MEDI EYE

MEDI EYE Third eye of your life. Get start collect information about your life..

ඔයාගෙ සිරුරේ හැංගිලා ඉන්න 'නිහඬ මාරයා' ☠️ ගැන ඔබ දන්නවාද ? අධික රුධිර පීඩනය (High Blood Pressure / Hypertension) යනු හෘද...
28/06/2026

ඔයාගෙ සිරුරේ හැංගිලා ඉන්න 'නිහඬ මාරයා' ☠️ ගැන ඔබ දන්නවාද ?

අධික රුධිර පීඩනය (High Blood Pressure / Hypertension) යනු හෘදයාබාධ සහ ආඝාතය (Stoke) වැනි බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුල් වන ප්‍රධානතම රෝගී තත්වයකි.

‼️අධි රුධිර පීඩනය‼️අපි අද බලමු මේ ගැන සරලව.

🧐 අධි රුධිර පීඩනය (High Blood Pressure) කියන්නෙ මොකද්ද ?
සරලව පැහැදිලි කළහොත්:
රුධිර පීඩනය යනු කුමක්ද?: හදවත මගින් සිරුර පුරා ලේ පොම්ප කිරීමේදී, රුධිර වාහිනී (ධමනි) බිත්ති මත ඇති වන තෙරපුම හෝ පීඩනය මෙයින් අදහස් වේ.

අධික රුධිර පීඩනය යනු කුමක්ද?: මෙම පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා දිගින් දිගටම වැඩි අගයක පැවතීමයි. එවිට හදවතට ලේ පොම්ප කිරීම සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ.

නිශ්ශබ්ද මාරයා (Silent Killer): බොහෝ විට මෙහි කිසිදු බාහිර රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. එම නිසා රෝගය ශරීරය තුළ තිබුණත් බොහෝ දෙනෙක් ඒ බව දන්නේ නැත.

මෙය දිගුකාලීනව ඉහළ මට්ටමක තිබීම සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි පමුණුවන්න හේතුවෙනවා. ⚠️

✅සාමාන්‍ය අගයන් (Blood Pressure Levels)
දවසේ වේලාව හෝ පරිසර උෂ්ණත්වය වැනි විවිධ හේතු ගණනාවක් නිසා රුධිර පීඩනය වෙනස් විය හැකිය. එමෙන්ම ළමයින් සහ වැඩිහිටියන් අතර මෙන්ම, විවිධ වයස් කාණ්ඩ අනුවද මෙහි වෙනස්කම් පවතී. රුධිර පීඩනය මනින්නේ අංක දෙකකිනි (උදා: 120/80 mm Hg).

⭕️සාමාන්‍ය තත්වය (Normal): 120/80 mmHg ට වඩා අඩු අගයක තිබිය යුතුයි.

⭕️අධික රුධිර පීඩනය (High BP): 140/90 mmHg හෝ ඊට වඩා වැඩි වීම.
දින දෙකකදී වෙන වෙනම මනිනු ලබන රුධිර පීඩන අගයන්හි, දින දෙකේදීම සිස්ටොලික් (systolic) රුධිර පීඩන කියවීම් >140mmHg සහ/හෝ ඩයස්ටොලික් (diastolic) රුධිර පීඩන කියවීම් දින දෙකේදීම >90mmHg වේ නම් අධි රුධිර පීඩනය (Hypertension) ඇති බවට හඳුනා ගනු ලැබේ.

⚠️ මෙය ඇතිවන්නේ කොහොමද?
* ජානමය බලපෑම් - ඔබගේ පවුලේ කාට හෝ මෙම රෝගී තත්වය වැලදී තිබෙනවා නම් ඔබත් ගොදුරු වීමේ වැඩි අවදානම් තත්වයක පවතිනවා.
* අහිතකර ආහාර රටාව - අධික ලුණු භාවිතය සහ කලින් සැකසූ ක්ෂනික ආහාර භාවිතය.
* ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම - ව්‍යායාමවලින් තොර ජීවන රටාව.
* ආතතිය සහ මානසික පීඩනය.
* දුම්පානය සහ මත්පැන් භාවිතය.
* තරබාරුකම සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්ව.

🔍 මෙහි රෝග ලක්ෂණ මොනවාද?
බොහෝ විට රෝග ලක්ෂණ පිටතට පෙන්වන්නෙ නෑ.කෙසේ වෙතත්, රුධිර පීඩනය ගොඩාක් වැඩී වුනාම,
* හිසරදය (විශේෂයෙන් උදෑසන).
* කරකැවිල්ල.
* පපුවේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව.
* ඇස් පෙනීමේ බොඳවීම් වැනි තත්ත්ව.
ඇතිවෙන්න පුලුවන්.

ඒ වගේ ම පාලනය නොකළ රුධිර පීඩනය නිසා,
1. හෘදයාබාධ ඇති කිරීම.
2. අංශභාගය (Stroke) ඇති වීමේ අවදානම ඉහළ යාම.
3. වකුගඩු අකර්මන්‍ය වීම.
4. ඇස්වල පටකවලට හානි වීම වැනි බරපතල සංකූලතා ඇතිවෙන්න පුලුවන්.

