25/09/2021
ජපන් බටු / Souropus Androgynus
වගා කිරීමකින් තොරව ඉබේම වැවෙන ශාකයක් වන ජපන් බටු , සිංගප්පුරු කොළ , වැල් මුරුංගා , ආඬි කොළ , රට බිලිං ආදි වශයෙන් මෙය හදුන්වන අතර Sweet leaf bush , Multi green , Katuk multi vitamin ආදි වශයෙන් විදේශීයව ජපන් බටු ශාකය හදුන්වනු ලබයි.
ලංකාවට හදුන්වා දී ඇති ජපන් බටු ශාකය ඉන්දියාව , චීනය , බංග්ලාදේශය , වියට්නාමය , සිංගප්පූරුව , ජපානය ආදී විදේශීය රටවල බහුලව දැකිය හැකිය. ජපන් බටු 2 - 3 m දක්වා උසට වැඩෙන කුඩා පදුරු ශාකයකි. පත්‍ර 5 - 6 cm පමණ දිගින් යුතුව වැඩෙන මෙහි සුදු පැහැති ලක්ෂණයක් පත්‍ර මධ්‍යයේ පිහිටන අතර සුදු පැහැති බව නොපිහිටන අවස්ථාවනුත් ගස් මෝරන විට සුදු පැහැති ලක්ෂණ නොපිහිටන අයුරුත් හමුවෙයි. ද්විලිංගික මල් රතු පැහැයෙන් හටගන්නා අතර සුදු , ලා රෝස පැහැයෙන් ගෙඩි හටගනියි. ගෙඩිතුල බීජ කිහිපයක් පිහිටන අතර ඒ බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදුවෙයි. ජපන් බටු ශාකය Phyllanthaceae කුලයේ ශාකයකි.
ආයුර්වේදයේදී සිංගප්පුරු කොළ ශිත කාලයේ ඇතිවන උණ (Winter flu ) සුවය සඳහාත් මුත්‍රා ආබාධ සුව කිරීමටත් දියවැඩියාව සහ කල් පවතින තුවාල සුවයටත් යොදාගෙන තිබෙනවා. සිංගප්පුරු ගහෙ කොළ පමණක් නොවෙයි ගෙඩි , මල් සහ ඇටත් මේ සඳහා යොදාගන්නා බව සදහන් වෙයි.
අවට පරිසරයෙන්ම සොයාගන්නට පුළුවන් පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් ඇති පලාකොල වර්ගයක් ලෙසට ජපන් බටු හෙවත් සිංගප්පූරු කොල සදහන් වෙයි. කලවම් පලා මැල්ලුම් සදහා ජපන් බටු කොල ගැමියන් භාවිතා කර ඇති අතර ජපන් බටු ගෙඩිද ආහාරයට යොදා ගැනීමට හැකිය. මේ කොළවල පෝෂණ ගුණය විකිපිඩියාවේ මෙසෙ දක්වා ඇත .Nutritional value per 100g (3.5 oz) , ශක්තිය 245 kj (59 kcal) , වතුර 91.4g , කාබෝහයිඩ්‍රේට් (11g) , මේදය (1g) , ප්‍රෝටීන් (4.8g) , විටමින් A, B, C, K, Thiamine (0.1mg) , පොස්පරස් (98mg) , යකඩ (3mg) , කැල්සියම් (204mg) ...
මෙම පලා වර්ගය කෑමට ගැනීම ඇස් පෙනීම වර්ධනය කිරීමට සමත්වන අතර කිරි මව්වරුන්ට කිරි නිපදවීම වැඩිකරන බව පරීක්ෂණ මගින් තහවුරු කරගෙනද ඇති අතර කාන්තා පුරුෂ දෙපාර්ශවයේම ලිංගික හෝමෝන සමබර කිරීමක් මේ මගින් සිදුවෙන අතර පිරිමි අයගෙ ලිංගික හැකියාව වැඩිකරනවා වගේම කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා උද්දීපනය කරන්නත් මේ පලා වර්ගයට හැකි බව පරීක්ෂණ මගින් සනාථ වී ඇත.
