Hi Care Nursing Service

  • Home
  • Hi Care Nursing Service

Hi Care Nursing  Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hi Care Nursing Service, Medical and health, Thalapathpitiya, .

Our services are,
~Catheter/Ng/Colostomy care
~IV/IM/Sample collection
~Carer for Hospital stay
~Home nursing
~Baby sitting and Child care services
~Physiotherapy
~Speach therapy
~Elderly care
~Palliative care for terminally ill patients
~Nebulization

03/01/2026

රාගම රෝහලේ පිරිමි ලෙඩෙකු බලාගැනීමට පුද්ගලයෙකු අවශ්‍ය්යව ඇත. අමතන්න 0763045689

30/11/2025

මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද හඳුන්වනු ලැබේ. Leptospira interrogans නැමැති බැක්ටීරියාව නිසා මී උණ රෝගය වැළඳෙන අතර රෝගය වැළඳුණු මීයන් වැනි සතුන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව පරිසරයට එක්වේ. එමනිසා, කුඹුරු වල, වගාබිම් වල, සහ ජලය රැඳුණු ස්ථාන වල මෙම බැක්ටීරියාව රැඳී තිබිය හැක.

එම බැක්ටීරියාව ශරීරයට ඇතුළුවන්නේ කෙසේද?

කුඹුරු වල, ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට අපේ ශරීරයේ කැපුම්, සීරීම්, හෝ තුවාළ හරහා බැක්ටීරියාව ශරීරගත වියහැක. සමේ ඇති පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සීරීමක් හරහා වුවද මෙම බැක්ටීරියාව ඇතුළුවීම සිදුවේ. ගලා නොයන දිය කඩිති වල නෑමේදී ඇස්වල සහ නාසයේ ඇති සියුම් පටක හරහා ද බැක්ටීරියාව ශරීරගත වේ. මී මුත්‍රා මිශ්‍ර වූ ජලය පානය කිරීමෙන් හෝ එම ජලයෙන් මුව සේදීමෙන් වුවද රෝගය වැළඳේ. පුරන් වූ කුඹුරකට බසින ගොවියෙකුට මෙම රෝගය වැළඳීමට වැඩි අවදානමක් පවතී. මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වූ ආහාර අනුභව කිරීමෙන් රෝගය වැළඳුණු අවස්ථා ද වාර්තා වී ඇත. මෙම බැක්ටීරියාව කොතරම් දරුණුදැයි කිවහොත්, එකම එක බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වුවද මී උණ සෑදීමට හැකියාව ඇත.

කෙසේ වුවත්, මී උණ වැළඳුණු රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝ නොවේ.

මී උණ රෝගය බහුළ වන්නේ කුමන කාල වලදීද?

ශ්‍රී ලංකාවේ වසර පුරාම මී උණ රෝගය වාර්තා වේ. නමුත්, වාතයේ තෙතමනය වැඩි, වැසි කාල වලදී රෝගය වසංගතයක් ලෙස පැතිරීම සිදුවිය හැක. විශේෂයෙන්, ගංවතුර තත්ත්වයක් ඇතිවන විට, ගංවතුර ආශ්‍රිත ප්‍රදේශ වල මී උණ රෝගය පැතිරීම වැඩිවනු දැකිය හැක. මෝසම් වැසි ආශ්‍රිතව රෝගය පැතිරීම වැඩිවන කාල පරාස දෙකක් දැනට හඳුනාගෙන ඇත. ඒ අනුව, මාර්තු සිට මැයි දක්වා මී උණ රෝගයේ තරමක වැඩිවීමක් ද, ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා විශාල වැඩිවීමක් ද දක්නට ලැබේ. මෙම රටාව කාලයත් සමග වෙනස්වීමට ඉඩ ඇත.
මී උණ රෝගයෙන් වැළකෙන්නේ කොහොමද?

