T & T Tattoos

T & T Tattoos the place where your dream tattoo come true, with the best available products, & years of experiences

06/08/2026

❤️
06/08/2026

❤️

හුස්ම පොදක් සඳහා මහත් වේදනාවෙන් පොරබදින පුංචි පැටවෙකුගේ ජීවිතය වෙනුවෙන් අපේ දෑත් දිගු කරමු නේද?🙏🙏♥️♥️

අනුරාධපුර, මැදවච්චිය, ඉසින්බැස්සගම ප්‍රදේශයේ පදිංචි කේ.වී. මනිස ප්‍රණාවර රූපසිංහ (K.V. Manisa Pranavara Rupasinghe) කියන මේ පුංචි පුතණුවන් අද ජීවිතයත් ම//රණ//යත් අතර පවතින අතිශය දුෂ්කර අභියෝගයකට මුහුණ දී සිටිනවා. ඔහු මා///රාන්//තික තැලසීමියා (Thalassemia) රෝගයෙන් පීඩා විඳින අතර, ඔහුගේ ජීවිතය සුරක්ෂිත කරගැනීමට හදිසි ඇටමිඳුලු බද්ධ කිරීමේ (Bone Marrow Transplant) ශල්‍යකර්මයක් සිදුකළ යුතුව තිබෙනවා. 😥😥🙏🙏🙏

තැලසීමියා යනු සිරුරේ හිමොග්ලොබින් සහ රතු රුධිර සෛල නිසි ලෙස නිපදවීමට නොහැකි වන ජානමය රුධිර රෝගයක් වන අතර, මෙවැනි සංකීර්ණ තත්ත්වයකදී ඇටමිඳුලු බද්ධ කිරීම මඟින් රෝගියාට සම්පූර්ණ සුවය ලබාගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත්, මෙම ජීවිතාරක්ෂක ශල්‍යකර්මය සහ අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 130 ක (රු. 13,000,000) මුදලක් වැයවන බවට තහවුරු කර තිබෙනවා. 🙏🙏♥️♥️

මාස තුනක පමණ කාලයක සිට මේ වෙනුවෙන් ආධාර එකතු කරන අතර, පියා විසින් පුංචි පුතාවද කැටුව රුවන්වැලි මහා සෑය අබියසදී ආධාර එකතු කිරීම සිදුකරනු ලබයි. මෙම පුංචි පුතණුවන් 5 වසර ශිෂ්‍යත්වය සඳහා සූදානම් වන අතර, අසනීප තත්ත්වය මධ්‍යයේ වුවද ඉගෙනුම් කටයුතු අතනොහැර කරගෙන යනු ලබයි. ♥️♥️🙏

බැංකු ගිණුම් විස්තර:
• බැංකුව: ලංකා බැංකුව (BOC Bank)
• ගිණුම් අංකය: 91634455
• ගිණුමේ නම: BANDARA DND

විමසීම් සහ වැඩිදුර තොරතුරු සඳහා:
• දුරකථන අංකය: 076-9080553

තමන්ගේ ලේ කැටියා වෙනුවෙන් නෙතඟ කඳුළු පුරවාගෙන අසරණව දෑත් දිගුකරන ඒ පියාගේ බලාපොරොත්තු සුන්වී යන්නට ඉඩ නොදෙමු.
තහවුරු කළ මූලාශ්‍රය: පවුලේ අය විසින් ප්‍රසිද්ධ කරන ලද නිල වෛද්‍ය ආධාර ඉල්ලීම් බැනරය, සෘජු වීඩියෝ ප්‍රකාශ සහ දුරකථන සම්බන්ධතා අංකය (076-9080553). 🙏🙏🙏

අපගේ කුඩා හෝ උපකාරයක්, එකතු වුණ විට පුංචි මනිස පුතාට නව ජීවිතයක් සහ සිනහවෙන් පිරි අනාගතයක් තිළිණ කිරීමට ශක්තියක් වනු ඇත.
ලක්ෂ ගණනක් වටිනා ජීවිතයක් බේරාගන්න ඔබේ ආදරණීය දෑත් අදම දිගු කරන්න සූදානම්ද?♥️♥️

මේ පණිවුඩය පුළුවන් තරම් Share කරලා, Save කරගෙන, තවත් අය Tag කරමින් මනිස පුතාලගේ පවුලට ආශීර්වාදයක් සහ ශක්තියක් වෙමු!

