Yasiru pharmacy kuruduwatta

Yasiru pharmacy kuruduwatta Compounding and dispensing medications, as prescribed by physicians. · Monitoring customers' drug therapies, advising ...

🛏️ උසස් තත්ත්වයේ Anti-Decubitus Air Mattress – රෝගී සුවපහසුව සහ ආරක්ෂාව සඳහාදිගු කාලයක් ඇඳේ විවේක ගැනීමට සිදුවන රෝගීන් ස...
31/05/2026

🛏️ උසස් තත්ත්වයේ Anti-Decubitus Air Mattress – රෝගී සුවපහසුව සහ ආරක්ෂාව සඳහා

දිගු කාලයක් ඇඳේ විවේක ගැනීමට සිදුවන රෝගීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අපගේ Anti-Decubitus Air Mattress, පීඩන තුවාල (Bed Sores) ඇතිවීම අවම කිරීමට සහ වැඩි සුවපහසුවක් ලබා දීමට උපකාරී වේ. එහි Alternating Air Pressure System තාක්ෂණය මඟින් ශරීරයේ පීඩනය සමානව බෙදා හැර රුධිර සංසරණය වැඩිදියුණු කිරීමට සහ රෝගියාගේ සුවපහසුව වර්ධනය කිරීමට උපකාරී වේ.

✔ පීඩන තුවාල (Bed Sores) ඇතිවීම අවම කිරීමට උපකාරී වේ
✔ උසස් තත්ත්වයේ Air Pressure තාක්ෂණය
✔ භාවිතයට පහසු හා කල්පවතින නිර්මාණය
✔ නිවසේ රෝගී සත්කාර, රෝහල් සහ වැඩිහිටි සත්කාර සඳහා සුදුසුයි

ඔබගේ ආදරණීයයන්ට වඩාත් සුවපහසු සහ ආරක්ෂිත සත්කාරයක් ලබාදෙන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!

🛏️ Premium Anti-Decubitus Air Mattress for Advanced Patient Care

Designed to provide superior comfort and effective pressure relief, our Anti-Decubitus Air Mattress helps reduce the risk of pressure ulcers (bedsores) for individuals with limited mobility or extended bed rest. Its alternating pressure system promotes better air circulation and evenly distributes body weight to enhance patient comfort and support recovery.

✔ Helps prevent pressure sores and skin breakdown
✔ Alternating pressure technology for improved comfort
✔ Durable, reliable, and easy to use
✔ Suitable for home care, hospitals, clinics, and elderly care

Ensure comfort, care, and peace of mind with a trusted patient support solution.

📞 Contact us today for more information or to place your order.

#රෝගීසත්කාර #සෞඛ්‍යසත්කාර #වැඩිහිටිසත්කාර

25/12/2025
15/11/2025

ඊට පස්සේ අහ ගත්ත සුන්දර වචන ටික ලියාගෙන යන්න.. Presciptin නැතුව අනිත් ඒවා දෙන්නත් බෑ හොදේ.. 😁😁😁

14/11/2025

හරි හරි මම විස්තරේ කියන්නම්..

මේ ඉන්නේ මුඛ පිළිකා රෝගියෙක්.එයාට මුඛ පිළිකාවක් ආවට පස්සේ කරපු ඔපරේෂන් එකකින් පස්සේ ගත්ත ෆොටෝ එකක් තමයි මේ..

හිතන්නකෝ..ඔයාගේ දැන් ඔය ක්‍රීම් ගගා ෆේස් වොෂ් ගගා මේකප් දම දමා තියන ලස්සන මුණට මෙහෙම කරන්න වුනොත් ?
🥴🥴 අවුල් නේද ?

මුඛ පිළිකා | Oral Cancer

ඔය කියන්නේ අපේ කට ආශ්‍රිතව එන පිළිකා ගැන..
දන්නවද ලංකාවේ , පිරිමි අය අතර තියන බහුලතම පිළිකා වර්ගය තමයි මේ මුඛ පිළිකා කියන්නේ.ඒ කියන්නේ ලංකාවේ පිළිකා හැදුන පිරිමි අයට වැඩියෙන්ම තියන පිළිකා වර්ගය තමයි මුඛ පිළිකා කියන්නේ.

හැමෝම දන්නේ පියයුරු පිළිකා , බඩවැලේ පිළිකා , අක්මාවේ පිළිකානේ.මුඛ පිළිකා ගැන කතා වෙන අය වගේම ඒ ගැන දැනුවත් අය සෑහෙන්න අඩුයි.ගොඩක් අය කතා කරනවා අඩු මාතෘකාවක්.

