White Ceylon

Call Contact the business

White Ceylon White Ceylon⚡ – Life to a Better Path 🌿🏡
A Sri Lankan business making healthy dehydrated foods🥗 and agricultural farm produce🍆🌶️
(2)

Good morning guys😍"Collect knowledge quietly today. One day, the things you learn in silence may create the success ever...
14/10/2026

Good morning guys😍

"Collect knowledge quietly today. One day, the things you learn in silence may create the success everyone can see😍"

07/10/2026

one step for GAP certification ...🐛

ගොවිබිමේ රෑට මේ කහ පාට LED බල්බ් එකක් දල්වන්නේ ඇයි? 💛🌱

රාත්‍රියේ වගාවට හානි කරන සමහර පළිබෝධ සතුන්, විශේෂයෙන් රාත්‍රියේ ක්‍රියාකාරී වන සලබයන් (moths), ආලෝකයට ආකර්ෂණය වෙනවා. සාමාන්‍යයෙන් දීප්තිමත් සුදු ආලෝකය ඔවුන්ට වැඩි ආකර්ෂණයක් ඇති කළ හැකි අතර, විශේෂ කහ පැහැති LED ආලෝකය සහ එහි දැල්වෙන (blinking) රටාව භාවිතා කිරීමෙන් වගාව වටා පළිබෝධ ක්‍රියාකාරකම් අඩු කිරීමට උපකාරී වෙනව. 🌿✨

මේ ක්‍රමයේ ලස්සනම දේ තමයි රසායනික ද්‍රව්‍ය යොදන්නේ නැතුව, ආලෝකය වැනි සරල ක්‍රමයක් වගා කළමනාකරණයට එකතු කරගන්න පුළුවන් වීම. 🌱💡

අපේ වගාව කියන්නේ අස්වැන්න විතරක් නෙවෙයි…
ස්වභාවධර්මයට ගරු කරමින්, වගාව රැකගන්න නව ක්‍රම සොයන ගමනක්...

දම්බරාව භාර කෘෂි උපදේශක දෙපලට මාගෙ හද පිරි ස්තූතිය පුදකරනව අපිට මේකට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර දීම වෙනුවෙන්....

🌱 Chemical-free mindset
💡 Smart farming
🦋 Pest management
🌍 Nature-friendly agriculture

Early mornings in the field bring a kind of peace and mental freedom that words can’t explain🌿💚
04/10/2026

Early mornings in the field bring a kind of peace and mental freedom that words can’t explain🌿💚



Brain into Business 2026| University of PeradeniyaSuccessfully completed the 3-day “Brain into Business 2026” workshop o...
13/09/2026

Brain into Business 2026| University of Peradeniya

Successfully completed the 3-day “Brain into Business 2026” workshop organized by NEDA and the Career Guidance Unit, University of Peradeniya.

It was a valuable experience where I learned about entrepreneurship, business planning, market understanding and developing a business idea into a successful business😍.

Grateful for this opportunity to learn, grow and take another step forward with White Ceylon (Pvt) Ltd🎉️.

NEDA සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Career Guidance Unit විසින් සංවිධානය කළ “Brain into Business 2026” තෙදින වැඩමුළුව සාර්ථකව අවසන් කිරීමට අපිට හැකි විය

ව්‍යවසායකත්වය, ව්‍යාපාර සැලසුම්කරණය, වෙළඳපොළ අවබෝධය සහ ව්‍යාපාරික අදහසක් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කිරීම පිළිබඳව වටිනා දැනුමක් ලබා ගැනීමට හැකි විය.

මෙය White Ceylon (Pvt) Ltd අපේ ව්‍යාපාරික ගමනේ තවත් වටිනා පියවරකි.

05/09/2026

Brain in to business 2026 🔥
Another valuable step in the journey of seeking the knowledge and guidance needed to take my own business forward😍🎉️
ව්‍යාපාරයක් තවත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දැනුම සහ මඟපෙන්වීම සොයා යන ගමනේ තවත් එක් වටිනා පියවරක්😍🎉️

21/08/2026

හද අල්ලන්න ආස ගමනේ💚😍

ව්‍යවසායකත්වය යනු ව්‍යාපාරයක් ආරම්භ කිරීම පමණක් නොව, නිරන්තරයෙන් ඉගෙන ගනිමින්, නව දැනුම හා කුසලතා එක්කර ගනිමින්, අභියෝග අවස්ථා බවට පත් කරමින් ඉදිරියට යන ගමනකි😍

2026 අගෝස්තු 13 සිට 20 දක්වා බදුල්ල, Pelgahathenna හි Uva Management Development Institute හිදී පැවැත්වූ “Entrepreneurship Development Training Programme – 2026” සඳහා සහභාගී වීමට ලැබීම මගේ ව්‍යවසායකත්ව ගමනේ ඉතා වටිනා අත්දැකීමක් විය😎.

මෙම වැඩසටහන තුළින් ව්‍යාපාර කළමනාකරණය, ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය, තීරණ ගැනීම, නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සහ අනාගත ව්‍යාපාරික ගමන සඳහා අවශ්‍ය දැනුම හා ආකල්ප පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයින් සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට ලැබීමද මෙම වැඩසටහනේ සුවිශේෂී අත්දැකීමක් විය.

