13/07/2026
🚩දණහිසේ වේදනාව (Patellofemoral Pain Syndrome - PFPS) යනු කුමක්ද?
Patellofemoral Pain Syndrome (PFPS) යනු දණහිසේ දණහිස් කටුවට (Patella) පිටුපසින් ඇතුළතින් හා අවට ඇතිවන වේදනාවකි.
පොදු ලක්ෂණ
- දණහිසේ දණහිස් කටුවට (Patella) පිටුපසින් ඇතුළතින් හා අවට ඇතිවන වේදනාව
- පඩි නැගීම හෝ බැසීමේදී වේදනාව
- Squatting ,lunging කිරීමේදී හෝ දණ නමාගෙන වැඩ කිරීමේදී වේදනාව
- දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසු දණහිසේ වේදනාව
- දිවීම, පැනීම හෝ ව්‍යායාම කිරීමේදී වේදනාව
ඇතිවිය හැකි හේතු
- උකුල හා කලව (Quadriceps), ආශ්‍රිත මාංශපේශී දුර්වල වීම හා ඒවායේ තද භාවය නිසා
- දණහිසට අධික පීඩනයක් ඇතිවන ක්‍රියාකාරකම්
- ව්‍යායාම ප්‍රමාණය හදිසියේ වැඩි කිරීම හා වැරදි ලෙස ව්‍යායාම කිරීම
- දණහිසේ අදික භාවිතය නිසා
- දණහිස් කටුවේ චලනයේ වෙනස්කම්
- පාදයේ biomechanical වෙනස්කම්( පැතලි පාද ඇති පුද්ගලයන්ට වැඩි වශයෙන් )
🔴භෞතචිකිත්සාව (Physiotherapy) මඟින් කළ හැක්කේ කුමක්ද?
භෞතචිකිත්සකවරයෙකු විසින් රෝගියාගේ තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු, පුද්ගලයාට ගැළපෙන ප්‍රතිකාර සැලැස්මක් සකස් කරයි.
එයට,
♦️වේදනාව අඩු කිරීම සඳහා ප්‍රතිකාර electrotherapy හා physiotherapy techniques මගින් සිදු කරයි
♦️Quadriceps, Hip සහ Core මාංශපේශී ශක්තිමත් කිරීම
♦️තද මාංශපේශී සඳහා ලිහිල් වීමට ප්‍රතිකාර
♦️ දණහිසට පීඩනය අඩු වන පරිදි දෛනික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම කළමනාකරණය (Load Management)
♦️ පුද්ගලයාගේ තත්ත්වයට ගැළපෙන ව්‍යායාම වැඩසටහනක් ලබාදීම
♦️ රෝගියාට නිවසේදී කළ යුතු ක්‍රියාකාරකම් සහ මෙම තත්ත්වය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා උපදෙස් ලබාදීම
PFPS ඇති බොහෝ දෙනෙකුට නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර සහ ව්‍යායාම මඟින් ශල්‍යකර්මයකින් තොරව සාර්ථකව සුවය ලබාගත හැකිය.
මතක තබා ගන්න
සෑම දණහිස් වේදනාවක්ම ආතරයිටිස් නොවේ. නිවැරදි ඇගයීම් සහ ප්‍රතිකාර ලබාගැනීමෙන් බොහෝ දෙනෙකුට නැවත සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා වෙත ආරක්ෂිතව යා හැකිය.
D. Vinuji Omalhara
SLMC Registered
Physiotherapist
Bsc( Hons) Physiotherapy
0714137939