✅ ප්‍රතිකාර සහ පාලනය.
* 💊ඖෂධ - වෛද්‍ය උපදෙස් මත පමණක් නිවැරදි බෙහෙත්, නිවැරදි ප්‍රමාණවලින්, නිවැරදි වේලාවට ගැනීම.
* 🥗 ආහාර පාලනය - ලුණු භාවිතය සීමා කිරීම සහ නැවුම් එළවළු/පලතුරු වැඩිපුර ගැනීම.
* 🚶‍♀️ ක්‍රියාශීලී වීම - දිනකට මිනිත්තු 30ක පමණ ඇවිදීමක් හෝ ව්‍යායාමයක් කිරීම.
* 🩺 නිරන්තර පරීක්ෂාව - නිවසේදී හෝ ළඟම ඇති සායනයෙන් රුධිර පීඩනය නිරන්තරයෙන් පරීක්ෂා කර බැලීම. වයස අවුරුදු 25 න් පසු වසරකට සැරයක්වත් රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්.

🌟 අදම ඔබේ රුධිර පීඩනය පරීක්ෂා කරවාගෙන සුවපත් ජීවිතයකට මුල පුරන්න.🧘‍♂️✅

"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️

අනිත් අයටත් බලන්න Share කරන්න!

සටහන : Medieye

@healthylife@Exercise@Hypertension@

“🛑 මොළයේ ආවරණයට වෛරස් ප්‍රහාරයක් 🛑!” පසුගිය සති කිහිපයක් පුරා පාසල් ආශ්‍රිතව පැතිර යන මොලයේ උණ තත්වයක් තියෙනවා කියලා TV ...
31/05/2026

“🛑 මොළයේ ආවරණයට වෛරස් ප්‍රහාරයක් 🛑!”

පසුගිය සති කිහිපයක් පුරා පාසල් ආශ්‍රිතව පැතිර යන මොලයේ උණ තත්වයක් තියෙනවා කියලා TV එකේ දැක්කම බය හිතුනද?

පුංචි දරුවන් රෝගී වීම තරම් දෙමාපියන්ට මානසික පීඩාවක් වෙනත් දෙයකින් ලැබෙන්නේ නැතිගානයි.. මේ ලෙඩෙන් දරුවන් මියයාම උනත් වෙන්න පුළුවන්.. ඒ නිසා මේගැන දැනුවත් වීම වැදගත්.

මේ රෝගී තත්වයට කියන්නේ මෙනින්ජයිටිස් (Meningitis) කියලා.. එකේදී වෙන්නේ මොළයට පිටින් තිබෙන ආරක්ෂක පටලය වන මෙනින්ජි ආවරණය ප්‍රදාහක තත්වයටක ගොදුරුවීම නිසා ඉදිමීමකට පත් වෙනවා. 🧠ඇතැම් අවස්ථාවල මෙම රෝග කාරකය මොලයේ පටක වලට ඇතුලවෙලා බරපතල තත්වයක් ඇති කිරීමේ අවදානමක් තියෙනවා. මේක වෛරස්, බැක්ටීරියා හෝ දිලීර (Fungi) මඟින් හැදෙන්න පුළුවන්.🦠 හැබැයි මේ අතරින් බැක්ටීරියා මඟින් හැදෙන මෙනින්ජයිටීස් තත්ත්වය තමයි ගොඩක්ම භයානක.
දැනට ලංකාවේ පැතිරෙන්නේ "වෛරස මෙනින්ජයිටිස්" (Viral Meningitis) කියන තත්ත්වයයි. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ එන්ටරෝ (Enterovirus) කියන වෛරස් එක.

දැනට දෙනියාය වැලිමඩ දියතලාව රිකිල්ලගස්කඩ මහනුවර ප්‍රදේශ වලින් රෝගීන් බොහොමයක් වාර්ථා වෙලා තියෙනවා.

බය වෙන්න එපා, අපි කලබල නොවී මේ මොකක්ද සහ මේකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා පැහැදිලිව කතා කරමු.

මොකද ඒක හරි වෙලාවට හඳුනාගෙන ප්‍රතිකාර නොකළොත් ජීවිත අවදානමක් පවා ඇති වෙන්න පුළුවන්.

🛑මේ රෝගය සාමාන්‍යයෙන් බෝවෙන්නේ රෝගියෙකුගේ කැස්ස, කිවිසුම් හෝ කෙළ බිඳිති මඟින් ළඟින්ම ආශ්‍රය කරන අයටයි.🗣️

❓❓රෝග ලක්ෂණ මොනවාද?

මේ ලක්ෂණ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වටිනවා.

💥 තද උණ සහ ඇඟ වෙව්ලීම🌡️
💥 දරාගන්න බැරි තරම් තද හිසරදය
💥 බෙල්ල හරවන්න බැරි තරමට තද වීම (Stiff neck) - මේක ප්‍රධානම ලක්ෂණයක්!
💥 වමනය යාම සහ කෑම අරුචිය
💥 ආලෝකය දෙස බැලීමට අපහසු වීම (Photophobia)
💥 සමහර අයට සමේ අසාමාන්‍ය රතු/දම් පාට ලප මතුවීම

👶 ළදරුවන් / වයස අවු. 3 ට අඩු ළමුන් තුළ (හදිසියේ හඳුනාගත යුතු ලක්ෂණ)

1. හිසෙහි සිනිඳු තැන(තෙල් වල) (fontanelle) ඉදිමීම/ තද වීම
2. අසාමාන්‍ය කෑගැසීම් (නොනවත්වා හැඩීම, දුර්වලව හයියෙන් කෑගැසීම)
3. ඉක්මනිම කෝපයට පත් වීම (Irritability)
4. කිරි බීම ප්‍රතික්ෂේප කිරීම
5. අඩු ක්‍රියාකාරීකම/ අධික නිදිමත

කුඩා දරුවන් තුළ ගෙල තද බව(neck stiffness) නොතිබීමටද පුළුවන. එමනිසා උඩ සඳහන් අනෙකුත් ලක්ෂණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න.

