New Athugala Osusala

New Athugala Osusala Ayurvedic Medicine seller

04/08/2026
Bak mee  / බක් මී අලංකාරවත් මලින් සැරසෙන ඖෂධීය ගුණයෙන් සපිරි බක් මී (Bak Mee)අටවිසි බෝධීන් අතරින් සුමේධ බුදු රජාණන්වහන්ස...
30/07/2026

Bak mee / බක් මී

අලංකාරවත් මලින් සැරසෙන ඖෂධීය ගුණයෙන් සපිරි බක් මී (Bak Mee)

අටවිසි බෝධීන් අතරින් සුමේධ බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් රෝපණය කරන බක් මී ශාකය ඉතා විශේෂ ඖෂධීය ශාකයක් ලෙස හැදින්වීමට පුලුවන.

බක් මී විශාල පත්‍ර ඇති හොඳින් සෙවන ලබා දියහැකි විශාල වන ගසකි.
ඉදුණු බක් මී (Nauclea orientalis) ගෙඩි පලතුරක් වශයෙන් ආහාරයට ගතහැකි අතර ගුණයෙන් අනූනය.
සිංහල වෙදකමේ දී මෙම බක් මී කොළ සහ පොතු වා, පිත්, සෙම්, යන තුන් දොස් සමනයට යොදා ගනු ලබයි.
එමෙන් ම බඩගිනි ඇතිවීම, ආහාර දිරවීම සහ වමන නාශක ගුණද, වේදනා නාශක ගුණද බක් මී වල තිබේ.

බක් මී ශාකයේ කොළ, දළු, පොතු, මුල්, ගෙඩි ආදිය භාවිතයෙන් වණ, තුවාල, අතීසාරය, රක්ත අතීසාරය, පාචනය, දත් කැක්කුම, ජලභීතිකාව, චර්ම රෝග සර්ප විෂ, මුත්රා ගල්, මුත්ර අඩස්සිය, සෙංගමාලය, අක්ෂි රෝග, මුඛ රෝග, තනකිරි වැඩීමට, මළ බද්ධය සුව කිරීමට, ️ හෘද රෝග, ක්ෂය රෝග ආදිය සඳහා ඖෂධ තනනු ලබයි.

බක් මී පැල විකිණීමට ඇත
නව ඇතුගල ඔසුසල
අංක 28 බෝධිරාජ මාවත, කුරුණෑගල
0755311409

නීරමුල්ලිය / කටු ඉකිරිය [Neeramulliya / Katu Ikiriya] (Hygrophila schulli)මෙය තෙත් හෝ ජලාශ්‍රිත ප්‍රදේශවල 1.25 m තෙක් උස...
29/07/2026

නීරමුල්ලිය / කටු ඉකිරිය [Neeramulliya / Katu Ikiriya] (Hygrophila schulli)

මෙය තෙත් හෝ ජලාශ්‍රිත ප්‍රදේශවල 1.25 m තෙක් උසට වැඩෙන සෘජු කඳක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. සිලින්ඩරාකාර කඳේ ගැට අසල රෝම සහ තියුණු කටු පිහිටා ඇත. දිගැටි පත්‍රද බූව සහිතය. පුෂ්ප 6-8 වලයන් ලෙස පිහිටා ඇත. පෙති (දල) දම් නිල් පැහැතිය. ඵලය 1 cm පමණ දිග ස්ඵෝටිකාවකි. මෙරට වියළි හා තෙත් කලාපයේ විවෘත වගුරු බිම්වල පාර දෙපස ජලය සහිත ස්ථානවල සුලභව දක්නට ලැබේ. මෙහි නිල් පැහැති මල් සහිත වර්ගයක් සහ සුදු මල් සහිත වර්ගයක් ඇත. සුලභව දක්නට ඇත්තේ නිල් පැහැති මල් පිපෙන වර්ගයයි. නීරමුල්ලි රසවත් පලාවක් ලෙස ආහාරයට එක්කර ගත හැකිය. මෙය Acanthaceae කුලයට අයත් ශාකයකි.