මෙය හුදෙක් සහතිකයක් ලබාගැනීමක් නොව, වඩාත් දැනුවත්, සැලසුම් සහගත සහ වගකීම් සහිත ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට යාම සඳහා ලැබුණු තවත් එක් ශක්තිමත් පියවරකි.

මෙවැනි වටිනා අවස්ථාවක් ලබා දුන් Ministry of Industry & Entrepreneurship Development – Small Enterprises Development Division වෙත මගේ අවංක ස්තූතිය පුද කරමි.

ඉදිරියේදී ලබාගත් දැනුම ප්‍රායෝගිකව යොදා ගනිමින්, නව වටිනාකම් නිර්මාණය කරමින් සහ ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම මගේ අරමුණයි. 🇱🇰

Entrepreneurship is not simply about starting a business. It is a continuous journey of learning, developing new skills, embracing challenges, and creating meaningful value😍

I am pleased to have successfully completed the “Entrepreneurship Development Training Programme – 2026”, conducted from 13th to 20th August 2026 at the Uva Management Development Institute, Pelgahathenna, Badulla.

This programme provided me with valuable knowledge and practical insights into entrepreneurship, business management, decision-making, identifying business opportunities and developing the mindset and capabilities required to build a sustainable business🎉️.

Interacting with fellow entrepreneurs from different backgrounds and sharing knowledge, experiences and ideas was another valuable aspect of this programme.

This certificate represents more than a qualification. It is another important milestone in my entrepreneurial journey and a reminder of the importance of continuous learning and professional development.

My sincere appreciation to the Ministry of Industry & Entrepreneurship Development – Small Enterprises Development Division for providing this valuable opportunity.

I look forward to applying the knowledge gained through this programme to strengthen my entrepreneurial journey, create greater value and contribute towards the growth of Sri Lankan entrepreneurship. 🇱🇰

Day 4................
16/08/2026

Day 4................

🌿 අපේ ව්‍යාපාරික ගමනට අලුත් දොරටුවක් විවෘත කළ වටිනා වැඩසටහනක්… ❤️මහියංගනය කොට්ඨාසයේ ව්‍යවසායකයින් වෙනුවෙන් 2026 අගෝස්තු ...
09/08/2026

🌿 අපේ ව්‍යාපාරික ගමනට අලුත් දොරටුවක් විවෘත කළ වටිනා වැඩසටහනක්… ❤️

මහියංගනය කොට්ඨාසයේ ව්‍යවසායකයින් වෙනුවෙන් 2026 අගෝස්තු 06 සහ 07 දෙදින පුරා පැවැත්වූ “ඩිජිටල් අලෙවිකරණ” වැඩමුළුව වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි.. 🙏

අද ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට හොඳ නිෂ්පාදනයක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය නිවැරදි ආකාරයෙන් ඩිජිටල් අවකාශයට ගෙන යාම, පාරිභෝගිකයින් වෙත ළඟා වීම සහ අපේ ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි.

ඒ නිසාම, මහියංගනයේ අප වැනි ව්‍යවසායකයින් වෙනුවෙන් මෙවැනි වටිනා වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවටත්, මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා. 🙏

විශේෂයෙන්ම,

🎯 මඟපෙන්වීම ලබාදුන් ප්‍රාදේශීය ලේකම්තුමාටත්,

🤝 වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් කැපවූ මානව සම්පත් සංවර්ධන නිලධාරී එච්.එම්.ආර්. ශ්‍යාමා සමරසිංහ මහත්මියටත්,

👥 ව්‍යවසායකයින් සම්බන්ධීකරණය කළ පළාත් කර්මාන්ත නිලධාරී ආර්.එම්.ඩබ්ලිව්.කේ. වසන්ති කුමාරි මහත්මියටත්,

🎤 අපට වටිනා දැනුම හා ප්‍රායෝගික මඟපෙන්වීම ලබාදුන් බණ්ඩාරවෙල තාක්ෂණික විද්‍යාලයේ පී.පී.කේ. අලහකෝන් මහතාටත්,

එමෙන්ම වැඩසටහනට සහභාගී වී අපව දිරිමත් කළ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ❤️

දින දෙකක් තුළ ලබාගත් දැනුම අපගේ ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට විශාල ශක්තියක් වන බව විශ්වාසයි.

මහියංගනයේ ව්‍යවසායකයින්ගේ සිහින තවදුරටත් පුළුල් කරමින්, අපේ දේශීය නිෂ්පාදන ශ්‍රී ලංකාව පුරාත්, ඉදිරියේදී ජාත්‍යන්තර වෙළඳපොළ වෙතත් ගෙන යාමට මෙවැනි වැඩසටහන් මහත් පිටිවහලක් වනු ඇත. 🇱🇰🌎

අප වෙනුවෙන් මේ අවස්ථාව ලබාදුන් සියලුම දෙනාට නැවතත් ස්තූතියි! 🙏❤️

“දැනුමෙන් සවිබල ගැන්වුණු ව්‍යවසායකත්වය, සාර්ථක අනාගතයකට මඟ පාදයි.” 🌱

Address

Dambarawa Mahiyangana
Mahiyangana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94764144205

Website

Alerts

Be the first to know and let us send you an email when White Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to White Ceylon:

Shortcuts

Share