එහි ඇති අධික කැල්සියම් ප්‍රමාණය නිසා ආර්තවය නතර වුනු කාන්තාවන්ට Osteoporosis රෝගය වලක්වා ගැනිමටත් අධික යකඩ සංයුතිය නිසා ආර්තවයේදී අධික රුධිරය වහනය වන කාන්තාවන්ගේ නිරක්තිය හෙවත් Anaemia වලක්වා ගැනීමටත් උපකාරී වන බව නවීන විද්‍යා පර්යේෂකයෝ අදවන විට පවසනවා.
ජපන් බටු කොල මැල්ලුමට ගන්නවා වගේම දලු හා ගෙඩි දෙකම කරවල හො හාල් මැස්සන් සමග තෙල් දාන්නත් පුළුවන්. තවද ගෙඩියේ මද අයින් කර තිබ්බටු සේ තෙල් දමා ගැනීමටද හැකිය. සිංගප්පූරුව , මැලේසියාව , ඉන්දියාව , ජපානය , පැපුවා නිව්ගිනි , ඉන්දුනීසියාව , පිලිපීනය ආදි රටවල් ගණනාවක ඖෂධීය ආහාරයක් ලෙස යොදා ගන්නා අතර කොළ , මැල්ලුමට , වෑංජනයට , බැදුමටද , ඇට ඇරගත් ගෙඩි තෙලට මෙන්ම කිරටද සකසාගන්නවා. සුප් වලටත් යොදා ගන්නවා.කරවල තෙල් දානවිට රස ගුණ සඳහා දලු හා ගෙඩි එක්කරගන්නා බවත් සදහන් වෙයි.
ජපානය , වියට්නාමය , චීනය ආදී රටවලද ජපන් බටු කොල ඉස්සෝ , කකුළුවෝ සුප් හදන්නට එකතු කර ගනියි. මැලේසියාවේ බිත්තරත් එක්ක තෙලට හදා කෑමට යොදාගනියි. ජපන් බටු කොළ අධික ප්‍රමාණයක් අමුවෙන් ආහාරයට ගැනීම නුසුදුසු බව සදහන් වෙයි. එසේම ඕනෑම කෑමක් දිනපතාම කෑමට නුසුදුසු බවක් දේශීය වෛද්‍යවරුන් පෙන්වන අතර ජපන් බටුද එලෙසමයි. දිනපතාම නොකන තරමට සුවදායක බව සිහියෙ තබාගැනීම වැදගත් වෙයි.
👌 ජපන් බටු ගෙඩි කෑමට ගැනීමට -
ජපන් බටු ගෙඩි පලලා මෝරපු ඇට ඉවත් කරගෙන භාජනයක් ලිපේ තබා ඒකට අබ පුපුරුවලා තලාගත් සුදු ලූණු , ලියාගත් අමුමිරිස් , රතු ලූණු , තක්කාලි , කපා ගත් වියලි මිරිස් කරලක් දාලා තෙම්පරාදු කර ඊට පසු ඒකටම දෙකට පලා ගත් ජපන් බටු එකතු කර කහ ස්වල්පයක් හා පදමට ලුනු දමා විනාඩි කීපයක් වසා තබන්න බටු ටික තැම්බෙනකම්. ඊට පස්සේ කෑලි මිරිස් ස්වල්පයක් දමා කෑමට ගත හැකිය. අවශ්‍ය නම් උම්බලකඩ , කූනිස්සෝ , හාල්මැස්සන් ආදිය යොදාද රසවත් සේ ජපන් බටු ගෙඩි ආහාරයට ගැනීමට පුලුවනි.
තොරතුරු, හා සෙයාරූ අන්තර්ජාලය ( විකිපිඩියා ) ආශ්‍රයෙනි....
මෙවැනි වටිනා තොරතුරු දැනගන්න Hela Osu - හෙළ ඔසු පිටුවට Like කර එකතුවන්න ... මෙන්න link එක .. https://www.facebook.com/ceylon.hela.osu/