නාඩි දුබලතාව, වාත රෝග, ආමවාත, පිත්තාතිසාරය, රත්පිත්, වාතරක්ත, සෙංගමාලය , මූත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය ආදී රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීරමුල්ලිය ශාකයේ කොළ, මුල්, බීජ ඇතුළු පංචාංගයම භාවිතයට ගනී. මුත්‍රාශයේ ගල් ඇති අයට ලුණුවර පොතු, නීරමුල්ලිය මුල් කලං 6 බැගින් කෂාය කර බීම, පොල්පලා, නීරමුල්ලිය තැම්බූ ජලය සතියකට වරක් පමණ බීම මගින් එම රෝගයෙන් සහනය ලැබිය හැකිය. වැඩිහිටියන්ගේ කකුල් ඉදිමුන විට නීරමුල්ලිය කොළ තැම්බූ ජලයේ කකුල් බාහා තබමින් සේදීම හා තැම්බුණු කොළවලින් තැවීම සිදුකරයි. රුධිර ධාවනය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය ඇති අයට අහිතකරයි. මුත්‍ර කාරක, කාමොද්දීපක, ඉදිමුම් නසන, ශුක්‍ර දුබලතාවන් නසන ආදී ගුණයන් සහිතයි.

නීරමුල්ලිය, ඉකිරිය පැල විකිණීමට ඇත
නව ඇතුගල ඔසුසල
අංක 28 බෝධිරාජ මාවත, කුරුණෑගල
0755311409

#ඖෂධීයශාක

කීකිරිඳිය (Eclipta prostrata) ශාකය හිසකෙස් වර්ධනයට, අක්මා රෝග සුව කිරීමට සහ ආමාශයේ ගැස්ට්‍රයිටිස් පාලනය කිරීමට දිව්‍ය ඖෂ...
25/07/2026

කීකිරිඳිය (Eclipta prostrata) ශාකය
හිසකෙස් වර්ධනයට, අක්මා රෝග සුව කිරීමට සහ ආමාශයේ ගැස්ට්‍රයිටිස් පාලනය කිරීමට දිව්‍ය ඖෂධයක් ලෙස ආයුර්වේදයේ දැක්වේ.
හිසකෙස් සහ සමේ ආරක්ෂාවට (Hair and Skin Benefits)හිසකෙස් වැටීම වැළැක්වීම: හිසකෙස් ශක්තිමත් කර අලුතින් කෙස් වැටීම වර්ධනය කරයි.අකලට කෙස් පැසීම පාලනය: හිසකෙස් කළු පැහැයෙන් දිගු කාලයක් පවත්වා ගැනීමට උදව් වේ.හිස තෙල් වර්ග සඳහා: කීකිරිඳිය යුෂින් සකස් කරන ලද තෙල් හිසට සහ ඇස්වලට ඉතා ගුණදායකය.අභ්‍යන්තර සෞඛ්‍යයට සහ රෝගවලට (Health and Medicinal Uses)ගැස්ට්‍රයිටිස් (Gastritis): ආමාශයේ ආම්ලිකතාවය සහ ගැස්ට්‍රයිටිස් වේදනාව අඩු කිරීමට උදව් වේ.παθήσεις (Liver/Jaundice): කහ උණ (Jaundice) සහ අක්මා ආශ්‍රිත රෝග සඳහා කොළ කැඳ දිගුකාලීනව ලබා දෙයි.හුස්ගැනීමේ අපහසුතා (Asthma): නැවුම් කොළ යුෂ ඇදුම සහ බ්රොන්කයිටිස් සඳහා නාස් දියරයක් (nasal drops) ලෙස භාවිතා කරයි.දත් සහ විදුරුමස්: මුල්වල කසාය දත් කැක්කුමට සහ විදුරුමස් ශක්තිමත් කිරීමට යොදා ගනී.

කීකිරින්දිය පැල විකිණීමට ඇත
නව ඇතුගල ඔසුසල
අංක 28 බෝධිරාජ මාවත, කුරුණෑගල
0755311409

අක්කපාන(Akkapana) රෝග රැසකට දිව ඔසුවක් බව ඔබ දැන සිටියාද?අද අපි කතා කරන්න යන්නෙ ශ්‍රී ලංකාවේ අපි  කවුරුත් දන්න පැලෑටියක්...
17/07/2026

අක්කපාන(Akkapana) රෝග රැසකට දිව ඔසුවක් බව ඔබ දැන සිටියාද?
අද අපි කතා කරන්න යන්නෙ ශ්‍රී ලංකාවේ අපි කවුරුත් දන්න පැලෑටියක් ගැන. ඒ තමයි අක්කපාන. පුංචි පැලෑටියක් උනත් අක්කපාන කියන්නේ ආයුර්වේදයේදි ඖෂධයක් ලෙස භාවිතා කරන ඉතා වැදගත් ශාකයක්. එමෙන්ම අතීතයේ පටන් මිනිසා එදිනෙදා ජීවිතයේ දි සිදුවන රෝග වලට අත් බෙහෙතක් ලෙසද අක්කපාන ශාකය භාවිතා කරල තියෙනවා. මෙම ශාකය ඉතා හොඳ සෞඛ්‍යසම්පන්න දිවිපෙවෙතක් සදහා වැදගත් වන ප්‍රතිලාභ රාශියක් ලබාදෙන ශාකයක්.

