Sriraja RNG Herbel Pvt Ltd

Sriraja RNG Herbel Pvt Ltd Our products are always manufactured with high quality and 100% guaranteed results.
�Our only goal is your recovery�
RNG Herbel(pvt) Ltd.

23/09/2022

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න පලමු පොයින්ට් 30ට රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා. ඒ කීවෙ පොයින්ට් එකයි නම් පවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි. පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි, පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි නමුත් 60 පැන්නොත් ගාන සැරයි . පොයින්ට් එකක් 16යි මූලික ගාන 360යි එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන 240+(8×30)+(10×30)= රු 780 යි. 60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු, 360+(61×16)=360+976=රු1336 යි දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි පලමු 30ට 8ගානෙ දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි. එනිසා 60න් පාත බිල තියාගන්න උත්සහ කරන්න 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට 50 අයකෙරේ ස්තාවර ගාස්තුව රු 960 ක්වෙ.
අපි පොයින්ට් 150 කදි බිල බලමු එවිට 90 දක්වා පොයින්ට් එකකට් 16 ගානෙ අයකෙරේ 61 සිට 90 දක්වා තිබු ස්තාවර ගාස්තුව 360 වෙනුවට 90 න් පසු 180 දක්වා සතාවර ගාස්තුව වන 960 එකතුවේ පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි point150=(90×16)+(60×50)+960 ලෙස වේ. 90 පැන්නම 91 සිට ස්තාවර ගාස්තුව රු 960යි පොයින්ට් 180 සිට ඉදිරියට ස්තාවර ගාස්තුව රු 1500යි එක පොයින්ට් එකකට 75යි උදාහරනයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත් 90 දක්වා රු 16 ගානෙ 180 දක්වා රු 50 ගානෙ 180න් පසු ඉතිරි 20ට 75 ගනනෙ අයකරනවා බාවිතා කර ඇති පොයින්ට් ගානනට අදාල ස්තාවර ගාස්තුව එකතු වෙනවා
1500+(90x16)+(90x50)+(20x75) =8940

එමනිසා වොට් ගාන වැඩි උපකරන බාවිතය අඩු කරන්න
මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුනා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා විදුලිය මනින්නෙ volt, Amp,wots කියනඒවගෙන් වෝල්ට්×ඇම්පියර් =වොට්ස් වෙනවා එවිට අපි බාවිත කරන උපකරනවල wots ගාන සදහන් කරලා තියෙනවා උදාහරනයකට 100w බල්බ් එකක් ගමු මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ එවිට ඔබට තේ රෙනවා 1000w හීටර්,අයන් වගේ ඒවා පැයක් බාවිත කලාම පොයින්ට් එකක් යනවා 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ එනිසා වොට් අගය වැඩි උපකරන බාවිත කරනවිට ටිකක් කල්පනාවෙන් බාවිතා කරන්න
මම ශ්‍රී ලංකා ගුවන්හමුදාවෙ ගුවන්යානාවල විදුලි හා මෙවලම් තාක්ෂණ ශිල්පියෙක් හැටියට සේවය කර වසර 22 සම්පූර්න කර විශ්‍රාම ලබා දැනට ගෘහස්ථ විදුලි පරිපථ ශිල්පියෙක් (house wiring ) වසයෙන් වැඩකරමින් සිටිමි. මගෙ දැනුමෙන් නොදන්නා කෙනෙකුට වැදගත් පනිවිඩයක් ලෙස මෙය සටහන් කලෙමි.

නිල් දියවරට උපුටා ගැනීම පාලිත ගුණසිංහ මහතාගෙන්.. Palitha Gunasinghe

Address

No. 171, Ralapanawa Janapadaya
Nochchiyagama
50200

Alerts

Be the first to know and let us send you an email when Sriraja RNG Herbel Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sriraja RNG Herbel Pvt Ltd:

Shortcuts

Share