❓❓රෝගය හදුනා ගන්නේ?
රසායනාගාර පරීක්ෂණ (Laboratory Testing)

මෙනින්ජයිටිස් තහවුරු කිරීම සඳහා රසායනාගාර පරීක්ෂණ ඉතා වැදගත් වේ. රෝගයේ හේතුව බැක්ටීරියාද, වෛරස්ද, නැතහොත් වෙනත් ආසාදනයක්ද යන්න හඳුනා ගැනීමට මෙම පරීක්ෂණ භාවිතා කරයි.

1. Cerebrospinal Fluid (CSF) Analysis

මෙය මෙනින්ජයිටිස් සඳහා ප්‍රධාන පරීක්ෂණයයි. Lumbar puncture (spinal tap) මඟින් CSF ලබාගෙන පරීක්ෂා කරයි.

CSF තුළ පහත දේ පරීක්ෂා කරයි:

* Appearance (පැහැය සහ clarity)
* White blood cell count
* Protein level
* Glucose level
* Gram stain
* Culture and sensitivity

2. Gram Stain

CSF sample එක Gram stain කිරීමෙන් බැක්ටීරියා ඉක්මනින් හඳුනාගත හැකිය.

* Gram positive diplococci – Streptococcus pneumoniae
* Gram negative diplococci – Neisseria meningitidis

3. Culture

CSF culture සහ blood culture මඟින් රෝග කාරක ජීවියා වෙන්කර හඳුනාගනී. Culture එක antibiotic sensitivity testing සඳහාද වැදගත් වේ.

4. Complete Blood Count (CBC)

CBC පරීක්ෂණයෙන්:

* WBC count වැඩිවීම
* Neutrophilia (බැක්ටීරියා ආසාදනවලදී)
* Lymphocytosis (වෛරස් ආසාදනවලදී)

යන දේවල් දැකිය හැක.

5. CRP සහ ESR

මෙම inflammatory markers වැඩි වීමෙන් ආසාදනයක් පවතින බව පෙන්වයි.

6. PCR Testing

Polymerase Chain Reaction (PCR) පරීක්ෂණය මඟින් වෛරස් හෝ බැක්ටීරියා DNA/RNA ඉක්මනින් හඳුනාගත හැකිය. විශේෂයෙන් viral meningitis සඳහා මෙය වැදගත් වේ.

මේ කටු ගහන එකෙන් අතුරු විපාක තියෙනවලු නේද?

ඔව්.. සාමාන්යෙන් ඕනෑම ශල්‍ය කර්මයක් හෝ වෛද්‍ය ක්‍රියාවක අතුරු විපාක තිබෙනවා.. නමුත් ඒවා අවම කරගෙන තමයි මේ දේවල් සිදුකරන්නේ..
මෙහිදී කටුව ඇතුල් කිරීමට බය වියයුතු නැහැ.. සුදුසුකම් ලත් පළපුරුදු අය තමයි දරුවන්ගේ මෙවැනි දේවල් සිදුකරන්නේ.. ඉතාම සැලකිල්ලෙන් සහ අවධානයෙන්... මෙම පරීක්ෂනය රෝගය ස්ථිරවම නිර්ණය කිරීම නිසා ප්‍රතිකාර කිරීම පහසුයි වගේම නිවැරදිව කරන්න පුළුවන්.

❓❓මේකට දෙන්න පුළුවන් එන්නත (Vaccine) 💉මොකක්ද?

මෙනින්ජයිටීස් රෝගයෙන් ආරක්ෂා වෙන්න සාර්ථක එන්නත් තියෙනවා.

හැබැයි වැදගත්ම දේ තමයි, මෙනින්ජයිටීස් හැදෙන්න පුළුවන් බැක්ටීරියා වර්ග කිහිපයක්ම තියෙන නිසා ඒ ඒ වර්ගයට ගැලපෙන එන්නත් වෙන වෙනම තියෙනවා.

✅✅ ප්‍රධාන එන්නත් වර්ග කිහිපයක් මෙන්න.

🔅1️⃣. මෙනින්ගොකොක්කල් එන්නත (Meningococcal Vaccine) - මේ දවස්වල පැතිරෙන වර්ගය "මෙනින්ගොකොක්කල්" බැක්ටීරියාව නම්, ඒකට දෙන්නේ මේ එන්නතයි. (උදාහරණ: MenACWY, MenB එන්නත්)

🔅2️⃣. pneumococcal එන්නත (PCV) - නියුමෝනියාව වගේම මෙනින්ජයිටීස් සාදන තවත් බැක්ටීරියාවකට එරෙහිව දෙන එන්නතක්.

🔅3️⃣. Hib එන්නත - කුඩා දරුවන්ට සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේක දැනටමත් ලංකාවේ ලබා දෙනවා.

දැනට ලංකාවේ පවතින තත්ත්වය අනුව ඔයාට හෝ ඔයාගේ පවුලේ කෙනෙකුට මේ එන්නත ලබාගත යුතුද කියන එක තීරණය කරන්න ඕනේ දොස්තර මහතෙක්. ඒ නිසා තනිවම තීරණ නොගෙන, ළඟම තියෙන රෝහලකින් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් මේ ගැන උපදෙස් ලබාගන්න.