අක්කපාන (Akkapana) වල විද්‍යාත්මක නාමය Kalanchoe pinnata වන අතර එහි නිජබිම වෙන්නේ මැඩගස්කරය. අක්කපාන හී ඉංග්‍රීසි නාමය Cathedral Bells නම් වේ. Kalanchoe ගණයට අයත් ශාක 125 ක් පමණ පවතින අතර අක්කපාන යනුද මේ ගණයට අයත් ශාකයකි. අක්කපාන ආසියාතික රටවල්, ඔස්ට්‍රේලියාව, දකුණු ඉන්දියාව, හවායි දූපත්, නවසීලන්තය හා ලෝකයේ බොහෝමයක් රටවල වල ඉතා හොඳින් වර්ධනය වේ.

නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල ඉතා හොඳින් වැඩෙන මෙම ශාකය මාංසලමය පත්‍ර දරයි. ඒවා ඝන, මාංසමය, ඉලිප්සාකාර හැඩයක් දරන අතර දත් වැනි මායිමක් දරයි. මෙම මාංසල පත්‍ර ජලය ගබඬා කර ගනිමින් ඉඩෝර කාලවල් වලදී පවා නොනැසී පැවතීමට අනුවර්තන දරයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වැවෙන ශාකයක් තමයි මේ අක්කපාන (Akkapana) කියන්නේ. ගල්තලා මත වුවද පහසුවෙන් වර්ධනය වීමට අක්කපාන වලට හැකියාව ඇත.

ළපටි කාලයේ දී කඳේ, කොළ වල නටු හා කොළයේ නාරටි මත ඉතා ළා රතු පැහැයක් දක්නට ලැබෙන අතර කඳ මෝරා හොඳින් වැඩෙන විට ඒ පැහැය ක්‍රමයෙන් අඩු වේ.
අක්කාපාන ශාකයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඒවායේ කොළ වල දාරයෙන් නව අංකුර හට ගන්නා අතර පසුව ඒවා බිමට පතිත වීමෙන් නව පැලෑටි හට ගනි.

අක්කපාන (Akkapana) යනු බහු වාර්ෂික ශාකයක් වන අතර මීටර් 1 (අඟල් 39) පමණ උසකට වර්ධනය වේ. එහි මාංසමය සිලින්ඩරාකාර කඳක් ඇති අතර වසරේ වැඩි කාලයක් මල් දක්නට ලැබේ.
ඖෂධීය වටිනාකම් ගැන කතා කිරීමේදි අක්කපාන යනු සෞඛ්‍යයට ඉතා හිතකර ප්‍රතිලාභ ලබා දෙන ශාකයක්. දැන් අපි බලමු අක්කපාන ශාකයෙන් අපට ලබා ගන්න පුලුවන් ඖෂධීය ප්‍රතිලාභ පිළිබඳව. අක්කපාන ශාකයේ මල්, පත්‍ර, කඳ හා මුල් යන මේ හැම කොටසක්ම ආයුර්වේදයේදි ඖෂධයක් ලෙස බොහෝ රෝග සදහා භාවිතා කරයි.

අක්කපාන පත්‍ර වල රසායනික සංයුතිය ගැන කතා කිරීමේදි ඒවායේ සෞඛ්‍යයට හිතකර රසායනික සංයෝග බොහෝමයක් අන්තර්ගත වේ. Flavonoids, Triterpenoids, phenols, saponins, glycosides වැනි රසායනික සංයෝග ද මෙහි අඩංගු වේ.

අක්කපාන සෞඛ්‍යසම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමට, ශරීර වේදනාවන් සමනයට, නිරෝගි සමක් උදෙසා, ආමාශ ආන්ත්‍රික රෝග වලට එරෙහිව හා මුඛ සෞඛ්‍යය ,පිළිකා හා මානසික යහපැවැත්ම සදහා උපකාරී වේ. දැන් අපි මේ එක එකක් ප්‍රතිලාභ පිළිබඳ විස්තරාත්මක සාකච්ඡා කරමු.