AI Generated Image



⚠️ Legal & Content Disclaimer: This post is intended solely for news reporting, educational purposes, and public awareness based on publicly available information and official records where applicable. It contains no graphic imagery or prohibited content and does not promote violence, hate speech, discrimination, illegal activities, or harmful behavior. The content is provided strictly for informational and educational purposes regarding current events, matters of public interest, and the rule of law.

05/08/2026

අපේ T & T Tattoos Studio එකට ඇතුල්වෙනකොටම පේන්න තියෙන මේ 2'*2' සයිස් එකේ acrylic art එක එන හැමෝගෙන්ම හොද comment එන එකක්. අපේ coach Don Mathishaත් මේක නියම ආර්ට් එකක් කිව ස්ටුඩියෝ එකට ආව වෙලාවක ❤️.මේක මම මීට කලිනුත් මේ පේජ් එකේ දාල තිබුනත්, මේකේ පිටුපස තියන කතාව වෙනම එකක්.

ආසාවට පේන්ටින් කර කර හිටියට මුලින්ම acrylic painting වැඩක් සෙට් උනේ කොවිඩ් සීසන් එකේ ෆැක්ටරි එකත් වහල ගෙදරට වෙලා ඉන්න දවස්වල. Hotel එකකට paintings 90ක්. ලොකු වැඩක් මට. පේජ් එකේ මුලින්ම දාල තියෙන්නේ ඒව තමයි.
ඉතින් ඔය වැඩ කරන අතරෙ දාපු ෆොටෝ, වීඩියෝ කෑලි වලින් තමයි මගේ යාළුවෝ දැනගන්නෙත් මූ රස්සාවට අමතරව ටැටූ ගහන එක විතරක් නෙවේ, ඇක්‍රලික් පේන්ටින් වැඩත් කරනව කියල.
පේන්ටින් 90ක්, 1.5'*2', 2'*3', 4'*4' සයිස් එකේ.
අමාරු වැඩක් උනා ඒක. අයිඩියාවක් එන්නෙම නැති වෙලාවකට කොපි කරපු ඒව 5,6ක් තිබුන ඒ අතර මොකද, බාරදෙන්න කාලෙකුත් තිබුනනේ. ලොකු පුතා පොඩියි ඔය කාලේ. ගෙදර ඉන්න දවස් ටිකේ උඩ කාමරයක් වහගෙන ඇන්දා... වැඩට යන සති දෙකට කැන්වස් ටිකකුයි බඩු සෙට් එකයි කාර් එකේ පටවන් පුල්මුඩේට ගියා.. රෑ දවල් නැතුව වැඩ කරේ.
මේ ඉතින් කතාවට පෙර කතාව.....
ඔය ගේම ඉවර කරල ඉද්දි මට ඕන උනා අපේ ස්ටුඩියෝ එකටත් මගේ පේන්ටින් ටිකක් එල්ලගන්න. ඒත් ඉතින් මගේ හැටියට ටාගට් එකක් නැත්නම් වැඩේ වෙන්නෙත් නෑ...😊
ඔය අතර දවසක මගේ බැජියෙක්ගෙන් කෝල් එකක් ආව ඌ අලුතින් හදපු ගෙදර එක තැනකට සෙට් වෙන්න පේන්ටින් තුනක් ඇදල දීපන් කියල. නිකම්ම නෙවේ මොනවදෝ කරපු වෙලාවක බල බල කල්පනාකරන්න ඕනලු...
දවස් කීපයක්ම අපි කතා කරත් මුගෙන් හරියටම ඕන දෙයක් ආවෙත් නෑ... මටත් මොනවහරි ගහල කල්පනා කරන්න වෙන සීන් එකක්...
දියර ජාති හුරු මට, අවසක් තනියම, මගේ නවාතැනේ හවසක, පොඩියට අඩියක් ගහන ගමන් කල්පනාවට ආව අදහස් තුනක් පොඩි කටුසටහනක් ගහල වැඩේට ස්ටාට් එකක් ගත්ත.