ඔබේ කුඹුර අවට ඇති පරිසරය පිරිසිදුව තබාගන්න.
හැකි සෑමවිටකම, වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරණ පළඳින්න. මෙහිදී, ආරක්ෂිත ඇඳුම් ඇඳීම, දණහිස දක්වා ආවරණය වන පාවහන් පැළඳීම, අත්වැසුම් භාවිතය සිදුකල හැක.
කුඹුරේ නියර මනා ලෙස සකස් කරන්න.
ජලය රැඳුණු ස්ථාන වල ජලය බැසයාමට සලස්වන්න.
කුඹුරු වලට සහ ජලය රැඳුණු ස්ථාන වලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන්, අත් පා, මුහුණ කට සේදීමෙන් වළකින්න.
විශේෂයෙන්ම, සමේ තුවාළ හෝ සීරීම් ඇත්නම්, කුඹුරට හෝ ජලය රැඳුණු ස්ථාන වලට බසින්න එපා. වතුරට හෝ මඩට බැසීමෙන් වැළකීමට කිසිඳු හැකියාවක් නැත්නම්, අවම වශයෙන් ජලය නොයන සේ තුවාළ හොඳින් ආවරණය කරගැනීමට වත් කටයුතු කරන්න.
උතුරවා නිවාගත් ජලය පානය කරන්න. ක්ලෝරිනීකරණය කිරීම මගින් ජලයේ සිටින බැක්ටීරියාව විනාශ නොවන බව සලකන්න.
විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් ඇතිවිටදී, හැකි සෑමවිටම ජලයට බැසීමෙන් වළකින්න.
නෑමට හා බීමට ජලය ලබාගන්නා අනාරක්ෂිත ළිං මීයන්ගේ සහ අනෙකුත් සතුන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වීමට ඉඩ ඇති බැවින්, ළිං බැම්මක් සාදා ආරක්ෂා කරගන්න.
ඔබට සත්ත්ව ගොවිපළක් ඇත්නම්, එහි සිටින සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ මුත්‍රා වළකට දැමීමට කටයුතු කරන්න. ඒවා පරිසරයේ ඇති දිය පහරවල් හෝ දිය කඩිති වලට එකතුකරන්න එපා.
නිවස මීයන්ගෙන් තොරව පිරිසිදුව පවත්වා ගන්න. පරිසරයට අක්‍රමවත් ලෙස කැලි කසල බැහැරකිරීමෙන් වළකින්න.
ගෙවත්ත, ක්‍රීඩා පිටි ආදී ළමුන් ක්‍රීඩාකරන ස්ථාන ආසන්නයේ සතුන් ගැවසීමෙන් වළක්වා ගන්න.
මීයන් මර්ධනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කලහැක.

මී උගුල් තැබීම.
මී නාශක තැබීම.
මී ගුල් විනාශ කිරීම.

පරිසරයේ සිටින මීයන්ව ආහාරයට ගන්නා කබරගොයා, තලගොයා, සර්පයින්, බකමූණන් වැනි සතුන් විනාශ කිරීමෙන් වළකින්න.
කුඹුරේ තැනින් තැන පොල්පිති, ඉණි වැනි දේවල් සිටුවා, මීයන් ආහාරයට ගන්නා බකමූණන් වැනි පක්ෂීන් ගැවසීම වැඩිකරගත හැක.
මී උණ රෝගය ඔබේ ප්‍රදේශයේ පැතිරී ඇත්නම් හෝ පැතිරීමට අවදානමක් ඇත්නම්, කුමක් කල යුතුද?

ඉහත සඳහන් කල රෝග ලක්ෂණ කිසිවක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. නැතහොත්, ළඟම ඇති රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

කුඹුරු, වගාබිම්, වගුරුබිම්, පතල්, ඇලවේලි, දියකඩිති ආශ්‍රිතව වැඩකිරීමට නියමිත නම්, වැඩකිරීම ආරම්භ කිරීමට සතියකට පෙර ආරක්ෂිත ප්‍රතිකාර ලබාගත යුතුය. මේ සඳහා ඩොක්සිසයික්ලින් (Doxycycline) නැමැති ඖෂධය මිලිග්‍රෑම් 200 ක්, වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර ලබාගත යුතු අතර, එම මාත්‍රාවම සතියකට වරක් බැගින් වැඩකරන කාලය පුරාවට ගත යුතුවේ. කෙසේ වුවත්, මෙම ඖෂධය සති 6 කට වඩා එක දිගට ගැනීමෙන් වැළකිය යුතුවේ. මේ පිළිබඳව වැඩිදුර උපදෙස් ඔබ ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (Medical Officer of Health or MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector or PHI) හමුවී ලබාගත හැක. මෙම ඖෂධය ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් නොමිළේ ලබාගත හැක. නිසි කලට නිසි මාත්‍රාව ගැනීමට අමතක කරන්න එපා. මෙම ඖෂධය ලබාගැනීමෙන් රෝගය සහ ආසාදනයට එරෙහිව යම් ආරක්ෂාවක් ලැබෙන බව සොයාගෙන ඇත. නමුත්, එමගින් රෝගයට එරෙහිව සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන බව සිතන්න එපා.