1. අක්කපාන(Akkapana) මුත්‍රා ගල් සදහා

අක්කපාන කියූ සැනින් බොහෝදෙනාට මතකයට එනුයේ මුත්‍රා ගල්‍ ය. මුත්‍රා ගල් ඉවත් කිරීම සදහා අක්කපාන ශාකය ඉතා ඈත කාලයේ සිට භාවිතා කරයි. අක්කපාන මුල් හා කොළ මෞත්‍ර ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව හට ගන්නා රෝග වලට හොඳ ප්‍රතිකාරයකි. මුත්‍රා ගල් සහිත පුද්ගලයන්ට අක්කපාන කොළ තැම්බූ වතුර පානයට ලබා දීම ඉතා ගුණදායකය.

අක්කපාන කොළ යුෂ වකුගඩු ගල් සුව කරන බව දැන් ඔබ දන්නා කරුණකි. එබැවින් වකුගඩු ගල් සඳහා අක්කපාන ඉතා ජනප්‍රිය ස්වභාවික විසඳුමක් ලෙස භාවිතා කරයි. මුත්‍රා ගල් වලට අමතරව පිත්තාශය ආශ්‍රිතව හට ගන්නා ගල් දිය කර හැරීමටද අක්කපාන භාවිතා කළ හැකිය.

2. අක්කපාන(Akkapana) පිළිකා සෛල විනාශ කිරීමට

අක්කපාන වල අන්තර්ගත රසායනික සංයෝග මඟින් පිළිකා සෛල විනාශ කර දමයි. පිළිකා රෝගින් සදහා පහසුවෙන්ම භාවිත කළ හැකි ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස අක්කපාන හැදින්විය හැකිය.

3. රූපලාවණ්‍යය සදහා

අක්කපාන කොළවල යුෂය සමේ ඇති සිදුරු වසා දැමීමට, සමේ ඇති පැල්ලම් සහ හිරු රශ්මියෙන් ඇති වන පිලිස්සුම් සදහාද හොඳ ඖෂධයකි.
එසේම හිසකෙස් වැටීම අඩු කර ගැනීම සදහාද අක්කපාන වැදගත් වේ. අක්කාපාන වල ප්‍රති ක්ෂුද්‍රජීවී හැකියාවක් පවතින අතර එය කුරුලෑ සදහා කදිම ඔසුවක් වන බව පර්‍යේෂන මඟින් තහවුරු කර ඇත. එසේම ඒවායේ විටමින් C ද අඩංගු වන බව සොයාගෙන ඇත. මේ නිසා යහපත් සෞඛ්‍යයසම්පන්න රූ සපුවක් සදහා අක්කපාන ඉතා ආහාරයට ගැනීම ඉතා හොඳය.

4. ඇදුම වැනි රෝග වලට

අක්කපාන කොළ යුෂ මිනිස් පෙනහළු වල හට ගන්නා ඇදුම රෝගය සුව කිරීමට හොඳ ඔසුවක් ලෙස භාවිතා කර හැකිය. උණුසුම් අක්කපාන කොළ යුෂ මේ සදහා වෛද්‍යවරු නිර්දේශ කරයි.

5. තුවාල සුව කිරීම සදහා

කලින් කරන ලද පර්‍යේෂන වලට අනුව අක්කපාන වලට තුවාල සුව කිරීමේ හැකියාවක් ඇති බව සොයා ගෙන ඇත. අක්කපාන වල ඇති Quercetin නම් රසායනික සංයෝගය මේ සදහා දායක වේ. අක්කපාන පත්‍ර යුෂ තුවාල වලට යෙදීමෙන් ඒවා ඉක්මනින් සුව වන බව ද සොයාගෙන ඇත.

Akkapana
Akkapana Paste
6. කොන්දේ වේදනා සමනයට

කොන්දේ සහ පිටුපස වේදනාවන්ට අක්කපාන කොළ තැම්බූ වතුර සහ තැම්බූ අක්කපාන කොළ කදිම ඔසුවකි. තැම්බූ අක්කපාන කොළ වේදනා ගෙන දෙන ස්ථානයන්හී ඇතිල්ලීම සිදු කිරීමෙන් වේදනාව අඩු වන බව සොයාගෙන ඇත. එසේම අලුත් දත් පැමිණීමේදි ඇතිවන වේදනාව අඩු කිරීමටද අක්කපාන කොළ වල ඇති රසායනික සංයුතියට හැකියාවක් පවති.