1. මියුසික් වලට ලව් උගේ ජීවිතේට සෙට් වෙන කතාවක්
2. ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් උන අතීත තාක්ශනය, දෙවියන්, ආගම්, පැරණ ශිෂ්ඨාචාර ගැන, ඒවගේ ඇති නැතිවීම්.... හා ඒ ගැන මගේ හිතේ ඇති හැගීම් ගැන.
3. ක්‍රිප්ටෝ ගැන හොය හොය හිටපු ඒ කාලේ ඒ ගැන තිබුනු හැගීම්... මේක නම් ටිකක් සරල සීන් එකක්..
ඉතින් ෆ්‍රේම් ටික ගහගෙන "නිවාඩු දවස්වල ලැබෙන නිවාඩු වෙලාවල" ටික ටික වැඩේ කරගෙන ගියා, මාසයක් විතර. වැඩේ අතර අප්ඩේට් එක ඌට පොටෝ එකක් ගහල යවනව, මිනිහත් OK.
වැඩේ ඉවර වෙලා යවන්න විදියක් ගැන අහද්දි ටිකක් ඉදපන් මචං ටික දවසකින් ගන්නම් කීව මතකයි. ඔහොම තව මාසයක් දෙකක් ගියා... මටත් ඉතින් වැඩත් එක්ක ඕක අයේ ඔලුවට ආවෙ නෑ. ඕන දවසක ගනීනේ..
අනේ ඉතින් ටික දවසකින් මුහුණු පොත පෙරලන වෙලාවක මෙන්න මූ ඉන්නව වෙන රටකට ගිහින් පවුල පිටින්ම.😁
පින්සලක් අල්ලන්න වෙලාව වෙන් කරන්න බැරි මට වැඩේ කරන්න හේතුවක් දීල, හොද වෙනස් වැඩකට අයිඩියා එකක් හොයන්න හේතුවකුත් දීල ගිය උඹට තෑන්ක්ස් කරල මම ඒ පේන්ටින් තුනම එල්ලගත්ත අපේ ටැටූ ස්ටූඩියෝවෙ....
ඒ එක්කම අපෙ ස්ටුඩියෝ එකටත් පේන්ටින් එකක් කරගන්න කියල හදපු කැන්වස් එක තාම ගෙදර මුල්ලක එහෙ මෙහෙ යනව, පේන්ට් වලට මොනව වෙලාද දන්නෙත් නෑ. තාම හොදට තියනව වගේ පේන්නේ අපෙ ලොකු පුතා උඩට ගිහින් ඒව අරන් පොඩි පොඩි වැඩ දානව දැක්කම. හැබැයි පින්සල් වලින් හොදම ටිකට කොල්ල ගේම දීල. ආයේ ගන්න බැරිවෙන්නම...
බලමු ඊලග නිවාඩුවටවත්....
ආ... මේක කියවපු අය මේ පේන්ටින් එක ගැන මොනවද හිතෙන්නේ කියල ලියන්න... කතාකරන්න හොයලබලන්න රස මාතෘකාවක්.

T & T Tattoos Matale 🇱🇰 Happy clients minimal tats
03/08/2026

T & T Tattoos Matale 🇱🇰

Happy clients minimal tats

30/07/2026

Tattoo times...
T&T tattoo studio..
0775970154
0772296041.

T & T Tattoos Matale happy client
29/07/2026

T & T Tattoos Matale happy client

T & T Tattoos Matale 🇱🇰 happy client
25/07/2026

T & T Tattoos Matale 🇱🇰 happy client

T & T Tattoos Matale Happy clients
22/07/2026

T & T Tattoos Matale
Happy clients

20/07/2026

16/07/2026

Address

Matale Town

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94775970154

Website

Alerts

Be the first to know and let us send you an email when T & T Tattoos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share