚨 ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවත්… ඩෙංගු මරණත් මේ දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

උණක් හැදුණාද?

❌ “සාමාන්‍ය උණක් වෙන්න ඇති…” කියලා හිතලා කල් මරන්න එපා.

ඔබ ජීවත් වන්නේ ඩෙංගු අවදානම් ප්‍රදේශයක නම්, උණ ඇති වූ වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

මතක තබා ගන්න…‼️
ඩෙංගු රෝගයේදී ප්‍රමාදය ජීවිතයට අවදානමක් විය හැකිය.

🔴 ඩෙංගු නිසා සිදුවන බොහෝ මරණ, නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් වළක්වා ගත හැකිය.

ඔබේ ජීවිතයත්… ඔබේ ආදරණීයයන්ගේ ජීවිතත් රැකගන්න.

මෙම වැදගත් පණිවිඩය හැකිතාක් බෙදාහරින්න. ඔබේ එක් Share කිරීමකින් කෙනෙකුගේ ජීවිතයක් බේරාගැනීමට හේතුවක් විය හැකිය. 🦟🇱🇰

#ඩෙංගු

🚨 පහත සඳහන් රෝග ලක්ෂණ ඔබට හෝ ඔබේ ආදරණීයෙකුට තිබෙන්නේ නම්, එය සාමාන්‍ය උණක් ලෙස නොසලකා හරින්න එපා... ඩෙංගු රෝගයේදී පැය කි...
05/07/2026

🚨 පහත සඳහන් රෝග ලක්ෂණ ඔබට හෝ ඔබේ ආදරණීයෙකුට තිබෙන්නේ නම්, එය සාමාන්‍ය උණක් ලෙස නොසලකා හරින්න එපා... ඩෙංගු රෝගයේදී පැය කිහිපයක් තුළ පවා රුධිර පට්ටිකා (Platelets) වේගයෙන් අඩුවිය හැකි අතර, එය ජීවිත අවදානම හා සංකූලතා වැඩි කරයි..

අධික උණ
තද හිසරදය
මාංශපේශී හා සන්ධි වේදනාව
ඔක්කාරය හෝ වමනය
සමේ රතු පැල්ලම්
ඇස් පිටුපස වේදනාව

ඉහත රෝග ලක්ෂණ ඇති වූ විට, "තව ටිකක් බලමු…” කියා කිසිවිටෙකත් ප්‍රමාද වෙන්න එපා..❗️

ඩෙංගු රෝගය ඉක්මනින් දරුණු තත්ත්වයට පත්විය හැකි අතර, නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් ජීවිතය බේරාගත හැක.

ඔබේ ඉක්මන් පියවරකින්.,ඔබේ හෝ ඔබේ ආදරණීයෙකුගේ ජීවිතය රැක ගැනීමට ඔබට හැකිය.එම නිසා විමසිලිමත් වන්න..

ඩෙංගු රෝගය ට එරෙහිව හොඳම ආරක්ෂාව වන්නේ, රෝග ලක්ෂණ හඳුනාගෙන ප්‍රමාද නොවී වෛද්‍යවරයෙකු හමුවීම සහ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමයි.

#ඩෙංගු

03/07/2026
🚨 දිනෙන් දින ඉහළ යන ඩෙංගු තර්ජනයට වැට බඳින්න ඔබ සූදානම්ද? 🦟Covid වසංගතයට ඔබ දුන් අවදානය ඔබට මතකද.. ඒ හා සමානවම ඩෙංගු වසං...
03/07/2026

🚨 දිනෙන් දින ඉහළ යන ඩෙංගු තර්ජනයට වැට බඳින්න ඔබ සූදානම්ද? 🦟

Covid වසංගතයට ඔබ දුන් අවදානය ඔබට මතකද.. ඒ හා සමානවම ඩෙංගු වසංගතය ද අප වටා සමාජය ගිලිගනිමින් පවතින බව ඔබ දැනුවත් ද⁉️

🌧️ පසුගිය වැසි සමයෙන් අනතුරුව රටපුරා බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතී. වැසි ජලය එක්රැස් වීම නිසා මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය වීම මීට හේතුවයි.

ඩෙංගු යනු වෛරසයක් මගින් ඇතිවන මාරාන්තික රෝගයකි. මෙය ප්‍රධාන වශයෙන් Aedis මදුරුවන්ගේ දෂ්ඨනය හේතුවෙන් ව්‍යාප්‍තවේ. ඩෙංගු රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකුගෙන් Aedis මදුරුවකු ලේ උරා බිවු පසු, දින කිහිපයකින් එම මදුරුවා ආසාදිත වන අතර ජීවිත කාලය පුරාවටම දෂ්ඨනය මගින් රෝගය පැතිරවීමේ හැකියාව ලබාගනී.

🦟 ඊඩ්ස් (Aedis) මදුරුවා සුදු කලු ඉරි සහිත සිරුරකින් යුක්ත අතර, උදෑසන හා සවස වැඩි වශයෙන් දෂ්ඨ කරයි. පිරිසිදු, නිශ්චල, ජලය රැදී ඇති ස්ථානවල බෝවේ. නිවස අවට ඇති ජලය එකතුවන ඉතා කුඩා භාජන, විසිතුරු මල් පැල ඒ සදහා ප්‍රමාණවත්ය. එම නිසා ඩෙංගු රෝගය වැලැක්වීමේ වැදගත්ම පියවර වන්නේ සතියකට වරක්වත් මෙවැනි මදුරුවන් බෝවන ස්ථාන සොයා විනාශකිරීමයි.