ඉතින් මට හිතුනා මුඛ පිළිකා එක්ක එන රෝග ලක්ෂණ ගැන පොඩි විස්තරයක් ලියලා දාන්න.
කාගෙත් දැනුවත්වීමට

✅ කට ආශ්‍රිතව කාලයක් පවතින තුවාල

සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට කටේ තුවාල හැදෙන්න පුලුවන්.හැබැයි මේ කියන්නේ ඒ ගැනම නෙවෙයි.අද හැදිලා දවස් දෙක තුනක් තිබිලා අඩුවෙලා යන තුවාල ගැනත් නෙවෙයි.
මේ කියන්නේ ටික කාලයක් පවතින ( සති දෙක තුනකට වඩා ) කටේ එන තුවාල ගැන.
බොහෝ විට මේ තුවාල වලට මුල් අවදියේදි වේදනාවක් කැක්කුමක් එන්නේ නෑ..( සාමාන්‍යයෙන් කටේ එන තුවාල සෑහෙන කැක්කුමක් එනවා )

සති දෙක තුනකට වඩා පවතින | බෙහෙත් කලත් අඩුවක් නොවෙන | බොහෝවිට කැක්කුමක් නැති | රතු පාට තුවාල

✅ කට ආශ්‍රිතව එන රතු හෝ සුදු පැච්

දිවේ , කම්මුල් ඇතුල් පැත්තේ හෝ විදුරුමස් වල එන සුදු පාට හරි රතු පාට හරි පැච් වගේ තියෙනවා නම් ඒකත් මුඛ පිළිකා වල රෝග ලක්ෂණයක් වෙන්න පුලුවන්

විශේෂත්වය වෙන්නේ මේක පැච් එකක් වගේ තිබ්බත් කඩලා හෝ පිහදාලා යවන්න බෑ.
ඒ වගේම ලේසියෙන් හොද වෙන්නෙත් නෑ..

✅ කට ආශ්‍රිතව එන ඉදිමීම් / ගෙඩි

අර වගේම දිවේ , කම්මුල් වල ඇතුල් පැත්තේ , විදුරුමස් වල මෙහෙම එන්න පුලුවන්.
මේක ටිකක් ගොරොසු තැනක් , ඉදිමුන ස්වාභාවයක් තියන හෝ ගෙඩියක් වගේ දෙයක් වෙනවා.
බොහෝවිට වේදනාවක් නෑ මේවගේ.ඒ වගේම බෙහෙත් ගත්තට ලේසියකට සුව වෙන්නෙත් නෑ

මීට අමතරව

✅ ගිලිමේ අපහසුතා
✅ මුඛය විවෘත කිරිමේ හෝ සැපීමේ අපහසුතා
✅ කටහඩේ වෙනස්වීම්
✅ කට ආශ්‍රිතව හිරිවැටීම් / කැක්කුම්

වගේ දේවලුත් මේ එක්ක එන්න පුලුවන්...

කාටද මෙහෙම පිළිකා හැදෙන්න ගොඩක්ම චාන්ස් එක තියෙන්නේ ?

▶️ බුලත් හපේ කටේ තියන් ඉන්න සෙට් එක තමයි එකටම ඉන්නේ.බුලත් , පුවක් එක්ක දුම්කොල කන සෙට් එක..

සාමාන්‍ය බුලත් නොකන කෙනෙක්ට වඩා මුඛ පිලිකා හැදෙන්න හතර ගුණයක අවදානමක් තියෙනවා බුලත් කන කෙනෙක්ට.

ඉතින් ඔයත් නිතර බුලත් හපන කෙනෙක් නම් 🙏🏻 ඩෙන්ටල් එකට ගිහින් චෙක් කරගන්න

▶️ සිගරට් / බීඩි බොන සෙට් එක
▶️ ඇල්කොහොල් ගන්න සෙට් එක
▶️ විශේෂයෙන් මැදිවියේ පිරිමි අය
▶️ මුඛ සෞඛ්‍ය අඩු , හොද නැති අය

මේ විදියට මුඛ පිළිකා හැදෙන්න පුලුවන් අවදානම් කට්ටිය අතරේ ඉන්නවා.
ඒකෙන් කියන්නේ මෙහෙම නැති අනික් අයට මේක හැදෙන්නේ නෑ කියලා නෙවෙයි ඔන්න.කාටත් හැදෙන්න පුලුවන්.

ඉතින් දත් මදින වෙලාවට කට ඇරලා කන්නාඩියකින් පොඩ්ඩක් තමන්ගේ කට ඇතුලේ බලාගන්න.මේ වගේ වෙනසක් දැක්කොත් පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් පෙන්නාගන්න.
දත් බලන ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් ගාවට වුනත් ප්‍රශ්නයක් නෑ..

මේකට අදාලව එන ෆොටෝස් මම මගේ වට්සැප් චැනල් එකේ දානවා.ඒකට ඇවිල්ලා බලන්න..ලින්ක් එක කමන්ට් වල

14/11/2025

පොල් මිරිකනකොට, මිදුල අතුගානකොට එහෙමත් නැත්නම් බයික් එක පදිනකොට අත් හිරිවැටෙනවද? අද ඒ ගැන කතා කරමු.