7. අක්මාව ආශ්‍රිත රෝගයන්ට

අක්මාව ආශ්‍රිතව හට ගන්නා රෝග සුව කිරීම සදහාද අක්කපාන කොළ ඖෂධයක් ලෙස භාවිතා කරයි. හිසදරයට විසඳුමක් ලෙසද අක්කපාන කොළ භාවිතා කරයි. හොඳින් අඹරා ගත් අක්කපාන කොළ හිසෙහි ගැල්වීමෙන් හිසරදය අඩු වන බව ආයුර්වේදයේදි කියයි.

මෙය ලෝකයේ සමහර ප්‍රදේශවල ස්වභාවික නිර්වින්දනයක් ලෙසද භාවිතා කරන අතර එහි අඩංගු රසායනික සංඝටක අධි රුධිර පීඩනය වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමට ද උපකාරී වේ.

8. නිවසේ දී සිදු වන සුලු කැඩුම්-බිඳුම් සදහා

එදිනෙදා ජීවිතයේදි වන සුලු කැඩුම්-බිඳුම් සදහා අත් බෙහෙතක් ලෙසද “අක්කපාන” යොදගත හැකිය. එහිදී අක්කපාන කොළ කොටා තලපයක් සේ සකසා අදාළ ස්ථාන වල ආලේප කිරිමෙන් වේදනාව අඩු වන බව සොයාගෙන ඇත.

අක්කපාන (Akkapana)ආහාරයට ගත හැකි විවිධ ආකාර

1. අක්කපාන (Akkapana)තේ පානයක් ලෙස

අව්වේ ස්වාභාවික වියලා ගත් අක්කපාන පත්‍ර කුඩු ලෙස සකස් කර තේ පානයක් ලෙස භාවිතා කර හැකිය. ඔබ පානයට ගන්නා තේ සදහා විකල්පයක් ලෙස ද සතියකට වරක් හෝ දෙවරක් අක්කපාන තේ පානය සුදුසුය. කැෆේන් සදහා ප්‍රියතාවයක් නොදක්වන්නන් සදහාද මෙය කදිම විසඳුමකි.

කාර්‍යබහුල ජීවණ රටාවක් ගත කරන ඔබට මෙසේ සදාගත් අක්කපාන කුඩු ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය. මේ වන විට වාණිජ වශයෙන් සකස් කළ අක්කපාන තේ වෙළඳපොලෙන් මිල දී ගත හැකිය.

2. අක්කපාන (Akkapana) කොළ සම්බෝලයක් ලෙස

මේ සදහා,
අමු අක්කපාන කොළ 10 ක් පමණ
අමු ලූණු
පොල්
අමු මිරිස්
ලුණු
දෙහි යුෂ
ගම්මිරිස් කුඩු අවශ්‍ය වේ.

හීනියට කපා ගත් අක්කපාන කොළ හා ඉහත දැක්වූ අනිකුත් ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කිරීමෙන් අක්කපාන කොළ සම්බෝලය පහසුවෙන් සදා ගත හැකිය. මෙසේ සාදාගත් සම්බෝලය බත් සමඟ පහසුවෙන් ආහාරයට ගත හැකිය.

අක්කපාන (Akkapana) සම්බෝලයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් අම්ල පිත්ත රෝගය වැනි රෝග බොහෝමයකට ගුණදායක වේ.
සියලු කරුණු සලකා බැලීමේදි අපි නොසිතන ප්‍රතිලාභ රැසක් අක්කපාන ශාකයෙන් අපට ලබා ගැනීමට හැකි බව පැහැදිලිය. නමුත් කාර්‍යබහුල ජීවණ රටාවක් ගත කරන බොහෝ දෙනා මේවා භාවිතායට කැමැත්තක් නොදක්වයි. නමුත් ඉතා විශාල පරාසයක ශරීරයට ගුණ දෙන ප්‍රතිලාභ අක්කපාන ශාකය අපට ලබා දෙයි. මේ නිසා පුලුවන් හැමවිටකම මෙවැනි ගුණ දෙන ශාකමය ආහාරයක් ඔබේ ආහාරයට එකතු කර ගැනීම ඉතා ගුණදායකය.

