28/06/2026
ඔයාගෙ සිරුරේ හැංගිලා ඉන්න 'නිහඬ මාරයා' ☠️ ගැන ඔබ දන්නවාද ?
අධික රුධිර පීඩනය (High Blood Pressure / Hypertension) යනු හෘදයාබාධ සහ ආඝාතය (Stoke) වැනි බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුල් වන ප්‍රධානතම රෝගී තත්වයකි.
‼️අධි රුධිර පීඩනය‼️අපි අද බලමු මේ ගැන සරලව.
🧐 අධි රුධිර පීඩනය (High Blood Pressure) කියන්නෙ මොකද්ද ?
සරලව පැහැදිලි කළහොත්:
රුධිර පීඩනය යනු කුමක්ද?: හදවත මගින් සිරුර පුරා ලේ පොම්ප කිරීමේදී, රුධිර වාහිනී (ධමනි) බිත්ති මත ඇති වන තෙරපුම හෝ පීඩනය මෙයින් අදහස් වේ.
අධික රුධිර පීඩනය යනු කුමක්ද?: මෙම පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා දිගින් දිගටම වැඩි අගයක පැවතීමයි. එවිට හදවතට ලේ පොම්ප කිරීම සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ.
නිශ්ශබ්ද මාරයා (Silent Killer): බොහෝ විට මෙහි කිසිදු බාහිර රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. එම නිසා රෝගය ශරීරය තුළ තිබුණත් බොහෝ දෙනෙක් ඒ බව දන්නේ නැත.
මෙය දිගුකාලීනව ඉහළ මට්ටමක තිබීම සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි පමුණුවන්න හේතුවෙනවා. ⚠️
✅සාමාන්‍ය අගයන් (Blood Pressure Levels)
දවසේ වේලාව හෝ පරිසර උෂ්ණත්වය වැනි විවිධ හේතු ගණනාවක් නිසා රුධිර පීඩනය වෙනස් විය හැකිය. එමෙන්ම ළමයින් සහ වැඩිහිටියන් අතර මෙන්ම, විවිධ වයස් කාණ්ඩ අනුවද මෙහි වෙනස්කම් පවතී. රුධිර පීඩනය මනින්නේ අංක දෙකකිනි (උදා: 120/80 mm Hg).
⭕️සාමාන්‍ය තත්වය (Normal): 120/80 mmHg ට වඩා අඩු අගයක තිබිය යුතුයි.
⭕️අධික රුධිර පීඩනය (High BP): 140/90 mmHg හෝ ඊට වඩා වැඩි වීම.
දින දෙකකදී වෙන වෙනම මනිනු ලබන රුධිර පීඩන අගයන්හි, දින දෙකේදීම සිස්ටොලික් (systolic) රුධිර පීඩන කියවීම් >140mmHg සහ/හෝ ඩයස්ටොලික් (diastolic) රුධිර පීඩන කියවීම් දින දෙකේදීම >90mmHg වේ නම් අධි රුධිර පීඩනය (Hypertension) ඇති බවට හඳුනා ගනු ලැබේ.
⚠️ මෙය ඇතිවන්නේ කොහොමද?
* ජානමය බලපෑම් - ඔබගේ පවුලේ කාට හෝ මෙම රෝගී තත්වය වැලදී තිබෙනවා නම් ඔබත් ගොදුරු වීමේ වැඩි අවදානම් තත්වයක පවතිනවා.
* අහිතකර ආහාර රටාව - අධික ලුණු භාවිතය සහ කලින් සැකසූ ක්ෂනික ආහාර භාවිතය.
* ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම - ව්‍යායාමවලින් තොර ජීවන රටාව.
* ආතතිය සහ මානසික පීඩනය.
* දුම්පානය සහ මත්පැන් භාවිතය.
* තරබාරුකම සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්ව.
🔍 මෙහි රෝග ලක්ෂණ මොනවාද?
බොහෝ විට රෝග ලක්ෂණ පිටතට පෙන්වන්නෙ නෑ.කෙසේ වෙතත්, රුධිර පීඩනය ගොඩාක් වැඩී වුනාම,
* හිසරදය (විශේෂයෙන් උදෑසන).
* කරකැවිල්ල.
* පපුවේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව.
* ඇස් පෙනීමේ බොඳවීම් වැනි තත්ත්ව.
ඇතිවෙන්න පුලුවන්.
ඒ වගේ ම පාලනය නොකළ රුධිර පීඩනය නිසා,
1. හෘදයාබාධ ඇති කිරීම.
2. අංශභාගය (Stroke) ඇති වීමේ අවදානම ඉහළ යාම.
3. වකුගඩු අකර්මන්‍ය වීම.
4. ඇස්වල පටකවලට හානි වීම වැනි බරපතල සංකූලතා ඇතිවෙන්න පුලුවන්.
✅ ප්‍රතිකාර සහ පාලනය.
* 💊ඖෂධ - වෛද්‍ය උපදෙස් මත පමණක් නිවැරදි බෙහෙත්, නිවැරදි ප්‍රමාණවලින්, නිවැරදි වේලාවට ගැනීම.
* 🥗 ආහාර පාලනය - ලුණු භාවිතය සීමා කිරීම සහ නැවුම් එළවළු/පලතුරු වැඩිපුර ගැනීම.
* 🚶♀️ ක්‍රියාශීලී වීම - දිනකට මිනිත්තු 30ක පමණ ඇවිදීමක් හෝ ව්‍යායාමයක් කිරීම.
* 🩺 නිරන්තර පරීක්ෂාව - නිවසේදී හෝ ළඟම ඇති සායනයෙන් රුධිර පීඩනය නිරන්තරයෙන් පරීක්ෂා කර බැලීම. වයස අවුරුදු 25 න් පසු වසරකට සැරයක්වත් රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්.
🌟 අදම ඔබේ රුධිර පීඩනය පරීක්ෂා කරවාගෙන සුවපත් ජීවිතයකට මුල පුරන්න.🧘♂️✅
"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️
අනිත් අයටත් බලන්න Share කරන්න!
සටහන : Medieye
@healthylife@Exercise@Hypertension@