✅❓රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

මේක පැතිරෙන්නේ රෝගකාරක තැවරුනු ආහාර හා ජලය භාවිතය හා පරිභෝජනය (feco oral transmiasion) සහ රෝගී පුද්ගලයෙක්ගේ ස්වසන පද්ධතිය මගින් ඇතිවන ඛේට බිදිති (respiratory droplets) හරහාය.

බය වෙන්න අවශ්‍ය නැහැ, අපි අපේ සෞඛ්‍ය පුරුදු ටිකක් හරියට තියාගත්තොත් මේකෙන් ලේසියෙන්ම බේරෙන්න පුළුවන්.

✔️ අත් සේදීම.
කෑමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු සබන් දමා හොඳින් අත් සෝදන්න.

✔️ පුද්ගලික බඩු භාණ්ඩ බෙදා නොගැනීම.
වතුර වීදුරු, පිඟන්, හැඳි, බෝතල්, සහ මුඛ ආවරණ වගේ දේවල් අනිත් අය එක්ක බෙදාගන්න එන්න එපා.

✔️ නිතරම මුව ආවරණ (Mask) පළඳින්න.
සෙනඟ ගැවසෙන පොදු ස්ථානවල යනවා නම් මාස්ක් එකක් දාන්න. මොකද මේක හුස්ම ගැනීමේදී පිටවන බිඳිති මඟින් බෝවෙන්න පුළුවන්.

✔️ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න.
පෝෂ්‍යදායී ආහාර ගැනීම, හොඳින් නිදාගැනීම සහ ව්‍යායාම මඟින් ශරීරයේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගන්න.

✔️ රෝගීන්ගෙන් ඈත් වී සිටින්න.
උණ, තද හිසරදය තියෙන අය ඉන්නවා නම් සෘජුව ගැටීමෙන් වැළකෙන්න.

‼️⚠️ ඔයාට හෝ ඔයා දන්න කෙනෙකුට තද උණක් එක්ක බෙල්ලේ තද ගතියක් හෝ ඉහත කියපු රෝග ලක්ෂණයක් ආවොත්, ෆාමසිවලින් පෙති අරන් බොන්න එපා. වහාම ළඟම තියෙන රජයේ රෝහලකට යන්න. ඉක්මනින් ප්‍රතිකාර පටන් ගත්තොත් මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන්!

“සෞඛ්‍යාරක්ෂිත දන්සැල්” සංවිධානය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකය (Epidemiology Unit) විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරන්න.
අසනීප තත්ත්වයෙන් පසුවන පුද්ගලයින්ට මහජන එක් රැස්වීම් වලට සහභාගී නොවන ලෙස උපදෙස් දෙන්න, එමඟින් රෝග පැතිරීම වැළැක්විය හැක.

රෝගය වලක්වා ගැනීම හොදම ප්‍රතිකාරයයි. 🙏

ස්තූතියි!

සටහන - Medieye

゚viralシ

19/12/2021

This is how you can protect yourself and others against Omicron ⬇️

දෙවන කොටසතයිරොයිඩ් පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණ මොනවාද?පරීක්ෂණ කිහිපයක්ම රෝග විනිශ්චය සදහා භාවිතා කරයි. ඒවා නම්  -:1. භෞති...
31/10/2021

දෙවන කොටස

තයිරොයිඩ් පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණ මොනවාද?

පරීක්ෂණ කිහිපයක්ම රෝග විනිශ්චය සදහා භාවිතා කරයි. ඒවා නම් -:
1. භෞතික වෙනස්කම් ඇසුරෙන් රෝග විනිශ්චය - තයිරොයිඩ් ගැටිති වැනි ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියේ භෞතික වෙනස්කම් දැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා ඔබේ බෙල්ල පරීක්ෂා කරනු ඇත. ඔහු හෝ ඇය ඔබේ අවදානම් සාධක ගැනද විමසනු ඇත.එනම් කලින් විකිරණවලට නිරාවරණය වීම සහ තයිරොයිඩ් පිළිකා පිළිබඳ පවුල් ඉතිහාසයක් වැනි කරුණු පිලිබදව සලකා බලයි.

2. රුධිර පරීක්ෂණ - තයිරොයිඩ් ග්‍රන්ථිය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන්නේද යන්න තීරණය කිරීමට රුධිර පරීක්ෂණ උපකාරී වේ.

3. Ultrasound Scan පරීක්ෂණය - මෙහිදී ශරීර ව්‍යුහයන්ගේ පින්තූර නිර්මාණය කිරීම සඳහා අධි-සංක්‍යාත ශබ්ද තරංග භාවිතා කරයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ රූපයක් නිර්මාණය කිරීම සඳහා, Ultrasound පරිවර්තකය ඔබගේ යටි බෙල්ලේ තබා ඇත. මෙමගින් පෙන්වන ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පෙනුම ඔබේ වෛද්යවරයාට තවමත් පිළිකා නොවන තයිරොයිඩ් ගැටිත්තක් (අශුභ) හෝ එය පිළිකාවක් විය හැකි අවදානමක් තිබේද යන්න තීරණය කිරීමට උපකාර කරයි.