ඔබේ ප්‍රදේශයේ මී උණ රෝගීන් සිටින බවට වාර්තා වේ නම්, හැකි ඉක්මනින් ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාට හෝ තුමියට, හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට දැනුම්දෙන්න

කාලීන මාතෘකාවක්,ඔබේ යහළුවන් අතරේ බෙදා හරින්න❤❤

08/10/2025
08/10/2025
08/10/2025

එයාව හෙට මැශින් එකෙන් අයින් කරනවලු 😓 ඇයි එයාව තව තියාගෙන ඉන්න බැරි😓

හරි, අද අපි බලමු එහෙම අයින් කරන්න පුලුවන් ද කියලා?

💁මොළය මියගිය (Brain Dead) රෝගියෙකුගේ ශ්වසන ආධාරක ඉවත් කිරීම: ශ්‍රී ලංකාවේ ක්‍රියාපටිපාටිය

🔴මොළය මරණය (Brain Death) යනු මොළයේ සියලුම ක්‍රියාකාරීත්වයන්, මොළ දණ්ඩෙහි (Brain Stem) ක්‍රියාකාරීත්වය ද ඇතුළුව, ආපසු හැරවිය නොහැකි ලෙස නැවතී යාමයි. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ මොළය මරණය යනු නීත්‍යානුකූල මරණය ලෙස පිළිගැනේ.

රෝගියෙකු මොළය මියගිය බවට සහතික කළ පසු, හෘද ස්පන්දනය පවත්වාගෙන යන්නේ ශ්වසන ආධාරක වැනි කෘත්‍රිම ජීවිත ආධාරක (Artificial Life Support) මගින් පමණි. මෙම කෘත්‍රිම ආධාරක ඉවත් කිරීමේ ක්‍රියාවලිය වෛද්‍ය, නෛතික සහ ආචාරධාර්මික කරුණු ගණනාවක් මත පදනම් වේ.

💁ශ්‍රී ලංකාවේ අනුගමනය කරන ප්‍රධාන ක්‍රියාපටිපාටිය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සාමාන්‍ය චක්‍රලේඛ (General Circulars) සහ මාර්ගෝපදේශ මත පදනම්ව මොළය මියගිය අයෙකුගේ ශ්වසන ආධාරක ඉවත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් අවයව බද්ධ කිරීමේ වැඩසටහන (Organ Donation Programme) සමඟ සමීපව බැඳී පවතී.

1. මොළය මරණය සහතික කිරීම (Certification of Brain Death)

👉 පරීක්ෂාව: ජීවිතාරක්ෂක ආධාරක මත සිටින, ප්‍රතිකාර කළ නොහැකි මොළයේ හානියක් ඇති සෑම රෝගියෙකුම මොළ දණ්ඩෙහි මරණ පරීක්ෂාවට (Brain Stem Death Testing) ලක් කළ යුතුය.

👉සහතික කිරීම: මොළය මරණය සහතික කිරීම වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් සිදු කළ යුතු අතර, එය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද සම්මත වෛද්‍ය ප්‍රොටෝකෝලය (Standard Medical Protocol) අනුව විය යුතුය.

👉මෙම වෛද්‍යවරුන් ප්‍රතිකාර කණ්ඩායමේ (Treatment Team) අය විය යුතු අතර, ඔවුන්ගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ වසර 5කට වඩා සේවා පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු විය යුතුය.
👉වෛද්‍යවරුන් දෙදෙනාම ස්වාධීනව, අවස්ථා දෙකකදී (independently, twice each) පරීක්ෂා කර මොළය මියගිය බව සහතික කළ යුතුය.
👉නීත්‍යානුකූල මරණය: මොළය මරණය සහතික කිරීමෙන් පසු, එම පුද්ගලයා නීත්‍යානුකූලව මියගිය අයෙකු ලෙස සලකනු ලැබේ.

2. අවයව පරිත්‍යාගය පිළිබඳ තීරණය (Decision on Organ Donation)
👉මොළය මරණය සහතික කළ පසු, රෝගියා අවයව පරිත්‍යාගශීලියෙකු වීමේ විභවයක් තිබේ නම්, ඒ පිළිබඳව රෝහලේ බද්ධ කිරීමේ සම්බන්ධීකාරකවරයාට (Transplant Coordinator) දැනුම් දෙනු ලැබේ.
👉 සම්බන්ධීකාරක විසින් මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන්ගෙන් (Next of Kin) අවයව පරිත්‍යාගය සඳහා ලිඛිත කැමැත්ත (Written Consent) ලබා ගැනීමට කටයුතු කරයි.