අක්කපාන පැල විකිණීමට ඇත
නව ඇතුගල ඔසුසල
අංක 28 බෝධිරාජ මාවත, කුරුණෑගල
0755311409

🌿 කලු නික (Litsea saligna) – වනාන්තරයේ සැඟවුණු ඖෂධීය වටිනාකමක්ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර තුළ දක්නට ලැබෙන කලු නික (...
17/07/2026

🌿 කලු නික (Litsea saligna) – වනාන්තරයේ සැඟවුණු ඖෂධීය වටිනාකමක්

ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර තුළ දක්නට ලැබෙන කලු නික (Litsea saligna) යනු බොහෝ දෙනා නොදන්නා නමුත් දේශීය වෛද්‍ය සම්ප්‍රදායේ සැලකිය යුතු ස්ථානයක් හිමි ශාකයකි. මෙය ලෝරේසී (Lauraceae) කුලයට අයත් ස්වදේශික ගසක් වන අතර, පරිසර පද්ධතියට මෙන්ම ජන වෛද්‍ය ක්ෂේත්‍රයටද වැදගත් දායකත්වයක් ලබා දෙයි.

🌱 කලු නික හඳුනාගන්නේ කෙසේද?

* දිගටි හා සිහින් හැඩැති කොළ
* තද කොළ පැහැති පත්‍ර
* කුඩා සුදු පැහැති මල්
* කුඩා කොළ පැහැති ගෙඩි
* වනාන්තර හා තෙත් පරිසරවල වර්ධනය වීම

🌿 ජන වෛද්‍ය භාවිතයන්
පාරම්පරික දැනුමට අනුව කලු නික ශාකයේ කොළ, පොතු සහ අනෙකුත් කොටස් පහත අරමුණු සඳහා භාවිතා කර ඇත.

✔️ ශරීරයේ දැවිල්ල අඩු කිරීමට
✔️ උණ සහ සෙම් රෝග සඳහා
✔️ ශරීර වේදනා සමනයට
✔️ ආහාර ජීර්ණ පද්ධතියේ සමහර අපහසුතා සඳහා
✔️ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට

🔬 විද්‍යාත්මක දෘෂ්ටියෙන්
Litsea වර්ගයට අයත් ශාක කිහිපයක ප්‍රතිඔක්සිකාරක (Antioxidant), ප්‍රතිදැවිලි (Anti-inflammatory) සහ ක්ෂුද්‍රජීවී නාශක (Antimicrobial) ගුණ පිළිබඳ පර්යේෂණ සිදුකර තිබේ. කෙසේ වෙතත්, කලු නික (Litsea saligna) පිළිබඳ මිනිසුන් මත සිදු කළ ප්‍රමාණවත් සායනික අධ්‍යයන තවම සීමිත බැවින්, එය රෝග සුව කරන ඖෂධයක් ලෙස ප්‍රකාශ කිරීම සුදුසු නොවේ.

කළුනික පැල විකිණීමට ඇත
නව ඇතුගල ඔසුසල
අංක 28 බෝධිරාජ මාවත, කුරුණෑගල
0755311409

⚠️ වැදගත් අවවාදයක්
සමාජ මාධ්‍යවල කලු නික මඟින් දියවැඩියාව, පිළිකා හෝ වෙනත් බරපතළ රෝග සුව කළ හැකි බවට පළවන තොරතුරු බොහෝ විට විද්‍යාත්මකව තහවුරු කර නොමැත. ඕනෑම ඖෂධීය භාවිතයකට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

🌳 අපේ ස්වදේශික උරුමය රැකගනිමු
කලු නික යනු ශ්‍රී ලංකාවේ වනාන්තර ජෛව විවිධත්වයේ කොටසකි. එබැවින් මෙම ශාකය සංරක්ෂණය කිරීම සහ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමකි.