4. තයිරොයිඩ් පටක සාම්පලයක් ඉවත් කිරීම (Biopsy) - බයොප්සි පරීක්ෂණයකදී, ඔබේ වෛද්‍යවරයා දිගු සිහින් ඉඳිකටුවක් ඔබේ සම හරහා තයිරොයිඩ් ගැටිති තුළට ඇතුළු කරයි. Ultrasound රූප ගැන්වීම සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ ඉඳිකටුව ගැටිත්ත තුළට නිවැරදිව මෙහෙයවීමටය. සැක සහිත තයිරොයිඩ් පටක සාම්පල පිළිකා සෛල සොයා ගැනීම සඳහා රසායනාගාරයේ නියැදි විශ්ලේෂණයට යොමු කරනු ලැබේ.

5. වෙනත් රූප පරීක්ෂණ (Other Imagine test) - ඔබේ පිළිකාව තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ඔබ්බට පැතිරී ඇත්ද යන්න තීරණය කිරීමට ඔබේ වෛද්‍යවරයාට රූප පරීක්ෂණ එකක් හෝ කිහිපයක් සිදු කිරීමට සිදුවේ. රූප පරීක්ෂණවලට අයඩින් විකිරණශීලී ආකාරයෙන් භාවිතා කරන CT, MRI සහ න්‍යෂ්ටික රූප පරීක්ෂණ ඇතුළත් විය හැකිය.

6. ජාන පරීක්ෂාව - Medullary තයිරොයිඩ් පිළිකා ඇති සමහර පුද්ගලයින්ට අනෙකුත් අන්තරාසර්ග පිළිකා සමඟ සම්බන්ධ විය හැකි ජානමය වෙනස්කම් තිබිය හැකිය. ඔබේ පවුලේ ඉතිහාසය ඔබේ පිළිකා අවදානම වැඩි කරන ජාන සොයා ගැනීම සඳහා ජාන පරීක්ෂණ නිර්දේශ කිරීමට ඔබේ වෛද්‍යවරයා පොළඹවනු ඇත.

තයිරොයිඩ් පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම ඔබට ඇති තයිරොයිඩ් පිළිකා වර්ගය සහ එය කෙතරම් දුරට පැතිරී ඇත්ද යන්න මත රඳා පවතී.

💊තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීම - තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටසක් හෝ සම්පූර්ණයෙන් සැත්කමක් මඟින් ඉවත් කිරීම.
💊විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය - රුධිරය හරහා ගමන් කර පිළිකා සෛල විනාශ කරන විකිරණශීලී ද්‍රව්‍යයක් මුඛයෙන් ලබා දීම.
💊බාහිර විකිරණ චිකිත්සාව - පිළිකා සෛල විනාශ කිරීම සඳහා විකිරණ යොමු කිරීමේ යන්ත්‍රයක් භාවිතා කරයි.
💊රසායනික චිකිත්සාව සහ ඉලක්කගත ප්‍රතිකාර - පිළිකා සෛල විනාශ කිරීමට භාවිතා කරන ඖෂධ

තව දුරටත් ගැටළු තිබේදැයි පරීක්ෂා කිරීමට සහ වළක්වා ගැනීමට ඔබට ප්‍රතිකාරයෙන් පසු අඛණ්ඩ සත්කාර අවශ්‍ය වේ.

සටහන ✍️ - MEDI EYE
https://youtu.be/AhJXNUwsS7A

පලමු කොටස තයිරොයිඩ් පිළිකාව ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල තුළය. ඔබේ බෙල්ලේ පාමුල අන්නසෝත්‍රයට ඉදිරියෙන් පිහිටා ඇති ස...
30/10/2021

පලමු කොටස

තයිරොයිඩ් පිළිකාව ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල තුළය. ඔබේ බෙල්ලේ පාමුල අන්නසෝත්‍රයට ඉදිරියෙන් පිහිටා ඇති සමනල හැඩැති ග්‍රන්ථියකි. ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඔබේ හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය, ශරීර උෂ්ණත්වය සහ බර නියාමනය කරන හෝමෝන නිපදවයි. තයිරොයිඩ් පිළිකාව මුලදී රෝග ලක්ෂණ ඇති නොවිය හැක. නමුත් එය වර්ධනය වන විට, එය ඔබේ බෙල්ලේ වේදනාව හා ඉදිමීම ඇති විය හැක. තයිරොයිඩ් පිළිකා වර්ග කිහිපයක් තිබේ. සමහරක් ඉතා සෙමින් වර්ධනය වන අතර අනෙක් අය ඉතා ආක්රමණශීලී විය හැක. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා බොහෝමයක් ප්‍රතිකාර මගින් සුව කළ හැක. තයිරොයිඩ් පිළිකා අනුපාතය වර්තමානයේ වැඩි වෙමින් පවතින බව පෙනේ. මේ හේතුවෙන් තයිරොයිඩ් පිළිකා කලින් හඳුනා ගැනීම සදහා ඒ පිලිබදව හරියාකාරව දැනුවත් වීම ඉතාමත් වැදගත්.

