02/07/2026
මා මහන්සියෙන් උපයාගත් ධනයෙන් ආරම්භ කරන ලද මගේ ව්‍යාපාරය, ඉතාම සෙමෙන් වැරදි නිවැරදි කර ගනිමින්, එහි තත්ත්වය තේරුම් ගනිමින් ගොඩනැගෙමින් තිබියදී, ඊයේ රෑ කඩයේ දොර කඩා මාගේ වටිනා බඩු මුට්ටු ද මුදල් ද රැගෙන ගිය හොර මහතානෙනි, ඔබ එම වස්තුවෙන් යම් දිනක් හෝ කා බී යහතින් සිටියේ නම් ඒ මන්ද මා ඔබට වෛර නොකරන බැවිනි. මෙය මගේ ජීවිතයේ නැවතුමක් නොවේ; මෙය මා උගත් තවත් පාඩමකි. මෙය මාගේ වැටීමක් ද නොවේ; අලුත් පරිච්ඡේදයකි. මෙයින් ශක්තිමත්ව මා තවත් දියුණු වන්නා මිස වැටෙන්නේ නැත. සසරේ මෙවැනි සොරකම් කර තවත් පව් පුරවා නොගෙන, යථාර්ථය අවබෝධ වී යහමගට යන්න ඔබටත් හැකි වේ නම් එය මට සතුටකි
Cafe The KA