09/01/2022
_ORIFLAME SWEET ALMOND OIL*
*ස්වීට් ආමන්ඩ් ඔයිල්*
මෙමගින් 🌹🌹🌹
*~මුහුණ පිරිසිදු කිරීම~*
මුහුණ තෙල් වලින් සෝදන බව ඔබ අහලා තියෙනවද? සැබැවින්ම ස්වීට් ආමන්ඩ් ඔයිල් වලින් ඔයාගෙ මූණ පිරිසිදු කිරීමෙන් එය ඔබේ මුහුණේ ඇති අහිතකර විශබීජ ඉවත් කර මුහුණේ ඇති ඇසට නොපෙනෙන සිදුරු වලින් විශබීජකාරක ශරීරයට ඇතුළු වීම වළක්වනවා.*
*ඔයා දිනපතා මේක් අප් කරන කෙනෙක්නම්,ආරක්ෂිතව මේක් අප් ඉවත් කරන්නත් ආමන්ඩ් ඔයිල් යොදා ගන්න පුලුවන්*
~ඇස් සම්බන්ධව~*
*ඔයා රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් අවදි වෙලා පරිඝණක,ජංගම දුරකථන සමඟ හැසිරෙන කෙනෙක් නම් ඇස් යට කලු වීම, ප්‍රශ්නයක් නේද? කොච්චර වෙලා උනත් ඔයාට අවදියෙන් ඉන්න පුලුවන් ඇස් යට කලු කර ගන්නෙ නැතුව ආමන්ඩ් ඔයිල් ඇස් වටේ ආලේප කරගන්නවනම්.*
~මොයිස්චරයිස් කරයි~*
*ආමන්ඩ් වල විටමින් E අඩංගු වන අතර එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය වයස්ගත වන විට සුන්දර සමක් පවත්වා ගැනීමට උපකාරී වේ.*
*එබැවින් සම රැළි වැටීම,එල්ලා වැටීම,ලප කැලැල් ඉවත් කිරීම ආදිය ආමන්ඩ් ඔයිල් මඟින් සිදු වේ*
*~සමේ ඇතිවන කැළැල් ඉවත් කරයි~*
*අනෙක් බොහෝ තෙල් වර්ග මෙන් නොව ආමන්ඩ් ඔයිල් ඔබේ සම මත වැඩි කාලයක් රැදී සිටිමින් සමේ තෙතමනය සමතුලිත කරයි.*
*වැටීම්, සීරීම්,තැලීම්, නිසා ඇති වූ කැළැල් ඉවත් කිරීමට මෙනිසා ආමන්ඩ් ඔයිල් වලට හැකිය.*
*~රළු අත් සහ පාද~*
*සින්ක් ගුණය ඇති බැවින් ඔබේ රළු අත් හා පාද වල ආමන්ඩ් ඔයිල් ආලේපනයෙන් අත් හා පාද සිනිදු කර ගත හැකිය*
*~නියපොතු ශක්තිමත් කරයි~*
*ඔබේ නියපොතු ඉක්මණින් කැඩී යාම වැලැක්වීමට ආමන්ඩ් ඔයිල් භාවිත කල හැකිය*
*~තොල් තෙතමනය කරයි~*
*පැලුන, ඉරි තැලුන තොල් වල ආලේපනය කිරීමෙන් තොල් වල තෙතමනය රඳවා ගත හැකිය*
*~නිරෝගී හිස්කබල~*
*අපි නිතරම නොදකින නමුත් ඔබේ හිස්කබලේ සම ඔබේ ශරීරයේ අනෙක් කොටස් මෙන් වැදගත් වේ. මිය ගිය සමේ සෛල ඔබේ හිසට ඉහළින් එකතු වන විට, එය හිසේ කැක්කුම ඇතිවීමට හෝ නිරෝගී හිසකෙස් වර්ධනයට බාධාවක් විය හැකිය.*
*මිහිරි ආමන්ඩ් ඔයිල් සමඟ ඔබේ හිස්කබල සහ හිසකෙස් ගැඹුරින් මොයිස්චරයිසින් කිරීමෙන් ඔබට හිස්කබලේ තෙතමනය මෙන්ම ශක්තිමත් කෙස් කලඹක්ද ලබා ගත හැකිය.*
*~තෙල් සහිත සමට~*
*තෙල් සහිත සමක් හිමි අයෙකු නිතර මුහුණ දෙන ගැටලුවක් තමයි කුරුලෑ ඇති වීම.එසේ වන්නේ සමේ නිතර නිතර අපිරිසිදු අපද්‍රව්‍ය තැම්පත් වන නිසා.*
*ආමන්ඩ් ඔයිල් තෙල් සහිත සමේ ආලේපනය මඟින් සමේ අප්‍රද්‍රව්‍ය ඉවත් කර කුරුලෑ ඇති වීම වළක්වාගත හැකිය*
*~වියළි සමට~*
*වියළි සමක් හිමි අයෙක් තම සම කැසීමෙන් සුදු පැහැති ඉරි වැනි යමක් ඇති වෙනවා*
*ගමනක් යද්දි උනත් වියළි සමක එවැනි කැසීම් ලකුණු තිබීම ලැජ්ජාවක්.*
*ආමන්ඩ් ඔයිල් වල ඇති විටමින් E මඟින් සමේ තෙතමනය ඇති කර සජලීය සමක් ඔබට ලබා දෙයි.කැසීම් නිසා සුදු පැහැ ඉරි ඇදීම වැළකෙයි*