තයිරොයිඩ් පිලිකා ඇති වන්නේ කෙසේද ?
තයිරොයිඩ් පිළිකා ඇතිවීමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැත. තයිරොයිඩ් පිළිකා ඇති වන්නේ ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල ජානමය වෙනස්කම්වලට (විකෘති) ලක් වූ විටය. විකෘතියට ලක් වූ සෛල වේගයෙන් වර්ධනය වීමට සහ ගුණනය වීමේ හැකියාව ඉතාමත් ඉහළයි. සාමාන්‍ය සෛල මෙන් මියයාමේ හැකියාවද විකෘති සෛලවලට අහිමි වේ. මේ හේතුවෙන් එකතු වන අසාමාන්‍ය සෛල තයිරොයිඩ් සෛල ගුලියක් සාදයි. අසාමාන්‍ය සෛල අසල ඇති පටක ආක්‍රමණය කළ හැකි අතර ශරීරයේ අනෙකුත් කොටස් වලට පැතිර යා හැක.

තයිරොයිඩ් පිළිකා වර්ග මොනවාද ?
තයිරොයිඩ් පිළිකා ඇති සෛල වර්ග මත පදනම්ව වර්ගීකරණය කර ඇත. ඔබේ පිළිකාවේ පටක සාම්පලයක් අන්වීක්ෂයක් යටතේ පරීක්ෂා කර විට ඒ ඇසුරින් ඔබේ වර්ගය තීරණය වේ. ඔබට ප්‍රතිකාර නිර්දේශ කිරීමේදී තයිරොයිඩ් පිළිකා වර්ගය සලකා බලනු ලැබේ.

තයිරොයිඩ් පිළිකා වර්ග වන්නේ
1. Papillary thyroid cancer - සුලභවම හමුවන තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්වයි. ඕනෑම වයසකදී ඇතිවිය හැක, නමුත් බොහෝ විට එය වයස අවුරුදු 30 සිට 50 දක්වා පුද්ගලයන්ට බලපායි.
2. Follicular thyroid cancer - සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට බලපායි.
3. Anaplastic thyroid cancer - Follic සෛල තුළ ආරම්භ වන දුර්ලභ තයිරොයිඩ් පිළිකා වර්ගයකි. එය වේගයෙන් වර්ධනය වන අතර ප්රතිකාර කිරීමට ඉතා අපහසු වේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි වැඩිහිටියන් තුළ ය.
4. Medullary thyroid cancer - කැල්සිටොනීන් නිපදවන සෛලවල ඇතිවන විකෘතියක් නිසා ඇතිවේ.
5. Thyroid lymphoma - දුලබ ගණයේ පිළිකාවක් වන අතර තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රතිශක්තිකරණ සෛල විකෘති වීමෙන් ඇතිවේ.
6. Thyroid sarcoma - දුලබ ගණයේ පිළිකාවකි.

තයිරොයිඩ් පිළිකා ඇතිවීමට අවධානම් සහිත පුද්ගලයන් කවුද ?
-බොහෝ විට මෙම රෝගී තත්ත්වය කාන්තාවන් තුළ ප්‍රචලිතව පවතී.
-නිතරම විකිරණ වලට නිරාවරණය වන පුද්ගලයන් - හිසට සහ බෙල්ලට සිදුකරන දීර්ඝකාලීන විකිරණ ප්‍රතිකාර මගින් තයිරොයිඩ් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි.
-සමහර ප්‍රවේනිකව ඇතිවන ජානමය රෝග සහිත පුද්ගලයන්

සටහන ✍️ - MEDI EYE

අතුරු ආබාධ අවම කරගනිමින් hand sanitizer භාවිතා කරන්නේ කොහොමද ?කොරෝනා ව්‍යාප්තිය සමග වසංගතය පාලනය කිරීමේ අරමුණින් වර්තමාන...
25/10/2021

අතුරු ආබාධ අවම කරගනිමින් hand sanitizer භාවිතා කරන්නේ කොහොමද ?

කොරෝනා ව්‍යාප්තිය සමග වසංගතය පාලනය කිරීමේ අරමුණින් වර්තමානයේ දෑත් සනීපාරක්ෂක / Hand sanitizer භාවිතය ප්‍රචලිතව පවතිනවා.
මේ වීඩියෝව මඟින් අපි hand sanitizer භාවිතයේ වැදගත් කරුණු පිලිබදව ඔබ දැනුවත් කරන්න හිතුවා. මෙම වීඩියෝවෙන් අපි ඒ සම්බන්ධ සියලු විස්තර ගැන සාකච්ඡා කරමු;

1. අත් සනීපාරක්ෂක යනු කුමක්ද?

2. අත් සනීපාරක්ෂක වර්ග මොනවාද?

3. WHO රෙගුලාසි යටතේ සම්මත අත් සනීපාරක්ෂකයේ පැවතිය යුතු සංයුතිය

4. දිගු කාලීනව අත් සනීපාරක්ෂක භාවිතා කිරීමේදී ඇති විය හැකි අතුරු ආබාධ මොනවාද ?

5. අත් සනීපාරක්ෂක භාවිතා කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු මොනවාද?

Hello everyone... 😍 Welcome to our MEDI EYE medical YouTube channel ✨️We hope all you are in fine. So this is our new YouTube channel. We hope to give to y...

දෙවන කොටසහර්නියා සදහා ප්‍රතිකාර මොනවාද ?💊හර්නියා රෝගයට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි එකම ක්‍රමය ශල්‍යකර්‍මය මගින් ආසාදිත කොට...
24/10/2021

දෙවන කොටස

හර්නියා සදහා ප්‍රතිකාර මොනවාද ?