ස්වභාවධර්මය අපට ලබා දී ඇති සම්පත් ගැන දැනුවත් වෙමු, නමුත් සෑම විටම විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව කටයුතු කරමු. 🌿

#කලුනික #ශ්‍රීලංකාශාක #ඖෂධීයශාක

Thai ginseng (locally known in Sri Lanka as Kalu Iguru / කලු ඉඟුරු) provides several key health benefits:ලිංගික සෞඛ්‍යය ...
08/07/2026

Thai ginseng (locally known in Sri Lanka as Kalu Iguru / කලු ඉඟුරු) provides several key health benefits:ලිංගික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම (Sexual Health): එය ලිංගික ක්‍රියාකාරකම් සහ ශක්තිය වැඩි කිරීමට ප්‍රසිද්ධය.ශක්තිය සහ විඳදරාගැනීම වැඩි කිරීම (Energy and Stamina): කායික වෙහෙස හා තෙහෙට්ටුව අඩු කර, ශරීරයේ ශක්තිය මට්ටම ඉහළ නංවයි.ප්‍රතිශක්තිය වැඩි කිරීම (Immunity Boost): ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර, ආසාදනවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.රුධිර සංසරණය වැඩි දියුණු කිරීම (Blood Circulation): රුධිර නාල ප්‍රසාරණය කර රුධිර සංසරණය යහපත් කරයි.ප්‍රති-ගිනි අවුලුවන ගුණ (Anti-inflammatory Properties): සන්ධි වේදනාව සහ ආතරයිටිස් වැනි රෝගවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ

ඕනෑම වර්ගයක ඖෂධීය සහ පළතුරු පැළ විකිණීමට ඇත.
තායි කළු ඉඟුරු (Thai Black Ginger) පැළ විකිණීමට ඇත. අමතන්න: 0755311409
අප වෙත පැමිණෙන්න:
නව අතුගල ඔසුසල
අංක 28, බෝධිරාජ මාවත, කුරුණෑගල.

14/06/2026

සියලුම වර්ගයේ ඔසු පැල විකිණීමට
0755311409 අමතන්න
ස්ථානය - අංක 28 බෝධිරාජ මාවත, කුරුණෑගල

තායි ඉඟුරු , කළු කහ , සවුකෙන්ද ,රතු කොහිල , කලු වාල , අඹ ඉඟුරු , හරංකහ , බින් තල් , වදකහ , ඉඟුරු පියලි , හීන් අරත්ත ,
ගස් කෑල , කෙළිඳ , රුක් අගුණ ,ගජමදාරා ,
තුන්පත් කුරුඳු , කිරිවල්ල , නෙරළු ,
රුක් අත්තන ,සුදු හඳුන් , මලිත ,මුරුත ,
ඇට්ටමුරා , පතංගි , දියමිදෙල්ල ,බක් මී ගම්මාලු , කලු වර , ගස් පෙණෙල ,යකි නාරං ,
මයුරපාද ,ගුරුල්ල ,අශෝක ,හීන් තඹල ,රත්මල් , කිරි කෝන් ,මී ,වල් වරකා ,එකවේරිය ,සීවිය ,බිං කොහොඹ ,අශ්වගන්ධ ,පුස්වැන්න ,අක්මැල්ල ,
හීන් අනිත්ත ,මහ අනිත්ත ,නිල් අවරිය ,විෂ්ණුක්‍රාන්ති ,රණ උණ ,රත් නිටුල් ,එල නිටුල් ,ප්‍රාණජීව ,අඳු ,සේර ,ගස් තිප්පිලි ,සැවැන්දන ,සිනුක් පලු ,පොකුරු වද ,මරතොණ්ඩි ,දුහුදු ,මදනකාම වැල් ,එල ඔලිඳ ,රදලිය ,මුරුවා ,ඉහ වැල් ,කොතල හිඹුටු ,වල්දිය ලබු ,දිග කිද ,වැල් තිබ්බටු ,මස්බැද්ද ,
ගොනුකෑ ,බොකල ,තිප්පිලි ,හාතාවරිය ,ගම්මිරිස්

Call now to connect with business.

ඕනෑම ආකාරයක ඖෂධ පැළෑටි සහ පලතුරු පැල විකිණීමට ඇත. තුන් බෝ අත්තන පැල විකිණීමට ඇත 0755311409 අමතන්න අප වෙත පැමිණෙන්න නව ඇත...
17/05/2026

ඕනෑම ආකාරයක ඖෂධ පැළෑටි සහ පලතුරු පැල විකිණීමට ඇත.

තුන් බෝ අත්තන පැල විකිණීමට ඇත

0755311409 අමතන්න
අප වෙත පැමිණෙන්න
නව ඇතුගල ඔසුසල
අංක 28 බෝධිරාජ මාවත කුරුණෑගල

Address

No. 28 Bodiraja Mawatha
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when New Athugala Osusala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share