Engage by Pearl Cluster

Engage by Pearl Cluster Helping seniors stay active, engaged, and healthy with services designed for their mental and physical well-being.

වැඩිහිටියන්ට ආදරයෙන් සහ කරුණාවෙන් සත්කාර කිරීමට කැමති, වගකීම් සහගත Caregiver (සාත්තු සේවක/සේවිකාවන්) අපගේ මාලඹේ මධ්‍යස්ථ...
04/09/2026

වැඩිහිටියන්ට ආදරයෙන් සහ කරුණාවෙන් සත්කාර කිරීමට කැමති, වගකීම් සහගත Caregiver (සාත්තු සේවක/සේවිකාවන්) අපගේ මාලඹේ මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය වී ඇත.

ඔබත් වැඩිහිටි සත්කාර කටයුතු සඳහා දැඩි කැමැත්තක් දක්වන, කණ්ඩායමක් සමඟ සුහදව වැඩ කළ හැකි අයෙකු නම් අදම අප හා එක්වන්න. (Caregiving හෝ Nursing පිළිබඳ පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ).
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවතා ප්‍රජාවක් සමඟින් ඔබේ වෘත්තීය ගමන අරඹන්න.

📲 අයදුම් කරන ආකාරය:
ඔබගේ අයදුම්පත 076 135 4400 අංකයට WhatsApp කරන්න. වැඩි විස්තර සඳහා අපව අමතන්න.
ස්ථානය: මාලඹේ
www.engagewellness.lk

Retirement should be about enjoying life, not managing daily chores and medical stress. At Engage Wellness, we are redef...
04/09/2026

Retirement should be about enjoying life, not managing daily chores and medical stress.

At Engage Wellness, we are redefining senior living in Sri Lanka. Our premium residential packages are designed to lift the burdens of home maintenance, medication management, and daily isolation off your shoulders. In their place, we provide a vibrant community, 24/7 expert medical support, and an environment that truly feels like home.

Don't let your loved ones just age. Give them the environment they need to thrive!

Call us today to explore our short-term and long-term residential packages: 076 135 4400
Malabe | Arangala
www.engagewellness.lk

We are officially on YouTube! Discover a new standard of healthcare where world-class medical support meets the warm, we...
03/09/2026

We are officially on YouTube!

Discover a new standard of healthcare where world-class medical support meets the warm, welcoming comfort of home.

Whether you are looking for guidance on caring for an aging parent, seeking professional rehabilitation advice, or just want to see what life is like inside our facilities, our channel is designed to support your family’s wellness journey.

What you will find on our channel:
- Expert medical advice and care tips from our specialist doctors.
- Professional physiotherapy guidance for pain management and mobility.
- Exclusive behind-the-scenes tours of our premium residential facilities.
- A glimpse into the daily lives of our vibrant, happy wellness community.

Join our community and discover a place where Premium Care Feels Like Home.

👉 Subscribe to our channel here: https://www.youtube.com/ or search for on YouTube!

076 135 4400
Malabe | Arangala
www.engagewellness.lk

ඇඳට සීමා වූ රෝගියෙකු රැකබලා ගැනීම: ප්‍රායෝගික මඟ පෙන්වීම (Part 02)රෝගියෙකු ඇඳටම සීමා වූ විට, ඔවුන්ගේ ශාරීරික මෙන්ම මානසි...
01/09/2026

ඇඳට සීමා වූ රෝගියෙකු රැකබලා ගැනීම: ප්‍රායෝගික මඟ පෙන්වීම (Part 02)
රෝගියෙකු ඇඳටම සීමා වූ විට, ඔවුන්ගේ ශාරීරික මෙන්ම මානසික සුවතාවය රඳා පවතින්නේ සාත්තු සපයන්නා මතය. මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයකි:

1. පීඩන තුවාල (Pressure Sores) වැළැක්වීම
දිගු වේලාවක් එකම ඉරියව්වෙන් සිටීම නිසා සමේ රුධිර ගමනාගමනය අඩාල වී තුවාල ඇති විය හැක.

ඉරියව් මාරු කිරීම: අවම වශයෙන් සෑම පැය 2කට වරක්වත් රෝගියාගේ ඉරියව්ව (පැත්තට හැරවීම) මාරු කරන්න.

සම පරීක්ෂා කිරීම: රතු පැහැ ගැන්වුණු ස්ථාන තිබේදැයි දිනපතා පරීක්ෂා කරන්න (විශේෂයෙන් විලුඹ, කොන්දේ පහළ කොටස සහ වැලමිට).

විශේෂ මෙට්ට: වායු මෙට්ට (Air mattress) භාවිතය පීඩනය අඩු කිරීමට උපකාරී වේ.