මේක ගොඩක් අයට තියෙන ලෙඩක්. ඔයා කාන්තාවක් නම් අවදානම ටිකක් වැඩියි. ඔයාටත් මේ ලක්ෂණ තියෙනවා නම්, වෛද්‍ය උපදෙස් ගන්න.
🚨 ප්‍රධාන රෝග ලක්ෂණ
ඔයාටත් මෙහෙමද?
1️⃣හිරිවැටීම/සංවේදන අඩුකම: මහපට, දබර, මැද ඇඟිල්ල සහ මුදු ඇඟිල්ලේ කොටසක (සුළඟිල්ලේ නෑ!).
2️⃣රෑට වැඩිවීම, රෑට හිරිවැටිලා ඇහැරෙනවා.
3️⃣මැණික් කටුව, අත්ල ප්‍රදේශයේ කැක්කුම/පිච්චෙන ස්වභාවය.
4️⃣අතේ ශක්තිය එක අඩුයි. පොඩි දේවල් පවා අල්ලගෙන ඉන්න බැරි වෙනවා.

අපේ මැණික් කටුව කියන්නේ පොඩි උමඟක් (Tunnel) වගේ තැනක්. ඒ උමඟ හැදිලා තියෙන්නේ මැණික් කටුවේ අස්ථි සහ පටියක් වගේ තද පටකයක් එකතු වෙලා.
​මේ උමඟ ඇතුළෙන් ඇඟිලි සහ අත චලනය කරන්න වැදගත් වෙන කණ්ඩරා (Tendons) සහ ස්නායුවක් ගමන් කරනවා.
ඒ පොඩි උමඟ ඇතුළේ තියෙන්නේ පොඩි ඉඩක්. මොනව හරි හේතුවක් නිසා ඒ ඉඩ අඩු වෙලා ස්නායුව තද වුණාම තමයි අර හිරිවැටීම, වේදනාව සහ දුර්වලතාව දැනෙන්න පටන් ගන්නේ. ඒකට අපි කියනවා Carpal Tunnel Syndrome කියලා.

ඉතින් මේ උමඟ ඇතුලේ ඉඩ අඩු වෙන්නේ ඇයි?
​💥​දිගින් දිගටම එකම විදිහට අත පාවිච්චි කිරීම (ටයිප් කිරීම, කම්පන උපකරණ භාවිතය).
💥pregnant කාලෙදි හෝමෝන වෙනස්කම් නිසා ඇතිවන ඉදිමීම.
💥වෙනත් ලෙඩ රෝග (දියවැඩියාව (Diabetes), Arthritis හෝ තයිරොයිඩ් ගැටළු වැනි රෝග
💥මැණික් කටුව ආසන්නයේ අස්ථි බිඳීමක්(Fracture) හෝ අස්ථි පැනීමක් නිසා

🎯 මේ තත්ත්වය අපි හැමෝටම හැදෙන්න පුලුවන්. ඒත් මේ අයට අවදානම වැඩියි.
🔥 ගැහැණු අයට (විශේෂයෙන් වයස 40න් පසුව).
🔥 pregnant කාලෙදි (ශරීරයේ ඉදිමීම නිසා). බබා ලැබුනට පස්සේ හරියනවා.
🔥 දිගින් දිගටම අතේ එකම විදියේ නැවීමක්/වෙවුලීමක් සහිත වැඩ කරන අයට (ටයිප් කරන අය, යන්ත්‍ර පාවිච්චි කරන අය).
🔥 දියවැඩියාව (Diabetes) වගේ වෙනත් ලෙඩ තියෙන අයට.

රෝග ලක්ෂණ තියෙනව නම් වෛද්‍යවරයෙක් (Neurosurgeon/ Surgeon) හමුවන්න. වෛද්‍යවරයා ඔයාව පරීක්ෂා කරලා බලලා, Nerve Conduction Study එකක් කරලා, ඔයාට තියෙන්නේ Carpal Tunnel Syndrome එකම ද කියලා හරියටම කියයි.

මේකට ප්‍රතිකාර කීපයක් තියෙනවා. ඔයාගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් ප්‍රතිකාරය තීරණය කරයි.

Operation එකේදි කරන්නේ අපි කලින් කතා කරපු උමඟේ පටියක් වගේ තියෙන පටකය කපලා හිර වෙලා තියෙන ස්නායුව නිදහස් කරන එක.

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනව නම් "Dr.Gayan" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 30k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

,

Address

No 04, Economic Center, Kurunduwatta Bazaar Nawa Kurunduwatta 20509
Kurunduwatta

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 16:00 - 20:00

Telephone

+94772500212

Website

Alerts

Be the first to know and let us send you an email when Yasiru pharmacy kuruduwatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yasiru pharmacy kuruduwatta:

Shortcuts

Share