💊හර්නියා රෝගයට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි එකම ක්‍රමය ශල්‍යකර්‍මය මගින් ආසාදිත කොටස අලුත්වැඩියා කිරීමයි. ඔබට ශල්‍යකර්මයක් අවශ්‍යද නැද්ද යන්න රඳා පවතින්නේ ඔබේ හර්නියා වල ප්‍රමාණය සහ ඔබේ රෝග ලක්‍ෂණ වල බරපතලකම මත ය.
💊ඔබට hital හර්නියා පවතී නම් ආමාශයේ ආම්ලිකතාවය අඩු කරන ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම ලබාදෙයි.
උදාහරණ -: antacids, H2 receptor blockers, හා proton pump inhibitors.

හර්නියා රෝග විනිශ්චය

ඔබේ රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා පළමුව ශාරීරික පරීක්‍ෂණයක් සිදු කරයි. මෙම පරීක්‍ෂණයේදී ඔබේ උදරයේ හෝ ඉඟටිය ප්‍රදේශයේ ඉදිමුමක් දැනෙන විට ඔබ සිටගෙන සිටින විට, කැස්සට හෝ වෙහෙසට පත්වන විට වෛද්‍යවරයාට දැනෙනු ඇත. එවිට ඔබේ වෛද්‍යවරයා ඔබේ වෛද්‍ය ඉතිහාසය ලබා ගනී. ඔබේ වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා පහත සඳහන් පරීක්‍ෂණ භාවිතා කිරීමට ද ඉඩ ඇත.
ඒවා නම්;
✅අතිධ්වනි තරංග උදරයේ පරික්ෂාව - ශරීරය තුළ ඇති ව්‍යුහයන්ගේ රූපයක් නිර්මාණය කිරීමට අධි-සංඛ්‍යාත ශබ්ද තරංග භාවිත කරයි.
✅උදරයේ CT Scan - මෙහිදී X කිරණ හා පරිඝණක තාක්ෂණය එකතුවෙන් ආසාදනයට ලක් වූ ප්‍රදේශයේ රූපයක් ලබා ගෙන ඒ ඇසුරින් රෝග විනිශ්චය කරයි.
✅උදරයේ MRI Scan - මෙහිදී ප්‍රභල චුම්බක හා රේඩියෝ තරංග ආධාරයෙන් ආසාදනයට ලක් වූ ප්‍රදේශයේ රූපයක් ලබා ගෙන ඒ ඇසුරෙන් රෝග විනිශ්චය කරයි.

ඔබේ වෛද්‍යවරයා Hital හර්නියා සැක කරන්නේ නම්, ඔබේ ආමාශයේ අභ්‍යන්තරය ව්‍යුහය නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන වෙනත් පරීක්ෂණ භාවිතා කරයි.

✅ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව X-Ray පරීක්ෂණය - මෙහිදී සෞඛ්‍ය සේවා වෘත්තීයවේදියා විසින් ඔබට දියරමය diatrizoate meglumine/diatrizoate sodium (Gastrografin) හෝ දියරමය barium solution ලබා දී ආහාර ජීරණ පද්ධතියේ ආසාදිත ප්‍රදේශ කැපී පෙනෙන රූපයක් ලබාගනී.
✅එන්ඩොස්කොපි - මෙහිදී සෞඛ්‍ය සේවා වෘත්තිකයෙක් ඔබේ උගුරෙන් පහළට බටයකට සවි කර ඇති කුඩා කැමරාවක් ගමන් කරවා ඒ ඇසුරෙන් ඔබේ esophagus සහ ආමාශයේ හර්නියා හදුනාගනී.

හර්නියා ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද ?

🗨️සෞඛ්‍ය සම්පන්න ශරීර බරක් පවත්වා ගෙන සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න.
🗨️නිතරම මලබද්ධය ඇතිවීම වළක්වන්න.
🗨️බර ඉසිලීමේ දී නිසි එසවුම් ක්‍රම භාවිතා කරන්න.
🗨️දුම්පානය හා මත්පැන් භාවිතය නවත්වන්න.
🗨️ඔබේ දියවැඩියාව පාලනය කරන්න.
🗨️ශරීරයට සුවපහසු ඇඳුම් පමණක් භාවිතා කරන්න.
🗨️නිතරම ව්‍යායාමවල නිරත වෙමින් ශරීර සුවතාවය දියුණු කරන්න.
🗨️ඔබේ මූලික ශක්තිය වැඩි කරන්න.

සටහන✍️ - MEDI EYE

මෙවැනි සෞඛ්‍ය තොරතුරු පිලිබදව එසැනින් දැනුවත් වෙන්න අපගේ MEDI EYE යූටියුබ් චැනලය හරහා සම්බන්ධ වෙන්න.
https://youtu.be/AhJXNUwsS7A

පලමු කොටසහර්නියා යනු කුමක්ද ?හර්නියා ඇතිවන්නේ ඉන්ද්‍රියයක් එහි ඇති මාංශ පේශි හෝ පටක වල විවරයක් හරහා නෙරු ලෙස තල්ලු කිරීම...
23/10/2021

පලමු කොටස

හර්නියා යනු කුමක්ද ?