2. පෞද්ගලික පිරිසිදුකම සහ සම රැකබලා ගැනීම
ඇඳ මත ස්නානය (Sponge Bath): දිනපතා මද උණුසුම් ජලයෙන් ශරීරය පිසදා පිරිසිදු කරන්න.

තෙතමනය පාලනය: සම නිතරම වියළිව තබා ගන්න. මුත්‍රා හෝ මළපහ පිට වූ විගස පිරිසිදු කර සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ගයක් (Barrier cream) ආලේප කරන්න.

මුඛ සෞඛ්‍යය: දිනකට දෙවරක් මුඛය පිරිසිදු කිරීම මගින් විෂබීජ පෙනහළු වලට යාම වැළැක්විය හැක.

3. පෝෂණය සහ ජලය ලබා දීම
නිවැරදි ඉරියව්ව: ආහාර ලබා දෙන විට රෝගියාගේ හිස පැත්ත ඉහළට ඔසවා තබන්න (පිට උගුරේ යැම වැළැක්වීමට).

ජලය: විජලනය වැළැක්වීම සඳහා ස්වල්පය බැගින් නිතර ජලය හෝ දියර වර්ග ලබා දෙන්න.

4. සන්ධි සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වය
රෝගියාට තනිවම කළ නොහැකි නම්, අත් පා සෙමින් නැවීම සහ දිග හැරීම වැනි ව්‍යායාම සිදු කරන්න. මෙයින් සන්ධි තද වීම වළක්වා ගත හැක.

5. නහර වල රුධිරය කැටි ගැසීම (DVT)
දීර්ඝ කාලයක් ඇඳටම වී සිටින රෝගීන්ගේ පාදවල රුධිර ගමනාගමනය අඩාල වීම නිසා නහර තුළ රුධිරය කැටි ගැසීමේ වැඩි අවදානමක් පවතී. මෙය DVT (Deep Vein Thrombosis) ලෙස හැඳින්වේ. මෙම රුධිර කැටියක් ගැලවී ගොස් පෙනහළු වල සිරවීම (Pulmonary Embolism) ජීවිත අවදානමක් පවා ඇති කළ හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.

රෝග ලක්ෂණ (හඳුනා ගන්නේ කෙසේද?)
රෝගියා රැකබලා ගන්නෙකු ලෙස ඔබ පහත ලක්ෂණ කෙරෙහි නිතරම විමසිලිමත් විය යුතුය:

එක් පාදයක ඉදිමීම: සාමාන්‍යයෙන් එක් කකුලක පමණක් ඇතිවන අසාමාන්‍ය ඉදිමීම.

වේදනාව: කෙණ්ඩ ප්‍රදේශයේ හෝ කලවයේ ඇතිවන තද බල වේදනාව (මස් පිඬු පෙරළීමක් වැනි දැනීමක්).

සම රතු වීම: සමේ පැහැය වෙනස් වීම හෝ තද රතු/නිල් පැහැයක් ගැනීම.

සමේ උණුසුම: ඉදිමුණු ප්‍රදේශය ස්පර්ශ කරන විට අනෙක් ප්‍රදේශවලට වඩා උණුසුම් බවක් දැනීම.

වළක්වා ගන්නේ කෙසේද? (පූර්ව ආරක්ෂණ පියවර)

පාද චලනය කිරීම: රෝගියාට තනිව කළ නොහැකි නම්, රෝගියාගේ පතුල් සහ කකුල් සෙමින් ඉහළට පහළට සහ වටේට චලනය කරවන්න.

රෝගියාගේ ඉරියව් වෙනස් කිරීම: අවම වශයෙන් පැය දෙකකට වරක්වත් රෝගියාගේ ඉරියව්ව (පැත්ත හැරවීම වැනි) වෙනස් කරන්න.

දියර වර්ග ලබා දීම: විජලනය නිසා රුධිරය ඝන වීම වැළැක්වීමට වෛද්‍ය උපදෙස් මත ප්‍රමාණවත් තරම් ජලය සහ දියර වර්ග ලබා දෙන්න.

මේස් (Compression Stockings): වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්නම්, රුධිර ගමනාගමනය පහසු කරන විශේෂ මේස් වර්ග පළඳවන්න.

ඖෂධ: රුධිරය කැටි ගැසීම වැළැක්වීමට වෛද්‍යවරයා ලබා දී ඇති ඖෂධ (Blood thinners) නියමිත වේලාවට ලබා දෙන්න.