⚠️ ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණ:
• අධික උණ
• තද හිසරදය
• ඇස් පිටුපස වේදනාව
• මාංශපේශි හා සන්ධි වේදනාව
• සම මත රතු පැල්ලම්
• ඔක්කාරය හෝ වමනය

🚑 පහත අනතුරු ඇඟවීමේ ලක්ෂණ තිබේ නම් වහාම රෝහලකට යන්න:
• දැඩි උදර වේදනාව
• නිරන්තර වමනය
• නාසයෙන් හෝ විදුරුමසින් ලේ ගැලීම
• අධික නිදිමත හෝ නොසන්සුන් බව
• හුස්ම ගැනීමේ අපහසුතාව
• අත් පා සීතල වීම

💧 ප්‍රමාණවත් දියර පානය කරන්න.
💊 වෛද්‍ය උපදෙස් නොමැතිව ibuprofen, mefenamic acid, diclofenac වැනි NSAIDs ඛාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් වළකින්න. උණ සඳහා Paracetamol පමණක් භාවිතා කරන්න.

🏡 අප සැමට කළ හැකි දේ:

✅ සතියකට වරක් නිවස හා වත්ත පිරිසිදු කරන්න.
✅ ජලය රැඳෙන භාජන හිස් කරන්න හෝ වසා තබන්න.
✅ මදුරු දැල්, මදුරු විකර්ෂක සහ දිගු ඇඳුම් භාවිතා කරන්න.
✅ ඩෙංගු රෝග ලක්ෂණ තිබේ නම් ප්‍රමාද නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

ඩෙංගු මර්දනය රජයේ පමණක් වගකීමක් නොවේ. එය අප සැමගේම වගකීමකි. 💙

🦟 අදම ඔබේ පරිසරය පිරිසිදු කරන්න. අද ගන්නා කුඩා ක්‍රියාමාර්ගයක් හෙට ජීවිතයක් බේරාගත හැකිය.

#ඩෙංගු

Something extraordinary is coming!🧬🔬The Faculty of Medicine, Wayamba University of Sri Lanka proudly presents WAYA MEDX ...
26/06/2026

Something extraordinary is coming!🧬🔬

The Faculty of Medicine, Wayamba University of Sri Lanka proudly presents WAYA MEDX our first ever medical exhibition, created with the vision of bringing the fascinating world of medicine closer to everyone.

Prepare to embark on a journey through the wonders of the human body, medical science, healthcare innovation, and the future of medicine. From interactive exhibits to engaging learning experiences, WAYA MEDX will offer a unique opportunity to explore, discover, and experience medicine like never before.

🔬 Explore the science behind healthcare.
🫀 Discover the marvels of the human body.
💡 Experience innovation, knowledge, and inspiration.
👨‍⚕️ Connect with the next generation of healthcare professionals.

Whether you are a student, an aspiring medical professional, or simply curious about the field of medicine, WAYA MEDX promises to be an unforgettable experience that showcases how medicine impacts lives every day.

Join us as we take a step beyond textbooks and classrooms to truly bring medicine to life.

_Waya Medx_ 🚀
📍 Organized by the Faculty of Medicine, Wayamba University of Sri Lanka
_Bringing Medicine to Life_

Coming Soon…..

Stay tuned for more updates, exciting announcements, and a glimpse into an experience you won't want to miss.

International Day Against Drug Abuse and Illicit Trafficking 🚭Drug abuse remains a major global public health challenge,...
26/06/2026

International Day Against Drug Abuse and Illicit Trafficking 🚭

Drug abuse remains a major global public health challenge, affecting individuals, families, and communities. Today, we stand united in raising awareness about the harmful consequences of substance abuse and the importance of prevention, education, and support.
As future healthcare professionals, we are committed to promoting healthy lifestyles, empowering communities through knowledge, and advocating for a drug-free society.

Break the cycle. Choose life. Say NO to drugs.

මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය🚭

මත්ද්‍රව්‍ය භාවිතය අද ලෝකය පුරා මහජන සෞඛ්‍යයට බලපාන ප්‍රධාන අභියෝගයක් වන අතර එය පුද්ගලයන්ට, පවුල්වලට සහ සමස්ත සමාජයට අහිතකර බලපෑම් ඇති කරයි. මෙම දිනයේදී මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම, වැළැක්වීම, අධ්‍යාපනය සහ සහයෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි එකමුතුවෙමු.
අනාගත සෞඛ්‍ය වෘත්තිකයන් ලෙස, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම, දැනුම මගින් ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් ගොඩනැගීමට දායක වීම සඳහා අපි කැපවී සිටිමු.

මෙම විනාශකාරී චක්‍රය බිඳ දමමු. ජීවිතය තෝරාගනිමු. මත්ද්‍රව්‍යවලට “නැහැ” කියමු.

ඔබේ ශරීරය… විශ්මයෙන් පිරුණු පොතක් 📖සෑම පිටුවක්ම කියන්නේ වෙනස් කතාවක්…ජීවිතය පවත්වාගෙන යන සංකීර්ණ විද්‍යාවන්ඇහැට නොපෙනෙන ...
03/04/2026

ඔබේ ශරීරය… විශ්මයෙන් පිරුණු පොතක් 📖
සෑම පිටුවක්ම කියන්නේ වෙනස් කතාවක්…
ජීවිතය පවත්වාගෙන යන සංකීර්ණ විද්‍යාවන්
ඇහැට නොපෙනෙන ක්‍රියාවලීන්
අරුම පුදුම සම්බන්ධතාවන්…

මෙම සියලු කතා එකින් එක හෙළි කරගන්න
තවමත් නොකියවූ එවන් පිටු පෙරළන්න
එම අරුමයන් සජීවීව අත්විඳින්න
එන්න… WAYA MedX අපත් සමඟ එක්වන්න! ✨

Address

Faculty Of Medicine, Wayamba University Of Sri Lanka
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when WAYA MedX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share