හර්නියා ඇතිවන්නේ ඉන්ද්‍රියයක් එහි ඇති මාංශ පේශි හෝ පටක වල විවරයක් හරහා නෙරු ලෙස තල්ලු කිරීමෙනි. නිදසුනක් වශයෙන්, උදර බිත්තියේ දුර්වල වූ ප්‍රදේශයක් හරහා බඩවැල් නෙරා යා හැක. ඔබේ පපුව සහ උකුල අතර උදරයේ හර්නියා බොහෝමයක් ඇති වන නමුත් ඉහළ කලවා සහ ඉඟටිය ප්‍රදේශ වලද ඒවා පෙනෙන්නට පුළුවන. බොහෝ හර්නියා ජීවිතයට තර්ජනයක් නොවන නමුත් ඒවා ඉතා ඉක්මනින් ප්‍රතිකාර නොකර තනිවම පහව යන්නේ නැත. සමහර අවස්ථාවලදී භයානක සංකූලතා වැලැක්වීම සඳහා ඔවුන්ට ශල්‍යකර්ම අවශ්‍ය විය හැකිය.

ප්‍රධාන වශයෙන් හර්නියා වර්ග කිහිපයකි.
1. Inguinal හර්නියා - වෘෂණ කෝෂ ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවේ.
2. Hital හර්නියා - උදර ප්‍රාචීරයේ ආමාශය හා අන්නසෝත්‍රය ආශ්‍රිතව ඇතිවේ.
3. Ventral හර්නියා - කශේරුවට ඉදිරියෙන් ඇති උදර බිත්තිය ආශ්‍රිතව ඇතිවේ.
4. Umbilical හර්නියා - පෙකනි ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවේ.
5. Femoral හර්නියා - දුබල හර්නියා තත්ත්වයකි.

හර්නියා ඇති වීමට හේතු වන අවධානම් අවස්ථා මොනවාද?

හර්නියා ඇතිවීමට හේතුව මාංශ පේශි දුර්වලතාවය සහ වික්‍රියාවයි. එම හේතුව මත පදනම්ව හර්නියා ඉක්මනින් හෝ දිගු කාලයකින් වර්ධනය විය හැකිය.
හර්නියා රෝගයට හේතු විය හැකි මාංශ පේශි දුර්වල වීම හෝ ආතතියට අදාළව සමහර පොදු හේතු වන්නේ ;
°ගර්භාෂය වර්‍ධනය වීමේදී සහ උපතේ සිටම පවතින දුර්වලතා
°වයසට යාම
°තුවාලයකින් හෝ ශල්‍යකර්මයකින් හානි වීම
°දැඩි ව්‍යායාම කිරීම හෝ අධික බර ඉසිලීම
°නිදන්ගත කැස්ස හෝ නිදන්ගත බාධාකාරී පෙනහළු ආබාධ(COPD)
°ගැබ් ගැනීම (විශේෂයෙන් බහු ගැබ් ගැනීම් හේතුවෙන්)
°මල බද්ධය
°බඩවැල් චලනය කිරීමේදී ඔබට දැඩි වෙහෙසක් ඇති කරයි
°අධික බර හෝ තරබාරුව තිබීම
°උදරයේ වතුර පිරීම(Ascites)

ඔබට හර්නියා සෑදීමේ වැඩි අවදානමක් ඇති කරන ඇතැම් අවදානම් සාධක ද ​​තිබේ.
එනම්;
°නොමේරූ දරු උපතක් හෝ අඩු උපත් බරක් තිබීම
°නිදන්ගත කැස්ස(උදර පීඩනය නිතර නිතර වැඩිවීම නිසා විය හැකිය)
°සිස්ටික් ෆයිබ්‍රෝසිස්
°දුම්බීම නිසා සම්බන්ධක පටක දුර්වල වීම
°හර්නියා වල පෞද්ගලික හෝ පවුල් ඉතිහාසය

හර්නියා රෝග ලක්ෂණ මොනවාද ?

හර්නියා රෝගයේ වඩාත් සුලභ රෝග ලක්‍ෂණය වන්නේ බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ගැටිත්තක් හෝ ගැටිත්තක් තිබීමයි.
නිදසුනක් වශයෙන්, ඔබට Inguinal හර්නියා තිබේ නම්, ඔබේ ඉඟටිය සහ කලවා යාබද වන පරිදි ඔබේ ලිංගික අස්ථියේ දෙපස ගැටිත්තක් දැකිය හැක. ඔබ වැතිර සිටින විට ගැටිත්ත "අතුරුදහන්" වන බව ඔබට සොයා ගත හැකිය. ඔබ නැගී සිටින විට, නැමී සිටින විට හෝ කැස්ස යන විට ස්පර්ශ කිරීමෙන් ඔබේ හර්නියා දැනීමට බොහෝ ඉඩ ඇත.
ගැටිත්ත වටා ඇති ප්‍රදේශයේ අපහසුතාවයක් හෝ වේදනාවක් ද ඇති විය හැකිය.
Hital හර්නියා වැනි සමහර හර්නියා වලට වඩාත් නිශ්චිත රෝග ලක්‍ෂණ තිබිය හැකිය. මේවාට අජීර්ණ,ගිලීමේ අපහසුව සහ පපුවේ වේදනාව ඇතුළත් විය හැකිය.
බොහෝ අවස්ථාවලදී හර්නියා රෝග ලක්ෂණ නොමැත. ඔබ වෛද්‍ය පරීක්ෂණයක් සදහා භාජනය වන විට එය පෙනෙන්නේ නැත්නම් ඔබට හර්නියා ඇති බව ඔබ නොදන්නවා විය හැකිය.

සටහන ✍️ - MEDI EYE

Address

No 706 , 12 Camel, Jayanthipura
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when MEDI EYE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MEDI EYE:

Shortcuts

Share