විශේෂ අනතුරු ඇඟවීමක්: රෝගියාට හදිසියේම හුස්ම ගැනීමේ අපහසුවක්, පපුවේ වේදනාවක් හෝ තද බල කැස්සක් ඇති වුවහොත්, එය කකුලේ ඇති වූ රුධිර කැටියක් පෙනහළු කරා ගමන් කිරීමේ ලක්ෂණයක් විය හැකිය. එවැනි අවස්ථාවක ප්‍රමාද නොකර වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

වෛද්‍ය සිතිර සෙනෙවිරත්න
(වැඩිහිටි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය)

31/08/2026
වැඩිහිටි අයෙකු ඇඳටම සීමා වීමට (Bedbound) බලපාන ප්‍රධාන සාධකවැඩිහිටි පුද්ගලයෙකු ඇඳටම සීමා වීම හදිසියේ සිදුවන්නක් මෙන්ම ක්...
28/08/2026

වැඩිහිටි අයෙකු ඇඳටම සීමා වීමට (Bedbound) බලපාන ප්‍රධාන සාධක

වැඩිහිටි පුද්ගලයෙකු ඇඳටම සීමා වීම හදිසියේ සිදුවන්නක් මෙන්ම ක්‍රමයෙන් සිදුවන ක්‍රියාවලියක් ද විය හැකිය. මෙයට බලපාන ප්‍රධාන රෝගී තත්ත්වයන් මෙසේ පෙළගැස්විය හැකිය:

1. ස්නායු හා මොළය ආශ්‍රිත රෝග (Neurological Conditions)
අංශභාගය (Stroke): ශරීරයේ පැත්තක් අප්‍රාණික වීම හෝ සමබරතාවය ගිලිහී යාම නිසා ඇවිදීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වී යා හැකිය.

දරුණු ගණයේ අමතක වීම (Advanced Dementia): මෙහි අවසාන අවධියේදී මොළයට ඇවිදීම සඳහා අවශ්‍ය උපදෙස් මාංශ පේශි වෙත ලබා දීමට නොහැකි වේ (Gait Apraxia).

පාකින්සන් රෝගය (Parkinson’s Disease): ශරීරයේ තද ගතිය සහ වෙව්ලීම නිසා ඇවිදීම ඉතා අසීරු වී ඔවුන් ඇඳටම සීමා වීමට ඉඩ ඇත.

2. අස්ථි සහ සන්ධි ආශ්‍රිත ගැටලු (Musculoskeletal Issues)
උකුල් ඇටය බිඳීම (Hip Fractures): වැඩිහිටි අයෙකු ඇඳට සීමා වීමට බලපාන ප්‍රධානතම හේතුවකි. ශල්‍යකර්මයකින් පසුව වුවද පවතින වේදනාව හෝ නැවත වැටේ යැයි පවතින බිය නිසා ඔවුන් ඇවිදීම නතර කරයි.

මාංශ පේශි ක්ෂය වීම (Sarcopenia): වයසත් සමඟ මාංශ පේශිවල ශක්තිය දරුණු ලෙස හීන වී යාම නිසා තනිව නැගී සිටීමට නොහැකි වීම.

3. මානසික සාධක (Psychological Factors)
වැටීමට ඇති බිය (Fear of Falling): වරක් වැටුණු පසු ඇතිවන දැඩි මානසික බිය නිසා ආරක්ෂාව පතා ඔවුන් ඇඳටම සීමා වේ.

දරුණු විශාදය (Severe Depression): කිසිදු කායික රෝගයක් නොමැති වුවද, ජීවිතය පිළිබඳ ඇතිවන කලකිරීම නිසා ඇඳෙන් නැගී සිටීමට ඇති උනන්දුව නැති වී යාම.

4. රෝහල්ගත වීමෙන් පසු ඇතිවන දුර්වලතාවය (Deconditioning)
වෙනත් රෝගයකට (උදා: මුත්‍රා ආසාදනයක් හෝ නියුමෝනියාව) ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වී දින කිහිපයක් එක දිගට ඇඳේම සිටීම නිසා වැඩිහිටි අයෙකුගේ මාංශ පේශි ඉතා වේගයෙන් දුර්වල වේ. මෙය ඇඳට සීමා වීමේ විෂම චක්‍රය ලෙස හැඳින්වේ.

"රෝගියෙකු ඇඳටම සීමා වූ විට, ඔවුන්ගේ ශාරීරික මෙන්ම මානසික සුවතාවය රඳා පවතින්නේ සාත්තු සපයන්නා මතය."

ඊළඟ කොටසින් (Part 02)...
ඇඳටම සීමා වූ රෝගියෙකුගේ ශාරීරික හා මානසික සුවතාවය වෙනුවෙන් සාත්තු සපයන්නෙකු ලෙස ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කරුණු මොනවාද? ඒ සියල්ල ගැන ප්‍රායෝගික මඟ පෙන්වීම Part 02 තුළින් ඊළඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න!