3. ජීවිත ආධාරක පවත්වාගෙන යාම සහ ඉවත් කිරීම
මොළය මියගිය අයෙකුගේ ජීවිත ආධාරක (ශ්වසන ආධාරක ඇතුළුව) ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය බොහෝ දුරට රඳා පවතින්නේ අවයව පරිත්‍යාගය සඳහා කැමැත්ත ලබාදී තිබේද නැද්ද යන්න මතය.
අවයව පරිත්‍යාගය සඳහා කැමැත්ත ලබාදී ඇත්නම්:
👉 ආධාරක පවත්වාගෙන යාම: අවයව ලබා ගැනීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා අවයව ලබා ගන්නා තුරු සියලුම ජීවිත ආධාරක යාන්ත්‍රණ (ශ්වසන ආධාරක ඇතුළුව) පවත්වාගෙන යා යුතුය. අවයවවල ශක්‍යතාව (Viability) රැක ගැනීම මෙහි අරමුණයි.
👉 ඉවත් කිරීමේ වේලාව: අවයව ලබා ගැනීමේ ශල්‍යකර්මයෙන් පසු, ඉතිරි මෘත දේහය ඥාතීන්ට භාර දීමට පෙර ශ්වසන ආධාරක ඉවත් කරනු ලැබේ. අවයව ලබා ගැනීම අවසන් වූ පසු මරණයේ නිශ්චිත වේලාව (Actual Time of Death) ලෙස සටහන් වන්නේ කෘත්‍රිම ආධාරක ඉවත් කරන වේලාව නොව, මොළය මරණය සහතික කළ වේලාවයි.
අවයව පරිත්‍යාගය සඳහා කැමැත්ත ලබාදී නොමැති නම්:
👉මොළය මරණය යනු නීත්‍යානුකූල මරණය වන බැවින්, ශ්වසන ආධාරක වැනි කෘත්‍රිම ආධාරක පවත්වාගෙන යාම තවදුරටත් අර්ථවත් නොවේ.
👉 කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රජාව අතර, ශ්වසන ආධාරක ඉවත් කිරීමේ නිශ්චිත වේලාව පිළිබඳව සහ ඉන්පසු හෘද ස්පන්දනය ස්වභාවිකව නතර වන තුරු රෝගියා තබා ගැනීම පිළිබඳව ආචාරධාර්මික හා නෛතිකමය ද්විමානතා (Ethico-legal Dilemmas) පැවති බවට වාර්තා වී ඇත.
👉 සාමාන්‍යයෙන් පිළිගත් වෛද්‍ය ප්‍රතිපත්තිය වන්නේ, මොළය මියගිය බවට නිල වශයෙන් සහතික කිරීමෙන් පසු, ඥාතීන් සමඟ සාකච්ඡා කර, ආගමික සහ සංස්කෘතික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ජීවිත ආධාරක ඉවත් කිරීම සිදු කිරීමයි. සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන්, හෘද ස්පන්දනය සම්පූර්ණයෙන්ම නතර වන තුරු ආධාරක තබා ගැනීමට තීරණය කළ අවස්ථා ද වාර්තා වී ඇත.
👉 ශ්වසන ආධාරක ඉවත් කිරීමෙන් පසු, මිනිත්තු කිහිපයක් ඇතුළත හෘද ස්පන්දනය නතර වී, සංසරණ මරණය (Circulatory Death) සිදුවීමෙන් පසු මෘත දේහය ඥාතීන්ට භාර දෙනු ලැබේ.

සාරාංශය

ශ්‍රී ලංකාවේ මොළය මියගිය රෝගියෙකුගේ ශ්වසන ආධාරක ඉවත් කිරීමේ මූලික පියවර වන්නේ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් සම්මත ප්‍රොටෝකෝලයක් අනුව මොළය මරණය සහතික කිරීමයි. මෙමගින් නීත්‍යානුකූල මරණය තහවුරු වේ. අවයව පරිත්‍යාගය සඳහා ඥාතීන් කැමැත්ත පළ කරන්නේ නම්, අවයව ලබා ගැනීමෙන් පසු ශ්වසන ආධාරක ඉවත් කෙරේ. කැමැත්ත නොදෙන්නේ නම්, ආචාරධාර්මික හා නීතිමය කරුණු සැළකිල්ලට ගෙන, ඥාතීන් දැනුවත් කර, පසුව ජීවිත ආධාරක ඉවත් කිරීම සිදු කෙරේ.

මතක තියාගන්න. මරණය අපි හැමෝටම පොදු දෙයක්. මේ ලිපිය කියවන ඔයා වගේම මේ ලිපිය ලියන මම කොයි මොහොතක හෝ මියයාවි. සෑම විටම යහපත් මනසින් යහපත් ක්‍රියාවෙහි යෙදෙන්න.

-හෙදියකගේ දිනපොත -

#හෙදියකගේදිනපොත

Address

Thalapathpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Hi Care Nursing Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed health & beauty business?

Share