වෛද්‍ය සිතිර සෙනෙවිරත්න
(වැඩිහිටි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය)

25/08/2026

Engage Wellness Center වෙතින් Physiotherapy සේවා
වැඩි විස්තර සහ වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා අමතන්න:
076 135 4400

විශේෂඥ වෛද්‍ය මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සුවිශේෂී සුවතා සැලසුම් (Physiotherapy Sessions) දැන් හෝකන්දර Engage Wellness Center හිදී. ඔබගේ අවශ්‍යතාවය අනුව පෞද්ගලික (1-to-1) සායන වාර ද වෙන්කරවා ගත හැකිය.
Web - www.engagewellness.lk

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහනක් තැබූ ජාතියේ යශෝරාවය, ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට උතු...
20/08/2026

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහනක් තැබූ ජාතියේ යශෝරාවය, ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට උතුම් වූ නිවන් සුව අත්වේවා!

A voice that healed and comforted generations of Sri Lankans. We express our deepest condolences on the passing of the legendary musician, Dr. Nanda Malini. May she rest in peace.

Engage Wellness Center පවුලේ බලවත් ශෝකය මෙසේ ප්‍රකාශ කර සිටිමු.

Engage Wellness Center වෙතින් සුවිශේෂී කණ්ඩායම් චිකිත්සක වැඩසටහනක් | A Special Group Therapy Programඔබගේ ආදරණීය වැඩිහිටි...
18/08/2026

Engage Wellness Center වෙතින් සුවිශේෂී කණ්ඩායම් චිකිත්සක වැඩසටහනක් | A Special Group Therapy Program

ඔබගේ ආදරණීය වැඩිහිටියන්ගේ මතක ශක්තිය සහ මානසික සුවතාවය වර්ධනය කිරීම වෙනුවෙන්ම සැකසූ මෙම විශේෂ වැඩසටහන ජාතික රෝහලේ වෘත්තීය චිකිත්සක නිමානි අලුත්වත්ත මහත්මිය විසින් මෙහෙයවනු ලබයි. මෙය මෘදු සිට මධ්‍යම මට්ටමේ ඩිමෙන්ෂියා (Dementia) තත්ත්වයන් සහිත වැඩිහිටියන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇත.

Date: Every Sunday
Time: 3:30 PM to 5:00 PM

Limited to 10 individuals per group

ඔබේ ආදරණීයයන්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් එක් කිරීමට අදම ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්න.
Reserve your spot today to make a positive impact on your loved one's life.

For more details: 076 135 4400
Location: Engage පොතුඅරාව ශාඛාව
www.engagewellness.lk

ඔබේ ආදරණීය දෙමාපියන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් දිවයිනේ සහනදායීම විශේෂඥ වෛද්‍ය සායනය!ජ්‍යෙෂ්ඨ පුරවැසි සුව පැවැත්ම වෘත්තීය සත්කාර...
14/08/2026

ඔබේ ආදරණීය දෙමාපියන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් දිවයිනේ සහනදායීම විශේෂඥ වෛද්‍ය සායනය!

ජ්‍යෙෂ්ඨ පුරවැසි සුව පැවැත්ම වෘත්තීය සත්කාරයක් බවට පත් කළ අප, Engage මාලබේ පොතුඅරාව ශාඛාවේදී ඔබ වෙනුවෙන්ම මෙම විශේෂඥ වෛද්‍ය සායනය ක්‍රියාත්මක කරන්නෙමු. ඔබගේ ආදරණීයයන්ගේ සුවදුක් නිරතුරුවම සොයා බැලීමට අපගේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය දැන් සූදානම්.

සායන කාලසටහන:

විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න (ජාතික රෝහල)
සෑම අඟහරුවාදාම සවස 6.00 ට

විශේෂඥ වෛද්‍ය නාමල් වීරකෝන් (කළුතර ශික්ෂණ රෝහල)
සෑම සෙනසුරාදාම සවස 4.00 ට

එක් වෛද්‍යවරයෙකු සඳහා දිනකට උපරිම රෝගීන් 20ක් පමණක් පරීක්ෂා කරන බැවින්, ඔබගේ අවස්ථාව අදම වෙන්කරවා ගන්න!

📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට අමතන්න: 076 135 4400
🌐 පිවිසෙන්න: www.engagewellness.lk
📍 ස්ථානය: Engage පොතුඅරාව ශාඛාව (මාලබේ)

Address

No. 1044/11, Pothuarawa Road
Malabe

Alerts

Be the first to know and let us send you an email when Engage by Pearl Cluster posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share